ෆෝර් වීල් ඩ්‍රයිව්(4WD/4X4)සහ ඕල්වීල් ඩ්‍රයිව්(AWD

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆෝර් වීල් ඩ්‍රයිව්(4WD/4X4)සහ ඕල්වීල් ඩ්‍රයිව්(AWD



    ෆෝර් වීල් ඩ්‍රයිව්(4WD/4X4)සහ ඕල්වීල් ඩ්‍රයිව්(AWD)

    ඇ‌ත්තටම මොකක්ද මේ ෆෝර් වීල් ඩ්‍රයිව්(4WD)සහ ඕල්වීල් ඩ්‍රයිව්(AWD)අතර වෙනස?පවර්ට්‍රේන් පද්ධතිය,ඒ‌ කියන්නේ එන්ජිම,සම්ප්‍රේෂණ පද්ධතිය,ඩ්‍රයිව්ශාෆ්ට් ඩිෆරන්ෂල් කියන කොටස් ඔක්කොම එකට එකතු වෙලා,පූර්ණ කාලීනව(full-time)හරි ඉල්ලුම මත(on-demand/part-time)රෝද හතරටම බලය සපයන ක්‍රමයට කියනවා ඕල්වීල් ඩ්‍රයිව්,ෆෝර් වීල් ඩ්‍රයිව් කියලා.එහෙම කිව්වට තේරැනේ නැහැ නේද?හරි එහෙම නම් අපි ඒ‌ දෙක අතර වෙස මොකක්ද කියලා අද බලමු.

    • ෆෝර් වීල් ඩ්‍රයිව්(4WD/4X4)

    වාහනයේ ඉස්සරහා සහ පිටිපස්සේ ඇ‌ති ඇක්සල් එක්ක රෝද සම්බන්ධ කරලා වෙන වෙනම ඇ‌ක්සල් දෙකට එන්ජින් බලය ලබා දෙන්න පුලුවන් ක්‍රමයට කියනවා
    ෆෝර් වීල් ඩ්‍රයිව් කියලා.

    මේ ෆෝර් වීල් ඩ්‍රයිව් වාහන වර්ග 3 කට වෙන්කරන්න පුලුවන්;

    • ෆුල් ටයිම් ෆෝර් වීල් ඩ්‍රයිව්(full-time 4WD)

    • පාර්ට් ටයිම් ෆෝර් වීල් ඩ්‍රයිව්(On-demand /part-time 4WD)

    • ඕල්වීල් ඩ්‍රයිව්(AWD)

    • ෆුල් ටයිම් ෆෝර් වීල් ඩ්‍රයිව්(full-time 4WD)

    මේ ක්‍රමයේ දී ඇ‌ක්සල් දෙකම සෙන්ටර් ඩිෆරන්සලයක්(ට්‍රාන්ෆර් බොක්ස්)එක්ක රෝද සම්බන්ධ කරලා තියෙනවා.ඒ‌ වගේම රෝද හතරම ඇ‌ක්සල් එක්ක සම්බන්ධ වෙලා රෝද හතරෙන්ම හැම වෙලාවේම බලය සපය ගන්න පුලුවන්.

    සාමාන්‍ය තාර පාරක වගේ ධාවනය කරනකොට පාරේ හැටියට ඉස්සරහා සහ පිටිපස්සේ ඩිෆරන්සල් ස්ලිප් වෙලා විවිධ වේගයන්ට අනුව වැඩ කරනවා.උදාහරණ:වංගු ගැනීමේ දී ඇ‌තුල් පැත්තේ රෝද වලට වඩා පිට පැත්තේ රෝදය වැඩි වේගයකින් කැරකීම.

    ගොඩක් ෆෝර්වීල් වාහන වල ඩිෆ් ලොක් එහෙම නැත්නම් ඩිෆරන්සල් ලොක් කියන පහසුකම තියෙවා.මේ ඩිෆ් ලොක් එකෙන් කරන්නේ ඇ‌ක්සල් මැද තියෙන ඩිෆරන්සලය ලොක් කරලා ඉස්සරහා සහ පිටිපස්සේ ඇ‌ක්සල් අතර කැරකීම් වෙනස් වීම නැති කර රෝදවලට උපරිම ගැම්ම ලබා දෙන එකයි.

    මේවගේ වාහන වල තද බෑවුම් කඳු නැගීම වැනි එක්ස්ට්‍රීම් ඔෆ් රෝඩ් සඳහා ඕන කරන ලෝ රේනජ් පහසු කම තියෙනවා.

    ෆෝර් වීල් වාහන සාමාන්‍ය තත්වයන් යටතේ,පිටිපස්සේ රෝද වලින් 2WD විදිහට ධාවනය කරන්නත් පුලුවන්.සාමාන්‍යයෙන් ඒ‌කට යාන්ත්‍රික ලීවරයක් හරි ඉලෙක්ට්‍රොනිකව වැඩ කරන ස්විච් එකක් තියෙනවා.ඒ‌ ස්විච් එකෙන් හරි ලීවර් එකෙන් හරි
    4WD සම්බන්ධ කරපුවාහාම රෝද හතරටම ටෝර්ක් එක බෙදිලා යනවා.

    • පාර්ට් ටයිම් ෆෝර් වීල් ඩ්‍රයිව්(On-demand/Part-time-4WD)

    ඔරිජිනල් 4WD පද්ධතියේම ගොඩක් ප්‍රාථමික ක්‍රමය කියන්න පුලුවන්.මේකේදී එක ඇ‌ක්සලයක්(ඉසසරහා හරි පිටිපස්සේ හරි)විතරක් ස්ථිරවම රෝද කරකැවීමට සම්බන්ධ වෙලා තියෙන අතර අනෙක් ඇ‌ක්සලය අවශ්‍ය වෙලාවක දී විතරක් ලීවරයක් මගින් හෝ ස්විචයක් මගින් ඉලෙක්ට්‍රොනිකව සම්බන්ධ සම්බන්ධ කරන්න පුලුවන්.මෙහි දී ෆෝවීල් ඩ්‍රයිව්(4WD/4x4)ක්‍රමයේ වගේ ඉස්සරහා ස හ පිටිපස්සේ ඇ‌ක්සල් අතර සෙන්ටර් ඩිෆරන්සලයක් නැහැ.ඒ‌ නිසා මේ වර්ගයේ වාහන ෆුල් ඔෆ් රෝඩ් සඳහා නම් එච්චරම හොඳ මදි.සාමාන්‍ය තාර පාර වල් වැනි පාරවල් වල ගැම්ම අඩු අවස්ථාවල පමණක් පාවිචචි කරන් තමයි ගොඩක් හොඳ.මේ වර්ගයේ වාහන වලට අමතර පීඩනයක් ඇ‌තිකිරීමෙන් ඩ්‍රයිව් ට්‍රේන් පද්ධතියට හානි ඇ‌ති කරන්න පුලුවන්.ඒ‌ කියන්නේ ඇ‌ක්සල් කැඩිලා යන්න ,පීනියන් ප්‍රොපලර් ශාෆ්ට් වගේ ඒ‌වා කැඩිලා යන්න පුලුවන්.

    ඒ‌ත් මේ වර්ගයේ බෝහෝ වාහන වල ලෝ රේන්ජ් එක්ස්ට්‍රීම් ඔෆ් රෝඩ් තත්වයන් සඳහා ද අවස්ථාවක් තියෙනවා.

    • ඕල්වීල් ඩ්‍රයිව්(AWD)

    AWD පද්ධතිය බොහෝදුරට 4WD පද්ධතියට සමාන කමක් තියෙනවා.මේ ක්‍රමයේ දී රෝද හතරටම එක දිගටම බලය ලබාදෙනවා.ඒ‌ත් මේ AWD පද්ධතිය 4WD පද්ධතිය වගේ 2WD විදිහට ධාවනය කරන්න බැහැ.ඒ‌ වගේම ඉස්සරහා සහ පිටිපස්සේ ඇ‌ක්සල් දෙක මැද තියෙන සෙන්ටර් ඩිෆරන්සලය ලොක් කරන්නත් බැහැ.ඒ‌ත් අඩු ගැම්ම අඩු අවස්ථාවලදී ඇ‌ක්සල් දෙක අතර සීමා සහිතව ස්ලිප් වෙන්න පුලුවන්.මේ වාහන සාමාන්‍ය 4WD වාහන වලට වඩා ලෝ රේන්ජ් හැකියාව නම් ටිකක් අඩුයි.

    4WD වාහන වල වගේ AWD වාහන වලට ලොකු ටෝර්ක් එකක් ඕන අවස්ථාවල දී AWD පද්ධතිය අඩු ප්‍රතිචාර දක්වන නිසා ඩ්‍රයිව් ට්‍රේන් පද්ධතියට අයත් කොටස් කැඩෙන්න පුලුවන් අවස්ථා වැඩියි.ඒ‌ වගේම ලොකු ටෝර්ක් එකක් ඕන වෙලාවට ඒ‌ක විස්කෝස් කප්ලින් එක ඔරොත්තු දෙන්න පුලුවන් හැකියාව ද අඩුයි.ඒ‌ත් AWD වාහන සාමාන්‍ය වාහනයකට වඩා 4WD වාහනයක් හැටියට හඳුන්වන්න පුලුවන්.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    25/11/2016