....~ ෙල් පාට යවුවනය ~....

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
....~ ෙල් පාට යවුවනය ~....

" තරැණයා " පුවත්පෙත් ෙකාටස් වශෙයන් පලවූ
මා ඉතා ආශාෙවන් එකතු කර් කියවූ
" ෙල් පාට යවුවනය "

ෙමෙස් ෙමහි සටහන් වන වගයි....

2cwqww6.jpg



 
Last edited:
  • Like
Reactions: thilzz

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
තාරැණ්යය යනු " දිලිසීම" යන අර්ථය දනවන්නකි. රටක්, සමාජයක්, පරමිපරාවක් බැබලවීමඒ අනුව තාරැණ්යෙය් වගකීමයි. ඒ වගකීම නිසි රිසි ෙලස හදුනාගන්නා පැහැබර යවුවනය එම වගකීම ෙවනුෙවන් කැපකිරීමි හා පරිත්යාග කිරීමි පිරි මාවත ෙතා්රා ගන්ෙන්ය....
88-89 යුගය යනු ඒ වඩාත් පැහැබර යවුවනය ඇස් ඉස් මස් ෙල් දන් ෙදමින් ජීවිත පූජා කරමින් අනාගත සමාජය වඩාත් යහපත් කිරීම පිණිස ෙනානැවතී අර්ගල කල සමයයි.....
ඒ අරගලෙය් සජීවි අත්දැකීමි සහිත නම ෙහලිදරවි ෙනාකරන ෙමි තරැණයාෙග් කතාව අද තාරැණ්යය අභිෙයා්ගයට ලක් කරන්ෙන්ද නැද්ද යන්න ඔබටම බාර් කරමු....





 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-01-
"ෙගදර කවුරැත් නෑ....මාස ගණනාවකින් පුතා ෙගදර ආෙවත් නෑ...."

3455351480_338212c02b.jpg



ඒ 1988 වසෙර් සැප්තැමිබර් මාසෙය් එක්තරා දිනයකි. මල් ෙපති වල ෙල් පුෙරා්ෙගන හිරැ උදා වන ඒ කාලෙය් සෑම දිනයක්ම ජීවිතය ෙවනුවට මරණය අරෙගන ආ දිනයක්ම විය. එෙහත් මරණයට අභිෙයා්ග කළ ජව සමිපන්න තාරැණ්යය සටන් බිෙමි අසිපත් ෙමන් දීප්තිමත්ව බැබෙලමින් තිබිණ. මා කරා මරණෙය් සළකුණු ෙසායා ආෙවි වළාකුලින් ෙතාර අහසක් පායා තිබූ ඒ සැප්තතැමිබරෙය් මට මතක නැති දිනකය.
සරසවිය වසා තිබූ ෙහයින් ඒ කාලෙය් අපට ස්ථිර නවාතැනක් ෙනාවීය. බහුජන උද්ෙගා්ෂණ කටයුතු සංවිධාන ය කිරීම සදහා දකුණු පලාෙත් වගකීමි භාරව සිටි මා හට හදිසිෙය්ම ෙකාළඹ ඒමට සිදුවූෙය් මාතර නැවතී සිටි ස්ථානය ද ආරක්ෂක අංශවලට ෙහලිදරවි වී ඇති බවට ෙතාරතුරැ අනාවරණය වූ ෙහයිනි. මා සමග කමිටුෙවි සිටි ප්‍රියංකර සෙහා්දරයා අත් අඩංගුවට පත් වීමත් සමග අපෙග් සගයන් නැවතී සිටි ස්ථානවලට ආරක්ෂක අංශ කඩාවැදී ෙසා්දිසි කිරීමි කෙල්ය. දිස්ත්‍රික් නායකයා දික්වැල්ෙල් සහායකෙයකුෙග් මාර්ගෙයන් මට දන්වා සිටිෙය් වහාම නවාතැන් ෙවනස් කරන ෙලසය. මට පණිවුඩය ලැබුෙණ් රැහුනූ විශ්ව විද්යාලෙය් ෙදාරටුව ඉදිරිපිටදීය. නිර්මාණය ෙවමින් තිෙබන්ෙන් ඉතා නරක කාලයක් බව හතර අතින්ම ලැෙබන පුවත් වලින් කියා පෑෙවිය. එළියකන්ද වධකාගාරෙය් සුදු පැහැති වෑන් රිය පිලිබද් භීත සිතුවිලි සෑම සගෙයකුෙග්ම සිත්වල දැවටී තිබිණ. ප්‍රියංකර සෙහා්දරයා පැහැරෙගන ෙගාස් තිබුෙණ්ද සුදු පැහැති වෑන් රියකිනි.

"මට රැපියල් 100ක් ෙදන්න." රැහුණු සරසවිෙය් ශිෂ්යෙයකු වූ ෙසනරත්ෙගන් මම ඉල්ලුෙවමි.
" සෙහා්දරයා කෑම කාලත් නෑ ෙන්. ෙමි සල්ලි ටික තියාගන්න." එෙස් කියමින් ෙසනරත් සෙහා්දරයා මා අත රැපියල් 200ක් තැබීය. මාතරට පැමිණි මා වැලිගමට පළමුව පැමිණිෙයමි. එතැනින් ගාල්ලටත් අනතුරැව ෙකාළඹටත් පැමිණිෙයමි. මාතරින් නික්මිය යුතු බව ෙත්‍රැමි ගත්තා මිස යා යුත්ෙත් ෙකාතැනටදැයි නිශ්චිත තැනක් මා ෙතා්රාෙගන ෙනාසිටිෙයමි. පිටෙකාටුව ෙබා්ධිය යට ෙකාෙතක් ෙවිලා සිටිෙය්දැයි මට මතක නැත. එතරමි ෙවිලාවක් එකතැන සිටෙගන සිටීම ඒ කාලෙය් හැටියට බරපතල වරදකි. අවසානෙය්දී මා තීරණය කෙල් නිවසට යා යුතු බවය. අමිමා දැකීෙමි ෙනාතිත් ආශාෙවන් මෙග් සිත ෙපෙලමින් තිබිණ. මා නිවසට යන්ෙන් මාස හතකට පමණ පසුවය. ඒ කියන්ෙන් මාස හතකින් මා අමිමාව දැක තිබුෙණ් නැත.
මා නිවසට ලගා වන විට රාත්‍රී 10 ද පසුවී තිබුණි. කතා ෙනාකල මා ෙදාරට තටිටු කෙළමි. එෙහත් ෙගතුලින් හඩක් ආෙවි නැත. මා පිළිකන්න පැත්ෙතන් ෙගාස් ජෙන්ලයට තටිටු කෙලමි.

"කවුද..?" ඒ ප්‍රශ්ණය ෙවනුවට නැගුෙණ් ෙමබදු හඩකි.
" ෙගදර කවුරැත් නෑ. මාස ගාණකින් පුතා ෙගදර ආෙවි නෑ..."
ඒ අමිමාෙග් කටහඩය. අමිමා ෙහාදටම බයට පත්ව සිටින බව මට ෙත්‍රැණි. එෙමන්ම පැමිණ තිෙබන්ෙන් එතරමි යහපත් තැනකට ෙනාවන බවත් මට පැහැදිලි විය.

" අමිෙමි මං.." බිදුණු හඩින් මම කීෙවමි.
ක්ෂණයකින් කාමරෙය් විදුලි බල්බය දැල්වුණි. එයටත් වඩා ෙවිගෙයන් කාමරෙය් ජෙන්ලය හැරැණි.
"බුදු රත්තර්ං පුතා..ඉස්සරහින් එන්න..." අමිමා පමණටත් වඩා උද්දාමයට පත්ෙවමින් කීවාය. නිවසට ෙගාඩවූ සැනින් අමිමා මා බදා ගත්තාය.
"ඊෙය්ත් ෙග් වටකලා. දැන් දවස් කීපයක්ම ආවා..." අමිමා මා බදාෙගනම කීවාය. අමිමාෙග් සීතල කදුලු වල උණුහුම මට දැනුණි.
"පුතාට කරදරයක් නෑ ෙන්ද..?. පුතා ආපහු යන්ෙන් නෑ ෙන්ද...?." අමිමාෙගන් ෙකළවරක් නැති ප්‍රශ්න වැලකි. නංගී ෙදාර ෙරද්ෙදන් මුහුණ එලියට දමා ඇස් වලින් මා සමග සිනාෙසමින් සිටියාය. ඈ පමණට වඩා රෑමත්ව ඇතැයි මට සිතිණි.

" ෙකා් තාත්තා...? " මම ඇසුෙවමි.
" ඔය ඉන්ෙන් හිටියත් ෙනාහිටියා වාෙග්..." අමිමාෙග් සුපුරැදු අෙදා්නාව නැගුනි.

මට තාත්තා ගැන දුක සිතුණි. එෙමන්ම තාත්තා දැකීෙමි ආශාවක්ද මා තුල ඇතිවිය. මා කාමරයට හිස ෙපාවා තාත්තා ෙසවිෙවමි. තාත්තා පැදුරක්ද නැතිව සීතල ෙපාෙලාෙවි වැතිර සිටිෙය්ය. සුපුරැදු පරිදි පදම ඉක්මවා තාත්තා බීමතින් බව මට ෙත්‍රැමි ගැනීමට අසීරැ වූෙය් නැත. රාත්‍රිය නිදිවර්ජිතව ෙගවී යමින් තිෙබි. මට මා ගැන කල්පනා කරනවාට වඩා තාත්තා ගැන කල්පනා කිරීමට ෙබාෙහා් ෙද් තිෙබි. අද තාත්තා ෙබෙහවින් අසරණ පුද්්ගලෙයකි. ෙවනත් ආකාරයකට කියනවා නමි දිනපතා බීමත්කමින් පසුවන ෙබිබද්ෙදකි. ෙමි ෙබිබදුකමටද ඉතිහාසයක් තිෙබි. ඒ ඉතිහාසය ෙද්ශපාලනිකය. මා එෙහම කියන්ෙන් මෙග් තත්තා ලංකා සම සමාජ පක්ෂෙය් පූර්ණකාලීන උද්ෙයා්ගිමත් සාමාජිකෙයක් වූ ෙහයිනි. ඒ ෙද්ශපාලනමය අවසානෙය්දී මෙග් තාත්තා ෙබිබද්ෙදක් විය..


 
Last edited:
  • Like
Reactions: thilangr8

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මමත් බොහොම ආසවෙන් කියවපු කතාවක්....
මම කොටස් ඔක්කොම එකතු කලා.....
හොද වැඩක්....
දිගටම කරමු

මාත් එෙහමම තමා සෙහා්දරයා...අනිත් අයටත් කියවන්න ෙදන එක ෙහාදයි කියලා හිතුනා....
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-02-
"මම සමිබන්ධෙයන් තීරණ ගන්ෙන් මම...."

alcoholism.gif


ෙගවා දමමින් සිටිනා සෑම රාත්‍රියක්ම බිහිසුණුය. රාත්‍රී සීත පින්නට ෙතතබරිත ගහකින් වැෙටන ෙකාළයක බිදුණු සරය පවා සිතට ෙගන එන්ෙන් මරණය පිලිබද බියකරැ සිතිවිලිය. මාස ගණනාවකට පසුව නිවසට පැමිණියද සිතට සුවක් නැත.

" ඊෙය් රෑත් උන් ආවා.." අමිමා කී වැකිය තවමත් ෙදසවෙන් ෙදා්ංකාර ෙදයි. නිසැක ෙලසම මා ෙමි පැමිණ තිෙබන්ෙන් අනාරක්ෂිත ගමනකි. අත් අඩංගුවට පත් ඇතැමි සෙහා්දරයන්ෙගන් මා පිළිබදව ෙතාරතුරැ අනාවරණය වී ඇති බව පැහැදිලිය. ෙමි ෙමාෙහාෙත්දී මා කල යුතුව තිෙබන්ෙන් නිර්මාණය වී ඇති තත්වය පක්ෂයට දැනුමි දි පක්ෂෙය් තීරණය අනුව මීලග ක්‍රියාමාර්ගය ගැනීමය. කුමක් කරන්නත් ෙහට එළිෙවනතුරැ බලා සිටිය යුතුය.
මට එක්වරම චමින්ද සෙහා්දරයා සිහිපත් විය. මා පක්ෂයට බදවා ගත්ෙත් චමින්ද සෙහා්දරයාය. කමිකරැ අංශෙය් වැඩ කළ චමින්ද සෙහා්දරයා අෙප් නිවසට නිෙවස් කිහිපයක් එපිටින් පිහිටි කුමාරෙග් නිවසට නිතර ආෙවි ගිෙය්ය. කුමාර සමග චමින්ද සෙහා්දරයා කතා කල ෙද්ශපාලන කාරණා මෙග් සිතට අලුත් ආශ්වාදයක් ෙගන දුන්ෙන්ය. කියුබානු විප්ලවය, වියටිනාම විප්ලවය ගැන චමින්ද සෙහා්දරයා කතා කල ආකාරයට එබදු විප්ලවවාදී ව්යාපාරයට සමිබන්ධ වන්න ඇත්නමි ෙකායිතරමි ෙහාදදැයි මට සිතිණි.
ඒ වන විට මෙග් වයස අවුරැදු 17ක් පමණය. මා ඉෙගන ගනිමින් සිටිෙය් උසස් ෙපල පන්තිෙය්ය. කුමාර මා ගැන චමින්ද සෙහා්දරයාට කියා තිබිණ. එක්තරා දිනයක රාත්‍රී ආහාරෙයන් පසුව කුමාරෙග් ෙගදර මිදුෙල් අඹ ගහ යට ඇති බංකුෙවි වාඩි වී චමින්ද සෙහා්දරයා මා සමග කතා කෙල්ය.

" සෙහා්දරයාෙග් තාත්තා පැරණි වෙමි ෙකෙනක්. පැරණි වම ෙකාෙහාමටවත් අලුත් වමට කැමති නැහැ. ඒක ඉතිහාසෙය් ඉදලම තිෙයන ෙදයක්. සෙහා්දරයා දන්නවද 1971 අවුරැද්ෙද් අෙප් පක්ෂය සී.අයි.ඒ කියලා මුලින්ම දැමිෙමි ෙකාමියුනිස්ටි පක්ෂෙය් ඇත්ත පත්තරයයි. පැරණි වම සභාගයට ගිහින් වාමාංශික කන්යාභාවය නැතිකරෙගන ෙමන්ගිෂ්වක් ව්යාපාරයක් බවට පත්ෙවලා පාවා දීෙමි මාවෙත්ම ගමන් කරලා අද සුලු ධෙන්ශ්වර පක්ෂ බවට පත්ෙවලා. "

චමින්ද සෙහා්දරයා කී කිසිම ෙදයක් මට ෙත්‍රැෙන් නැත. එෙහත් එක ෙදයක් මම ෙත්‍රැමි ගත්ෙතමි. එනමි වැඩි කල් ගත වීමට මත්ෙතන් මටද ෙමි ෙද්ශපාලන දැනුම ලබාගත හැකියි කියන එක. ඒ ආශ්වාදෙයන් මෙග් සිත පිරී ගිෙය්ය. එපමණක් ෙනාව චමින්ද සෙහා්දරයා ෙමි කියාෙගන එන්ෙන් මෙග් තාත්තා ගැනය. එෙහයින් වඩාත් උනන්දුෙවන් මම අසා සිටිෙයමි.

" සෙහා්දරයාෙග් තාත්තා ෙකාෙහාමටවත් කැමති ෙවන්ෙන් නෑ සෙහා්දරයා ෙමි ෙද්ශපාලනය ෙතා්රගන්නවට. " චමින්ද
සෙහා්දරයා බැරෑරමි හඩින් කීෙවිය.

" නෑ.. ෙමි සමිබන්ධෙයන් තීරණ ගන්ෙන් මම. ඒ අයිතිය මට තිෙයන්න ඕෙන්"

" නමුත්
සෙහා්දරයා ෙමි ෙද්ශපාලනය හිතන තරමි ෙලෙහසි එකක් ෙනෙවයි. කැපකිරීමි, පරිත්යාගෙයන් පිරැණු ෙද්ශපාලනයක්. අදටත් අෙප් පක්ෂය තහනමි කරලා තිෙයන්ෙන්. නායක සෙහා්දරවරැ සැගවී ඉදෙගනයි අද ෙද්ශපාලනය කරන්ෙන්. අෙප් අත්දැකීමි එක්ක ගත්ෙතාත් වධකාගාර, මරණය හරහා තමයි අපිට ඉදිරියට යන්න ෙවන්ෙන්. ෙමතනදී අපිට බැරෑරැමි තීරණ ගන්න ෙවනවා. සෙහා්දරයා තව ටිකක් හිතන්න. සෙහා්දරයාට ෙලාකුම ගැටුම ඇතිෙවන්ෙන් ෙගදරින්මයි. මම ලබන සතිෙය් පණිවිඩයක් එවන්නමි. අපි එදාට හමුෙවමු. "

චමින්ද සෙහා්දරයා මට සමුදුන්ෙන්ය. මම එතැන් පටන් කල්පනා කිරීමට පටන් ගත්ෙතමි. ෙමි ෙමාෙහාත වන විට මට මෙග් තාත්තා ෙමි ෙලා්කෙය් තවත් එක් චරිතයක් පමණී. සැබවින්ම තාත්තා සමිබන්ධෙයන් මට ෙලාකු ගවුරවයක් තිබුෙන් නැත. මට මෙග් තාත්තා තවත් එක් ෙබිබද්ෙදක් පමණක් විය. දින ගණනාවකට පසුව චමින්ද සෙහා්දර්යා මට හමුවිය. ඒ වනවිට කුමාර හරහා මට ලැබුණ ෙපාත් පත් කීපයක් කියවා තිබූ මට විප්ලවවාදී ෙද්ශපාලනය ෙවනුවට වධකාගාර ෙතා්රාගැනීම සමිබන්ධෙයන් ෙනාඉවසිලිමත් බවක් ඇතිවී තිබිණ. 71 අරගලෙය්දී බද්ෙද්ගම කමලබන්ධු සෙහා්දරයාෙග් ජීවිත පූජාව ෙමි වන විට මා ෙමා්හනයට පත්කර තිබිණි.

" සෙහා්දරයා...මෙග් ෙද්ශපාලනයට බාධාවක් විදිහට මෙග් අමිමා තාත්තා හිටියත් මම ඒ අයට ෙවඩි තියනවා " මම කීෙවමි.
චමින්ද සෙහා්දරයා මෙග් අත වැෙරන් අල්ලා ගත්ෙත්ය.
" එෙහම ෙනෙවයි සෙහා්දරයා, අපි බලන්න ඕෙන් ෙමි පැර්ණි පරමිපරාව දිනාගන්නයි. එෙහම නැතිව අපිට ෙද්ශපාලනෙය් පැවත්මක් නෑ." චමින්ද සෙහා්දරයා එෙස් කී අයුරැ මට තාම මතකය.
තාත්තා සිහිපත් වී මෙග් ඇසට කදුලක් ඉනුෙවිය. තාත්තා මුලු ජීවිතයම ෙයාමු කෙල් ලංකා සම සමාජ පක්ෂෙය් ෙද්ශපාලනය ෙවනුෙවනි. තාත්තා ගෙමි ශාඛා සමිතිෙය් පුෙරා්ගාමී නායකෙයකි. වරක් පක්ෂය ෙවනුෙවන් නගර සභා මැතිවරණයටද ඉතිරිපත් විය. රජෙය් මුද්‍රණාලෙය් ෙස්වය කල තාත්තා එහි
වෘත්තීය සමිතිෙය්ද ප්‍රබලෙයකි. ඉතාමත් තරැණ අවධිෙය්දී මෙග් තාත්තා විවියන් ගුණවර්ධන ඇමතිවරියෙග් ෙල්කමිවරෙයකු වශෙයන්ද කටයුතු කර ඇති බව මා අසා ඇත.

ඇන්. ඇමි ෙපෙර්රා ගැන ෙනාදන්ෙන් නමුදු කිසි දිෙනක හඩනු දැක නැති මෙග් තාත්තා ඉකි ගසමින් හඩන මතකය මා ජීවිතෙය් කිසි දින මිය ෙනායන මතකයන්ව ඉතිරිව තිෙබි. 80 ජූලි වැඩ වර්ජනය අෙප් ජීවිත එෙහමි පිටින්ම අවුල් කර දැමිෙමිය. තාත්තාට රස්සාව අහිමි විය. සමාජවාදී ජයග්‍රහණයක් ෙවනුෙවන් ෙබාෙහා් ෙද් කැපකල තාත්තාට සිදුවූෙය් පරාජිතෙයකු වී නිවසට වී සිටීමටය. තාත්තාෙග් ෙද්ශපාලනය තාත්තාට ජීවත් වීම සදහා ෙෙධර්යය අරන් ආෙවි නැත. ජීවත් වීම සදහා අලුත් බලාෙපාෙරාත්තු අරන් ආෙවි නැත. ෙමි පසුබිම තුල ෙගවුන සටන්කාමී ජීවිතය ගැන පසුතැවිලි ෙවනවා හැෙරන්නට ෙවන කිරීමට කිසිවක් තිබුෙන්ද නැත. එකම විකල්පය වූෙය් මධුවිත පමණි. දරැවන් වූ අපට අප ඉල්ලන ෙලා්කය, සැප සමිපත් ලබා දීමට ෙනාහැකි බව ෙත්රැමි ගත් තාත්තා ඒ ෙනාහැකියාව අමතක කිරීමට සිහි විකල්වන තුරැම බීෙවිය. ජූලි වර්ජකෙයකු වන තාත්තාට ඉස්තරමි මත්පැන් පානයට මුදල් තිබුෙන් නැත. ලාබ අරක්කු තාත්තාෙග් පිහිටට ආෙවිය.

තාත්තා ෙබිබද්දෙදකු වූෙය් එෙස්ය.




 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-03-
" දගලන්න එපා....දැගලුෙවාත් ඔලු කටිට කුඩුෙවන්න ෙවඩි තියනවා....."

iE5F4AHiQqmp25lqLw6vQF4ho1_400.jpg


අධ්යාත්මය වැහැරී ගිය පුද්ගලෙයකුට රැක ගැනීමට කිසිවක් නැතැයි කියමනකි. මෙග් තාත්තා තුලින් මා දකිමින් සිටිෙය් ඒ යථාර්තයයි. ඒ තාත්තා නමින් පුංචි සන්දිෙය් දී අනුකමිපාවක් ෙහා් ෙවනත් එබදු හැගීමක් නිර්මාණය කර ගැනීමට නමි දැනුමි ෙත්‍රැමි කමක් ෙනාතිබී ෙහයින් නිරායාසෙයන්ම ෙගාඩනැගී තිබුෙන් අනාදරයක් පමණි. ෙවිදනාවක්ද, තරහාවක්ද අඩු වැඩි වශෙයන් එහි මිශ්‍රව තිෙබන්නට ඇත. එෙහත් ඉක්ම යන ෙමි ෙමාෙහාත තුල මම තාත්තා නිවැරදිව හදුනා ගනිමින් සිටිමි. තාත්තාෙග් ෙබිබදුකම තාත්තාෙග් පවුද්ගලික ප්‍රශ්ණයක් ෙනාවන බවත් එය එක්තරා ආකාරයකින් සමාජ අර්බුදෙය්ම ෙකාටසක් බවත් තාත්තාට අදාලව මම ෙත්‍රැමි ගනිමින් සිටිෙයමි.

" උඹලෙග් අලුත් ෙමා්ස්තර ෙද්ශපාලනය අපිට ෙත්‍ෙරන්ෙන් නෑ..." නිවෙස් ඇති වූ එක්තරා කතාබහකදී තාත්තා එෙස් කීවා මතකය. ඉන් එහා ෙදයක් තාත්තා කීෙවි නැත. එපමණටම තාත්තා ෙද්ශපාලනෙයන් ඈත්ව සිටිෙය්ය. අලුත් ෙද්ශපාලන තත්වයන් පිලිබදව උනන්දුෙවන් ඔහු පිරිහී සිටිෙය්ය.

එෙහත් වචන ප්රකාශකර ෙනාකළද හඩනගා ෙනාකීවද විශ්ව විද්යාලයට ෙත්‍රැණ තම එකම පුතා පිලිබදව තාත්තා පපුෙවන් ගැඹුරැ සතුටක් විදින බව මම ෙහාදාකාරවම දනිමි.
තාත්තා පිලිබදව මතකයන් නතර වූෙය් චමින්ද සෙහා්දරයා අසලය. " ඉන්දියන් වදුරැ හමුදා පන්නමු " යනුෙවන් තීන්ෙතන් බිත්තියක ලියමින් සිටියදී ඔහු අත් අඩංගුවට පත්වූ බව වාර්ථා විය. ඒ ආරංචිය ෙගන ආෙවි ඒ ෙමාෙහාෙත් චමින්ද සෙහා්දරයා සමග සිටි කපිල සෙහා්දරයාය. ෙකාෙහාමින් ෙහා් පලා ඒමට කපිල සෙහා්දරයා සමත් වී සිටිෙය්ය.
චමින්ද සෙහා්දරයා පක්ෂ්ෙය් පූර්ණකාලීන සාමාජිකෙයකි. ඔහු කාමරයක් කුලියට ෙගන එහි නතර් වී හිදිමින් පක්ෂෙය් වැඩ කෙල්ය. පක්ෂෙය් සෙහා්දරවරැන් සමග පවුද්ගලික ෙද් කතා ෙනාකරන සමිප්‍රාධයක් තිෙබි. ඒවා ෙනාවිමසීමද සිරිතකි. එෙමන්ම චමින්ද යන නම ඒ සෙහා්දරයාෙග් ඇත්ත නම ෙනාෙවි. ඇත්ත නම කුමක්දැයි මම තවම ෙනාදනිමි. එෙහයින් චමින්ද
සෙහා්දරයා ෙකාෙහ් ෙකෙනක්ද, පණිවිඩයක් දියයුත්ෙත් කාටද යන්න පිලිබදව කිසිවක් අප ෙනාදැන සිටිෙයමු. පක්ෂෙය් සාමාජිකයන් වූ අපට ඔහු පිලිබදව ෙතාරතුරැ විමසීමට ෙපාලීසියට යාමට ෙනාහැකිය. සෑෙහන කාලයක් ගතවූවාට පසුව ලැබුණ ෙතාරතුරැවලින් කියවුෙන් චමින්ද සෙහා්දරයා බූස්ස කදවුරට යවා ඇති බවය. දිෙනන් දින සංකීර්ණ වූ ෙද්ශපාලන පරිසරය තුල චමින්දසෙහා්දරයා ගැන මතකය මෙගන් ගිලිහී ගිෙය්ය. ඒ චමින්ද සෙහා්දයා මට මීට වසරකට ෙපර ගාල්ෙල්දී හමුවිය. පක්ෂෙය් පූරණ කාලීනයන්ෙග් කමිටුවක් වූ එහිදී ඔහුද පැමිණ සිටිෙය්ය. ඒ වන විට ඔහුෙග් නම " සිෙග්‍රා " ෙලස ෙවනස් කර තිබිණි.

"මාව එදා ෙපාලීසිය අල්ලෙගන ගිහිල්ලා ෙහාදටම ගැහුවා...මෙගන් ඇහුෙවි අනිත් අය ෙකා් කියලයි... මම කිසිම ෙදයක් කිවිෙවි නැහැ. ෙමි මෙග් අත් දිහා බලන්න. ඇගිලි දහෙයම නියෙපාතු ගැෙලවිවා. ඒත් මම ඒවා ඉවසෙගන හිටියා. මම කිවිවා මම කුලී වැඩ කරන්ෙන්. එක දවසක් පාෙර් බීලා එනෙකාට ෙජ්.වී.පී කටිටියක් මාව අල්ලෙගන දඩුවමක් විදිහට තාප්ෙප් ෙමෙහම ලියන්න කියලා කිවිවා...ෙපාලීසිය මාව විශ්වාස කෙල් නෑ. ඒත් මම එෙහම ෙපා්ස්ටර් ගහන, ඒ වෙග් පුංචි පුංචි ෙද්වල් කරන
ෙජ්.වී.පී කාරෙයක් කියලා හිතලා බූස්සට යැවිවා..."
බූස්ෙසන් නිදහස් වූ පසු ඔහු පක්ෂෙය් පූර්ණ කාලීනෙයකු වශෙයන් ගාල්ල දිස්ත්‍රික්කෙය් ෙද්ශපාලනය කරන්නට පටන් ෙගන තිෙබි. ඒ ඔහු මට හමුවූ අවසාන අවස්ථාවයි. රාත්‍රියෙය්දී එබදු අතීත් සැමරැමි අතර සැරිසරමින් සිටි මට නින්ද ගිෙය් ෙකායි ෙමාෙහාෙත්දැයි ෙනාදනිමි. එක්වරම මට ඇහැරිණි. ඒ වන විට ෙහාදටම එළිය වැටී තිබිණ. පලමුව මම හාත්පස සිසාරා බැලුෙවමි. මට කිසිදු අනතුරක් සිදුවී ෙනාමැති බව ෙත්‍රැමි යාමත් සමග සිත සන්සුන් විය. අලුත් දවසක්, අලුත් බලාෙපාෙරාත්තුවක්....එෙහත් ඒ සියල්ලට ආයුෂ තිබුෙන් ඉතාම ෙකටි කාලයකටය. ෙනාවැලැක්විය හැකි ඉරණම මිදුෙල් දක්නට ලැබුෙන් ෙප.ව 10.00 ට පමණය. ඒ වන විට නාරාෙහ්න්පිට පන්සලට යාමට මම සිතාෙගන සිටිෙයමි. ෙකාළඹ දිස්ත්‍රික්කෙය් සමිබන්ධීකරණ මධ්යස්ථානය වශෙයන් තිබූ එම ස්ථානයට පණිවුඩයක් තැබූ විට අවශ්ය ස්ථාන වලට එම පණිවුඩය ගමන් කරයි. නිර්මාණය ෙවමින් පැවති තත්වය හමුෙවි එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම හැර ෙවනත් විකල්පයක් තිබුෙන් නැත.

ඒ අර්මුණින් දවස ආරමිභ කළ මා මිදුලට බැස්සා පමණි.

අපෙග් නිවස ඉදිරිපස විශාල මිදුලකි. මිදුල වටකර තාප්පයකි. මිදුලට බහිනවාත් සමගම මා දුටුෙවි සෙරාමි වලින් සැරසුන හතර පස් ෙදෙනකි. එක් වරම මෙග් සිතට අමුත්තක් දැනුෙණ්ය. බෑගය මිදුෙල් අත්හල මා නැවත් නිවස තුලට පැන්ෙනමි. ඒ සමගම තරැණයන් පස් ෙදනා මා ෙවතට දිව ආ බවක් මට ෙපණුනි.
කළ යුත්ෙත් කුමක් දැයි ෙත්‍රැමි ගත ෙනාහැකිව සිත සිතා සිටීමටද කාලය නැත. කුස්සිෙය් ෙදාරින් වත්තට පැනගත් මා වත්ත පහළට දිවිෙවමි. තාප්පෙයන්ද පැන ගතිමි. තාප්පෙයන් පැනගත් විට යලිත් හමුවන්ෙන් වත්තකි. ගමට යන අතු පාරවල් ගණනාවක් ඉන් එහා පිහිටා තිෙබි. මෙග් ඉලක්කය වී තිබුෙන් එම පාරකින් දිවීමය.
සිහියත් අවසිහියත් අතර ෙගවූ නිෙමිෂයකි. දිවි ගලවා ගැනීෙමි අර්මුෙණන් යුතු මම වත්ත ෙකළවර පාර ෙදසට දිවිෙවමි.

" නැවතියන්..ෙවඩි තියනවා...." ඒ විධානය ෙකාෙහන් ආවාදැයි මම ෙනාදනිමි. ෙමෙහයවීමකින් ෙතාරව මම නතර වූෙයමි. ඇසි පිය ෙහලන පමාවකින් ෙතාරව කිසිෙවක් පැමිණ මාෙග් ෙගල අල්ලා ගත්ෙත්ය.

" දගලන්න හදන්න එපා... දැගලුෙවාත් ඔලු කටිට කුඩු ෙවන්න ෙමතනම ෙවඩි තියනවා... " ෙගල වැෙරන් අල්ලා ෙගන සිටි තැනැත්තා කීෙවිය.

ඒ සමගම සෙරාමිවලින් සැරසුණු තවත් තරැණෙයා් හතර පස් ෙදෙනක් මා වටකර ගත්හ. මා කුමක් කල යුතුදැයි කිසිවක්ම මට ෙත්‍රැමි ගැනීමට ෙනාහැකි වූ ෙමාෙහාතක් එලඹිණි.....









 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
කියවන්න ආස හිතුන ගොඩාක්.
මම යන්න කලින් කියවලා එවර කරන්න ලබුනොත් හොදයි
හොද වැඩක් ඔයාගෙන් මිස්සක අයියා.......

Good Luck :)


(typing mistakes tiyenawa aaiye )
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කියවන්න ආස හිතුන ගොඩාක්.
මම යන්න කලින් කියවලා එවර කරන්න ලබුනොත් හොදයි
හොද වැඩක් ඔයාගෙන් මිස්සක අයියා.......

Good Luck :)


(typing mistakes tiyenawa aaiye )


යන්න කලින් නමි දාලා ඉවර කරන්න බැරි ෙවයි මිනු නංගි...බලමු...
(pls ignore those mistakes..)