෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴
මෙහි එන සියලු නම් ගම් මනංකල්පිතය

මෙහි එන සියලු නම් ගම් මනංකල්පිතය

කතාව කොතනින් කොහොම පටන්ගන්නද කියල මට හිතාගන්න අමාරුයි.. කතාව මම මෙහෙම පටන්ගන්නම්.. මගේ නම සම්පත්.. මම වැඩ කලේ පුද්ගලික ආයතනයක.. හැම සේවකයෙක්ටම වගේ මටත් වැඩ ඉවර වෙන්නෙ හවස පහට වගේ.. මාත් එක්ක වැඩ කරන තවත් යාලුවො තුන්දෙනෙක් හිටියා.. රශ්මික, උදේශ්, අසිත් කියලා.. අපි හතර දෙනාටම ඒ දවස්වල වාහන තිබුණෙ නෑ.. ඒක නිසා අපි හතර දෙනාම ගෙවල් වලට ගියේ බස් එකේ.. වැඩ ඉවර උන ගමන්ම අපි හතර දෙනා පයින්ම බස් ස්ටෑන්ඩ් එකට එනවා කතාවක් දාගෙනම.. රශ්මිකයි මමයි යන්නෙ එකම බස් එකේ උනත්, උදේශ් යන්නෙ තවත් බස් එකක, අසිත් යන්නෙ තවත් බස් එකක.. අසිත්ගෙ ගෙවල් පැත්තට යන බස් වැඩිය නෑ.. ඒක නිසා එයා යන බස් එක එනකන් අපි බස් ස්ටෑන්ඩ් එකට වෙලා කතා කරකර ඉන්නවා.. දවසක්.......
“මචං සම්පත්.......” එකපාරම අපි හතර දෙනාම වගේ පිටිපස්ස හැරුනා.. කවුද මේ කියලා හිතාගන්න බැරිවෙච්ච නිසා.. කාට අඳුනගන්න බැරි උනත් මට නම් ඒ කවුද කියලා අඳුනගන්න අමාරු වුණේ නෑ එයා මගේ යාලුවෙක්.. නමින් ඩිල්ෂාන්.. ඒත් අපි ඌට කතා කරන්නෙ බඹරා කියලා.. ඔය නම හැදුන කතාව නම් ටිකක් දිගයි.. ඒක නොකිය ඉන්න තරමටම හොදයි කියල හිතෙනවා..
“ආහ්.. උඹ මේ කොහේ යන ගමන්ද බං..?” මම උගේ කරට අතදාගන්න ගමන් ඇහුවා. ඩිල්ෂාන් දන්නෙ මාව විතරයි.. එතන හිටපු අනිත් කවුරුවත් දන්නෙ නෑ.. ඒත් ඌට එහෙම අවුලක් නෑ.. නොදන්න එකෙක් එක්ක උනත් පැනල කතා කරනවා.. ඒ අතින් බැලුවම ඩිල්ෂාන් කියන්නෙ අභ්‍යන්තරය පිරිසිදු පොරක්.
“යන්නෙ නම් පොඩි සැපක් ගන්න කියලා.. මම යන ගමන් උඹ මුන් තුන්දෙනත් එක්ක මේ පැත්තට ඇදෙනව දැක්කා.. ඒකයි ආවෙ..” ඩිල්ෂාන් එහෙම කියන ගමන් අනිත් කොල්ලො තුන්දෙනා දිහාත් හොදට ඇස් ලොකු කරලා බැලුවා. මොකද ඩිල්ෂාන් මගේ කාර්යාලයෙ යාලුවො දන්නෙ නැති නිසා.
“සැපක් කිව්වෙ..?” මම ඩිල්ෂාන් දිහා බලලා පුංචි හිනාවක් දාන ගමන්ම ඇහුවා.
“උඹ දන්නවනේ සම්පතයා මං ගැන..? ආ.. මුන් තුන්දෙනා අවුලක් නැද්ද..?” ඔව් මම ඩිල්ෂාන් කියන්නෙ කවුද කියල නම් හොඳට දන්නවා.. ඩිල්ෂාන් කියන්නෙ උපන් දවසෙ ඉඳන්ම සල්ලි උඩ පීනපු කෙනෙක්.. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම ලංකාවෙ වැඳගත් රැකියා දෙකක් කලේ.. හැබැයි ඩිල්ෂාන් නම් ඒ දෙන්නගෙ පුතෙක් කියල කියන්නත් අමාරුයි.. ඒවට හේතුත් තියෙනවා.. ඩිල්ෂාන් ඉස්කෝලෙ ගියපු කාලෙ ඉඳන් එකම බලාපොරොත්තුව උනේ කෙල්ලොත් එක්ක සැප ගන්න එකම විතරයි.. පොර ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ පොරගෙ අනාගත බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න පුළුවන් උනා.. ඒත් උගේ අනාගත බලාපොරොත්තුව ගැන මට නම් දැනෙන්නෙ මහ අප්‍රියක් විතරයි.. කවදාවත් ඩිල්ෂාන් කෙල්ලෙකුට හදවතින් ආදරේ කලේ නෑ.. හදවත පැත්තක දාමුකො.. අපි ටියුෂන් ක්ලාස් යන දවස්වල ඩිල්ෂාන්ට කැමැත්තෙන් ඕන තරම් කෙල්ලො හිටියා.. ඒ සල්ලි වලට ආසාවෙද, උගේ ලස්සනට වහ වැටිලද කියලා මං දන්නෑ.. කොහොම උනත් ඩිලා ඒ එක කෙල්ලෙක්වත් තඹේකට ගණන් ගත්තෙ නෑ.. ඒ ඩිල්ෂාන්ගෙ හැටි.. හැබැයි මූ කෙල්ලො පස්සෙ නොගියට කෙල්ලොත් එක්ක කරන අහවල් වැඩේ ගැන නිතරම වගේ කතා කලා.. ඒකනේ උගේ බලාපොරොත්තුවත්.. දවසක් මම ඩිල්ෂාන්ගෙන් ඕකට හේතුව ඇහුවා.. මෙන්න මේ විදියට..
“මචං ඩිලා.. උඹට කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කරලා.. කසාඳයක් බැඳලා ෆන් එකේ ඉන්න එහෙම අදහසක් නැද්ද..?” ඒත් මං ඩිල්ෂාන්ගෙන් අහපු ප්‍රශ්නෙට ලැබුනෙ මහ අති පජාත උත්තරයක්.. හැබැයි ඉතිං ඌ දැකපු, අහපු, අත්විඳපු දේවල් වලින් ඌ කසාඳ ජීවිතේ ගැන එහෙම කතා කරන එක වැරදියි කියලා කියන්න මට හිතුනෙ නෑ..
“පිස්සුද බං.. මං කවදාවත් කසාඳ බඳින්නෑ.. ඒක මම ඕන තැනක දිවුරනවා..” ඌ ඔහොම මුලින් ලාවට කතාවට එන්ටර් උනා.. මම ආයෙම ඩිල්ෂාන් මැද්දට පැනලා මෙහෙම ඇහුවා.
“ඇයි බං ඒ..? යකෝ ඒ ලයිෆ් එක කොච්චර ෆන්ද..? පොඩ්ඩක් නිදහසට නම් කෙලවෙනවා තමයි.. ඒත් කෙල්ලෙක් නැති ජීවිතේ පාලු අම්බලමක් වගේ ඩිලා.. උඹට විසි කරන්න සල්ලිත් තියෙන එකේ.. දෙන්නටම ෆන් එකේ ඉන්න බැරියෑ.. මම උඹ උනා නම්... ෂිහ්.. අපිට කොයින්ද එච්චර වාසනාවක්.. හැබැයි උඹ නම් මහ පවුකාරයෙක් ඩිලා..” මම කියාගෙන කියාගෙන ගියා.. ඩිලාන් මගේ දිහා ඩිංග වෙලාවක් බලන් ඉඳලා ආයෙම කතාව පටන්ගත්තා.
“මේ අහපන් සම්පත්.. උඹ හිතන්නෙ කසාඳ බැන්ඳම කොල්ලෙක්ට සතුටින් ඉන්න ලැබෙයි කියලද..? උඹ එහෙම හිතනව නම් වැරදියි මචං.. උදාහරණයක් අපේ ගෙදරම තියෙනවා.. උඹ දන්නවද..? උඹ දන්නවද සම්පත්.. අපේ අම්මයි තාත්තයි කවදාවත් හිනාවෙලා ඉන්නවා මං මේ ඇස් දෙකට දැකලා නෑ.. ඒ දෙන්නා කවදාවත් ආදරෙන් එක වචනයක් කතා කරනවා මගේ මේ කන් දෙකට ඇහිලා නෑ.. කතා කලොත් කතා කරන්නෙ අවශ්‍යම දෙයක් විතරයි.. උඹ විශ්වාස කරපන් මචං ඒ දෙන්නා නිදාගන්නෙත් කාමර දෙකක.. තවත් මොන කතාද බං.. මම මේ ජීවිතේ වැඩි හරියක් දැකලා තියෙන්නෙ අපේ අම්මගෙයි තාත්තගෙයි වලි විතරයි.. අපේ ගෙදර තනිකර අපායක් බං.. තනිකර අපායක්.. පුංචි කාලෙ ඉඳලා මං ඔය ගෙදර හිටියෙ හිතේ සතුටකින් නෙමෙයි.. පොඩ්ඩක් හරි ෆන් එකේ හිටියෙ ඉස්කෝලෙදි, ටියුෂන් ක්ලාස් එකේදි විතරයි.. ඒ උඹලා නිසා.. ඒකයි මං ලෙඩ උනත්, පිච්චෙන්න උණ තිබුණත් කවදාවත් ඉස්කෝලෙ නෑවිත් නොහිටියෙ.. කවදාවත් මගේ අම්මයි තාත්තයි මාව නිවාඩු දවසකට උනත් බීච් එකකට, ෆිල්ම් එකක් බලන්න, නිදහසේ ඇවිදින්න එක්කන් ගිහින් තියෙනවද..? නෑ බං.. නෑ.. පුංචි කාලෙ මම තාත්තගෙන් අම්මගෙන් ඔය ගැන ඇහුවොත් කියන්නෙ පුතා කරදර කරන්න එපා.. අපිට වැඩ තියෙනවා කියල විතරයි.. එයාලා කවදාවත් මාව සතුටින් තියල නෑ.. මට හය හතර තේරෙන කාලෙදිම මාව බලාගන්න මනුස්සයෙක් ගෙදරට ගෙනාවා.. මාව එයා ගාව දාලා අම්මයි තාත්තයි එයාලගෙ වැඩ.. මට කැව්වෙ, පෙව්වෙ, ලෙඩ උනාම ලඟින් හිටියෙ ඒ මනුස්සයා විතරයි.. සිරාවට මම ඒ මනුස්සයට මගේ අම්මටයි තාත්තටයි වඩා ආදරෙයි.. මගේ හිතට ගෙදරදි පුංචි හරි සැනසීමක් දැනුනෙ ඒ මනුස්සයා නිසා.. අපේ තාත්තා අම්මා හිතන් ඉන්නෙ සල්ලි වලට හැමදේම කරන්න පුළුවන් කියලා.. මෙතන උඹ කියනවා මට කසාඳ බඳින්න, බැඳලා සතුටින් ඉන්න කියලා.. මං බැන්ඳත් ඔය ටිකම තමා.. කසාඳය කියන්නෙ තනිකරම ගිණි ගොඩක්.. බැඳලා උන් දෙන්නා විඳවනවා නම් කමක් නෑ බං.. අහිංසක දරු පැටවුන්ට ගින්දර නොදී.. මට ඕන නෑ බං කසාඳ.. ආයෙ මාත් එක්ක ඔය දේවල් ගැන කතා කරන්නත් එපා.. උඹට ඕන නම් බැඳගනිං.. බැඳගෙන ජීවිතේම කාලකන්නි කරගනිං.. මං මේ ගන්න ෆන් එක මං ගන්නවා..”
ඩිල්ෂාන්ගෙන් ලැබුණෙ ඔන්න ඔය වගේ උත්තරයක්.. කතාව අවසන් වෙනකොට උගේ ඇස් දෙක හොඳටම රතුවෙලා තියෙනවා මං දැක්කා.. ආයෙම මං ඩිල්ෂාන්ගෙන් මේ ප්‍රශ්නයත් ඇහුවා.. මොකද මට ඒකටත් උගෙන් උත්තරයක් ඕන වුණ නිසා.
“හරි උඹ කසාඳ බැන්දෙ නෑ කියමුකො.. ඒත් දැන් උඹ ඔය කරන වැඩේ හරිද..?” ඩිල්ෂාන් ඒකටත් මට මෙහෙම උත්තරයක් දුන්නා.
“මොකක්ද මං කරන වැරැද්ද.. මචං මාත් මනුස්සයෙක්.. මටත් ආශාවන්, හැඟිම් දැනෙනවා.. මම ගලක් නෙමෙයිනේ.. උඹ දන්නව මං කසාඳ බඳින්නෑ කියලා.. ඒත් මගේ ආශාවන් මට ඉෂ්ඨ කරගන්න ඕන.. මට ඒවා හිර කරන් ඉන්න බෑ.. අනික මං කවදාවත් කෙල්ලෙක් අනාත කරල නෑ.. බොරුවට ආදරේ කරලත් නෑ.. කරන්නෙත් නෑ.. මං උන්ව ගන්නෙ සල්ලි දීලා.. මොකද උන් සල්ලි වලට විකිණෙන එවුන් නිසා.. හරියට පුස්ථකාලෙන් පොතක් ගන්නව වගේ..” ඊට පස්සෙ මං ඩිල්ෂාන්ගෙන් මුකුත්ම ඇහුවෙ නෑ.. ඔය ගැන කතා කරන්න ගියෙත් නෑ.. ඒ කතාව අවසන් උනේ ඔන්න ඔය විදියට. මං ඔය කතාව කිව්වෙ ඩිල්ෂාන්ගෙ ගැන වැඩිදුර දැනගැනීම සඳහා.
අද ඩිල්ෂාන් ආපු කාරණාව මං හොඳටම දන්නවා.. ඌ ඒක අහපු විදියෙන් මට ඒ බව හොඳටම තේරුණා.. හැමදාම වගේ කොහෙන් හරි සල්ලි දීලා කෙල්ලෙක් අරගෙන එන්න ඇති..
“නෑ නෑ.. මුං තුන්දෙනා මගේ බොක්කෙ ෆිට් තුනක්.. මාත් එක්ක එකට වැඩ කරන එවුන් බං..” මං ඩිල්ෂාන්ට කිව්වා.
“ආහ්.. එහෙමද..? එහෙනම් නෝ ප්‍රොබ්ලම්.. මේකයි කේස් එක කොල්ලනේ.. අද සෙට් උනා නියම එකක්.. යමුද පොඩි ෆන් එකක් ගන්න.. අපි පස් දෙනාම වැඩි නැතිවෙයි සමහර විට..” එහෙම කියලා ඩිල්ෂාන් හිනාවෙන්න ගත්තා.. මගේ අනිත් යාලුවො තුන්දෙනා ඩිල්ෂාන් දිහා බැලුවෙ අමුතු විදියකට.. මම, රශ්මික, උදේශ්, අසිත් හතර දෙනාම ඩිල්ෂාන් උගේ කාර් එක නවත්තලා තිබ්බ පැත්තට ඇදගෙන ගියා.. අපි හතර දෙනාම කාර් එක ගාවට ගිහින් නැවතුනා.. මං ආයෙම කතාව පටන් ගත්තා.
“උඹ දන්නවනේ ඩිලා මං ඔය සබ්ජෙක්ට් එකට වැඩි ආසාවක් නෑ කියලා.. ඒක නිසා උඹ කරන දෙයක් කරගනිං.. මං වාශ්ප වෙනවා.. ගෙදර යන්නත් පරක්කුනේ.. හෙට අනිද්දා ඕන නම් පොඩියට ඩ්‍රින්ක් එකක් දාමු අපි ටික සෙට් වෙලා..” ඇත්තම කිව්වොත් මට පුංචි හරි ආසාවක් තිබුණෙ නෑ සල්ලි දීලා කෙල්ලෙක් අරගෙන මගේ ආශාවන් ඉටු කරගන්න. මාත් කොල්ලෙක් තමා.. මටත් ආශාවන් නැතුව නෙමෙයි.. ඒත් ඒ ආශාවන් ඉෂ්ඨ කරගන්න මටත් දවසක් එයිනේ.. මං කාලයට ඉඩ දීලා ඔහේ බලාන හිටියා.
“උඹ මට ඔහොම කියන්නෑ බාන්ඩෙ දැක්කා නම්.. මේ බලපන් ඩෝ..” එහෙම කියලා එකපාරම ඩිල්ෂාන් කාර් එකේ පිටිපස්සෙ දොර ඇරියා.
ඌ ඒ කෙල්ලට මේ දෙනෝදාහක් යන මහපාරෙ කාර් එකෙන් බහින්න කියලත් කිව්වා. මම කලිනුත් ඩිල්ෂාන් අරගෙන එන ඔය කෙල්ලොන්ව ඕන තරම් දැකලා තියෙනවා.. ඒ ඇස්වල, ඒ මූණුවල තිබ්බෙ මහා හිස්බවක් විතරයි.. කිසිම අරමුණක් නෑ.. ඔහේ පන කෙන්ද තියෙන නිසා ජීවත් වෙනව වගෙයි ඒ අය දිහා බැලුවම මට පෙනුනෙ.. ඒත් මේ කෙල්ලව දැක්කම මගේ හිතට දැනුනෙ වෙනම හැඟීමක්.. ඒ ඇස් දිහා බැලුවම මං දැක්කෙ ඒ ඇස් දෙකේ මහා දුකක් ලියවිල තියෙනව වගේ.. ඇසුත් රතු කරගෙන, මූණත් මලානික කරගෙන අහිංසක මුව පැටියෙක් වගේ ඔහේ අසරණ විදියට බලන් හිටියා.. ඩිල්ෂාන් කියපු කතාව නම් ඇත්ත තමා.. ඒ ගෑණු ළමයා පුදුම ලස්සනයි.. අවුරුදු 22ක 24ක වගේ කෙල්ලෙක්.. “ඇයි දෙයියනේ මෙච්චර ලස්සන කෙල්ලො මේ වගේ කාලකන්නි වැඩ කරන්නෙ.. මුන්ට හොඳ කොල්ලෙක් හොයාගෙන කසාඳයක් බැඳලා හොඳහැටි ජීවත් වෙන්න බැරිද.. එක එකාලගෙ ආශාවන් ඉෂ්ඨ කරන්න යන්නෙ සල්ලි වලට කෑදරකමේ.. තූ විතරක්..” මං මටම කියාගත්තා.
“ඩිල්ෂාන්.. මට මෙයා එක්ක ඩිංගක් කතා කරන්න ඕනි..” මටත් හිතාගන්න අමාරුයි.. මට ඒක ඉබේටම කියවුණා.. එහෙම කියලා මං එයා දිහා බැලුවම එයා බිම බලාගත්තා.. ලැජජාවට වෙන්න ඇති.. ඒත් මං දන්නවා මොකක් හරි ලොකු දුකක් ඒ හිතේ හිරවෙලා තියෙන විත්තිය..
“මං කලින්ම හිතුවා ඕක.. කමක් නෑ.. එහෙනම් උඹ අරන් පලයන්.. මං වෙන එකක් අරගන්නං.. උඹත් ලොකු ටෝක්ස් දුන්නට ලස්සන එකක් දැක්කම මදන කුලප්පුව හැදෙනවනේ.. වැඩේ කරන්නමයි හිත.. හ්ම්.. හ්ම්..” ඒ කතාවට ඩිල්ෂාන් එක්ක මට තරහක් ආවත් මං ඒක හිතේ හංගගත්තා.. මං කැමති නෑ වචනෙකින් හරි යාලුවන්ගෙ හිත් රිද්දන්න.. ඒ මගේ හැටි.
“නෑ.. එහෙම දේකට නෙමෙයි.. උඹලා පොඩ්ඩක් විසි වෙයන්කො.. මට විනාඩි දහයයි ඕන..” මං එහෙම කිව්වම මුන් හතරදෙනාම මගේ දිහා අමුතු හිනාවකුයි, අමුතු බැල්මකුයි දාලා යන්න ගියා. අන්තිමට එතන ඉතුරු උනේ ඒ ගෑණු ළමයයි මමයි විතරයි.. එයා තවමත් බිම බලාගෙන.. මම යකෙක් වගේ පේනවද මන්දා.. කොහොම උනත් කෙල්ලෙක්නේ.. වෙන්න යන විනාසෙත් දන්නවනේ.. අනික කොල්ලො පස් දෙනෙක්.. ඉතිං බය වෙන එක අහන්නත් දෙයක්ද.. වටපිටේ සෙනග ඉන්න නිසා මං හෙමීට එයා එක්ක කතා කරන්න ගත්තා.
“මං දන්නෑ.. ඔයා අක්කා කෙනෙක්ද, නංගි කෙනෙක්ද කියලා.. ඒත් මට ඔයා එකක් ටිකක් කතා කරන්න ඕන.. බයවෙන්න එපා.. මං ඔයාට නරකක් කරන්නෑ.. ඔයාට මාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද..?” මං එහෙම කිව්වම හෙමින් හෙමින් ඔලුව උස්සලා එයා මං දිහා බැලුවා.
“පුළුවන් සර්...” මං බලන් ඉද්දිම ඒ ඇස් දෙකෙන් කඳුළු බේරෙන්න ගත්තා. ඇයි දෙයියනේ මං මොකක් හරි වැරදි දෙයක්වත් කිව්වද.. මට ඒ ගෑණු ළමයා ගැන ඇත්තටම හිතේ දුකක් ඇතිවුණා.
“මට ඔයා දිහා බැලුවම කියන්න පුළුවන් ඔයා මේ රස්සාව කැමැත්තකින් කරන දෙයක් නෙමෙයි කියලා.. ඔයා මේ රස්සාවට කවුරුහරි බලෙන් ඇදගෙන ආවද..? ඔයාට වයස කීයද..? මම ඔය රස්සාව කරන ඕන තරම් අය දැකලා තියෙනවා.. ඒත්......... ඒ අය ඔයා වගේ නෙමෙයි.. මට කියන්න.. ඔයාව බලෙන් මේ රස්සාවට කවුරුහරි ඇදගෙන ආවා නම් මං ඔයාට උදව් කරන්නම්..” මං කියාගෙන කියාගෙන ගියා.. ඒ වෙලාවෙ මං එයා දිහා බැලුවම මං දැක්කෙ එයා පුදුම වෙලා මං දිහා බලන් ඉන්නව..
“කවුරුවත් බලෙන් මාව මේකට ගෙනාවෙ නෑ සර්.. මං වෙන කරන්න දෙයක් නැති නිසයි මේ රස්සාව තෝරගත්තෙ.. මං ගොඩක් අසරණයි සර්... මං ගොඩක් අසරණයි.. මට වෙන කරන්න දෙයක් නෑ.. මට දැන් වයස 23ක් වෙනවා....” මං හිතුව දේ හරියටම හරි.. ඒ කියන්නෙ.. මං මුලින්ම එයා දිහා බලලා හිතුව දේ හරි.. එයාගෙ හිතේ ලොකු දුකක් හිරවෙලා තියෙනවා.. මට කලින්ම ඒ ඇස් දිහා දැක්කම ඒක හිතුණා.. අවුරුදු 23යි කියන්නෙ එයා මට වඩා වැඩිමල් අවුරුද්දකින්..
“ඒ කියන්නෙ ඔයා මට අක්කා.. මට වයස 22යි.. ඒ ගැන කතා කරල වැඩක් නෑ.. අක්කා කැමතියි නම් ඔය දුක හිතේ හිරකරගෙන ඉන්නෙ නැතුව මං එක්ක කියන්න.. හිතේ තියෙන දුකක් කා හරි එක්ක කිව්වම හිත ඩිංගක් හරි සැහැල්ලු වෙනවනේ.. මං ඔයාව දැක්ක වෙලාවෙම ඔය ගැන හිතුණා.. මං බල කරන්නෙ නෑ.. කැමති නම් විතරක් කියන්න..” ඒ වගේ දෙයක් අහන්න මේක හරි වෙලාව නෙමෙයි කියල මං දන්නවා.. ඒත් මේ ගෑණු ළමයා ඉන්නෙ ප්‍රශ්ණෙක කියලා මං දැනන් හිටියා.. ඒ නිසායි මං එහෙම ඇහුවෙ.. මං එහෙම කිව්වම එයා අතින් කටත් වහගෙන අඩන්න ගත්තා.. පාරෙ යන මිනිස්සු අපි දිහා බැලුවෙ අමුතු විදියට.. ඒත් මට ඒක ඒ හැටි ප්‍රශ්නයක් උනේ නෑ.. ඒත් ගෑණු ළමයෙක්ට ඒක ප්‍රශ්නයක්..
“අක්කෙ.. අඩන්නෙ නැතුව කතාව කියන්න.. නැත්නම් පාරෙ යන අය අපි ගැන වැරදියට හිතයි..” මං එයා දිහා බලලා කිව්වා.
“මං ගැන හෙට අනිද්දා හැමෝම වැරදියට හිතයි සර්.. කොහොමත් මං වැරදි කෙනෙක්නෙ එතකොට..”
“හ්ම්.. දැන් කතාව කියන්න ඉතිං.. ඔය සර් කෑල්ල පැත්තකට විසි කරලා මට මල්ලි කියල කතා කරන්න.. මල්ලි කියන්න බැරි නම් මට නමවත් කියලා කතා කරන්න.. මම සම්පත්..” එයා ඒ වතාවෙ නම් ඇස් දෙකේ කඳුළුත් පිහදාගෙන කතාව කියන්න පටන්ගත්තා. මගේ යාලුවො ටික නම් මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා.. මම උන් දිහා බැලුවම උන් මට නක්කලේ දානවා.. මුන් වෙනම දෙයක් හිතාගෙන ඇත්තෙ.
“මං වැඩකලේ ගාමන්ට් එකක මල්ලි.. වැඩ බලන කෙනෙක් විදියට.. ඒකෙ වැඩට ගිහින් දැන් අවුරුද්දකටත් කිට්ටුයි.. මගේ තාත්තා ලෙඬ ඇඳේ හිටියෙ.. එයා වඩු වැඩ කලේ.. එයාට වැඩ කරන්න බෑ.. මට මල්ලි කෙනෙක් ඉන්නවා.. එයා තාම ඉස්කෝලෙ යනවා.. මගේ පඩියෙන් තමා පවුලම ජීවත් උනේ.. මල්ලිගෙ ඉස්කෝලෙ වැඩ වලට වියදම් කලෙත්.. ඒත්................. මගේ තාත්තට සති දෙකකට කලින් හොඳටම අසනීප උනා.. එයාට ඔපරේෂන් එකක් කරන්න වෙනවලු.. නැත්නම් එයාව ජීවත් කරවන්න බැරිවෙයි කියලා දොස්තරලා කිව්වා.. ඒකට දෙලක්ෂ අසූදාහක් යනව මල්ලි.. මං කොහොමද ඒ තරම් ලොකු ගාණක් හොයන්නෙ.. සතියක් ඇතුළත ඔපරේෂන් එක කරන්නත් ඕනි.. මං ගාමන්ට් එකේ ලොකු සර්ටත් කිව්වා.. ඒත් එයා කතාව අහගෙන හිටියා විතරයි.. අඩුම තරමෙ රුපියලක්වත් දුන්නෑ.. එයා කිව්වෙ ජීවිතේ හැටි ඔහොම තමයි කියලා.. මගේ යාලුවෙක් හිටියා දිල්හානි කියලා.. එයාට මේ කතාව කිව්වම තමා මට මේ වගේ යෝජනාවක් ගෙනාවෙ.. එයා දන්න කෙනෙක් ඉන්නවා කියලා.. මම කවදාවත් හිතන් හිටියෙ නෑ දිල්හානිත් ඒ වගේ කෙනෙක් කියලා.. මට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ මල්ලි.. මං ගොඩක් අසරණ වෙලයි හිටියෙ ඒ වෙලාවෙ.. මට මගේ තාත්තව බේරගන්න වෙන කිසිම විදියක් තිබුණෙ නෑ.. කවුරුවත් මට උදව් කලෙත් නෑ.. ඒ නිසා මං ඒ දේට හිතේ කැමැත්තක් නැති උනත් අකමැත්තෙන් හරි කැමති වෙන්න සිද්ධ උනා.. එතන මං වගේම ගෑනු ළමයි ගොඩක් ඉන්නවා.. ඒකෙ අයිතිකාරයා කිව්වා මං ඔයාට දෙලක්ෂ අසූදාහ දෙන්නම්.. හැබැයි ඔයා මෙතන අවුරුද්දක් වැඩ කරන්න වෙනවා කියලා.. කිසිම මුදලක් නැතුව.. හැබැයි මෙතනින් පැනලා යන්න හැදුවොත් තාත්තයි, අම්මයි ඔක්කොම ඔයාට නැතිවෙයි කියලත් කිව්වා.. මම අන්තිමට වෙන කරන්නම දෙයක් නැති නිසා ඒ දේට කැමති උනා.. මං වෙන මොනා කරන්නද මල්ලි..” ඒ කතාව ඇහුවම මගේ ඇස් උඩ ඉන්දුනා.. මගේ ඇඟ ඉස්සරහම අකුණක් ගැහුව වගේ හැඟීමක් මට දැනෙන්න ගත්තෙ.. දෙයියනේ............... මං මේක කොහොම විශ්වාස කරන්නද.. කතාව කියලා ඒ අක්කා මහ හයියෙන් අඬන්න ගත්තා.. මං අඬන්න එපා කියලා කිව්වත් එයා ඇහුවෙ නෑ.. මං දන්නවා ඒ දුක හිරකරගෙන ඉන්න අමාරුයි කියලා.. මොකද මටත් නොදැනිම මගේ ඇස් දෙකට කඳුළු උනලා තිබුණ නිසා.. මගේ හඬත් බිඳිලා ගිහින් කියලා මං කතා කරද්දි මට දැනුණා.
“අක්කා මේ රස්සාව කරන්න අරන් කොච්චර කලක් වෙනවද..? ඉතිං තාත්තව සනීප කරන්න අර මිනිහා ඔයාට ඒ සල්ලි දුන්නද..? දැන් තාත්තට හොඳයිද..?” මං බිඳිච්ච හඬින්ම ඒ අක්කගෙන් ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන ගියා.. මටත් නොදැනිම මගේ කටින් පිටවෙන දේවල් ගැන මටම පුදුම හිතුනා..
“අනේ නෑ මල්ලි.. මේ මගේ මුල්ම දවස... බොරු නම් අර කාර් එකේ ආපු සර්ගෙන් අහන්න.... එයාට කෝල් එකකුත් දුන්නා එතන ලොක්කා.. මට ඒක ඇහුනා ඒ වෙලාවෙ.. ඊට පස්සෙ තමා එයා මාව අරගෙන ආවෙ එයාට සල්ලිත් දීලා.. එතන ලොක්කා කිව්වා අද රෑට මං ආවම අර සල්ලි දෙන්නම් කියලා.. අර සර් මාව කාර් එකට දාගෙන අරන් එද්දි මට ගොඩක් බය හිතුනා මල්ලි.. මට මං ගැනම ලැජ්ජාවක් දැනුණා.. අනේ මං මහ පවුකාරියක්.. අද රෑට මගේ ජීවිතේම කාලකන්නි වෙයි..” එයාගෙ කඳුළු අලුත් උනා.. එයා වැලහින්නියක් වගේ තවත් හයියෙන් අඬන්න ගත්තා.. ඒ කියන වචන හැම එකක්ම ඊතල වගේ මගේ පපුව පුරාවටම වැදුනා.. මගේ ඇඟම වෙව්ලලා ගියා.. තමන්ගෙ තාත්තගෙ ජීවිතේ බේරගන්න මේ වගේ දෙයක් කරන්න පෙළඹුනා කිව්වම මට වාවන්නෙ නැතුව ගියා.. එයාගෙ අත් දෙකත් වෙව්ලනවා.. ඒත් මට සතුටක් දැනුණෙ ඒ අක්කා කියපු එක දෙයක් නිසා.. ඒ අද එයාගෙ මුල්ම දවස කියපු එක.. මං එකහිතින්ම හිතාගත්තා මේ වැඩේ කොහොම හරි නවත්තනවා කියලා.. ඔය අස්සෙ කොල්ලො ටික මේ පැත්තට එන්න ආවත් මං එයාලව එන්න එපා කියලා අතින් ඉඟියක් දීලා නැවැත්තුවා..
“හරි දැන් හොඳ අක්කා වගේ අඬන්නෙ නැතුව ඉන්නකො.. මං ඔයා උනා නම් ඔය වගේ වෙලාවක මමත් ඔය දේම කරන්න තිබුණා.. ඇත්තටම මං ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.. තමන්ගෙ තාත්තගෙ ජීවිතේ බේරගන්න මේ වගේ දෙයක් කරන්න හැදුව කිව්වම.. මට අදහගන්නත් අමාරුයි.. අද රෑට ඔයාගෙ ජීවිතේම කාලකන්නි වෙන්නෙ නෑ.. ඒ ගැන බයවෙන්න එපා.. ඔයාගෙ වාසනාවට තමා ඔයා අපි වගේ අයට හම්බවුනේ.. නැත්නම් ඔයාගෙ ජීවිතේම අඳුරු වෙලා යයි.. ඒ අතින් ඔයා වාසනාවන්තයි අක්කෙ.. ඒත් මට එක දෙයක් කරන්න වෙනව අක්කෙ..” මං දැක්කා ඒ දේ කිව්වම ඒ මලානික මූණට ලාවට හරි පුංචි සතුටක් එනවා.. අපි දෙන්නා පාරෙ හිටියත් මං ඒ අත් දෙකෙන් අල්ලගත්තා..
“මොකක්ද මල්ලි..?” බියපත් වෙච්ච කටහඬින්ම එයා මගෙන් ඇහුවා.
“මේ කතාව අනිත් හතර දෙනාටත් කියන්න වෙනවා.. ඒ වගේම ඔයාට අපිව ඔයාගෙ ගෙදරට එක්කගෙන යන්නත් වෙනවා.. එහෙම උනොත් මං ඔයාව මේ අපායෙන් බේරගන්නවා කියලා පොරොන්දු වෙනවා..” මං එහෙම කිව්වම එයා ඒ අහිංසක ඇස් දෙකෙන් මං දිහා කෙලින්ම බැලුවා.
“කමක් නෑ මල්ලි.. එයාලට කියන්න.. මං දැන් උනත් ඔයාලව අපේ ගෙදර එක්කගෙන යන්නං.. ඒත් මල්ලි......” එයා මොකක් හරි කියන්න හදලා මඟින් නැවැත්තුවා..
“දැන් තමා යන්න ඕනි.. මේ දැන්.. මොකක්ද ඒත් මල්ලි කියල නැවැත්තුවෙ..?” මං ඇහුවා..
“මගේ තාත්තා...?”
“ආහ්.. ඒ ගැන අපි කතා කරමුකො යන ගමන්.. මට ගොඩක් පමා වෙන්නත් බෑ.. ගෙදරින් බයවෙයි.. දැනුත් හයට කිට්ටුයිනේ.. ඉන්න මං යාලුවන්ට කතා කරනකන්..”
මං ඔය අතරෙ ගෙදරටත් කෝල් එකක් ගත්තා.. අරන් කිව්වෙ මං දානෙ ගෙදරක යනවා කියලා.. මේ වගක් අම්මට කටක් ඇරලා කොහොම කියන්නද..? ඊට පස්සෙ මං කොල්ලො සෙට් එකට කතා කලා.. කතා කරලා හැම විස්තරයක්ම එයාලට කිව්වා.. මං දැක්කා හැම කෙනෙක්ගෙම ඇස් රතු වෙලා තියෙනවා.. කවදාවත් කෙල්ලෙක් වෙනුවෙන් කඳුළක් බිමට නොහෙලපු ඩිල්ෂාන්ගෙ ඇස් හොඳටම රතුවෙලා.. ඒත් ඩිල්ෂාන් හිටියෙ බිම බලාගෙන.. මං දන්නවා ඩිල්ෂාන්ට ඒ අක්කගෙ මූණ දිහා කෙලින් බලන්න බැරි බව.. එයා හිටියෙ කලකිරීමෙන් වගේ.. මම ඩිල්ෂාන් නම් මටත් වෙන්නෙ ඔය ටිකම තමා.. උදේශ්ගෙ නම් කම්මුල දිගේ කඳුළු බේරෙනවා මං දැක්කා.. ඔය අතරෙදි තමයි කවුදෝ මිනිස්සු දෙන්නෙක් අපි ඉස්සරහට ආවෙ.