෴පංච මහා පුරුෂ යෝග෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴පංච මහා පුරුෂ යෝග෴

    විවාහය සම්භන්ධව දිහින් දිගටම කථා කල බැවින් වෙනසකටත් එක්ක අද පංච මහා පුරුෂ යෝග ගැන කථා කරමු. නම කියු වහාම එන අදහස මෙන්ම මේවා සුභ යෝග ගනයට වැටෙයි...
    කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ යන නම් වලින් හඳුන් වයි. ජීවිතයේ බොහෝ සාර්ථක මිනිසුන්ට මෙම පංච මහා පුරුෂ යෝග වලින් එකක් හෝ වැඩි ප්‍රමානයක් යෙදී තිබෙන බව පෙනෙන්නට ඇත.(මෙයින් අදහස් වන්නේ මහා පුරුෂ යෝග හඳහනේ නැති අය අසාර්ථක බව නොවේ)





    ග්‍රහයා ............ස්වක්‍ෂෙත්‍ර වන රාශීන්...............උච්ච වන රාශිය

    1) කුජ................. මේෂ,වෘශ්චික...........................මකර
    2) බුධ.........................මිථුන............................කන්‍යා
    3) ගුරු........................ධනු,මීන.........................කටක
    4) ශුක්‍ර........................වෘෂභ,තුලා..........................මීන
    5) ශනි.......................මකර,කුම්භ.........................තුලා

    රුචක යෝගය
    යෙදෙන ආකාරය
    අඟහරු ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමෙන් යෙදේ.

    පල විපාක
    ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය..හමුදා පොලිසි වැනි ආරක්‍ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු අංශවල සෙවය කරන්නට ඉතා සුභ යෝගයකි
    නමුත් 4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා ශුභ පල අඩු වන්නේ විවාහ බාධකයක් ලෙස බලපෑම් කරන බැවිනි...මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට වඩා අනෙක් ලග්න හිමියන්ට ප්‍රථිපල දේ.

    භද්‍ර යෝගය
    යෙදෙන ආකරය
    සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම.

    පල විපාක
    උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.තනිවම නැගීසිටීමට කැමතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්‍ෂය.ආයුෂ බලැතිය. භද්‍ර යෝගය පිහිටි අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.භාෂා සාස්ත්‍ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්‍ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට ඉතා බලවත්ව පිහිටයි.

    ගුරු හංස (හංස) යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම.

    පලවිපාක
    කඩවසම් පෙනුමය.ගාම්භීර (ගොරහැඩි නොවේ) කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්‍ෂණ නුවණය.පරාර්ථකාමීය. ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.

    මාලවී යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.

    පලවිපාක
    රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ. කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වේ.

    ශශ යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම.

    පල විපාක
    සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්‍යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි. දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.



    http://tharaka-eli.blogspot.com/2014/02/blog-post.html
     
    Last edited:

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    පුලුවන්නම් කාල සර්ප යෝගය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද එකෙන් තියන බලපැම් මොනවාද කියලා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පුලුවන්නම් කාල සර්ප යෝගය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද එකෙන් තියන බලපැම් මොනවාද කියලා

    කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා මේ තියන්නේ මගේ බ්ලොග් එකේ ඒ පිලිඹඳ දාපු ලිපිය.

    http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_16.html
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    yoga thibuna paliyatama anivaryenma oya kiyana deval labenawada nadda?

    thanks.

    යෝගයක් තිබුන පලියටම හොඳ හෝ නරක 100% ලබේන්නේ නෑ. සමහර ග්‍රහපිහිටීම් වලින් ‍ඒ සුභ අහුභ යෝග වල පල අඩු කරන්නත් වැඩි කරන්නත් පුලුවන්. නමුත් කොච්චර දුර්වල වුනත් එම ග්‍රහයගේ දසා, අන්තර් දසා, විදසා කාලවලදී කොහොමහරි හොඳ හෝ නරක යෝගවල පල දෙනවා..:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔවා බලන්න තෙරෙන්නෙ නැ බන්:(:dull:

    ජයවේවා
    11.gif
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Mewa boru kiyala hithenawa.mage yaluwek innawa uge lagne mesha kuja 10 uchbhai.uta gym eke anit un ussana baren bagayakwat uta be .pana ne.kisima editara kamak ne uge kanata gehuwat paduwe one ekak ahan innawa.oya kiyapu serama kanapita.
    Mage cousin kenek innawa mithuna lagne buda 1e.iganima kadakappal.bayai kalabalai.buddimat ne.moda patai.asaranai wage anukampawa one ekat kanapita

    hemoma kiyanawa senasuru a rashtake awama iwaretama iwarai gala.indiawe ms dhoni senasuru lagna janma a rastake ekatama labapu kenek.lagne sandu.labapu gamanma india captain una.
    2 2007 t20 worldcup eka dinna.
    3 2009 australiawata passe test walin no 1 genawa.
    4 ipl wala wedima illuma saha loke adatat danawatma player awrudu ganak.popular plyer kenek wuna eka
    5 2011 world cup final eka uma bat karala gehuwa
    6 giya awrudde icc champions trophy ekat dinna
    7u bendet a rashtake.e kale badinna hoda nelu
    u serama kale a rashtaka 2k eka para lebapu wele.thama u a rashtake den antima kale.hemadema lebune e kale.adu game injury ekak bola parakwat munata wedila thuwala wela ne. .kohomada u berune
    kendara karayo kiyanne a rashtaka 2k ohoma lebuwot pawlat winara wela parata wetila nomara merenawa kiyala.etakota doni borukarayekda.
    Astrology kiyala minissunge olu kanawa manasikawa wattawanawa hodata inna unwa.astrology walata wada actionology 1000%niwaradi.ekek ekak kiyai anit eka tawa ekak kiyai.paraspara.ahana eka mol wei.weladamak wage.hitiyatat wada oluwa kachal.astrology hari ati.eth eka wikunan kana bageta ugat dema market karala minissunwa kala.eta wada hoda de apala tiyena ekage oluwa noka uwa tawa wattawanne netiwa uta hoda thenakata yanna hari widiyak hodata terum karala kiyala sathutin yewwanam.eth wenne mama aruta wada dannawa gala ena minihawa terum nogena uwa tawa mol karala.dewala gane yanna.gal sura daganna kiyala oluwa kana eka.mekata pehedili uththarayak denna puluwannam .helluwata lak kirimak nowa mama ath widapu dekapu aththa.ai ehema wenne wune?
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔවා බලන්න තෙරෙන්නෙ නැ බන්:(:dull:

    ජයවේවා
    11.gif

    ඇයි හරි සරලයිනේ. ලග්නයේ ඉඳලා රාශි පිලිවෙලින් බලන් යනකොට 14710 තැනක ඔය කියලාතියන ග්‍රහයෙක් ඉන්නවනම් හා අර වගුවේ තියන රාශියක් නම් මේක අඳුනගන්න පුලුවන්. ගැටලුවක් තියන ඕනම වෙලාවක මාව සම්බන්ධ කරගන්න
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mewa boru kiyala hithenawa.mage yaluwek innawa uge lagne mesha kuja 10 uchbhai.uta gym eke anit un ussana baren bagayai .pana ne.kisima editara kamak ne uge kanata gehuwat paduwe one ekak ahan innawa.oya kiyapu serama kanapita.
    Mage cousin kenek innawa mithuna lagne buda 1e.iganima kadakappal.bayai kalabalai.buddimat ne.asaranai wage anukampawa one ekat kanapita

    hemoma kiyanawa senasuru a rashtake awama iwaretama iwarai gala.indiawe ms dhoni senasuru lagna janma a rastake ekatama labapu kenek.lagne sandu.labapu gamanma india captain una.
    2 2007 t20 worldcup eka dinna.
    3 2009 australiawata passe test walin no 1 genawa.
    4 ipl wala wedima illuma saha loke adatat danawatma player awrudu ganak.popular plyer kenek wuna eka
    5 2011 world cup final eka uma bat karala gehuwa
    6 giya awrudde icc champions trophy ekat dinna
    u bendet a rashtake.e kale badinna hoda nelu
    u serama kale a rashtaka 2k eka para lebapu wele.kendara karayo kiyanne a rashtaka 2k ohoma lebuwot pawlat winara wela parata wetila nomara merenawa kiyala.etakota doni borukarayekda.
    Astrology kiyala minissunge olu kanawa manasikawa wattawanawa hodata inna unwa.astrology walata wada actionology 1000%niwaradi.ekek ekak kiyai anit eka tawa ekak kiyai.paraspara.ahana eka mol wei.weladamak wage.hitiyatat wada oluwa kachal.astrology hari ati.eth eka wikunan kana bageta ugat dema market karala minissunwa kala.eta wada hoda de apala tiyena ekage oluwa noka uwa tawa wattawanne netiwa uta hoda thenakata yanna hari widiyak hodata terum karala kiyala sathutin yewwanam.eth wenne mama aruta wada dannawa gala ena minihawa terum nogena uwa tawa mol karala.dewala gane yanna.gal sura daganna kiyala oluwa kana eka.mekata pehedili uththarayak denna puluwannam .helluwata lak kirimak nowa mama ath widapu dekapu aththa.ai ehema wenne wune?

    එක යෝගයකින් මනුස්සයෙක්ගේ ගැන තීරන ගන්න බැහැ. ගතිගුන ගැන වඩා බලපාන්නේ ලග්න රාශිය. අනික සෙනසුරු ඒරාෂ්ඨකේ නරක් වුනොත් නරකයි වගේ තමයි හොඳට හිටියොත් සියලු සැප දෙනවා. විශය ගැන නියම අවබෝධයක් නැතුව පලාපල කියන්න බැරි ඒකයි.