🪐🎓💁‍♀️✈️ අදහස් මුදුන්පමුණන භද්‍රා යෝගය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කේන්ද්‍රයක බුධ ග්‍රහයා උච්ච වී හෝ ස්වක්ෂේත්‍ර වී 1, 4, 7 හෝ 10 වැන්නේ තැන්පත් වීම භද්‍රා යෝගය වේ.
    buda.JPG

    පංච මහා පුරුෂ යෝග වලින් එකක් වන භද්‍රා යෝගය මිථුන, කන්‍යා, ධනු සහ මීන ලග්න හිමියන්ට පමණක් යෙදෙයි. උසස් සහජ බුද්ධිය දායාද කොටගෙන ඉපදී ඇති භද්‍රා යෝගියෝ බොහෝ විට උගත් කමින් කීර්තියට පත්වෙති. බාධක අභිබවා ඉගෙනීමෙන් ජය ලබති. ශාස්ත්‍රීය කටයුතු වලින් ධනය ද ප්‍රසිද්ධිය ද උපයාගනිති. රාජ්‍ය පාලනයේ දී උපදේශන සේවාවේ නිරත වෙති. ක්ෂේත්‍රය කවරක් වුව ද එහි පරතෙරට පත්වෙති. රාහු ද 4, 9 හෝ 11 වැනි තැනක නම් බොහෝවිට විදෙස් ගත උසස් අධ්‍යාපනය ලබා අවසන් කාලයේ මහා ධනවන්තයෝ වෙති.
    බුධ ගේ මහදශා කාලයේදී සියළු අදහස් සඵල භාවයට පැමිණවීමේ උත්තම බලයක් මේ යෝගය ට ඇති බව අත්දැක තිබේ.
     
    • Love
    Reactions: Nidarshana_k