෴පොල් ශාස්ත්‍රය෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴පොල් ශාස්ත්‍රය෴

    මේක ගුප්ත විද්‍යාව ගැන තෙඩ් එකක්.. ඉතින් ඒ ගැන ඉගෙන ගන්න ආසා අය එන්න.. අනිත් අයට කාලය අපතේ යෑමක් විය හැකියි..

    දේවාලයකට ගොස් පොල් ගසන්නේ කෙනෙක්ට විනාශයක් ගෙන දීමට අවශ්‍ය වූ විටක බව බොහෝ දෙනා සිතා සිටින කාරනයකි. නමුත් වින කිරිමට අමතරව තවත් බොහෝ දේ සඳහාද විශේෂයෙන් සුභ කටයුතු සඳහාද පොල් ගසන අතර පොල්ගැසීමට දේවාලයකට යෑමද අත්‍යාවශ්‍ය නැත. තම නිවසේ වුවද පොල් ගැසිය හැකි අතර එසේ කරන්නේ නම් එම නිවස අසල ඉතා පිරිසිඳු තැනක මල්බුලත් තටුවක් සදා කිල්ලෙන් ආරක්ෂාකර එය සිදු කල යුතුය.

    පොල් ගෙඩියක් ගහන නියම ආකාරය නම් ගහෙන් අතට කඩවගත්ත පොල් ගෙඩියක් මුඩ්ඩ පමනක් ඉතිරිවෙන ලෙස හොඳින් සුද්ද කර, තමාද හොඳින් නා පිරිසිඳු වී, පොල්ගෙඩිය කහ වතුරින් සෝදා දේවාලයේ හෝ මල් බුලත් තටුවක තබා පොල්ගසන්නේ කුමන දෙවි කෙනෙක් වෙනුවෙන්ද අන්න ඒ දෙවියන්ට අදාල මල් හා අනෙක් පූජාවන් නොපිරිහෙලා තබා ස්ත්‍රෝත්‍ර, ගාථා, මන්ත්‍ර, කවච ආදිය කියා අදාල කන්නලව්ව කර කපුරු පෙති තුනක් පොල් ගෙඩිය මත පත්තු කර තම ප්‍රාර්ථනාව දැඩිලෙස සිතා ගෙන පොල් ගෙඩිය ගැසීමයි. මෙහිදී තමා කිල්ලෙන් ඈත්වී සිටිය යුතු අතර, මස්මාංශ වලින්ද ඉවත්වී පේ වී සිටීමට හැකිනම් ඉතා අගනේය.

    මෙසේ නිසි වත්පිලිවෙත් පුරා පොල් ගැසීමෙන් තමාගේ කාරිය සාර්ථක වීමට ඇති ඉඩකට ඉතාමත් ඉහල මට්ටමක පවතින අතර. අද කාලයේ මේ සියලු පිලිවෙත් පිරීම අපහසු බව පෙනෙන්නට තිබේ. මේ නිසා හැකි තරම් පිලිවෙත් පිරීම වටිනා බව සිහි කිරීමට කැමැත්තෙමි.

    මීට අමතරව තමන් කරන කටයුතුවල සාර්ථක අසාර්ථක තාව දැන ගැනීමටද පොල් ගසන ක්‍රමයක් ඇත. මෙහිදී කල යුත්තේ පෙර සඳහන් කල පරිදි පොල්ගෙඩියක් සකස් කර දේවාලයක හෝ නිවසේ සකස් කරගත් ස්ථානයේ ( මෙහිදී දේවාලයක මෙය සිදු කිරීම මා අනුමත කරන්නේ නිවෙස් වලට මස්මාංශ ආදිය ගෙනෙන නිසාය) කවි, ගාථා, ස්ත්‍රෝත්‍ර, කවච, කන්නලව්ව කියා කපුරු පත්තු කර තමන්ට දැනගැනීමට අවශ්‍ය දේ කියා තමන්ට මග පෙන්වන ලෙස කියා පොල් ගෙඩිය ගසන්න. පොල් ගෙඩිය බිඳී යන ආකාරය අනුව වැඩ්ය සාර්ථක අසාර්ථක වීම ඔබට තේරුම් ගත හැකි වෙනු ඇත. ඒ පහත පරිදිය.
    TSR%2BWatermark%2B-%2B0006.jpg

    TSR%2BWatermark%2B-%2B0007.jpg



    ඉතින් මෙය උත්සහ කර බලා අපල සපල තාවය කෙබඳුදැයි අපටත් දැනුම් දෙන්න.(MS ද MR ද කියල බලන්න පුලුවන් ඕනෙනම් :lol:)

    පරන ලිපි කියවන්න මෙන්න බ්ලොග් එක
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් වටිනව සහෝ. කලින් අහලා තිබුනේ දෙකට පැලුනොත් හොදයි. පොඩි පොඩි කෑලි ගියොත් හොදනෑ කියල විතරයි.
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩක් වටිනව සහෝ. කලින් අහලා තිබුනේ දෙකට පැලුනොත් හොදයි. පොඩි පොඩි කෑලි ගියොත් හොදනෑ කියල විතරයි.
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    එල සහො.. ට්‍රයි එකක් දිලා බලන්න වැඩේට..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරිම විදිය කියන්නේ ගහෙන් අතට කදාගත්තු පොල් ගෙඩියක් ගන්න එකද......

    ඔව් එහෙම තමයි හරියටම ගහනවනම් ගන්න ඕන..

    අතේ තියාගෙන ඉන්නකොටම පුපුරයි නම් කියලා කිව්වේ එක කොහොමද වෙන්නේ අයියේ.....?

    එහෙම වෙනවා.. කපුරු වල රස්නෙටද දන්නේ නෑ.. නමුත් එහෙම වෙනවා මම දැකලා තියනවා කතරගමදි එකම එක වතාවක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මාමේ..... වටිනා ලිපියක්..... :D පොල් ගෙඩිය බිදුනේ නැත්නම් මොකද වෙන්නේ මාමේ......?? :rolleyes::

    අඩේ උඹ නැකැත් රාලට මාමි කියනවා :shocked::shocked::shocked::shocked:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල එල මාමේ..... වටිනා ලිපියක්..... :D පොල් ගෙඩිය බිදුනේ නැත්නම් මොකද වෙන්නේ මාමේ......?? :rolleyes::

    පොල්ගෙඩිය නොබිඳුනත් අනිවා පුපුරනවා මචන්.. එහෙම නොවෙන්නේ කලාතුරකින් එහෙම වුනොත් ආයෙ ගහන්න ඕන..:nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17433338 said:
    බඩා මාමි මම නැකත් මාමි කියනවා මම එයාට බඩා මාමි කියනවා... :ලොල්:

    :lol: බඩා මාමි, නැකැත් මාමි, කිඹුල් මාමි :shocked: එලකිරියේ මාමිලා තුංකට්ටුව:P
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මම නම් දවසක් පොල් ගෙඩියක් සල්ලි දීලා ගන්නකොටම අතේම කෑලි 7 කට පැලුනා... :sorry: එකෙන් මොකද්ද කියවෙන්නේ? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :lol: බඩා මාමි, නැකැත් මාමි, කිඹුල් මාමි :shocked: එලකිරියේ මාමිලා තුංකට්ටුව:P

    :frown: දන්න තරම තමා.... මිනි මාමි... කිංග් මාමි.... තරි මාමි....... විකි මාමි..... සංජි මාමි......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17433331 said:
    පොල්ගෙඩිය නොබිඳුනත් අනිවා පුපුරනවා මචන්.. එහෙම නොවෙන්නේ කලාතුරකින් එහෙම වුනොත් ආයෙ ගහන්න ඕන..:nerd:

    :shocked: මම හිතුවේ ගහපු මුල් පාරෙන්ම පොලේ බිදුනේ නැත්නම් අවුල් කියලා...... එතකොට ආයේ ඒකම අරන් ගැහුවට අවුලක් නැද්ද....??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක නෙමේ පොල් ගහන හරි කරමෙ ඉගෙන ගනින් :frown:
    තරහ කාරයෙකට පොල් ගහනව නම්,පොල් ගෙඩිය හොදට අල්ලල,උගෙ ඔලුවෙ යට පැත්තට බෙල්ල සෙට් වෙන තැනට ගහපන්, පිටි පස්සෙන් ගිහින්, ආයෙ දෙකක් නැ තරහකාරය පොලේ බලෙන් සුන්.:yes::yes: