෴රිදුනාද මගේ අම්මේ෴
අන්තගාමී විවේචන භාරගනු නොලැබේ
අන්තගාමී විවේචන භාරගනු නොලැබේ
දසමාසයක් දුක් විද මා කුස ඇතුලේ
සගවා සවිය දුන් හැටි මම දස මසේ
වැදුවා ලෙයින් මා ඉකිබිද ඔබ අදුරේ
රිදුනා කියා දන්නවා මම සුදු අම්මේ.....
පලලා කුසයි මා දගලන විට බයට
දුටුවා ඇස් දිගේ ගලනා කදුළු කැට
සිතුවා බදා සනසන්නට අම්මාව
ලේ කැටි පුතුට දුක හිතුනා ඔබෙ දුකට......
වැදුම් ගෙයක බිත්ති හතර ගොළු වීලා
ඔබේ හීන් කෙදිරිය එහි රැව් දීලා
දෙපසට කරන් පා යුගලට බර දීලා
මා බිහි කළේ අම්මේ ඔබ කදුළු හලා.......
සතුටට හඩපු උණු කදුලැලි වලින් මගේ
රුදිරය සේදුනා අම්මේ කදුළු දිගේ
දෑස විවර කර බලනා විටදී අනේ
ඔබ සමු අරන් මෙ තනිකර මේ ලෝකේ.....
ඉකිගා අඩපු මම ඔබෙ කුස ලග දගලා
දුටුවේ නැතත් දෑතම මා සිප දරලා
දැනුනා උණුසුමෙන් රත් වෙන ඔබේ දෙපා
සමා වෙන්න අම්මේ මට රිදුනු නිසා......
ඉස්සුවේ බුකියෙන්
සගවා සවිය දුන් හැටි මම දස මසේ
වැදුවා ලෙයින් මා ඉකිබිද ඔබ අදුරේ
රිදුනා කියා දන්නවා මම සුදු අම්මේ.....
පලලා කුසයි මා දගලන විට බයට
දුටුවා ඇස් දිගේ ගලනා කදුළු කැට
සිතුවා බදා සනසන්නට අම්මාව
ලේ කැටි පුතුට දුක හිතුනා ඔබෙ දුකට......
වැදුම් ගෙයක බිත්ති හතර ගොළු වීලා
ඔබේ හීන් කෙදිරිය එහි රැව් දීලා
දෙපසට කරන් පා යුගලට බර දීලා
මා බිහි කළේ අම්මේ ඔබ කදුළු හලා.......
සතුටට හඩපු උණු කදුලැලි වලින් මගේ
රුදිරය සේදුනා අම්මේ කදුළු දිගේ
දෑස විවර කර බලනා විටදී අනේ
ඔබ සමු අරන් මෙ තනිකර මේ ලෝකේ.....
ඉකිගා අඩපු මම ඔබෙ කුස ලග දගලා
දුටුවේ නැතත් දෑතම මා සිප දරලා
දැනුනා උණුසුමෙන් රත් වෙන ඔබේ දෙපා
සමා වෙන්න අම්මේ මට රිදුනු නිසා......
ඉස්සුවේ බුකියෙන්
Last edited:



