෴ශනි ඒරාෂ්ඨකය 1෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිස්සුද කිබුලො මට මොලේ අමාරුවක් නැ ඔය එක එකාව හොයාගෙන යන්ඩ මම ඔක කියුවෙ විහිලුවට, :P:P

    ඔයා හිතුවද මමත් අරුන වලතර බලන්ඩ ගියා වගේ කර ගනී කියල. ඔය නැකතට විහිලුවක් වත් තේරෙන් නැ, :confused::confused:

    අනික නැකතත් එක්ක මොන මතවාදයක්ද, ඌට විරුද්දව මොකක් හරි දැම්ම ගමන් අඩාගෙන ගිහින් gt අයියට කියනව ලොල් ,සිගිත්තොත් එක්ක මොන මත වාදද කිබුලො.:D:rofl:

    umbe ban eka lift wenne kawadda?
    eda wenakan piksu kelinne netuwa hitu pol amudaya.......
    dan me AC eka haduwe mona reddatada umba?
    gon weda karanna epa yako:angry:

    එරෝසාන් මම උඹට වඩා හොදට විහිලු දන්නවා.. උඹ මෙතන දාන දාන ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් යවන්න හැදුවේ විහිලුවට වෙන්න ඇති. ගියපාර සිරිපාලය එක්ක මම මෝඩයා වගේ පැටලුනා. උඹත් ආවේ ඒ ලයින් එකේ. අඬුව තියෙද්දි අතපුච්චගන්නේ මෝඩයෝ. උඹලා ඔය කරන වැඩ නිසා කිරියේ ඕවාට පුරුදු නැති මෙම්බර්ස්ලා කොච්චර තිත්ත වෙලා ගියාද? උඹට කෙල වුන නිසා දැන් අරක පිටින් දාලා විහිලු කියනවා නමුත් උඹ මගේ ත්‍රෙඩ් වලයි අනිත් ත්‍රෙඩ් වලයි අර බෑන් වෙච්චි ෆේක් අනාතයෝ ටික එකතුකරන් හැදුවේ මට මඩගහන්න. එතන විහිලු තිබ්බේ නෑ එරෝසාන්.

    කිඹුලෝ උඹ කියපන් මූ කරපු දේ උඹට විහිලුවක් කියලා තේරුනාද නැද්ද කියලා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17242486 said:
    කිඹුලෝ උඹ කියපන් මූ කරපු දේ උඹට විහිලුවක් කියලා තේරුනාද නැද්ද කියලා..
    හැම ත්‍රෙඩ් එකටම බැල්ලි වගේ බුරාගෙන එන කොට හිරිකිතයි.....:dull:
    උගේ අභිප්‍රාය නම් මම දන්නේ නෑ..නමුත් හැම ත්‍රෙඩ් එකේම අරහෙම ඌරෙක් වගේ ආගිරි ගාන කොට වමනේ යන්න එනව මට නම්.......
    ඕනම දේක සීමාවක් තියෙන්න ඕන...:dull::dull::dull::dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොන බොඩ්ද බන් සිගිති පොරක්, විහිලුවක් තේරුම් ගන්ඩ බැරුව,gt අයිය ලග නහයෙන් අඩන.මම මතුවක් කාලයක් දැක්කෙ නැ මෙහෙම සෙවලයෙක් නම්.:rofl::rofl::rofl:

    දැන් මේව කියල මාව පර්මනට් බෑන් කරයිද මන්ද, මේ මාගේ අවසානයි මින් මතු erozan නැත.

    මං හිතන්නෙ සති 2කින් අන්බෑන් කරයි
     

    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    Rale rale mata ayeth loku pashnayak. Mage kendare 11 kotuwe sena sura innawa. Awagema thamai kellage aketh 11 kotuwe senasura innawa, mehema inna kota sena surage balaya wadi wenawada? Nattan adu wenawada? Baninna nam apa hode
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Rale rale mata ayeth loku pashnayak. Mage kendare 11 kotuwe sena sura innawa. Awagema thamai kellage aketh 11 kotuwe senasura innawa, mehema inna kota sena surage balaya wadi wenawada? Nattan adu wenawada? Baninna nam apa hode

    එහෙම හිටියා කියලා බලය වැඩි අඩුවක් වෙන්නේ නෑ බන්.. සෙනසුරා ඉන්නේ මොන රාශියේද මොන රාශි දෙකද එයාට අයිට්‍ර්හි කියන එක මතයි එයාගේ බලය තීරනය වෙන්නේ
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    නැකැත් රාල;17242363 said:
    ඒ කෙනා ගොඳයි කිව්ව හේතුව නම් ඇයි දන්නේ නෑ. ඔයා මොකක්හරි ජම්ම ඒරාෂ්ඨකයක වත් හිටියද දන්නේ නෑ නොවැම්බර් දෙකෙන් පස්සේ ඒක ඉවර වෙනවා ඇති..

    janama erashtaka thamai eka..iwara weddi mnawage wensak sidda weida ?:yes::yes:
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඉතාම වැදගත් ලිපියක් සහෝ. බොහොම ස්තුතියි බෙදා ගැනීම පිලිබදව.

    මේ එරෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කෙටියෙන් කියන්නම්. මගේ ලග්නේ සිංහ. මට ඔය එරෂ්ටක අපල කාලය ලැබුවේ 2004/2005 වගේ කාලේදී. ඔන්න ඔය කාලේදී තමා ජීවිතේ පුදුමාකාර කඩා වැටීමකට ලක් වූනේ. ජීවිතේ බොහෝ දේවල් අහිමි වෙද්දී තව පැත්තකින් අධ්‍යාත්මික පැත්තෙන් ජීවිතේ වර්දනයක් ඇති උනේ මේ යුගයේදී තමා. ඉස්සර බෞධ්යෙක් උනත් වැස්සකටවත් පන්සලකට ගිය නැති මාව ආගම දහමට යොමු කලේ මේ යුගයේදී. මහා උද්දච්ච ගති තිබුණු මාව පොලවේ පයගහල ජීවත් වෙන්ඩ ඉගැන්නුවේ මේ යුගයේදී. ජ්‍යෝතිෂ්‍ය සත පහකට විශ්වාස නොකරපු මම අල්මාරිය අස්සේ ගහල තිබුන කේන්දරෙත් අරගන රට වටේම ජොතිශ්‍යවේදියෝ පස්සේ ගියේ ඔය කාලේදී තමා.

    අවුරුදු දහයක් තිස්සේ මගේ හෙවණැල්ල වගේ මට පීඩා කරපු යුගයෙන් තව නොබෝ දිනකින් මම නිදහස් වෙනවා. ජන්ම, ලග්න එරෂ්ටක දෙකක් එකවිට මම පහු කළා. නැකත් රාල සහෝ වගේ ජෝතිෂ්‍ය දන්න අයට හිතා ගන්න පුළුවන්නේ තත්වේ කොහොම තියෙන්ඩ ඇත්ද කියල. මගේ ජීවිතෙන් උදුර ගත්තු බොහෝ දේවල් මට දැන් ආපසු ලැබෙමින් පවතිනවා. මම මුහුණ දීපු ප්‍රශ්න මාව ජීවිතේ ඕනෑම තත්වයකට මුහුන දෙන්ඩ පුළුවන් ශක්තිමත් මනසක් ඇති පුද්ගලයෙක් කලා.

    ඔය ඒරාෂ්ටකය සරලව හදුන්වනවානම්, ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මනුෂ්‍යයෙක්ට ඉගනගන්න ලැබෙන කාලයක්.

    මට නැකත් රාල සහෝගෙන් එක කාරණයක් දැන ගන්න ඕන, සදුගේ නැකතක උපන් අයකුට බලපෑම වැඩිද? සිංහ, කටක ලග්න වලට වැඩිපුර බලපෑම් කරනවා නේද?
    dan kohomada machan
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    හැමදාම වගේ කියන්න ඕන මේ හුය ජ්‍යොතිෂයේ සිද්ධාන්ත ගැන ඉගැන්වෙන්නක්.. ඒ නිසා ජ්‍යොතිෂ ඉගෙන ගන්න අය හා ඒ ගැන උනන්දු අය විතරක් එන්න. අනිත් අය කාලේ නාස්ති කරගන්න එපා.

    "ඔයාට සෙනසුරු ඒරාෂ්ඨකය ලබලා" කියුව ගමන්ම ගොඩක් දෙනාගේ හිතට යම් චකිතයක් ඇති කරන බව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක නිසාම ජ්‍යොතිෂය කියන විශය විකුනන් කන ගොඩ දෙනෙක් මේක තුරුම්පුවක් කරගෙන ඉන්නවා. ඇත්තටම සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ ජීවිතයම ඉවරද? ගොඩක් දෙනා විශය ගැන නිවැරදි අවබෝධයක් නතුව කනින් කොනින් අහපු දෙයක් නිසා හිතන්නේ සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ මාරක අපලයක් ආවා කියලා නමුත් ඒක හැම වෙලේම එහෙම වෙන්නේ නෑ.

    ශනි ඒරාෂ්ඨකය ගැන කියන්න කලින් සෙනසුරු ගැන කියන්න ඕන. සෙනසුරු නෛසර්ගික වශයෙන් පාපයෙක් සෙනසුරුගේ ලක්ෂනයම අපල උපද්‍රව කිරීමම තමයි නමුත් නිකන් හරි සෙනසුරු යහපත් ලෙස පිහිටියොත් ලෞකික සැප දෙන්න සෙනසුරු තරම් ග්‍රහයෙක් තවත් නෑ. ගිලිමලෙත් ඇත දත සුද්දෝ කියලා කිව්වා වගේ තරමක් විරල වුනත් සෙනසුරු නිසා කෝටිපතියන් වූ මිනිස්සු ජනාධිපති වරුන් වූ මිනිස්සු පවා ඉන්නවා.. ඒ නිසා සෙනසුරා යනු 100%ම නරකයෙක්මයි කියා නිගමනය කිරීම වරදක්.

    දැන් අපි බලමු ඒරාෂ්ඨකය කියන්නේ මොකක්ද කියලා. ජ්‍යොතිෂය කියන විශය මිනිසා වෙනුවෙන් නිර්මානය වූවක් ඒ නිසා ගනනය කිරීම් සියල්ලම පෘථිවිය කේන්ද්‍ර ගත කරගෙන තමයි කරන්නේ (අන්න ඒ නිසයි ග්‍රහයන් වක්‍ර වෙනවා නිර්වෘත වෙනවා කියලා සිද්ධාන්තයක් ජ්‍යොතිෂයේ තිබෙන්නේ) ඒ අනුව අපි දන්නවා ග්‍රහයන් රාශි චක්‍රයේ එක් රාශියකින් තවත් රාශියකට යම් යම් කාල පරාසයන් තුල ගමන් කරනවා. උදාහරනයකට සූර්‍යයා මාස 12ක් තුල රාශි 12 හරහා ගමන් කරනවා ඒ කියන්නේ එක රාශියක් පහු කරන්න මාසයකට ආසන්න කාලයක් ගන්නවා. ඒ වගේ සෙනසුරුට රාශි චක්‍රයේ වටයක් යන්න වසර තිහක කාලයක් යනවා ඒ කියන්නේ ආසන්න වශයෙන් වසර 2 ½ ක් යනවා එක රාශියක ඉඳලා අනිකට යන්න. මෙන්න මේ ආකාරයෙන් ගමන් කරනකොට යම් ජන්ම පත්‍රයක ලග්නයේ දෙවැන්නේ හා දොලොස්වන්නේ චන්ද්‍රයා ගමන් කරනවනම් ඔහුට හෝ ඇයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා.

    මේක උදාහරනයකින් පහදන්නම් කෝ

    QYf5Vsp.jpg


    ඉහත දක්වලා තියන සටහනට අනුව සෙනසුරු ග්‍රහයගෙන් සලකුනු කරලා තියන කොටස තුල ශනි ග්‍රහයා ගෝචර ගමනේ යෙදිලා ඉන්නවනම් ඒ කියන්නේ ඒ අයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා. මේ කියන්නේ ඔබේ ජන්ම පත්‍රයේ ශනි ඉන්න එක නෙමෙයි එදින් එදා ග්‍රහයන්ගේ සිදුවන ගමන ගැනයි. උදාහරනයකට මේ දවස් වල ශනි ඉන්නේ තුලා රාශියේ. මේ වසරේ නොවැම්බැ දෙවෙනිදා ශනි වෘෂ්චික රාශියට මාරු වෙනව. ඔබේ ජන්ම පත්‍රයේ තියන්නේ ඔබඉපදෙන වෙලාවේ ශනි හිටපු තැන.
    මේ අනුව කාට හරි සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබපුවම අවුරුදු 7 ½ ඒ ඒරාෂ්ඨකය පවතිනවා.
    දැන් ප්‍රශ්නයක් එනවා මෙතන රාශි දොලහෙන් තුනක්ම සලකුනු කරලා තියනවා ඒ කියන්නේ මේ රටේ සමස්ථ ජනගහනයෙන් ¼ ක්ම ශනි ඒරාශ්ඨකේට අහුවෙලා දැන් ඒ හැමෝම දුක්විදිනවද? පිලිතුර ඔව් සහ නෑ ඒරාෂ්ඨකය ලබපු එක හරි නමුත් අනිත් එක වැරදියි මොකද ශනි ඒරාෂ්ඨකය ගැන මම කලින් කියපු විස්තරේ සඳහන් කලා ඒරාෂ්ඨකය හැමෝටම නරක නෑ. යම් හෙයකින් ශනි තමාගේ උච්ච රාශිය වන තුලාවේ ඉන්නවනම් හා තමාගේම රාශි දෙක වන මකර හා කුම්භ කියන රාශි දෙකේ ඉන්නවනම් නැත්තන් ශනි බලවත් ගුරු සමග ගෝචර ගමනේදි සංයෝග වෙනවනම් අසුභ පල සුභ පල බවට පත්වෙනවා.

    ඒත් ප්‍රශ්නෙට උත්තරය සම්පූර්න නෑ නේද? ඒකත් පොදුවේ වෙන දෙයක්නේ ඒ කියන්නේ ලෝකේ හතරෙන් එකකට ඒ සමාන ප්‍රතිපලයම ලැබෙනවද? පිලිතුර නෑ. තමන්ගේ උප්පත්ති හඳහනේ ශනි බලවත් නම් ඒ අයට අසුභ පල දෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමන් ගත කරන දසාව අනුවත් පලාපල ගොඩක් වෙනස් වෙනවා. උදාහරනයකට ශනි ඒරාෂ්ඨකේ ලබලා තියනකොට සඳුගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් යනවනම් අපල තත්වය කීප ගුනයකින් වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ යෝගකාරකයගේ දසාවක් යනවනම් අපලය ඒ තරම් දරුනු නොවි වැඩි අමාරුවක් නැතුව ඉවර වෙනවා. මේ වෙනස් කම් සිදුවෙන ක්‍රම කීපයක් විතරයි. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති ඒරාෂ්ඨකය එකවර ලග්න තුනක අයට බලපෑවට ඒක කිසිම විටක සමස්ථයටම එක වගේ බල නොපාන්නේ ඇයි කියලා.. අද කිව්වේ ලග්න ඒරාශ්ඨකය ගැන විතරයි. තව ඒරාෂ්ඨක තුනක් තියනවා කියන්න... ඒක මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න..


    වෙලාවක් තියනවනම් බ්ලොග් එකටත් ගොඩවෙන්න
    මගෙ ශනි තුලාවෙ මට
    ප්රෙමදාස ජනපති ට ශශ පංච පුරුෂ මහා යෝගය තියෙනවා