"මටත් ඩිංගක් කතා කරන්න දෙන්න.. ඔයා විතරක් ඔහොම කියවලා තේරුමක් නෑ නෙත්මි.."
මහා සද්දෙට කියවගෙන යන මේ කෙල්ලගෙ කටේ සද්දෙ නවත්තන්න මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා මට මතක් උනේ හුගක් වෙලා ගියාට පස්සෙ.. ඒත් එතකොට පෙරහැර ගිහිල්ලා තිබුණා.. හදන්න බැරි තරමට හුගාක් දේ ඈතට ගිහිල්ලා තිබුණා.. මෙච්චර කාලයක් මගේ ජීවිතේ තිබුණෙ ඕනම දෙයක් කරලා සතුටු වෙන්න පුළුවන් අවස්ථා විතරයි.. කරන ඕනම දේක වගකීම ගන්න පුළුවන් ඉස්තරම්ම මානසික තත්වයක මං හිටියා.. ඒත් දැන් මේ උදාවෙලා තියෙන තත්වෙ, ඊට හුගාක් ඈතට ගියපු එකක් උනා.. මං කරපු දේකට පිටිපස්සෙන් ගිහින් බැගෑපත් වෙලා ඒ ගැන නැවත කතා කරන්න සිද්ධවීම මට පුරුදු දෙයක් උනේ නෑ.. ඒකයි මං හුගාක් නොසන්සුන් වෙලා හිටියෙ..
"කියවලා තේරුමක් නෑ කියන්නෙ..? ඔයා තව වචනයක්වත් කතා කරන්නෙපා.. මගේ අහිංසකකම, මගේ ගෑනුකම, ඔයාට දක්වපු කැමැත්ත හැමදේම ඔයාගෙ ඔය කකුල් දෙකෙන් පාගලා දැම්මා.. මං ඔයාට ළංවෙන්න හදපු හැම වෙලාවෙම ඔයා මාව සත පහකටවත් ගණන් ගත්තෙ නැතුව, මාව කාලකණ්නි ලෝකෙකට තල්ලු කරලා දැම්මෙ එහෙනම් මේක හන්දා.. ඔයාට මාව බයිට් එකක් වෙලා තිබ්බ හින්දා.. බයිට් එකක් කවුරුවත් හැමදාටම තියාගන්නෑනේ.. අරක්කු ටිකක් බොනකොට කට ගැස්මට ගන්නවා මිසක.."
"නෙත්මි.. ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ..?"
"ම.. මං කියන්නෙ මට දැනෙන දේ.. මට හිතෙන දේ.. ඔ.. ඔයා මේ මුළු ලෝකෙටම උදව් කරා.. ඔයාගෙ හැම යාලුවෙකුටම ඔයා පන්න පන්න උදව් කරා.. ඔයාගෙ යාලුවොන්ගෙ කෙල්ලන්ටත් ඔයා පැලෙනකල් උදව් කලා.. තාමත් උදව් කරනවා. අදුනන්නෙ නැති මිනිස්සුන්ටත් ඔයා උදව් කරනවා.. ඒත් ඔයා මං ගැන, මෙච්චර වැටි වැටී ඔයා පස්සෙන් ආපු මං ගැන එක තත්පරයක්, එක විනාඩියක්වත් හිතුවද..? ආ.. ඇ.. ඇයි මට මෙහෙම කරේ..? ඇයි ඹයා මට මෙහෙම කරේ..?"
මගේ ෂර්ට් එක මැද්දෙන් අල්ලලා එහෙට මෙහෙට හොලවන ගමන් නෙත්මි කෑගැහුවා.. එයා ඒ කියපු දේවල් දිගේ මහා වේදනාවකින්, මහා පසුතැවීමකින් හිතන්න ඕන තරම් දේවල් තිබුණා.. අක්කා උනත් දොර ගාවට වෙලා අඩ අඩ හිටියෙ කර කියාගන්න දෙයක් නැතුව..
"බේබි නැන්දා ඔයාගෙ අම්මා කියන මහ විසාල බොරුව මට කිව්වෙ ඇයි..? මං ඒවා කොයි තරම් විශ්වාස කලාද..? අනේ දෙයියනේ.. මං ඔයාටයි, බේබි නැන්දටයි ඉන්න ගෙවල් පවා හෙව්වා.. හ.. හ්ග්.. ඔයා කොහොම ජීවත්වෙනාව ඇතිද..? ඔයාට කන්න කොහොම හම්බවෙනවා ඇතිද..? නැවතිල ඉන්න තැනින් ඔයාට වෙනස්කම් සිද්ධ වෙනවද දන්නෑ කියලා මං මහා මෝඩියෙක් වගේ හිතුවා.. ඒත් බලපුවාම මගේ, ඔයාට තිබ්බ කැමැත්තට ඔයා පයින් ගැහුවෙ, ඔයා හැම අතින්ම සර්ව සම්පූර්ණ කෙනෙක් හින්දා.. මට ඒක හොදටම හොදටම තේරෙනවා.. අනේ.. අනේ.. ඇයි ඔයා මාව මේ විදියට අසරණ කරලා දැම්මෙ.. ඔ.. ඔයාට පව් දෙයියනේ.. මගේ හැගීම් එක්ක සෙල්ලම් කරපු ඔයාට පව් සිද්ධ වෙනවා.."
"අඩන්නැතුව ඉන්න නෙත්මි.. අපි මේක හිමින් සීරුවෙ විසද ගනිමු.."
"ආයෙ විසදගන්න දෙයක් නෑ.. හ්ග්.. ඔයා මට හම්බවුණා පළවෙනි දවසෙ ඉදලම කරේ බොරු.. මං කිව්ව කිසි දෙයක් ඔයා ඇහුවෙ නෑ.. මටත් හොරෙන් ඔයා ශලනිව කී පාරක් නම් හම්බ වුණාද..? අන්තිමට මට ශලනි කිව්වෙ, බන්ටි එයාට හුගාක් උදව් කරා කියලා.. මං ඒකත් මෝඩි වගේ ඔයත්තෙක්ක කිව්වා.. ඔයා ඒ වෙලාවෙත් මට හිනාවෙන්න ඇති.."
"කියන දේ අහන්න.. මේ රණ්ඩුව නවත්තමු.. මං ඔයාට හිනාවුණේ නෑ.."
"වෙන්න ඇති.. ඔයා මට පේන්න කොයි වෙලාවෙත් හිනාවුණේ නෑ.. ඔයා හැමදේම කරේ හැංගි හොරානේ.. මාව හැරුනාම ඔයා කෙල්ලෙ කී දෙනෙක් නම් ළගින් ආශ්රය කරාද..?"
"කෙල්ලො..?"
"ඔව්.. ශලනි, නිරෝෂි.. මොරීන් අක්කා.. ඔය මං දන්න අය විතරයි.. මං දන්නැති අය කී දෙනෙක් නම් ඉන්න ඇතිද..?"
"ඔයාට වැරදිලා නෙත්මි.."
"ඔව්.. මට වැරදිලා.. මගේ මුළු ජීවිතේම වැරදිලා.. ඔයාට ඒකෙන් ඇති ප්රශ්නයක් නෑ.. ඔයා හැමදාටම හොදින් ඉන්න.. මං මේ ඉන්නෙ මට කවදාවත් හිමිවෙන තැනක නෙමෙයි.. මං.. මං යනවා.."
"අනේ නෙත්මි.. මං කියනවට ඩිංගක් ඉවසන්න.. ඔයා මගෙත්තෙක්ක තරහින්ද යන්නෙ..?"
මෙච්චර වෙලා වචනයක්වත් කියන්නැතුව හැමදේම දිහා බලාගෙන අඩ අඩ ඉදපු අක්කා අපි අතරට ආවා..
"නෑ සමුදි.. මං ඔයාලා කා එක්කවත් තරහා නෑ.. ඒත් මට හුගාක් දුකයි.. මගේ මුළු ජීවිතේම මං මේ තරම් රැවටුණු පාරක් මට මතක නෑ.. සමහර විට ඔයත් මල්ලිට සපෝට් කරන්නැති.. ඒත් මං තරහා නෑ.."
"දෙයියනේ.. ඔයා මොනවද මේ කියන්නෙ..? මං බන්ටිට මේ කිසිම දේකට සපෝට් කලේ නෑ.. එයා ඉස්සෙල්ලම ඒක කිව්වා.. ඇයි ඔයා මං ගැන ඔහොම හිතන්නෙ..? මගේ හොදම යාලුවා ඔයානේ දෙයියනේ.."
"මගෙත් හොදම යාලුවා ඔයා තමයි සමුදි.. ඒත් ඔයා සමහර විට දැනගෙන ඉන්නත් ඇති.. නොදැන ඉන්නත් ඇති.. ඉස්සරහ හිටගෙන ඉන්න මනුස්සයට මං මගේ ජීවිතේට වැඩියෙන් ආදරේ කලා කියලා.. කාගෙවත් ඇහිපිල්ලමක්වත් වැදෙන්න නොදී ආරක්ෂා කරගන්න හිතුවා කියලා.."
නෙත්මි එහෙම කියාගෙන යද්දි මගේ පපුවට මොකක්දෝ වෙලා ගියා.. එහෙනම් එයා නියම කෙල්ලෙක් වගේ අක්කත් ඉස්සරහ මට ආදරෙයි කිව්වා..
"මං රන්දිකට ආදරෙයි සමුදි.. මං මේ බොරුකාරයට ආදරෙයි.. ඔයාල ඔය බන්ටි කියන නපුරු මායාකාරයට මං ආදරෙයි.. ඒත්.. මගෙ ඒ අහිංසක ආදරේ මෙයා බිමට දාලා පෑගුවා.. මට හැමදාටම මතක හිටින බොරුවක් කලා.. කමක් නෑ.. මේ හැම දේකින්ම ඔයා සතුටු වෙන්න ඇතිනේ.. ඔයා හොදට සතුටු වෙන්න රන්දික.. එහෙමත් නැත්නම් ගෙදර අය, යාලුවො කතා කරන විදියට මාත් බන්ටි කියලා අන්තිමටම කතා කරන්නම්.."
"මට වෙච්ච දේට සමාවෙන්න නෙත්මි.. මං මේ කිසිම දෙයක් හිතලා කරේ නෑ.. ඒ ඒ වෙලාවෙ කටට ආපු දේ කිව්වා විතරයි.. ඒ වෙලාවෙ මං හිතුවෙ නෑ කීයටවත් අපි දෙන්නා මේ විදියට ලංවේවි කියලා.."
"දැන් ඒ හැමදෙයක්ම ඉවරයි.. මං ආයෙ කවදාවත් මෙහේ එන්නෑ.. ඒත් ඔයා මට කරපු දේවල්.. ඔයා මට දුන්නු දුක හැමදාම මගේ හිතේ තියෙනවා.. මට ඒවා කවදාවත් අමතක වෙන්නෑ.. ම..මං යනවා සමුදි.. හ්ග්.."
මහා සද්දෙට අඩාගෙන නෙත්මි කාමරෙන් එළියට දුවලා ගියා.. හිටපු තැනම ගල් ගැහිලා හිටියා මිසක මගේ හිතට මුකුත්ම දෙයක් හිතුණෙ නෑ..
මගේ පිටට හයියෙන් තඩිබාලා අක්කා කෑගැහුවාම තමයි මගේ නිදාගනෙ හිටපු යටි හිත අවදි වුණේ.. කිසිම දෙයක් හිතන්නෙ නැතුව මං නෙත්මිගෙ පිටිපස්සෙන් දුවලා ගියා.. ඒ වෙනකොට එයා අපේ වත්තෙ ගේට්ටුව හරියෙ හිටියෙ..
"නෙ..ත්..මී.."
මගේ කටහඩට එයා එකපාරටම නතර වුණා.. ආපහු හැරිලා එයා මගේ දිහා බලද්දි ඒ ලස්සන ඇස් කදුළු වලින් උතුරලා ගිහින් තියෙන හැටි මං දැක්කා.. මැලවිලා තිබ්බ මූණයි, දුකෙන් හෙම්බත් වෙලා තිබ්බ ඇස් දෙකයි මගේ හිතට නෙත්මි ගැන මහා හුගාක් දේ ගෙනාවා.. ආදරේ කියන දේ ඒ හැමදේම අතරින් ඉස්සරහින්ම හිටියා..
"ය..න්නෙ..පා.."
මගේ කටහඩේ තිබ්බ දුක්බර ගතියටද මංදා නෙත්මි ආයෙත් ඔලුව උස්සලා මං දිහා බැලුවා.. ඒ මූණෙ පිරිලා තිබ්බ අසරණ, අහිංසකකමට මගේ හිත ආදරෙන් පිස්සු වැටුණා..
"මට ඔයා ආදරේ නෑනෙ රන්දික.. ඔයා දැන් මට යන්නෙපා කියලා කිව්වත්, මට දැන් ආදරෙයි කියලා කිව්වත් මං ඒක විශ්වාස කරන්නෑ.."
"ඔයා මොනවද මේ කියන්නෙ.. ම.. මං ඔයාට ආදරෙයි නෙත්මි.. මං මේ ඇත්තමයි කියන්නෙ.."
"ඔයා මට ආදරේ නම් ඇයි මට කලින් නොකිව්වෙ.. මං ඔයාට කොයි තරම් ආදරේද කියලා ඔයාට ඔප්පු කරලම පෙන්නල ඇති.. මං යනවා රන්දික.."
"මං ඔයා ආදරෙයි කියන එකත් අහන්නෙ නැතුව ඔයා යන්නෙ ඇයි..? මං ඔයාට බොරුවක් නෙමෙයි කියන්නෙ.. "
"ඔයා කියන්නෙ ඇත්ත වෙන්නැති.. ඒත් ඒක මගේ හිතට තේරෙන්න ටික දවසක් යයි.. දැන් මම හුගාක් අවුල් වෙලා ඉන්නෙ.. සමහර විට මං මේ ගත්ත තීරණේ හෙට උදේ වෙනකොට වෙනස් වෙයි.. මොකද ඔයාට මට ආදරෙයි කියලා තියෙන හන්දා වගේම, මට කවදාවත් ඔයාව අමතක කරන්න බැරි හින්දා.. මං යනවා රන්දික.."
"නෙ..ත්..මි.."
මගේ හිතට මහා වේදනාවක් දැනුණෙ ඒ අන්තිම වචන ටිකත් එක්ක.. ඒ කියන්නෙ සමහර විට අපි ආයෙ හම්බ වෙන්නෙම නෑ කියනෙකද..? එහෙමත් නැත්නම් නෙත්මිගෙ තීරණේ වෙනස් වෙනවා කියනෙකද..?
"හෙට දවස ගැන සංතෝසයෙන් හිතන්න.. ඒ සංතෝසෙ අතරෙ නෙත්මි ඉන්නව කියලත් හිතන්න.."
ගේට්ටු කණුව හයියෙන් අල්ලගෙන හිටපු මට අන්තිමටම ඇහුණෙ නේතමිගෙ ඒ වචන ටික.. ඈතින් ඈතට පුංචි තිතත් වෙලා නෙත්මි පේන්නැති වෙලා යනකන් මං ඔහේ බලන් හිටියා.. හෙට දවසෙ සංතෝසෙ අතරෙ නෙත්මි ඉන්නවා කියලා හිතන්න කිව්වෙ, එයා මට නැතිවෙන්නෑ කියනෙකද..? හුගාක් ප්රශ්නවලට උත්තර තිබ්බ මගේ හිතට ඒ ප්රශ්නෙට නම් උත්තරයක් තිබ්බෙ නෑ..
"ඇරඹුමම කදුලක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා..
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.."

[බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 තුලින් හමුවෙමු]