෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව

    Meenu-Cover-1.jpg


    Meenu-Cover-2.jpg

    එක දිගට ඇද හැළෙන ධාරාණිපාත වර්ශාව දෙස මා නෙත් නොසලා බලා උන්නෙමි. ඉඳහිට පුපුරන අකුණක රිදී පැහැ ආලෝකයෙන් කාමරය ආලෝකමත් වේ. පෙර දිනයක දී නම් මෙසේ අකුණු පුපුරා වැසි වසිනවාට මා බිය ය. නමුත් එදවස මෙන් මා ළග ඉන්නට, තුරුලට ගෙන සනසන්නට අයකු නොමැති බැව් සිත දන්නා නිසාදෝ බියක් දැනුණේ නැත. සුළගේ සීතල විද ගැනීමට අවැසි නිසා මා ජනෙල් පියන් මුළුමනින්ම ඇර දැමුවෙමි. එසැනින් ගලා ආ සීතල සුළග ජනෙල් රෙදි දසත විසුරුවමින් කාමරය පුරා හමා ගියේය.


    “දෝණි ඇයි මේ වැස්සෙ ජනේලුත් ඇරගෙන.?”


    ඒ ගැඹුරු හඩ තාත්තාගේ යැයි සැකයෙන් මම ක්ෂණිකව හැරී බැලුවෙමි. නොවේ, ඒ උන්නේ ලොකු මාමාය. තාත්තා සිහි වූ විගස මගේ දෙනෙත් මටත් හොරා කදුළු පුරවා ගත්හ.


    “තාම හිත හදාගත්තෙ නැද්ද දෝණි.?”


    ඔවුන්ගේ විසල් සෙනෙහස හදවතට කැන්දාගෙන ආවේ කුමක්දෝ බරකි. නමුත් මා වෙනසක් නොපෙන්වා උන්නෙමි.


    “මෙතන තනියෙම ඉන්න එපා. ඔයත් යමු පහළට.”


    ජනෙල් පියන්පත් වසා දැමූ ඔහු මගේ අතින් අල්ලා ඉස්සර විය. නැන්දා, රුවන් මල්ලී සමග සැටියේ වාඩි වී අප එන මග බලා උන්හ.


    “ඔහොම මුළු ගැන්විලා ඉන්න එපා දූ. ඔයත් දැන් අපේ පවුලෙම කෙනෙක්. අපි ඔයාගෙ අම්මයි, තාත්තයි කියලා හිතන්න. මේ ඔයාගෙම මල්ලි කියලා හිතන්න.”


    මගේ අත ගෙන ළගින් හිදුවා ගත් රූපිකා නැන්දා ඉතා දයාබරව කරුණු පැහැදිලි කරන්නට විය. ඔවුන් කෙසේ කීවත් මගේ තාත්තාට හිමි තැන කිසිදා වෙනකෙකුට ගත හැකි නොවේ. කවදත් මගේ ලෝකයේ වීරයා වූ ඒ පරමාදර්ශී චරිතය මේ වන විට මා හැර ලොවින් සමුගෙන ඇත. නෙත් පියල්ලේ ශේෂ වී තිබූ කදුළක් මා බලා උන් නැන්දාගේ රුව බොද කර දැම්මේ ය.


    “දෝණිට කවදද සහතික ප්‍රදානෝත්සවයට යන්න තියෙන්නෙ.?”


    මට මුළුමනින්ම අමතකව තිබූ කරුණක් නැන්දා සිහිපත් කළාය. වසර දෙකක් පුරාවට හැදෑරූ ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමාව සැබැවින්ම මගේ සිහිනයේ නොවූතරම්ය. මම කැලැන්ඩරය දිහා බලා සිතින් දින ගැන්නෙමි.


    “අනිද්දා හවසට.”


    “ඉතින් දූට සාරියක් තියෙනවයෑ.?”


    “එකක් තියෙනවා. ඒක අදින්න පුළුවන්.”


    නැන්දා තවත් මොහොතක් මා දෙස බලා උන්නාය.


    “අපි හවසට ගිහින් එකක් ගමු.”


    “එපා නැන්දා. ඒක හොදයි.”


    “කමක් නෑ. මම අරන් දෙන්නම්. සාර් බ්ලවුස් එකත් මං හෙට මහලා දෙන්නම්කො.”


    ඔවුන් මා ගැන අනවශ්‍ය ලෙස වද වෙතැයි මට සිතුණි. ඉතින් ඇගේ කැමැත්තට ඉඩ දී මා තව කිසිවක් නොදොඩා උනිමි. මහ වැස්ස මදක් අඩු වී ගත් නිසා මා නැවතත් ඔවුන්ගෙන් මිදී කාමරයට ආවෙමි. එහි ඇතුළත වූ සීතල ගතිය තවමත් එහෙමමය.


    ඇදේ පෙරළීගත් මට අහේතුකව අම්මා සිහියට නැගුණි. ඈ පෙර දවස මට කොතරම් ආදරය කළාද.? නමුත් ඒ සියල්ල වෙනස් වී ගියේ අප කිසිවකුටත් සිතාගත නොහැකි පරිද්දෙනි. ඈ මට පමණක් නොව ඇගේ දයාබර සැමියා වූ මගේ අහිංසක පියාටද වෙනස්කම් කිරීමට පටන් ගත්තාය. එහි අවසන් ප්‍රතිඵලය මෙසේ සිදු වෙතැයි අම්මා වුව නොසිතන්නට ඇත. අද.. මේ මොහොත වන විට හදිසි හෘදයාබාදයකට ගොදුරු වූ පියා සැනසුම සොයා ජීවිතයෙන් සමුගෙන ගොසිනි. වෙනතක බැදුණු අම්මා දුරු රටකට ඉගිලී ගොසිනි. ජීවිතයේ තනි වූ මා අම්මාගේ ලොකු මල්ලීගේ සෙවනේ කල් ගෙවයි. වරද කාගේ වුවද ඒ වරදට දඩුවම් ලබා ඇත්තේ අප තිදෙනාමය. නමුත් මසිත වඩාත් දුක් ගත්තේ මගේ තාත්තා පිළිබදවය.


    “ඇයි අක්කා මේ...?”


    රුවන් මල්ලී කාමරයේ දොරෙන් කර පොවා විමසිය. මම ප්‍රශ්නාර්ථයක් රැදුණු දෑසින් ඔහු දෙස බැලුවෙමි. මොහොතක් දෙකක් මදෙස එක එල්ලේ බලා උන් ඔහු පැමිණ මගේ ඇද පසෙකින් ඉද ගත්තේය.


    “ඇයි හැම වෙලාවෙම ඉබ්බා කටුව අස්සෙ රිංගනවා වගේ කාමරේට වෙලා ඉන්නෙ.?”


    “මට තනියෙම ඉන්න ඕන මල්ලි.”


    “ඔයාව තනි කරන්න ඕනෙනං අපි මෙහෙ ගේන්නෙ නෑනෙ අක්කෙ. මේ බලන්න.. අම්මා කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නෙ. ඔයා දැන් අපේ පවුලෙ කෙනෙක්.”


    මා මෘදුව සිනාසුනා පමණි. මල්ලී මහිස අතගා කාමරයෙන් නික්ම ගියේය.


    ඉදින් එදින සවස නැන්දාගේ බලකිරීම මත ඈ සමග ටවුමට ගොස් සාරියක් ගෙන ඒමට මට සිදුවිය. අකමැත්තෙන් වුව යෑමට සිදු වූයේ ඇගේ සිත නොරිදවීම යුතුකමක් වූ හෙයිනි.


    “මේක දෝණිට ලස්සනට තියෙයි. මං කැන්ඩියන් එකකට හරියන්න බෝරිච්චි කරපු බ්ලවුස් එකකුත් මහලා දෙන්නම්කො.”


    “නැන්දා මං නිසා කරදර වෙනවා.”


    “මොන කරදරයක්ද ළමයො... ඒ කාලෙ ඉදලම මං ආසාවෙන් උන්නෙ දුවෙකුට. ඒත් මට දෙයියො දුන්නෙ පුතෙක්.”


    “ඉතින් නැන්දට දුවෙකුත් හදාගන්න තිබුණනේ.”


    “හදාගන්න තිබුණා මං අසනීප නූනානං...”


    “නැන්දා..?”


    ඒ දෑසි කදුළු පටලයකි. නොමනා කතාවක් ඇද ඇගේ සිත රිදවීම ගැන මා කණගාටු වුණෙමි.


    “ඔව් දෝණි, චූටි පුතා හම්බ වුණාට පස්සෙ මං සෑහෙන්න ලෙඩ වුණා. ඩොක්ටර්ස්ලා කිව්වා මට වෙන දරුවො හදන්න එපා කියලා. එදා ඉදලා මං බලාගෙන උන්නේ අපේ කොල්ලා ලොකු වෙනකල්.”


    “ඒ ඇයි...?”


    “ඇයි ඉතින් එයා කවදහරි මේ ගෙදරට දුවෙක් ගෙනාවම මට ඉබේම දුවෙක් ලැබෙනවනේ..”


    සෑම අම්මා කෙනෙක්ම තම ලේලිය දුවක ලෙස දකින්නේ නම් ලෝකය කොතරම් සුන්දර වේදැයි මට මොහොතකට සිතුණි. ඒ අතින් ගත් කල නැන්දා උතුම් අදහස් ඇති ගැහැණියකි.


    “රුවන් මල්ලිට තාම..”


    “චූටි පුතාට තාම කවුරුත් නෑ.. මං හිතන්නෙ හිටියා නම් මට නොකියා ඉන්නෙ නෑ. අනික තාම වයසත් අවුරුදු විස්සයිනෙ.”


    “මල්ලි හොද කෙනෙක් ගෙනාවොත් නැන්දට හොදයි.”


    “අපොයි ඔව්, මාත් මේ බයේ ඉන්නෙ සක්කර වට්ටමක් කරගහ ගනීද කියලා..”


    “මල්ලිට හොද මොලයක් තියෙනවා නැන්දා. එයා ඒව ගේ කෙනෙක්ට කැමති වෙන්නෙ නෑ.”


    “මං කැමතියි දෝණි වගේ අහිංසක ලස්සන කෙල්ලෙක්ව ගේනවා නම්.”


    ඇගේ එම කතාවෙන් මසිත තිගැස්සී ගියේය. මා වැනි යුවතියක කීවේ මගේ ගතිගුණ ඇත්තියක මිස මා නොවන්නට ඇත. රුවන් මල්ලී මට වඩා දෙවසරකට පමණ බාලය.


    “ඇයි දූ කතාව නැවැත්තුවෙ..?”


    මගේ වෙනස ඈ වටහා ගත්තාය. නමුදු මා මුනිවත රැකිමි.


    “දෝණිට කවුරුත් පිරිමි ළමයෙක් නැද්ද...?”


    ඈ එය ඇසුවේ මා දෙසට එබීගෙන ය. මම නොබියව ඒ දෑස් දෙස බලා උනිමි.


    “නෑ නැන්දා.. ඇත්තටම මං ආදරේට බයයි.”


    “දෝණි...?”


    “ඔව් නැන්දා, අපේ අම්මයි තාත්තයි කොච්චර ආදරේ කරලා බැදපු දෙන්නෙක්ද..? මං පුංචි කාලෙත්... ඒ කිව්වෙ මට අවුරුදු දහතුනක්, දාහතරක් යනකලුත් එයාලා ආදරෙන් හිටියනේ.. ඒත්......”


    “ඔය ගැන අපි පස්සෙ වෙලාවක නිවාඩුපාඩුවෙ කතා කරමු. ඒත් ආදරේට බය වෙන්න එපා.”


    අපි නිවස පෙනෙන තෙක් මානයට පැමිණි නිසා ඇය කතාව නතර කළාය. මම ඇදුම් බෑගය ද රැගෙන නිහඩව ඈ පසුකර ගියෙමි.


    “මෙච්චර වෙලා කියව කියව ඇවිත් මාව දැක්ක ගමන් කටවල් වහගත්තා නේද.?”


    රුවන් මල්ලී දොරකඩ සිට මා යන මග හරස් කළේය.


    “අපි කියව කියව ආවෙ ඔයාගෙ ගෑනු ළමයා ගැන තමයි...”


    “මගේ.. මේ මගේ.. ගෑනු ළමයා...?”


    “නැතුව මගේයෑ..”


    අම්මගේ හා පුතාගේ සුන්දර හැසිරීම් දෙස මා පසෙක සිට බලා උන්නෙමි. මල්ලී පසුපසින් ගොස් නැන්දාගේ ගෙළ වටා දෑත් යවා ඔහුගේ මුහුණ නැන්දාගේ මුහුණට හේත්තු කර ගත්තේය. මට මගේ අම්මාව සිහි වී දෙනෙතට කදුළු නැගිණ. අප අතර කිසිදා මෙවන් දයාබර හැගීමක් තිබුණේ නැත. මා යුවතියක වූ දා සිට අම්මාත්, මමත් කුමක්දෝ විකර්ශනයකට බදුන් විය.


    “මට කෙල්ලෙක් ඉන්නවා නං මං ඒක මේ ලෝකෙ මුලින්ම කියන්නෙ ඔයාටනේ. මගේ අම්මා තාම ඒකවත් දන්නෙ නැද්ද.?”


    මල්ලීගේ හඩට මා පියවි සිහියට පැමිණියෙමි. ඔහු නැන්දා සමග හුරතල් වෙයි.


    “චූටි පුතා කැමති කොයි වගේ කෙල්ලෙක්ටද.....?”


    “මේ මීනු අක්කා වගේ කෙල්ලෙක්ට..”


    අම්මාගේ මුවින් පිට වූ වදන් ඒ අයුරින්ම පුතාගේද මුවින් පිටවද්දී මසිත නැවත වරක් තිගැස්සී ගියේය. මගේ මුහුණ දුටු නැන්දා හඩනගා සිනාසුණා ය.


    “මේ කෙල්ලව බය කරන්න එපා පුතා..”


    රුවන් මල්ලීට සියුම් පහරක් ගැසූ නැන්දා ගෙතුළට ගියාය. මම ද ඒ අවසරයෙන් කාමරය තුළට රිංගා ගතිමි. ඇදුම් බෑගය මේසය මත තබා හැරී බලද්දී රුවන් මල්ලී උන්නේ මා අභියසය.


    “හලෝ මේ.. පොඩි බඩුවක් කියන්න ආවෙ..”


    “මොකක්ද....?”


    “මොන කතාවද මල්ලි..?”


    “මං කැමති ඔයා වගේ කෙල්ලෙක්ට.”


    “මට නංගිලා නෑනෙ ඉතිං. හිටියත් එයා මං වගේ වේවිද කවුද දන්නෙ...?”


    “මැට්ටි...”


    මගේ හිසට ටොක්කක් ඇණ ඔහු කාමරයෙන් නික්ම ගියේය. මම අසරණව බලා උන්නෙමි.
    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    නැන්දා රැගෙන දුන් සාරිය ඇද මම ලොකු මාමාගේ වෑන් රියට ගොඩ වූයෙමි. ඔහු මොහොතක් මදෙස හැගීම් බරව බලා හිද දිගු සුසුමක් පිට කළේය.


    [FONT=&quot]“දෝණි අම්මා තරුණ කාලෙ හිටියටත් වඩා ලස්සනයි.”[/FONT]


    [FONT=&quot]මම එයට පිළිතුරු සැපයූවේ නැති නිසාවදෝ ඔහු නිහඩවම රිය ධාවනය කළේය. මා බැසගත යුතු වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රෙයනි.[/FONT]


    [FONT=&quot]“ඉවර වෙන්න කිට්ටු කරලා දෝණි මට කෝල් කරන්න. මං මෙතනට එන්නම්.”[/FONT]


    [FONT=&quot]“එපා මාමා... මට එන්න පුළුවන්.”[/FONT]


    [FONT=&quot]“නෑ.. නෑ.. ඔයා තනියම එන්න ඕන නෑ. මං ගන්න එන්නම්.”[/FONT]


    [FONT=&quot]ඔහුට සමුදුන් මා සෙනග අතරේ මගේ මිතුරියන් සෙවිමි. ප්‍රධාන දොරටුවෙන් ඇතුළුව ශාලාව දෙසට ගමන් ගත් මගේ අතේ කිසිවකු වෙළෙනු දැනුණි.[/FONT]


    [FONT=&quot]“හානේ ශාලි.. මං දැක්කෙත් නෑ..”[/FONT]


    [FONT=&quot]“උඹ තව ලස්සන වෙලා මීනු.. ඒත්..”[/FONT]


    [FONT=&quot]ශාලිකා යමක් කියන්නට ගොස් ගිල ගත්තාය. මම ගමන නතර කර ඒ මුහුණ මත්තේ නෙතු දිවෙව්වෙමි.[/FONT]


    [FONT=&quot]“තාම ඉන්නෙ දුකෙන් නේද..?”[/FONT]


    [FONT=&quot]මම තැනැයි කියන්නට හිස සෙලෙව්වෙමි. ඈ අනුකම්පා සහගත ලෙස සිනාසුනාය.[/FONT]


    [FONT=&quot]“මං හිත හදාගන්න උත්සාහ කරනවා ශාලිකා. මට ජීවිතේ ගැන අලුතින් හිනත්ත ඕන.”[/FONT]


    [FONT=&quot]“උඹලගෙ කුරුළු කූඩුව කැඩිලා. බිදිලා ගිය විදියට උම මෙහෙම ඉන්න එක ගැන මට සතුටුයි.”[/FONT]


    [FONT=&quot]අපි දෙදෙන ප්‍රධාන ශාලාවට ඇතුළු වූ පසු මිතුරු මිතුරියන් පිරිස පැමිණ අප වටකර ගත්හ. දෙවසරක් පුරා එකම අධ්‍යාපනය ආයතනයක උගත් ඔවුන්ගේ ඇසුර හමුවේ සියලු ප්‍රශ්න මොහොතකට අමතකව ගියේය.[/FONT]


    [FONT=&quot]“මීනු උඹ කළුතරින් ගියා කියලා ආරංචි වුණාම මූ කළු ගඟට පැනලා මැරෙන්න ගියා..”[/FONT]


    [FONT=&quot]පන්තියේ උන් කටකාර සිසුවෙකු අසේලව පෙන්වා කීවේය. ඔහු දෙවසර පුරාවටම ආදරය පතා මා පසුපස ආ අයෙකි.[/FONT]


    [FONT=&quot]“ඔය මුන්ගෙ බොරු මීනු..”[/FONT]


    [FONT=&quot]අසේල එය කී විලාසයට මට ඔහු ගැන දුක හිතුණි. මා ඔහු ප්‍රතික්ෂේප කළාට ඔහු නරක කොල්ලෙක් නොවේ. ඉතින් මා අසේලට දයාබර සිනාවක් පෑවෙමි. ඔහු වශීකෘත දෙනෙතින් මා දෙස බලා උන්නේය.[/FONT]


    [FONT=&quot]“වයිට් කැන්ඩියන් එකට මේකි ප්‍රින්සස් කෙනෙක් වගේ.”[/FONT]


    [FONT=&quot]දයාබර යෙහෙළියක මගේ කම්මුලක් ලාවට මිරිකමින් කීවා මතකය. නමුදු වැඩි වේලා එසේ දොඩමළු වෙන්නට ඉඩකඩ නොතිබුණි. උත්සවය ආරම්භ කළ බැවින් අප අසුන්ගත යුතු විය.[/FONT]


    [FONT=&quot]ගිණුම්කරණ විෂයේ ත්‍යාගය හා සමස්ත පාඨමාලාවේ හොදම සිසුන් තිදෙනාට වූ ත්‍යාගයක් ද මා නමින් වෙන්ව තිබිණ. විශේෂ සතුටක් සිතට නොදැනුණ ද මගේ මිතුරියෝ එම ජයග්‍රහණය ගැන මටත් වඩා උද්දාමයට පත්ව උන්හ.[/FONT]


    [FONT=&quot]“උඹ හරි ලකී මීනු.. කොළඹ, කළුතර, මහනුවර ක්ලාසස් තුනෙන්ම වැඩිම ලකුණ ගත්ත තුන්දෙනාට උඹත් ඉන්නවනේ.”[/FONT]


    [FONT=&quot]සමූහ ඡායාරූප ගැනීමෙන් අනතුරුව මම ලොකු මාමාට දුරකථන ඇමතුමක් දුන්නෙමි.[/FONT]


    [FONT=&quot]“හරි දෝණි. මම තව පැය කාලක් යද්දි ඔතනට එනවා. ඔයා පාර අයිනට ඇවිත් ඉන්න.”[/FONT]


    [FONT=&quot]ඉතින් කලකට පසු හමු වූ මිතුරු පිරිසට සමුදිය යුතු වේලාව පැමිණ ඇත.[/FONT]


    [FONT=&quot]“අපි නං සේරම ආවෙ රෝසා බස් එකක. උඹ යන්නෙ කොහොමද මීනු..?”[/FONT]


    [FONT=&quot]දමා යෑමට දුකෙන් මෙන් ශාලිකා නැවතත් මා අතේ වෙළුනාය.[/FONT]


    [FONT=&quot]“දැන් මාමා එනවා කිව්වා. ඔයාලා පරිස්සමින් යන්න.”[/FONT]


    [FONT=&quot]දෙනෙතේ කදුළු සගවා ගනිමින් මා ඔවුන්ගෙන් වෙන් විමි. මාර්ගය දෙපසටම වාහන තදබදය තිබූ නිසා මම පසෙකට වන්නට වී මාමා එන මග දෙසට නෙත් යොමා සිටියෙමි.[/FONT]


    [FONT=&quot]“නංගා ඇයි තනියෙම..? කෝ යාලුවො ටික ගියාද..?”[/FONT]


    [FONT=&quot]ඒ හඩට මම ක්ෂණිකව හැරී බලද්දී බොහෝ සොදුරු කඩවසම් තරුණයෙක් මා දෙස බලා උන්නේය. එය ඔහු සරදමට ඇසූ ප්‍රශ්නයක් වන්නට ඇතැයි සිතා මම ඉවත බැලිමි.[/FONT]


    [FONT=&quot]“ඔයා රණසිංහ අන්කල් එනකල්ද ඉන්නෙ..?”[/FONT]


    [FONT=&quot]එවර නම් පුදුම නොවී සිටීමට මට නොහැකි විය. ඔහු ලොකු මාමාගේ නම් පවා දනී. මා විසල් දෙනෙතින් ඔහු දෙස බලා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“ඔයා රුවන් මල්ලිගෙ ගෙදර නේද නතර වෙලා ඉන්නෙ..?”[/FONT]


    [FONT=&quot]පිට පිට තුන්වන වතාවටද ඔහු මගෙන් ප්‍රශ්න කළේය. මම හිස සලා ඊට පිළිතුරු දුනිමි.[/FONT]


    [FONT=&quot]“අයියා කවුද..?”[/FONT]


    [FONT=&quot]කුතුහලය මැඩගත නොහැකි නිසා අවසන මම ඇසුවෙමි.[/FONT]


    [FONT=&quot]“අන්න අන්කල් එනවා. ඔයා යන්න.”[/FONT]


    [FONT=&quot]ලොකු මාමාගේ රිය මටත් පෙර හදුනාගත්තේ ඔහුය. අප අබියස රිය නතර කළ ලොකු මාමා වාහනයෙන් බැස ආවේය. කොල්ලෙක් සමග තනිව කතා කරමින් හිද ඔහුට හසුවීම ගැන මම මහා අපහසුතාවයකට පත් විමි. නමුදු මාමාගේ සැහැල්ලු පෙනුමත්, තරුණයාගේ සිනහවත් මා සාමාන්‍ය තත්වයට පත්කරලිය..[/FONT]


    [FONT=&quot]“දුලාජ් පුතා කොහොමද අපේ දෝණිව අඳුන ගත්තෙ..?”[/FONT]


    [FONT=&quot]“මං මේ දැකලා පුරුදුකමට නංගි එක්ක කතා කළා. ඒත් එයා තාම මාව අදුරගත්තෙ නෑ අන්කල්.”[/FONT]


    [FONT=&quot]“හරි.. හරි.. දෙන්නම නගින්නකො. එහෙනම් අපි යන ගමන් කතා කරමු.”[/FONT]


    [FONT=&quot]ලොකු මාමා [/FONT]
    [FONT=&quot]“දුලාජ්” කියූ තරුණයා ද රියට නංවා ගත්තේය.[/FONT]

    [FONT=&quot]“දෝණි මේ අයියව දැකලා නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“නැහැ මාමා..”[/FONT]


    [FONT=&quot]“මේ තමයිපුතේ අපේ ගෙදරට එහා ගෙදර ඉන්න කොල්ලා. අර පුතාගෙ කාමරේ බැල්කනිය පැත්තෙ තියෙන ගෙදර.”[/FONT]


    [FONT=&quot]දැන් ඔහුව දනිමි. මුහුණුවර හරියට නොදුටුවාද කවුදෝ ‍යෞවනයෙක් එහා ගෙදර බැල්කනියේ සිට මදෙස බලා උන්නා මතකය. මම නැවත වරක් ඔහු දෙස බලා සිනාසුනෙමි.[/FONT]


    [FONT=&quot]“මං දවස් ගාණක් අපේ බැල්කනියට වෙලා බලන් හිටියා අන්කල්. නිකමටවත් බැලුවෙ නෑ.”[/FONT]


    [FONT=&quot]ඔහු මාමාට නෝක්කාඩු ලෙස කීවේය. මාමා ඊට සැහැල්ලු ලෙස සිනාසුනේය.[/FONT]


    [FONT=&quot]“පුතා ගොඩ දවසකින් අපේ පැත්තෙ ආවෙත් නෑ. අපේ කොල්ලා ඒත් කියව කියව හිටියා චෙස් අදින්න කවුරුත් නෑ කියලා.”[/FONT]


    [FONT=&quot]“ඒක තමයි අන්කල්... පහුගිය ටිකේ එක්සෑම් නිසා මං පාඩම් කළා.”[/FONT]


    [FONT=&quot]“පුතා මොකක්ද කරපු එක්සෑම් එක..?”[/FONT]


    [FONT=&quot]“මේ නංගි කරපු එකම තමයි. ඒත් ඉතිං මං මෙයා තරම් බ්‍රයිට් නෑ.”[/FONT]


    [FONT=&quot]එසේ නම් ඔහු මා සමග සහතික ප්‍රදානෝත්සවයට සහභාගී වූ අයෙක් විය යුතුය. ඔහු ඒ නොකියා කීවේ මා ලබාගත් ත්‍යාගය ගැන වන්නට ඇත.[/FONT]


    [FONT=&quot]“ඇයි එහෙම කියන්නෙ..? පුතත් එක්සෑම් පාස්නේ..”[/FONT]


    [FONT=&quot]“පාස් තමයි.. ඒත් නංගි වගෙ වැඩිම මාක්ස් ගත්ත තුන් දෙනාට මම අයිති නෑ.”[/FONT]


    [FONT=&quot]“ෂා..! නියමයිනේ.. අපේ කෙල්ල එච්චර හපනෙක්ද.....?”[/FONT]


    [FONT=&quot]ඒ දෑස් දයාබරත්වයෙන් පිරී තිබිණ. මට මොහොතකට තාත්තා සිහි විය. ඔහු ජීවත්ව උන්නා නම් මගේ ජයග්‍රහණය වැඩිපුරම වටින්නේ ඔහුටය. දෑස් කදුළින් බරවෙද්දී මම හිස පහත් කර ගත්තෙමි.[/FONT]


    [FONT=&quot]“මේ නංගි කවුද අන්කල්.? කලින් ඇවිත් තියෙනවද මට මතක නෑ..”[/FONT]


    [FONT=&quot]“මේ මගේ නංගිගෙ එකම දරුවා. දැන් ඉතින් දිගටම අපේ ගෙදර තමයි ඉන්නෙ.”[/FONT]


    [FONT=&quot]මාමා ඉතා දිගු කතාවක් කෙටිකර කීවේය. එය වටහා ගත්තද, නොගත්තද දුලාජ් අයියා හරස් ප්‍රශ්න නෑසීම පිළිබදව මම සතුටු විමි.[/FONT]


    [FONT=&quot]“ඒක හොදයි. දැන් රුවන් විතරක් නෙමෙයි. මට යාලුවො දෙන්නෙක්ම ඉන්නවා.”[/FONT]


    [FONT=&quot]“පුතාට පුළුවන් වෙලාවක පොඩ්ඩක් අපේ දිහාට ඇවිත් මෙයා එක්ක ටිකක් කතා කරන්න. වෙලාවකට කාමරෙන් එළියට එන්නෙ නෑ.”[/FONT]


    [FONT=&quot]මාමාගේ කතාවට ඔහු සිනාසෙන නෙතින් මදෙස බැලුවේය. ඒ දයාබර බැල්මට මා තිගැස්සී ගිය තරම් ය.[/FONT]


    [FONT=&quot]“දෝනි මට තව පොඩි ගමනක් යන්න තියෙනවා. මං ඔයාව ගෙදරින් දාලා මෙහෙම්ම යන්නං. දූ නැන්දට කියන්න.”[/FONT]


    [FONT=&quot]මා නිහඩවම හිස සලා එය පිළිගතිමි.[/FONT]


    [FONT=&quot]“අන්කල් එහෙමනං අපිව පාර ළගින් බස්සලා කෙලින්ම ඒ ගමන යන්න. මං නංගිව ගෙදරට භාර දෙන්නම්.”[/FONT]


    [FONT=&quot]“කමක් නෑ පුතා.. මං ඔයාලා දෙන්නව ගෙදරට දාලා එන්නං. පොඩ්ඩ දුරනේ.”[/FONT]


    [FONT=&quot]“මාමට රස්තියාදු වෙන්න එපා කියන්න නංගා. අපි දෙන්නා ඒ ටික පයින් යමු..”[/FONT]


    [FONT=&quot]ඔවුන් දෙදෙනාගේ බල කිරීමට මැදිහත් නොවී මා නිහඩව උන්නද දුලාජ් අයියාගේ පැනයෙන් මම අසරණ වූයෙමි.[/FONT]


    [FONT=&quot]“මගේ දූට මේ අයියත් එක්ක පයින් යන්න පුළුවන්ද.? නැත්නං මං එන්නද..?”[/FONT]


    [FONT=&quot]මාමාගේ පැනයට මට බැලුණේ දුලාජ් අයියාගේ රුව දෙසය. ඔහු තරවටුවක බැල්මෙන් මදෙස බලා උන්නේය.[/FONT]


    [FONT=&quot]“අපි යන්නම්... මාමා යන්න...”[/FONT]


    [FONT=&quot]මාමා දයාබරවත්, දුලාජ් අයියා ජයග්‍රාහී ලෙසත් සිනාසෙද්දී මම එය නුදුටු සේ ඉවත බලා ගතිමි.[/FONT]


    [FONT=&quot]“ඔන්න කොල්ලො අපේ රුවව පරිස්සමින් එක්කගෙන ගිහින් රූපිකාට බාර දෙන්න ඕන.”[/FONT]


    [FONT=&quot]“රයිට් අන්කල්... ෆිට් තමයි...”[/FONT]


    [FONT=&quot]අප වාහනයෙන් බැසගත් පසු ඔහු මහපටගිල්ල ඔසවා පෙන්වමින් කීය. ඉතින් ලොකු මාමා යන්න ගියේය. නුහුරු පෙදෙසක නොදන්නා අයෙක් සමග තනිව පාරක ගමන් කිරීමේ චකිතය නොඅඩුව මා සිතට වද දුන්නේය. මම පය ඉක්මන් කළෙමි.[/FONT]


    [FONT=&quot]“නංගා ඔයාගෙ නම මොකක්ද..?”[/FONT]


    [FONT=&quot]“මීනු..”[/FONT]


    [FONT=&quot]“මීනු විතරද..?”[/FONT]


    [FONT=&quot]“මීනු මන්දාකිණි.”[/FONT]


    [FONT=&quot]ඔහුට පිළිතුරු දෙන අතරේ වුව මට අවැසි වූයේ ඔහුගෙන් මිදී දුව යන්නටය. නමුත් ඔහු මා හා සමාන්තරව අඩි තබා මට තව තවත් ළං විය.[/FONT]


    [FONT=&quot]“මට බයේද ඔය දුවන්න හදන්නෙ..? ආ මීනු..?”[/FONT]


    [FONT=&quot]සැබැවින්ම ඔහුගෙන් මිදී දිව යෑමට අවැසි වූයේ මට නොව මා සිතටය. දුලාජ්.. ඔහුගේ කඩවසම් ප්‍රතිරූපය.. මා සිත ටිකෙන් ටික නතු කර ගනිමින් උන්නාය.[/FONT]


    [FONT=&quot]“ඔයා පාරෙ යන්නෙත් කල්පනා කර කර, බැල්කනියට වෙලා ඉන්නෙත් කල්පනා කර කර. මොනවද මීනු ඔය තරම් හිතන්නෙ..?”[/FONT]


    [FONT=&quot]තමන්ගේම කෙනෙකු තරම් ලෙන්ගතුබවක් ඒ හඩ තුළ ගැබ්ව ඇතැයි මට සිතුනි. මා මද සිනාවක් මුව රදවාගෙන ඒ දෙනෙත් සිසාරා බැලිමි.[/FONT]


    [FONT=&quot]“අනේ මන්දා ළමයො.. ඕන දෙයක් අහපුවාම හිනා වෙනවා. නැත්නං තනියෙම කල්පනා කරනවා.”[/FONT]


    [FONT=&quot]ඔහු හිස ඇල කර එය කී තාලයට සැබැවින්ම මට සිනහ ආවේය. මගේ සිනාව දෙස බලා උන් ඒ ඇස් දීප්තිමත් වන අයුරු මා දුටුවෙමි.[/FONT]


    [FONT=&quot]“ඒ මගේ හැටි වෙන්නැති අයියා.”[/FONT]


    [FONT=&quot]කිසිවක් කිව යුතු නිසා මම කීවෙමි. ඔහු මගේ දෑසට එබුණේ ය. සැබැවින්ම ඒ දෙනෙත් අද්දර මා සිත තිගැස්සිණි.[/FONT]


    [FONT=&quot]“මොනවා නැතත් ඔයාගෙ ඒ හැටියට මං කැමතියි.”[/FONT]


    [FONT=&quot]ලොකු මාමාගේ නිවස අද්දරටම පැමිණ පසු ඔහු මා සවනට සෙමින් එහෙත් ගැඹුරු හඩින් එසේ කීවේය.[/FONT]


    [FONT=&quot]“අයියා ගෙදර යන්න.. මම යන්නම්..”[/FONT]


    [FONT=&quot]ඔහුගේ නිවස පිහිටියේ මාර්ගයේ වම් පස අප නිවසට පෙර ය. නමුත් එතනින් නොනැවතුණ ඔහු මටත් පෙර ගොස් ලොකු මාමලාගේ විසල් ගේට්ටුව විවිර කළේය. මම පුදුම වී ඔහු දෙස බැලිමි.[/FONT]


    [FONT=&quot]“හිතුවද මම මග දාලා යයි කියලා.. මට රණසිංහ අන්කල් කිව්වෙ ඔයාව රූපිකා ආන්ටිටම බාර දෙන්න කියලා..”[/FONT]


    [FONT=&quot]අපේ හඩ ඇසී මිදුලට ආ නැන්දා මා සිය තුරුළට ගත්තාය.[/FONT]


    [FONT=&quot]“දෝණි.. ඇයි පුතේ මේ පයින්ම.. කෝ මාමා ආවෙ නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“ආවා නැන්දා. අපි පාර ගාවින් බස්සලා මාමා වෙන වැඩකට ගියා.”[/FONT]


    [FONT=&quot]“අනේ මන්දා මේ මනුස්සයට පිස්සුද කියලා. කරුවලත් වැටීගෙන එන වෙලාවෙ මේ දරුවා පයින් එවලා තියෙන්නෙ.”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියා සිනාසී මදෙස බැලුවේය. ඔහුගේ පෙරැත්තය නිසා නොවන්නට මාමා කීයටවත් මා මග දමා නොයන වග විශ්වාසය.[/FONT]


    [FONT=&quot]“අන්කල්ට බණින්න එපා ඇන්ටි. මමයි කිව්වෙ මං නංගිව ගෙදරට ඇරලවන්නම්, අන්කල්ට ගිහින් එන්න කියලා.”[/FONT]


    [FONT=&quot]ඔවුන් දෙපලට කතා කිරීමට ඉඩ හැර නැන්දාගෙන් මිදී ගත් මම නිවස තුළට පා තැබුවෙමි. දොර අභියසම මදෙස බලා උන්නේ රුවන් මල්ලීය.[/FONT]


    [FONT=&quot]“අරූව කොහිදිද සෙට් වුණේ...?”[/FONT]


    [FONT=&quot]ඔහු කෝපගත් හඩින් ඇසුවේ දුලාජ් අයියා පිළිබදව වන්නට ඇත.[/FONT]


    [FONT=&quot]“කවුද දුලාජ් අයියද..?”[/FONT]


    [FONT=&quot]“ආ.. එහෙනම් මිනිහගෙ නමත් දැනගත්තා නේද.. හැබැයි අක්කා..”[/FONT]


    [FONT=&quot]එවර නම් ඔහුගේ හඩ බිදී ගියේය. මොහොතක් මදෙස බලා උන් මල්ලී ඉක්මන් අඩි තබා ඔහුගේ කාමරයට වැදී දඩාස් ගා දොර වසා ගත්තේය. මම උන් තැනම ගල් ගැසී බලා උන්නේය.[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]*********************[/FONT]

    [FONT=&quot]ඇග සෝදා සැහැල්ලු ඇදුමකට මාරු වූ මා තේ කෝප්පය රැගෙන බැල්කනියට පිවිසෙද්දී නැන්දා මා පසුපස පැමිණියාය.[/FONT]


    [FONT=&quot]“මාමා තාම ආවෙ නෑ නේද නැන්දා..?”[/FONT]


    [FONT=&quot]“මාමා තව ටිකකින් එයි දෝණි.. දැන් කෝල් කළා ඔයා පරිස්සමින් ආවද අහන්න.”[/FONT]


    [FONT=&quot]කුසෙන් වැදූ අම්මාවත් මා නොරැකි තරම් ආදරයෙන් මාමාත්, නැන්දාත් මා රැකීම පිළිබදව සිත උද්දාමයට පත්විය.[/FONT]


    [FONT=&quot]“ඉතිං.. දුලාජ් පුතා කිව්වෙ ඇත්තද..?”[/FONT]


    [FONT=&quot]“මොනවද....?”[/FONT]


    [FONT=&quot]මම බිය විමි. ඔහු නැන්දා සමග මොනවා කියන්නට ඇත්ද..? [/FONT]


    [FONT=&quot]“දූට වැඩිම ලකුණු ගත්ත තෑග්ගකුයි, තව මොකක්ද තෑග්ගකුයි හම්බ වුණා කිව්වෙ..”[/FONT]


    [FONT=&quot]“ආ.. මේ.. ඒකද..?”[/FONT]


    [FONT=&quot]“ඔය තරම් වටින දේවල් අපිට නොකියා ඉන්නෙ අපි ගණන් ගන්නෙ නැතිව ඉදියි කියලා හිතලද..?”[/FONT]


    [FONT=&quot]නැන්දාගේ දයාබර හඩ මා සිත පාරවන්නට සමත් විය. ඔවුන්ගේ ආදරයේ තරම මා මේ වන විටත් වටහාගෙන උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“මම එහෙම හිතුවෙ නෑ නැන්දෙ. මට සමාවෙන්න.”[/FONT]


    [FONT=&quot]මම නැන්දගේ උරහිසේ හිස හොවා ගත්තෙමි. ඈ සිය අතැගිලි මා හිසකෙස් අතර දිවෙව්වාය.[/FONT]


    [FONT=&quot]“අපිට දෝණිව ගොඩක් වටිනවා. ඒ වගේම මාමටත්. දැන් ඔය ආපහු ගිහින් තියෙන්නෙ රෑට පොඩි පාටියක් දාන්න බඩු ගේන්න.”[/FONT]


    [FONT=&quot]“තාත්තා නැතිවෙලා දවස් කීයද නැන්දා. මොන පාටිද ඉතිං..”[/FONT]


    [FONT=&quot]එය මා හිතා මතා කීවා නොව, ඉබේම කියැවුණි ය. නමුත් ඉන් නැන්දාගේ සිත පෑරෙන්නට ඇතැයි මට සිතුණි. ඔවුන් වෙහෙසෙන්නේ මාව සතුටින් තැබීමටය.[/FONT]


    [FONT=&quot]“මේක පාටියක්ම නෙමෙයි දෝනි. මගේ දූ විභාගෙන් පාස් වුණ සතුටට පවුලෙ අය අතර විශේෂ රෑ කෑමක්.”[/FONT]


    [FONT=&quot]නැන්දා සමග කතා කරන අතරතුර එහා ගෙදර බැල්කනියට පැමිණි දුලාජ් අයියා කීපවරක් නැවත හැරී යනු මා දුටිමි. ඇතැම් විට නැන්දාත් එය දකින්නට ඇත.[/FONT]



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]හුදෙකලාව තුළ මා තනිකර දමමින් තවත් දින කිහිපයක් ගෙවී ගියේය. ඒ ගෙවුණු සෑම දිනකම දුලාජ් අයියා මා දකිනු රිසියෙන් දිනකට කිහිප වරක්ම බැල්කනියේ හා ජනේලයේ හිස පොවනු මම දිටිමි. ඔහු දුටු සැනින් මා කළේ කාමරයට වැදී සැගව ගැනීමය. නමුත් දින සති ගෙවී යද්දී ඒ කඩවසම් සොදුරු රුව මා සිතට එබිකම් කිරීමට පටන් ගත් කල මම නොසන්සුන් වූයෙමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මා වඩාත්ම බියපත් වූයේ මගේ වෙනස බාහිර ලෝකයට පෙනේවි කියාය.[/FONT]


    [FONT=&quot]“එක්සෑම් ඉවර වෙලත් ගොඩදවසකින් දුලාජ් මේ පැත්තෙ ආවෙ නෑ.”[/FONT]


    [FONT=&quot]දිනක් සවස මා පිරික්සන අටියෙන් රුවන් මල්ලී කීවේය. මම එය නෑසුන සේ බිම බලා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“ඒ ළමයට වැඩ ඇති පුතා. සීතා කිව්වා මේ ටිකේ ගෙදර ආවෙත් රෑ වෙලා කියලා.”[/FONT]


    [FONT=&quot]එය සත්‍යයක් නොවේ. සෑම සවසකම හය හමාර, හත පමණ වද්දී ඒ ගැඹුරු නෙත්සර සැදැල්ලෙන් පායා ඒ. මට යන්තම් සිනාවක් නැගුණි. ඒ දුටු රුවන් මල්ලීගේ මුහුණේ ඉරියව් වෙනස්ව ගියේය. අප අධීක්ෂණය නොකළ නැන්දා තවත් දොඩමළු විය.[/FONT]


    [FONT=&quot]“සීතා දැන් හරියට පුතන්ඩියට මගුල් හොයනවලු...”[/FONT]


    [FONT=&quot]“සීතා ඇන්ටිටත් පිස්සුනේ.. ඕකට කෙල්ලො හත අටක්ම ඇති..”[/FONT]


    [FONT=&quot]රුවන් මල්ලී ඒ කළේ නැන්දාට පිළිතුරු සැපයීමක් නොව මට වචනවලින් දමා ගැසීමකි. සැබැවින්ම එය අසා මසිත තදට රිදුනි. කාමරයට යෑම සදහා මම නැගිට ගත්තෙමි. නමුත් ඔහු පුටුව දොරට හරස් කළේය.[/FONT]


    [FONT=&quot]“ආ.. මේ කතා කරනකොටම ඇවිත් ඉන්නෙ..”[/FONT]


    [FONT=&quot]නැන්දාගේ හඩට අප දෙදෙනා එකවිටම මිදුලට එබී බැලුවෙමි. පැමිණ උන්නේ දුලාජ් අයියාය.[/FONT]


    [FONT=&quot]“අම්මේ... දැන් දකින්න තියෙන අමාරුව.”[/FONT]


    [FONT=&quot]රුවන් මල්ලී ඔහුව පිළිගත්තේ එසේ කියමිනි. නමුත් ඒ ඇස් යොමුව තිබුණේ මා දෙසටය.[/FONT]


    [FONT=&quot]“අද ටිකක් කලින් ආවා.. ඒකයි ඇවිත් යන්න ආවෙ..”[/FONT]


    [FONT=&quot]“උඹ දැන් ඕටී කපුටෙක් කියලා ආරංචියි.”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියා කී දෙය නෑසුණ විලස මල්ලී වෙනතක් කීවේය.[/FONT]


    [FONT=&quot]“එහෙම තමයි හලෝ.. මේ කාලෙ නිදහසේ හම්බ කරලා තියාගන්න ඕනෙ. බැන්ද කාලෙක නිදහසේ ගෙදර ඉන්න පුළුවන් එතකොට..”[/FONT]


    [FONT=&quot]“ඒ කියන්නෙ උඹට බඳින්න අදහසකුත් තියෙනවා.”[/FONT]


    [FONT=&quot]“නැතුව.. නැතුව.. දැන් විසි පහත් ලැබුවනේ.. පවුල් පන්සල් වෙන්න කාලෙ හරි..”[/FONT]


    [FONT=&quot]ඉතින් ඔවුන් බොහෝ වේලා දොඩමළු වූහ. මා කළේ නැන්දා ළඝ දැවටී ඒවාට සවන් දීමය.[/FONT]


    [FONT=&quot]“අන්කල්ගෙ රට යන වැඩේ කොහොමද ඇන්ටි.... ඒක හරියයිද.?”[/FONT]


    [FONT=&quot]බොහෝ වේලාවකට පසුව මා නොදැන උන් කරුණක් දුලාජ් අයියා නැන්දාගෙන් විමසීය. මම කුතුහලයෙන් යුතුව නැන්දා දෙස බැලිමි.[/FONT]


    [FONT=&quot]“ඒක තව සති දෙක තුනකින් හරි යයි පුතා..”[/FONT]


    [FONT=&quot]ඇය පිළිතුරු බැන්දේ බොහෝ කල්පනාබරවය. මාමා ජපානයට යන්නේ මාස තුනකට බවත්, එය ඔහුගේ ආයතනික අවශ්‍යතාවක් බවත් මා දැනගත්තේ ඔවුන්ගේ කතාබහෙනි.[/FONT]


    [FONT=&quot]“දුලාජ් මොකද කියන්නෙ, චෙස් අතක් අදිමුද..?”[/FONT]


    [FONT=&quot]රුවන් මල්ලී විමසද්දී ඔහු හිස දෙපසට සැලීය.[/FONT]


    [FONT=&quot]“අද බෑ... මං හෙට එන්නං...”[/FONT]


    [FONT=&quot]ඔහු පිළිතුරු සැපයුවේ රුවන් මල්ලීට වුවද බලා උන්නේ මදෙසය. මම වෙනසක් නොදැනෙන සේ කාමරයට රිංගා ගතිමි. තවත් පැය භාගයකින් පමණ පහළ මාලයෙන් ඇසුණු හඩ තුනී වී ගිය නිසා දුලාජ් අයියා යන්නට ඇතැයි මට සිතුණි.[/FONT]


    [FONT=&quot]*************************[/FONT]


    [FONT=&quot]“අක්කා... ඔයා නිදිද..?”[/FONT]


    [FONT=&quot]රුවන් මල්ලී දොරෙන් එපිට සිට කෑ ගැසුවේය.[/FONT]


    [FONT=&quot]“නෑ මල්ලි... එන්න ඇතුළට...”[/FONT]


    [FONT=&quot]ඔහු කාමරයට පිවිසියේ අතේ යමක් සඟවාගෙනය. මම ඔහු දෙස ඕනෑකමින් බැලිමි. පෙර වූ තරහ පෙනුම දැන් ඒ මුහුණේ නැත. ඔහු උන්නේ සිනාසෙමිනි.[/FONT]


    [FONT=&quot]“ඇයි මල්ලි.?”[/FONT]


    [FONT=&quot]ඔහුගේ හැංගිමුත්තං සෙල්ලම වටහාගත නොවුණු මගේ දෑස් විසල් විය.[/FONT]


    [FONT=&quot]“අක්කට පුංචි තෑග්ගක්...”[/FONT]


    [FONT=&quot]මෙතෙක් සඟවා උන් කුඩා පාර්සලය මදෙසට දිගු කළ ඔහු කීවේය. මම පුදුම වී බලා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“ඔයා විභාගෙ පාස් වෙලා ගොඩක් දවස් තමයි. ඒත් මට අදයි සල්ලි හම්බවුණේ..”[/FONT]


    [FONT=&quot]ඔහු එය කී දුක්බර විලාසයට මට දුකක් දැනුණි. තවමත් ඔහු මදෙසට දිගුකරගෙන සිටි එම බෑගය මම අතට ගතිමි.[/FONT]


    [FONT=&quot]“ගොඩක් ස්තුතියි මල්ලි... ඒත් මම ඔයාලගෙන් තෑගි බලාපොරොත්තු වුණේ නෑ. ඔයාලගෙන් ලැබෙන මේ ආදරේ මට හොදටම ඇති.”[/FONT]


    [FONT=&quot]සිතාමතා හැඬුවේ නැති වුවද ඔවුන්ගේ දයාබරත්වය ඉදිරියේ සිත තද කරගත හැකි වූයේ නැත. ඒ පුංචි බෑගය පපුවට තුරුලු කරගත් මම ඇදේ පෙරළි හැඩුවෙමි. මා ළගින් ඉඳගත් මල්ලී බොහෝ වේලා යනතුරු මහිස අතගෑවේය.[/FONT]


    [FONT=&quot]“මට තේරෙනවා අක්කා.. අපි කවුරු හිටියත් නැන්දයි, සුදු මාමයි ඔයා ළග නැති අඩුව අපිට මකන්න බෑ.”[/FONT]


    [FONT=&quot]ඒ හඩ බිදී ගිය නිසා මම හිස ඔසවා ඒ නෙතු දෙස බැලිමි. ඒවා රතුවට හුරු බොර පැහැයකට හැරී තිබිණි.[/FONT]


    [FONT=&quot]“ඔයා දන්නවද..? අපේ අම්මා මටත් වඩා ඔයාට ආදරෙයි. ඒ ගැන හිතලවත් සතුටු වෙන්න.”[/FONT]


    [FONT=&quot]එය ඇත්තක් වුව ද හිත සතුටින් තැබීමට හැකි වූවා නොවේ. මට කොතෙකුත් තාත්තා සිහිපත් විණි. ඔහුගේ අහිංසක ලෝකයේ එකම පැතුම වූයේ මගේ සතුට පමණක්මය. බොහෝ අසීරුවෙන් හැඩුම තදකරගත් නමුදු ඉකිබිදුම සගවා ගැනීමේ වෑයම අසාර්ථක විණි. මදෙස තවත් මොහොතක් බලා උන් රුවන් මල්ලී ඇදෙන් නැගිට්ටේය.[/FONT]


    [FONT=&quot]“අඬන්නෙ නැතුව ඕක දිගෑරලා බලන්න අක්කා.. ඔයා කැමති වෙයි.”[/FONT]


    [FONT=&quot]එසේ කී ඔහු යන්නට ගියේය. කඳුළු පිසලූ මා ඇඳෙන් නොනැගිටම ඒ පාර්සලය ලිහා බැලුවෙමි. ඔහු කීවා සේම එය දුටු පමනින් මසිත ඇදී ගියේය. එහි වූයේ තනි වීදුරු කැටයමක් තුළ වූ බුදුහාමුදුරුවන්ගේ සන්සුන් ප්‍රතිමාවකි. එයටම අයත්ව තිබූ විද්‍යුත් අයිතමය මත එම ප්‍රතිමාව තබා මම ස්විචය ක්‍රියාත්මක කළෙමි. විවිධ වර්ණයන්ගෙන් යුත් එළියක් වීදුරු කැටය හරහා ගමන් කර ඒ බුදුරුව ආලෝකමත් කළේය. මෙතෙක් හැඩූ මසිත එම දසුනෙන් නිවී සැනහුණි.[/FONT]


    [FONT=&quot]**************************[/FONT]


    [FONT=&quot]දිනක් නැන්දා කුස්සියට වී කේක් එකක් සාදමින් උන්නාය. මම ඈ අසල තිබූ පුටුවකට බර වී මොහොතක් බලා සිටියෙමි.[/FONT]


    [FONT=&quot]“ඇයි දූට මෙහෙ පාළුයිද...?”[/FONT]


    [FONT=&quot]නැන්දා එසේ අසන්නට ඇත්තේ මා අරමුණකින් තොරව ඇගිලි තුඩින් මේසයේ ඉරි අඳිමින් උන් නිසා වන්නට ඇත.[/FONT]


    [FONT=&quot]“මට ජොබ් එකක් කරන්න ආසයි නැන්දා..”[/FONT]


    [FONT=&quot]ඈ තිගැස්සී මදෙස බැලුවාය. මම සිනාසුනෙමි. නමුත් මගේ සිනාව හඩන්නට බැරිකමට වූ සිනාවක් වග ඇය තේරුම් ගන්නට ඇත.[/FONT]


    [FONT=&quot]“අනේ රත්තරනේ... අපි කොහොමද ඔයාව රස්සාවකට අරින්නෙ..?”[/FONT]


    [FONT=&quot]“මොකුත්ම නොකර මෙහෙම ඉන්නකොට මට ගෙදර මතක් වෙනවා.”[/FONT]


    [FONT=&quot]මම ඇත්තම කීවෙමි. ඒ ඇසූ නැන්දාගේ දෑස් බොඳව ගියේය. ඈ බීටරය ක්‍රියා විරහිත කර පැමිණ මා ළගින් හිඳ ගත්තාය.[/FONT]


    [FONT=&quot]“ලබන සතියෙ මාමා රට යනවා. මල්ලිත් ඉන්ටවිව් ගිය ජොබ් එක හරියයි වගේ. ඔයත් ගියාම මම තනියෙමනේ දෝණි..”[/FONT]


    [FONT=&quot]ඇය මවක තරම් දයාබරිතව මහිස අතගා කියද්දී මසිත අසරණ විය. මම හැගීම් විරහිතව දෙනෙත් දුරකට පා කළෙමි.[/FONT]


    [FONT=&quot]“හරි.. ඔයාගෙ පාළුව යන්න මං වැඩක් සෙට් කරන්නම්කො. සමහර විට අදම තීන්දු කරගන්න පුළුවන්..”[/FONT]


    [FONT=&quot]මට ඈ වැටහුණේ නැත. යමක් සිතේ සඟවා අමුතු බැල්මක් හෙළූ ඈ නැවතත් සිය කාර්යය කරන්නට ගත්තාය.[/FONT]


    [FONT=&quot]“ඇයි නැන්දා කේක් හදන්නෙ..? මොකක් හරි විශේෂයක්ද.?”[/FONT]


    [FONT=&quot]“අද හවසට මගේ යාළුවෙක් එනවා...”[/FONT]


    [FONT=&quot]නැන්දා සිය යෙහෙලියක ගැන ඔය කීවාමය. ඉතින් මා පුදුම විමි. නමුත් ඇය වැඩ කරන හුරුබුහුටි ආකාරය දුටු මට ඒ පිළිබඳ කිසිවක් අසන්නට අමතක විය. වැඩ අවසන් කළ ඈ තැටියක ඇතිරූ මිශ්‍රණය විදුලි පෝරණුවට දැමුවාය.[/FONT]


    [FONT=&quot]“දෝණි කේක් හදන්න දන්නවද....?”[/FONT]


    [FONT=&quot]“නිකං බටර් කේක් හදන්න පුළුවන්. ඒත් වැඩිය බෑ.”[/FONT]


    [FONT=&quot]“මම කියලා දෙන්නම්කො වෙලාවක.”[/FONT]


    [FONT=&quot]ඈ කුමක් හෝ කියා දෙන්නේ ඇගේ වැඩ වලට මා සම්බන්ධ කර ගන්නේ මගේ තනිකම පාළුව දුරලීමට බව මා දනිමි.[/FONT]


    [FONT=&quot]“අම්මේ... රූපිකා ආන්ටි පළාතම සුවඳයි..”[/FONT]


    [FONT=&quot]නහයත් දෙපසට විහිදුවමින් විකට ස්වරූපයක් මවාගෙන කුස්සියට පැමිණියේ දුලාජ් අයියා ය.[/FONT]


    [FONT=&quot]“අපි මේ කේක් එකක් හැදුවා පුතා..”[/FONT]


    [FONT=&quot]“රායිට්... බේක් වෙනකල් මම ඉන්නම්..”[/FONT]


    [FONT=&quot]පසෙක තිබූ ප්ලාස්ටික් පුටුවක් ඇද ඉඳගනිමින් ඔහු කීවේය. එයට නැන්දාගේ මුවේ හසරැල්ලක් නැගුණි.[/FONT]


    [FONT=&quot]“කොල්ලො මං මේ උඹෙන් අහන්නමයි හිටියෙ.”[/FONT]


    [FONT=&quot]නැන්දා යමක් කීමට ගොස් නැවතී මගේ මුහුණ දෙස විපරමෙන් බැලුවාය. නමුත් දුලාජ් අයියා ප්‍රශ්නාර්ථ රැඳි දෑසින් ඈ දෙස බලා උන්නාය.[/FONT]


    [FONT=&quot]“අහන්න ඇන්ටි ඕන දෙයක්..”[/FONT]


    [FONT=&quot]“කොල්ලා මේ දවස්වල හවසට හවසට බැල්කනියෙ ගැවසෙනවා වැඩියි වගේ.”[/FONT]


    [FONT=&quot]ඔහුගේ හොරය නැන්දාට හසුවී ඇති සෙයකි.[/FONT]


    [FONT=&quot]“මම මේ දවස්වල අලුත් ප්‍රොජෙක්ට් එකකට තරු රටා අධ්‍යනය කරනවා.”[/FONT]


    [FONT=&quot]ඔහු ඇඟටපතට නොදැනී බොරුවක් කීය. මම සිනාව තදකරගෙන උනිමි.[/FONT]


    [FONT=&quot]“හවස හය හත වෙද්දි කොහෙද තරු රටා...? ඊටත් තරු පායන්නෙ අපේ ගෙවල් පැත්තෙයෑ..”[/FONT]


    [FONT=&quot]නැන්දාගේ කතාවට අප තිදෙනාටම සිනා නැගුණේ එකවිටය.[/FONT]


    [FONT=&quot]“ආන්ටිලාගෙ පැත්තෙන් පායන්නෙ තරු නෙමෙයි හඳ.”[/FONT]


    [FONT=&quot]සිනාව මධ්‍යයේ වුවද ඒ කතාවට මා තිගැස්සී ගියේය.[/FONT]


    [FONT=&quot]“ඔහොම යමුකො.... අපිත් ඉන්නෙ අල්ලපු වැටේනෙ. හැබැයි පුතේ තරු පායනවා බලන්න ගිහින් අන්තිමට උඹට තරු පෙනෙයිද දන්නෑ.”[/FONT]


    [FONT=&quot]“බලමු.. කෝ..”[/FONT]


    [FONT=&quot]ඔහු එසේ කීවේ තාලයට ඇද පැදය. මම ඒ කතාවට සම්මාදන් නොවී මුනිවත රැකිමි.[/FONT]


    [FONT=&quot]“ඒක නෙමෙයි දරුවො. කේක් එක දැනුයි දැම්මෙ. තව පැය භාගයක්වත් ඉන්න වෙයි. ඉඳලා කාලා යනවද, නැත්තං මං අපේ දෝණි අතේ කෑල්ලක් එවන්නද..?”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියාගේ මුවේ සිනාවක් විවර වෙද්දී මසිතට චකිතයක් දැනුණි. මා මෙතෙක් ඔවුන්ගෙ නිවසට ගොස් තිබුණේ නැත. නැන්දා මාව පත් කළේ සුලුපටු අපහසුතාවයකට නොවේ.[/FONT]


    [FONT=&quot]“අපේ ගෙදරටත් හඳ පායනවා නම් මං දැන් ගෙදර යන්නම්කෝ..”[/FONT]


    [FONT=&quot]ඔහු නැන්දාටත් ඇසක් වසා ඇසිල්ලකින් නැගිට ගියේය. මම ඔහු ගිය මග දෙසට නෙත් යොමා උනිමි.[/FONT]


    [FONT=&quot]“පිස්සු කියෙව්වාට ඌ හරිම හොඳ කොල්ලා. පුංචි කාලෙ ඉඳලම අපිට හරිම ලැදියි..”[/FONT]


    [FONT=&quot]නැන්දා මදෙස බලා කියද්දී මම ඒ රුව සිතින් මවා ගතිමි.[/FONT]


    [FONT=&quot]“ඌ ඔය හඳ කියලා කිව්වෙ දෝණිට..”[/FONT]


    [FONT=&quot]නැන්දාත් එය වටහා ගැනීම පිළිබඳව මට දැනුනේ ලැජ්ජාවකි. ඕ මගේ රතුව ගිය මුහුණ දෙස බලා සිනාසුණා ය. මුහුණ සඟවාගත් මම සෙමෙන් අඩි තබා ගොස් නතර වූයේ උඩුමහලේ මගේ කාමරයේ ය. ඇදේ ඉඳගත් මා විවර වූ ජනෙල් පියන් අතරින් දුලාජ් අයියාගේ බැල්කනිය දෙස බැලිමි. විශ්වාස කළ මැන. ඔහු දුරින් හිඳ වුව සෘජුව බලා උන්නේ මා දෙසය. සිතට දැනුණ අපහසුතාව වළක්වා ගැනීමට අවැසි වූ නිසා මා එක් ජනෙල් පියනක් වදා දැමුවෙමි. නමුත් සුළු මොහොතකින් අනෙක් ජනෙල් පියන හරහා ඇතුළට ආ යමක් අල්මාරියේ හැපී බිම නතර විය. එය සුදු පැහැ කොළ ගුලියකි.[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]කාමරයේ දොර මඳක් වැසූ මා වෙව්ලන අතැගිලි වලින් එය අහුලා වටපිට බැලිමි. කිසිවකු මදෙස බලා උන්නා නොවේ. ඉතින් මා එය විවර කෙළෙමි. තරමක් බරැති හතරැස් මක කෑල්ලක දවටා එවා තිබූ කොළ කැබැල්ලේ වූයේ මෙවැන්නකි.[/FONT]

    [FONT=&quot]“කේක් නැතිවට කමක් නෑ... හඳ ඇවිත් යන්න...”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියා පිළිබඳ මහා අනුකම්පාවක් මසිතේ කොනක පැළපදියම් විය. ඔහුගේ එම පණිවුඩය ලියූ කොළ කැබැල්ල පොත් අතර සගවා ගත් මා මකනය සාක්කුවේ ලා ගතිමි.[/FONT]


    [FONT=&quot]“දෝණි... ටිකක් පහලට එන්න පුතේ..”[/FONT]


    [FONT=&quot]නැන්දා පහළ මාලයේ සිට මා ඇමතුවා ය. මම ඉක්මන් අඩි තබා ඒ දෙසට යද්දී ඈ හතරැස් රෙදි කැබැල්ලකින් වසන ලද පිඟානක් අත තබා බලා උන්නා ය.[/FONT]


    [FONT=&quot]“දූට පුළුවන් නේද මේක දුලාජ් පුතාලගෙ දිහාට දීලා එන්න.”[/FONT]


    [FONT=&quot]“අනේ නැන්දා... මං එහේ ගිහින් නෑනෙ..”[/FONT]


    [FONT=&quot]“එහේ ඉන්නෙ සීතා ඇන්ටි. හරි හොදයි පුතේ. ඔයා දැකලත් ඇති.”[/FONT]


    [FONT=&quot]සැබෑය. දුලාජ් අයියාගේ අම්මා හෙවත් සීතා ආන්ටි රූපිකා නැන්දා සමග මිතුරුය. ඈ විශේෂ යමක් හැදූ විට නැන්දාගේ පංගුව වරද්දන්නේ නැත. ඉතින් මා නිහඬවම පිඟාන රැගෙන මිදුලට බැසිමි.[/FONT]


    [FONT=&quot]“දෝණි විගහට එන්න. මගේ යාලුවා දැන් මග එනවත් ඇති.”[/FONT]


    [FONT=&quot]නැන්දාගේ විශේෂ යාළුවා දැකීමට මා තුළ වූ උනන්දුව තවත් වැඩි විය. ඈ සිනාසී බලා හිඳිද්දී මම ගේට්ටුවෙන් පිටට පැමිණියෙමි. දුලාජ් අයියලාගේ නිවසේ ගේට්ටුව ඇර දමා තිබූ නිසා මම චකිතයකින් එදෙසට පිය නැගුවෙමි. මනාව නඩත්තු කරන ලද ගෙමිදුලේ සුදු පැහැ මේසයක් හා පුටු හතරක් තබා තිබුණි. ක්‍රමාණුකූලව තණ පියසෙන් හා නානාවිධ මලින් බර වූ ගස් කොළන් අතරේ නෙතු දිවයද්දී දුලාජ් අයියා සීතා ආන්ටි සමග මා අබියසට පැමිණියේය.[/FONT]


    [FONT=&quot]“මං බොරුද කිව්වෙ අම්මා.. හඳක් වගේ නෙමෙයිද......?”[/FONT]


    [FONT=&quot]මා දුටු වනම ඔහු සිය දඟකාර හඬ අවදි කළේය. තිගැස්සී ගිය මා වැටේ යැයි බියෙන් කේක් තසිම තද කර අල්ලා ගතිමි. සීතා ආන්ටි මොහොතක් දෙකක් මා මුහුණ දෙසම බලා උන්නා ය.[/FONT]


    [FONT=&quot]“රූපිකා නිතරම කියනවා දූ ගැන. මං දකින්න ආසාවෙන් හිටියෙ.”[/FONT]


    [FONT=&quot]ඈ දොඩමළු වූයේ බොහෝ කලක් පටන් දන්නා හඳුනන පරිසි මගේ අතකිනුත් අල්ලාගෙනය.[/FONT]


    [FONT=&quot]“මේක නැන්දා දෙන්න කිව්වා.”[/FONT]


    [FONT=&quot]මම තසිම දෝතින්ම ඇයට පෑවෙමි.[/FONT]


    [FONT=&quot]“මොකෝ හදිස්සි, යමුකො ගෙට... ගිහින් ඉඳගෙන කතා කරමු..”[/FONT]


    [FONT=&quot]සීතා ආන්ටිගේ කතාබහට දුලාජ් අයියාගේ නෙතු දිදුලන්නට විය. මම සීතල වූ වතින් ඈ පසුපස ඇදුනෙමි.[/FONT]


    [FONT=&quot]“අපේ පෙරේත කොල්ලා ගෙදරට ගිහින් කටින්ම ඉල්ලලා නේද...? රූපිකාටත් කරදරේ.”[/FONT]


    [FONT=&quot]තසිමේ වූ රෙදිකඩ පසෙකට කර එහි සුවඳ විදගත් ඇය පවසද්දී දුලාජ් අයියා අමුතු සිනාවක් පෑවේය.[/FONT]


    [FONT=&quot]“මට කිව්වට මොකෝ කේක් එවනකල් අපේ අම්මත් කෙල ගිල ගිල බලාගෙන හිටියෙ.”[/FONT]


    [FONT=&quot]ඒ ඇසී මට සිනා නැගුණි. ඔවුන් දෙදෙනාත්, නැන්දා හා රුවන් මල්ලී මෙන් බොහෝ සමීප ය.[/FONT]


    [FONT=&quot]“දූ ආපු ඵලවෙන් දවසනේ. තේ ඩිංගක් බීලා යමු.”[/FONT]


    [FONT=&quot]“එපා ආන්ටි.... නැන්දා ඉක්මනට එන්න කිව්වා.”[/FONT]


    [FONT=&quot]“හරි.. හරි.. විනාඩි පහයි.”[/FONT]


    [FONT=&quot]මගේ කීම නොසැලකූ ඈ කඩිනමින් කුස්සියට ගියාය. ඒ අවසරයෙන් දුලාජ් අයියා මා ඉදිරිපස අසුනට බර විය. මට මෙතෙක් සාක්කුවේ තිබූ මකනය සිහිවිය.[/FONT]


    [FONT=&quot]“ආ...”[/FONT]


    [FONT=&quot]ඔහු ඉදිරිපිටම සාක්කුවට අතයැවූ මා එය ඔහුට පෑවෙමි. ඔහු සිනාසී එය අතට ගත්තේය.[/FONT]


    [FONT=&quot]“මකනෙ විතරද ගෙනාවෙ...?”[/FONT]


    [FONT=&quot]මම ඒ හැගීම්බර දෙනෙත් දෙස මොහොතක් බලා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“මීනුට ඉලක්කෙට මකන විසි කරන්න බැරිද....?”[/FONT]


    [FONT=&quot]“බෑ..”[/FONT]


    [FONT=&quot]“මොනාද හලෝ.. කාමරේ ඇතුළටම එවන්න ඕන නෑ. බැල්කනියට වැටුණම ඇති. එතනට පොඩි දුරනේ.”[/FONT]


    [FONT=&quot]ඔහුට අවැසි මකනය නැවත බලා ගැනීමට නොව මා ලබා පණිවුඩ ගෙන්වා ගැනීමටය.[/FONT]


    [FONT=&quot]“මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙනවද...?”[/FONT]


    [FONT=&quot]ඔහු කුස්සිය දෙසට නෙත් යොමා බලා නැවතත් විමසුවේය. මම හිස දෙපසට වැනිමි.[/FONT]


    [FONT=&quot]“එහෙනං මගේ එක දෙන්නං ගන්නවද.?”[/FONT]


    [FONT=&quot]“ඒත් එපා..”[/FONT]


    [FONT=&quot]“මොනාද දූ එපා..?”[/FONT]


    [FONT=&quot]සීතා ආන්ටි ළඟටම එන තෙක් අප දෙදෙනාම දුටුවේ නැත. ඇයට පිළිතුරු දී ගත නොහැකිව මම දුලාජ් අයියා දෙස බැලිමි.[/FONT]


    [FONT=&quot]“මං මෙයාට කේක් කෑල්ලක් කාලා යන්න කිව්වා. ගෙදර තියෙන නිසා එපාලු.”[/FONT]


    [FONT=&quot]ඔහුට මෙසේ ක්ෂණිකව බොරු කොහෙන් කටට එන්නේදැයි මම පුදුම විමි. නමුත් ඔහුට ඒ ගැන වගක්වත් නැත.[/FONT]


    [FONT=&quot]“දූ බිස්කට් කාලා තේ බොන්නකෝ. ගෙදර ගිහින් කේක් කන්න බැරියෑ.”[/FONT]


    [FONT=&quot]ඔවුන් නසග සතුටු සාමිච්චියේ යෙදෙන අතරතුර මා උගුරට දෙකට තේ කෝපප්ය හිස් කළෙමි. නැන්දා මේ වන විට මා එනතුරු බලා ඉන්නවා ඇත.[/FONT]


    [FONT=&quot]“මේ ළමයා බයවෙලා වගේනෙ ඉන්නෙ.”[/FONT]


    [FONT=&quot]සීතා ඇන්ටි මහිස අතගා ආදරයේන කියද්දී මම පුටුවෙන් නැගිට ගතිමි.[/FONT]


    [FONT=&quot]“මම ගිහින් එන්නම් ආන්ටි.”[/FONT]


    [FONT=&quot]“හරි පුතේ ආපහු වෙලාවක එන්නකො.”[/FONT]


    [FONT=&quot]ඒ ඇසිල්ලෙන් මම දුලාජ් අයියාට සමු දෙන්නේවත් නොමැතිව මිදුලට බැසිමි.[/FONT]


    [FONT=&quot]නිවසට යන විට නැන්දාගේ සිනා හඩ අතර තවත් කාගේදෝ කටහඩක් ඇසුණි. ඉතින් ඔවුනට බාධාවක් නොවන සේ මා පසුපස දොරෙන් නිවසට ඇතුළු වූයෙමි. නමුත් කාමරයට යෑමට නම් සාලය හරයා ගොස් පඩිපෙළ නැග යා යුතුය. එබැවින් මා මොහොතක් පමා විමි. එවිටම නැන්දා කුස්සියට පැමිණියාය.[/FONT]


    [FONT=&quot]“ආ.. දෝණි ආවද..? ඇයි මේ කුස්සියට වෙලා.”[/FONT]


    [FONT=&quot]“නැන්දගෙ යාළුවා ඇවිත් නිසා මං මේ පැත්තෙන් ආවා.”[/FONT]


    [FONT=&quot]“අනේ දරුවො... එයා ඔය බලාගෙන ඉ්නනෙ ඔයා එනකල්.. යමුකො ඉ්සසරහට.”[/FONT]


    [FONT=&quot]බලෙන්ම මා අත ගත් නැන්දා මාව සාලයටම රැගෙන ගියාය. නැන්දාගේම වයසේ කාන්තාවක් හා අවුරුදු දහ අටක පමණ යුවතියක් සාලයේ හිඳ අප එන මඟ නෙත් යොමා බලා උන්හ.[/FONT]


    [FONT=&quot]“ආනේ... ආන්ටි කියපු අක්කි මෙයාද.? මං හිතන් හිටියට වඩා ගොඩක් ලස්සනයිනෙ...”[/FONT]


    [FONT=&quot]පෙර කී යුවතිය එය කීවේ පුටුවෙන් අඩක් නැගිටගෙන වාගේය. ඈ සිහින් සිරුරක් හිමි තලඑළළු එහෙත් ප්‍රසන්න පෙනුමැති අයෙක්. දුටුවනම මසිතේ ඈ කෙරේ කුමක්දෝ ලෙන්ගතු බවක් නැගුණි.[/FONT]


    [FONT=&quot]“ඔන්න යාළුවෙක් නෑ කියලා නහයෙන් අඬ අඬ හිටියනේ.. දැන් ඉන්නවා ෂෝක් අක්කෙක්.”[/FONT]


    [FONT=&quot]එය කීවේ ඇගේ මවය. ඇය ද නැන්දා මෙන් නිතර සිනාමුසුව සිටින අයකු වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.[/FONT]


    [FONT=&quot]“එහෙනං පුතේ දෙන්නා එළියට වෙලා ටිකක් කතා කරන්නකො.”[/FONT]


    [FONT=&quot]නැන්දාගේ හඬට මටත් පෙර නැගී උන්නේ එම නැගණියයි. ඈ මගේ අතැඟිලි අල්වා මිදුලට බැස්සේ පුරුදුකාරියක මෙනි.[/FONT]


    [FONT=&quot]“අක්කිගෙ නම කියන්නකො.”[/FONT]


    [FONT=&quot]“මම මීනු. එතකොට ඔයා.?”[/FONT]


    [FONT=&quot]“මම මල්ෂා.”[/FONT]


    [FONT=&quot]ඉතින් මා මල්ෂාගේ අතගෙන මිදුලේ සිමෙන්ති පඩියක ඉඳගත්තෙමි.[/FONT]


    [FONT=&quot]“අක්කි ගැන රූපිකා ආන්ටි අපේ අම්මත් එක්ක කියලා තියෙනවා.”[/FONT]


    [FONT=&quot]නැන්දා ඔවුන් සමග මොනාව කියා ඇත්දැයි නොදතත් නිසා මම මඳ සිනාවක් පමණක් පෑවෙමි.[/FONT]


    [FONT=&quot]“ඒ කිව්වටත් වඩා ඔයා හරිම ලස්සනයි. අහිංසක පාටයි.”[/FONT]


    [FONT=&quot]“බොරු කියන්න එපා.. මං කොහෙද ඔයා තරම් ලස්සන.?”[/FONT]


    [FONT=&quot]ඈ සුහද සිතින් මගේ අත් අල්ලාගෙන දෙපසට පැද්දිය. මම ඈට ඉඩ දී ඔහේ බලා උනිමි.[/FONT]


    [FONT=&quot]“අපරාදෙ අක්කි මෙහෙ එන්න තිබ්බෙ මීට කලින්. එහෙනම් මටත් පාලු නෑ.”[/FONT]


    [FONT=&quot]“ඔයාලා නිතරම මෙහෙ එනවද...?”[/FONT]


    [FONT=&quot]“මමනං වැඩිය ඇවිත් නෑ. අම්මා නං නිතරම එනවා. මෙහෙ ආවත් ඉතිං කතා කරන්න ඉන්නෙ රුවන් අයියා විතරනේ. එයත් හරි ආඩම්බරයි.”[/FONT]


    [FONT=&quot]ඈ කටත් අමුතුකර එය කියූ තාලයට මට සිනා නැගුණි. රුවන් මල්ලී ආඩම්බරයි කියා මා ඔය ඇසුවාමය.[/FONT]


    [FONT=&quot]“අක්කි දන්නවද අද අම්මයි මායි ආවෙ ඇයි කියලා.?”[/FONT]


    [FONT=&quot]“නෑ...”[/FONT]


    [FONT=&quot]“ඔයාව හම්බවෙන්න.”[/FONT]


    [FONT=&quot]ඇය කියද්දී මට පුදුම වී සිටීමට නොහැකි විය. මා දෑසත් ලොකු කර ඒ මුහුණ දෙස හොඳින් බැලිමි.[/FONT]


    [FONT=&quot]“බය වෙන්න එපා. මේකයි කාරණාව.”[/FONT]


    [FONT=&quot]ඈ දිගු හුස්මක් ගෙන කතාවට මුල පුරද්දී මා හුස්ම නොගෙනම බිරාන්ත වී බලා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“මං ඕ ලෙවල් කරන කාලෙ ඉඳලා මට ගණන් බෑ. ඕලෙවල් ගණන් පේපර් එක පාස් වුණෙත් පුදුම අමාරුවකින්. මගේ යාළුවො වැඩි දෙනෙක් කොමර්ස් කරන්න ගත්ත නිසා මමත් ගොන් කමට ඒකම තෝර ගත්තා. දැන්නං එරිලා ඉන්නෙ.”[/FONT]


    [FONT=&quot]“ඇයි ඒ...?”[/FONT]


    [FONT=&quot]“අනේ අක්කි මට එකවුන්ට්ස් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ලබන අගෝස්තු වල එක්සෑම් එක. මොනා කරන්නද මන්දා..?”[/FONT]


    [FONT=&quot]“ඉතිං ඇයි මාව හම්බවෙන්න ආවෙ.....?”[/FONT]


    [FONT=&quot]“රූපිකා ආන්ටි කිව්වා අක්කි ගණන් වලට මාර බ්‍රයිට් කියලා. ළඟදිත් මොකක්ද එක්සෑම් එකකින් එකවුන්ට්ස් වල වැඩිම ලකුණු අරන් තෑගි හම්බ වුණාලු. ඉතින් අම්මා රූපිකා ආන්ටිගෙන් ඇහුවා මට එක්සෑම් වෙනකල් පාඩං කියලා දෙන්න ඔයාව එවන්න බැරිද කියලා.”[/FONT]


    [FONT=&quot]ඔවුන් මා ගැන කතාබහ කළ බව නොදත් මා ඕනෑකමින් ඒ කතාවට කන් දුනිමි. මේ වනතුරුම නැන්දා ඔය වගක් මා සමග කීවේ නැත.[/FONT]


    [FONT=&quot]“ඉතින් අද අම්මියි, මායි දෙන්නම ආවෙ අක්කිව මීට් වෙලා ඔයාට අපේ ගෙදර එන්න පුලුවන්ද කියලා අහන්න. මං ඇත්තටම ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න. ඔයා මොකද කියන්නෙ අක්කි..?”[/FONT]


    [FONT=&quot]“මට හරියට මොකුත් කියන්න බෑනෙ බබා. මං නැන්දගෙන් අහලා වචනයක් දෙන්නං.

    [/FONT]
    [FONT=&quot]“රූපිකා ආන්ටි නං කොහොමත් කැමතියි. එයාටත් දැනගන්න ඕනෙ ඔයා කැමතිද කියලා.”[/FONT]


    [FONT=&quot]මම මොහොතක් කල්පනා කර බැලුවෙමි. නොදන්නා නිවසකට ගොස් පාඩම් කියා දීම දෙවරක් සිතා බැලිය යුත්තකි. මා ගැටලුවකට වැදි වූ බව දත් මල්ෂා නැවතත් දොඩමළු විය.[/FONT]


    [FONT=&quot]“ඔයා මේක පංති කිරිල්ලක් කියලා හිතන්න එපා අක්කි. තමන්ගෙ තැනකට එනවා කියලා හිතලා අපේ ගෙදර එන්න. දැනට ගෙදර ඉන්නෙ අම්මයි මායි විතරයි. තාත්ති ඉන්නෙ රට.”[/FONT]


    [FONT=&quot]ඈ කෙටි හැඳින්වීමක් කළාය. ඇගේ කතා විලාසය හා ප්‍රියමනාම හැසිරීම ගැන නම් මසිතේ පැහැදීමක් ඇතිවිය.[/FONT]


    [FONT=&quot]“අම්මි ඔයාට මාසෙට පංති ගාස්තුවක් වෙනම දෙයි.”[/FONT]


    [FONT=&quot]“අනේ නංගි... මට සල්ලි එපා.”[/FONT]


    [FONT=&quot]“එහෙම කියලා බෑනෙ අක්කි. අඩුගානෙ ඔයාගෙ මහන්සිය බස් ගාස්තුවවත් කවර් වෙන්න ඕනෙනේ.. ඒත් මට නං ඔයාව ඒනෙ ටියුෂන් ටීචර් කෙනෙක් විදියට විතරක් නෙමෙයි. හොඳ යාළුවෙක් විදියට.”[/FONT]


    [FONT=&quot]ඈ සිය සුරත මදෙසට පෑවාය. එදෙස මොහොතක් බලා උන් මා ඇගේ සුරත තදින් අල්ලා ගත්තෙමි. ඒ දෑස් සතුටින් දිදුලන්නට විය.[/FONT]


    [FONT=&quot]“දෝණි.. ඔය නංගි එක්ක එන්න තේ බොන්න.”[/FONT]


    [FONT=&quot]නැන්දා මිදුලට පැමිණ කියද්දී අප උන් තැනින් නැගිට නිවසට ඇතුළු වුණෙමු. මගේ අත අතනොහැරම මල්ෂා ඇගේ මව සමීපයට ගියාය.[/FONT]


    [FONT=&quot]“අම්මි... වැඩේ හරි... අක්කා කැමතියි...”[/FONT]


    [FONT=&quot]ඈ එය කීවේ මහා වීරකමක් කළ එකියක මෙනි.[/FONT]


    [FONT=&quot]“ඇත්තද දූ..? ඔයා අපේ දිහා එන්න කැමති වුණාද..?”[/FONT]


    [FONT=&quot]ඊට පිළිතුරු නොදුන් මා නැන්දා දෙස බැලිමි. එහි අරුත ඈ වටහා ගන්නට ඇත.[/FONT]


    [FONT=&quot]“දෝණි කැමති නං අපිත් කැමතියි.”[/FONT]


    [FONT=&quot]“ඔයා බය වෙන්න එපා දූ. ඔයාට අපේ දිහා ඇවිත් ගෙදර වගේ ඉන්න පුළුවන්. ඔයාට කැමති ඕනම දවසක, ඕනම වෙලාවක එන්න.”[/FONT]


    [FONT=&quot]මල්ෂාගේ මව මගේ සිත නම්මා ගන්නට තවත් බොහෝ දේ කීවාය. නමුත් ඔවුන්ගේ නිවසට ගොස් ඇයට පාඩම් කියා දීමට මම ඒ වන විටත් තීරණය කර උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“අපි එහෙනං ගිහින් එන්නං දූ. ඔයා රූපිකා එක්කත් කතා කරලා මේ සතියෙම පණිවුඩයක් දෙන්නකො..”[/FONT]


    [FONT=&quot]ඔවුන් පිටත්ව ගියේ අවසන් වරටත් එසේ කීමෙන් අනතුරුවය. අධ්‍යාපනයට දුර්වල අයකු තමා යටතට ගෙන ජයග්‍රහණය ළඟා කර දීමට හැකි නම් එය කෙනෙකුගේ දක්ෂතාවයකි. එවන් දස්කමක් මා සතු වේදැයි දැන ගැනීමට මම නොඉවසිලිමත් විමි.[/FONT]


    [FONT=&quot]“දෝණි මං හැමදාම වගේ අදත් කියනවා. ඔයා දැන් මගේම දූ, ඔයාව නරක තැනකට මම කීයටවත් යවන්නෙ නෑ. උඩවත්තලා හොඳ වැදගත් පවුලක්. ඒකයි මං ඔයාව එහෙ යවන්න කතා කළේ. හැබැයි තීරණය දූට බාරයි.”[/FONT]


    [FONT=&quot]“ඒ නංගිත් හොඳයි වගේ නැන්දා. අනික නැන්දගෙ යාළුවොනේ.. මං යන්න කැමතියි.”[/FONT]


    [FONT=&quot]මගේ තීරණය ගැන ඈ සතුටු වූ වග ඒ දෙනෙත් දකිද්දී මට වටහාගත හැකි විය. නැන්දාගේ ගෙල වටා දෑත් යමා ඒ කම්මුලත් ලාවට සිපගත් මා ඇගේ තුරුලෙන් මිදී නිවසට පිය නැගිමි. [/FONT]



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මා ලොකු මාමාගේ නිවසට පැමිණි දා සිට මෙහි බුදු පහන තැබීමේ රාජකාරිය බාර වූයේ මට ය. වී වට්ටියක් පිරෙන්නට මල් නෙළමින් උන්නෙමි. රුවන් මල්ලී දෙතුන් වරක්ම කල්පනාබරව මා අසලින් එහෙ මෙහෙ ගියේය. මම ඔහු දෙස නැවතිල්ලේ බැලිමි. ඒ මුහුණේ වූයේ වේදනාවකි. නැතහොත් පසුතැවීමකි.


    [FONT=&quot]“මල්ලි... ඇයි මේ...?”[/FONT]


    [FONT=&quot]ඔහු නැතැයි හඟවන්නට හිස දෙපසට සැලීය. හිතේ කිසියම් ගැටලුවක් නොවේ නම් ඔහු මෙසේ හැසිරෙන්නේ නැත. මට දුක සිතුනේ ඒ හින්දාමය.[/FONT]


    [FONT=&quot]“ඔයා දුකෙන් නේද..?”[/FONT]


    [FONT=&quot]මම නැවතත් ඇසුවෙමි.[/FONT]


    [FONT=&quot]“මගේ දුක ඔයාට තේරුම් ගන්න පුලුවන්ද අක්කා, කියන්න..?”[/FONT]


    [FONT=&quot]එය කියද්දී ඔහුගේ දෙනෙත්වලට කදුළු පුරා ආවේය. මගේ දෑසත් ඒ හා සමානව තෙත්ව යද්දී මම බිම බලා ගතිමි.[/FONT]


    [FONT=&quot]“ඔයා පහන තියන්න... මගේ දුක අඩුවෙයි..”[/FONT]


    [FONT=&quot]ඔහුගේ එම අරුත් සුන් වදන් මට වැටහුණා නොවේ. ඉතින් මා අසරණව බලා උනිමි. ඔහු එය නොදුටුවා සේ නිවසට වැදුණේය. මම බුදු පහන දල්වා තබා වුව ප්‍රාර්ථනා කළේ රුවන් මල්ලීගේ සතුටය.[/FONT]


    [FONT=&quot]රාත්‍රී අන්ධකාරය පරිසරය වැසී ගියද ඔහු කාමරයෙන් එළියට ආවේ නැත. මගේ සිතට පහදා දිය නොහැකි මහා බරක් දැනුණි.[/FONT]


    [FONT=&quot]“දෝණි දන්නවද වැඩක්....?”[/FONT]


    [FONT=&quot]රූපිකා නැන්දා සෙටියේ මා සමීපයෙන් ඉඳගනිමින් විමසුවාය. මම ඒ මුහුණ දෙස ප්‍රශ්නාර්ථයක් රැදි දෑසින් බැලිමි.[/FONT]


    [FONT=&quot]“අපේ චූටි පුතාට බෑන්ක් එකේ ජොබ් එක හරි ගිහින්.”[/FONT]


    [FONT=&quot]“ෂා නියමයිනේ නැන්දා..”[/FONT]


    [FONT=&quot]මට ඉබේටම කියවුණි. ඈ දයාබරව මදෙස බලා උන්නා ය. නමුත් මට දැන ගැනීමට අවැසි වූයේ එය නොවේ. මෙවන් සතුටු විය යුතු අවස්ථාවක ඔහු දුකින් ඉන්නේ ඇයිද කියා ය.[/FONT]


    [FONT=&quot]“ඒ විතරක් නෙමෙයි දූ... මාමටත් මේ වීක් එන්ඩ් එකේම ජපන් යන්න වෙලා.”[/FONT]


    [FONT=&quot]ඒ වදන් පවසද්දී නැන්දාගේ හඬ බිඳී ගියේය. මට ක්ෂණිකව අම්මාත්, තාත්තාත් සිහියට නැගුණි. ඔවුන් අතරත් මෙවන් බැඳිමක් වූයේ නම් මේ වන විටත් අපට සමගිව ඉන්නට තිබුණා නොවේද.?[/FONT]


    [FONT=&quot]“දෝණිත් පංති කරන්න උඩවත්තලගෙ ගෙදර ගියාම මේ ගේ පාළුවට යයි.”[/FONT]


    [FONT=&quot]“එහෙනම් මං නොගිහින් ඉන්නම් නැන්දා.”[/FONT]


    [FONT=&quot]“එහෙම කරන්න එපා දූ... ඔයා එනවා කියලා එයාලට කියලා ඉවරනේ.. අනික කෙනෙක්ගෙ ඇස් පාදන එක පිනක්.”[/FONT]


    [FONT=&quot]“නැන්දා තනියමනේ...”[/FONT]


    [FONT=&quot]මට ඈ ගැන දුක සිතුණි. පවුලේ යහපත් ගැන නිරන්තරව වෙහෙසස ඈ ස්වාමියාගේ හා පුතණුවන්ගේ සාර්ථකත්වය හමුවේ අසරණ වී ඇත.[/FONT]


    [FONT=&quot]“මල්ලිට කවදා ඉඳලද යන්න තියෙන්නෙ.?”[/FONT]


    [FONT=&quot]“පළවෙනිදා ඉඳලා. ඒ කියන්නෙ ලබන සතියෙ.”[/FONT]


    [FONT=&quot]ලබන මස පළමුවැනිදා වීමට තව ඉතිරිව ඇත්තේ දින පහකි. තව දින තුනකින් මාමාත් නික්ම යාමට නියමිතය. මිනිසුන්ගේ ජීවිත වෙනස් වීමට ගතවන්නේ කෙතරම් කෙටි කාලයක්දැයි සිතා මා පුදුම විමි.[/FONT]


    [FONT=&quot]“අනේ මන්දා.. තාත්තා රට යනවා කියලා අහපු නිසා ද දන්නැ චූටි පුතත් දුකෙන් වගේ..”[/FONT]


    [FONT=&quot]මා දුටු එම වෙනස නැන්දාත් වටහාගෙන ඇත. කීමට කිසිත් සිහි නොවූ නිසා මා කරබා උනිමි.[/FONT]


    [FONT=&quot]“මේ ළමයා කවදාවත් නැතිව හවස තේ එක බිව්වෙත් නෑ. අඩුගානෙ කන්නවත් එන්න කියන්න දූ..”[/FONT]


    [FONT=&quot]නැන්දාගේ අවසරයෙන් මම රුවන් මල්ලීගේ කාමරයට පිය නැගුවෙමි.ඔහු උන් දුක්බර විලාසය දුටු මට නැවත හරී යන්නට තරම් සිත් විය. ඇද විට්ටමට කොට්ටයක් බාගෙට හේත්තු කර එයට දිගා වී උන් ඔහුගේ නෙතු රැඳී තිබුණේ වහලේ සිවිලිම මත්තේය. මම මොහොතක් ඔහුගේ කඩවසම් රුව දෙස බලා උන්නෙමි. ඇතැම් විට ඔහුගේ මේ වෙනසට හේතුව කිසියම් ගැහැනු ළමයෙකු විය නොහැකිදැයි මට ක්ෂණිකව සිහියට නැගුණි. මා ඔහුගේ ඇඳ ළගටම ගියද ඔහුගේ අවධානය තිබුණේ වෙනතකය. ඉතින් මා නැවත ඒමට සිතා හැරෙද්දීම රුවන් මල්ලී ක්ෂණිකව මා අතක් තද කර අල්ලා ගත්තේය.[/FONT]


    [FONT=&quot]“ඔයාට මගේ ළගටම ආවත් කතා කරන්න දෙයක් නැද්ද අක්කා. ඇයි යන්න හදන්නෙ, මේ මල්ලිව එපාද..?”[/FONT]


    [FONT=&quot]ඔහු විමසන්නේ දුක හිතෙන දේවල්මය. මම ඒ හිසකේ අතර ඇගිලි යවා හිස මෘදුව පිරිමැදිමි. පෙර දිනවල මෙන් ඔහු මහා සැනසුමකින් දෑස් වසා ගත්තේය. නමුත් ඒ වැසූ දෑස් අගින් කදුළු පේළි දෙකක් දෙපසට ගලා යද්දී මා නෙතු විසල් විය.[/FONT]


    [FONT=&quot]“මාව කාටවත් තේරුම් ගන්න බෑ අක්කා. මං මහා පව්කාරයෙක්.”[/FONT]


    [FONT=&quot]“මල්ලි....”[/FONT]


    [FONT=&quot]මම ඔහුගේ මුව වැසිමි. ඔහු මා අත ගසා දැම්මේය.[/FONT]


    [FONT=&quot]“මාමා යන එක ඔයාට වගේම අපිටත් දුකක්. ඔයා ඔහොම අඬද්දී, නැන්දා වුණත් කොහොමද හිත හදාගන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“බම්බුව...”[/FONT]


    [FONT=&quot]මගේ කතාවට මල්ලීට තරහා නැගුණි. නමුත් මට හේතුව වැටහුණේ නැත.[/FONT]


    [FONT=&quot]“අපි කෑම කන්න යමු මල්ලි.”[/FONT]


    [FONT=&quot]“මට කෑම එපා. මැරිලා ගියාදෙන්.”[/FONT]


    [FONT=&quot]මේ නම් මා මෙතුවක් දැන උන් රුවන් මල්ලී නොවේ. ඔහු මෙසේ මුරණ්ඩු ලෙස හැසිරෙන්නේ නැත. ඉතින් මං ඔහු වෙතින් ඈත්ව දොර දෙසට පිය නැගුවෙමි.[/FONT]


    [FONT=&quot]“ආ..”[/FONT]


    [FONT=&quot]ඔහු අල්ලේ යමක් සඟවා සුරත මා වෙත දිගු කළේය.[/FONT]


    [FONT=&quot]“මොනවද...?”[/FONT]


    [FONT=&quot]“ඔයාට වටින දෙයක්.”[/FONT]


    [FONT=&quot]මම නැවත අඩියක් දෙකක් ඉදිරියට ගොස් අත්ල පෑවෙමි. මදෙස මොහොතක් බලා උන් ඔහු මා වෙත දිගුකර එය මුදා හැරියේය. මම අනන්තවත් තිගැස්සුණෙමි. හුස්ම හිරවී ගියා වගේය. මගේ අත්ල මත වූයේ පෙර දවසක මා දුලාජ් අයියාට ගෙන ගොස් බාරදුන් ඔහුගේ මකනයයි. එහි එක් පසෙක කළු පෑනකින් [/FONT]
    [FONT=&quot]“දුලාජ්” යන නම ගැඹුරට කා වද්දා තිබුණි. ඉතින් එය කාගෙදැයි දැන ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.[/FONT]

    [FONT=&quot]“ඇයි බයවෙලා....?”[/FONT]


    [FONT=&quot]මගේ බියගත් මුහුණ හා විසල් වී ගිය දෙනෙත් දෙස බලා ඔහු ඇසුවේ ය. අත පසෙකට ගැනීමට තරම්වත් සිහියක් නොවූ මම එය විදහාගෙනම උන්නෙමි. බිය වූයේ අන් කිසිවක් නිසා නොවේ. දුලාජ් අයියා මෙය මා වෙත එවන්නේ නිකම්ම නොව පණිවුඩයක් සමග බව දත් නිසාය.[/FONT]


    [FONT=&quot]“අද හවස ඕක දෙපාරක් ඔයාගෙ දොරෙන් කාමරේ පැත්තට වැටුණා.”[/FONT]


    [FONT=&quot]“දෙපාරක්..?”[/FONT]


    [FONT=&quot]එවර නම් මගේ හඩ වුව බිදී යන්නට ඇත. රුවන් මල්ලී අමුතුම ආකාරයේ සිනාවක් පෑවේය.[/FONT]


    [FONT=&quot]“එකපාරක් ඔයාගෙ ජනේලෙ ගාව තියෙනවා දැකලා මං උගේ බැල්කනියට විසි කළා. ඊට ටිකකට පස්සෙ ආපහු ඇවිත් තිබුණා.”[/FONT]


    [FONT=&quot]දැන් නම් සිදු වී ඇති දෙය පැහැදිලි ය. ඔහු සියලු තොරතුරු සොයා ගන්නට ඇත. සැඟවී යා හැකි මගක් සොයන අටියෙන් මා වටපිට බැලුවෙමි.[/FONT]


    [FONT=&quot]“දුලාජ්ව මං පුංචි කාලෙ ඉඳලම දන්නවා. ඌ හොද එකා.”[/FONT]


    [FONT=&quot]වෙනතක් බලා උන්නද දෙකන් රැදී තිබුණේ රුවන් මල්ලීගේ කතාවටය. ඔහු දුක්බර ලෙස මදෙස බලා උන්නේය.[/FONT]


    [FONT=&quot]“සීතා ඇන්ටිත් ගොඩක් හොද කෙනෙක්.”[/FONT]


    [FONT=&quot]“ඉතිං ඇයි ඕවා මට කියන්නෙ...?”[/FONT]


    [FONT=&quot]“ඔයාට ඉස්සරහට ඕන වෙයි.”[/FONT]


    [FONT=&quot]මා දුලාජ් අයියා සමග සම්බන්ධකමක් පටන්ගෙන ඇතැයි ඔහු සිතන්නට ඇත. ඔහු මකනය සම දවටා එවූ පණිවුඩවල කුමක් සඳහන් වූවා දැයි නොදත් නිසා නිදහසට කරුණු කිව නොහැක.[/FONT]


    [FONT=&quot]“මං යන්නම්, ඔයා කන්න එන්න.”[/FONT]


    [FONT=&quot]“දැන්ම යන්න එපා අක්කා.... ටිකක් මෙතනින් ඉඳගන්න.”[/FONT]


    [FONT=&quot]ඔහුගේ බලකිරීම මත මම ඇඳේ කොණකින් ඉදගතිමි. කොට්ටයෙන් පහළට රූටා පැමිණි ඔහු මගේ කකුලේ හිස තබා ගත්තේය. මමම නැවත වරක් ඒ හිස ආදරයෙන් පිරිමැද්දෙමි.[/FONT]


    [FONT=&quot]“ඔයා මල්ෂලාගේ ගෙදර යනවා නේද..?”[/FONT]


    [FONT=&quot]“ඔව්.. අනිද්දා ඉඳලා යනවා ඇයි....?”[/FONT]


    [FONT=&quot]ඔහුට එක් වරම මල්ෂා සිහි වූයේ ඇයිදැයි නොදනිමි.[/FONT]


    [FONT=&quot]“මල්ෂා ඔයා හිතන තරම් හොද කෙනෙක් නෙවෙයි, පරිස්සමින්...”[/FONT]


    [FONT=&quot]“මල්ලී...?”[/FONT]


    [FONT=&quot]“මම කියන්නෙ ඇත්ත කියලා ඔයාට කවදහරි තේරෙයි..”[/FONT]


    [FONT=&quot]“ඔයා කොහොමද දන්නෙ.?”[/FONT]


    [FONT=&quot]“උඩවත්ත ඇන්ටි අපේ අම්මගෙ හොඳ යාළුවනේ. ඉතිං මං ඉස්සර ඉඳලම එයා දන්නවා.”[/FONT]


    [FONT=&quot]“ඒත් දැන් නොගිහින් බෑ මල්ලි. මං එනවා කියලා ඉවරනේ.”[/FONT]


    [FONT=&quot]“ගියාට කමක් නෑ. මං කිව්වෙ පරිස්සමින්.”[/FONT]


    [FONT=&quot]ඔහුගේ හිස නැවත ඔසවා කොට්ටය මතින් තැබූ මා කාමරයෙන් එළියට ආවෙමි. ඒ පෙරට වඩා බොහෝ බරකරගත් හිසින් යුතුවය.[/FONT]


    [FONT=&quot]“මොකද කියන්නෙ දෝණි...?”[/FONT]


    [FONT=&quot]මා එන මග බලා උන් නැන්දා විගස විමසුවා ය.[/FONT]


    [FONT=&quot]“එයා කන්න එයි නැන්දා.”[/FONT]


    [FONT=&quot]ඈ සමග කතාවට හසු වේ යැයි බියෙන් මා ඉක්මන් අඩි තබා කාමරයට පැමිණියෙමි. දැන්නම් මල්ලීට පමණක් නොව මට ද කෑම රුචියක් නොවූ තරමිය. කොට්ටයට හිස තබා කල්පනාබරව හිඳිද්දී මාවෙත ඉබේටම නින්ද ළගාවිය.[/FONT]


    [FONT=&quot]“දෝණි.. ඇයි මේ කන්නෙත් නැතිව නිදි.? නැගිටලා එන්න. අන්න මාමා කතා කරනවා.”[/FONT]


    [FONT=&quot]බොහෝ වේලාවකට පසු නැන්දාගේ හඩ සවන් අද්දර පතිත වද්දී මා අමාරුවෙන් දෑස් හැර බැලුවෙමි. ඈ මගේ ඇඳ අද්දර සිනාසී බලා උන්නා ය. මම ඈ සමග පඩිපෙළ බැස කෑම මේසය කරා ආවෙමි. ලොකු මාමා කෑමට වාඩි වී බලා උන්නද රුවන් මල්ලී එහි නොවී ය.[/FONT]


    [FONT=&quot]“කෝ චූටි පුතාවත් කතා කරගෙන එන්න.”[/FONT]


    [FONT=&quot]මම ලොකු මාමා අද්දරින් හිඳ ගනිද්දී නැන්දා මල්ලිගේ කාමරයට ඇතුළු විය. මම නිදිමතේම එදෙස බලා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“දෝණි... ඔයා මෙහෙ සතුටින් නෙමෙයිද ඉන්නෙ..?”[/FONT]


    [FONT=&quot]ලොකු මාමා එසේ ඇසුවේ බොහෝ වේලාවක් මදෙස බලා හිඳිමෙන් අනතුරුවය.[/FONT]


    [FONT=&quot]“එහෙම නෑ මාමා, මම ඉන්නෙ සතුටින්.”[/FONT]


    [FONT=&quot]“ඉස්සර උඹේ අම්මත් ඔය වගෙයි දූ. හිතේ තියාගෙන ඉන්න දෙයක් මළාට පිට කරන්නෙ නෑ.”[/FONT]


    [FONT=&quot]නිදිමතේ උණ් නිසා ඔහු කී දෑ මට එතරම් වැටහුණේ නැත. ඒ අතරම රුවන් මල්ලීද විත් පුටුවකට කඩා වැටිණ.[/FONT]


    [FONT=&quot]“මොකෝ චූටි පුතා ඇසුත් රතු වෙලා. ඔයත් නිදා ගත්තද...?”[/FONT]


    [FONT=&quot]ඒ මුහුණේ වූයේ නිදිබර ගතියක් නොවේ. ලොකු මාමා කීවා සේම ඔහුගේ ඇස් රතු වී තිබිණි. මට පෙනුණේ ඔහු හඬා වැටී ඇති බවකි.[/FONT]


    [FONT=&quot]“අනේ මන්දා අද මේ ළමයි දෙන්නට මොනා වෙලාද කියලා.”[/FONT]


    [FONT=&quot]මා බත් පත බොහෝ වේලා අනමින් හිඳිද්දී නැන්දා ලොකු මාමාට කීවාය. මම රුවන් මල්ලී දෙස බැලිමි. ඔහු මා මෙන්ම කල්පනාබරව උන්නේ අවට ලෝකය ගැන වගක්වත් නැති ගාණටය.[/FONT]


    [FONT=&quot]“චූටි පුතාට අද එපොයිමන්ට් ලෙටර් එක ආවලු නේද.? කොහෙද බ්‍රාන්ච් එක.?”[/FONT]


    [FONT=&quot]මල්ලී පියවි සිහියට ආවේ මාමාගේ ඒ ගැඹුරු හඬත් සමගය. ඔහුගේ පිළිතුර අපේක්ෂාවනේ මම ද බලා සිටියෙමි.[/FONT]


    [FONT=&quot]“හෙඩ් ඔෆිස්... ක්‍රෙඩිට් ඩිවිෂන්.”[/FONT]


    [FONT=&quot]ඔහු පිළිතුරු දුන්නේ ඕනාවට එපාවට ය. නැන්දා ලොකු මාමාට ඔහුව පෙන්වා කුමක්දෝ ඉඟි කළාය.[/FONT]


    [FONT=&quot]“පුතා ඒකට යනවා නේද..?”[/FONT]


    [FONT=&quot]“ඔව් ඉතිං... යන්න එපැයි.”[/FONT]


    [FONT=&quot]“චූටි පුතාට මොකක් හරි ප්‍රශ්නයක්ද.?”[/FONT]


    [FONT=&quot]මල්ලී තිගැස්සී ගියේය. ඔහු හරිබරි ගැසී නැවතත් පුටුවට බර විය.[/FONT]


    [FONT=&quot]“මං තව දවස් දෙකකින් ලංකාවෙන් යනවා. ඊට කලින් ඔයාලා එක්ක ටිකක් කතා කරන්නයි එන්න කිව්වෙ. ඒත් දෙන්නම ඉන්නෙ අහන්න පුළුවන් තත්වෙක නෙමෙයිනෙ. ඒ නිසා ගිහින් නිදාගන්න.”[/FONT]


    [FONT=&quot]ඒ කතාවට මල්ලී ක්ෂණික ප්‍රතිචාර දැක්විය. කෑම පිඟාන එලෙසම තිබෙද්දී අත සෝදාගත් ඔහු කෑම මේසයෙන් ඉවත් වද්දී මම නොසෙල්වී උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“දෝණිටත් කන්න බැරි නම් අත සෝදලා ගිහින් නිදාගන්න.”[/FONT]


    [FONT=&quot]ලොකු මාමා මහිස අතගා දයාබරව පවසන්නට විය. මොහොතක් බලා උන් මා අත සෝදාගෙන මාමාගේ දෙපා මුල වැඳ වැටුණෙමි. ඔහු ඉක්මනින් පුටුවෙන් නැගිට්ටාය.[/FONT]


    [FONT=&quot]“බුදු සරණයි දූ! නැගිටින්න..”[/FONT]


    [FONT=&quot]නැගිටගත් මාව මාමා සිය පපුවට තුරුළු කර ගත්තේය. අහේතුකවම මට ඉකිබිඳිණ.[/FONT]


    [FONT=&quot]“දෝණි අද දුකෙන් වගේ. මං ගියාට පස්සෙ ඔයාගෙ හැම දෙයක්ම නැන්දට කියන්නකො.”[/FONT]


    [FONT=&quot]ඔහුගෙන් මිඳුණු මා නැන්දාගේත් දෙපා වැද සෙමින් අඩි තබා කාමරයට පැමිණ ඇඳට වැටුණි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    එදින උදෑසනම ආහාර ගෙන මම මල්ෂාලාගේ නිවසට යෑමට සූදානම් වූයෙමි. නමුත් මා එහි යෑමට පාර නොදන්නා නිසා යා යුතු වූයේ නැන්දා හෝ මල්ලී සමග ය.[/FONT]


    [FONT=&quot]“නැන්දා... ඔයා එනවද මාව එහෙට ගිහින් දාන්න.?”[/FONT]


    [FONT=&quot]කුස්සියේ වැඩක නිරතව උන් ඈ කරා ගොස් මම විමසුවෙමි. ඇය මොහොතක් කල්පනා කළාය.[/FONT]


    [FONT=&quot]“හෙට මාමට ගෙනියන්න ඇඳුම් ලැස්ති කරන්නත් තියෙනවා දෝණි. මං එක්ක චූටි පුතා එවන්නං.”[/FONT]


    [FONT=&quot]“නැන්දා කෝ මල්ලි...?”[/FONT]


    [FONT=&quot]“ඔය කාමරේට රිංගගෙන ඉන්නෙ. ගිහින් කතා කරන්නකො.”[/FONT]


    [FONT=&quot]“එහෙට යන්න ගොඩක් වෙලා යනවද.?”[/FONT]


    [FONT=&quot]“නෑ.. දූ.. බස් එකේ ගියොත් පැය කාලක්, විනාඩි විස්සක් විතර යයි. ත්‍රීවිල් එකක ගියොත් විනාඩි දහයෙන් එහේ.”[/FONT]


    [FONT=&quot]කුමක්දෝ නුහුරු හැඟීමක් සිත වසා පැතිරෙද්දී මම රුවන් මල්ලී මොයා ගියෙමි.[/FONT]


    [FONT=&quot]“මොකටද බස්වල ගාටන්නෙ... මං ඔයාව මගේ බයිසිකලේ ගිහින් දාන්නං.”[/FONT]


    [FONT=&quot]ඔවු විධානයක් දුන්නේය.[/FONT]


    [FONT=&quot]“මල්ලිට කරදරයක්ද.?”[/FONT]


    [FONT=&quot]“ඇයි අහන්නෙ.? තනියෙම යන්න දන්නවද.?”[/FONT]


    [FONT=&quot]ළගකදී හිඳ ඔහුට වචනයක් වැරදුණොත් තරහා එයි. එනිසා මම කිසිවක් නොකියා නිහඬව උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“හලෝ මේ.. පිස්සු කියවන්නෙ නැතුව ගිහින් කෑම කන්න.. මම ඇඳුමක් දාගෙන එන්නම්.”[/FONT]


    [FONT=&quot]මගේ තැතිගත් මුහුණ දැක ඔහුට දුක සිතුනා වන්නට ඇත. ඒ වෙස් පෙරළිය ගැන මට සිත යටින් සිනා නැඟුනි.[/FONT]


    [FONT=&quot]“දෝණි මං ඉඳිආප්ප හැදුවා. මේක කාලා යන්න.”[/FONT]


    [FONT=&quot]මම කුස්සියට යන විට නැන්දා මට කෑම බෙදා අවසන් ය. එතරම් බඩගින්නක් තිබුණේ නැතත් ඒ ප්‍රණිත සුවඳ සමග මම ඉඳිආප්ප හත අටක් කෑවෙමි.[/FONT]


    [FONT=&quot]“අක්කා කාලා ඉවරනං යමු. මං රෙඩී.”[/FONT]


    [FONT=&quot]“ඇයි ඔයා කන්නෙ නැද්ද.?”[/FONT]


    [FONT=&quot]“මට බඩගිනි නෑ. ඇවිත් කන්නම්.”[/FONT]


    [FONT=&quot]මම නැන්දා දෙස බැලිමි. ඇය ද වටහාගත නොහැකි බැල්මෙන් මල්ලී දෙස බලා උන්නා ය.[/FONT]


    [FONT=&quot]“මං එහෙනම් ගිහින් එන්නම් නැන්දා.”[/FONT]


    [FONT=&quot]“හරි දෝණි... ගොඩක් පරක්කු වෙන්න එපා.. මං දවල් වෙලා මල්ලිව එහෙට එවන්නං.”[/FONT]


    [FONT=&quot]නැන්දාට සමු දුන් අප දෙදෙනා මල්ලීගේ මෝටර් බයිසිකලයෙන් පාරට පැමිණියෙමු.[/FONT]


    [FONT=&quot]“මේ වෙලාවට ගිහින් වෙලා වැඩි නැද්ද අක්කා..?”[/FONT]


    [FONT=&quot]“ටිකක් කලින් ගියාම කලින් එන්න පුලුවන්නෙ.”[/FONT]


    [FONT=&quot]“ඒක හොඳයි.. ඒත්.....”[/FONT]


    [FONT=&quot]ඔහු කතාව අතරමග නතර කළේය. සුළං පාරේ වේගයට එය නෑසේවි යැයි බියෙන් මම කන්දීගෙනම උන්නෙමි. එතරම් සෙනඟක් නොගැවසුණ රූස්ස ගස් සහිත මං පෙතේ දී මල්ලී සයිකලය අයිනට කර නතර කළේය.[/FONT]


    [FONT=&quot]“වක්කඩේ කැඩුවා වගේ ඔයාගෙ විස්තර හැම එකක්ම එයාලට කියන්න එපා.”[/FONT]

    [FONT=&quot]මම අසා උන්නෙමි. ඔහු එදා ද මල්ෂා ගැන අනතුරු ඇඟවීම් කළාය.[/FONT]


    [FONT=&quot]“අනික හෙට අපේ තාත්තා යන දවසනේ. එහේ එනවා කියලා පොරොන්දු වෙන්න එපා.”[/FONT]


    [FONT=&quot]එම කතාවේ යටි අරුතක් වේ යැයි මට මොහොතකට සිතුණි. මම ඔහුගේ දෑස් පිරික්සිමි. ඔහු වහා බිම බලා ගත්තාය.[/FONT]


    [FONT=&quot]“අපි යමු.”[/FONT]


    [FONT=&quot]ඔහු සයිකලය පණ ගන්වා ගද්දී මම ඒ උරහිස් තදින් අල්ලා ගතිමි. ඉන් පසු අප නතර වූයේ කළු පැහැ විසල් ගේට්ටුවක් අබියස ය. එහි අභ්‍යන්තරයේ වූ ගාම්භීර දෙමහල් නිවස උඩවත්ත ඇන්ටිලාගේ යැයි අසා මම පුදුම විමි.[/FONT]


    [FONT=&quot]“මේ තමයි ගේ. මම ඇතුළට එන්න ඕනද අක්කා.?”[/FONT]


    [FONT=&quot]“අනේ මල්ලි යමු.. මට බයයි.”[/FONT]


    [FONT=&quot]මට නොදැනිම ඔහුගේ අතක් අල්ලා ගැනුණි. සිනාසුණු මල්ලී නැවතත් සයිකලය පණ ගන්වා හෝන් කළේය. මොහොතකින් ගේට්ටුව විවර වූයේ කෙටි සායකින් හා අත් නැති ටී ෂර්ටයක් ඇඳ උන් මල්ෂා අතිනි. රුවන් මල්ලීගේ දැස් වරක් දෙකක් ඇගේ කෙටි ඇඳුම පුරා දිව යනවා මම දුටිමි.[/FONT]


    [FONT=&quot]“බයිසිකලේ ඇතුලට දාන්න අයියා. ඔයාලා එනකල් අපේ අම්මත් බලාගෙන ඉන්නෙ. යමු.”[/FONT]


    [FONT=&quot]“මට ඇතුළට එන්න බෑ මල්ෂා. ඔන්න මගේ අක්කව පරිස්සමින් බලාගන්න හරිද.?”[/FONT]

    [FONT=&quot]මාව මල්ෂාට භාරදුන් රුවන් මල්ලී බයිසිකලය හරවා ඒ විසල් ගේට්ටු පියන් අතරින් නොපෙනී ගියේය. මම මොහොතක් ඔහුගේ වදන් සිතින් ප්‍රතිරාවය කළෙමි.[/FONT]


    [FONT=&quot]“අක්කා ඇයි බය වෙලා. යමු ගෙට.”[/FONT]


    [FONT=&quot]ඇගේ සුරතේ වෙලී මම ඒ දෙමහල් මැදුරට පය තැබිමි. එවිටම වාගේ උඩවත්ත ඇන්ටීගේ මුහුණ ප්‍රධාන ද්වාරයෙන් මතු විය.[/FONT]


    [FONT=&quot]“ගුඩ් මෝනිං දූ. ඔයා එනකල් අපේ කෙල්ල පාන්දර ඉඳලා බලන් ඉන්නවා.”[/FONT]


    [FONT=&quot]මම සිනාසී ඇගේ අතක් අල්ලා ගනිද්දී ඇය මාව නිවස තුළට කැඳවාගෙන ගියේය.[/FONT]


    [FONT=&quot]“අක්කි... පාඩම් කරන්න කලින් කාලා ඉමු.”[/FONT]


    [FONT=&quot]“අනේ නංගා... මම කාලා ආවේ.. ඔයා කාලා එන්නකො.”[/FONT]


    [FONT=&quot]“මෙයත් උදෙන්ම කාලා ඉන්නෙ.”[/FONT]


    [FONT=&quot]එයට පිළිතුරු දුන්නේ උඩවත්ත ඇන්ටීය. නංගී මාව පහළ මාලයේ මැද වූ තරමක් විශාල කාමරයකට රැගෙන ගියාය. එහි පොත්පත් තැන තැන දමා බොහෝ අපිලිවෙළ ස්වරූපයක් දිස් විය.[/FONT]


    [FONT=&quot]“මේ තමයි මගේ ස්ටඩි රූම් එක. අපි දෙන්නට පාඩම් කරන්න වෙන්නෙ මෙතන.”[/FONT]


    [FONT=&quot]එසේ කියන අතරතුර ඇය මේසය මත වූ පොත් මිටියක් පසෙකට තල්ලු කර දමා ඉඩකඩ ලබා ගත්තාය. එය පුටු හයකින් සමන්විත තරමක් විශාල බිත්තර හැඩැති මේසයකි. කාමරය වටේ වේවැල් රාක්කයක් හා විශාල පොත් කබඩ් දෙකක් විය. ඉන් එකක පියන් වීදුරුවලින් නිම වී තිබිණි. අපිළිවෙල ලෙස පරිහරණය කර තිබුණ ද ඒවා මිල අධික ගෘහභාන්ඩ බව බැලූ බැල්මට පෙනුණි. කාමරය තුළ තරමක පුස් ගඳක් තිබූ නිසා මම අනවසරයෙන්ම එහි ජනෙල් පියන්පත් විවර කළෙමි. පොළොව මට්ටමේ සිටම බොහෝ උසට නිමවා තිබූ එම ජනෙල් දොරක් ලෙස පැති කොරිඩෝවට විවර වුණි.[/FONT]


    [FONT=&quot]“මේ මේසෙ උඩ තියෙන පොත් මොනවද නංගා.?”[/FONT]


    [FONT=&quot]“මෙතන එකවුන්ට්, ඉකෝන්, බී.එස්... පොත් ඔක්කොම තියෙනවා.”[/FONT]


    [FONT=&quot]“එතකොට කබඩ්වල... අර රැක් එකේ...?”[/FONT]


    [FONT=&quot]“ඒවායෙත් පොත් තමයි. ක්ලාස්වල ටියුට්, ඉස්කෝලෙ පොත් එහෙම තියෙනවා.”[/FONT]


    [FONT=&quot]ඇය බොහෝ සැප සම්පත් මැද අපිළිවෙලට හැදී වැඩුණු යුවතියක බව මම අනුමාන කළෙමි. මෙවන් කලබලකාරී අපිළිවෙළ පසුබිමක් තුළ සිත එකඟව පාඩම් කටයුතු කිරීම කෙසේවත් කළ නොහැක්කකි.[/FONT]


    [FONT=&quot]“මට හෙට ක්ලාස් එකට යද්දි කරගෙන යන්න හදිස්සි වැඩක් තියෙනවා අක්කා. අපි ඒක කරලා ඉවර වෙලාම අලුතෙන් වැඩ පටන් ගනිමු.”[/FONT]


    [FONT=&quot]ඕ ගිණුම්කරණ නිබන්ධනයක් දිග හරිමින් කීවා ය. එහි වූයේ ගිණුම්කරණ අනුපාත සම්බන්ධ ගණන් වගයකි. ඇයට ඒවා විසඳන ආකාරය කියාදුන් පසු පැයක් පමණ කාලයක් ඇතුළත ඇය එම වැඩය අවසන් කළාය.[/FONT]


    [FONT=&quot]“ආ.. දෙන්නා, වැඩ කරන ගමන් මේ බිස්කට් කාලා තේ බොන්න.”[/FONT]


    [FONT=&quot]ට්‍රේ එකක් අප අසලින් තැබූ උඩවත්ත ඇන්ටී අපට බාධා නොවන සේ වහා එතනින් නික්ම ගියාය.[/FONT]


    [FONT=&quot]“නංගි අපි පාඩම් කරන්න කලින් මේ මේසෙ උඩයි, කබඩ්වලයි තියෙන පොත් ටික පිළිවෙලකට අස් කරමුද.? මෙහෙම තියෙද්දි පොත් හොයා ගන්නත් අමාරුයිනෙ.”[/FONT]


    [FONT=&quot]“අනේ කොච්චර අස් කළත් හැමදාම හැඩිවෙනවා. මට ඕවා කරන්න තේරෙන්නෙ නෑ.”[/FONT]


    [FONT=&quot]ඇය එසේ කීවේ මහා කරදරකාරී ස්වරූපයකිනි. එය දුටු මට ක්ෂණිකව රුවන් මල්ලී කියූ කතාව සිහි විය.[/FONT]


    [FONT=&quot]“එහෙනං මං අස් කලාට කමක් නැද්ද.?”[/FONT]


    [FONT=&quot]මෙහි පැමිණි පළමු දිනම ඇයගේ අවසරයෙන් තොරව පොත් කබඩ් අස් කිරීම නොහොබිනා කමක් යැයි සිතූ මම ඇසුවෙමි.[/FONT]


    [FONT=&quot]“අනේ අක්කා ලොකු උදව්වක්. පුළුවන් නම් අස් කරලා දෙන්න. අපේ අම්මත් හැමදාම මට බණිනවා සේරම ඇදලා දාලා කියලා.”[/FONT]


    [FONT=&quot]ඉතින් ඇගේ අවසරය හා උදව්ව මත මා පළමුව මේසය මත තිබූ පතේ විෂයන්වලට වෙන් කළෙමි. දෙවනුව කබඩ්වල වූ පොත්පත් ද එළියට ගෙන ඒවාද එසේ බෙදා පංති පොත් හා පාසල් පොත් වෙන වෙනම තට්ටුවලට ඇතිරුවෙමි. ඉන් හිතුවාට වඩා කළඑළියක් සේම ඉඩකඩක් ද ලැබුණි.[/FONT]


    [FONT=&quot]“නියමයිනෙ අක්කා. මුළු රැක් එකම හිස් වුණා. වීදුරු කබඩ් එකෙත් තට්ටු දෙකම ඉතුරුයි.”[/FONT]


    [FONT=&quot]හිස් වූ විශාල වේවැල් රාක්කය හා කබඩය පෙන්වා ඇය කීවාය.[/FONT]


    [FONT=&quot]“වෙන කොහේවත් පොත් පත් තියලා නැද්ද ඔයා.?”[/FONT]


    [FONT=&quot]මම අසද්දී ඇය මොහොතක් කල්පනා කළාය.[/FONT]


    [FONT=&quot]“ඔව්නේ... කාමරයෙත් ටියුට් වගයක් තියෙනවා.”[/FONT]


    [FONT=&quot]“ඒ ටියුට් ටික අරන් ඇවිත් මේ වේවැල් රාක්කෙ යටින් තියන්න. හැබැයි එතකොට තව තට්ටු දෙකක් හිස්.”[/FONT]


    [FONT=&quot]“හරි අපි මැද එකේ පොත් බෑග් එක තියමු. ම්.. එතකොට උඩ එකේ...”[/FONT]


    [FONT=&quot]ඇය මොහොතක් කල්පනා කරද්දී මම බිස්කට් එකක් අතට ගත්තෙමි.[/FONT]


    [FONT=&quot]“රායි..ට්! මතක් වුණා..”[/FONT]


    [FONT=&quot]ඈ කලබලයෙන් මෙන් කාමරයනේ එළියට දිව ගියාය. ඇය එනතුරු මම තෙ එක අතට ගතිමි. ටික වේලාවකට පසු ඇය ආවේ පොත් බෑගය කරේ දමා තරමක සුරතල් වලස් පැටවුන් දෙදෙනෙක් ද කිහිලි ගහගෙනය.[/FONT]


    [FONT=&quot]තේ බොන අතරතුර මම ඇගේ ක්‍රියාව දෙස බලා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“මේක මෙතන...”[/FONT]


    [FONT=&quot]කරේ හරහට දමන ආකාරයේ පාසල් බෑගය ඇය වේවැල් කබඩයේ දෙවන තට්ටුවේ පිළිවෙලකට තැබුවා ය. ඉන්පසුව රැගෙන ආ වලසුන් දෙදෙනා උඩම තට්ටුවේ හරි බරි ගසා ඉන්දෙව්වා ය.[/FONT]


    [FONT=&quot]“ෂා... දැන් නම් නියමයි.”[/FONT]


    [FONT=&quot]මම කීවෙමි. මා දෙස සිනාසී බැලූ ඇය ඉන් යමක් අලුතින් සිහිවූවා සේ නැවතත් කාමරයෙන් පිටතට දිව ගියාය. මම ඔරලෝසුව දෙස බැලිමි. මා මෙහි පැමිණ පැය දෙකහමාරකට අධික කාලයක් නික්ම ගොස් ඇත. එවළෙහිම මගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණි.[/FONT]


    [FONT=&quot]“බබා ඔයා ගෙදර එන්නෙ නැද්ද...?”[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]එහි වූයේ එපමණකි. එතරම් සමීප ලෙස මා අමතන්නට අයෙක් මගේ මතකයේ නොවුණි. ඉතින් මා ප්‍රශ්නයක පැටලී ගතිමි.[/FONT]

    [FONT=&quot]“තව ටිකකින් අපේ අම්මාට පිස්සු හැදෙයි.”[/FONT]


    [FONT=&quot]එසේ කියා කාමරයට දිව ආ මල්ෂා වහා දොර වසා දැමුවාය.[/FONT]


    [FONT=&quot]“ඇයි මේ...?”[/FONT]


    [FONT=&quot]ඇය තරමක් පරණ රෙදි කැබලි කිහිපයක් හා එයාෆ්‍රෙෂ්නර් බෝතලයක් මේසය මත තබද්දී මම ඇසුවෙමි.[/FONT]


    [FONT=&quot]“පොත් ටිකයි කබඩ්වල ඇතුළයි අස් කරලා ඉවරනේ. දැන් දූවිලි ටික පිහලා අතුගාලා දාමු.”[/FONT]


    [FONT=&quot]ඇය දැන් මටත් වඩා උනන්දුවෙන් කාමරය අස්පස් කරන අයුරු මම ආශාවෙන් බලා උන්නෙමි. අප දෙදෙනා එහි වූ අන්තිම දූවිලි පොදත් ගසා දමා කාමරය අතුගාද්දී උඩවත්ත ඇන්ටි දොරට තට්ටු කළාය.[/FONT]


    [FONT=&quot]“කෙල්ලො දෙන්නා මොනවද මේ දොරත් වහගෙන කරන්නෙ...?”[/FONT]


    [FONT=&quot]“ගිහින් දොර අරින්න නංගි...”[/FONT]


    [FONT=&quot]“පිස්සුද දැන්ම අරින්න බෑ.. තව වැඩ ටිකක් තියෙනවා.”[/FONT]


    [FONT=&quot]ඇය කාමරයේ තුළ සිටම උඩවත්ත ඇන්ටිව හරවා යැව්වාය.[/FONT]


    [FONT=&quot]“ඔයාගෙ කාමරේ කොහෙද තියෙන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“උඩ තට්ටුවෙ... යමුද...?”[/FONT]


    [FONT=&quot]ඇය මහත් උනන්දුවෙන් විමසද්දී මම ඊට එකඟ විමි.[/FONT]


    [FONT=&quot]“දැන්ම දොර අරින්න බෑ.. අම්මව පුදුම කරන්න ඕනි. අපි මේ පැත්තෙන් යමු.”[/FONT]


    [FONT=&quot]විවරව තිබූ පැති දොරෙන් කොරිඩෝවට පිවිසි ඇය නැවත තවත් දොරකින් නිවස තුළට පිවිසියා ය. මමද ඒ මනරම් මැදුරේ සිරි නරඹමින් ඇය පසුපස ගියෙමි. ගෙයි මැද කොටස හරහා ගිය අප වක්‍රාකාර පඩිපෙළින් උඩු මහළට පිවිසියෙමු. එය නවීන ගෘහභාණ්ඩ කැටයම් තිර රෙදි ආදියෙන් සංකලනය වූ වෙනස්ම ලෝකයකි.[/FONT]


    [FONT=&quot]“මේ පැත්තෙ..”[/FONT]


    [FONT=&quot]පහළ මාලයද පෙනෙන ආකාරයෙන් නිවමා තිබූ පෙදෙසේ අත් වැට අල්ලාගෙන යන අතරතුර ඇය කීවාය. මම විස්මලන්තයේ අතරමං වූ ඇලිස් මෙන් ඒ මග ඔස්සේ ඇදුනෙමි.[/FONT]


    [FONT=&quot]ඇය මාව කැඳවාගෙන ගිය විසල් කාමරය සුවපහසු බඩු භාන්ඩ වලින් අනූන වුවද ඇගේ අධ්‍යනය කාමරය මෙන්ම අපිළිවෙළය. දිනක මෙය ද පිළිවෙළකට සකසා දිය යුතු යැයි සිතා මම නිහඩව උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“අර පෙන් හෝල්ඩර් එකක් නේද..?”[/FONT]


    [FONT=&quot]ඇගේ පියන් තුනේ අල්මාරිය උඩ හරහට වැටී තිබූ පෑන් රදවනය පෙන්වූ මම ඇසිමි. “ඔව්” යැයි කියා හිස වැසූ ඇය කණ්නාඩි මේසය ඉදිරිපිට තබා තිබූ පුටුවට නැග එය පහළට ගත්තාය.[/FONT]


    [FONT=&quot]“අපරාදෙනේ මේක නිකං දාලා තියෙන්නෙ. හරි ලස්සනයි. අපි මේකත් පහළට ගෙනියමු.”[/FONT]


    [FONT=&quot]මා එය රෙදි කඩකින් පිස අතට ගනිද්දී මල්ෂා පුංචි කබඩක් ඇර මල් කූඩයක් එළියට ගත්තාය.[/FONT]


    [FONT=&quot]“පරක්කු වෙනවා නංගි. විගහට යමු පහළට.”[/FONT]


    [FONT=&quot]තවත් පමා නොවී මා පෑන් රඳවනය හා මල් කූඩය රැගෙන ඈ සමග පහළ කාමරයට ඇතුළු වුණෙමි.[/FONT]


    [FONT=&quot]“පෙන් හෝල්ඩර් එක මේසෙන් තියලා මල් බන්ච් එක අර වීදුරු කබඩ් එක උඩින් තියන්න.”[/FONT]


    [FONT=&quot]මම යෝජනා කරන පමාවෙන් ඇය එසේ තබා එයාෆ්‍රෙෂ්නර් බෝතලය කාමරය පුරා ඉදින ලදී.[/FONT]


    [FONT=&quot]“දැන් නම් මේක ප්‍රොෆෙෂනල් ස්ටඩි රූම් එකක්.”[/FONT]


    [FONT=&quot]මම ඇයට කීවෙමි.[/FONT]


    [FONT=&quot]“ඒක නං ඇත්ත. දැන්නං මේකෙ ඉඳගෙන පාඩම් කරන්න ආස හිතෙනවා.”[/FONT]


    [FONT=&quot]ඇය කීවේ සතුටින් ඉපිළෙමිනි.[/FONT]


    [FONT=&quot]“හැමදාම උදේට ජනෙල් ඇරලා දාන්න. නැත්නම් පුස් ගඳ ගහනවා.”[/FONT]


    [FONT=&quot]උදේ මෙහි තිබූ පුස් ගඳ සිහි වී මම කීවෙමි. ඇය වරදක් කළ එකියක සේ මදෙස බැලුවාය.[/FONT]


    [FONT=&quot]“රූපිකා ආන්ටි ඔයාව මෙහෙ එවලා කළේ ලොකු පිණක්. ඔයා මුල් දවසෙම මාව වෙනස් කළා.”[/FONT]


    [FONT=&quot]“එහෙම හිතන්න එපා නංගි. ඔයාම උත්සාහ කළොත් හැමදාම මේ විදියට නීට් එකට ඉන්න ඔයාට බැරි වේනනෙ නෑ.”[/FONT]


    [FONT=&quot]ඇයට කියද්දීම මගේ දුරකථනය නාද වන්නට විය. එහි සටහන්ව තිබුණේ රුවන් මල්ලීගේ අංකයයි. මම එයට පිළිතුරු දෙද්දී මල්ෂා මෙතෙක් වසා තිබූ දොර විවර කළාය.[/FONT]


    [FONT=&quot]“ඔයාගෙ වැඩ ඉවරද අක්කා.”[/FONT]


    [FONT=&quot]රුවන් මල්ලීගේ දයාබර හඬ දුරකථනය ඔස්සේ ඇදී ආවේය.[/FONT]


    [FONT=&quot]“ඉවරයි මල්ලි.. ඔයා දැන් එන්න.”[/FONT]


    [FONT=&quot]“එන්න දෙයක් නෑ හලෝ.. මම ඇවිත් ගේට් එක ළග ඉන්නෙ. ඔයා එළියට එන්න.”[/FONT]


    [FONT=&quot]ඔහු කියද්දී මම පුදුම විමි. ඇමතුම විසන්ධි කර මම මල්ෂාව සෙවිමි. ඈ උඩවත්ත ඇන්ටීගේ අතින් ඇදකාමරය දෙසට එමින් උන්නා ය. කාමරයේ ඇතුළත නෙත් විදාලූ ඇන්ටී පුදුමයෙන් මල්ෂා දෙසත් මා දෙසත් බැලුවා ය.[/FONT]


    [FONT=&quot]“උදේ මේක තිබුණෙ අපායක් වගේනේ... මට නම් අදහගන්නත් බෑ.”[/FONT]


    [FONT=&quot]නංගී ආඩම්බරයෙන් බලා හිඳිද්දී උඩවත්ත ඇන්ටී මගේ දෝතම තද කර අල්ලා ගත්තාය.[/FONT]


    [FONT=&quot]“ඔයා නං ගෙදරකට පහනක් පුතේ..”[/FONT]


    [FONT=&quot]ඇය ඉන් බොහෝ දේ අදහස් කළාය. නමුත් මා ඒ පිළිබඳ වැඩිදුර සිතීමට උනන්දු නොවූයේ රුවන් මල්ලී මා එනතුරු බලා හිඳින නිසාවෙනි.[/FONT]


    [FONT=&quot]“මේ මං තනියම කරපු දෙයක් නෙමෙයි ඇන්ටි. නංගිත් උදව් වුණා.”[/FONT]


    [FONT=&quot]“අපොයි.. මං දන්නෙ නැද්ද මෙයාගෙ පිළිවෙල ගැන. ළගින් ගියොත් පළාතක්ම වැනසිලා.”[/FONT]


    [FONT=&quot]ඇය මල්ෂාට ඇද කරමින් කීවාය.[/FONT]


    [FONT=&quot]“මං දැන් යන්න ඕන ඇන්ටි. මල්ලි ඇවිත් ගේට් එක ළග ඉන්නවලු.”[/FONT]


    [FONT=&quot]මගේ කතාවට ඔවුන් දෙදෙනා මුහුණින් මුහුණ බලා ගත්හ. එහි සටහන්ව තිබුණේ මා ඉක්මනින් යෑම පිළිබඳ අකමැත්තයි.[/FONT]


    [FONT=&quot]“ඔයාටත් එක්ක කෑම ලෑස්ති කළා දුව... මල්ලිටත් එන්න කියන්න කාලා යන්න පුළුවන්..”[/FONT]


    [FONT=&quot]මල්ලී මෙහි පැමිණිමට එතරම් කැමැති නැති බව දන්නා නිසාවෙන් මම එය මග හැරිමි.[/FONT]


    [FONT=&quot]“අක්කා හෙටත් එනවා නේද.? මට ක්ලාස් තියෙන්නෙ හවස් වරුවෙ.”[/FONT]


    [FONT=&quot]මා සමග ගේට්ටුව තෙක් එන අතරතුර මල්ෂා විමසුවාය. හෙට මාමා රට යන බැවින් මෙහි නොඑන්නැයි රුවන් මල්ලී කළ ඉල්ලීම මට සිහි විය.[/FONT]


    [FONT=&quot]“මම අනිද්දා එන්නං නංගි. හෙට අපේ මාමා රට යනවනේ..”[/FONT]


    [FONT=&quot]ඇය එයට හිස සැලුවේ අකමැත්තෙනි. මම ඇයගෙන් සමුගෙන පාරට පිවිසෙද්දී රුවන් මල්ලී ගේට්ටුව අභියස බයිසිකලය නතර කරගෙන උන්නේය.[/FONT]


    [FONT=&quot]“මොනවද අක්කා මෙච්චර වෙලා කළේ..? මං මෙතනට ඇවිත් පැය භාගෙකටත් වැඩියි.”[/FONT]


    [FONT=&quot]ඔහු මා දුටුවනම බොරු අමනාපයක් මවා ගත්තේය. මම නිහඬවම බයිසිකලයට නැග ඉඳගතිමි.[/FONT]


    [FONT=&quot]“ඉතිං මල්ලි ඇතුළට එන්න එපැයි..”[/FONT]


    [FONT=&quot]“පිස්සුවටයෑ..”[/FONT]


    [FONT=&quot]එසේ කියූ ඔහු බයිසිකලය පාරට ගත් වේගයට මා විසිවී යන්න තරම් විය. මම ඔහුව තදින් අල්ලා ගනිද්දී තම වරද වැටහුණා මෙන් ඔහු වේගය බාල කළේය.[/FONT]


    [FONT=&quot]“අද එකෙක්ට නිවාඩු..”[/FONT]


    [FONT=&quot]මල්ලි එක්වරම කියූ එම කතාව මට වැටහුණේ නැත. මම මඳක් කල්පනා කළෙමි. මගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසාදෝ මල්ලී කතාව විස්තර නොකර උන්නේය.[/FONT]


    [FONT=&quot]නිවසට පැමිණ ඇඟ සෝදා ගත් සැනින් නැන්දා බත් බෙදා මටත් මල්ලීටත් ගෙන දුන්නාය. කෑම කන අතරතුර උඩවත්ත ඇන්ටිලාගේ නිවසට ගොස් කළ දෑ පිළිබඳව නැන්දාට විස්තර කරන්නට මට සිදුවිය. රුවන් මල්ලී නම් එය අසා සිටියේ අමනාපයෙනි.[/FONT]


    [FONT=&quot]“ඔයා මොකටද එහේ දූවිලි පිහින්නයි, අස් කරන්නයි ගියේ.. ඔයා උඩලවත්තලගෙ සර්වන්ට් වෙන්නද හදන්නෙ..?”[/FONT]


    [FONT=&quot]ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ මම නිහඬ විමි. මල්ලී දෙස අමනාපයෙන් බැලූ නැන්දා ඉවත ගියාය. එසැනින්ම ටීපෝව මත තබා තිබූ මගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණි.[/FONT]


    [FONT=&quot]“කොහෙද ගිහින් හිටියෙ..? දැන්ද ආවෙ..?”[/FONT]


    [FONT=&quot]එසේ අසමින් පණිවුඩයක් එවා තිබුණේ උඩවත්ත ඇන්ටිලාගේ නිවසේ සිටියදී පණිවුඩය ලද අංකයෙන්මය. මගේ මෙම නව අංකය දන්නේ සීමිත පිරිසක් බැවින් මෙසේ පණිවුඩ එවන තැනැත්තා කවුදැයි අනුමාන කළ නොහැකි විය.[/FONT]


    [FONT=&quot]“කවුද..?”[/FONT]


    [FONT=&quot]මගේ කල්පනාබර මුහුණ දුටු රුවන් මල්ලී විමසද්දී මම නොදන්නවායි ඇඟවීමට හිස සලා ඔහුට දුරකථනය පෑවෙමි. ඔහු එම අංකය දෙස විපරමින් බලා මගේ මුහුණ දෙස ද නෙතු යොමු කළේය. ඔහු යමක් පවසතැයි මා බලා උන්නද දුරකථනය මගේ ඔඩොක්කුවට දැමූ ඔහු කුස්සියට පා නැගීය.[/FONT]


    [FONT=&quot]කෑමෙන් අඩ පැයකට පමණ පසු මම වික්ෂිප්ත සිතින් කාමරයට ගියෙමි. එසැනින් මා දුටුවේ ජනේලය පාමුල වැටී තිබූ කොළ ගුලියකි. මම ගැහෙන සුරතින් එය විවර කළේ දුලාජ් අයියා එවූවක් බව දැනගෙන ය.[/FONT]


    [FONT=&quot]“මේ විදියට සැරින් සැරේ කොළ විසි කරන එක ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලයි එස්.එම්.එස් කළේ. කෝ ඉතිං.. ඒවටත් උත්තර නෑනෙ.. ඔයා උත්තර එවනකල් මං බලන් ඉන්නවා මීනු..”[/FONT]


    [FONT=&quot]මෙතෙක් සිත දවාලූ පැනයට පිළිතුරු සොයා ගැනීමට එම පණිවුඩය ප්‍රමාණවත් විය. එසේ නම් මට පනිවුඩ එවා ඇත්තේ ද දුලාජ් අයියා විසිනි. නමුත් ඔහු මගේ දුරකථන අංකය සොයාගත් අයුරු මට තවමත් ගැටලුවකි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]එහි වූයේ එපමණකි. එතරම් සමීප ලෙස මා අමතන්නට අයෙක් මගේ මතකයේ නොවුණි. ඉතින් මා ප්‍රශ්නයක පැටලී ගතිමි.[/FONT]

    [FONT=&quot]“තව ටිකකින් අපේ අම්මාට පිස්සු හැදෙයි.”[/FONT]


    [FONT=&quot]එසේ කියා කාමරයට දිව ආ මල්ෂා වහා දොර වසා දැමුවාය.[/FONT]


    [FONT=&quot]“ඇයි මේ...?”[/FONT]


    [FONT=&quot]ඇය තරමක් පරණ රෙදි කැබලි කිහිපයක් හා එයාෆ්‍රෙෂ්නර් බෝතලයක් මේසය මත තබද්දී මම ඇසුවෙමි.[/FONT]


    [FONT=&quot]“පොත් ටිකයි කබඩ්වල ඇතුළයි අස් කරලා ඉවරනේ. දැන් දූවිලි ටික පිහලා අතුගාලා දාමු.”[/FONT]


    [FONT=&quot]ඇය දැන් මටත් වඩා උනන්දුවෙන් කාමරය අස්පස් කරන අයුරු මම ආශාවෙන් බලා උන්නෙමි. අප දෙදෙනා එහි වූ අන්තිම දූවිලි පොදත් ගසා දමා කාමරය අතුගාද්දී උඩවත්ත ඇන්ටි දොරට තට්ටු කළාය.[/FONT]


    [FONT=&quot]“කෙල්ලො දෙන්නා මොනවද මේ දොරත් වහගෙන කරන්නෙ...?”[/FONT]


    [FONT=&quot]“ගිහින් දොර අරින්න නංගි...”[/FONT]


    [FONT=&quot]“පිස්සුද දැන්ම අරින්න බෑ.. තව වැඩ ටිකක් තියෙනවා.”[/FONT]


    [FONT=&quot]ඇය කාමරයේ තුළ සිටම උඩවත්ත ඇන්ටිව හරවා යැව්වාය.[/FONT]


    [FONT=&quot]“ඔයාගෙ කාමරේ කොහෙද තියෙන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“උඩ තට්ටුවෙ... යමුද...?”[/FONT]


    [FONT=&quot]ඇය මහත් උනන්දුවෙන් විමසද්දී මම ඊට එකඟ විමි.[/FONT]


    [FONT=&quot]“දැන්ම දොර අරින්න බෑ.. අම්මව පුදුම කරන්න ඕනි. අපි මේ පැත්තෙන් යමු.”[/FONT]


    [FONT=&quot]විවරව තිබූ පැති දොරෙන් කොරිඩෝවට පිවිසි ඇය නැවත තවත් දොරකින් නිවස තුළට පිවිසියා ය. මමද ඒ මනරම් මැදුරේ සිරි නරඹමින් ඇය පසුපස ගියෙමි. ගෙයි මැද කොටස හරහා ගිය අප වක්‍රාකාර පඩිපෙළින් උඩු මහළට පිවිසියෙමු. එය නවීන ගෘහභාණ්ඩ කැටයම් තිර රෙදි ආදියෙන් සංකලනය වූ වෙනස්ම ලෝකයකි.[/FONT]


    [FONT=&quot]“මේ පැත්තෙ..”[/FONT]


    [FONT=&quot]පහළ මාලයද පෙනෙන ආකාරයෙන් නිවමා තිබූ පෙදෙසේ අත් වැට අල්ලාගෙන යන අතරතුර ඇය කීවාය. මම විස්මලන්තයේ අතරමං වූ ඇලිස් මෙන් ඒ මග ඔස්සේ ඇදුනෙමි.[/FONT]


    [FONT=&quot]ඇය මාව කැඳවාගෙන ගිය විසල් කාමරය සුවපහසු බඩු භාන්ඩ වලින් අනූන වුවද ඇගේ අධ්‍යනය කාමරය මෙන්ම අපිළිවෙළය. දිනක මෙය ද පිළිවෙළකට සකසා දිය යුතු යැයි සිතා මම නිහඩව උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“අර පෙන් හෝල්ඩර් එකක් නේද..?”[/FONT]


    [FONT=&quot]ඇගේ පියන් තුනේ අල්මාරිය උඩ හරහට වැටී තිබූ පෑන් රදවනය පෙන්වූ මම ඇසිමි. “ඔව්” යැයි කියා හිස වැසූ ඇය කණ්නාඩි මේසය ඉදිරිපිට තබා තිබූ පුටුවට නැග එය පහළට ගත්තාය.[/FONT]


    [FONT=&quot]“අපරාදෙනේ මේක නිකං දාලා තියෙන්නෙ. හරි ලස්සනයි. අපි මේකත් පහළට ගෙනියමු.”[/FONT]


    [FONT=&quot]මා එය රෙදි කඩකින් පිස අතට ගනිද්දී මල්ෂා පුංචි කබඩක් ඇර මල් කූඩයක් එළියට ගත්තාය.[/FONT]


    [FONT=&quot]“පරක්කු වෙනවා නංගි. විගහට යමු පහළට.”[/FONT]


    [FONT=&quot]තවත් පමා නොවී මා පෑන් රඳවනය හා මල් කූඩය රැගෙන ඈ සමග පහළ කාමරයට ඇතුළු වුණෙමි.[/FONT]


    [FONT=&quot]“පෙන් හෝල්ඩර් එක මේසෙන් තියලා මල් බන්ච් එක අර වීදුරු කබඩ් එක උඩින් තියන්න.”[/FONT]


    [FONT=&quot]මම යෝජනා කරන පමාවෙන් ඇය එසේ තබා එයාෆ්‍රෙෂ්නර් බෝතලය කාමරය පුරා ඉදින ලදී.[/FONT]


    [FONT=&quot]“දැන් නම් මේක ප්‍රොෆෙෂනල් ස්ටඩි රූම් එකක්.”[/FONT]


    [FONT=&quot]මම ඇයට කීවෙමි.[/FONT]


    [FONT=&quot]“ඒක නං ඇත්ත. දැන්නං මේකෙ ඉඳගෙන පාඩම් කරන්න ආස හිතෙනවා.”[/FONT]


    [FONT=&quot]ඇය කීවේ සතුටින් ඉපිළෙමිනි.[/FONT]


    [FONT=&quot]“හැමදාම උදේට ජනෙල් ඇරලා දාන්න. නැත්නම් පුස් ගඳ ගහනවා.”[/FONT]


    [FONT=&quot]උදේ මෙහි තිබූ පුස් ගඳ සිහි වී මම කීවෙමි. ඇය වරදක් කළ එකියක සේ මදෙස බැලුවාය.[/FONT]


    [FONT=&quot]“රූපිකා ආන්ටි ඔයාව මෙහෙ එවලා කළේ ලොකු පිණක්. ඔයා මුල් දවසෙම මාව වෙනස් කළා.”[/FONT]


    [FONT=&quot]“එහෙම හිතන්න එපා නංගි. ඔයාම උත්සාහ කළොත් හැමදාම මේ විදියට නීට් එකට ඉන්න ඔයාට බැරි වේනනෙ නෑ.”[/FONT]


    [FONT=&quot]ඇයට කියද්දීම මගේ දුරකථනය නාද වන්නට විය. එහි සටහන්ව තිබුණේ රුවන් මල්ලීගේ අංකයයි. මම එයට පිළිතුරු දෙද්දී මල්ෂා මෙතෙක් වසා තිබූ දොර විවර කළාය.[/FONT]


    [FONT=&quot]“ඔයාගෙ වැඩ ඉවරද අක්කා.”[/FONT]


    [FONT=&quot]රුවන් මල්ලීගේ දයාබර හඬ දුරකථනය ඔස්සේ ඇදී ආවේය.[/FONT]


    [FONT=&quot]“ඉවරයි මල්ලි.. ඔයා දැන් එන්න.”[/FONT]


    [FONT=&quot]“එන්න දෙයක් නෑ හලෝ.. මම ඇවිත් ගේට් එක ළග ඉන්නෙ. ඔයා එළියට එන්න.”[/FONT]


    [FONT=&quot]ඔහු කියද්දී මම පුදුම විමි. ඇමතුම විසන්ධි කර මම මල්ෂාව සෙවිමි. ඈ උඩවත්ත ඇන්ටීගේ අතින් ඇදකාමරය දෙසට එමින් උන්නා ය. කාමරයේ ඇතුළත නෙත් විදාලූ ඇන්ටී පුදුමයෙන් මල්ෂා දෙසත් මා දෙසත් බැලුවා ය.[/FONT]


    [FONT=&quot]“උදේ මේක තිබුණෙ අපායක් වගේනේ... මට නම් අදහගන්නත් බෑ.”[/FONT]


    [FONT=&quot]නංගී ආඩම්බරයෙන් බලා හිඳිද්දී උඩවත්ත ඇන්ටී මගේ දෝතම තද කර අල්ලා ගත්තාය.[/FONT]


    [FONT=&quot]“ඔයා නං ගෙදරකට පහනක් පුතේ..”[/FONT]


    [FONT=&quot]ඇය ඉන් බොහෝ දේ අදහස් කළාය. නමුත් මා ඒ පිළිබඳ වැඩිදුර සිතීමට උනන්දු නොවූයේ රුවන් මල්ලී මා එනතුරු බලා හිඳින නිසාවෙනි.[/FONT]


    [FONT=&quot]“මේ මං තනියම කරපු දෙයක් නෙමෙයි ඇන්ටි. නංගිත් උදව් වුණා.”[/FONT]


    [FONT=&quot]“අපොයි.. මං දන්නෙ නැද්ද මෙයාගෙ පිළිවෙල ගැන. ළගින් ගියොත් පළාතක්ම වැනසිලා.”[/FONT]


    [FONT=&quot]ඇය මල්ෂාට ඇද කරමින් කීවාය.[/FONT]


    [FONT=&quot]“මං දැන් යන්න ඕන ඇන්ටි. මල්ලි ඇවිත් ගේට් එක ළග ඉන්නවලු.”[/FONT]


    [FONT=&quot]මගේ කතාවට ඔවුන් දෙදෙනා මුහුණින් මුහුණ බලා ගත්හ. එහි සටහන්ව තිබුණේ මා ඉක්මනින් යෑම පිළිබඳ අකමැත්තයි.[/FONT]


    [FONT=&quot]“ඔයාටත් එක්ක කෑම ලෑස්ති කළා දුව... මල්ලිටත් එන්න කියන්න කාලා යන්න පුළුවන්..”[/FONT]


    [FONT=&quot]මල්ලී මෙහි පැමිණිමට එතරම් කැමැති නැති බව දන්නා නිසාවෙන් මම එය මග හැරිමි.[/FONT]


    [FONT=&quot]“අක්කා හෙටත් එනවා නේද.? මට ක්ලාස් තියෙන්නෙ හවස් වරුවෙ.”[/FONT]


    [FONT=&quot]මා සමග ගේට්ටුව තෙක් එන අතරතුර මල්ෂා විමසුවාය. හෙට මාමා රට යන බැවින් මෙහි නොඑන්නැයි රුවන් මල්ලී කළ ඉල්ලීම මට සිහි විය.[/FONT]


    [FONT=&quot]“මම අනිද්දා එන්නං නංගි. හෙට අපේ මාමා රට යනවනේ..”[/FONT]


    [FONT=&quot]ඇය එයට හිස සැලුවේ අකමැත්තෙනි. මම ඇයගෙන් සමුගෙන පාරට පිවිසෙද්දී රුවන් මල්ලී ගේට්ටුව අභියස බයිසිකලය නතර කරගෙන උන්නේය.[/FONT]


    [FONT=&quot]“මොනවද අක්කා මෙච්චර වෙලා කළේ..? මං මෙතනට ඇවිත් පැය භාගෙකටත් වැඩියි.”[/FONT]


    [FONT=&quot]ඔහු මා දුටුවනම බොරු අමනාපයක් මවා ගත්තේය. මම නිහඬවම බයිසිකලයට නැග ඉඳගතිමි.[/FONT]


    [FONT=&quot]“ඉතිං මල්ලි ඇතුළට එන්න එපැයි..”[/FONT]


    [FONT=&quot]“පිස්සුවටයෑ..”[/FONT]


    [FONT=&quot]එසේ කියූ ඔහු බයිසිකලය පාරට ගත් වේගයට මා විසිවී යන්න තරම් විය. මම ඔහුව තදින් අල්ලා ගනිද්දී තම වරද වැටහුණා මෙන් ඔහු වේගය බාල කළේය.[/FONT]


    [FONT=&quot]“අද එකෙක්ට නිවාඩු..”[/FONT]


    [FONT=&quot]මල්ලි එක්වරම කියූ එම කතාව මට වැටහුණේ නැත. මම මඳක් කල්පනා කළෙමි. මගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසාදෝ මල්ලී කතාව විස්තර නොකර උන්නේය.[/FONT]


    [FONT=&quot]නිවසට පැමිණ ඇඟ සෝදා ගත් සැනින් නැන්දා බත් බෙදා මටත් මල්ලීටත් ගෙන දුන්නාය. කෑම කන අතරතුර උඩවත්ත ඇන්ටිලාගේ නිවසට ගොස් කළ දෑ පිළිබඳව නැන්දාට විස්තර කරන්නට මට සිදුවිය. රුවන් මල්ලී නම් එය අසා සිටියේ අමනාපයෙනි.[/FONT]


    [FONT=&quot]“ඔයා මොකටද එහේ දූවිලි පිහින්නයි, අස් කරන්නයි ගියේ.. ඔයා උඩලවත්තලගෙ සර්වන්ට් වෙන්නද හදන්නෙ..?”[/FONT]


    [FONT=&quot]ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ මම නිහඬ විමි. මල්ලී දෙස අමනාපයෙන් බැලූ නැන්දා ඉවත ගියාය. එසැනින්ම ටීපෝව මත තබා තිබූ මගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණි.[/FONT]


    [FONT=&quot]“කොහෙද ගිහින් හිටියෙ..? දැන්ද ආවෙ..?”[/FONT]


    [FONT=&quot]එසේ අසමින් පණිවුඩයක් එවා තිබුණේ උඩවත්ත ඇන්ටිලාගේ නිවසේ සිටියදී පණිවුඩය ලද අංකයෙන්මය. මගේ මෙම නව අංකය දන්නේ සීමිත පිරිසක් බැවින් මෙසේ පණිවුඩ එවන තැනැත්තා කවුදැයි අනුමාන කළ නොහැකි විය.[/FONT]


    [FONT=&quot]“කවුද..?”[/FONT]


    [FONT=&quot]මගේ කල්පනාබර මුහුණ දුටු රුවන් මල්ලී විමසද්දී මම නොදන්නවායි ඇඟවීමට හිස සලා ඔහුට දුරකථනය පෑවෙමි. ඔහු එම අංකය දෙස විපරමින් බලා මගේ මුහුණ දෙස ද නෙතු යොමු කළේය. ඔහු යමක් පවසතැයි මා බලා උන්නද දුරකථනය මගේ ඔඩොක්කුවට දැමූ ඔහු කුස්සියට පා නැගීය.[/FONT]


    [FONT=&quot]කෑමෙන් අඩ පැයකට පමණ පසු මම වික්ෂිප්ත සිතින් කාමරයට ගියෙමි. එසැනින් මා දුටුවේ ජනේලය පාමුල වැටී තිබූ කොළ ගුලියකි. මම ගැහෙන සුරතින් එය විවර කළේ දුලාජ් අයියා එවූවක් බව දැනගෙන ය.[/FONT]


    [FONT=&quot]“මේ විදියට සැරින් සැරේ කොළ විසි කරන එක ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලයි එස්.එම්.එස් කළේ. කෝ ඉතිං.. ඒවටත් උත්තර නෑනෙ.. ඔයා උත්තර එවනකල් මං බලන් ඉන්නවා මීනු..”[/FONT]


    [FONT=&quot]මෙතෙක් සිත දවාලූ පැනයට පිළිතුරු සොයා ගැනීමට එම පණිවුඩය ප්‍රමාණවත් විය. එසේ නම් මට පනිවුඩ එවා ඇත්තේ ද දුලාජ් අයියා විසිනි. නමුත් ඔහු මගේ දුරකථන අංකය සොයාගත් අයුරු මට තවමත් ගැටලුවකි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    පසුදා මා අවදි වූයේ තරමක් පමා වීය. ඒ වන විට නැන්දා හා මාමා පමණක් නොව රුවන් මල්ලීද අවදියෙනි. අද මාමා විදේශගතවන දිනයයි. එබැවින් මා ළහිලහියේ ඇඳෙන් බැස ගතිමි.[/FONT]

    [FONT=&quot]“ගුඩ් මෝනිං අක්කා! මොකද අද උදෙන්ම නැගිටලා!”[/FONT]


    [FONT=&quot]මා නාන කාමරයට දිව යද්දී මග හරස් කළ මල්ලී මගේ දෑසට එබී බැලුවේය. මට දැනුණේ ලැජ්ජාවකි.[/FONT]


    [FONT=&quot]“ඊයෙ නින්ද ගියේ පරක්කු වෙලා මල්ලි. ඒ නිසා ඇහැරුණේ නෑ.”[/FONT]


    [FONT=&quot]“මොකෝ නින්ද නොගියෙ.. මල්ෂා නිසාද.. දුලාජ් නිසාද...?”[/FONT]


    [FONT=&quot]ඔහුගේ අනුමානය නිවැරදි විය. මල්ෂා ගැන මෙන්ම දුලාජ් අයියා ගැන ද බොහෝ වේලාවක් යන තුරු මට සිහියට නැගුණි. ඒ සියල්ලටම වඩා මේ මොහොතේ මා කලබල වූයේ මල්ලී මා සිත කියවීම පිළිබඳවය. ඉතින් මම නාන කාමරයට වැදී දොර වසා ගතිමි. නමුත් මා එලියට එන විටත් ඔහු එතැනටම වී බලා උන්නේය.[/FONT]


    [FONT=&quot]“අක්කා, තාත්තට බඩු වගයක් ගන්න ටවුන් එකට යන්න තියෙනවා. මාත් එක්ක යමුද..?”[/FONT]


    [FONT=&quot]“හා...”[/FONT]


    [FONT=&quot]දෙවරක් නොසිතාම මම එකඟ විමි. ඒ අවසරයෙන් මල්ලී ඉවත ගියේය. මම බයිසිකලයේ යෑමට පහසු වන සේ ඩෙනිමක් හා සැහැල්ලු ටී ෂර්ටයක් ඇඟලා ගතිමි. දෑසේ කදුළු පුරවාගත් නැන්දා කාමරයට ඇතුළු වූයේ ඒ මොහොතේම ය. ඒ කදුළු දැක මගේ දෑස් වුව තෙත්ව යන්නට ඇත.[/FONT]


    [FONT=&quot]“අද හවස මාමා යනවා දෝණි. අපි කවදාවත් මේ තරම් කාලයක් ඈත් වෙලා ඉඳලා නෑ.”[/FONT]


    [FONT=&quot]ඈ මගේ දෑතින් අල්වාගෙන දුක කීවාය. සැනසිලි වදන් මුවග නැගුණේ නැති නිසා මම නිහඩ උනිමි.[/FONT]


    [FONT=&quot]“අනිද්දා ඉදලා පුතත් රස්සාවට යනවා.. අනේ මන්දා...”[/FONT]


    [FONT=&quot]ඈ ඒ නොකියා කීවේ තමන්ගේ අය ළග නොමැති විට දැනෙන වේදනාව නොවේද.? එසේ නම් එම දුක වැඩිපුර දැනෙන්නේ ඇයට නොව මටය. අම්මාත්, තාත්තාත් ළඟ නැති අඩුව කවදා නම් මැකේවිද..? නැන්දාගේ කඳුළු බර දෑස් දෙස බැලීම නිසා මෙන්ම තාත්තා සිහිවී නිසා මගේ දෑසින් කඳුළු වැල් දෙකක් ගලා ගියේය. මම ඉක්මනින් තුවාය මුහුණට තද කර ගතිමි.[/FONT]


    [FONT=&quot]“අක්කා...”[/FONT]


    [FONT=&quot]මල්ලීගේ හඬ පහළ මාලයෙන් ඇසෙද්දී නැන්දා කාමරයෙන් පිටව ගියාය. කොණ්ඩය එක මිටට අල්ලා කොණ්ඩ පටියක් ගැට ගැසූ මා මුහුණ පිසදා පඩිපෙල බැස ගතිමි.[/FONT]


    [FONT=&quot]“පුතේ වරද්දන්නෙ නැතුව ඔය බඩු සේරම ටික ගේන්න.”[/FONT]


    [FONT=&quot]නැන්දා තුණ්ඩුවක් ලීයා මල්ලී අතට දුන්නාය. එය සාක්කුවේ ලාගත් ඔහු මිදුලට බැද්දේ හෙල්මට් දෙකක් ද අතැතිවය. මම ද ඉක්මනින් ඔහු පසුපස ඇදුනෙමි.[/FONT]


    [FONT=&quot]“නැන්දා.. අපි ගිහින් එන්නම්..”[/FONT]


    [FONT=&quot]“ආ.. දෝණිත් යන්නෙ පුතත් එක්කද..? මං හිතුවා ඔයා උඩවත්තලගෙ දිහා යනවා කියලා.”[/FONT]


    [FONT=&quot]“නෑ නැන්දා.. අද මං එන්නෑ කිව්වා. මටත් බඩු වගයක් ගන්න තියෙනවා. මං මල්ලි එක්ක ගිහින් එන්නම්.”[/FONT]


    [FONT=&quot]“දෝණි එහෙනං මේකත් තියාගන්න..”[/FONT]


    [FONT=&quot]නැන්දා මා අතේ රුපියල් දහසක් මිට මෙලෙව්වාය. එය මා ප්‍රතික්ෂේප කළ ද ඈ මුදල යළි භාර ගන්නේ නැත.[/FONT]


    [FONT=&quot]“අක්කා පරක්කු වෙනවා...”[/FONT]


    [FONT=&quot]“හරි.. හරි.. යමු..”[/FONT]


    [FONT=&quot]හෙල්මටය හිසලාගත් මා බයිසිකලයට නැඟුනෙමි.[/FONT]


    [FONT=&quot]“අක්කට ඇතත්ටම මොනවා හරි ගන්න තියෙනවද.?”[/FONT]


    [FONT=&quot]“ඔව්. පොඩි බඩු වගයක් ගන්න තියෙනවා.. ඇයි..?”[/FONT]


    [FONT=&quot]“එහෙනම් ඔයා ඒ ටික අරගෙන මේ සෙලියුලර් සෙන්ටර් එක ළගට එන්න. මං බෑන්ක් එකෙන් සල්ලි අරන් එන්නම්.”[/FONT]


    [FONT=&quot]ටවුමෙන් මාව බැස්සූ රුවන් මල්ලී කීවේය. තනිව ඇවිද ගොස් බඩු ගැනීමට මම බිය විමි. නමුත් මට අවැසි දෑ ගැනීමට මල්ලී කැටුව යෑම ඔහුට ද වදයක් විය හැකි බැවින් අකැමැත්තෙන් වුව මා එයට එකඟ වද්දී ඔහු බයිසිකලය පණ ගන්වා ඉගිල ගියේය. දහසක් සෙනඟ අතරේ තනිවූ මුවැත්තියක මෙන් මම වටපිට බැලිමි. පසුපස සෙනග ගොඩ අතරින් එක්වරම මතු වූ දුලාජ් අයියාගේ රුව මා පුදුමයෙනුත්, පුදුමයට පත් කළේය. මේ අහඹු හමුවීම ඔහුට නම් විශේෂයක් නොවුණා සේ ය.[/FONT]


    [FONT=&quot]“මං හිතුවා එන එක්ක නෑ කියලා..”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියා මා දුටුවනම පැවසූ වදන් මට වැටහුණේ නැත. මම ඔහු දෙස බැලුවේ වික්ෂිප්ත දෑසිනි. නමුත් ඒ මුහුණේ වූ ආකර්ෂණීය කඩවසම් පෙනුමට වචන අමතකව ගියේය.[/FONT]


    [FONT=&quot]“ඇයි බයවෙලා. ඔයා හරි වෙලාවට ආවා මීනු.. හරියටම නවය හමාරයි.”[/FONT]


    [FONT=&quot]මම දුරස්ථ පාලකයකින් වැඩකරන රොබෝවෙකු සේ ඔරලෝසුව දෙස බැලිමි. ඔහු මදෙස බලා දයාබරව සිනාසුනේය.[/FONT]


    [FONT=&quot]“මට තේරෙන්නෙ නෑ අයියා.. ඔයා මේ මොනවද කියන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“ඒ කියන්නෙ ඔයා මේ ආවෙ මං එන්න කියපු නිසා නෙමෙයිද..?”[/FONT]


    [FONT=&quot]“ඔයා කවදද මට එන්න කිව්වෙ..?”[/FONT]


    [FONT=&quot]“ඇයි මං පෙරේදා කාමරේට එවපු කොලේක තිබුණෙ ඔයා ඒක බැලුවෙ නැද්ද.?”[/FONT]


    [FONT=&quot]“නෑ.. මං දන්නෙවත් නෑ..”[/FONT]


    [FONT=&quot]ඔහු නළලේ අත ගසා ගත්තේය. මම මඳක් කල්පනා කළෙමි. ඇතැම් විට මෙය රුවන් මල්ලීගේ සැලැස්මක් වන්නට ඇත.[/FONT]


    [FONT=&quot]ඊයේ උදෑසන මල්ෂලාගේ නිවසට යන විට අද එහි නොවන බව පවසන්නැයි කීවේ ඔහු ය. උදෑසන ටවුමට ඒමට මට කතා කළේ ඔහු ය. පමා වෙන බව පවසමින් මාව ඉක්මනින් රැගෙන විත් හරියටම මෙම ස්ථානයෙන් බැස්සවූයේත් ඔහු ය. ඉතින් දුලාජ් අයියා එවූ කොළය කියවන්නට ඇත්තේ රුවන් මල්ලීම බව මම අවබෝධ කර ගතිමි. නමුත් දුලාජ් අයියා මා පිළිබඳ අවධානයේන පසුවන බව දැනගත් පසු අමනාපයෙන් උන් ඔහුම මෙසේ හැසිරීම පිළිබඳව මම පුදුම විමි.[/FONT]


    [FONT=&quot]“මෙතන කතා කරන්න බෑනෙ මීනු.. අපි මොනා හරි බොන්න යමුද..?”[/FONT]


    [FONT=&quot]“මට බොන්න බෑ.. දැන් මල්ලි මෙතනට එයි..”[/FONT]


    [FONT=&quot]“රුවන් දැන්මම එන එකක් නෑ ළමයො. ඌ හොඳ අන්ඩස්ටෑන්ඩින්ග් එකක් තියෙන කොල්ලෙක්.”[/FONT]


    [FONT=&quot]“මට බයයි අයියා.”[/FONT]


    [FONT=&quot]මම ඇත්තම කීවෙමි. දුලාජ් අයියා හා කතාබහ කරන්නට, ඔහු සමඟ ගැවසෙන්නට සිත බලා උන් බව සැබෑවකි. නමුත් ඔහු මෙසේ තනිව මුණ ගැසීමට ඇරයුම් කළේ නම් මා කෙසේවත් මේ ගමන පැමිණෙන්නේ නැත. කෙසේ වෙතත් අප දෙදෙනාම නොදැනුවත්වම රුවන් මල්ලී අප මුණගස්වා ඇත. ඔහු දැන්ම මෙතනට නොඑන බව පසක් කරගත් මා දුලාජ් අයියා සමග සාප්පු සංකීරණයට ඇතුල් වූයෙමි.[/FONT]


    [FONT=&quot]“එතකොට ඔයා ආවෙ මාව හම්බවෙන්න නෙමෙයි නම් මොනවටද..?”[/FONT]


    [FONT=&quot]“මට බඩු වගයක් ගන්න තියෙනවා..”[/FONT]


    [FONT=&quot]“එහෙනං මමත් එන්න. අපි දෙන්නම ගිහින් ගමු.”[/FONT]


    [FONT=&quot]“අනේ මට බෑ.”[/FONT]


    [FONT=&quot]ඔහු සිනාසෙමින් මගේ දෑසට එබුණේ ය. මම වහා ඉවත බලා ගතිමි.[/FONT]


    [FONT=&quot]“මොකෝ.. මං එක්ක ගිහින් ගන්න බැරි දේවල්ද..?”[/FONT]


    [FONT=&quot]මා ඊට පිළිතුරු නොදුන් නිසා ඔහු කතාව මාරු කළේය.[/FONT]


    [FONT=&quot]“රයිට්... එහෙනම් එහෙනම් මොනවා හරි බොන ගමන් කතා කරමු.”[/FONT]


    [FONT=&quot]ඔහු මගේ අතින් ලාවට අල්ලාගෙන වෙළඳසැලක් වෙත පිය නැගීය. අත ඉවතට ඇද ගැනීමට තරම්වත් සිහියක් නොවූ මා සීතල වතින් යුතුව ඔහු පසුපස ඇදුනෙමි.[/FONT]


    [FONT=&quot]“මොනවද නංගා කන්න කැමති..?”[/FONT]


    [FONT=&quot]“බඩගිනි නෑ.”[/FONT]


    [FONT=&quot]“එහෙනං මොනවද බොන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“නෙස්කැෆේ එකක්.”[/FONT]


    [FONT=&quot]“මරුනේ... ඔයත් කැමති මං කැමති දේවල්වලටමයි.”[/FONT]


    [FONT=&quot]ඔහු හැසිරුනේ බොහෝ සැහැල්ලුවෙනි. නමුත් මා උන්නේ දියෙන් ගොඩ දැමූ මාළුවෙකු මෙනි.[/FONT]


    [FONT=&quot]“අයියට දෙයක් කියන්න තියෙනවා.”[/FONT]


    [FONT=&quot]මම අසීරුවෙන් වඳන් ගළපා ගතිමි.[/FONT]


    [FONT=&quot]“ඉතින් කියන්න.”[/FONT]


    [FONT=&quot]“ආයෙත් මගේ කාමරයට කොළ කෑලි විසි කරන්න එපා. මල්ලි දැක්කා වගේ දවසක නැන්දත් දකියි.”[/FONT]


    [FONT=&quot]මා කී දෙය ඔහු සැහැල්ලුවට ගත්තේ නැත. එය අවබෝධ කරගත්තාක් මෙන් බැරෑරුම්ව හිස සලද්දී මට සතුටක් දැනුණි.[/FONT]


    [FONT=&quot]“මටත් දෙයක් කියන්න තියෙනවා.”[/FONT]


    [FONT=&quot]ඒ හඬ ඉතා දයාබරය. ඉතිං මා අසා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“මං ඔයාට කොළ එව්වෙ නරක හිතකින් නෙවෙයි. ඉස්සර ඕක රුවන්ගෙ කාමරේ. අපි දෙන්නා ගොඩක් වෙලාවට බැල්කනි දෙකට වෙලා කෑ ගගහා කතා කරනවා. අම්මලට හොරෙන් දෙයක් කරන්න ඕන වුණාම අපි කරන්නෙ කොළ විසි කරන එක..”[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මා ඒ කතාවට සවන් දුන්නේ ආසාවෙනි. ඔවුන් දෙදෙනා අතර වයස පරතරයක් ඇතත් ඔවුන් අතර හොඳ මිතුරුදමක් තිබෙන්නට ඇති බව මම වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“දවසක් ඔය කොළ කෑල්ලක් නිමා මං මාර කෑමක් කෑවා..”[/FONT]


    [FONT=&quot]මුලදී කියාගෙන ගිය දෙය අමතකව ගියාක් මෙන් ඔහු කතාව මාරු කළේය. නමුත් ඒ කතා විලාසයේ වූ රසවත්භාවය නිසා ඔහු කියන ඕනෑම දෙයකට සවන් දිමට මා සැදී පැහැදී උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“මං ඒ ලෙවල් කරලා ගෙදර ඉද්දී ටවුටම අලුත් ෆිල්ම් එක්ක ආවා. මගේ යාළුවො එක්ක මමත් ඒක බලන්න යනවා කියද්දි රුවන්ටත් එන්න ඕනෙ කිව්වා. එතකොට මිනිහා ඕලෙවල් වත් කරලා නැහැ. ඉතිං මං යන වෙලාවයි, විස්තරයි කියලා මිනිහට කොළයක් එව්වා. ඒක උගේ ඔලුව උඩින් ගිහින් වැටුණෙ රණසිංහ අන්කල්ගෙ කකුල් දෙක ළඟ.”[/FONT]


    [FONT=&quot]“ඉතිං..?”[/FONT]


    [FONT=&quot]“ඉතිං තමයි... අන්කල් ඒ කොළේ අහුලද්දී මං හැංගිලත් ඉවරයි. ඒ වුණාට ඒ නිවුස් එක අපේ අම්මගෙ කණටත් ගිහින්.. එදා නං කෑවා මාර පරිප්පුවක්. ඒ විතරක්නං මැදෑ.. රුවන්ට තියා මටවත් ෆිල්ම් එක බලන්න යන්න බැරි වුණා..”[/FONT]


    [FONT=&quot]ඔහු එය කී දුක්බර විලාසයට මට සිනහ නැගුණි. ඒ දෙනෙත් මා මුහුණ සිසාරා දුව ගියේය.[/FONT]


    [FONT=&quot]“ඔයා හිනා වෙනකොට කම්මුල් වළ ගැහෙනවා. ඇස් හීනි වෙනවා.. හරිම ලස්සනයි මීනු.”[/FONT]


    [FONT=&quot]“බොරු කියන්න එපා. මට කලින් කවුරුවත් ඔහොම කියලා නෑ.”[/FONT]


    [FONT=&quot]“එහෙනං කවුරුවත් මීට කලින් ඔය ලස්සන මූණ දිහා ඕනකමින් බලලා නෑ.”[/FONT]


    [FONT=&quot]මේසය මත තිබූ නෙස්කැෆේ කෝප්ප දෙක අප දෙදෙනාටම අමතකව ගියා වැනිය. මම ඉන් එකක් අතට ගනිද්දී එය තරමක් නිවී තිබිණි.[/FONT]


    [FONT=&quot]“කතාවෙන් කතාවෙන් කියන්න හිතපු දේ අමතක වුණා ළමයො.”[/FONT]


    [FONT=&quot]“මොනවද...?”[/FONT]


    [FONT=&quot]“මීට පස්සෙ මං ඔයාට කොළ ගුලිවත් මකන කෑලිවත් එවන්නෙ නෑ. ඒත් ප්ලීස් ෆෝන් එකට රිප්ලයි කරන්න.”[/FONT]


    [FONT=&quot]“මගේ ෆෝන් එකට මං වැඩිය සල්ලි දාන්නෙ නෑ අයියා.”[/FONT]


    [FONT=&quot]ඔහු මදෙස දුක්බර ලෙස බලමින් නෙස්කැෆේ උගුරක් තොල ගෑවේය. මම අසරණව එදෙස බලා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“ඔයා කොහොමද මගේ ෆෝන් නම්බර් එක හොයාගත්තෙ. ඒක ගොඩක් අය දන්නෙ නෑ.”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියාගේ මුහුණේ අමුතුම ආකාරයේ සිනාවක් ඇඳුනි.[/FONT]


    [FONT=&quot]“ඔයා ගැන ගොඩක් අය නොදන්න දේවල් දැනගන්න මං කැමතියි නංගා..”[/FONT]


    [FONT=&quot]එහි වූ සැබෑ අරුත වටහා ගත නොවුණු මා බලා උන්නා පමණි. මඳක් කල්පනාබරව ඈතක බලා උන් ඔහු ක්ෂණිකව නැවතත් කතාවට යොමු විය.[/FONT]


    [FONT=&quot]“එදා ඔයාලා කේක් හද හද හිටපු දවසෙ මං ගෙට යද්දි ඔයාගෙ ෆෝන් එක සාලෙ තිබුණා. ඉතිං මං ඒකෙන් මගේ නම්බර් එකට මිස් කෝල් එකක් ගහ ගත්තා.”[/FONT]


    [FONT=&quot]“ඔයා කොහොමද ඒක මගේ ෆෝන් එක කියලා දන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“එදා ඔයා රණසිංහ අන්කල් එනකල් BMICH එක ළග ඉන්නකොට ඔයාගෙ අතේ තිබුණෙ ඒ ෆෝන් එක. අනික ඒ ගෙදර හැමෝගෙම අංක මගේ ළග තියෙනවා. ඉතිං මිස් කෝල් එක ඇවිත් තිබුණෙ දන්නෙ නැති අංකයකින් නිසා ඒක ඔයාගෙමයි කියලා කන්ෆර්ම් කරගන්න තවත් සාක්කි ඕනෙ නෑ. තේරුණාද..?”[/FONT]


    [FONT=&quot]ඔහු මා ගැන කොතරම් අවධානයකින් උන්නාද කියා දැන ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.[/FONT]


    [FONT=&quot]“අපි දැන් යමු.”[/FONT]


    [FONT=&quot]සිතට එකග නොවුණ ද මම පැවසුවෙමි. ඔහු මදෙස බලා දි[/FONT][FONT=&quot]ඟු හුස්මක් පිට කළේය.[/FONT]


    [FONT=&quot]“තව චුට්ටකින් යමු. තාම එච්චර වෙලා ගිහින් නෑනෙ.”[/FONT]


    [FONT=&quot]“මල්ලි ඇවිත් ඇති.”[/FONT]


    [FONT=&quot]“හරි.. හරි.. යමුකො එහෙනම්..”[/FONT]


    [FONT=&quot]ඔහු එවර නැගී උන්නේ පෙර වතාවේ මෙන් නොව තදින් මා අත ග්‍රහණය කරගෙනය. ඒ පහසේ වූ ආකර්ෂණය අභිබවා සිතට ලැජ්ජාවක් දැනුණු හෙයින් මම අත ඉවතට ඇද ගතිමි.[/FONT]


    [FONT=&quot]“සොරි..!”[/FONT]


    [FONT=&quot]ඔහුගේ හැඟීම්බර හඩ ඇසුණේ දෙකන් අද්දරින්ම වාගේය. මම වහා හිස ඔසවා ඒ සංවේදී නෙතු යුග දෙස බැලුවෙමි.[/FONT]


    [FONT=&quot]“මලක් වගේ හිනා වෙවී ඉන්න ඔයාව දාලා යන්න දුක හිතුනා.”[/FONT]


    [FONT=&quot]ඒ හඬේ මෙන්ම ඒ බැල්මේද රැඳී තිබුණේ අසීමිත ආදරයකි.[/FONT]


    [FONT=&quot]“ඔයා දැන් යන්න අයියා. මං මල්ලි එනවා කියපු තැනට යන්නම්.”[/FONT]


    [FONT=&quot]මම ඔහුව මගහැර මල්ලී පෙන්වූ සෙලියුලර් සෙන්ටර් එක අබියසට පා නැගුවෙමි. රුවන් මල්ලී ඒ වනවිටත් ඇවිත් උන්නේය. මා බයිසිකලයට ළං වද්දී මල්ලී මදෙස ඕනෑකමින් බලනවා දුටුවත් මම ඒ දෑස් මග හැරිමි.[/FONT]


    [FONT=&quot]“ඔයා ඇවිත් ගොඩක් වෙලාද මල්ලි..?”[/FONT]


    [FONT=&quot]“කෝ ඔයා බඩු ගත්තෙ නැද්ද..?”[/FONT]


    [FONT=&quot]අප දෙදෙනාම ප්‍රශ්න නැගුවා මිස කතා කළේ නැත. මම බයිසිකලයට නගිද්දී මල්ලී වටපිට ඇස් හරවා බැලුවේය. ඔහු ඒ සෙව්වේ දුලාජ් අයියාව බව විශ්වාසය. නමුත් ඔහු කිසිවක් නොවිමසීම පිළිබඳව මම සතුටු විමි.[/FONT]


    [FONT=&quot]“අක්කා ඔයාගෙ බඩු ටික ගන්න යමුද..?”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියා මුණ ගැසීම නිසා බඩු ගැනීමට නොහැකි වූ බව අනුමාන කළ මල්ලී නැවත විමසුවේය.[/FONT]


    [FONT=&quot]“දැන් ඕන නෑ.. අපි අනිත් බඩු ටික ගමු..”[/FONT]


    [FONT=&quot]“ආ.. ඒ ටික හරි. මං ගිහින් ගත්තා.”[/FONT]


    [FONT=&quot]බයිසිකලයේ හැඩලයේ එල්ලා තිබූ බෑග් දෙක දකිද්දී සිතට මහා පසුතැවීමක් දැනුණි. මා පිළිසදරේ යෙදෙන අතරතුර මල්ලී තනිව ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන ඇත. දුලාජ් අයියා අභියස මා එතරම් කාලයක් ගත කළා දැය් මම පුදුම විමි.[/FONT]


    [FONT=&quot]ඉන්පසු නිවසට පැමිණ බසිනතෙක්ම අප අතර කතා බහක් නොවිණි. නිවසට පැමිණි වහාම මා කළේ කාමරයට වැදී දොර වසා ගැනීමය. කල්පනා කිරීමට බොහෝ දේ තිබූ නමුත් කිසියක් නොසන්සුන්කමකින් මම පීඩා වින්දෙමි.[/FONT]


    [FONT=&quot]“අක්කා... මේ දොර අරින්න ටිකකට.”[/FONT]


    [FONT=&quot]රුවන් මල්ලී දොර අභියස හිඳ කෑ ගැසුවේය. නමුත් මා දොර විවර කළේ මොහොතක් දෙකක් පමා වීමෙන් අනතුරුවය.[/FONT]


    [FONT=&quot]“මට ටිකක් කතා කරන්න පුළුවන්ද..?”[/FONT]


    [FONT=&quot]මම හිස වැනිමි. ඉදින් ඔහු කාමරයේ පුටුවකට බර දී මා මුහුණ දෙස එක එල්ලේ බැලුවේය. ඒ කාන්තිමත් දෑස් මලානික වී ඇතැයි මට ක්ෂණිකව සිතුණි.[/FONT]


    [FONT=&quot]“අද මං කළේ වැරැද්දක් කියලා ඔයා හිතනව නං මට සමාවෙන්න අක්කා..”[/FONT]


    [FONT=&quot]ඒ කීවේ කුමක් ගැනදැයි දැන උන් මා කිසිවක් නොකියා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“මං ඔයාව එතන තනියම දාලා ගියා කියලා හිතනවා නං ඒක වැරදියි. වැඩිය හුරු නැති පැත්තක ඔයාව කොල්ලෙක් එක්ක තනියම දාලා යන්න මට බැරි වුණා..”[/FONT]


    [FONT=&quot]“මල්ලී..?”[/FONT]


    [FONT=&quot]“ඔව් අක්කා.. මං බැංකුවට යනවා කිව්වෙ බොරුවට. ඔයාලා ඇතුළට ගියාම මං ආපහු එතනට ආවා. ඔය දෙන්නව පේන හරියෙ ඉඳගෙන තමයි මං බඩු ටික ගත්තෙ.”[/FONT]


    [FONT=&quot]එසේ නම් ඔහු අප දිහා බලා ඉන්නට ඇත. මසිතේ රුවන් මල්ලී ගැන මහා පැහැදීමක් ඇතිවිය..[/FONT]


    [FONT=&quot]“මට නොකියා ඇයි එහෙම දෙයක් කළේ..?”[/FONT]


    [FONT=&quot]මම හඬමින්ම විමසුවෙමි. මල්ලී මදක් ඉදිරියට නැමී මගේ දෑත් තදට අල්ලා ගත්තේය.[/FONT]


    [FONT=&quot]“දුලාජ් ගොඩක් හොද කොල්ලෙක් කියලා මං දන්නවා අක්කා. ඔයාලා දෙන්නට දෙන්නා කැමතියි නං ඔයාලට පොඩි චාන්ස් එකක් අරන් දෙන්නයි මං එහෙම කළේ. ඒත් ඔයා අකමැති නං මං ආපහු කවදාවත් එහෙම වැඩ කරන්නෙ නෑ.”[/FONT]


    [FONT=&quot]ඒ කටහඩේ වූයේ පසුතැවීමකි. නැතහොත් වේදනාවකි.[/FONT]


    [FONT=&quot]“දුලාජ් අයියා ඒ එවපු කොළේ මම ඇහිලුවා නං මං කීයටවත් අද ටවුටම යන්නෙ නෑ.”[/FONT]


    [FONT=&quot]“ඒ කියන්නෙ අක්කා... ඔයා දුලාජ්ට කැමති නෑ..?”[/FONT]


    [FONT=&quot]රුවන් මල්ලීගේ දෑස් දෙස සෘජුව බලා එයට පිළිතුරු දෙනන්ට මම අපොහොසත් විමි. නමුත් ඔහු පිළිතුරක් අපේක්ෂාවෙන් බලා උන්නේය.[/FONT]


    [FONT=&quot]“මට කෙලින්ම කියන්න.. ඔයා දුලාජ්ට කැමතිද..? නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“මම තාම දුලාජ් අයියා ගැන දන්නෑ මල්ලි..”[/FONT]


    [FONT=&quot]“ඒත් අපි හැමෝම එයා ගැන දන්නවා. දුලාජුයි, මමයි පොඩි කාලෙ ඉඳලම එකට හැදුනෙ.”[/FONT]


    [FONT=&quot]“මට දැන්ම උත්තරයක් දෙන්න බෑ මල්ලි. අනික අපි කවදාවත් ආදරයක් ගැන කතා වෙලා නෑ.”[/FONT]


    [FONT=&quot]මගේ කතාවට ඔහුට සිනහා නැගුණි.[/FONT]


    [FONT=&quot]“ආදරේ කියන දේ කටින් කියන දෙයක් නෙමෙයි. ඒක හිතට දැනෙන දෙයක්.”[/FONT]


    [FONT=&quot]“මගේ හිතේ කා ගැනවත් ඒ විදියෙ ආදරයක් දැනිලා නෑ.”[/FONT]


    [FONT=&quot]මා දුන් පිළිතුර සිතට එකඟ නොවූවකි. දුලාජ් ගැන ඇල්මක්, පැහැදීමක් සිතේ කොණක වූ බව සැබෑ ය. නමුත් ඒ ආදරයටදැයි මා පවා නොදත්තෙමි.[/FONT]


    [FONT=&quot]“තමන්ගෙ හිතේ ආදරයක් නැතත් අනිත් කෙනාගෙ හිතේ තියෙන ආදරේවත් තේරුම් ගන්න උත්සාහ කරන්න.”[/FONT]


    [FONT=&quot]තවත් වදනක් හෝ නොදෙඩූ රුවන් මල්ලී කල්පනා කිරීමට යමක් ඉතිරි කර යන්නට ගියේය. මම එතැනම ගල් ගැසී බලා උන්නෙමි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    මාමා විදෙස් ගතවී දින දෙකකින් පල්ලී නව රැකියාවේ වැඩ බාර ගත්තේය. ඉතින් නැන්දාත් මාත් ඒ විසල් නිවසේ තනි විමු. නමුත් මා දිනක් හැර දිනක් අනිවාර්යෙන්ම මල්ෂාට පාඩම් කියා දීමට උඩවත්ත නිවසට යන පුරුද්ද අතහැරියේ නැත.[/FONT]


    [FONT=&quot]“දෝණි දැන් මල්ෂාත් එක්ක හරි එකතුයි නේද..?”[/FONT]


    [FONT=&quot]දිනක් මා සූදානම් වන විට නැන්දා විමසුවාය. උඩවත්ත ඇන්ටී ඇයට යමක් පවසන්නට ඇතැයි මම අනුමාන කළෙමි.[/FONT]


    [FONT=&quot]“නංගිට වැඩිය යාළුවො නෑනෙ නැන්දා. ඉතිං එයා මං එක්ක හැමදේම කියනවා.”[/FONT]


    [FONT=&quot]“හැමදේම කිව්වෙ.. මොනවා ගැනද.?”[/FONT]


    [FONT=&quot]ඇගේ පැනයට මම බිය විමි. මල්ෂා බොහෝ විට කීවේ පිරිමි ළමුන් සම්බන්ධ දේවල් ය. නැතහොත් ඇගේ පෙම්වතා පිළිබඳවය. ඒ විස්තර නැන්දා හා පැවසිය නොහැකි නිසා මම නිහඬව උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“ඇයි ඔයාලා කතා වෙන්නෙ අපිට කියන්න බැරි දේවල් ගැනද..?”[/FONT]


    [FONT=&quot]“එහෙම නෑ නැන්දා.. සාමාන්‍ය විස්තර තමයි ඉතිං..”[/FONT]


    [FONT=&quot]නමුත් ඈ එය පිළිගත්තේ නැත. උඩවත්ත ඇන්ටී නැන්දාගේ මිතුරිය නොවුනානම් මට ඈ සමඟ බොහෝ දේ පැවසිය හැකිව තිබුණි. මගේ කතාවෙන් නැන්දා හරහා උඩවත්ත ඇන්ටීට ආරංචි වුණොත් මල්ෂා මා හා උරණ වනු නියතය.[/FONT]


    [FONT=&quot]“දූ මට මොනවා හරි හංගනවා. කමක් නෑ... කමක් නෑ... ගිහින් එන්නකො.”[/FONT]


    [FONT=&quot]ඒ අවසරයෙන් මා නැන්දාගේ දෙපා වැඳ පාරට පිවිසියෙමි. එවෙලෙහිම දුලාජ් අයියාගෙන් ඇමතුමක් ලැබුණි.[/FONT]


    [FONT=&quot]“මීනු.. මට කම්මැලියි.”[/FONT]


    [FONT=&quot]ඔහු එය පැවසුවේ පොඩි දරුවෙකු මෙන් ය. මම සිනාසී අසා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“ළමයො මොනවා හරි කියන්නකො. මට පාළුයිනෙ.”[/FONT]


    [FONT=&quot]“මම ගමනක් යන ගමන් අයියා. මේ දැන් පාරෙ ඉන්නෙ.”[/FONT]


    [FONT=&quot]“ඔයා කොහෙද යන්නෙ..? මාත් එන්නද ඔයා එක්ක යන්න..?”[/FONT]


    [FONT=&quot]“ඇයි ඔෆිස් එකේ වැඩ නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“අද වැඩ නෑ වගේ තමයි හලෝ. අද බොසා නිවාඩු.”[/FONT]


    [FONT=&quot]ඔහුගේ කෙළිලොල් කතාබහ අසා ඉන්නට කම්මැලි නැත. ඇතැම් විට ඔහු කෙටි පණිවුඩයක් හෝ එවා මා හිනස්සයි.[/FONT]


    [FONT=&quot]“මම යන්නෙ යාළුවෙකුගෙ ගෙදර. අයියා වැඩ කරන්න දැන්.”[/FONT]


    [FONT=&quot]“කළුතර හැදුන වැඩුණ ඔයාට කොහෙද කොළඹ යාළාවො..?”[/FONT]


    [FONT=&quot]ඔහු මගේ සියලු විස්තරයන් නැන්දාගෙන් හෝ රුවන් මල්ලීගෙන් දැනගන්නට ඇත. ඉතින් විහිළුවකටවත් බොරුවක් කීමට නොහැකිව මම ලතවිමි.[/FONT]


    [FONT=&quot]“අයියා.. බස් එකක් එනවා. මම තියන්නම්.”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියාගේ බර සුසුම් හඩ දුරකථනය ඔස්සේ ගලා එද්දී මම එය විසන්ධි කළෙමි.[/FONT]


    [FONT=&quot]උඩවත්ත ඇන්ටිලාගේ නිවසට ගොස් මට බොහෝ වේලා විදුලි සීනුව නාද කරන්නට සිදු විය. නමුත් ඒ ගේට්ටුව විවර වූයේ නැත. ඔවුන් කොහේ හෝ ගමනක් යන්නට ඇතැයි සිතා මම මල්ෂාගේ දුරකථනයට ඇමතුමක් ගතිමි. එයින් හැඟවුණේ ඇය තවකෙකු සමග ඇමතුමකට සම්බන්ධ වී ඇති බවකි. තවත් විනාඩි දහයක් පමණ එතන පමා වූ මා හැරී ඒමට මත්තෙන් තව එක් වරක් ගේට්ටුවට ගැසුවෙමි. ස්වල්ප වේලාවකින් මල්ෂා දුරකථනය අතැතිවම විත් එය විවර කළාය. සිතට සියුම් අමනාපයක් දැනුණමුත් මම එය පිට නොකර උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“ඇවිත් ඉඳගන්න අක්කා.. මම ඉක්මනට එන්නම්.”[/FONT]


    [FONT=&quot]ඇය නැවතත් දුරකථන සංවාදයේ යෙදෙමින් ගොස් කාමරයට වැදී දොර වසා ගත්තාය. මා උඩවත්ත ඇන්ටී සොයා කුස්සියට පිය නැගුවෙමි. නමුත් ඈ එහි උන්නේ නැත. කීප වරක් හඬ නැගුවද ඇගෙන් ප්‍රතිචාරයක් නොවිණි. ඉතින් ඈ නිවසේ නැතැයි සිතා මම සෙටියට බර විමි. මල්ෂා පැමිණියේ තවත් පැය කාලකට පමණ අනතුරුව ය.[/FONT]


    [FONT=&quot]“අනේ සොරි අක්කා.. මම පරක්කු වුණා නේද..?”[/FONT]


    [FONT=&quot]“ඒකට කමක් නෑ.. කෝ අම්මා ගෙදර නැද්ද....?”[/FONT]


    [FONT=&quot]“අම්මා ලොකු අම්මලගෙ ගෙදර ගියා. එනකොට හවස් වෙයි.”[/FONT]


    [FONT=&quot]ඈ බොහෝ ආසාවෙන් පැවසුවාය. මට ඈ ගැන සියුම් කලකිරීමක් දැනුණි.[/FONT]


    [FONT=&quot]අම්මා නිවසින් පිටවූ වහාම ඇය පිරිමි ළමුන් සමග දුරකථන සංවාද අරඹා ඇත.[/FONT]


    [FONT=&quot]“ගිහාන් අයියා එක්ක කතා කර කර හිටියෙ. එයා මගෙත් එක්ක තරහා වෙලා අක්කා.”[/FONT]


    [FONT=&quot]“ඇයි ඒ....?”[/FONT]


    [FONT=&quot]“මට ඊයෙ එයත් එක්ක කතා කරන්න බැරි වුණා.. ඒකට.”[/FONT]


    [FONT=&quot]“ඒ කියන්නෙ ඔයා හැමදාම එයත් එක්ක කතා කරනවද.?”[/FONT]


    [FONT=&quot]“ඔව්. හැමදාම රෑට අම්මා නිදා ගත්තම කෝල් කරනවා. මගේ ෆෝන් එකෙන් නැත්නම් ගෙදර එකෙන්.”[/FONT]


    [FONT=&quot]ඔවුන්ගේ ස්ථාවර දුරකථනයේ රිසිවරය [/FONT][FONT=&quot]“වෝකිටෝකි” එකක් මෙන් එහා මෙහා ගෙන යා හැකි වූවකි. ඇය ඉන් ඇමතුම් ගන්නවා දැක ඇති මම ඇගේ කතාබහ පිළිබඳ පුදුම නොවූයෙමි.[/FONT]


    [FONT=&quot]“ගෙදර එකෙන් අරන් ඩිලීට් කරලා තිබ්බම අම්මට හොයන්න බෑ. අනික තාත්තිට කතා කරන නිසා කොහොමටත් අපේ ගෙදර බිල වැඩියි.”[/FONT]


    [FONT=&quot]ඇය කතා කරන අතරතුර මට ක්ෂණිකව රුවන් මල්ලී සිහිවිය. මා මෙහි එන ප්‍රථම දිනයේදීම මල්ෂා පිළිබද අනතුරු ඇඟවීම් කළේය. එදින මා එය පිළිනොගත්තත් ඇය තරමක් කපටි කෙල්ලක බව මේ වන විට ඔප්පු වී හමාරය. ඒ ආදරයේ ස්වභාවය විය හැකි යැයි සිතා මම එය ගැඹුරට නොසිතුවෙමි.[/FONT]


    [FONT=&quot]“අම්මා එන්න කලින් ගිහාන් අයියව යාළු කරගන්න ඕනි. අනේ අක්කා තරහා නැතුව ඔහොට ටිකක් ඉන්න. මම ආපහු කෝල් එකක් අරන් එන්නම්.”[/FONT]


    [FONT=&quot]“එතකොට අද පාඩම් කරන්නෙ නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“මේක සෙට්ල් කරගෙන පස්සෙ පාඩම් කරමු.”[/FONT]


    [FONT=&quot]ඇය පළමුව කෑලි කපන ලද කේක් එකක් හා බීම වීදුරුවක් මා ඉදිරියෙන් තැබුවාය. පසුව රූපවාහිනිය දමා දුරස්ථ පාලකය මා අතට දී කාමරයට වැදුණි. ඒ නුහුරු විසල් නිවසේ තනි වූ මා සිතේ වූ නොසන්සුන්තාව මග හරවා ගැනීමට රූපවාහිනී නාලිකා එකින් එක මාරු කරගෙන ගියෙමි. නමුත් බැලීමට තරම් යමක් එහි විකාශය වූයේ නැත. මම ගල් ගැසී බලා හිඳිද්දී රුවන් මල්ලීගෙන් කෙටි පණිවුඩයක් ලැබුණි.[/FONT]


    [FONT=&quot]“අක්කා ඔයා මල්ෂාලගෙ දිහාද..? ගොඩක් පරක්කු නොවී ඉක්මනට ගෙදර යන්න. බුදු සරණයි!”[/FONT]


    [FONT=&quot]ඔහුගේ ලෙන්ගතු වචන තනිව උන් මේ මොහොතේ මා සිතට තදින් වැදුණි. ඔහු රැකියාවට ගියද දිනපතාම වාගේ දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් එවා තොරතුරු විමසයි. කිරීමට යමක් නොවූ නිසා මම ඔහුට තරමක් දිග ප්‍රති උත්තරයක් යැව්වෙමි.[/FONT]


    [FONT=&quot]“ඔයා ඉන්නෙ සතුටින් නෙවෙයි නේද අක්කා. නැත්තං අසනීපයක්ද.? එහෙනං ඉක්මනට ගෙදර යන්න.”[/FONT]


    [FONT=&quot]මගේ පණිවුඩය ලද ඔහු තරමක් කලබල වී ඇත. ඔහුගේ මේ දරාගත නොහැකි තරම් වූ සොයුරු පෙම පිළිබදව මම පුදුම විමි.[/FONT]


    [FONT=&quot]සුටූලයක් මත වූ නවකතා පොතක් මා ඇස ගැටුණේ ඒ මොහොතේ ය. ඉස්සර ගෙදර සිටිනා අවධියේ අම්මාගේත්, තාත්තාගේත් ගැටුම් අමතක කිරීමට මා භාවිතා කළ එකම ඖෂධය වූයේ නවකතා පොත් කියවීම ය. එකල ඇතැම් විට මා දිනකට පොත් දෙක තුන පවා කියවයි. නමුත් මෑතක කියවීමට තරම් පොතක් ලැබුණේවත් කියවීමට සුදුසු මානසිකත්වයක් තිබුණේවත් නැත. ඉතින් කලකට පසු හමු වූ ඒ නවකතාව මම ඉතා ආසාවෙන් කියවීමට පටන් ගතිමි.[/FONT]


    [FONT=&quot]“ආ.. ඔයාට පොතක් හම්බවෙලා නේද.? ඒක හොඳයි. මම හිතුවා ඔයා මට බැන බැන ඇති කියලා.”[/FONT]


    [FONT=&quot]මල්ෂාගේ ඒ හඬ ඇසුණේ තවත් පැයකට පමණ පසුව වන්නට ඇත. ඒ වන විට මා පොතෙන් භාගයකට ආසන්න පිටු ප්‍රමාණයක් කියවා තිබුණි.[/FONT]


    [FONT=&quot]“ඔයාට අද පාඩම් කරන්න බැරි නම් මං ගෙදර යන්නම්.”[/FONT]


    [FONT=&quot]ඇගේ මුහුණ දෙස සෘජුව බැලූ මා විමසුවෙමි. ඇය මොහොතක් කල්පනා කළාය.[/FONT]


    [FONT=&quot]“අම්මා ආවොත් බලයි ඇයි ඔයා නැත්තෙ කියලා.”[/FONT]


    [FONT=&quot]මල්ෂාට අවැසිව ඇත්තේ මා අහේතුකව එහි රඳවාගෙන ඇගේ කාර්යය ඉටු කර ගැනීමටය. එවිට උඩවත්ත ඇන්ටී පැමිණිය ද ඇයට ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් මා එය නොරිස්සුවෙමි.[/FONT]


    [FONT=&quot]“අම්මා එද්දි හවස් වෙයි කිව්වනේ. ඒක නිසා ඔයා නිදහසේ කෝල් කරන්නම. මං ගෙදර යන්නම්. අපේ නැන්දත් තනියෙමනේ.”[/FONT]


    [FONT=&quot]කියවමින් උන් පොත පසෙක තැබූ මා නැගී උන්නෙමි. මල්ෂා මගේ දෑත් තද කර අල්වා ගත්තාය.[/FONT]


    [FONT=&quot]“අනේ අක්කා අපේ අම්මටවත්, රූපිකා ඇන්ටිටවත් මොකුත් කියන්න එපා. මට මේ තියෙන නිදහසත් නැතිවෙයි.”[/FONT]


    [FONT=&quot]ඇගේ හැඬීම්බර හඩ මා සිතේ වූ තරහා නිවා දැමුවේය. මම සිනාසී හිස සැලුවෙමි.[/FONT]


    [FONT=&quot]“අක්කා මේ පොත අරන් ගිහින් කියවලා ගේන්න.”[/FONT]


    [FONT=&quot]මා පසෙක තැබූ පොත මල්ෂා නැවතත් මා අතට දුන්නාය. මා එයත් රැගෙන මිදුලට බැස්සේ පැය ගණනක් නිකරුණේ නාස්ති වීම පිළිබදව පසුතැවිලි වෙමිනි.[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]සවස් යාමයේ වැඩ ඇරී නිවසට එන මල්ලී දිනපතා අඩුම තරමින් පැය භාගයක් හෝ මා සමග සංවාදයේ යෙදීම පුරුද්දක් කොට ගත්තේය. ඇතැම් දිනවල අප මිදුලේ කතාබහ කරමින් ඉන්නා විට දුලාජ් අයියා ද පැමිණ කතාවට එක්වෙයි. මේ හේතුව නිසා අප අතර වූ බැඳීම දිනපතාම සවිමත් විය. එහි අතුරුඵලයක් වූයේ මා සිත තව තවත් දුලාජ් අයියාට ළං වීමය. නැතහොත් මා සිත ඉතා තදින් ඔහුට ආදරය කිරීමය. රුවන් මල්ලී කිහිප දිනක්ම ඒ පිළිබදව මගෙන් විමසුවත් මම එය නොපිළිගත්තෙමි. නමුත් ඔහු එය විශ්වාස නොකළ බව ද මම දනිමි.[/FONT]

    [FONT=&quot]“ඇත්තටම රුවන් උඹට තාම කෙල්ලෙක් නැද්ද..?”[/FONT]


    [FONT=&quot]දිනක් අඳුර වැටෙන යාමයේ අප පිළිසදරේ යෙදී උන් විටක දුලාජ් අයියා මල්ලීගෙන් විමසිය.[/FONT]


    [FONT=&quot]“උඹ අහන්නෙ මං කාත් එක්ක හරි යාළුයි කියලද..? නැත්නම් මං කාටහරි ආදරේ කරනවද කියලද..?”[/FONT]


    [FONT=&quot]එය වටහාගත නොහැකිව මා ඔහු දෙස බලා උන්නෙමි. නමුත් ඒ අඩ අඳුරේ ඔහුගේ මුහුණේ වූ හැගීම් පැහැදිලිව වටහාගත නොහැකි විය.[/FONT]


    [FONT=&quot]“ඔය දෙක දෙකක්ද..?”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියා විමසුවේය.[/FONT]


    [FONT=&quot]“ඔව් දෙකක්. මං කාත් එක්ක හරි යාළුයි කියන්නෙ එකක්. මම කාට හරි ආදරේ කරනවා, ඒත් යාළුවෙලා නෑ කියන්නෙ තවත් එකක්.”[/FONT]


    [FONT=&quot]“හරි.. උඹ දැන් අයිති ඔය දෙකෙන් කොයි ගොඩටද.?”[/FONT]


    [FONT=&quot]“දෙවැනි ගොඩට.”[/FONT]


    [FONT=&quot]මල්ලී එය පැවසුවේ බොහෝ කල් වේලා ගෙනය.[/FONT]


    [FONT=&quot] “ඒ කියන්නෙ උඹ යාළු වෙලා නැතිවට කාට හරි ආදරේ කරනවා. එහෙමද.?”[/FONT]


    [FONT=&quot]ඔහු පිළීතුරු දුන්නේ [/FONT][FONT=&quot]“ඔව්” කියා හිස සැලූ නිසා වන්නට ඇත. ඔවුන්ගේ කතාවට දායක වන්නට තරම් සිතක් නොවූ නිසා මා එය අසා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“රුවන්.. උඹ ඉස්සර ලස්සන කෙල්ලෙක්ව දැක්කත් ඒක මුලින්ම කියන්නෙ මට. ඉතිං ඇයි මේ තරම් දෙයක් මට නොකියා හිටියෙ.”[/FONT]


    [FONT=&quot]“කියන්න පුළුවන්කමක් තිබුණ නං මං ඒකත් මුලින්ම කියන්නෙ උඹට තමයි.”[/FONT]


    [FONT=&quot]“ඇයි ඉතිං කියන්න බැරි..? උඹගෙ කෙල්ලව මං දාගනියි කියලද.?”[/FONT]


    [FONT=&quot]මල්ලී එයට පිළිතුරු දුන්නේ නැත. නිහඬතාව අතරේ දී මල්ලී ආදරය කරන ගැහැනු ළමයා කවුරුන් විය හැකිදැයි සිතන්නට මම වෙහෙසිමි.[/FONT]


    [FONT=&quot]“කවුද ඒ.? උඹගෙ අළුත් බැංකුවෙ එක්කද.?”[/FONT]


    [FONT=&quot]“නෑ.. ඒත් උඹ දන්න කෙනෙක්.”[/FONT]


    [FONT=&quot]අප දෙදෙනා එතන තනිකර දැමූ මල්ලී නැගිට නිවස තුළට ගියේය.[/FONT]


    [FONT=&quot]“මූ මෙහෙම තදයා වගේ හිටියට මාර සෙන්සිටිව්. මං ඉතිං දන්නවනේ ඒ කාලෙ ඉඳලම.”[/FONT]


    [FONT=&quot]දුලාජ් අයියා මදෙසට හැරී කීවේය.[/FONT]


    [FONT=&quot]“ඒ ගර්ල් කවුද කියලා ඔයාටවත් හිතාගන්න බැරිද අයියා.”[/FONT]


    [FONT=&quot]“අනේ මන්දා.. මොනවා වුණත් මේකගෙ ආදරේ ප්‍රතික්ෂේප කරන කෙල්ල මහ මෝඩියෙක්.”[/FONT]


    [FONT=&quot]“ඇයි ඒ..?”[/FONT]


    [FONT=&quot]“රුවන් පුංචි කාලෙ ඉඳලම රූපිකා ඇන්ටිට මාර ආදරෙයි. ඌ ඒ කාලෙත් කිව්වෙ කවදා හරි යාලුවෙන කෙල්ලටත් ඒ වගේම ආදරේ කරනවා කියලා. ඉතිං මූ ඒ තරම් ආදරේ කරලත් ඒක නොතේරෙනවා නං ඔය කියන කෙල්ලව තියන්න වටින්නෙ නෑනෙ.”[/FONT]


    [FONT=&quot]ඒ කතාවට මා ගත සීතල වී ගියේය. රුවන් මල්ලී කාට හෝ එතරම් තදින් ආදරය කරනවා යැයි කීම පුදුමය දනවන්නකි. මාමා විදෙස්ගත වීමට ආසන්න දිනක මල්ලී කාමරයට වැදී හඬා වැටුණේ ඒ ආදරය ප්‍රතික්ෂේප වීම නිසා වන්නට ඇතැයි මට සිතුණි.[/FONT]


    [FONT=&quot]“මල්ලි පව්!”[/FONT]


    [FONT=&quot]මගේ මුවින් ඉබේට පිටවිය.[/FONT]


    [FONT=&quot]“දැන් ගෙට යන්න නංගා.. මං යනවා.”[/FONT]


    [FONT=&quot]මා කී දෑ නෑසුණ දුලාජ් අයියා යන්නට පිටත් වූයේ මගේ හිසද පිරිමැදීමෙන් අනතුරුව ය.[/FONT]


    [FONT=&quot]“මොනවද දෝණි කොල්ලා කියන්නෙ.?”[/FONT]


    [FONT=&quot]සාලයේ පුටුවකට බරව උන් නැන්දා විමසුවාය.[/FONT]


    [FONT=&quot]“එයාගෙයි මල්ලිගෙයි පොඩි කාලෙ විස්තර තමයි.”[/FONT]


    [FONT=&quot]“අපොයි ඔව්... මේ දෙන්නා ඒ කාලෙ ඉඳලම ඉඳිකට්ටයි, නූලයි වගේ තමා. අපේ කොල්ලා ඒ කාලෙ වැඩිපුර කවා ගත්තොත් සීතට කියලා.”[/FONT]


    [FONT=&quot]නැන්දාගේ කතාවට සවන් දීමට තරම් සැහැල්ලු මානසිකත්වයක් මා කෙරේ නොවිණි. මට අවැසි වූයේ මල්ලී ළගට ගොස් ඔහුගේ දුක බෙදා ගැනීමටය.[/FONT]


    [FONT=&quot]“කෝ නැන්දෙ මල්ලි..?”[/FONT]


    [FONT=&quot]“ඔය දැන් ඇවිත් ඇතුළට ගියේ.. සමහර විට කාමරේ ඇති.”[/FONT]


    [FONT=&quot]මල්ලී දුකින් වග ඔහු කෙනෙකුට ආදරය කරන බව නැන්දා නොදන්නවා ඇතැයි මම අනුමාන කළෙමි. දැන උන්නා නම් ඈ එය ස්ථීරවම පවසයි.[/FONT]


    [FONT=&quot]මම මල්ලීගේ කාමරයේ දොර රෙද්ද පසෙකට කර එතුළට හිස පෙවිමි. ඔහු ඇදෙහි වාඩි වී කොට්ටයක් බදාගෙන උන්නේය. ඒ දුටු මට බියක් දැනුණි..[/FONT]


    [FONT=&quot]“මල්ලී..?”[/FONT]


    [FONT=&quot]මගේ හඩ ඇසුණ ද ඔහු හිස එසෙවූයේ නැත. මම සෙමෙින් අඩි තබා ඔහුට ළං විමි.[/FONT]


    [FONT=&quot]“ඇයි මේ..?”[/FONT]


    [FONT=&quot]හිස එසවූ ඔහු මා දනෛත් දෙස එක එල්ලේ බැලුවේය.[/FONT]


    [FONT=&quot]“මං ආදරේ කරන කෙනා මට ආදරේ නෑ අක්කා. එයා ආදරේ වෙන කෙනෙකුට.”[/FONT]


    [FONT=&quot]මල්ලීගේ ඒ හැඩුම්බර හඬ මා දෙනෙතට කදුළු පුරවන්නට තරම් දුක්බර විය. ඒ හිත සනසන්නේ කෙසේ දැයි නොදත් මා ඔහුගේ හිස වැරෙන් මා සිරුරට ළං කර ගතිමි.[/FONT]


    [FONT=&quot]“මං එයාට ඉස්සර ඉඳන් ආදරේ ඛලා. දැන් ඊටත් වඩා ආදරේ කරනවා. ඒත්... ඒත්... එයා..”[/FONT]


    [FONT=&quot]ඔහුගේ හඬ බිඳී ගියේය.[/FONT]


    [FONT=&quot]“ඒ කවුද මල්ලි..? මට කියන්න..”[/FONT]


    [FONT=&quot]ඔහු ඉකිබින්දා විනා එයට පිළිතුරු දුන්නේ නැත.[/FONT]


    [FONT=&quot]“මට කියන්න පැටියො. මං ඔයාගෙ අක්කනේ. මං ඒ නංගි එක්ක කතා කරලා බලන්නම්.”[/FONT]


    [FONT=&quot]“දැන් පරක්කු වැඩියි.”[/FONT]


    [FONT=&quot]එසේ කී මල්ලී මගෙන් මිදී කොට්ටයේ හිස තබා ගත්තේය. මේ කාමරයට පැමිණෙන දිනවලින් වැඩි හරියක්ම මා නික්මෙන්නේ කඳුළු සමගිනි. අදත් එසේම කදුළක් තුරුළු කරගත් මා ඉන් පිටතට පැමිණියෙමි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]
    මල්ලී දින කිහිපයක් මට මුහුණ දී කතා කළේ නැත. එයට හේතුව මා ඔහුගේ ගෑනු ළයා පිළිබදව විමසීම වන්නට ඇතැයි කියා මම නිහ[/FONT][FONT=&quot]ඬව උන්නෙමි. දුලාජ් අයියා ද ඔහුගෙන් යමක් දැන ගන්නට උත්සාහ කර ඇතත් එය ද අසාර්ථක වී ඇත. ඔහුගේ මෙම වෙනස තව දුරටත් දරාගත නොහැකි වූ මා එය නැන්දාට කීවෙමි.[/FONT]


    [FONT=&quot]“චූටි පුතා වෙනස් වෙලා කියලා මටත් තේරෙනවා දෝණි. ඒත් මේ ළමයා ඉස්සර වගේ මට කිසි දෙයක් කියන්නෙ නැහැනෙ.”[/FONT]

    [FONT=&quot]“මමත් දවස් ගාණක් ඇහුවා නැන්දා. ඒත් මල්ලි මග අරිනවා.”[/FONT]

    [FONT=&quot]“නරකද දුලාජ් පුතාගෙ මාර්ගයෙන් අහලා බැලුවොත්. ඒ දෙන්නා යාළුවො නිසා සමහර විට දුලාජ්ට කියයි.”[/FONT]

    [FONT=&quot]නැන්දා බලාපොරොත්තු සහගතව මදෙස බලා උන්නාය. මට ඈ ගැන මහත් අනුකම්පාවක් දැනුණි.[/FONT]

    [FONT=&quot]“දුලාජ් අයියත් අහලා නැන්දා. මල්ලි කියන්නෙ නෑලු.”[/FONT]

    [FONT=&quot]“මට තාමත් හිතාගන්න බෑ චූටි පුතා මේ තරම් පිස්සුවෙන් ආදරේ කරන කෙල්ල කවුද කියලා.”[/FONT]

    [FONT=&quot]එය නැන්දාට පමණක් නොව මටද ගැටලුවකි. මා මෙහි පැමිණි කාලය තුළ දී ද මල්ලී කිසිම යෙහෙළියක ඇසුරු කරන වගක් දැනුණේ නැත. ඉතින් ඔහු කීවා සේ බොහෝ කලක පටන් ආදරය කරන ඇය කවුරුන් විය හැකිදැයි මම ද කල්පනා කළෙමි.[/FONT]

    [FONT=&quot]“දූ.. සමහර විට මල්ෂා වෙන්න බැරිද..? චූටි පුතා එයාව ඉස්සර ඉඳලම දන්නවනේ.”[/FONT]


    [FONT=&quot]“වෙන්න බෑ නැන්දා.. එයාට මල්ෂාව පේන්න බෑ..”[/FONT]

    [FONT=&quot]“ඇයි ඒ.?”[/FONT]

    [FONT=&quot]කටින් පිට වූ වදන්වල බරපතළකම දැනුණේ නැන්දාගේ පැනයත් සමගය. මම එයට පිළිතුරු නොදී බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“කමක් නෑ.. අපි තව ටික දවසක් බලමුකෝ.. හිතේතියාගෙන ඉදලා බැරිවෙන දවසට අපිටත් කියන්නෙ නැතෑ..”[/FONT]

    [FONT=&quot]කියාගත නොහැකි යමක් සිරවී ඇත්තේ මල්ලිගේ සිතේ පමණක් නොවේ. එහෙයින් නැන්දාගේ කතාව මල්ලීට මෙන් මටද අදාළ විය.[/FONT]

    [FONT=&quot]“නැන්දා මම හවස් වෙලා ටවුන් එක පැත්තට ගිහින් එන්නම්.”[/FONT]

    [FONT=&quot]කතාව වෙනස් කිරීමට අවැසි වූ නිසා මෙන්ම හදිසියේ යමක් සිහි වූ නිසා මම කීවෙමි. ඈ පුදුමයෙන් මෙන් මදෙස බැලුවා ය.[/FONT]

    [FONT=&quot]“මල් පැල ප්‍රදර්ශනයක් තියෙනවා කියලා පාරෙ පෝස්ටර් අලවලා තිබුණා.”[/FONT]

    [FONT=&quot]එකල කළුතර මිදුල පුරා මල් වැවුණේ මා අතිනි. මා ඉතා කැපවීමනේ නඩත්තු කළ රෝස පාත්තිය හා ඇන්තූරියම් වගාව ඒ අතරින් විශේෂ විය. නැන්දා මදෙස දුක් බර ලෙස බලා උන්නේ එකල මා මල් සිටුවීමට දැක්වූ කැමත්ත සිහිවී වන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“දෝණි තනියම යන්න ඕන නෑ. මාත් එන්නම්.”[/FONT]

    [FONT=&quot]ඉතින් ඈ කීවා සේම එදින සවස මා හා ටවුටම යෑමට පැමිණියාය. අලෙවි කුටි කිහිපයකට බෙදා තිබූ ප්‍රදර්ශන භූමියෙන් අපි නානා විධ පැළ වර්ග මිලදී ගතිමු. මා කැමති ඕනෑම වර්ගයක පැලයක් ගැනීමට ඉඩ හළ නැන්දා මා පසුපස පැමිණ ඒවාට මුදල් ගෙව්වා ය.[/FONT]

    [FONT=&quot]“දැන් ඇති වෙයි නේද නැන්දා..?”[/FONT]

    [FONT=&quot]ඔසවාගෙන යා නොහැකි තරමට පැළ ගණන වැඩි වෙද්දී මම කීවෙමි. නැන්දා මදෙස බලා දයාබරව සිනාසුනාය.[/FONT]

    [FONT=&quot]“දූ එහෙ හිටවලා තිබුණා වගේ අපේ වත්තෙත් ලස්සන රෝස පාත්තියක් දාන්න.”[/FONT]

    [FONT=&quot]“මෙච්චර ගෙනියන්න බෑ නැන්දා.. අනික සල්ලි.”[/FONT]

    [FONT=&quot]“සල්ලි ගෙවන්නෙ මමනේ. ඔයා පැහෙන්නෙ නැතිව ගන්න.. අපි ත්‍රීවිලර් එකක යමු.”[/FONT]

    [FONT=&quot]ඇගේ කැමැත්ත පරිදි විවිධ වර්ග හා පාට වලට අයත් රෝස පැළ බොහෝමයක් මා මිලදී ගතිමි.[/FONT]

    [FONT=&quot]“ඔය ඇති නැන්දා. පොහොර පැකට් දෙකකුත් අරන් යමු.”[/FONT]

    [FONT=&quot]“මම කීව්වනේ... ඔයා ඕන දෙයක් ගන්න. හැබැයි මට ලස්සන මල් වත්තක් හදලා ඕනෙ..”[/FONT]

    [FONT=&quot]ඇගේ එම අහිංසක ඉල්ලීම ගැන මට දුකක් දැනුණි. කිසිවකුගේ සහයක් නොමැතිව නිවසේ සියලු වැඩ කටයුතු කරන ඇයට මල් පැළ සිටුවීමට තරම් වෙලාවක් නොවන්නට ඇත. නමුත් ඈ තමන්ට හැකි පමණ මිදුල අලංකාරව තැබීමට ගන්නා උත්සාහය මා කොතෙකුත් දැක තිබේ.[/FONT]

    [FONT=&quot]“මං ගෙදර ඉද්දි උදේට පැය දෙක තුනක් මල් පැළ වලට සාත්තු කරනවා. මම නැන්නදටත් මේ ටික හොඳට හදලා දෙන්නම්.”[/FONT]

    [FONT=&quot]“මගේ කෙල්ලට හො[/FONT][FONT=&quot]ඳ අත්ගුණයක් තියෙනවා කියලා මං දන්නවා. ඉස්සර ඔයාලගෙ වත්ත මල් වත්තක් වගේ තිබුණා මට මතකයි.[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]කලකින් නොදුටු ඒ සොඳුරු බිම්කඩ යළිත් වරක් දැකීමේ ක්ෂණික ආශාවක් මසිතේ පහළ විය. නමුත් එහි උන් නිවැසියන්ගේ ජීවිත විනාශ වී ගියා සේම මල් වත්ත ද මියෙන්නට ඇත.[/FONT]

    [FONT=&quot]මම කල්පනාබරව ඉද්දී ඒ වෙනස වටහා ගත් නැන්දා ත්‍රීවිලරයක් කැඳවා මල් පැල සියල්ල දමා ගත්තාය. මම ඈ පසුපස ගොස් එයට ගොඩ වූයෙමි.[/FONT]

    [FONT=&quot]“ඉස්සර අපේ ගෙදර තිබුණ පැළ ගොඩක් සාත්තුවක් නැතිව මැරිලා ගියා දූ. හිස් පෝච්චි ටික ගේ පිටිපස්සෙ මඩුවෙ ඇති. ඒවාත් අරන් මේ ටික හිටවන්න.”[/FONT]

    [FONT=&quot]“අපි දෙන්නම හිටවමු. මල් හිටවන එක... මල් පැළ වලට සාත්තු කරන එක භාවනාවක් වගේ නැන්දා.”[/FONT]

    [FONT=&quot]මා එසේ කීවේ මාමාත් නොමැතිව ඈ දුකින් කලාය ගත කරන නිසාය. ඒ ඇසී ඈ මෘදුව සිනාසුනි.[/FONT]

    [FONT=&quot]“ගෙදරට පහනක් වගේ කෙල්ලෙක් ඉද්දී මේ නාකි මං මොකට මල් හිටවනවද..? අනික මම අත ගැහුවොත් ඕක කොහොමටවත් හරියන්නෑ.”[/FONT]

    [FONT=&quot]පැල සිටුවීමට වඩාත්ම යෝග්‍ය කාලය උදෑසනය. එහෙයින් මම පසුදා වනතුරු එම පැළ පරිස්සමට පසෙක තැබුවෙමි.[/FONT]

    [FONT=&quot]“නැන්දා, මං මඩුවෙ තියෙන පෝච්චි ටික අරන් එන්නම්.”[/FONT]

    [FONT=&quot]“පරිස්සමට දෝණි.. ඒවා ඇතුලෙ සත්තු එහෙම ඉන්නවද දන්නෙ නෑ..”[/FONT]

    [FONT=&quot]ඇය කීවා සේ ඇතැම් පෝච්චි අතර කූඹීන් හා පත්තෑයන් ද වූ අතර බොහෝමයක් ඒවා මඩින් දුර්වර්ණව තිබුණි. වියලි පොල් ලෙල්ලක් සොයාගත් මා එම පෝච්චි එකින් එක සුද්ද කිරීමට පටන් ගතිමි. නමුත් ගෙනා පැළවලට අවැසි තරම් පෝච්චි එහි නොවීය.[/FONT]

    [FONT=&quot]“දැන් රෑ වේගෙන එනවා ළමයො.. ඕක තියලා ගෙට එන්න.”[/FONT]

    [FONT=&quot]නැන්දා දෙතුන් විටක්ම කීවාය. එහෙත් පටන් ගත් වැඩය අතරමග නතර කර දැමීමේ සිරිතක් මට තිබුණේ නැත. රුවන් මල්ලී වැඩ ඇරී නිවසට එන විටද මා උන්නේ අවසන් පෝච්චි කිහිපය සුද්ධ කරමිනි. බයිසිකලයෙන් බැසි ඔහු මොහොතක් දෙක්ක මා කරන කටයුත්ත දෙස බලා උන්නේය. මම ඔහුව එතරම් තැකීමක් නොකර දිගටම වැඩෙහි නිරත උනෙමි. ඔහු නිවසට ඇතුළු වීමට ප්‍රථම දිගු හුස්මක් පිට කළේය.[/FONT]

    [FONT=&quot]“ඔය ඇති දූ.. දැන්වත් කියන එක අහලා එන්න..”[/FONT]

    [FONT=&quot]නැන්දාගේ හඬෙහි වූයේ අණ කිරීමක් නොව ආයාචනයකි. මා තනිව මිදුලට වී හිඳීම පිළිබද රුවන් මල්ලී නැන්දාට දොස් පවරන්නට ඇත. අන්තිම පෝච්චියත් කඩිමුඩියේ පිරිසිදු කළ මා නිවසට පැමිණියේ එම ස්ථානය අතුගා දැමීමෙන් ද අනතුරුවය.[/FONT]

    [FONT=&quot]“අද දූට මහන්සිත් ඇති.. මල්ලිත් එක්ක කාලා ඉක්මනට නිදාගන්න යන්න.”[/FONT]

    [FONT=&quot]“අද තාම ලොකු මාමා කෝල් කලේ නෑ නේද.?”[/FONT]

    [FONT=&quot]දිනපතාම නින්දට යන වේලාවට පෙර මාමාගෙන් ඇමතුමක් ලැබෙයි. අද එය පමා වූයේ මන්දැයි සිතමින් මම නැන්දාගෙන් විමසුවෙමි. මල්ලී ද ප්‍රශ්නර්ථයක් රැදී දෑමින් නැන්දා දෙස බැලුවේය.[/FONT]

    [FONT=&quot]“ඔයා කීයෙ ඉඳළද එළියෙ ඉන්නෙ. මාමා කෝල් කළා..”[/FONT]

    [FONT=&quot]එය නෑසුණේ මන්දැයි සිතමින් මම යළිත් වරක් ඔරලෝසුව දෙස බැලිමි.[/FONT]

    [FONT=&quot]“මං කිව්වා අපේ කෙල්ල ලොකු වැඩකට අත ගහලා කියලා..”[/FONT]

    [FONT=&quot]ඈ කියන ලද වැඩය කුමක්දැයි වටහාගත නොහුණු මල්ලී අප දෙදෙනා දෙසම කුතුහලයෙන් බැලුවේය.[/FONT]

    [FONT=&quot]“බලන්නකො චූටි පුතා තව ටික කාලෙකින් අපේ වත්තෙ ලස්සන.”[/FONT]

    [FONT=&quot]“ඇයි අක්කා මල් හිටවන්නද යන්නෙ..?”[/FONT]

    [FONT=&quot]නැන්දාත් මාත් මුහුණින් මුහුණ බැලුවා විනා එයට පිළිතුරු සැපයූවේ නැත. මදෙස ඇස් කොණින් බලා උණ් මල්ලී නිහඩවම ආහාර ගන්නට විය.[/FONT]

    [FONT=&quot]පසුදා උදෑසනින් මා අවදි වූයේ මල් පැළ සිටුවීම සිහියේ තබාගනෙය. මිදුල අතගා පිරිසිදු කිරීමෙන් අනතුරුව සැහැල්ලු ඇඳමකින් සැරසුණු මා පඩිපෙල බැස එද්දී නැන්දා හා මල්ලී සාලයේ කතා කරමින් උන්හ.[/FONT]

    [FONT=&quot]“දූ උඩවත්තලගෙ දිහා යන්නෙ නැද්ද.?”[/FONT]

    [FONT=&quot]“උදේ වරුවෙ නංගි ඉස්කෝලෙ වැඩකට යනවලු. මට හවස එන්න කියලා කිව්වා.”[/FONT]

    [FONT=&quot]“අද නිවාඩු දවසෙ කොහෙද ඉස්කෝලෙ..?”[/FONT]

    [FONT=&quot]නැන්දා සැකයෙන් විමසද්දී රුවන් මල්ලී අමුතු සිනාවක් පෑවේය.[/FONT]

    [FONT=&quot]“අම්මගෙ හොඳම යාළුවගෙ දුව වෙලා අම්මා තාම ඔය කෙල්ල ගැන දන්නෙ නැද්ද..?”[/FONT]

    [FONT=&quot]මල්ලීගේ කතාවෙන් මට හැඟී ගියේ ඔහු මල්ෂා ගැන බොහෝ කරුණු දන්නා බවකි. ඔහු කීවා සේම ඇය අද පාසල් යන මුවාවෙන් යන්නේ ඇගේ පෙම්වතා වන ගිහාන්ව මුණ ගැසීමට ය.[/FONT]

    [FONT=&quot]“කොයිකටත් උඩවත්තට කියන්න ඕන කෙල්ල ගැන ඔයිට වැඩිය හොයාලා බලන්න කියලා..”[/FONT]

    [FONT=&quot]“අනේ නැන්දා. මං ඔය කතාව කිව්වා කියලා උඩවත්ත ඇන්ටිට කියන්න එපා. මල්ෂා මාත් එක්ක රණ්ඩු කරයි.”[/FONT]

    [FONT=&quot]“ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට... ඔයත් මේවට හවුල්ද දෝණි..?”[/FONT]

    [FONT=&quot]වරද කළේ මල්ෂා ය. නමුත් මේ මොහොතේ කට වරද්දා ගැනීම නිසා වඩාත් අසරණ තත්වයේ උන්නේ මා ය.[/FONT]

    [FONT=&quot]“නංගි කියන දේවල් අහගෙන ඉන්නවා මිසක් මම කවදාවත් එයාට වැරදි වැඩ වලට අනුබල දෙන්නෙ නෑ නැන්දා.”[/FONT]

    [FONT=&quot]මගේ හඬ බිදී යන්න ඇත. නැන්දා මට ළං වී මගේ හිස ආදරයෙන් අත ගෑවාය.[/FONT]

    [FONT=&quot]“මට දෝණිව විශ්වාස නැතුව නෙමෙයි රත්තරං. උඩවත්තලා ලොකු සල්ලි කාරයො. ඒ නිසා අපි පරිස්සම් වෙන එක කොයිකටත් හොඳයි.”[/FONT]

    [FONT=&quot]“අම්මා තමයි මේ නැති ලෙඩක් දැම්මෙ.”[/FONT]

    [FONT=&quot]එසේ කී මල්ලී මිදුලට බැස්සේ බයිසිකලයේ යතුරත් අතට ගෙනය. මම නැන්දාගෙන් මිදී මල්පැල සිටුවීමේ කාර්යය පටන් ගතිමි.[/FONT]

    [FONT=&quot]“දෝණිට තනියම ඕක කරන්න පුළුවන්නේ. මං රෙදි ටික හෝදන්න යනවා.”[/FONT]

    [FONT=&quot]“පුළුවන් නැන්දා.”[/FONT]

    [FONT=&quot]ඈ නාන කාමරයට වැදුණු පසු මල්ලී බයිසිකලයට නැග ඉගිල ගියේය. ඔහු ගියේ කොහිදැයි සිතා ගත නොවුණු මා බලා උන්නා පමණි.[/FONT]

    [FONT=&quot]“ගුඩ් මෝනින්... ළමයා උදේම වැඩ වගේ.”

    [/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මල්ලී හැර දමා ගිය ගේට්ටු පළුව අතරින් මතු වූයේ දුලාජ් අයියා ය. අද නිවාඩු දිනයක් බැවින් ඔහු ද නිවසේ හිඳින්නට ඇත. දුලාජ් අයියා මෙහි එව්වේ මල්ලී යැයි මම අනුමාන කළ ද එය එසේ නොවුණි.[/FONT]

    [FONT=&quot] “කොහෙද අරූ අර පිඹගෙන ගියේ..? මං කතා කළාම බැලුවෙත් නෑ.”[/FONT]

    [FONT=&quot]“මට කිව්වෙත් නෑ අයියා..”[/FONT]

    [FONT=&quot]“සමහර විට උගේ කෙල්ල බලන්න යන්න ඇති.”[/FONT]

    [FONT=&quot]ඔහු එය කීවේ මා මුහුණට එබීගෙන ය. එය නොදුටු සේ ගොස් මා මල්පැල ටික එළියට ගතිමි.[/FONT]

    [FONT=&quot]“ඔයත් හරියට අපේ අම්මා වගේ මීනු.”[/FONT]

    [FONT=&quot]“ඇයි...?”[/FONT]

    [FONT=&quot]“එයත් දවස පටන් ගන්නෙ මල්පැලවලට සාත්තු කරලා...”[/FONT]

    [FONT=&quot]එය සැබැවක් වන්නට ඇත. ඔවුන්ගේ මිදුල ඉතා ක්‍රමානුකූලව නඩත්තු කරන ලද එකක් බව බැලූ බැල්මට පෙනේ..[/FONT]

    [FONT=&quot]“රූපිකා ඇන්ටි නම් ඒ තරම් මල් වලට කැමති නෑ නේද..?”[/FONT]

    [FONT=&quot]සීතා ඇන්ටි තරම් නොවුණත් නැන්දා ද මල් සිටුවීමට කැමතිය. ඉතින් දුලාජ් අයියා නැන්දාව පහත් කර කතා කරද්දී මට තරහා නැගුණි.[/FONT]

    [FONT=&quot]“නැන්දා අකමැති නෙමෙයි. එයාට වෙලාවක් නෑ..”[/FONT]

    [FONT=&quot]“ඔයා රූපිකා ඇන්ටිට ගොඩක් ආදරෙයි නේද නංගා..?”[/FONT]

    [FONT=&quot]ඊට පිළිතුරු දෙනවා වෙනුවට මා වැලි, පස් හා කොම්පෝස්ට් එක් කර පස් මිශ්‍රණය සෑදුවෙමි.[/FONT]

    [FONT=&quot]“තරහා ගියාම ඔය මූණ ලස්සනයි.”[/FONT]

    [FONT=&quot]එසේ කී ඔහු මගෙන් අනුමැතියක් නොමැතිව මා ගෙන තිබූ ගඩොක් කැබලි කුඩු කිරීමට පටන් ගත්තේය. වටේ නොවිසිරෙන සේ පොහොර ගෝනියක් මත තබා ඔහු එය කරන අපූරුව දෙස මම බලා උන්නෙමි. ගඩොල් කුඩු නිසා ඒ දිගට අතැඟිලි රන් පැහැ ගැන් වී ඇත.[/FONT]

    [FONT=&quot]“මේ ටික ඇන්තූරියම් වලට නේද..?”[/FONT]

    [FONT=&quot]“හ්ම්....”[/FONT]

    [FONT=&quot]සීතා ඇන්ටිත්, මල් සිටුවන නිසා දුලාජ් අයියාද ඒ පිළිබඳ දැනුමක් ඇත්තා සේය. කෙසේ වුව ද උදෑසනම ඔහු ළඟ හිදීමේ චමත්කාරය වි[/FONT][FONT=&quot]ඳගනිමින් මම වැඩෙහි නිරත වූයෙමි.[/FONT]

    [FONT=&quot]“ඇයි උදේට මල් හිටවන්නෙ.? අපේ අම්මත් හවස සාත්තු කරනවා විතරයි.”[/FONT]

    [FONT=&quot]ඔහු ඇසුවේ අපූරු පැනයකි.[/FONT]

    [FONT=&quot]“එහෙම විශේෂයක් නෑ. ඒත් මතයක් තියෙනවා උදේට හිටුවන්න ඕනි මල් පිපෙන එවා, හවසට හිටුවන්න ඕනි අල බහින ඒවා කියලා..”[/FONT]

    [FONT=&quot]මගේ පණ්ඩිත කතාවට දුලාජ් අයියාට බකස් ගා සිනහ ආවේය. ඒ සිනාසෙන දෑස් දෙස මම ආදරයෙන් බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“අපෙත් පරණ රෝස ගස් වගයක් තියෙනවා. මල් පිපෙන්නෙ නැති එකේ ඒවා හාරලා බලන්න ඕනෙ අලවත් බැහැලද කියලා..”[/FONT]

    [FONT=&quot]ඒ කතාවට නම් සිනා නොවී සිටිය නොහැකි විය. අප දෙදෙනාම සිනාසෙමින් හිඳිද්දී රුවන් මල්ලීගේ බයිසිකලය වත්තට ඇතුළු විය.[/FONT]

    [FONT=&quot]“කොහෙද බං කතා කරද්දිත් දැක්කෙ නෑ වගේ කෙලගෙන ගියේ..?”[/FONT]

    [FONT=&quot]“හන්දියට...”[/FONT]

    [FONT=&quot]හෙල්මටය ගලවා අතට ගත් මල්ලී නිවස තුළට යද්දීම ත්‍රීවිලරයක් වත්තට ඇතුලු විය. නමුත් බැලූ බැල්මට රියදුරු හැරුනු කොට එහි කිසිවක් වූයේ නැත.[/FONT]

    [FONT=&quot]“ඇයි...?”[/FONT]

    [FONT=&quot]මටත් පෙර එයට ළගා වූ දුලාජ් අයියා විමසුවේය.[/FONT]

    [FONT=&quot]“සර් මේ මල් පෝච්චි ටික ගන්න..”[/FONT]

    [FONT=&quot]මම එබී බැලුවෙමි. ත්‍රීවිලයේ පිටුපස සිමෙන්ති පෝච්චි විස්සක් පමණ වූවේ ය. රුවන් මල්ලී උදෑසන තකහනියක් හන්දියට ගොස් ඇත්තේ මා වෙනුවෙන් මල් පෝච්චි මිලදී ගැනීමටය. රියදුරා පෝච්චි සියල්ල බිම තබා ත්‍රීවිලය හරවා ගත්තේය.[/FONT]

    [FONT=&quot]“අයියෙ.. සල්ලි..?”[/FONT]

    [FONT=&quot]“ආ.. ඒ සේරම හරි..”[/FONT]

    [FONT=&quot]ත්‍රීවිලරය දූවිලි නංවමින් ඉගිල ගියේය. මම මල් පෝච්චි දෙසත් දුලාජ් අයියා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෙමි.[/FONT]

    [FONT=&quot]“මං එදත් කිව්වනේ මීනු.. රුවන් කියන්නෙ ඇත්තටම හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන කොල්ලෙක් කියලා.”[/FONT]

    [FONT=&quot]“මල්ලි පව්.. එයා වැඩට ගියාට තාම පඩියක්වත් හම්බවෙලා නෑ..”[/FONT]

    [FONT=&quot]“ඌ කවදත් ඔහොම තමයි. හැමදාම බලන්නෙ අනුන්ගෙ සතුට.”[/FONT]

    [FONT=&quot]වයස් පරතරයක් වුවද දුලාජ් අයියා සහ රුවන් මල්ලී අපූරු මිතුරන් දෙදෙනෙකි. මල්ලී දුලාජ් අයියා ගැන කතා කරද්දී කියන්නේ ඔහුගේ හොද ගතිගුණ ගැනය. දුලාජ් අයියා ද එසේමය.[/FONT]

    [FONT=&quot]“මෙතන පෝච්චි විසිපහක් තියෙනවා.”[/FONT]

    [FONT=&quot]මම කල්පනා කරන අතර තුර දුලාජ් අයිය පෝච්චි ටික ගණන් කර ඇත. දැන් නම් පෝච්චි ප්‍රමාණය ඉහටත් උඩින්ය.[/FONT]

    [FONT=&quot]“මේ ටික කොළ පාට තීන්ත ගාලා පාට කරන්න තිබුණා නම් නියමයි.”[/FONT]

    [FONT=&quot]“ඔයත් මාර ක්‍රියේටිව් කෙල්ලෙක්නෙ..”[/FONT]

    [FONT=&quot]කඩිමුඩියේ නැගිටගත් ඔහු එසේ කියමින් යන්නට ගියේය. මම මිශ්‍ර කළ පස් උපයෝගි කර ගනිමින් රෝස පාත්තිය සැකසීමට පටන් ගතිමි.. නානා විධ වර්ණයන්ගෙන් යුතු රෝස පැළ මාරුවන් මාරුවට සිටුවීමෙන් වැඩි එළියක් ලබාගත හැක.[/FONT]

    [FONT=&quot]“අක්කා ඇවිත් කාලා ඉන්න..”[/FONT]

    [FONT=&quot]“මම මේක කරලා එන්නම් මල්ලි.. ඔයා කන්න..”[/FONT]

    [FONT=&quot]“ඕක පැය දෙනෙක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනෙ.”[/FONT]

    [FONT=&quot]“මගේ අත් දෙකේම පස්.”[/FONT]

    [FONT=&quot]මම පුංචි එකියක සේ නිදහසට කරුනු කීවෙමි. මල්ලී මහත් සෙනෙහසින් මදෙස බලා උන්නේය.[/FONT]

    [FONT=&quot]“හරි එහෙනම් ඔයා මල් හිටවන්නකො. මං කවන්නම්.”[/FONT]

    [FONT=&quot]ඔහු ලුණු මිරිස් දමා අනන ලද කිරිබත් ගුලියක් මා මුවට ළං කළේය.[/FONT]

    [FONT=&quot]“එපා මල්ලි.. මම බෙදාගෙන කන්නම්..”[/FONT]

    [FONT=&quot]“ඔයාට මං පිට කෙනෙක් නේද..?”[/FONT]

    [FONT=&quot]මුහුණ රතුව යද්දී ඔහු කීවේය. ඒ නෙතු හැඬවිය නොහැකි නිසා මම මුව විවර කළෙමි. ඔහු මගේ මල්ලී වුව ද මා මේ පිරිමි අතකින් කන පළමු බත් පිඬය.[/FONT]

    [FONT=&quot]“අම්මට හැරුණම මං මුළින්ම කවන්නෙ අක්කට.”[/FONT]

    [FONT=&quot]ඔහුගේ එම කතාව පිළිගත හැකි මට්ටමේ තිබුණි. නමුත් මට ක්ෂණිකව රුවන් මල්ලී ආදරය කරන ගැහැනු ළමයා පිළිබඳව සිහි විය.[/FONT]

    [FONT=&quot]“ඇයි ඔයාගෙ ගර්ල්ට තාම කවන්න බැරි වුණාද..?”[/FONT]

    [FONT=&quot]ඈත ඉහත්තාවේ ඇස් රැඳවූ ඔහු බර සුසුමක් පිට කළේය. ඔහු ඒ මාතෘකාවට අකමැති හෙයින් මම ඒ ගැන තවදුරටත් නෑසුවෙමි.[/FONT]

    [FONT=&quot]“ඔන්න බඩු හම්බවුණා..”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියා නැවත පැමිණියේ තීන්ත බාල්දි දෙකක් හා බුරුසුවක් අත දරාගෙනය. මල් පෝච්චි පාට කිරීම ගැන පැවසූ සැනින් ඔහු නැගිට ගියේ ඇයිදැයි මම වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“ඔය මොන පාටද අයියා..?”[/FONT]

    [FONT=&quot]“කොලයි.. කහයි.. පෝච්චියට කොල ගාලා උඩ ලයින් එක වටේට කහ පාට ගාමු.. එතකොට ගති..”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියා අභියසදීම මල්ලී මට කිරිබත් කවා අහවර කළේය.[/FONT]

    [FONT=&quot]“රුවන් අත හෝදගෙන වරෙන්කො.. අපි මෙයාට මේ පෝච්චි ටික පාට කරලා දෙමු.”[/FONT]

    [FONT=&quot]මල්ලීද ඔහු සමග එක්ව පෝච්චි ටික පාට කරන අතරතුර රෙදි සේදීම අහවර කළ නැන්දා ද අපට එක් විය.[/FONT]

    [FONT=&quot]“ඔය පෝච්චි ටික වේලෙනකල් දෝණි මේ පාත්තියේ පැල ටික හිටවන්න.”[/FONT]

    [FONT=&quot]වල් වැදී තිබූ පාත්තියක් සුද්ද කළ නැන්දා කීවාය. ස්වල්ප වේලාවක් යද්දී අපේ මිදුල පුංචි ශ්‍රමදානනයක ස්වරූපයක් ගත්තේය. සීතා ඇන්ටිගෙන් ද අපට විවිධ වූ මල් පැළ රාශියක් ලැබුණි.[/FONT]

    [FONT=&quot]“ඇන්ටි.. අද ඔයාලා උයන්න එපා.. අපේ අම්මා කට්ටියටම කෑම ලෑස්ති කරනවා..”[/FONT]

    [FONT=&quot]නැන්දා ගෙතුලට යන්න හදද්දීම දුලාජ් අයියා කීවේය.[/FONT]

    [FONT=&quot]“පිස්සුද ළමයො.. සීතාට නිකං වැඩ වැඩි වෙනවා. මං මොනවා හරි රත් කරලා ගන්නම්.”[/FONT]

    [FONT=&quot]අප තර්ක කළ ද සීතා ඇන්ටි ඒ වන විටත් කෑම පිසීම අරඹා තිබුණි. එහෙයින් අපට කිසිදු බාධාවකින් තොරව වැඩය කරගෙන යාමට හැකියාව ලැබුණි.[/FONT]


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]

    දිනෙන් දින මසිත කෙතරම් දුලාජ් අයියාට ළං වූවා ද කියතොත් ඔහු හා දිනකට වතාවක් හෝ කතා කිරීමට මා පෙළඹී උන්නෙමි. ඔහුගෙන් ඇමතුමක් නොවූ දිනක සවස් යාමයේ අහේතුකවම සැදැල්ලට වී බලා හිඳීමට තරම් සිත නොසන්සුන් විය. ඒ ඉදුවර නුවන් එහා ඉමෙන් මතු වෙද්දී එතෙක් පැවති අඳුර හාත්පස වසාලද්දී මම ජංගම දුරකථනය ද රැගෙන සදැල්ලට ගියෙමි. දුලාජ් අයියාගෙන් ඇමතුමක් බලාපොරොත්තුව උන්න ද මට ඇමතුමක් ලැබුණේ මල්ෂාගෙනි.[/FONT]


    [FONT=&quot]“අක්කා.. අපිට අනිද්දා ටෙස්ට් එකක් තියෙනවා.. ඔයාට හෙට උදෙන්ම එන්න පුළුවන්ද.?”[/FONT]

    [FONT=&quot]“හරි.. මං වෙනදා වෙලාවටම එන්නම්.”[/FONT]

    [FONT=&quot]“ඔයා මොකද කරන්නෙ.?”[/FONT]

    [FONT=&quot]“මොකුත් නෑ නංගා.. බැල්කනියට වෙලා ඉඳගෙන හිටියා.”[/FONT]

    [FONT=&quot]“ඈ හඬ නගා කෙළිලොල් ලෙස සිනහ නගන අයුරු මට ඇසුණි.”[/FONT]

    [FONT=&quot]“එහා ගෙදර ඉන්න කොල්ලා දිහා බලන් ඉන්නවා නේද.?”[/FONT]

    [FONT=&quot]එම පැණයෙන් මසිත සැලී ගියේය. ඈ කෙතරම් දක්ෂ ලෙස එය අනුමාන කළේ දැයි සිතී මම පුදුම විමි.[/FONT]

    [FONT=&quot]“ඔයා කොහොමද දන්නෙ..?”[/FONT]

    [FONT=&quot]නැවතත් ඈ සිනා සෙද්දී මට වූ වරද ගැන ලැජ්ජාවක් දැනුණි. මගේ පැණයෙන් මා නොදැනුවත්වම ඇයට පිළිතුරු ලබා දී ඇත.[/FONT]

    [FONT=&quot]“අක්කා බය වුණා නේද..? මං කාටවත් කියන්නෑ..”[/FONT]

    [FONT=&quot]“කියන්න තරම් දෙයක් මෙතන නෑ.”[/FONT]

    [FONT=&quot]“ඔතන නැතිවට ඔයාගෙ හිතේ තියෙනවනේ. කොහොමද කොල්ලා ලස්සනද.?”[/FONT]

    [FONT=&quot]මල්ෂා එසේ අසද්දීම තුවායක් පමණක් හැඳ උන් දුලාජ් අයියාගේ රුව එහා ඉමෙන් මතුවිය. ගැහැණු ළමයෙකුගේ සිත වසඟයට ගත හැකි තරම් ඔහු ලස්සන නොවේදැයි මට සිතිණි. මා දුටු දුලාජ් අයියා කලබලයෙන් මෙන් නැවත හැරී කාමරයට දුව ගියේය. ඒ දුටු මට සිනහා නැගුණි.[/FONT]

    [FONT=&quot]“ඔය හිනාවෙ තරමට නං එයා ගොඩක් ලස්සන ඇති.”[/FONT]

    [FONT=&quot]“එයා ලස්සනයි තමයි. ඒත් ඔයා හිතන තරම් දෙයක් ඇත්තටම අපි අතර නෑ නංගා.”[/FONT]

    [FONT=&quot]“හරි.. හරි.. දැනට මං අක්කව විශ්වාස කරන්නම්. ඉතිං එයාගෙ විස්තර කියන්නකො.”[/FONT]

    [FONT=&quot]“මං දන්නෙ නෑ.”[/FONT]

    [FONT=&quot]“මං නං දන්නවා. එයා අල්ලපු ගෙදර ඉන්නවා කියන රුවන් අයියගෙ යාළුවා නේද.?”[/FONT]

    [FONT=&quot]“ඔයත් එයාව දන්නවද.?”[/FONT]

    [FONT=&quot]මගේ හඬ ඉක්මන් වන්නට ඇත. නමුත් මල්ෂා එතරම් වෙනසක් නොපෙන්විය.[/FONT]

    [FONT=&quot]“මං නං දැකලා නෑ. රූපිකා ඇන්ටි විස්තර කියලා තියෙනවා. ඉතිං... එයා රුවන් අයියගෙම වයසෙද... නැත්තං ඔයාට වඩා වැඩිමල්ද..?”[/FONT]

    [FONT=&quot]“වැඩිමල්.”[/FONT]

    [FONT=&quot]“අවුරුදු කීයක්ද.?”[/FONT]

    [FONT=&quot]“දන්නෙ නෑ.”[/FONT]

    [FONT=&quot]නැවත දුලාජ් අයියා බැල්කනියට එනතුරු මම රොබෝවකු සේ මල්ෂාට පිළිතුරු දීගෙන ගියෙමි. කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසුණු ඔහු නැවතත් එබී බැලුවේය. ඒ සොඳුරු රුව දුටු මා කෙතරම් කලබල වීද යත් ඇමතුම පවා මාතින් විසන්ධි වී ගියේය. ඒ සැනින් දුරකථනය නාද විණි. එවර මට පෙනි පෙනීම ඇමතුම ගන්නා ලද්දේ දුලාජ් අයියා විසිනි.[/FONT]

    [FONT=&quot]“කාත් එක්කද මෙච්චර වෙලා මල් කැඩුවෙ.?”[/FONT]

    [FONT=&quot]ඇමතුම ගත් සැනින් ඔහු නොරිස්සුම් හඩින් කීය.[/FONT]

    [FONT=&quot]“නංගි කෙනෙක් එක්ක.”[/FONT]

    [FONT=&quot]“අර ඔයා, පාඩම් කියලා දෙන්න යන ගෙදර නංගිද.?”[/FONT]

    [FONT=&quot]මේ දිනවල අප බොහෝ සේ කුළුපගව උන් නිසා ඔහු මගේ බොහෝ විස්තර දැන උන්නේය.[/FONT]

    [FONT=&quot]“ඔව්. එයා තමයි..”[/FONT]

    [FONT=&quot]“මීනු..”[/FONT]

    [FONT=&quot]මෙතෙක් කතා කළ හඬ වෙනස් කර සංවේදී හඬකින් ඔශු විමසද්දී මම ඒ දෙනෙත් දෙසම බලා උන්නෙමි. අඬ අඳුරේ වුව ඒ තරු නෙත් දිලිසුණි.[/FONT]

    [FONT=&quot]“මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා නංගි...”[/FONT]

    [FONT=&quot]“ඉතින් අහන්න.......”[/FONT]

    [FONT=&quot]“ඔයා තරහා වෙයි කියලා මට බයයි.”[/FONT]

    [FONT=&quot]“ඇයි ඒ...?”[/FONT]

    [FONT=&quot]“මට ඔයාගෙ යාළුකම හැමදාටම ඕනෙ..”[/FONT]

    [FONT=&quot]නමුත් මේ වන විට අප දෙදෙනා නොදැනුවත්වම යාළුකමේ සීමා පසු කරමින් තිබුණි. එයට හේතුව දෙදෙනාම එකිනෙකාට ආදරය කරන බව දැන දැනම වචනයෙන් ඉස්සර නොවී හිඳීමය. එය උගුරට හොරා බෙහෙත් කෑවා වැනි යැයි කීවත් එහි වරදක් නැත.[/FONT]

    [FONT=&quot]“ගොඩක් දේවල් කියන්න තියෙනවා නංගි.. ගොඩක් දේවල්......”[/FONT]

    [FONT=&quot]“කියන්න මං අහන් ඉන්නම්..”[/FONT]

    [FONT=&quot]“අම්මා මට මඟුල් හොයනවා.”[/FONT]

    [FONT=&quot]“ඉතිං....”[/FONT]

    [FONT=&quot]“ඇස් දෙකට පෙනි පෙනී මල් පිපෙද්දී අපි මොකටද මල් හොයාගෙන ඈතට යන්නෙ..?”[/FONT]

    [FONT=&quot]“ඉතිං ඇස් ඉස්සරහ තියෙන මලක් කඩාගන්න.”[/FONT]

    [FONT=&quot]“මල් ගොඩක් නෙමෙයි. සුවඳ හමන එක මලක් තියෙනවා. මට ඕනෙ ඒ මල.”[/FONT]

    [FONT=&quot]ඔහු බොහෝ දේ නොකියා කීවා සේම මමද ඉන් බොහෝ දේ වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“සීතා ඇන්ටිට කියන්න. එයා කඩලා දෙයි.”[/FONT]

    [FONT=&quot]“එයාට කිව්වොත් නං කොහොම හරි කඩලා දෙයි. අම්මා ඒ මලට ගොඩක් කැමතියි.”[/FONT]

    [FONT=&quot]මුහුණින් මුහුණ බලා දුකරථනයෙන් කතා කළ ද ඒ වන විට අපට අපව නොපෙනෙන තරම් අඳුර දැඩි වී තිබුණි.[/FONT]

    [FONT=&quot]“අක්කා....”[/FONT]

    [FONT=&quot]නිවස තුළින් මල්ලීගේ හඬ ඇසෙද්දී මම දුලාජ් අයියාගෙන් සමු ගතිමි. මල්ලී සැදැල්ලේ විදුලි පහන් දල්වා මවෙත එද්දී දුලාජ් අයියා පෙනෙන්නට නොවී ය.[/FONT]

    [FONT=&quot]“මොකද මේ කරුවලට වලො තනියෙම හිනා වෙවී ඉන්නෙ..?”[/FONT]

    [FONT=&quot]මා මුහුණේ සිනාවක් වූවාදැයි මා පවා නොදත්තෙමි. දුලාජ් අයියලාගේ නවස දසෙට විමසුම් සහගත බැල්මක් හෙලූ ඔහු නැවත වරක් මගේ දෑස් සිසාරා බැලුවේය.[/FONT]

    [FONT=&quot]“ඔය හිනාව හැමදාම රැදිලා තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.”[/FONT]

    [FONT=&quot]මහිස අතගා කියද්දී මල්ලීගේ හඬ බිඳී ගියේය. ඔහු කිසියම් ප්‍රශ්නයකින් පීඩා විඳීදැයි දැන ගැනීමට මම ඒ මුහුණට එබුණි.[/FONT]

    [FONT=&quot]“ඇයි ඔහොම බලන්නෙ..?”[/FONT]

    [FONT=&quot]මගේ කරට අත දමා නිවස තුළට පිය මනින අතරතුර ඔහු ඇසී ය. ඒ ලෙන්ගතු පහස තුළ මහා රැකවරණයක් මසිතට දැනුණි.[/FONT]

    [FONT=&quot]“ඔයා දුකෙන් නේද..?”[/FONT]

    [FONT=&quot]“දැන් ඉතිං මං හැමදාම දුකෙන් තමයි.”[/FONT]

    [FONT=&quot]“ඔයා දුක් වෙන්නෙ අර ගර්ල් නිසා නේද මල්ලි..?”[/FONT]

    [FONT=&quot]“එහෙමමත් කියන්න බෑ. එයා මට කවදාවත් දුකක් දීලා නෑ.”[/FONT]

    [FONT=&quot]මල්ලී ඇයට වචනයකින් හෝ දොසක් නැගීමට අකමැතිය. කාමරයට පැමිණි මා ඇදෙන් ඉඳ ගනිද්දී ඔහු උළුවස්සට බර විය.[/FONT]

    [FONT=&quot]“මට ගෙදර යන්න ආසයි මල්ලි.”[/FONT]

    [FONT=&quot]මොහොතක් කල් යල් බලා මා සිත යට සැඟව තිබූ ආශාවක් මල්ලීට හෙළි කළෙමි. ඔහු දෑස් විසල් කර මදෙස බැලුවේය.[/FONT]

    [FONT=&quot]“ඔයා මෙහේ ඉන්නෙ පිටතැන කියලා හිතාගෙනද අක්කා.? මේ ඔයාගෙම ගෙදර නෙමෙයි.?”[/FONT]

    [FONT=&quot]“මට සමාවෙන්න.”[/FONT]

    [FONT=&quot]“ඇයි හදිසියෙ එහේ යන්න හිතුනෙ.”[/FONT]

    [FONT=&quot]“ඒ ගෙදර අප්පච්චිගෙ සුවඳ තියෙනවා.”[/FONT]

    [FONT=&quot]“සුදු මාමාගේ සුවඳ අපේ හිත් වලත් තියෙනවා. අක්කා එහේ ගියාම වෙන්නෙ දුක වැඩි වෙන එක විතරයි.”[/FONT]