෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]ඔහු කීවා සේම අප්පච්චිගේ සුවඳ මසිතේ හැමදාමත් පවතී. අප්පච්චී මියගොස් ගත වූ මේ මාස කීපය තුළ මට ඔහුව සිහි නොවූ දිනයක් නොමැති තරම්ය.[/FONT]

    [FONT=&quot]“ඔයාට ඕනෙමනං මං එක්ක යන්නං.”[/FONT]

    [FONT=&quot]“කවදද..?”[/FONT]

    [FONT=&quot]සතුට වැඩිකමට මා ඇඳෙන් නැගිට්ටවී තිබුණි. මල්ලී දෑස් පුංචි කර මදෙස බැලුවේය.[/FONT]

    [FONT=&quot]“කවදටද ඔයාට යන්න ඕනෙ.? මට නිවාඩු ගන්නත් අමාරුයි අක්කා.”[/FONT]

    [FONT=&quot]“අපි එන සෙනසුරාදා යමුද.?”[/FONT]

    [FONT=&quot]“හරි.. හරි.. බලමුකො.. හැබැයි අම්මට කියන්න එපා.”[/FONT]

    [FONT=&quot]“ඇයි ඒ..?”[/FONT]

    [FONT=&quot]“එතකොට එයත් එන්න හදයි..”[/FONT]

    [FONT=&quot]“ඉතින් හොඳයිනෙ මල්ලි..”[/FONT]

    [FONT=&quot]“එපා.. අපි දෙන්නා විතරක් යමු..”[/FONT]

    [FONT=&quot]ඔහු එසේ කීවේ මන්දැයි වටහාගත නොහැකි වූවද මම කිසිත් නොකියා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]ඇතැම් විට කළුතර යෑමට අවැසි බව කීවොතින් නැන්දා එයට විරුද්ධ වන්නට පවා පුළුවන. එනිසා මල්ලීගේ යෝජනාව ක්‍රියාවට නැංවීම සුදුසු ය.[/FONT]

    [FONT=&quot]මම වෙදනාට වඩා තරමක් වේලාසනින් මල්ෂලාගේ නිවසට යන විටත් පුදුමයට මෙන් මල්ෂා පාඩම් වැඩ අරඹා තිබුණි. උඩවත්ත ඇන්ටී නිවසේ ඇතැයි ඒ දැක්මෙන් මම වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“මොකද මේ සැබෑ වෙනසක්..?”[/FONT]

    [FONT=&quot]මගේ හඬින් ඈ තිගැස්සී ගියාය.[/FONT]

    [FONT=&quot]“හෙට ටෙස්ට් එක නිසා ටිකක් බයයි වගේ.”[/FONT]

    [FONT=&quot]“ඔය බය කලිනුත් තිබ්බා නම් මේ වෙද්දි ගොඩක් බ්‍රයිට්.”[/FONT]

    [FONT=&quot]“ෂ්... මොකුත් කියන්න එපා.. අම්මා ගෙදර.”[/FONT]

    [FONT=&quot]ඈ එසේ කීවේ නිවසේ මුළුතැන්ගෙයි පිහිටි ඉසව්වට අතක් දිගු කරමිනි.[/FONT]

    [FONT=&quot]“ආ.. ඔයා ආවද පුතේ.? කොහොමද ඉතිං.?”[/FONT]

    [FONT=&quot]මා පුටුවක් ඇද මල්ෂා ළගින් අසුන් ගනිද්දී උඩවත්ත ඇන්ටී කාමරයට ඇතුළු විය. මම වහා පුටුවෙන් නැගී උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයා ආවට පහුගිය ටිකේ කතා කරන්න තරම් නිදහසක් තිබුණෙ නෑනෙ.”[/FONT]

    [FONT=&quot]“ඔව්... නංගි කිව්වා ඇන්ටි ලොකු අම්මලගෙ දිහා ගියා කියලා.”[/FONT]

    [FONT=&quot]“ඔව්නෙ. අපේ කොල්ලා ඉඩම අරගත්තෙ අපේ අක්කලගෙ ගෙවල් කිට්ටුව. මේ දවස්වල ඒකෙ ගේ හදන්න පටන් ගත්තා. මට තමයි ඉතිං ඕවට රස්තියාදු වෙන්න වෙන්නෙ.”[/FONT]

    [FONT=&quot]මල්ෂාට අසීරු පාඩමක් කියා දී අභ්‍යාසයක් පැවරූ මා ඇන්ටී සමග කුස්සියට ගියෙමි.[/FONT]

    [FONT=&quot]“ඇන්ටි අද වත්තට යන්නෙ නැද්ද...?”[/FONT]

    [FONT=&quot]“යන්න ඕනෙ පුතේ, ටිකක් දවල් වෙලා. ඔයාට පුළුවන්නේ නංගි එක්ක ඉන්න. මං ඔයාලා දෙන්නටම කෑම ඉව්වා.”[/FONT]

    [FONT=&quot]“මං ගෙදර ගිහින් කන්නම්....”[/FONT]

    [FONT=&quot]“මෙහෙන් කාලා ටික්ක හවස් වෙලා යන්න. මං රූපිකාට කෝල් කරන්නම්.”[/FONT]

    [FONT=&quot]මල්ෂාට හෙට විභාගයක් ඇතැයි කියූ නිසා මම හිත හදාගෙන නිහඩ වුණෙමි. උඩවත්ත ඇන්ටී බිස්කට් පැකැට්ටුවක් සමග තේ කෝපප්යක් මා ඉඳිරියේ තැබුවාය.[/FONT]

    [FONT=&quot]“දූ මේක තියාගන්න.”[/FONT]

    [FONT=&quot]අතේ ගුලිකරගෙන උන් යමක් ඈ මදෙසට දිගු කරද්දී මම ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසින් බැලිමි.[/FONT]

    [FONT=&quot]“මොනවද ආන්ටි..?”[/FONT]

    [FONT=&quot]“ඔයාගෙ මහන්සියට පුංචි පඬුරක්..”[/FONT]

    [FONT=&quot]ඈ එය මගේ ගවුමේ සාක්කුවට ඔබද්දී මම එය වැළැක්විමි.[/FONT]

    [FONT=&quot]“ඔයාගෙන් කෙරෙන සේවය මේකට සම කරන්න බෑ.. ඒත් මේක ගන්න දරුවො. අඩු ගානෙ බස් එකටවත් තියා ගන්න.”[/FONT]

    [FONT=&quot]මගේ අත්ල මත එය තබා ඈ ඉවත ගියාය. එහි වූ මුදල මම සිතින් ගැන බැලිමි. එහි රුපියල් හාරදහසක මුදලක් විය. මෙතරම් මුදලක් මා කීයටවත් අපේක්ෂා නොකළෙමි.[/FONT]

    [FONT=&quot]“මට මේචචර වැඩියි ඇන්ටි...”[/FONT]

    [FONT=&quot]උඩවත්ත ඇන්ටී දයාබරව සිනාසුණා ය.[/FONT]

    [FONT=&quot]“ඔයාගෙ වටිනාකම ඕකටත් වඩා ගොඩක් වැඩියි දූ.. ඒ නිසා එපා කියන්න එපා.”[/FONT]

    [FONT=&quot]මා එය අතේ ගුලි කරගෙන විත් මල්ෂා අභියස තිබූ මගේ පසුම්බියට දමා ගතිමි. එදෙස අවධානයෙන් බැලූ ඈ නැවතත් පාඩමට යොමු විය.[/FONT]

    [FONT=&quot]“අක්කා ගිණුම්කරණ අනුපාත කියලා දෙන්නකො.”[/FONT]

    [FONT=&quot]වෙනදා මෙන් මා වැඩ පවරනතුරු බලා නොඋන් මල්ෂා අද ඉතා උනන්දුවෙන් වැඩ අසා ගන්නා අයුරු දැක මට සතුටක් දැනුණි. හිස් සුදු කොලයක් රැගත් මා පළමුව ඇයට පෙනෙන සේ ගිණුම්කරන අනුපාත අනුපිළිවෙලින් ලියාගෙන ගියෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයාගෙ වැඩ හැම එකක්ම මාර නීට් අක්කෙ. ඔයා කටුවැඩ කරන කොළයක් වුණත් හරිම පිළිවෙලයි.”[/FONT]

    [FONT=&quot]ඈ මගේ වැඩ අගය කරද්දී උඩවත්ත ඇන්ටී පිටතට යෑමට සූදානම්ව පැමිණියාය.[/FONT]

    [FONT=&quot]“අක්කගෙ වැඩ දිහා බලාගෙන ඔයත් ඒ වගේ පිළිවෙලට හැදෙන්න.”[/FONT]

    [FONT=&quot]“ඉතිං අම්මා මං දැන් ඉස්සරට වඩා පිළිවෙලයිනෙ..”[/FONT]

    [FONT=&quot]“හරි.. හරි.. මං නෑ කිව්වෙ නෑනෙ. එහෙනං ඔය දෙන්නා පාඩම් කරන්න. චූටි දුව අක්කටත් එක්ක බත් බෙදලා දෙන්න. මං ගිහින් එන්නම්.”[/FONT]

    [FONT=&quot]උඩවත්ත ඇන්ටී ගේට්ටුවෙන් නොපෙනී ගිය සැනින් මල්ෂාගේ වෙස් පෙරළිනි. ඈ පොත් සියල්ල වසා දමා දුව ගොස් ගුවන් විදුලිය ක්‍රියාත්මක කළාය.[/FONT]

    [FONT=&quot]“මොකක්ද මේ කරන්න හදන්නෙ..? ඔයා පාඩම් කරලා ඉවරද..?”[/FONT]

    [FONT=&quot]“පැය දෙකකටත් වඩා පාඩම් කළානෙ අක්කා. ඔය ඇති. මං දැන් සිංදුවක් ඉල්ලන්න යන්නෙ.”[/FONT]

    [FONT=&quot]“ඔයා කරන වැඩ නිසා මමත් දවසක අමාරුවෙ වැටෙනවා නංගා. මොකක්ද මේකෙ තේරුම..?”[/FONT]

    [FONT=&quot]“මේ කිසි දේකට මං ඔයාව අහුවෙන්න ඉඩ තියන්නෙ නෑ. හෙට ගිහාන් අයියගෙ බර්ත් ඩේ එක. ඉතිං මං එයා වෙනුවෙන් සිංදුවක් ඉල්ලන්න හදන්නෙ.”[/FONT]

    [FONT=&quot]කාගේ හෝ ආදරයකට අකුල් හෙලීම නොහොඹීනා කටයුත්තක් නිසා මං ඉවසා උනිමි. නමුත් මල්ෂාගේ සිතේ ගිහාන් ගැන ඇත්තේ සැබෑ ආදරයක් දැයි විශ්වාස කිරීමට අසීරු ය. ඈ ගිහාන් මෙන්ම ඔහුගේ හොඳම මිතුරා වූ උදාර සමඟ ද සමීප ඇසුරක් පවත්වාගෙන යයි.[/FONT]

    [FONT=&quot]“අක්කා එහෙනං රේඩියෝ එකෙන් අහ්නන. මං කාමරේ ඉඳගෙන කෝල් කරන්නම්.”[/FONT]

    [FONT=&quot]එය කීව තරම් පහසු කටයුත්තක් නොවිනි. ඇයට ඇමතුම සම්බන්ධ කරගත හැකි වූයේ පැය භාගයකටත් අධික කාලයක් උත්සාහ කිරීමෙන් පසුවය. මම ද සාලයට වී ඇගේ ගීත ඉල්ලීම අසා උනිමි. ඈ ඉල්ලුවේ [/FONT][FONT=&quot]“අහස් ගැබේ තරු කැට ගානේ” ගීතයයි.[/FONT]

    [FONT=&quot]“හොදයි මල්ෂා.. ඔයා කාවද මේ ගීතයට එකතු කරගන්නෙ..?”[/FONT]

    [FONT=&quot]නිවේදිකාවගේ පැනයට ඇය මොහොතක් කල්පනා කළාය.[/FONT]

    [FONT=&quot]“ගිහාන් අයියවයි, උදාර අයියවයි, මීනු අක්කිවයි.”[/FONT]

    [FONT=&quot]“හරි එහෙනං.. අපි හැමෝම එකතු කරගෙන ඒ ගීතය අහමු..”[/FONT]

    [FONT=&quot]ඇමතුම විසන්ධි වූ සැනින් මල්ෂා මවෙත දිව ආවාය.[/FONT]

    [FONT=&quot]“අහගෙන හිටියද..? හොඳයි නේද..?”[/FONT]

    [FONT=&quot]“ඔයා මගේ නමත් කියයි කියලා මම හිතුවෙ නෑ.”[/FONT]

    [FONT=&quot]“නොකියා කොහොමද.? ඔයා මගේ හොඳම යාළුවනේ..?”[/FONT]

    [FONT=&quot]ගීතය විකාශය වීමට පටන් ගත් බැවින් අපි දෙදෙනාම නිහඬ වී එය රස වින්දෙමු.[/FONT]

    [FONT=&quot]“හෙට මං ගිහාන් අයියව මීට් වෙනවා.”[/FONT]

    [FONT=&quot]“ඒ කොහොමද..?”[/FONT]

    [FONT=&quot]“හවස ක්ලාස් කට් කරලා..”[/FONT]

    [FONT=&quot]ඈ මේවා කියනවාට වඩා නොකියා උන්නා නම් හොඳය. ඒ ඇසීමෙන් සිදුවන්නේ සික කලකිරීම පමණි.[/FONT]

    [FONT=&quot]“ඔයාට තරහා ගියා නේද අක්කා..? හෙට උපන්දිනේ නිසා නොගිහින් බෑනෙ.. අනික ප්‍රසන්ට් එකක්වත් දෙන්න එපැයි.”[/FONT]

    [FONT=&quot]“මොනවද දෙන්නෙ..?”[/FONT]

    [FONT=&quot]“ඒක තමයි ප්‍රශ්නෙ.. අතේ සල්ලිත් නෑ.. මං මේ අක්කගෙන් අහන්න හිටියෙ..”[/FONT]

    [FONT=&quot]බොහෝ දුක්බර ලීලාවෙන් එලෙස කියූ ඈ හොර බැල්මෙන් මදෙස බැලුවාය. ඈ තවත් යමකට මා පටලවා ගැනීමට උත්සාහ දරතැයි මම බිය විමි.[/FONT]

    [FONT=&quot]“ඔයාට අපේ අම්මා පංති පීස් දුන්නා නේද..?”[/FONT]

    [FONT=&quot]මා සිතුවා නිවැරදිය. මා මුදල් දමා ගන්නවා සියැසුන් දුටු ඈ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ දරයි. පිළීතුරු නොදුන් මා මොහොතක් නිහඬව උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“මට රුපියල් දෙදාහක් දීලා යනවද අක්කෙ..? මම ලබන සතියෙ පොකට් මනි එකතු කරලා ඔයාට ඒක බේරන්නම්.”[/FONT]

    [FONT=&quot]මම සිය දහස් වාරයක් ඈ ගැන කලකිරුණි. මා මුදල් ලබාගත්තේ ඇයට පාඩම් කීයා දීමෙන් බව සත්‍යයක් වුව ද ලද මුදලෙන් හරි අඩක්ම ඈ ඉල්ලා සිටීම නොහොඹිනා ක්‍රියාවකි.[/FONT]

    [FONT=&quot]“අපේ අම්මට කියන්න එපා අක්කෙ. මං ෂුවර් එකට ලබන සතියෙ දෙනවා.”[/FONT]

    [FONT=&quot]ඉතින් මා අසරණය. කළ හැකි කිසිවක් නොවූ කල මම පසුම්බිය හැර ඇයට මුදල් පැවෙමි.[/FONT]

    [FONT=&quot]“තෑන්ක්ස් අක්කා.. මේ වෙලාවෙ ඔයා විතරයි මට උදව් කරන්න ඉන්නෙ.”[/FONT]

    [FONT=&quot]ඉතා ගිජුකමින් එය උදුරා සාක්කුවේ දමාගත් ඈ බොරු සහදත්වයක් පෑවාය.[/FONT]

    [FONT=&quot]“මං දැන් යන්නං නංගි. පුළුවන්නං තව ටිකක් ගණන් හදන්න පුරුදු වෙන්න.”[/FONT]

    [FONT=&quot]නොසන්සුන් වූ සිත එකලස් කරගත නොහැකි වූ තැන මම නැගී උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඉඳලා කාලා යන්න. අම්මා ඔයාටත් එක්කනේ උයලා තියෙන්නෙ.”[/FONT]

    [FONT=&quot]“මං හිටියා කියලා ඔයා ආපහු පාඩං කරන්නෙ නෑනෙ. මං යනවා. මට බඩගිනි නෑ.”[/FONT]

    [FONT=&quot]මා නතර කර ගැනීමට ඈ කොතෙක් උත්සහ කළ ද මම මල්ෂාගේ නිවසින් පිටවිමි. මග දිගට එන තෙක්ම මා කල්පනා කළේ ඇගේ නොමනා ක්‍රියා කලාපය ගැනය. ඈ මෙසේ පාඩම් මගහරින බවක්, උඩවත්ත ඇන්ටී මෙන්ම නැන්දාද නොදනී. ඒ පිළිබඳව පැවසීමේ හැකියාවක් ද මට නැත්තේ ය. ඉතින් යම් දිනක ඈ විභාගය අසමත් වුවහොත් එහි දොෂාරෝපණයෙන් අඬක් මට ද භාර ගැනීමට සිදු වේ. අදක්ෂ ළමයෙක්ට පාඩම් කියා දී විභාගය ජය ගැනීමට උදව්දීමේ සිහිනය දෑස් පනාපිටම බොඳව යමින් තිබුණි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    සෙනසුරාදා උදෑසන මා තරමක් වේලාසන අවදි වූයේ රුවන් මල්ලී සමග කළුතර යෑමට ඇති නිසාවෙනි. නැන්දාට නොකියා මෙම ගමන යෑමට මල්ලීට අවැසි වූ නිසා මමද කිසිත් නොකියා කරබා උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“දූත් අද මල්ලිගෙ යාළුවගෙ පාටි එකට යනවද...?”[/FONT]

    [FONT=&quot]මා මුහුණ සෝදා එනවිට නැන්දා ඇසූ පැනයෙන් මම වික්ෂිප්ත විමි. අද ගමනට බොහෝ වේලා ගතව නිසා මල්ලී වේලාසනම බොරුවක් පවසන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“ඔව් නැන්දා.. මල්ලිට තනියෙම යන්න කම්මැලියි කිව්වා.”[/FONT]

    [FONT=&quot]මම පිළිතුරු දුන්නේ නැන්දාගේ මුහුණ මග හරිමිනි. ඈ සැක සිතුවා නොවේ.[/FONT]

    [FONT=&quot]“මටත් පුතා කිව්වා, ඔයත් කම්මැලිකමේ ගෙදර ඉන්න එකේ එක්කන් යන්නද ඇහුවා.”[/FONT]

    [FONT=&quot]“මං මල්ලි එක්ක ගියාට කමක් නැන්ද නැන්දා..?”[/FONT]

    [FONT=&quot]සිතුවිලි පාලනය කරගත නොහැකි වද්දී මම ව්‍යංගයෙන් යමක් ඇසුවෙමි.[/FONT]

    [FONT=&quot]“ඒකට මොකද දෝණි. ඔයා ගිහින් එන්න... හැබැයි යාළුවො එකතු වුණාම චූටි පුතාට බොන්න දෙන්න එපා..”[/FONT]

    [FONT=&quot]කිසිවක් නොදන්නා අසරණ ඈ එසේ කියද්දී මගේ දෑසට කදුළු පිරුණි. මෙවන්හිතකට වදනකින් හෝ බොරුවක් කිරීමට මල්ලී පෙළඹුනේ ඇයිදැයි සිතාගත නොහැකි ය.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි දාගන්න.. බයික් එකේ යන්නෙ.”[/FONT]

    [FONT=&quot]මල්ලී පහළ සිට කෑ ගැසුවේය. නැන්දා මහිස අතගා ඉවත යද්දී මම ඇදුම් මාරුකර ගතිමි. නිල්පාට ඩෙනිම් කලිසමට කළු ටී ෂර්ටයක් හැඳි මා පඩිපෙල බැස එද්දී මල්ලී සාලයේ පුටුවකට බරව උන්නේ ය. ඔහු දුටු මගේ දෑස් ඉබේටම විසල් වෙද්දී මල්ලීද පුදුමයෙන් මගේ හිසේ සිට පාදාන්තය තෙක් බැලුවේය. ඔහු ද මා මෙන්ම හැඳ උන්නේ නිල් පාට ඩෙනිමක් හා කළු ටී ෂර්ටයකි.[/FONT]

    [FONT=&quot]“මේ මොකෝ මේ.. පාටි එකට යුනිෆෝම් එකක් තියෙනවද..?”[/FONT]

    [FONT=&quot]නැන්දා එසේ විහිළු කළේ අප දෙදෙනාම කතාකර එකම පාටින් හැඳි බව සිතා ය. නමුත් මෙය අහම්බයක් බව දැන උන්නේ අප දෙදෙනා පමණි.[/FONT]

    [FONT=&quot]“ඒත් දූ... ඔයිට වඩා හොඳ එක් ඇන්දනං තමයි හරි..”[/FONT]

    [FONT=&quot]මෙය උත්සව අවස්ථාවකට කිසිසේත් නුසුදුසු නිසා ඈ කීවාය. නමුත් මල්ලී ඊට එරෙහි විය.[/FONT]

    [FONT=&quot]“විකාර කරන්න එපා අම්මා, මඟුල් ගෙදරකට වගේ යන්න ඕනෙ නෑ. ඕක හොදයි.”[/FONT]

    [FONT=&quot]“හරි.. හරි.. දෙන්නා එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො..”[/FONT]

    [FONT=&quot]අප දෙදෙනාම බයිසිකලයට නැගුණේ නැන්දාගේ දෙපා වැඳීමෙන් අනතුරුවය. නැන්දාට බොරුවක් කියා මෙසේ යෑමට සිදුවීම ගැන සමාවෙන්න යැයි මම සිතින් අයැදිමි.[/FONT]

    [FONT=&quot]ගාලු පාරට එනතෙක් එක වේගයට බයිසිකලය පදවාගෙන ආ මල්ලී එය අතුරු මාර්ගයකට දමා නතර කළේය.[/FONT]

    [FONT=&quot]“අක්කා.. කළුතරට බයික් එකේ යන්න ගියොත් අමාරුයි.. දවල් වෙද්දි අව්වත් සැරයිනේ.. අපි ඉන්ටර්සිටියෙ යමු.”[/FONT]

    [FONT=&quot]“එතකොට බයික් එක..?”[/FONT]

    [FONT=&quot]“මේ එහා පැත්තෙ මං දන්න තැනක් තියෙනවා. බයික් එක අපි එහේ දාලා යමු.”[/FONT]

    [FONT=&quot]මල්ලීගේ යෝජනාව ගැන මං මඳක් සිතා බැලුවෙමි. බයිසිකලය කළුතරට යන තෙක් පදවාගෙන යෑම හා ආපසු ඒම නිසා මටත් වඩා අපහසුතාවට පත් වන්නේ මල්ලීය. ඔහු කීවා සේම ආපසු එන විට තද අව්වක් ද තිබිය හැක.එහෙයින් මම ඔහුගේ අදහසට එකඟ විමි.[/FONT]

    [FONT=&quot]එම අතුරු පාරේ වූ ගරාජයකට බයිසිකලය දැමූ මල්ලී මා සමග බස් නැවතුම තෙක් ආවේය.[/FONT]

    [FONT=&quot]“බයික් එක එතැන දැම්මට ප්‍රශ්නයක් නැද්ද..?”[/FONT]

    [FONT=&quot]“නෑ.. ඒක කරන්නෙ මගේ යාළුවෙක්ගෙ අයියා කෙනෙක්.”[/FONT]

    [FONT=&quot]අප දෙදෙනා කතා කරමින්ම ගොස් කළුතර කොළඹ අධිවේගී බස් රථයකට ගොඩ විමු. එහි වූයේ පෙම්වතුන් ජෝඩු දෙක්ක හා තවත් පුද්ගලයන් දෙදෙනකු පමණි. මගේ අත අල්ලා ගත් මල්ලී පසුපසම අසුනේ කෙලවරක අසුන් ගත්තේය. මමද ඔහු සමීපයේ ඉඳ ගත්තෙමි.[/FONT]

    [FONT=&quot]“අක්කා ඔයා අයිනට එන්න.”[/FONT]

    [FONT=&quot]මල්ලී නැගිට මට අසුනේ කෙළවර පෑවේය. එහා ඉම තව දෙදෙනෙක් උන් නිසා මම ද ජනේලය අද්දරට ගියෙමි.[/FONT]

    [FONT=&quot]“ඇයි මට මෙතන දුන්නෙ..?”[/FONT]

    [FONT=&quot]“හේතු දෙකක් නිසා.. එක්ක ඔයාගෙ එහා පැත්තෙ හිටියෙ කොල්ලෙක්.”[/FONT]

    [FONT=&quot]“අනික...?”[/FONT]

    [FONT=&quot]“අනික තමයි.. උන් දෙන්නා දිහා බැලුවොත් ඔයා කරන් වෙන්න පුළුවන්.”[/FONT]

    [FONT=&quot]ඔහු පොඩි දරුවෙකු සේ කියා දෙද්දී මට සිනා නැඟුණි. පෙම්වතුන්ගේ ලෝකය බොහෝ දුරට සොඳුරු වන්නට ඇත. ඔවුන් වටපිට ගැන නිනව්වක් නොමැතිව තම තමන්ගේ ලෝකවල අතරමංව හිඳියි. මට මොහොතකට දුලාජ් අයියා සිහියට නැගුණි. මෙවන් අවස්ථාවක මා අබියස රුවන් මල්ලී වෙනුවට ඔහු උන්නා නම්.....[/FONT]

    [FONT=&quot]“අක්කා මොනවද කල්පනා කරන්නෙ..?”[/FONT]

    [FONT=&quot]“මොකුත් නෑ..”[/FONT]

    [FONT=&quot]මගේ සිත පිටතට විනිවිද පෙනෙන්නා සේ මට ලැජ්ජාවක් දැනුණි. මල්ලී ඉන් යමක් වටහා ගන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“ඔයා දවසක මට ඔයාගෙ ගර්ල්ව මුණ ගස්වන්න..”[/FONT]

    [FONT=&quot]මේ මොහොතේ සිතේ කොණකවත් නොවූ දෙයක් ක්ෂණිකව මගේ මුවින් පිට විය. මල්ලී දෑස් විසල් කර මදෙස බැලුවේය.[/FONT]

    [FONT=&quot]“මොකද එක පාරටම එයාව මතක් වුණේ..?”[/FONT]

    [FONT=&quot]“නෑ ඔයාලා දෙන්නත් යාළු වුණා නම් ඔයාටත් මේ අය වගේ ආදරයෙන් ඉන්න තිබ්බා.”[/FONT]

    [FONT=&quot]අසුනේ එහා කොනේ වූ යුවල පෙන්වා මම කියද්දී මල්ලී දිගු හුස්මක් පිට කර හිස හේත්තුකර ගත්තේය.[/FONT]

    [FONT=&quot]“මගේ හිත නැවතිලා තියෙන්නෙ වැරදි තැනක අක්කා..”[/FONT]

    [FONT=&quot]“ඒ කිව්වෙ..?”[/FONT]

    [FONT=&quot]“මං වෙලාව ආවම කියන්නං.. එතකල් අහන්න එපා..”[/FONT]

    [FONT=&quot]“මට ඔයාව තේරෙන්නෙ නෑ මල්ලි.”[/FONT]

    [FONT=&quot]මම ජනේලය ආවරණය කර තිබූ ඝන තිර රෙද්ද මදක් මෑත් කළෙමි. ඉන් බසය තුළ වූ අඳුරු ගතිය පහව ගියේය.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඔය කර්ට්න් එක වහන්න..”[/FONT]

    [FONT=&quot]“ඇයි...?”[/FONT]

    [FONT=&quot]මම පුදුමයෙන් මල්ලී දෙස බලද්දී ඔහු මගේ කර වටා අත යවා එය නැවත ආවරණය කළේය. පසුව ඒ අත එලෙසම මා උරහිස මත්තේ රැඳවිය.[/FONT]

    [FONT=&quot]“අපි ආදරේ නොකලට කමක් නෑ. ඒත් ආදරේ කරන අයට බාධා කරන්න එපා.”[/FONT]

    [FONT=&quot]බසය ආලෝකමත් වද්දී පෙම්වතුන් සියලු දෙනා නොරිස්සුම් සහගතව හැරී බැලුවේ මන්දයි මම වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“අක්කට එහෙන්ගේන්න දෙයක් තියෙනවද..?”[/FONT]

    [FONT=&quot]මල්ලී කතාව මාරු කළේය.[/FONT]

    [FONT=&quot]“එක දෙයක් කියලා නෑ මල්ලි. ගේන්න පුළුවන්නං මං හැමදේම ගේනවා. ඒත්...”[/FONT]

    [FONT=&quot]“බය වෙන්න එපා. ඒ ගේ අයිතිය තියෙන්නෙ ඔයාටනේ. ඉතිං හැම දෙයක්ම ඔයාට තමයි.”[/FONT]

    [FONT=&quot]“වෙලාවකට හිතෙනවා බනින්න හරි අම්මවත් හිටියනං කියලා.”[/FONT]

    [FONT=&quot]ජනේලයේ පුංචි හිඩැස අතරින් මම නෙතු දුරකට පා කළෙමි. මීට වසර දහයකට පෙර අතීතයට නැවත ඉගිල යා හැකි නම් යැයි මට මොහොතකට සිතුනි.[/FONT]

    [FONT=&quot]“සුදු මාමා නැතිවුණ එක අපි අමතක කරමුකො. ඒත් ඔයාට ඔයාගෙ අම්මා නැතිවෙලා නෑනෙ අක්කා. එයා තාම ඉන්නවනේ.”[/FONT]

    [FONT=&quot]“ඔව්.. අම්මා ඉන්නවා.. නමට විතරක්, ජීවතුන් අතර ඉන්නවා.”[/FONT]

    [FONT=&quot]මම එය කීවේ අසිහියෙන් වගේය. මල්ලී මගේ උරහිස මත තිබූ අත තදකර මා ඔහු ළගට ළං කර ගන්නවා මට දැනුණි. හිස ඔසවා බලද්දී මගේ මෙන්ම ඔහුගේ නෙත්වල ද කදුළු ය.[/FONT]

    [FONT=&quot]“නැන්දට වෛර කරන්න එපා අක්කා. එයා සමහර විට දැන් වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා ඇති. ලංකාවෙන් ගියෙත් අපිට මූණ දෙන්න බැරිකමට වෙන්න ඇති.”[/FONT]

    [FONT=&quot]මල්ලී අම්මාව සාධාරණියකරණය කිරීමට උත්සාහ කළද මසිතේ නම් ඈ ගැන අනුකම්පාවක් ඇති වූයේ ම නැත. මසිත නිතරම කීවේ තාත්තාගේ මරණයට වගකිවයුත්තේ අම්මා කියාය.[/FONT]

    [FONT=&quot]“අම්මා ඒ වගේ නපුරු උන් නැත්තං අදටත් මගේ තාත්තා ජීවතුන් අතර. එයා අපේ පවුල නැත්තටම නැති කළා මල්ලි.. නැත්තටම නැති කළා...”[/FONT]

    [FONT=&quot]“මට ඔයාගෙ දුක තේරෙනවා අක්කා. නැන්දා අපේ තාත්තාගෙ එකම සහෝදරී වුණාට අපි හැමෝම එයාට වඩා ආදරේ කළේ සුදු මාමට.”[/FONT]

    [FONT=&quot]බිමට බර කරගෙන උන් නෙතු ඔසවා මම මල්ලී දෙස බැලිමි. ඔහු මා වටා වූ ගහණය තවත් දැඩි කළේය. ඔහුගේ ඒ විසල් උණුසුම ගතට පමණක් නොව සිතේ ද ගැඹුරටම දැනුණි.[/FONT]

    [FONT=&quot]“ඔයාට තියෙන්නෙ සුදු මාමගෙ හැඩරුවයි, ගතිගුණයි තමයි..”[/FONT]

    [FONT=&quot]එය නම් මා පුංචි කළ පටන්ම බොහෝ දෙනා කියූ කරුණකි. මම දෙනෙත් තදට වසා තාත්තාගේ රුව සිතින් මෙනෙහි කළෙමි.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]ඉතින් කළුතරට එන තෙක්ම අප අතර වැඩි කතාබහක් සිදු වූයේ නැත. මල්ලීගේ උණුසුමට මැදිව බසයේ එය අතරතුර දෙවරක්ම දුලාජ් අයියාගෙන් ඇමතුම් ලැබුණි. අප යන ගමන පිළිබදව කිසිවක් නොකී මා කෙටි සංවාදයකින් ඒවා නිම කළෙමි.[/FONT]

    [FONT=&quot]“හැමදේම හිතේ තියාගෙන ඉන්නෙ නැතුව කතාබහ කරලා තීරණයක් ගන්න අක්කා.”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියා දෙවනවර අමතා අවසානයේ මල්ලී කිවේය. මම ඊට කිසිත් නොකියා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]කළුතරින් බැස අප දෙදෙනා ත්‍රීවිලරයක් ගෙන ඉතිරි දුර ගමන් කළෙමු. උඩවත්ත ඇන්ටී දුන් පන්ති ගාස්තුවෙන් මම එහි මුදල ගෙවා දැම්මෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයාට සල්ලි කොහෙන්ද..?”[/FONT]

    [FONT=&quot]“උඩවත්ත ඇන්ටි දුන්නා..”[/FONT]

    [FONT=&quot]මල්ලීට වැඩිදුර පිළිතුරු දීමට මසිත උනන්දු නොවූයේ සුපුරුදු වටපිටාව දැකීමෙනි. මීට මාස කීපයකට පෙරාතුව වුවද මට සෙවණ සැදුවේ මේ ගස්කොළන්ය. මේ වටපිටාවය. මම ඒ ලබැඳි වටපිටාවේ අතරමං වී ගතිමි.[/FONT]

    [FONT=&quot]“ඇයි මේ ගැහෙන්නෙ.. ආ.. අක්කා..?”[/FONT]

    [FONT=&quot]“සතුටට..”[/FONT]

    [FONT=&quot]මම කීවේ නිවසේ ගේට්ටුවේ වූ ලොක් එක පන්නා දමමිනි. කොළ වැටී දුර්වර්ණව තිබූ මිදුලත්, පාළු පැහැ ගැන්වී තිබුණු නිවසත් දෙනෙතට අළුත් කදුළක් එක් කළේය. සර සර හඬ නඟන ඒ වියළි කොළ මතින් පා තබා මම නිවස දෙසට ගියෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයා නැතුවට ඔයාගෙ මල් පැල මැරිලා නෑ. මිදුල ටිකක් වල් වැදිලා විතරයි.”[/FONT]

    [FONT=&quot]මල්ලී වත්තේ හාත්පස නෙත් යොමා කීවේය. මම දෑස් විදා බැලුවෙමි. ඔහු කීවා සේම බොහෝ පැල මලින් බරව තිබුණි. ඇතැම් විට එහා ගෙදර සිරිසේන මාමලා පැලවලට වතුර දැමුවා වන්නට ඇත. මෙතෙක් පසුම්බියේ බහා තිබූ යතුර ගෙන මම දොර විවර කිරීමට උත්සාහ කළ ද එය තරමක් අසීරු විය.[/FONT]

    [FONT=&quot]“ගොඩක් කල් වහලා තිබුණ නිදා දොර හිරවෙලා අක්කා.”[/FONT]

    [FONT=&quot]මල්ලී හැකි වෙර යොදා එය විවර කරද්දී නිවස තුළින් පුස් ගඳක් හමා ආවේය. එය නාසයට අපුලක් ගෙන ආවද දෙපා නතර නොවිණි. මම නිවසට ඇතුළුව එහි සියලු ජනෙල් දොරවල් හැර දැමුවෙමි.[/FONT]

    [FONT=&quot]“හිතට හරි සැනසීමක් වගේම ලොකු දුකකුත් දැනෙනවා මල්ලි..”[/FONT]

    [FONT=&quot]එසේ කියමින් මම සෙමින් අඩි තබා මගේ පුංචි කාමරයට පියමන් කළෙමි. මල්ලී ආරක්ෂකයෙකු සේ මා පසුපසම උන්නේය.[/FONT]

    [FONT=&quot]“මේ බිත්ති හතර ඇතුළෙ මං ඕන තරම් අඩලා තියෙනවා. ඇති වෙනකල් හිනාවෙලා තියෙනවා. මගේ ජීවිතෙන් භාගයක්ම ගෙවුණෙ මේ බිත්ති හතර ඇතුලෙ මල්ලි.”[/FONT]

    [FONT=&quot]“ඉදිරියටත් මේ බිත්ති හතර ඇතුළෙ ඔයාට හිනාවෙන්න පුළුවන් අක්කා.”[/FONT]

    [FONT=&quot]මල්ලීත්, මමත් හැකි පමණ වෙහෙස වී නිවසේ බඩු බාණ්ඩ මත තිබූ දූවිලි පිස දමා ඒවා පිරිසිදු කළෙමු. පසුව මම මුළු නිවසම අතුගා දැමුවෙමු. එකල තාත්තා නිතර වාඩි වී ඈත බලා උන් හාන්සි පුටුව නැවත්ත මා අතීතයට කැඳවාගෙන යෑමට වෙර දැරීය.[/FONT]

    [FONT=&quot]“තවත් අඬන්න හේතු එකතු කරගෙන යන්න එපා අක්කා. කල්පනා නොකර වැඩ කරන්න.”[/FONT]

    [FONT=&quot]මල්ලී ඉදල ගෙන හැඩිව තිබූ මිදුල යාන්තමට සුද්ද කළේය. මමගිනිගොඩක් ගසා කොළ රොඩි ගිනි තැබිමි. දැන් අතීතයේ තරමටම නැතත් නිවස බොහෝ දුරට කළ එළි විය.[/FONT]

    [FONT=&quot]“දෝණි... දෝණි...”[/FONT]

    [FONT=&quot]මිදුල ඉදිරිපසින් ඇසුනේ සිරිසේන මාමාගේ බිරිය වූ අමරා නැන්දාගේ කටහඬය. මම අඩියට දෙකට පා තබා හඬ ආ ඉසව්වට දිව ගියෙමි. මා දුටු ඈ පුදුමයෙන් කම්මුලේ අතක් තබා ගත්තාය.[/FONT]

    [FONT=&quot]“කව්දෝ ආව සද්දයක් ඇහුණ නිසා කතා කළා මිසක දෝණි ආවයි කියලා නිච්චියක් තිබුණෙ නෑ.”[/FONT]

    [FONT=&quot]“අමරා නැන්දෙ.”[/FONT]

    [FONT=&quot]මිදුලේ සිටම මා අගේ දෙපා වඳිද්දී ඈ මගේ උරහිස් වලින් අල්ලා නැගිට්ටුවා ය.[/FONT]

    [FONT=&quot]“අපේ කෙල්ල හැම වෙලේම දොණිව මතක් කරනවා. අද ඇවිත් ගියා කියලා දැනගත්තොත් පපුව පැලෙන්න යයි.”[/FONT]

    [FONT=&quot]“බින්දු කෝ නැන්දෙ..?”[/FONT]

    [FONT=&quot]“පංති ගිහින්.. කවුද දෝණි මේ ඉලන්දාරියා..?”[/FONT]

    [FONT=&quot]නිවස තුළින් මතු වූ මල්ලීව දුටු අමරා නැන්දා කලබල වූ වග ඒ මුහුණින්ම පෙනුණි. මම ඇය කැටුව නිවස තුළට ගියෙමි.[/FONT]

    [FONT=&quot]“අමරා නැන්දට මතක නැද්ද මේ අපේ මාමගෙ පුතානේ.. තාත්තගෙ මරණ දවස්වල ඇවිත් හිටියෙ..”[/FONT]

    [FONT=&quot]“මට ඒ හැටි නිච්චියක් නෑ දරුවො.. මං හිතුවෙ දෝණි පෙළවහක් කරගෙන කියලා.”[/FONT]

    [FONT=&quot]මම සිනාසී මල්ලී දෙස බලද්දී ඔහු බිම බලා ගත්තාය.[/FONT]

    [FONT=&quot]“ගේ දොර එහෙම සුද්ද පවිත්‍ර කරලා තියෙන්නෙ දෝණි ආපහු මෙහේ පදිංචියට එන්නද..?”[/FONT]

    [FONT=&quot]ඈ එසේ විමසන්නේ සුහදත්වයට මිස ඕපාදූප දැන ගැනීමේ වුවමනාවනේ නොවන වග විශ්වාසය. ඈ එදවස පටන් මට ඉතාමත් ලැදිය.[/FONT]

    [FONT=&quot]“මේ දේවල් කොහොමටත් පාළු වෙන්න දෙන්න බෑ නැන්දෙ. මං ආපහු කවද හරි පදිංචි වෙන්නෙ මේ ගෙදර තමයි.”[/FONT]

    [FONT=&quot]“අනේ වාසනාවන්.”[/FONT]

    [FONT=&quot]මගේ කතාවට අමරා නැන්දාගේ මෙන්ම රුවන් මල්ලීගෙත් දෑස් දිදුලන්නට විය.[/FONT]

    [FONT=&quot]“මං කෑම රත් කරලා ඉවරයි. යන්න කලින් මේ දරුවත් එක්ක ඇවිත් බත් ඩිංගිත්තක් කාලා යන්න.”[/FONT]

    [FONT=&quot]මල්ලී ලැජ්ජවෙන් මෙන් නිවස තුළට යද්දී අමරා නැන්දා ඒ මග ඔස්සේ නෙතු දිවෙව්වා ය.[/FONT]

    [FONT=&quot]“හරි පින් පාට ඉලන්දාරියා.. දෝණිට යසට කැපෙනවා.”[/FONT]

    [FONT=&quot]“එයා මට වඩා බාලයි නැන්දෙ..”[/FONT]

    [FONT=&quot]“ඒකට මක් වෙනවද..? ඒ හැටි වෙනසක් නැතිව ඇතිනේ..”[/FONT]

    [FONT=&quot]මල්ලී සමග මා තනිව පැමිණි නිසා ඈ අප වරදවා වටහා ගන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“අපේ සිරිසේනත් නිතරම මේ වත්ත පිටිය සුද්ධ කරලා ගස්වලට වතුර එහෙම දානවා. හැබැයි දැන් කීප දොහකින් අතුගාන්න බැරිව ගියා.”[/FONT]

    [FONT=&quot]“නැන්දලට ගොඩක් පින්. එහෙනං මල්ලියි මායි එහෙට ගොඩවෙලා යන්න එන්නං.”[/FONT]

    [FONT=&quot]ඈ සමග කතාවට වැටුණොත් ඉක්මනින් යෑමට නොලැබෙන බව දත් නිසා මම එසේ කීවෙමි. ඉතින් ඈ නැගිට යන්න ගියාය. [/FONT]

    [FONT=&quot]තාත්තාගේ රාමු කළ ඡායාරූපයක් හා මල්ෂාට පාඩම් කියා දීමට අවැසි වූ පොත් කිහිපයක් බෑගයක දමාගත් මා ඒවා ඉදිරිපස දොර අබියස තැබිමි. නමුත් මල්ලී පෙනෙන්නට නොවීය.[/FONT]

    [FONT=&quot]“මල්ලී...”[/FONT]

    [FONT=&quot]“මං මෙහේ..”[/FONT]

    [FONT=&quot]ඔහු හඬ ගෑවේ අම්මාගේත්, තාත්තාගේත් විසල් කාමරයේ ජනේලය අබියස හිඳය. අතීත මතකයන්ට අගුළු ලා මම එහි පිය තැබිමි.[/FONT]

    [FONT=&quot]“ඔයා අර ඇන්ටිට කිව්වෙ ඇත්තද..?”[/FONT]

    [FONT=&quot]ඔහු ගැඹුරු හඬින් විමසද්දී මම පුදුම විමි.[/FONT]

    [FONT=&quot]“මොනවද..?”[/FONT]

    [FONT=&quot]“ඔයා ආපහු මෙහේ පදිංචියට එනවද.?”[/FONT]

    [FONT=&quot]“හැමදාම මාමලට බරක් වෙන්න බෑනෙ මල්ලී. මං බැන්ද කාලෙක ආපහු මෙහෙ එනවා.”[/FONT]

    [FONT=&quot]ඔහුගේ දෑස් රුදුරු වෙස් ගත්තේය. ඒ දැඩි අත් යුග මා උරහිස මත්තේ තදට රැදෙද්දී මම ඒ නෙතු දෙස සෘජුව බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“අහිංසක විදියට අපේ ගෙදරටම වෙලා හිටපු ඔයා හොරෙන් ප්ලෑන් කළේ ඕවද..?”[/FONT]

    [FONT=&quot]“මොනවද..?”[/FONT]

    [FONT=&quot]“අපිව දාලා යන හැටි.. ආ.. කියන්න අක්කා ඔයා අපිව තනිකරලා දාලා මෙහේ එනවද..?”[/FONT]

    [FONT=&quot]“මං ඔයාලව අමතක කරන්නෙවත්, තනි කරන්නෙවත් නැ මල්ලි.”[/FONT]

    [FONT=&quot]ඔහු මා උරහිස් අතෑර නැවතත් ජනේලය සමීපයට ගියේය. මම ද පසුපස ගොස් ඔහුට ළං විමි.[/FONT]

    [FONT=&quot]“ඔයා වගේම මමත් මේ ගෙදරට ආසයි අක්කා.”[/FONT]

    [FONT=&quot]“මං දන්නවා.”[/FONT]

    [FONT=&quot]මා එය කීවා නොව කියැවිණි. ඔහු කුඩා කල පාසල් නිවාඩුවක් ලද විගස කළුතර ඒමට වෙර දැරූ හැටි මට අද ද මතකය. ලොකු මාමලා සමග සාමාන්‍යය දිනක මෙහි පැමිණියද නැවත යෑමට නොහැකි යැයි කියමින් ඔහු කෑ මොර දෙයි.[/FONT]

    [FONT=&quot]“ඔයාට ඕන කරන දේවල් ගත්තනම් අපි යමු.”[/FONT]

    [FONT=&quot]ක්ෂණිකව ඔහුගේ වෙස් පෙරළිනි. ඔහු කාමරයෙන් පිටතට එද්දී මම ද ජනෙල් දොරවල් සියල්ල වසා එළියට පැමිණියෙමි.[/FONT]

    [FONT=&quot]“අර නැන්දලාගෙ දිහා ගිහින් බත් කටක් කාලා යමු මල්ලි. හොඳ නෑනෙ. එයාලා බලාගෙන ඇති.”[/FONT]

    [FONT=&quot]එයට විරෝධයක් නොපෑ මල්ලී මා හා සමාන්තරව එහි ගමන් ගත්තේය. දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව වැඩි වේලා නොරැඳන අප දෙදෙනා ඉන් පිටත් විමි. බස් නැවතුම් පළෙන් වායු සමනය කළ බස් රථයකට ගොඩ වූ මල්ලී මා ළං කොට හිඳ ගත්තා මිස කිසිත් දෙඬුවේ නැත.[/FONT]

    [FONT=&quot]“ඔයා ඔය මගෙත් එක්ක තරහ වෙලාද..?”[/FONT]

    [FONT=&quot]“නෑ...”[/FONT]

    [FONT=&quot]ඔහුගේ කෙටි පිළිතුර නිසා මම ද නිහඩ විමි. බම්බලපිටියෙන් බැස බයිසිකලයට නැගි අපට සවස් වීමට මත්තෙන් නිවසට ළඟා වීමට හැකි විය.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    එදින උදෑසන මම උඩවත්ත ඇන්ටිලාගේ නිවසට ගියේ දුරකථනයෙන් දුලාජ් අයියා හා කතා කරමිනි. ඒ දුටු මල්ෂා දුලාජ් අයියාගේ නම කියමින් මට විහිළු කිරීමට පටන් ගත්තාය.[/FONT]


    [FONT=&quot]“දැන් ලව් එක නැගලා යනවා නේද.? බැල්කනියට වෙලා හොරෙන් බලනවා මදිවට පැය ගණන් කතාව.”[/FONT]

    [FONT=&quot]“එහෙම දෙයක් නෑ නංගි.. දුලාජ් අයියා දවස් කීපයක් මගේ ෆෝන් එකට සල්ලි දැම්මා. මං ඒකට බැන්නා.”[/FONT]

    [FONT=&quot]“අනේ පව්.. ආදරේටනේ දාන්න ඇත්තෙ. ඕකට බැනලා හරියනවද, තෑන්ක්ස් කරන්න එපෑය.”[/FONT]

    [FONT=&quot]“ඒත් මං ඒකට කැමති නෑ. ඒක මට බරක්.”[/FONT]

    [FONT=&quot]මල්ෂාගේ ඇතැම් ගතිවලට මා කැමැති නොවූවද ඇය හා බොහෝ දේ කීමට මම පෙළඹී උන්නෙමි. ආශ්‍රය කිරීමට තරම් සමීප මිතුරියක නොමැතිකම සේම මල්ෂා ද ඇගේ පෞද්ගලික තොරතුරු මා හා පැවසීම එයට හේතු වන්නට ඇත. නමුත් පෙර දිනක රුවන් මල්ලී මල්ෂා ගැන දුන් අවවාදය ද මට මතක නැතුවා නොවේ.[/FONT]

    [FONT=&quot]“මං ටක් ගාලා නාගෙන එනකල් අක්කා එයා එක්ක කතා කරන්නකො. අම්මද් උදේම ටවුමට ගියා.”[/FONT]

    [FONT=&quot]කාමරයේ දොර මත වූ තුවායත් රැගෙන උරහිස මත දමාගන්නා අතරතුර ඇය කීවාය.[/FONT]

    [FONT=&quot] “ෆෝන් එකේ සල්ලි ඉවරයි නංගා.. යන ගමන් දාගන්න ඕන.”[/FONT]

    [FONT=&quot]“ඒ කියන්නෙ සල්ලි ටික ඉවර වෙනකල්ම ඔයා එයාට බැන්නද..? ආ... මේකෙන් අරන් යාළු කරගන්න.”[/FONT]

    [FONT=&quot]ඈ මා අතට දුන්නේ ඔවුන්ගේ නිවසේ දුරකථනයයි. නමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි.[/FONT]

    [FONT=&quot]“එච්චර කතා කරන්න දෙයක් නෑ නංගා. ඔයා නාලා එන්නකො.”[/FONT]

    [FONT=&quot]“ආඩම්බර නොවී එයාගෙ අංකෙ කියන්න අක්කා.”[/FONT]

    [FONT=&quot]මම එය නොකී තැන ඈ මේසය මත තිබූ මගේ දුරකථනය උදුරා ගත්තාය. පසුව ඉන් බලා දුලාජ් අයියාට ඇමතුමක් ගන්නා සැටි මම ඔරවාගෙන බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“හලෝ.. ඔය දුලාජ් අයියද..?”[/FONT]

    [FONT=&quot]මල්ෂා දුරකථන මට දේවි යැයි බලා උනන්ද ඈ දුලාජ් අයියා සමග කතා කිරීමට පටන් ගත්තාය. සිතට කොතෙක් දුක දැනුණ ද කළ හැකි කිසිවක් තිබුණේ නැත.[/FONT]

    [FONT=&quot]“මං මල්ෂා.. මීනු අක්කිගෙ යාළුවා..”[/FONT]

    [FONT=&quot]ඈ බොරු සුරතලයක් මවා පාමින් කතා කරද්දී මම එය උදුරා ගැනීමට වෙර දැරුවෙමි.[/FONT]

    [FONT=&quot]“මෙන්න අක්කා බයවෙලා මං ඔයා එක්ක කතා කරනවට..”[/FONT]

    [FONT=&quot]එසේ කියා රිසිවරය මා අතට පෑ ඇය නාන කාමරයට වැදී දොර වසා ගත්තාය.[/FONT]

    [FONT=&quot]“හලෝ..”[/FONT]

    [FONT=&quot]මගේ හඬ ඉකිබිඳුමක් සරි වෙන්නට ඇතැයි මට සිතුණි.[/FONT]

    [FONT=&quot]“හෙලෝ... කවුද බබා ඒ කටර් එක..?”[/FONT]

    [FONT=&quot]“මල්ෂා.. මම පාඩම් කියලා දෙන නංගි..”[/FONT]

    [FONT=&quot]“ම්.. ඔයාට වයස කීයද..?”[/FONT]

    [FONT=&quot]ඔහුගේ පැනයෙන් මට තරහා නැගුණි. මල්ෂාගේ වයස ඔහුට කුමටද..?[/FONT]

    [FONT=&quot]“ඇයි ඒවා අහන්නෙ..? ඔයාට මොකටද..?”[/FONT]

    [FONT=&quot]“අම්මෝ.. තරහා ගියා නේද..? මං නිකමට ඇහුවෙ. සොරි...”[/FONT]

    [FONT=&quot]“එයාට දහනවයයි.”[/FONT]

    [FONT=&quot]අකැමැත්තෙන් වුව ද මම පිළීතුරු දුන්නෙමි. මල්ෂාගේ නැලවිලි කතාබහට ඔහු රැවටී ඇතුවා වන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“මීනු.. මං මල්ෂා ගැන අහද්දි ඇයි ඔයාට තරහා ගියේ.. ආ බබා.. මට ඇත්ත කියන්න..”[/FONT]

    [FONT=&quot]ඇතැම් විට එය ආදරය හා බැඳුණු ඊර්ෂීයාවක් වන්නට ඇත. නමුත් මෙතුවක් අප එළිපිට කතා නොකළ ආදරය යන මාතෘකාව අද ගැනීමට මම බිය විමි.[/FONT]

    [FONT=&quot]“මම දැන් තියන්නම් අයියා. අපි රෑ වෙලා කතා කරමු.”[/FONT]

    [FONT=&quot]“මං බිස්කට් කනවා මීනු. ඔයාටත් එකක් දෙන්න.?”[/FONT]

    [FONT=&quot]මා කී දෙය නෑසුණ විලස ඔහු දුරකථනය සමීපයට මුව තබා යමක් හපන හඩ ඇසුණි.[/FONT]

    [FONT=&quot]“එපා.. ඔයා කන්න..”[/FONT]

    [FONT=&quot]“එපා කියලා බෑ.. ඔයත් ටිකක් වැඩිපුර කාලා තව චුට්ටක් මහත් වෙන්න..”[/FONT]

    [FONT=&quot]“ඒ මොකෝ..”[/FONT]

    [FONT=&quot]“තව චූට්ටක් මහත් වුණාම ඔයා තව ලස්සනයි.”[/FONT]

    [FONT=&quot]“විකාර.”[/FONT]

    [FONT=&quot]මම දුරකථනය තැබුවේ එසේ කීමෙන් අනතුරුවය. ඔහු නැවත වරක් එයට ඇමතුමක් ගනිද්දී මම එය විසන්ධි කළෙමි. තව මොහොතකින් මල්ෂා ඇඳුම් මාරු කර පැමිණියාය.[/FONT]

    [FONT=&quot]“කතා කරලා ඉවරද..? මං හිතුවා තාම මල් කඩනවා ඇති කියලා.. හැබැයි අක්කෙ දුලාජ් අයියගෙනං මාර වොයිස් එක. අහගෙන ඉන්න ආස හිතෙනවා.”[/FONT]

    [FONT=&quot]මම විසල් කරගත් දෙනෙතින් ඇය දෙස බලද්දී ඈ මගේ කෙහෙරැලි අවුල් කර සිනාසුනාය.[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියා වැඩ කළ ශාඛාවක ගිණුම් වගයක් පරීක්ෂා කිරීඹට ඇතැයි කියා ඔහු සතියකට කෑගල්ල ශාඛාවකට මාරු කෙරුණි. ඉන් මසිත කොතෙක් දුක් ගත්තේද දැයි කියනවා නම් ඒ සතිය තුළ මා හරි හැටි කෑමක් බීමක් පවා ගත්තේ නැති තරම් ය. මසිත මඳක් හෝ සැනසුණේ විටින් විට රුවන් මල්ලී ගෙනත් දුන් නවකතා කියවීමෙනි.[/FONT]

    [FONT=&quot]“මගේ මුලු අහසම අමාවකයි මීනු. ඇයි දන්නවද.? මේ ටිකේ මගේ අහසට හඳ පායන්නෙ නෑ. විශ්වයම නැතිවෙලා වගේ දැනෙනවා.”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියාගෙන් එම කෙටි පණිවුඩය ලැබුණේ මා ඇඳේ පෙරලී හුදෙකලාව උන් වෙලාවකය. මම සිතේ වූ නොසන්සුන්බව දුරලීම සඳහා කොළයක් හා පෑනක් සොයා යමක් ලීමට පටන් ගතිමි.[/FONT]

    [FONT=&quot]“මිතුරු දමේ ඉම පසු කරන්[/FONT]
    [FONT=&quot]සහෝදරත්වය පරයමින්[/FONT]
    [FONT=&quot]එහා ගියා වූ අපේ බැඳීමේ[/FONT]
    [FONT=&quot]අරුත කුමක්දැයි නොදනිම්...[/FONT]

    [FONT=&quot]ලෙන්ගතු වදනින් අමතමින්[/FONT]
    [FONT=&quot]සිතේ පාළු බව දුරලමින්[/FONT]
    [FONT=&quot]නිරන්තරයෙන් සිත අස්වසනා ඔබ[/FONT]
    [FONT=&quot]කවුද කියා තව නොදනිම්...[/FONT]

    [FONT=&quot]මැදියම් රැය නිදි වරමින්[/FONT]
    [FONT=&quot]සිතිවිලි ලොව සැරිසරමින්[/FONT]
    [FONT=&quot]සිටින විටදි ඔබේ රුව පමණක් මට[/FONT]
    [FONT=&quot]සිහිවන්නේ ඇයි නොදනිම්...[/FONT]

    [FONT=&quot]ඔබේ මිතුරියක් විලසින්[/FONT]
    [FONT=&quot]ඔබේම නැගණිය විලසින්[/FONT]
    [FONT=&quot]සදා ඔබ ළඟින් රැදෙන්න හැකිවෙද[/FONT]
    [FONT=&quot]කියා තවම මම නොදනිම්..[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]එම නිසදැස ලියූ කොලය පොත් අතර රඳවා මා රුවන් මල්ලී සොයා ගියෙමි. ඔහු කාමරය අබියසම හිඳ කතා කළ ද ඔහු ඇසෙන මානයේ නොවී්‍ය. ඉතින් මං සෙමින් අඩි තබා එහි ඇතුළු විමි.[/FONT]

    [FONT=&quot]බොහෝ පිරිමි ළමුන් හා සසදන කල්හී මල්ලී බොහෝ පිළිවෙල ය. ඔහුගේ කාමරය දෙස බැලීමෙන්ම ඒ බව මනාවට පැහැදිලි වෙයි. මම මල්ලීගේ ලියන මේසය අභියස හිඳ ඒ මත වූ නවකතා පොත් එකිනෙක පෙරළා බැලිමි. ඒ බොහෝමයක් මා කියවූ පොත් ය. විනිවිද පෙනෙන ෆයිල් කවරයක මල්ලීගේ දිගැටි අත් අකුරින් ලියූ පද පේලියක් විය. මම ඒ කොළය පිටතට ගතිමි.[/FONT]

    [FONT=&quot]“ඔබට සිත ආදරේ කරයි[/FONT]
    [FONT=&quot]දෙතොල ගොළු වී තිබේ...[/FONT]
    [FONT=&quot]නැගුණු සෙනෙහේ කියනු බැරි වී[/FONT]
    [FONT=&quot]මගේ සිත වේඳනා විඳී[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]එහි වූයේ ඒ පද පේළි හතර පමණි. මල්ලී පිටතට නොපෙන්නුවාට ඔහු කොතරම් දුකක් සිතේ සඟවාගෙන ඇත්දැයි මෙයින් වටහාගත හැක. එය තීබූ තැනින්ම තබා මම නැන්දා ළඟට ගියෙමි.[/FONT]

    [FONT=&quot]“දෝණි දන්නවද මාමා තව මාසයක් යන්න කලින් එනවලු.”[/FONT]

    [FONT=&quot]නැන්දා සතුටින් ඉපිලෙමින් පවසද්දී ඒ සතුට මලානිකව තිබූ මසිතට ද දැනුණි. ඔහු නොමැතිව පසුගිය කාලයේ නිවසේ තිබූ අඩුව පැවසිය නොහැකි තරම් ය.[/FONT]

    [FONT=&quot]“මාමා එන්න කලින් අපි තව මල් පැල ටිකක් එහෙම ගෙනත් මිදුල ලස්සන කරමු.”[/FONT]

    [FONT=&quot]මම නැන්දාට තුරුළු වී එකඟතාව පළ කළෙමි.[/FONT]

    [FONT=&quot]“මල්ලි ගෙදර ආවා නේද නැන්දා.? කෝ දැන්.?”[/FONT]

    [FONT=&quot]“ඔය බාත් රූම් එකට රිංග ගත්තෙ. තාම එයාගෙ වෙනසක් නෑ නේද දූ.”[/FONT]

    [FONT=&quot]“ඔව් නැන්දා.. මොකුත් කියන්නෙ නෑ. හැමදේම හිතේ හිරකරගෙන ඉන්නවා.”[/FONT]

    [FONT=&quot]“මටත් තාම තියෙන ප්‍රශ්නය මේකයි. මං කෙල්ලෙක්ට ආදරේ කරන දාට ඒක මුලින්ම කියන්නෙ අම්මට කියපු කොල්ලා ඇයි දැන් මේ නිශ්ශබ්ද..?”[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මටද මල්ලීව තේරුම් ගත නොහැක. විටෙක ඉතා සමීපව කතාකරන ඔහු තවත් විටෙක පුංචි දේටත් තරහා ගනී. නමුත් ඔහු හැම විටම මගේ ආරක්ෂාවට, සෙවණැල්ල මෙන් ළග උන්නේය. හැම ප්‍රශ්ණයකටම නොබියව පිළීතුරු සපයන මල්ලී ආදරය පිළිබඳව විමසද්දී නිහඬ වේ.[/FONT]

    [FONT=&quot]“මේ ටිකේ දුලාජ් පුතත් දුරක ගිහින්. සීතය් අර වැඩට ඉන්න ගෑනු කෙනයි විතරයි ගෙදර ඉන්නෙ.”[/FONT]

    [FONT=&quot]මම අමතක කිරීමට උත්සාහ දරමින් උන් මාතෘකාවක් නැන්දා ඇද ගත්තාය.[/FONT]

    [FONT=&quot]“දුලාජ් අයියගෙ තාත්තා කෝ නැන්දා..?”[/FONT]

    [FONT=&quot]“කොල්ලා පුංචි කාලෙදිමයි ඩග්ලස් නැති වුණේ.”[/FONT]

    [FONT=&quot]“ඒ කියන්නෙ එයාගෙ තාත්තා මැරිලද..?”[/FONT]

    [FONT=&quot]එය මා මෙතෙක් නොදැන උන් කරුණකි. මා සිතා උන්නේ ඔහුගේ පියා ද ලොකු මාමා මෙන් විදෙස්ගතව ඇතැයි කියා ය.[/FONT]

    [FONT=&quot]“ඇයි දෝණිට එයාලා කිව්වෙ නැද්ද..? දුලාජ් පුතාව ඉස්කෝලෙ එකේ පන්තියට භාරදීලා එන අතරෙ වුණ අක්සිඩන්ට් එකකින් තමයි ඩග්ලස් මැරුණෙ. එදා ඉඳලා මේ කොල්ලව හදන්න සීතා පුදුම ධෛර්යයක් ගත්තෙ.”[/FONT]

    [FONT=&quot]“ඉතින් සීතා ඇන්ටි රස්සාවක් කරන්නෙ නෑනෙ නැන්දා.”[/FONT]

    [FONT=&quot]“සීතා ඉස්සර ගුරුවරියක්. ඩග්ලස් නැති වුණාට පස්සෙ එයා රස්සාවෙන් අයින් වෙලා ටියුෂන් කරන්න ගත්තා. ඩග්ලසුත් ආණ්ඩුවෙ හොඳ රස්සාවක් කළේ. ඉතින් එයාගෙ පෙන්ෂන් එකත් සීතට ලැබුණා.”[/FONT]

    [FONT=&quot]“පව් නේද නැන්දා..?”[/FONT]

    [FONT=&quot]“පව් නේන්නං.. ඒත් සීතා හරි ධෛර්යවන්ත ගැහැනියක් දූ.. බලන්නකො දැන් කොල්ලවත් හදාගෙන ගේ දොරත් හදාගෙන ඉන්න ලස්සන.”[/FONT]

    [FONT=&quot]“එතකොට සීතා ආන්ටි දැන් පන්ති කරන්නෙ නැද්ද..?”[/FONT]

    [FONT=&quot]“කොල්ලා රස්සාවට ගියාට පස්සෙ පන්ති කරන එක නතර කළා..”[/FONT]

    [FONT=&quot]මම සුරංගනා කතාවක් සේ එය අසා උන්නෙමි. හොඳ රැකියාවක් කර විසල් මැඳුරක උන්නද ඔහුද මා මෙන්ම තාත්තා නැති සොවින් පීඩා විඳිනවා ඇත.[/FONT]

    [FONT=&quot]“දුලාජ් හොඳ කෙල්ලෙකුට බන්දලා දීපු දවසට සීතා නිදහස්.”[/FONT]

    [FONT=&quot]සෑම අම්මෙක්, තාත්තෙක්ගේම අවසාන පැතුම වන්නේ දරුවන්ගේ අනාගතය යහපත් වනවා දැකීමයි. සීතා ඇන්ටිද දුලාජ් අයියාට විවාහ යෝජනා ගෙනෙන්නේ ඒ නිසා විය හැක.[/FONT]

    [FONT=&quot]රුවන් මල්ලී ඇඟ සෝදා කොට කලිසමකට මාරු වී සාලයට එද්දී මා උන්නේ දුලාජ් අයියාගේ පවුල ගැන නැන්දා කී දෑ මෙනෙහි කරමිනි. ඔහු රූපවාහිනී දුරස්ථ පාලකය ද නෙ මා ළගින්ම අසුන් ගත්තේය.[/FONT]

    [FONT=&quot]“අක්කට මං පොඩි බඩුවක් ගෙනාවා. හොදද බලන්න.”[/FONT]

    [FONT=&quot]සෙටියේ කෙළවරක තිබූ පාර්සලයක් මල්ලී මා අතට දුනි. මම මල්ලී දෙස මොහොතක් බලා හිඳ එය විවර කළේ කුතුහලය මිශ්‍ර දෑතිනි. එහි වූයේ අලංකාර ඉන්දියන් සාරියකි.[/FONT]

    [FONT=&quot]“මේ කොහෙන්ද මේ..?”[/FONT]

    [FONT=&quot]“ඉස්සර වෙලා හොඳයිද කියන්නකො..?”[/FONT]

    [FONT=&quot]ඒ සතුටින් දිලිසෙන දෑස් බිමට හරවා ඔහු කියද්දී මම එය නාසයටළං කර ගතිමි.[/FONT]

    [FONT=&quot]“ලස්සනයි.. ගොඩක් ලස්සනයි.. ඒත් ඇයි මල්ලි මේ..?”[/FONT]

    [FONT=&quot]“මට අද පඩි හම්බ වුණා..”[/FONT]

    [FONT=&quot]ඔහු එය කීවේ අහිංසක ආඩම්බරයක් දෑසේ රදවාගෙනය. මම ඉතා පැහැදීමෙන් ඔහු දෙස බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“නැන්දට..?”[/FONT]

    [FONT=&quot]“අම්මටත් ගෙනාවා..”[/FONT]

    [FONT=&quot]ඔහු තෝරා තිබූ අහස් නිල් වර්ණය මා කුඩා කල සිටම කැමැත්තක් දැක් වූ වර්ණයයි. එය ද සිත් හී තබාගෙන උන් මල්ලී ගැන දැඩි ආදරයක් මට දැනුණි.[/FONT]

    [FONT=&quot]“දෝණි.. ඔයාගෙ ෆෝන් එක රින්ග් වෙනවා.”[/FONT]

    [FONT=&quot]නැන්දාගේ හඬ ඇසී මම සාරියද තුරුළු කර උඩුමහලට දිව ගියෙමි. දුරකථනයේ සඳහන්ව තිබුණේ දුලාජ් අයියාගේ අංකයයි. මම මදකුදු පමා නොවී ඇමතුම ගත්තෙමි.[/FONT]

    [FONT=&quot]“හෙලෝ... බබා ඔයාගෙ යාලුවට පිස්සුද..?”[/FONT]

    [FONT=&quot]මට එය බිඳක්වත් වටහාගත හැකි වූයේ නැත. ඔහු කුමන යාළුවෙක් ගැන කතා කරත්දැයි නොදැන උන් මා වික්ෂිප්ත වුණිමි.[/FONT]

    [FONT=&quot]“කවුරු ගැනද අයියා ඔය අහන්නෙ..?”[/FONT]

    [FONT=&quot]“ඔයා උගන්වන්න යන අර මැන්ටක් කෙල්ල ගැන.. මල්ෂා ගැන.”[/FONT]

    [FONT=&quot]“ඇයි..?”[/FONT]

    [FONT=&quot]“ඔයා අද එහෙන් ආවට පස්සෙ එයා මට කෝල් කළා..”[/FONT]

    [FONT=&quot]එදා ඔවුන්ගේ දුරකථනයෙන් ඇමතුමක් ගත් නිසා ඔහුගේ අංකය මල්ෂා දැන උන් බවක් මට මෙතෙක් අමතකව තිබුණි.[/FONT]

    [FONT=&quot]“එයා මොනවද කිව්වෙ..?”[/FONT]

    [FONT=&quot]“ඔයා අද එහේ ආවලු.. හොදට පාඩම් කියලා දුන්නලු. දැන් ආපහු ගෙදර යන්න පිටත් වුනා කියලා මට කිව්වා.”[/FONT]

    [FONT=&quot]සිතට දැනුණ දුක කෙතෙක්දැයි පැහැදිය නොහැකි වුවද මම ඉවසා එය අසා උනිමි.[/FONT]

    [FONT=&quot]“ඊට පස්සෙ පැය ගාණකින් විතර ආපහු ගත්තා. අරන් කියනවා බය වෙන්න එපාලු. එයා ඔයාට කෝල් කළාලු. ඔයා පරිස්සමින් ගෙදර ගිහින්ලු.”[/FONT]

    [FONT=&quot]දුක මෙන්ම තරහවද සිත තුළ වාන් දමද්දී වදනක් කෝ ගළපාගත නොහැකිව මසිත අසරණව සිටියේය. මල්ෂා කවදාවත් නොමැතිව අද මා ගෙදර පැමිණි සැනින් ඇමතුමක් දුන්නද මම වෙනසක් නොසිතිමි. නමුත් මා ඇයට රැවටී ඇති බව දැන් දැන් පැහැදිලි ය.[/FONT]

    [FONT=&quot]“එයාට පිස්සුද නංගා. එයා මොකටද මට සැරින් සැරේ කෝල් කරන්නෙ.? වෙනදටත් මං විස්තර දැනගන්නෙ එයාගනේ අහලා නෙමෙයිනේ.. අනික.....”[/FONT]

    [FONT=&quot]ඔහු තවත් යමක් කියන්නට හදද්දී මම පපුවට අතක් තබා ගතිමි.[/FONT]

    [FONT=&quot]“මට හිතෙනවා මීනු එයා මං කියන දේවල් රෙකෝඩ් කරනවා කියලා. මට එහෙම දැනෙනවා.”[/FONT]

    [FONT=&quot]එවර නම් දෙපා පවා පණ නැතිව ගියා සේ දැනුණි. දුලාජ් අයියාගේ හඬ ලස්සන බව අසා ඉන්නට ආසා හිතෙන බව දිනක් මල්ෂා කියූ හැටි මට අද මෙන් මතකය. ඇගේ මායම්වලට ගිහාන් හා උදාර මෙන්ම දුලාජ් අයියවද හසුකර ගැනීමට ඈ වෙර දරනවා ඇත. නමුත් මේ හැම දෙයක්ම දුලාජ් අයියා මා හා කීම පිළිබඳව මම සැනසුමෙන් යුතුව කල්පනා කළෙමි. මා දුලාජ් අයියාට සිතින් ආදරය කරනවා සේම ඔහු ද මට ආදරය කරන බව මසිත දනී. ඉතින් ඔහු මා හැර දමා ඇයට ආදරය නොකරනු ඇත.[/FONT]

    [FONT=&quot]“මට බයයි අයියා...”[/FONT]

    [FONT=&quot]“ඇයි ඒ..?”[/FONT]

    [FONT=&quot]මගේ බිය කුමක්දැයි දැන උන්නද ඔහු එය නොදැනුණා සේ ඇසුවේය. මම එයට පිළිතුරු නොදී උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයා බය වෙන්න එපා නංගා. මම ඔයා එක්ක ඉන්නවනෙ.”[/FONT]

    [FONT=&quot]“අයියා කවදද එන්නෙ..?”[/FONT]

    [FONT=&quot]“අනේ මන්දා බබා.. මමත් මේ අප්සට් එකේ ඉන්නෙ. මට තව ටික කාලයක් මෙහේ ඉන්න වෙයි වගේ. මෙහේ එකවුන්ටන් ඇක්සිඩන්ට් වෙලා නිවාඩු ගිහින්.”[/FONT]

    [FONT=&quot]“අනේ...”[/FONT]

    [FONT=&quot]මම දුක්ගත් හඬින් කියද්දී ඔහු දිගු සුසුමක් හෙළනවා ඇසුණි. එහි බර මගේ පපුවටද දැනුණා වගේය.[/FONT]

    [FONT=&quot]“ඔයා මේ දවස්වල මොනවද කරන්නෙ..?”[/FONT]

    [FONT=&quot]“ආදරය කරනවා..”[/FONT]

    [FONT=&quot]ඔහුගේ පැනයට මම ගත් කටටම පිළීතුරු දුන්නෙමි. ඔහු ඉන් බොහෝ සැලී ගියබ ව මම අවබෝධ කරගත්තේ එහා ඉමෙන් ඇති වූ නිහඩතාවයෙනි.[/FONT]

    [FONT=&quot]“අයියා...”[/FONT]

    [FONT=&quot]“ඒ වාසනාවන්තයා කවුද නංගා..?”[/FONT]

    [FONT=&quot]ඒ හඬ බොහෝ සේ බිඳී ගොස් ය. ඔහු ගැන සියුම්දුකක් මෙන්ම කුමක්දෝ රසබර හැඟීමක් ද සිතේ ඇති වී නැති වී ගියේය. එයට හේතුව වූයේ මා ආදරය කරන පුදගලයා ඔහුම වීමය.[/FONT]

    [FONT=&quot]“ඒ කෙනා කවුරු වුණත් එයා ගොඩක් වාසනාවන්තයෙක්. ඒකනේ ඔයා වගේ හොඳ කෙල්ලෙක්ගෙ ආදරේ ලැබෙන්නෙ.”[/FONT]

    [FONT=&quot]ඒ වාසනාවන්තයා වෙනකෙකු නොව ඔහුම යැයි මුවින් පිටවන්නට යද්දී මම එය තද කර ගතිමි.[/FONT]

    [FONT=&quot]“මං ඔයාලා දෙන්නට සුභ පතනවා බබා. ඔයා වගේ අහිංසක ලස්සන කෙල්ලෙක්ව ලබන්න හැමෝටම පින නෑ.”[/FONT]

    [FONT=&quot]“මට කතා කරන්න දෙන්නෙ නැද්ද අයියා..?”[/FONT]

    [FONT=&quot]මම එය අසද්දීත් ඔහු දුරකථනය තබා අවසානය. ඉතින් මා රුවන් මල්ලී දුන් සාරිය ද පපුවට තුරුළු කර ඇඳේ පෙරලුනෙමි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    නැවත යෑමේ බලාපොරොත්තුවෙන් දින දෙකක කාලයක් සඳහා දුලාජ් අයියා කොළඹ පැමිණි වග සීතා ඇන්ටි කීවා ය. නමුත් ඔහු පැමිණි බව කීමට දුරකථන ඇමතුමක්වත් නොදුන් බැවින් මම පුදුම විමි. මා සාලයේ කුළුනකට බර දී කල්පනා කරමින් හිඳිද්දී රුවන් මල්ලී හැඳ පැළඳගෙන කාමරයෙන් පිටතට පැමිණියේය.[/FONT]


    [FONT=&quot]“අක්කා ඔයා අර ලයිබ්‍රරි ෆෝම් එක පුරවලා ඉවරනං අද ගිහින් බාර දෙමු.”[/FONT]

    [FONT=&quot]පොත් කියවීමට අවැසි නිසා පුස්තකාලයට බැඳිය යුතු බව කී විට මල්ලී අයදුම්පතක් ගෙනැවිත් දුන්නේය. මම එය පුරවා සම්පූර්ණ කර තිබුණි.[/FONT]

    [FONT=&quot]“අද කොහොමද යන්නෙ.? ඔයා වැඩනේ.?”[/FONT]

    [FONT=&quot]“මම යන්නෙ ඒ පැත්තෙන්. ඔයාව මම පුස්තකාලය ගාවින් බස්සන්නම්. ඔයාට ආපහු බස් එකේ ගෙදර යන්න පුළුවන්නේ..”[/FONT]

    [FONT=&quot]“මේ දරුවට පාරවල් හොයාගන්න පුළුවන් වෙයිද චූටි පුතා..”[/FONT]

    [FONT=&quot]නැන්දා මටත් වඩා බියපත්ව උන්නා ය. ඒ දුටු මට ඇය ගැන ඉමහත් ආදරයක් දැනුණි.[/FONT]

    [FONT=&quot]“අක්කා බබෙක් නෙමෙයිනෙ අම්මා. මං එයාට එන්න ඕන විදිය කියලා දෙන්නම්.”[/FONT]

    [FONT=&quot]නැන්දා කිසිත් නොකියා කල්පනා කරද්දී මල්ලී බලෙන්ම වාගේ මාව ගමනට හවුල් කර ගත්තේය.[/FONT]

    [FONT=&quot]“අදත් මාව ගෙනියන්නේ කාට හරි මුණගස්සන්නද..?”[/FONT]

    [FONT=&quot]බයිසිකලයටනැගුණු සැනින් මම විමසද්දී ඔහු සිනහ නැගුවේ ය.[/FONT]

    [FONT=&quot]“එහෙම දේකට නෙමෙයි. ඒත් අක්කත් පාරවල් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ..”[/FONT]

    [FONT=&quot]අතුරු පාරවල්වලින් ඉක්මනින් යා හැකිව තිබුණත් මල්ලී බස් යන ප්‍රධාන පාරවල් ඔස්සේ ගමන් කළේ මට පාරවල් කියා දීමේ අරමුණෙනි. එම මාර්ගවල ගමන් ගන්නා බස් රථ හා බස් නැවතුම්පලවල් පිළිබඳව ඔහු මා දැනුවත් කළේය.[/FONT]

    [FONT=&quot]“මේක තමයි දුලාජ්ගෙ ඔෆිස් එක.”[/FONT]

    [FONT=&quot]කොළඹ හතේ ගාම්භීර ගොඩනැගිල්ලක් අබියස බයිසිකලයේ වේගය බාල කළ මල්ලී කීවේය. මම එදෙස ඉතා ඕනෑකමින් බැලුවෙමි.[/FONT]

    [FONT=&quot]“පුස්තකාලෙ තියෙන්නෙ මේ පේන දුරින්.”[/FONT]

    [FONT=&quot]මල්ලී මට පාරවල් විස්තර කිරීමේ යටි අරමුණ මට පැහැදිලි විය. ඔහුට අවැසිව ඇත්තේ මාවත්, දුලාජ් අයියාවත් ළංකර මසිත සතුටින් තැබීමට ය.[/FONT]

    [FONT=&quot]“මේ තියෙන්නෙ පුස්තකාලෙ. අක්කා ඔය ෆෝම් එකයි අයි ඩී එකයි අතට ගන්න. ඔය ඉස්සර පේන බිල්ඩින් එකට ඕක භාර දීලා සල්ලි ගෙවන්න.”[/FONT]

    [FONT=&quot]මට නැවත යා යුතු පාරවල් ද කියා දුන් මල්ලී මා අතට බලෙන්ම රුපියල් දහසක් දී යන්නට ගියේය. ඔහු නොපෙනී ගිය පසු මම පුස්තකාලයට පා තැබිමි.[/FONT]

    [FONT=&quot]අයදුම්පත භාරදී මුදල් ගෙවීමේ කාර්යයට ගත වූයේ පැය කාලකටත් අඩු සීමාවකි. පිටතට පැමිණි සැනින් මට දුලාජ් අයියා මුණ ගැසීමේ සිතක් පහළ විය. ඔහු දින දෙකකින් පසුව නැවත කෑගල්ලට පිටත්ව බව පෙරදා සීතා ඇන්ටි කීවාය. එබැවින් ඔහුගේ මුහුණ දැක ගැනීමේ ආශාවකින් මා නොසන්සුන් විමි.[/FONT]

    [FONT=&quot]රුවන් මල්ලී පෙන්වා දුන් මග ඔස්සේ මා ඔවුන්ගේ කාර්යාලයට පා නැගුවේ තැතිගත් සිතින් යුතුවය. ඔහුව මුණ ගැසීමට පැමිණෙන්න යැයි දුලාජ් අයියා කොතෙකුත් කියා තිබුණද මා මේ ඔහු දැකීමට යන ප්‍රථම වතාවයි.[/FONT]

    [FONT=&quot]“මිස් කාව හම්බවෙන්නද.?”[/FONT]

    [FONT=&quot]ආරක්ෂක කුටියේ උන් නිලධාරියා පියකරු සිනාවක් පාමින් විමසුවේය.[/FONT]

    [FONT=&quot]“ගිණුම් අංශයේ දුලාජ් මනුප්‍රියව මුණගැහෙන්න.”[/FONT]

    [FONT=&quot]කුටියේ වූ දුරකථනයෙන් ඇමතුමක් ගත් ඔහු පසුව මාව කාර්යාලය තුළට කැඳවාගෙන ගියේය.[/FONT]

    [FONT=&quot]“අර ඉන්නෙ මිස්.”[/FONT]

    [FONT=&quot]විදුලි සෝපානයේ දෙවන මහලට ගිය පසු ඔහු දුලාජ් අයියා උන් කුටිය පේනවා පිටත් විය. මම වටපිට බලමින් එතුළට ඇතුළු විමි. අඩක් වීදුරු වලින් ආවරණය කර තිබූ එහි මේස දෙකක් පනවා තිබුණත් එහි එක් මේසයක් හා අසුනක්ව හිස්ව තිබුණි. එතුල වැඩ කරමින් උන්නේ දුලාජ් අයියා පමණි. මා දුටු ඔහු කටත් බාගෙ ඇරගෙන පුටුවෙන් අඩක් පමණ නැගී උන්නේය.[/FONT]

    [FONT=&quot]“මීනු.. නංගා ඔයා මෙහේ..?”[/FONT]

    [FONT=&quot]මගේ හදිසි පැමිණිම ඔහුගේ සිත කලඹා ඇති සෙයකි. ඔහුව පුදුම කර මම අහිංසක සතුටක් වින්දෙමි.[/FONT]

    [FONT=&quot]“ඉඳගන්න..”[/FONT]

    [FONT=&quot]ඔහු මේසය අද්දර තිබූ පුටුව පසෙකට ඇද මට ඉඳගැනීමට සැලැස්විය.[/FONT]

    [FONT=&quot]“මං ඉක්මනට යන්න ඕනෙ.”[/FONT]

    [FONT=&quot]“ඇයි හදිසියෙම..?”[/FONT]

    [FONT=&quot]“ලයිබ්‍රරි එකට ආපු ගමන් ආවෙ..”[/FONT]

    [FONT=&quot]“බලන්න නංගි.. මට ආපහු අනිද්දා කෑගල්ලෙ යන්න වෙලා. තව මාසයක් විතර එහෙ ඉන්න වෙයි වගේ.”[/FONT]

    [FONT=&quot]“අයියා ආවා කියලා මට කිව්වෙත් නෑ.”[/FONT]

    [FONT=&quot]මම බොරු තරහක් පෙන්විමි. ඔහු දුකගත් ඇසින් මදෙස බලා උන්නේය.[/FONT]

    [FONT=&quot]“කියන්න තරං වෙලාවක් තිබුනෙ නෑ බබා. මං ඊයෙ හවස ආවෙ.”[/FONT]

    [FONT=&quot]වෙනදා නම් දිනපතාම වාගේ මා අමතන ඔහු පෙරදා රාත්‍රියේ කෙටි පණිවුඩයක් හෝ එවීමට වේලාවක් නොවූ බව පිළිගත නොහැක. නමුත් මා ඔහු සමග තර්ක කරන්නට නොගියෙමි. එවෙලෙහිම මල්ෂාගෙන් මට ඇමතුමක් ලැබුණි.[/FONT]

    [FONT=&quot]“අක්කා කොහෙද ඔයා ඉන්නෙ..?”[/FONT]

    [FONT=&quot]ඇගේ පැනයට පිළිතුරු දීමට පෙර දුලාජ් අයියා දෙස බැලිමි. ඔහු වෙනතක් බලා උන්නේය.[/FONT]

    [FONT=&quot]“මං ලයිබ්‍රරි එකේ නංගා.. හදිසියක්ද..?”[/FONT]

    [FONT=&quot]“ආ.. හරි හරි.. එහෙනං මං පස්සෙ ගන්නම්..”[/FONT]

    [FONT=&quot]ඈ දුරකථනය විසන්ධි කළාය.[/FONT]

    [FONT=&quot]“කවුද ඒ ගත්තෙ..?”[/FONT]

    [FONT=&quot]වෙනතක් බලා උන්නද දුලාජ් අයියා මගෙ ඇමතුමට කන් දී ඇති වග මම වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“මල්ෂා...”[/FONT]

    [FONT=&quot]“ඉතිං ඇයි බොරු කිව්වෙ..?”[/FONT]

    [FONT=&quot]ඔහු ඒ ඇසුවේ මා පුස්තකාලයේ ඉන්නවා ඇයි කීම ගැනය. දුලාජ් අයියා ගැන අපගේ බැඳිම ගැන මින් මතුවට මල්ෂා හා නොකීමට මම තීරණය කරගෙන උන්නෙමි. මා බොරුවක් කීවේ එනිසාය.[/FONT]

    [FONT=&quot]“එයා ඔයාට ගොඩක් ගරු කරනවා නංගි. ඒ නිසා ඒ ළමයට බොරු කරන්න එපා.. පව්..”[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]ඔහුගේ වදනින් මා තිගැස්සී ගියේය. දුලාජ් අයියාගේ සිතේ මල්ෂා ගැන මෙතරම් හැඟිමක් වෙතැයි මම නොසිතුවෙමි.[/FONT]

    [FONT=&quot]“මට පරක්කු වෙනවා අයියා.. මං යනවා..”[/FONT]

    [FONT=&quot]සිත රිඳුණු බැවින් මම නැගී උන්නෙමි..[/FONT]

    [FONT=&quot]“මං හෙට නිවාඩු. හවසට එහෙ එන්නං..”[/FONT]

    [FONT=&quot]මා දොර හැර පිටත් වන්නට හදද්දීම ඔහු කිවේය. එය නෑසුණු විලස මා ඉන් පිට විමි.[/FONT]

    [FONT=&quot]සවස් යාමයේ රුවන් මල්ලී නිවසේ උන්නේ නැත. ඉතින් මා නැන්දා සමග මිදුලේ බංකුවකට වී කතා කරමින් සිටියෙමි. පෙරදා කියූ පරිදිම දුලාජ් අයියා අප නිවසට පැමිණියේය.[/FONT]

    [FONT=&quot]“කොහෙද දුලාජ් පහුගිය ටිකේ ගිහින් හිටියෙ..?”[/FONT]

    [FONT=&quot]“කෑගල්ල බ්‍රාන්ච් එකට යන්න උනා ආන්ටි..”[/FONT]

    [FONT=&quot]ඔහු පැමිණ අසුන් ගත්තේ නැන්දා ළගම තිබූ පුටුවේ ය. මම ඒ සොඳුරු මුහුණ දෙස සෘජුව බැලිමි. නමුත් ඒ නෙතු මා නෙත් මග හැරියේ ය. ඔහුගේ කිසියම් වෙනසක් ඇතැයි යන්න ඊයේ මන්ම අද ද මා අනුමාන කළෙමි.[/FONT]

    [FONT=&quot]“ඔය දෙන්නා කතා කර කර ඉන්න. මං බොන්න මොනවා හරි ගේන්නම්.”[/FONT]

    [FONT=&quot]නැන්දා නැගී සිටීමට හඳද්දී දුලාජ් අයියා එය වැළැක්වූයේය.[/FONT]

    [FONT=&quot]“දැන්ම එපා ආන්ටි.. මං දැන් ටිකකට කලින් කෑවෙ.”[/FONT]

    [FONT=&quot]කෙතරම් සැහැල්ලු ලෙස හැසිරීමට තැත් කළ ද ඔහුගේ කිසියම් වෙනසක් විද්‍යමාන විය.[/FONT]

    [FONT=&quot]“දූ අර ත්‍රීවිලර් එක ආවෙ මෙහෙටද..?”[/FONT]

    [FONT=&quot]පාරේ අයිනටකර නැවැත්වූ ත්‍රීවිලරය දුටු නැන්දා නැගිට ගේට්ටුව දෙසට ගියාය. මම ද ඒ දෙස බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“ආ.. මේ ළමයනේ.. මොකද මේ හදිස්සියෙ..?”[/FONT]

    [FONT=&quot]අනපේක්ෂිත ලෙස පැමිණ උන්නේ මල්ෂාය. මා මෙහි පැමිණි දා සිට මල්ෂා කිසි දිනක මෙහි තනිව පැමිණ නැත. ඉතින් ඇගේ පැමිණිම මට ගැටලුවක් විය.[/FONT]

    [FONT=&quot]“ආ.. මේ මීනු අක්කි ඉන්නෙ. මං ආවෙ එයාව මීට් වෙන්න තමයි.”[/FONT]

    [FONT=&quot]අප උන් සිමෙන්ති බංකුව දෙසට සිනහ නගමින් පැමිණි ඈ මගේ ඇඟට හේත්තු වී ඉඳගත්තාය. මම මඳක් පසෙකට විමි.[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියා කිහිප විටක්ම මල්ෂා දෙස බලමින් නැවත හිස හරවා ගත්තේය. මල්ෂාද ඔහුට අඩවන් සිනාවක් පානවා මම දිටිමි.[/FONT]

    [FONT=&quot]“ඇයි නංගි මාව හම්බවෙන්න ආවෙ..?”[/FONT]

    [FONT=&quot]“මගේ ක්ලාස් එකේ ටියුට් එකක් නැති වෙලා. ඒක වැරදිලා හරි ඔයා ගෙනත්ද බලන්න ආවෙ..?”[/FONT]

    [FONT=&quot]මා කිසිදා ඇගේ පොත්පත් රැගෙන ආවේ නැත. ඔය කියන නිබන්ධනය ද මා සතුව නොමැති බව දන්නා හෙයින් මම එය ප්‍රතික්ෂේප කළෙමි.[/FONT]

    [FONT=&quot]“අක්කා චුට්ටක් බලන්න. එදා ගෙනාපු පොත් එක්ක වැරදිලාවත් ආවද දන්නෙ නෑ.”[/FONT]

    [FONT=&quot]“හරි මං බලන්නම්. ඒත් ඉතිං ඕක කෝල් එකක් දීලා අහන්න තිබුණනේ.. අපරාදෙ රස්තියාදු වුණේ..”[/FONT]

    [FONT=&quot]“මට ඒක හෙට උදේට ඕන අක්කා. ඒකයි මේ තකහනියක්ම ආවෙ.”[/FONT]

    [FONT=&quot]නැන්දා නිවස තුළට ගිය අතර මම නිබන්ධනය පිරික්සන අටියෙන් කාමරයට යෑමට සැරසුණෙමි. එවිට දුලාජ් අයියා හා මල්ෂා එතන තනිවේ. මීට පෙර මුණ නොගැසී තිබූ ඔවුන් දෙදෙනා හඳුන්වා දීම මගෙ යුතුකමක් යැයි මම සිතුවෙමි.[/FONT]

    [FONT=&quot]“නංගි මේ දුලාජ් අයියා. ඔයාට මතක ඇතිනේ. දවසක් කෝල් කළේ. මේ ඒ අයියා.”[/FONT]

    [FONT=&quot]මල්ෂා බිම බලා උන්නත් දුලාජ් අයියාගේ කට කොනකට සිනාවක් නැගුණේ ය. ඔහුට මල්ෂා දුරකථනය ඔස්සේ වදයක් වූ හැටි සිහිපත් වන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“ඔය දෙන්නා කතා කර කර ඉන්න. මං ටක් ගාලා ඔයාගෙ ටියුට් එක බලලා එන්නම්.”[/FONT]

    [FONT=&quot]අකමැත්තෙන් වුව ද ඔවුන් දෙදෙනා එහි තනිකර දමා මම නිවස තුළට පිය නැගිමි. මල්ෂාගේ නිවසට යන විට මා රැගෙන යන පොත් කට්ටලය බෑගයක් මත එලෙසම තිබුණි. මම ඒ එකිනෙක පිරිස්සා බැලුවේ ඇගේ නිබන්ධනය මා රැගෙන නොආ බව ස්ථිරවම දැනගෙනය. නමුත් මා පුදුමයෙනුත් පුදුමයට පත් කරමින් ඇගේ ලා නිල් පැහැති නිබන්ධනයක් මගේ පොත් අතර විය. එය රැගත් මා හනික මිදුලට පිවිසියෙමි. දුලාජ් අයියා හා මල්ෂා මා සිනාසෙමින් සිට මා දුටුවනම එය නතර කරගත්හ. මම එය නොදුටු විලස උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“ආ.. ඕක තමයි.. මං කිව්වෙ ඔයා ගෙනල්ලනේ..”[/FONT]

    [FONT=&quot]ඇය මගේ අතේ තිබුණ නිබන්ධනය උඳුරා ගත්තාය.[/FONT]

    [FONT=&quot]“ඒත් මං මෙහෙම එකක් ගෙනාවා මට මතක නෑ නංගි.”[/FONT]

    [FONT=&quot]මා එය කීවේ වරදක් කර ගුරුවරයකුට හසු වූ සිසුවෙකු තම නිර්දෝෂීභාවය ප්‍රකාශ කරන අයුරිනි. එහෙත් මල්ෂා එය එතරම් බැරෑරුම්ව ගත්තේ නැත.[/FONT]

    [FONT=&quot]“ඔයාට වැරදිලා පොත් එක්ක එන්න ඇති.”[/FONT]

    [FONT=&quot]ඈ කීවේ එපමණකි. මම ඇස් පුංචි කර දුලාජ් අයියා දෙස බලද්දී ඔහු මල්ෂා දෙසට යොමුව තිබූ නෙත් වහා ඉවතට ගත්තේය.[/FONT]

    [FONT=&quot]“මේක බොන ගමන් තුන්දෙනා කතා කරන්නකො එහෙනම්.”[/FONT]

    [FONT=&quot]නැන්දා චොක්ලට් කිරි වීදුරු තුනක් රැගෙනැවිත් සිමෙන්ති මේසය මත තබා යන්නට ගියාය. දුලාජ් අයියා හා මල්ෂා බීම වීදුරු දෙක තොල ගාද්දී මම එය අතටවත් නොගෙන ඒ දෙස බලා උන්නෙමි. ඇවිලෙන ගින්දර නිවා දැමීමේ හැකියාවක් මේ සීතල බීම වීදුරුවට නැත.[/FONT]

    [FONT=&quot]“මං යන්නං අක්කා එහෙනම්. ඔයාට රෑ වෙලා කෝල් කරන්නම්කො. ආන්ටි.. මං යනවා..”[/FONT]

    [FONT=&quot]බීම පානය කරන අවසන් වූ වහාම මල්ෂා යෑමට සැරසුණාය. මම ද ඈ හා සමාන්තරව ගේට්ටුව ළගට ගියෙමි.[/FONT]

    [FONT=&quot]“අයියා.. මං යන්නම්..”[/FONT]

    [FONT=&quot]ගේට්ටුව ළඟටම ගිය මල්ෂා හැරී බලා පවසද්දී දුලාජ් අයියා ද අතක් ඉහළට ඔසවා එයට ප්‍රතිචාර දැක්විය. පැමිනි ත්‍රීවිලර් රථයෙන්ම මල්ෂා ගියප සු මම ගේට්ටුව වසා දැමීමට සූදානම් වුනෙමි. නමුත් දුලාජ් අයියා ද ගේට්ටුව අභියසටම පැමිණ සිටියේ ය.[/FONT]

    [FONT=&quot]“මමත් යන්නම් නංගි. හෙට ගෙනියන්න බඩු වගයක් ලෑස්ති කරගන්නත් තියෙනවා.”[/FONT]

    [FONT=&quot]මගේ මුහුණ මගහැරි දුලාජ් අයියා පිටව යද්දී මම දුක්ගත් ඇසින් එදෙස බලා උන්නෙමි. ඔවුන්ගේ නිවසේ ගේට්ටුව ළඟටම ගිය ඔහු ඊට ඇතුළු වීමට මත්තෙන් එක් වරක් හැරී බැලුවේය. හිත හදා ගැනීමට එයවත් සෑහේ යැයි සිතූ මා නිවසට ඇතුළු විමි. [/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    [FONT=&quot]මල්ෂාගේ ක්‍රියා කලාපය ගැන මා දිනෙන් දිනම කලකිරෙමින් උන්නෙමි. ළග ඉන්නා විට පණ දෙන්නට මෙන් කතා කරන ඈ තවත් විටෙක හාත්පස වෙනස් වේ. ඈ දුලාජ් අයියා හා කතා කරන බව කිසිවිටෙකත් මට නොපැවසුවා මෙන්ම මමද එය දන්නා බව නොඇඟවිමි.[/FONT]

    [FONT=&quot]පළමු මාසයේ උඩවත්ත ඇන්ටී දුන් පංති ගාස්තුවෙන් හරි අඩක් ඈ ඉල්ලා ගත්තේ සතියකින් එය නැවත දෙන බව කියමින්. නමුත් මසකටත් වඩා අධික කාලයක් ගත වී ඇතත් ඇයට දැන් එය මතකවත් නැතුවා සේ ය.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඔයාට පුළුවන්ද අද යන ගමන් මගේ ෆෝන් එකට රුපියල් පන්සියක් දාගෙන යන්න..?”[/FONT]

    [FONT=&quot]පෙර ගනුදෙනු ගැන වචනයකින්වත් සිහි නොකළ ඈ ලැජ්ජාවක් නොමැති ලෙස නැවත්ත එසේ අසද්දී මට තරහා නැගුණි.[/FONT]

    [FONT=&quot]“මං ළඟ එච්චර සල්ලි නෑ නංගි. බස් එකට විතරයි තියෙන්නෙ.”[/FONT]

    [FONT=&quot]“හරි.. හරි.. අද යන්න කලින් අපේ අම්මා ඔයාට සල්ලි දෙයි..”[/FONT]

    [FONT=&quot]ඈ කොතරම් කපටිදැයි වටහා ගැනීමට තවත් අටුවා ටීකා අවැසි නැත. අනික ජංගම දුරකථනයට මා මසකටවත් රුපියල් පන්සියයක් දමන්නේ නැති තරම් ය.[/FONT]

    [FONT=&quot]“මම අදින්නට උදාර අයියව මීට් වෙනවා. එයා සල්ලි වගයක් ගෙනත් දෙන්නම් කිව්වා. ඒකෙන් මම ඔයාගෙ ණය බේරන්නම්.”[/FONT]

    [FONT=&quot]“උදාර අයියා කිව්වෙ..?”[/FONT]

    [FONT=&quot]“ගිහාන් අයියගෙ යාළුවා අනේ.. ඔයාට මතක නැද්ද..?”[/FONT]

    [FONT=&quot]මට ප්‍රශ්ණයක් නැගුණේ එය මතක තිබූ නිසාවෙන්මය. ගිහාන්ගෙන් නොමැතිව උදාරගෙන් සල්ලි ගන්නේ කුමකටදැයි මට වටහාගත නොහැකි විය.[/FONT]

    [FONT=&quot]“ඔයා උදාරව මීට් වෙනවා කියලා ගිහාන් දන්නවද..?”[/FONT]

    [FONT=&quot]“අපෝ නෑ.. දන්නවා නම් මට ඉන්න වෙන්නෙ නෑ. මට සල්ලි හදිස්සියක් තියෙන නිසයි එයාව මීට් වෙන්නෙ..”[/FONT]

    [FONT=&quot]මෙතරම් නවීන පන්නයේ විසල් මැදුරක ජීවත් වෙන උඩවත්ත ඇන්ටීගෙන් ද ඇති තරම් මුදල් ලැබෙන ඇයට මෙතරම් සල්ලි අවශ්‍ය වන්නේ කුමකටදැයි සිතාගත නොහැකි විය.[/FONT]

    [FONT=&quot]“උදාර අයියා මැණික් මුදලාලි කෙනෙක්ගෙ පුතෙක්. එයා ගිහාන් අයියා වගේ නෙමෙයි දෙයක් කියලා පහදන්න පුළුවන්.”[/FONT]

    [FONT=&quot]“නංගි..?”[/FONT]

    [FONT=&quot]“ඔව් අක්කා.. වෙලාවකට හිතෙනවා මං ඉක්මන් වුණා වැඩිද කියලා..”[/FONT]

    [FONT=&quot]ඈ ආදරය මෙතරම්ම හෑල්ලු කරතැයි මා සිතුවේ නැත. කාලය කා දැමීම උදෙසා පිරිමි ළමුන් ඇසුරු කරනවා මිසක ඈ ආදරයට සංවේදී අයෙකු නොවේ. කතා කරමින් ඉන්න අතරතුර මල්ෂාගේ ඔඩොක්කුවේ දුරකතනය නාද විය. ඈ එහි සඳහන්ව තිබූ අංකය දෙස බලා එය මදෙසට පෑය.[/FONT]

    [FONT=&quot]“කවුද..?”[/FONT]

    [FONT=&quot]“ගියාන් අයියා..”[/FONT]

    [FONT=&quot]“ඉතින් මට දෙන්නෙ..”[/FONT]

    [FONT=&quot]“අරගෙන මම නානවා කියන්න.”[/FONT]

    [FONT=&quot]“අනේ මට බෑ නංගි.. ඔයාට බැරි නම් ආන්සර් නොකර ඉන්න.”[/FONT]

    [FONT=&quot]අපේ පව් වලට මටද හවුල් විය නොහැක. ගිහාන් හා කතා නොකිරීමට තරම් ඈ වෙනස් වී ඇතැයි මම නොසිතුවෙමි.[/FONT]

    [FONT=&quot]“ප්ලීස් අක්කා.. එහෙනං මට සනීප නෑ.. මං නිදි කියන්න.. නැත්තං දිගටම ගනී..”[/FONT]

    [FONT=&quot]මෙය ප්‍රථම හා අවසාන අවස්ථාව යැයි සිතා මම ඇමතුම ගත්තෙමි.[/FONT]

    [FONT=&quot]“හලෝ.. ඇයි බබා මාව මෙහෙම මගඅරින්නෙ..? ඔයාට මං දැන් කතා කරන එකත් වදයක් වෙලාද..?”[/FONT]

    [FONT=&quot]මට වදනක් හෝ කතා කිරීමට අවස්ථාවක් නොදී ඔහු එහා ඉමෙන් කතා කරන හඩ මා අසා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“මම.. මම මල්ෂා නෙමෙයි මල්ලි.. මම මීනු..”[/FONT]

    [FONT=&quot]“අනේ සොරි අක්කා.. මල්ෂා මට ඔයා ගැන කියලා තියෙනවා.. කෝ දැන් එයා..?”[/FONT]

    [FONT=&quot]“නංගිට සනීප නෑ මල්ලි.. එයා නිදි..”[/FONT]

    [FONT=&quot]“අනේ ඇයි ඒ.? එයාට ගොඩක් අමාරුද.?”[/FONT]

    [FONT=&quot]ගිහාන් මා සිතා උන්නාට වඩා බොහොම අහිංසක, සංවේදී තරුණයකු වග මම වටහා ගතිමි. ඉන් සිදු වූයේ මල්ෂා ගැන මසිතේ වූ කලකිරීම දෙගුණ තෙගුණ වීමය.[/FONT]

    [FONT=&quot]“එච්චර අමාරු නෑ මල්ලි.. ටිකක් උණ වගේ.. ඔයා පස්සෙ වෙලාවක ගන්න.”[/FONT]

    [FONT=&quot]තවත් බොරු කියා ඒ සිත රිදවිය නොහැකි නිසා මම කීවෙමි. නමුත් ගිහාන් දුරකථනය තැබුවේ නැත.[/FONT]

    [FONT=&quot]“මට චුට්ටක් කතා කරන්න පුළුවන්ද අක්කා.? මල්ෂගේ හොඳම යාළුවා ඔයානෙ. මට කියන්න එයාගෙ වෙන සම්බන්දයක් තියෙනවද කියලා.”[/FONT]

    [FONT=&quot]මා ඇගේ හොදම යාළුවා යැයි ඈ කීවද එය වචනයට පමණක් සීමා වූවකි. මල්ෂාගේ ගුප්ත ජීවිතයෙන් අඩක් හෝ මා දන්නේ නැත.[/FONT]

    [FONT=&quot]“මං එහෙම දෙයක් ගැන දන්නෑ මල්ලි.”[/FONT]

    [FONT=&quot]“ඒ වුණාට එයා දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් මාව මග අරිනවා. මං කතා කළාම ෆෝන් එක ගන්නෙ නෑ. ඒත් මගෙ යාළුවා එක්ක පැය ගණන් කතා කරනවා. මට මේකට හේතුව හොයාගන්න ඕන අක්කා.”[/FONT]

    [FONT=&quot]එහා ඉමෙන් ගිහාන් සිය දුක් ගැනවිල්ල කියාගෙන යද්දී දුරකථනය තබන්නට යැයි මල්ෂා මට සංඥා කළාය. නමුත් එතරම් කුරිරු විය නොහැකි වූ මා දිගටම එය කනේ තබාගනෙ උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“අක්කා ගොඩක් හොද කෙනෙක් කියලා මට මල්ෂා කියලා තියෙනවා. ඔයා මේවට හවුල් නෑ කියලත් මං දන්නවා. ඒත් මං මල්ෂට ඇත්තටම ගොඩක් ආදරේ කළා අක්කෙ. ඒ නිසා මට දුකයි.”[/FONT]

    [FONT=&quot]“මං දැන් තියන්නම් මල්ලි. ඔයා එයා එක්කම කතා කරලා ඔය ප්‍රශ්නෙ විසඳගන්න.”[/FONT]

    [FONT=&quot]“විසඳගන්න එයා කතා කරන්නෙ නෑනෙ. පෙරෙයිදා මගේ උපන්දිනේ තිබුණා. තෑග්ගක් දෙන්න තියා අඩු ගානෙ කෝල් එකක් දෙන්නවත් එයාට මතක තිබුණෙ නෑ. ඒත් මාසෙකට විතර උඩදී උදාරගෙ බර්ත්ඩේ එකට තෑග්ගකුත් අරගෙන එයා උන්ගෙ ඔෆිස් එකට ගිහින් තිබුණා.”[/FONT]

    [FONT=&quot]“මොනවා..[/FONT]

    [FONT=&quot]එය ඇසෙද්දී මා ඉඳඋන් පුටුවෙන් නැගිට්ටවී තිබුණා. මල්ෂා දෑස් විස්ල් කර මදෙස බලා උන්නාය.[/FONT]

    [FONT=&quot]“මං කියන්නෙ ඇත්ත අක්කා. උදාරගෙ ඔෆිස් එකේ මගේ තව යාළුවෙක් ඉන්නවා. ඌ තමයි මට මේ සේරම කිව්වෙ. මං දැන් උදාරව ආශ්‍රය කරන්නෙ නෑ. මල්ෂා නිසා මට මගේ යාළුවත් නැති වුණා.”[/FONT]

    [FONT=&quot]“ඔයා ගැන මට දුකයි මල්ලි.”[/FONT]

    [FONT=&quot]“මල්ෂාට කියන්න අක්කෙ කොල්ලෙක්ගෙ වුණත් ඉවසීමෙ සීමාවක් තියෙනවා කියලා.”[/FONT]

    [FONT=&quot]අපට තවත් කතා කිරීමට ඉඩ නොදුන් මල්ෂා මගේ අතින් දුරකථනය උදුර ගත්තාය. සිතේ වූ තරහා පිටකරගත නොහැකි වූ මා මගේ බෑගය ද රැගෙන උඩවත්ත නිවසින් පිට විමි.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]සිතේ වූ තෝන්තු ගතිය මඟ හරවා ගත නොහැකි වූ මා පිට පිට දින කිහිපයක්ම මල්ෂාගේ නිවසට යෑමෙන් වැළකි උන්නෙමි. මටකම්මුල් ගාය වැලඳුනේ ඔය අතරේදිය. ඉදිමුණ කම්මුල් වේදනාවෙන් පුපුරු ගසද්දී නැන්දා මා ළගින්ම හිද අවශ්‍ය සියලු සත්කාරයන් ඉටු කළාය. රුවන් මල්ලීද නිවසට පැමිණි වේලේ පටන් උන්නේ මගේ කාමරයටවීදුක සැප සොයා බලමිනි. නමුත් ඒ දින වල දුලාජ් අයියාගෙන් එකම එක ඇමතුමක් හෝ ලැබුණේ නැත. මා දුකින් වග දැන උන් සීතා ආන්ටි මාර්ගයෙන් ඔහුගේ තොරතුරු සොයා මට කීවේය.[/FONT]

    [FONT=&quot]“ඔයා මං ළඟට එන්න එපා මල්ලි. ඔයාටත් බෝ වෙයි.”[/FONT]

    [FONT=&quot]රුවල් මල්ලි පිටත්කරගත නොහැකි ඇතැම් අවස්ථාවල මා එසේ කීවද ඔහු එය ගාණකටවත් ගත්තේ නැත.[/FONT]

    [FONT=&quot]“මට හැදෙන්නෙ නෑ අක්කා. මට පොඩි කාලෙ හැදිලා තියෙනවලු. අනික මට ලෙඩ වලට බයත් නෑ.”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියාගේ ආදරය නොමැතු වුව ද රුවන් මල්ලීගේ විසල් රැකවරණය සිතට ශක්තියක් ගෙන ආවේය.[/FONT]

    [FONT=&quot]කම්මුල්වල බෙහෙත් ගැල්වීම නිසා ඉදිමුව තරමක් බැස ගිය ද නැන්දා මට එළි පෙහෙළියට යෑමට දුන්නේ නැත. ඉතින් මා නිවසට වී හිස මටා තුවායක් පැළද උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“දෝණි.. උඩවත්ත කෝල් කළා ඔයා ආවෙ නැත්තෙ ඇයි කියලා අහන්න. මං විස්තරේ කිව්වාම දැන් ඔයා බලන්න එනවා කිව්වා.”[/FONT]

    [FONT=&quot]“පිස්සුද අම්මා.. මේවගේ ලෙඩක් හැදිල තියෙන වෙලාවට පිට මිනිස්සුන්ව ගෙට ගන්න හදන්නෙ, අක්කට අමාරුව වැඩිවෙයි.”[/FONT]

    [FONT=&quot]“එයා එනවා කිව්වෙ දූගෙ පංති ගාස්තුව දීලා යන්නත් එක්කලු. ආවට මං එයාව ගෙට ගන්නෙ නෑ. දූ කාමරයෙන් එළියට එන්න එපා. ඇතුළට වෙලා නිදා ගන්න.”[/FONT]

    [FONT=&quot]නැන්දාගේත්, මල්ලීගේත් සෙනෙහස විටෙක දැරිය නොහැකි තරම් ය.[/FONT]

    [FONT=&quot]“මල්ෂත් එනවලු ද නැන්දා..?”[/FONT]

    [FONT=&quot]“නෑ.. එයාට සනීප නෑ කියලා උඩවත්ත කිව්වා.”[/FONT]

    [FONT=&quot]මල්ලීත් මාත් කාමරයේ හිඳිද්දී එසේ කියූ නැන්දා පිටව ගියාය.[/FONT]

    [FONT=&quot]“ඒකිට කොහොමත් ඉස්සර ඉඳලා සනීප නෑ තමයි.. බහින්නෙ නැති උණක් තියෙන්නෙ.”[/FONT]

    [FONT=&quot]මල්ලීගේ කතාවට සිනා නැගුණත් සිනාසීගත නොහැකි තරමට කම්මුල රිදුම් දේ. ඉතින් මං කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කර එහි දිගා විමි.[/FONT]

    [FONT=&quot]“මං ආපහු එයාට උගන්වන්න යන්නෙ නෑ මල්ලි.”[/FONT]

    [FONT=&quot]කම්මුලකට අතකුත් තබා මා අසීරුවෙන් පවසද්දී මල්ලි පුදුම වී බැලුවේය.[/FONT]

    [FONT=&quot]“ඔයා පරක්කු වෙලා වුණත් ඇත්ත තත්වෙ තේරුම් ගත්ත එක නම් ඇති අක්කා. දැන් ඔයාට අමාරුනේ. මොකද වුණේ කියලා මට පස්සෙ කියන්න.”[/FONT]

    [FONT=&quot]“ඔයා කිව්වෙ ඇත්ත. මල්ෂා හරි අමුතුයි.”[/FONT]

    [FONT=&quot]“ඔයා මල්ෂා ගැන නොදන්න දේවලුත් මං දන්නවා. අක්කා දන්නවද මට මල්ෂා පෙන්නන්න බැරි ඇයි කියලා.?”[/FONT]

    [FONT=&quot]මම නැතැයි හැඟවීමට හිස සලද්දී මල්ලී මොහොතකට කාමරයෙන් පිටව ගියේය. ඔහු නැවතත් පැමිණියේ අතේ යමක් සඟවාගෙනය.[/FONT]

    [FONT=&quot]“මේක කියවලා බලන්න.”[/FONT]

    [FONT=&quot]ඔහු මා අතට හතරට නවන ලද කොලයක් දී මගේ ඇඳේ කොණකින් හිඳ ගත්තේය. දිගහැර බලද්දී එය මල්ෂාගේ අත් අකුරින් ලියන ලද දිපියක් බව මම වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“ආදර රුවන් අයියාට,[/FONT]

    [FONT=&quot]අයියේ.. මේ ලියුම ගැන වරදවා හිතන්න එපා. මට ඔයාව මීට් වෙන්න ඕනෙ. ඇතත්ම කියනවා නං මං ඔයාට ආදරේ කරනවා. ඔයාගේ හිතේ මං ගැන ආදරයක් තියෙනවා කියලා මං දන්නවා.. ප්ලීස්.. ඔයාට ෆ්‍රී දවසක් තියෙනවා නං මට කියන්න.[/FONT]

    [FONT=&quot]මීට ආදර මල්ෂා.[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]එය බොහෝ හදිස්සීයට හා අපිළීවෙලට ලියන ලද ලියුමකි. ඇගේ සිල්ලර ආදරය ගැන වටහාගෙන උන් මා මෙම ලිපිය ගැන පුදුම නොවිමි. නමුත්..[/FONT]

    [FONT=&quot]“ඔයත් මල්ෂට ආදරේ කළාද මල්ලි. මේකෙ මේ ලියලා තියෙන්නෙ.?”[/FONT]

    [FONT=&quot]“පිස්සුද අක්කා. මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබුණෙ නෑ. එයා උඩවත්ත ඇන්ටි එක්ක ඉස්සර අපේ ගෙදර එන කාලෙ මමත් නිකමට කතා කළා. ඒකටයි ඔය වලිගෙ පාගගෙන තියෙන්නෙ.”[/FONT]

    [FONT=&quot]“ඒ වුණාට එයා ඔයාට ආදරේ කළා.”[/FONT]

    [FONT=&quot]“ඒත් නෑ.. මල්ෂා කියන්නෙ ආදරේ කරන්න දන්න එකියක්ද..? ඒකිට තිබුණෙ වෙන වෙන අමාරුකං. හැමැයි සමහර කොල්ලො නං ඔය උණෙන් හොද ප්‍රයෝජන ගත්තා.[/FONT]

    [FONT=&quot]ඉස්සර අපේ අම්මා ලෙඩ වෙලා හිටපු දවසක උඩවත්ත ඇන්ටි මල්ෂාව අපේ අම්මගෙ තනියට කියලා උදේම මෙහෙ බස්සලා ගියා. උදේ ඉදලම ඔය කෙල්ල මගේ කාමරේ අස්සෙ රිංගගෙන. එදා රෑ ගෙදර යන වෙලේ තමයි ඕක ලියලා මගේ අතට දාලා ගියේ.[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]“ඉතිං..?”[/FONT]

    [FONT=&quot]“මං ඕක අපේ තාත්තට පෙන්නුවා.. පෙන්නලා එදා විස්තරේ කිව්වා. එදා ඉදලා අපේ තාත්තට මල්ෂාව පෙන්නන්න බෑ. ඒත් අම්මගෙයි, උඩවත්ත ඇන්ටිගෙයි යාළුකම නිසා මූණට මොකුත් කියන්න බැරිව ඉන්නෙ..”[/FONT]

    [FONT=&quot]“නැන්දා දන්නවද..?”[/FONT]

    [FONT=&quot]“මල්ෂගෙ නැටිල්ල ගැන අම්මා දන්නවා වුණාට මගේ කරේ එල්ලෙන්න හදවු එක එයා දන්නෙ නෑ. ඒ දවස්වල එයා ලෙඩින් හිටපු නිසා තාත්තයි, මමයි ඒ විස්තර මොකුත්ම කිව්වෙ නෑ.”[/FONT]

    [FONT=&quot]මම දෑස් පියා තදින් හුස්මක් ගතිමි. මල්ලී හා මල්ෂා අතර මෙවන් කතාවක් සිදුව ඇතැයි මම සිහිනෙකින් වත් නොසිතුවෙමි. මල්ෂා රුවන් මල්ලී ගැන කතාකරන හැම විටකම ඔහු ආඩම්බර යැයි කියන්නේ ඒ නිසා වන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“අපේ යාළුවො ඕකිට කියන්නෙ කාම ධේනුව කියලා”[/FONT]

    [FONT=&quot]මෙතරම් ළාබාල වයසක දී පිරිමි ළමුන් අතර එවැනි නරක නාමයකින් හැඳින්වීම සිතාගත නොහැකි තරම්ය. මා නොදැන උන්නාට ඇගේ චරිතය සැබැවින්ම පළුදු කරගෙන ඇත.[/FONT]

    [FONT=&quot]එතරම් සුන්ර රූපයක් හෝ උරුමව නොතිබූ ඇයට පිරිමි ළමුන් ආකර්ෂණය වන්ගේ ඇගේ එම අනවශ්‍ය ආසාවන් නිසා විය හැක.[/FONT]

    [FONT=&quot]“ඔයා කලින් කිව්වානං මං එහේ යන්නෙ නෑ.”[/FONT]

    [FONT=&quot]“ඔයා හොඳ හිතින් කරන්න පටන් ගත්තු වැඩේ නිසා මං බාධා කරන්න හිතුවෙ නෑ අක්කා. ඒත් විස්තර දන්න නිසයි මං කලින්ම අනතුරු අඟවලා තිබ්බෙ.”[/FONT]

    [FONT=&quot]“මල්ෂා මේ තරම් නරක් වෙලා තියෙන්නෙ ඇයි කියලා හිතාගන්නවත් බෑ.”[/FONT]

    [FONT=&quot]“වෙන මොකුත් නෙමෙයි. සල්ලි බලේ. ඒකි කොල්ලො අල්ලගන්නෙ සල්ලි විසි කරලා.”[/FONT]

    [FONT=&quot]අප කතා කරමින් උන් අතරතුර නිවසේ සීනුව නාද වනවා ඇසුණි. මල්ලි වහා ඇඳෙන් නැගිට ගත්තේය.[/FONT]

    [FONT=&quot]“උඩවත්ත ඇන්ටි ඇවිත්ද කොහෙද. දැන් ගොඩක් වෙලා කතා කරලා මහන්සිත් ඇතිනේ. අක්කා ටිකක් නිදා ගන්න.”[/FONT]

    [FONT=&quot]මල්ලී පිටව ගියේ කාමරයේ දොරද බාගටෙ වසාගෙන ය. මම ඇඳේ පෙරළි දෑස් තදින් පියා ගතිමි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    කම්මුල්ගාය සම්පූර්ණයෙන්ම සුව වී මා නෑමෙන්ද අනතුරුව දිනක දුලාජ් අයියාගෙන් ඇමතුමක් ලැබුණි. පසුගිය කාල සීමාව පුරාම ඔහුගෙන් පණිවුඩයක් නොලද නිසා මම ඔහු හා උරණ වී උන්නෙමි.[/FONT]


    [FONT=&quot]“මීනු.. ඇයි පහුගිය ටිකේ කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ..?”[/FONT]

    [FONT=&quot]මම ඇසීමට බලා උන් පැනය මට පෙර ඔහු ඇසුවේ ය. තරහා දැනුණ නිසා මම ඊට පිළිතුරු නොදී උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයා දන්නවද මල්ෂා නංගි පහුගිය ටිකේ අසනීප වෙලා ඉඳලා. ඔයා එයාටවත් කෝල් කරලා නෑ.”[/FONT]

    [FONT=&quot]මෙතෙක් දිනක් අසනීපව උන් මා ගැන සොයා නොබැලූ ඔහු මල්ෂාගේ අසනීපය ගැන කණගාටු වීම පුදුමයට කරුණකි. මල්ෂා අසනීප වූ බව ඔහු දන්නේ ඔහු මල්ෂාට කතා කර ඇති නිසා බව පැහැදිලි ය. මහා කලකිරීමකින් හා දුකකින් පපුව රිදුම් දෙද්දී මගේ ඇස් කොනික් කඳුළු වැල් දෙකක් ගලා ගියේය.[/FONT]

    [FONT=&quot]“කාටවත් කතා කරන්න මගේ ෆෝන් එකේ සල්ලි නෑ.”[/FONT]

    [FONT=&quot]“හරි.. මංදැන් සල්ලි දාන්නම්. ඔයා එයාට ටිකක් කතා කරලා බලන්න. පව්! ඔයා කතා කළේ නැ කියලා කෙල්ල ඉන්නෙ දුකෙන්.”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියාට මල්ෂා ගැන අති වී තිබෙන අලුත්ම කැක්කුම කුමක්දැයි වටහාගත නොහැකි වුව ද ඔහු මල්ෂාගේ මායම්වලට අසු වී ඇති වග වටහා ගැනීමට අසිරු නොවිය. මා අසනිපයෙන් උන් බව ඇතැම් විට සීතා ඇන්ටි ඔහුට පවසන්නට ඇත. නමුත් පෙර දිනවල දිනකට ඇමතුම් හතර පහ දුන් ඔහු කෙටි පණිවුඩයක් හෝ එවා සුවදුක් නොවිමසීම පිළිබඳව මම දුක් විමි. දුරකථනය කණ තබා මා හඩමින් ඉද්දීම දුලාජ් අයියා ඇමතුම විසන්ධි කර දැමුවේය. මෙවන් වෙනසක් ඔහුගෙන් අපේකෂා නොකළ මා ඉකි බිඳ හැඩීමි.[/FONT]

    [FONT=&quot]මොහොතින් මොහොත දුලාජ් අයියා මගේ දුරකථනයට මුදල් එවා තිබුණි. බොහෝ වේලාවක් සිත හා තර්ක කරමින් හිද අවසානයේ මම මල්ෂාට ඇමතුමක් ගතිමි.[/FONT]

    [FONT=&quot]“ඔයා එදා හතර වෙලා ගියපු විදියට මං හිතුවා මගෙත් එකක් ආපහු කතා කරන එකක් නෑ කියලා.”[/FONT]

    [FONT=&quot]මල්ෂා සුපුරුදු සැහැල්ලු ස්වරයෙන් අමතද්දී ඇගේ අසනීපය බොරු එකක් වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. ඈ දුලාජ් අයියාගෙන් අනුකම්පාව ලබා ගැනීමට එවන්නක් පවසන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“ඔයා අසනීපෙන් කිව්වා..”[/FONT]

    [FONT=&quot]“කවුද දුලාජ් අයියද.?”[/FONT]

    [FONT=&quot]“ඔව්, එයා තමයි. මොකක්ද ලෙඩේ..?”[/FONT]

    [FONT=&quot]වෙනදා හුරුපුරුදු ලෙන්ගතු ස්වරය අමතක කර දමා මම ඕනවට එපාවට විමසුවෙමි.[/FONT]

    [FONT=&quot]“පහුගිය ටිකේ වීස් එක වගේ ආවා අක්කා.”[/FONT]

    [FONT=&quot]“දැන් හොඳයිද..?”[/FONT]

    [FONT=&quot]“ටිකක් හොදයි...”[/FONT]

    [FONT=&quot]“එහෙනං මං තියන්නම්.”[/FONT]

    [FONT=&quot]ඇයත වත් යමක් කීමට පෙර මම ඇමතුම විසන්ධි කළෙමි. දුලාජ් අයියා මුදල් එව්වේ මල්ෂාට කතා කිරීමට කියමින් නිසා මම එය මාත්‍රිකව ඉටු කළෙමි. නමුත් සිතට සැනසුමක් දැනුණේ නැති තරම් ය.[/FONT]

    [FONT=&quot]මම හරි හැටි කෑමක් බීමක් පවා නොමැතිව කාමරයට වී හූල්ලද්දී නැන්දා කීප විටක් පැමිණ ඊට හේතු විමසුවාය. නමුත් ඇයට දීමට තරම් පිළිතුරක් මා සතු නොවුණි.[/FONT]

    [FONT=&quot]“දූ.. මාමයි මායි කතා වුණා මාමා ලංකාවට ආවට පස්සෙ ඔයාට හොද කටයුත්තක් කරලා දෙන්න.”[/FONT]

    [FONT=&quot]ඈ බොහෝ කල් යල් බලා පවසද්දී මම තති ගතිමි. මා සිහින මැව්වේ දුලාජ් අයියා ගැන පමණි. නමුත් සිතේ දහසක් බලාපොරොත්තු ඇති කළ ඔහු නොකියාම යන්න ගොස් ය.[/FONT]

    [FONT=&quot]“දුවව අපිට බරක් නිසාවත් එලවන්න හිතාගෙනවත් ගත්ත තීරණයක් නෙමෙයි මේක. දූට කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න. ඔයාට ඕනෙනං බැඳලා මෙහෙ වුණත් ඉන්න පුළුවන්.”[/FONT]

    [FONT=&quot]නෙතු දුරක පා කර එය අසා උන්නා මිසක විවාහය පිළිබඳ තීරණ්‍යක් මසිතේ නොවී ය. මගේ අලසබව දුටු නැන්දා වුව ඒ පිළිබඳ වැඩිදුර කතා කළේ නැත.[/FONT]

    [FONT=&quot]“බයවෙන්න එපා.. දෝණිගෙ කැමැත්ත නැතුව අපි කිසි දෙයක් කරන්නෙ නෑ.”[/FONT]

    [FONT=&quot]ඈ මගේ හිස අතගා කියද්දී මම ඇගේ උරහිසකට හිස බර කර ගතිමි. ගලන්නට බලා උන් කඳුළක් මගේ නෙතින් ගිලිහී නැන්දාගේ උරහිස් මත සැඟව ගත්තේය.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඔයා කම්මැලිකමෙන් ඉන්න නිසා මං අලුත් නවකතා වගයක් ගෙනාවා.”[/FONT]

    [FONT=&quot]සවස වැඩ ඇරී පැමිණි මල්ලී පොත් අකට පමණ එකතුවක් මා අත තැබුවේය. එහි මා වඩාත් ආස කළ කතුවර කතුවරියන්ගේ පොත් කිහිපයක්ම තිබුනි.[/FONT]

    [FONT=&quot]“ඔයා මේ ටිකේ කල්පනා කරනවා වැඩී වගේ පෙනුණ නිසා ගෙනාවෙ. තව ඕන නම් කියන්න..”[/FONT]

    [FONT=&quot]මගේ සුළු වෙනසක් පවා කල්පනාකාරීව වටහා ගන්න මල්ලී බොහෝ විට ඊට යහපත් ප්‍රතිචාර දක්වයි. පොත් මිටිය දී ඉවතට යන්නට ගිය ඔහු නැවතත් හැරී මගේ දෑසට එබී බැලුවේය.[/FONT]

    [FONT=&quot]“දුලාජ් කතා කළාද ළඟදි..?”[/FONT]

    [FONT=&quot]පිළිතුරු දුනහොත් හැඩේවියැයි සිතා මම හිස පමණක් දෙපසට සැලිමි.[/FONT]

    [FONT=&quot]“අන්න මිනිහා ගෙදර ඇවිත් ඉන්නවා. ඕනෙ නං ගිහින් කතා කරන්න.”[/FONT]

    [FONT=&quot]ඔහු කෑගල්ලේ සිට පැමිණ ඇති වගක් මා මෙතෙක් දැන උන්නේ නැත. මගෙ වෙනස තේරුම් ගිය මල්ලී දිගු සුසුමක් පිටකර යන්න ගියේය.[/FONT]

    [FONT=&quot]මම පොත් සියල්ල ඇඳ මත තබා අඩ අඳුරේ බැල්කනියට පිවිසියෙමි. මා නොසිතුවා වුව ද දුලාජ් අයියා ඔහුගේ කාමරයේ ජනෙල් කණ්ඩියකටබර වී මදෙස බලා උන්නාය. කලකට පසු දුටු ඒ සොඳුරු රුව සිතේ මෙතෙක් පැවති තරහා දුරලද්දී මම මහත් සෙනෙහසින් ඔහු දෙසහ බලා සිටියෙමි. නමුත් මල්ෂා මහා පවුරක් සේ අප දෙදෙනා අතර හිඳ සිතට වද දෙන්නට විය. ඉතිං මම කවුළු පියන් පත් වසා කාමරයට පැමිණියෙමි. එසැනින් දුලාජ් අයියා කෙටි පණිවුඩයක් එවා තිබුණි.[/FONT]

    [FONT=&quot]“ඔය අහිංසක හිත රිද්දනවට මට සමාවෙන්න රත්තරං. ඔයාව රවට්ටන්න බැරි නිසයි මං කතා නොකර හිටියෙ. ඔයා වගේ අහිංසක හිතටද ුකක් දීළා, පව් පුරවගන්න මට බෑ.”[/FONT]

    [FONT=&quot]එය කියවූ මා බොහෝ වේලාවක් යන තුරු එහි තේරුම වටහා ගන්නට උත්සාහ කළෙමි. නමුත් මට ඔවුව තේරුණා නොවේ. කෙසේ වුවද ඔහු මේ වන විටත් මගේ සිතට දුකක් දී හමාරය. ඔහුගෙන් කිසිදු පණීවුඩයක් නොලැබ මා ලෙඩ ඇඳට වී කල්ගත කළ සමයේ ඔහු මල්ෂා හා කුළුපඟ වී තිබීම සිතට කෙතරම් වේදනා ගෙන දුන්නේ දැයි ඔහු දන්නේ නැත.[/FONT]

    [FONT=&quot]“මේ දේවල් මෙච්චර කල් හිතේ තදකරගෙන හිටියා ඇති කියලා මට හිතෙනවා බබා. ඔයා දන්නවද.. ඔයාට නොකිව්වට මං ඔයාට හුඟක් ආදරේ කළා.. ඒ වගේම අදටත් ආදරේ කරනවා.”[/FONT]

    [FONT=&quot]කලකට පසුව හමු වූ.. කලකට පසුව කතා කළ දුලාජ් අයියා ප්‍රථම වතාවට ඔහුගේ ආදරය එළිපිටම ප්‍රකාශ කර එවා තිබුණි. ඒ දුටු මගේ සතුට නිම්හිම් නැතිව ගියේය. එම කෙටි පණිවුඩය මා ජීවිතයේ ලද සතුටුදායකම පණිවුඩය වූ බැවින් කට පාඩම් වනතුරු මම එය කියෙව්වෙමි. නමුත් ඒ අසීමිත සතුට රදා පැවතියේ විනාඩි කිහිපයක් පමණි. ඔහු පිට පිට එවූ තෙවන පණිවුඩය මා ජීවිතය කණපිට පෙරළා දැමුවේ ය. එහි වුයේ මෙවැන්නකි.[/FONT]

    [FONT=&quot]“මෙහෙම කියනවට මට සමාවෙන්න පැටියො.. ඒත් මට මේක නොකියා බෑ. මං ඔයාට ආදරය කනවා වගේම තවත් කෙනෙකුට ආදරය කරනවා.”[/FONT]

    [FONT=&quot]ඒ වදන් කිහිපයද ුටු මට කෑ ගසා හැඩුණි.. රුවන් මල්ලී නිතරම ගුණ වර්ණනා කළ දුලාජ් අයියා මෙවන් අයෙකු යැයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. හිසකේ දෑතින් අවුල් කර දමමින් මා විලාප දෙද්දී දුලාජ් අයියා එක දිගට මගේ දුරකථනයට ඇමතුම් ගත්තේය. නමුත් මම එය නෑසුණ විලද ඉකිබිඳ හැඬුවෙමි.[/FONT]

    [FONT=&quot]“ඒ කෙනා කවුද කියලා ඔයාට දැනගන්න ඕනෙද නැද්ද..? ඇයි ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ..?”[/FONT]

    [FONT=&quot]එම පණිවුඩය ලද විගස මම දුරකථනය ක්‍රියා විරහිත කර පසෙක තැබීමි. තවත් පාරා ගැනීමට සිතක් මා සතු නොවිණි.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඇයි මේ..?”[/FONT]

    [FONT=&quot]මගේ හැඬුම ඇසී රුවන් මල්ලී නැවත වරක් කාමරයට පැමිණ තිබුණි. ඔහු මා දෙඋරහිසින් අල්ලා සොලවද්දී මම මල්ලීව වැළඳ ගෙන හැඬුවෙමි. ඔහුද බොහෝ පරිස්සමට මා සිය පපුවට තුරුලු කරගෙන උන්නේය.[/FONT]

    [FONT=&quot]“බය කරන්නෙ නැතුව කියන්න දෙයියනේ.. මොකද වුණේ.........?”[/FONT]

    [FONT=&quot]මල්ලි හඬගා අසද්දි නැන්දා ද කාමරයටදිව ආවාය. අප දෙදෙනා උන් ඉරියව්ව දුටු ඈ නොසන්සුන් වන්නට ඇතැයි මා අනුමාන කළෙමි.[/FONT]

    [FONT=&quot]“අක්කා අඩනවා අම්මෙ.. මොකුත් කියන්නෑ..”[/FONT]

    [FONT=&quot]“දෝණි.. ඇයි පුතේ.?”[/FONT]

    [FONT=&quot]“මට දුකයි නැන්දා.. ගොඩක් දුකයි..”[/FONT]

    [FONT=&quot]මා හඩමින්ම කියූ දෙය ඔවුනට වටහාගත හැකි වූවාදැයි මා නොදනිමි. නැන්දා ඇඳෙන් වාඩි වී මා ඇගේ තුරුලට ගනිද්දී රුවන් මල්ලි වහා කාමරයෙන් පිටව ගියේය.[/FONT]

    [FONT=&quot]“ඇයි දූ දුකෙන්..? මොකද එකපාරටම වුණේ..? අසනීපයක්ද..?”[/FONT]

    [FONT=&quot]මා අසිරුවෙන් පපුවට අතක් තබා හුස්ම ගනිද්දී නැන්දා කලබල වූ බව පෙනුණි.[/FONT]

    [FONT=&quot]“මට තනියෙම ඉන්න දෙන්න නැන්දා..”[/FONT]

    [FONT=&quot]“හරි අපිට කියන්න බැරි නම් නොකිව්වට කමක් නෑ. ඒත් අඬන එක නවත්තන්න දරුවො. ඔය තරම් අඩන්න හොද නෑ.”[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]නැන්දා මා සනසද්දී පහළ මාලයෙන් කටහඩක් ඇසෙන්නට විය. එය සීතා ඇන්ටිගේ වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. නැන්දා පහළට දිව යද්දී මම ද කාමරයේන පිටතට පැමිණ එදෙසට පිය නැගිමි. නමුත් සීතා ඇන්ටී කියූ දෑ අසා දෙපා උන් තැනම නතර විය.[/FONT]

    [FONT=&quot]“අනේ රූපිකා අපේ ළමයි දෙන්නට මොනවා වෙලාද මේ..? අන්න රුවන් පුතා ඇවිත් අපේ කොල්ලා එක්ක රණ්ඩු වෙනවා..”[/FONT]

    [FONT=&quot]“රණ්ඩු වෙනවා.. මේ එකපාරටම..?”[/FONT]

    [FONT=&quot]මා පඩිපෙළේ මැද හරියේ පඩියක ඉඳගනිද්දී නැන්දා සීතා ඇන්ටි සමග නිවසින් නික්ම ගියාය.[/FONT]

    [FONT=&quot]මා ඇඩීමට හේතුව දුලාජ් අයියා වග මල්ලී වටහා ගන්නට ඇත. මගේ හැඬුම ඉවසා ගත නොහැකි වුණ ඔහු දුලාජ් අයියා මුණ ගැසීමට යන්න ඇත්තේය. ප්‍රශ්න සියල්ල එළිපිට දිගහැරීම නිසා නැන්දාට හා සීතා ඇන්ටීට මුහුණ දීගත නොහැකිව මා ළතවිමි. ඔවුන් නික්ම ගොස් පැයකට ආසන්න කාලයක් ගත වදේදී රුවන් මල්ලී නිවසට ඇතුළු විය. ඒ මුහුණ රතු වී කෙහෙරැලි අවුල් වී තිබිණි. ඔහු ඉක්මන් අඩි තබා පඩිපෙල නැගීමට සැරසෙද්දී අතරමැද හිඳගෙන අඩමින් උන් මා දුටුවේය.[/FONT]

    [FONT=&quot]“අක්කා යමු කාමරේට.”[/FONT]

    [FONT=&quot]නමුත් නැගිට ගැනීමට තරම් ශක්තියක් මගේ ගතේ ඉතිරිව තිබුණේ නැත. මල්ලී මාව වත්තන් කරගෙන කාමරයට ගියේය.[/FONT]

    [FONT=&quot]“කෝ නැන්දා..?”[/FONT]

    [FONT=&quot]මට අවැසි වූයේ මේ කතාවේ කොතරම් ප්‍රමාණයක් නැන්දා දන්නවාදැයි මල්ලීගෙන් අසා දැන ගැනීමට ය. ඔහු කාමරයේ දොරට අගුලු ලා මා ඇඳ ඉහත්තාවට බර විය.[/FONT]

    [FONT=&quot]“අම්මා සීතා ඇන්ටි එක්ක එළියෙ ඉන්නවා.”[/FONT]

    [FONT=&quot]“ඇයි ඔයා එහෙ ගියේ මල්ලි..? ඇයි එයා එක්ක රණ්ඩු වුණේ..?”[/FONT]

    [FONT=&quot]ඉකිබිඳුම් සඟවා ගැනීමට වෙර දරමින් මම විමසුවෙමි. නමුත් දෑස් පියන් අතරින් මටත් හොර කඳලු වැල් දෙකක් ගලා ගියේය. මල්ලි දුක්බර දෑසින් මගේ මුහුණට එබී බැලුවේය.[/FONT]

    [FONT=&quot]“මේ හැම දේකටම වැරදිකාරයා මම කියලයි මට හිතෙන්නෙ අක්කෙ..”[/FONT]

    [FONT=&quot]“ඔයා..?”[/FONT]

    [FONT=&quot]“ඔව් මමතමයි.. මම ඔයාව දුලාජ්ට ළං කළේ.. මමයි එයා ගැන ගුණ වර්ණනා කළේ.. මමයි ඔයාටත් හොරෙන් ඔය දෙන්නව මුණ ගැස්සුවෙ..”[/FONT]

    [FONT=&quot]“ඇති මල්ලි ඇති..”[/FONT]

    [FONT=&quot]“නෑ අක්කෙ. මම තමයි මේ හැම දේකටම මුල. ඔයා අද දුක් විඳින්නෙ මම හින්දා.”[/FONT]

    [FONT=&quot]“ඔයා මොනවද ගිහින් දුලාජ් අයියගෙන් ඇහුවෙ..?”[/FONT]

    [FONT=&quot]“ඇහුවෙ ඔයා අඩන හේතුව මොකක්ද කියලා..”[/FONT]

    [FONT=&quot]“ඉතිං..?”[/FONT]

    [FONT=&quot]“ඌ කිව්වා ඔයා එක්ක කතා කළේ නෑ කියලා. ඒක වෙන්න බෑනෙ අක්කා. ඔයාට අඩන්න වෙන හදිස්සි හේතුවක් නෑ කියලා මං දන්නවනේ..”[/FONT]

    [FONT=&quot]“එයා කතා කළේ නෑ තමයි මල්ලි. ඒක ඇත්ත..”[/FONT]

    [FONT=&quot]“ඔයා තවත් ඌව සුද්ධ කරනවා නේද..? ඌ කතා කළේ නැති එක ඇත්ත. ඒත් ඌ ඔයාට SMS කළානේ.. මොනවද ඒකෙ තිබුණෙ අක්කා.. ඒක දැක්කා විතරයි ඔයාට නෙමෙයි මටත් පිස්සු හැදුණා..”[/FONT]

    [FONT=&quot]මල්ලී මෙහි පැමිණ ඇත්තේ දුලාජ් අයියාගෙන් සියළු විස්තර දැනගෙනය. එහෙයින් මම කරබා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“දුලාජ් මුලදි මුලදි ඔයාට බැල්ම දානකොට මට තරහා ගියා තමයි. ඒත් ඔයත් එක්ට කැමතියි කියලා දැනගත්තට පස්සෙ මම ඔය දෙන්නට උදව් කරන්න තීරණය කළා. මාත් එක්ක කම්මැලිකමෙන් කතා කරන ඔයාගෙ ඇස් දුලාජ්ව දැක්කම එළිය වෙන හැටි මම දැක්කා. ඔයා දුලාජ්ට ආදරේ නෑ කියලා කොයි තරම් කිව්වත් මම ඒවා විශ්වාස නොකළේ ඒකයි.”[/FONT]

    [FONT=&quot]මා දුලාජ් අයියාට මහා මෙරක් තරමට ආදරය කළ බව සැබෑවකි. නමුත් දැන් ඒ පිළිබඳව දිගින් දිගටම කතා කිරීමේ තේරුමක් නැත.[/FONT]

    [FONT=&quot]“දැන් ඕවා කතා කරලා වැඩක් නෑ මල්ලි..”[/FONT]

    [FONT=&quot]“ඒක ඇත්ත.. ඒත් මං හිතුවෙ නෑ දුලාජ් ඔය තරම් බල්ලෙක් කියලා. අහිංසක කෙල්ලෙක්ගෙ හික් පිරෙන්න බලාපොරොත්තු දීලා තව කෙනෙකුට ආදරෙයි කියන්නෙ..”[/FONT]

    [FONT=&quot]“ඒක මගේ කරුමෙ වෙන්න ඇති මල්ලි..”[/FONT]

    [FONT=&quot]“ඕක ඔයාගෙ තියෙන කරුමෙ නෙමෙයි. උගේ තියන බලුකම. කෑගල්ලෙ ගිහින් මාසයක්වත් නෑ. ඒ ඩිංගට තව මගුලක් පටන් අරගෙන.”[/FONT]

    [FONT=&quot]“ඒ කෙල්ල කවුද කියලා ඔයාට කිව්වද මල්ලි..?”[/FONT]

    [FONT=&quot]ඔහු මොහොතක් දෙකක් මදෙස බලා හිඳ නැතැයි කියාල හිස සැලීය. මම දිගු හුස්මක් පිට කර දුක තුනී කර ගැනීමට මගක් සෙවීමි.[/FONT]

    [FONT=&quot]“නැන්දලා මේක දන්නවද මල්ලි..?”[/FONT]

    [FONT=&quot]“අපි කතා කරපුවා එයාලට ඇහුණෙ නෑ.. මං කිව්වා දුලාජ් ඔයාට බැනලා කියලා. ඒත් එයාලා ඒවා විශ්වාස කරයිද දන්නෙ නෑ..”[/FONT]

    [FONT=&quot]මගේ සිත සැනසීමට බොහෝ දෑ කියමින් උන් මල්ලී කාමරයෙන් නික්ම ගියේ රාත්‍රි දහයත් ඉක්ම ගිය පසුවය. එසැනින් මා විදුලි පහන් නිවා දමා නින්දට සැරසුණෙමි. නමුදු රැය පහන් වූවා මිස මා වෙත නින්ද නම් ලඟා වූයේ නැත.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    දින කිහිපයක් අවට ආලෝකය ගැන නිනව්වක් නොමැතිව හැගීම් දැනීම් නොමැති ප්‍රාණියකු සේ කල් ගෙවූ මට, උඩවත්ත නිවසට ගොස් මල්ෂාව මුණ ගැසීමේ සිතක් පහළ විය. යළිත් ඔවුන්ගේ නිවසට නොයමියි අදිටන් කරගෙන උන්නද මසිත එම සීමා බිඳ දැමුවේ ය. ඉතිං මා යුහුසුළුව හැඳ පළඳ ගතිමි.[/FONT]


    [FONT=&quot]“දෝණි.. කොහෙ යන්නද මේ..?”[/FONT]

    [FONT=&quot]මගේ ඇඳුම දෙස විපරමෙන් බැලූ නැන්දා විමසුවාය.[/FONT]

    [FONT=&quot]“මම මල්ෂාව බලන්න යනවා..”[/FONT]

    [FONT=&quot]“හදිස්සීයේ..?”[/FONT]

    [FONT=&quot]මගේ ක්ෂණික වෙනස ඇයටද ගැටලුවක් වන්නට ඇත.[/FONT]

    [FONT=&quot]“හදිසියකට නෙමෙයි නැන්දා.. කාලෙකින් එයාව දැක්කෙන් නෑනෙ.”[/FONT]


    [FONT=&quot]නමුත් මගේ පිළීතුරෙන් ඈ සෑහීමකට පත් වූවා නොවේ. හඬමින් දොඬමින් උන් මා හිටි හැටියේ නිවසින් එළියට බැසීම ඇගේ බිය දෙගුණ තෙගුණ කර තිබුණි.[/FONT]

    [FONT=&quot]“එහේ තනියෙම යන්න එපා දූ.. උඩවත්තගෙ පුතත් රට ඉඳලා ඇවිත්ලු. ඔයාට යන්නම ඕනෙ නම් මමත් එන්නම්..”[/FONT]

    [FONT=&quot]“මම ඉක්මනට එනවා නැන්දා..”[/FONT]

    [FONT=&quot]ප්‍රථම වතාවට නැන්දාගේ කීමට අකීකරු වී නිවසින් එළියට බැසිමි. හැඬිය නොහැකිකමට නැන්දා දෑසේ කඳුළු පුරවා මා යන මග බලා උන්නාය.[/FONT]

    [FONT=&quot]මල්ෂාගේ වැඩිමල් සොහොයුරා පැමිණ ඇතැයි කී බැවින් සිතට යම් චකිතයක් දැනුණද නොද්න්නා බලවේගයක් විසින් මා හසුරවමින් තිබුණි.[/FONT]

    [FONT=&quot]ඔවුන්ගේ නිවසට යන විට වෙනදා මෙන් නොව ඒ විසල් ගේට්ටු පළු දෙක විවෘත කර තිබෙනු දුටිමි. එයින් ඇතුළු වී මිදුලේ හරි අඩක් යද්දී සිතේ තිබූ එඩිතර ගතිය පහව ගියා වැනිය. ඉතින් මා බියපත් මුවැත්තියක සේ නිවසට පා නැගිමි.[/FONT]

    [FONT=&quot]“කාව හම්බවෙන්නද..?”[/FONT]

    [FONT=&quot]සුදු උස පිරිපුන් තරුණයකු කොට කලිසමකින් හා අත් රහිත බැනියමකින් සැරසී සෙටියේ වාඩි වී උන්නේය. ඔහුගේ හඬ ඇසී මම එතනම නතර විමි.[/FONT]

    [FONT=&quot]“මල්ෂා ඉන්නවද..?”[/FONT]

    [FONT=&quot]“ඔයා කවුද..?”[/FONT]

    [FONT=&quot]ඒ මල්ෂාගේ අයියා වන්නට ඇතැයි මා අනුමාන කළෙමි. කඩවසම් රුවක් උරුමව තිබුණ ද ඒ කටහඬෙහි කිසිදු දයාවක් නැත්තා සේ ය.[/FONT]

    [FONT=&quot]“මම මීනු.. මල්ෂාගෙ යාළුවෙක්..”[/FONT]

    [FONT=&quot]“නංගිට එහෙම නමක් තියෙන යාළුවෙක් නෑ..”[/FONT]

    [FONT=&quot]ඔහු එසේ කීවේ පුටුවෙන් ගැගිටිනා අතරවාරයේ ය. මල්ෂා හෝ උඩවත්ත ඇන්ටී සොයන අටියෙන් මා නිවස සිසාරා බැලිමි.[/FONT]

    [FONT=&quot]“ගෙදර කවුරුත් නෑ.. මං විතරයි ගෙදර ඉන්නෙ..”[/FONT]

    [FONT=&quot]නැන්දාට අකීකරු වී පැමිණීමේ විපාක මා පෙරළා අත්විඳිමින් උන්නෙමි. මා හිස ඔසවද්දී ඒ තරුණයා පැමිණ මගේ ළගින් හිට ගත්තේය. කුමක්දෝ නුපුරුු විදේශිය විලවුන් සුවඳක් ඔහු ළගින් වහනය වුණි.[/FONT]

    [FONT=&quot]“ඔයා මීනු කිව්වනේ.. මං පැහැසර.. මල්ෂාස් බ්‍රදර්.. නයිස් ටූ මීට් යූ..”[/FONT]

    [FONT=&quot]පැහැසර.. ඔහුගේ ශක්තිමත් සුදුවන් දෑත මදෙසට දිගු වෙද්දී මමද හෙමීට අත දිගු කළෙමි.[/FONT]

    [FONT=&quot]“මෙන්න වැඩක් අම්මා..”[/FONT]

    [FONT=&quot]කිසිවක් නොවූවා යැයි කියූ නිවස තුළින් මල්ෂාගේ රුව මතු වූයේ මා පැහැසරගේ අතින් අල්ලාගෙන උන් වේලේ ය. මම වහා අත ඉවතට ඇද ගතිමි. ඇගේ හඬ ඇසුණු උඩවත්ත ඇන්ටීද ඉක්මන් අඩි තබා සාලයට පැමිණියාය.[/FONT]

    [FONT=&quot]“දූ.. ගොඩ කාලෙකට පස්සෙ.. එන්න.. එන්න..”[/FONT]

    [FONT=&quot]මම යළිත් වරක් පැහැසරගේ මුහුණ බලද්දී ඔහු මහා දඟකාරකමක් කළ එකෙකු සේ සිනාවක් පෑවේ ය.[/FONT]

    [FONT=&quot]“අක්කා එයි කියලා මං හිතුවෙ නෑ.. ඉතිං..”[/FONT]

    [FONT=&quot]ඈ මගේ අතින් අල්ලාගනෙම ඇගේ කාමරයට ඇතුළු විය.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඔයා එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මං දවසක එහෙන එන්න කියලා හිටියෙ.”[/FONT]

    [FONT=&quot]“ඉතින් අපි දැන් කතා කරමු..”[/FONT]

    [FONT=&quot]ඈ දෑන් නටවමින් මගේ මුහුණ දෙස අමුතු බැල්මක් හෙළුවාය..[/FONT]

    [FONT=&quot]“අක්කට දුලාජ් අයියා මොනවා හරි කිව්වද..?”[/FONT]

    [FONT=&quot]“මොනවා ගැනද..?”[/FONT]

    [FONT=&quot]“එයා මොනා හරි ගැන එයාට SMS කළාද..?”[/FONT]

    [FONT=&quot]මේ දේවල් ඈ දන්නේ කෙසේ දැයි මම පුදුම විමි. නමුත් මල්ෂා හා දුලාජ් අයියා දුරකථනයෙන් කතා කරන බව මා දැන උන් නිසා මගේ සැකය දුරුවිය. දුලාජ් අයියා මට ආදර කරනා වග මල්ෂා හා කියන්නට ඇත. ඉතින් මම ද ඇයට සත්‍ය පැවසීමට අදිටින් කරගතිමි.[/FONT]

    [FONT=&quot]“දුලාජ් අයියා ට ආදරෙයි කිව්වා..”[/FONT]

    [FONT=&quot]මගේ කතාවට මල්ෂාගේ දෑස් පවා තිගැස්සී ගියේය. ඈ මගේ අතක් තදට අල්වා ගනිද්දී මම ඒ මූණට එබී බැලුවෙමි.[/FONT]

    [FONT=&quot]“ඔය කතාව ඇත්තක්ද අක්කා. දුලාජ් අයියා ඔයාට ආදරේ කරලද, ඒත් එයා මට කිව්වෙ වෙන දෙයක්නෙ..”[/FONT]

    [FONT=&quot]“මොනවද..?”[/FONT]

    [FONT=&quot]“දුලාජ් අයියා කිව්වා ඔයා එයාට ආදරය කරනවා වගේ දැනෙනවලු. ඔයා නිතර නිතර එයාට කතා කරනවලු. එයාට සැරෙන් සැරේ SMS කරනවලු.”[/FONT]

    [FONT=&quot]“මං..?”[/FONT]

    [FONT=&quot]නොවේ.... එය බොරුවකි. මට නිතර නිතර කෙටි පණිවුඩ එව්වේ දුරකථන ඇමතුම් දුන්නේ ඔහුය. මට ආදරේ කරනා වග නොකියා ඔහු කීවේය. නමුත් ඔහු එවන් බොරුවක් මල්ෂාට කීවේ ඇයිදැයි මට වටහාගත නොහැකි විය.[/FONT]

    [FONT=&quot]“බොරු නං මේ මැසේජ් එක බලන්න නංගි.”[/FONT]

    [FONT=&quot]බොරුකාරියක වීමට අවැසි නොවූ නිසා දුලාජ් අයියා මට ආදරය ප්‍රකාශ කර එවූ කෙටි පණිවුඩ කිහිපය මම මල්ෂාට පෙන්විමි. ඒ දුටු ඈ හිසේ අත ගසා ගත්තාය.[/FONT]

    [FONT=&quot]“එයා ඔයාට මේක විතරද කිව්වෙ.? වෙන මොකුත් කිව්වෙ නැද්ද.?”[/FONT]

    [FONT=&quot]එය කටින් කීමට තරම් දිරියක් නොවූ මා ඇයට දුලාජ් අයියා එවූ අවසාන කෙටි පණිවුඩය ද කියවීමට දුන්නෙමි. එය කියවා දුරකථනය මා අතට දුන් ඈ මොහොතක් නිහඩව සිටියාය.[/FONT]

    [FONT=&quot]“ඒ කවුද කියලා ඔයා දන්නවද අක්කා.? ආ.. දුලාජ් අයියා ආදරේ කරන්නෙ කාටද දන්නවද..?”[/FONT]

    [FONT=&quot]දෙනෙතට කඳුළු පුරා ආවත් මම දත් මිටි කා එය තදකරගෙන උන්නෙමි. මා දුලාජ් අයියාට ඇත්තටම ආදරය කළා යැයි මල්ෂා වුවත් දැනගත යුතු නැත.[/FONT]

    [FONT=&quot]“එයා ආදරේ කරන්නෙ මට අක්කා....”[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මල්ෂා බොහෝ සෙමින් නමුත් දැඩි හඬින් කියූ වදන් අසා මගේ දෙපා පණ නැතිව ගියේය. ඔවුන් දෙදෙනා කතා කරනා බව දැන උන්නද ආදරය කරනා වග මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. මා දැනුවත්ව මල්ෂා ආදරය කරන්නේ ගිහාන්ට හෝ උදාරයට. මා සිතා උන්නේ දුලාජ් අයියා ආදරය කරන්නේ ඔවුන්ගේ කාර්යාලයේ කෙනෙකුට කියාය.[/FONT]

    [FONT=&quot]“මට සමාවෙන්න අක්කා. ඔයාට මේක නොකියා හිටියෙ වෙන මොකුත් නිසා නෙමෙයි. දුලාජ් අයියා කියපු නිසා.”[/FONT]

    [FONT=&quot]“එයා මොනවද කිව්වෙ.?”[/FONT]

    [FONT=&quot]මගේ හඬ බොහෝ බිඳි ගොස් ඇති වග මටම වැටහුණි. සැබැවින්ම පපුව සත්කඩකට පැලී ගිය තරම් රිදුම් දෙන්නට විය.[/FONT]

    [FONT=&quot]“එයා කිව්වෙ, ඔයා එයාට ආදරය කරනවා වගේ දැනෙනවා.. ඒ නිසා ඔයාට මොකුත් කියන්න එපා.. ඔයාට දුක හිතෙයි කියලා..”[/FONT]

    [FONT=&quot]මා සිතා උන්නාට වඩා දුලාජ් අයියා දෙබිඩි චරිතයකි. ආදරේ යැයි වදනින් නොකීළුද ඔහු බොහෝ විට මට ආදරේ ගැන නොකියා කීවේය. මා බලාපොරොත්තු පොදි බැන්දේ ඔහු සමග එම විසල් සෙනෙහස අරබයා ය.[/FONT]

    [FONT=&quot]“දුලාජ් අයියා එහෙම කියපු නිසා තමයි මං අක්කගෙන් දවස් ගාණක් ඇහුවෙ ඔයා දුලාජ් අයියට ඇත්තටම ආදරෙයිද කියලා. ඔයා නෑ කිව්වනේ. ඉති මං එයා එක්ක යාළු වුණා..”[/FONT]

    [FONT=&quot]“එතකොට ගිහාන්..?”[/FONT]

    [FONT=&quot]“ඒක කොහොමත් තිබුණට නෑ වගේනෙ අක්කා.. ගිහාන් අයියා කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ..”[/FONT]

    [FONT=&quot]ඇයට එතරම් පෙම් කළ ගිහාන්ගේ ආදරය මල්ෂා හෑල්ලුවට ලක් කරමින් කතා කළාය.[/FONT]

    [FONT=&quot]“දුලාජ් අයියා ගිහාන් ගැන දන්නවද..?”[/FONT]

    [FONT=&quot]“නෑ අක්කා.. මං මොකුත් කිව්වෙ නෑ.. මං කිව්වා දැන් අවුරුද්දක දෙකක විතර ඉඳලා මගේ සම්බන්ධයක් තිබුණෙ නෑ කියලා. අනේ අක්කා ගිහාන් අයියා ගැනවත්, උදාර අයියා ගැනවත් එයාට කිසි දෙයක් කියන්න එපා. එයා මං ගැන වරදවා හිතයි.”[/FONT]

    [FONT=&quot]මෙතරම් අහිංසක ලෙස ආදරය කළ මගේ සිත රැවටූ ඇයට දුලාජ් අයියා රැවටීම මහා දෙයක් නොවේ. දැන් සිදුවිය යුතු දේවල් සිදු වී හමාරය. ඔවුනට ඕනෑ දෙයක් කර ගැනීමට ඉඩ හැර ඊට වදනකින් හෝ මැදිහත් නොවී හිඳීමට මම තීරණය කළෙමි.[/FONT]

    [FONT=&quot]“ඔය දෙන්නා යාළු වෙලා කොච්චර කල්ද..?”[/FONT]

    [FONT=&quot]ඒවා ඇසීම පපුවට යවුල් අනින්නාක් මෙන් වුවද ඒ කටුක වේදනාව විඳිමට මා සැදී පැහැදී උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“දැන් මාස හයක් විතර ඇති. අපි දෙන්නා මුලින්ම මීට් වුණේ ඔයාලගෙ ගෙදරදි..”[/FONT]

    [FONT=&quot]“අපේ ගෙදරදි..?”[/FONT]

    [FONT=&quot]“ඔව්. එදා ටියුට් එක ගෙනියන්න කියලා මං ආපු දවසෙ..”[/FONT]

    [FONT=&quot]එදින ඔවුන් දෙදෙනා මිදුලේ සිනා සිසී කතා කරමින් උන් අයුරු මසිතේ ඇදී මැකී ගියේය.[/FONT]

    [FONT=&quot]“ඒත් එදා ඔයාලා මුණ ගැහුණෙ අහම්බෙන්නෙ..?”[/FONT]

    [FONT=&quot]“නෑ.. එදා අපි දෙන්නා ආවෙ කතා වෙලා. මං ඔයාලගෙ දිහා එන්න ඕන කමට කලින් දවසෙ ඔයාගෙ බෑග් එකට මගේ ටියුට් එකක් දැම්මා. එතකොට රූපිකා ආන්ටි වුණත් සැක හිතන්නෙ නෑනෙ.”[/FONT]

    [FONT=&quot]“නංගි....”[/FONT]

    [FONT=&quot]මා සීරුවෙන් වළකා උන් කදුළු වැල් දෙකක් කම්මුල් හරහා ගලා ගියේය. ඔවුන් දෙපළ මා නූලෙන් නැටවෙන රූකඩයක් සේ නටවා හමාරය. ඔවුන් නොහඳුනනවායැයි සිතා මා එකිනෙකා හඳුන්වා දීමේන් කර ගත්තේ ගොන් කමකි. දුලාජ් අයියාව හා මල්ෂා හරිහැටි තේරුම් ගත නොහැකි වී ඇත්තේ මටය.[/FONT]

    [FONT=&quot]“ඔයත් මට බොරුවක් කළානෙ අක්කා..”[/FONT]

    [FONT=&quot]මා ඇයට බොරු කර නැත. මා කළ එකම අහිංසක වරද මගේ ආදරය පිටත ලෝකයෙන් වසන් කර තබා ගැනිම පමණි.[/FONT]

    [FONT=&quot]“ඔයා දවසක් දුලාජ් අයියව මීට් වෙන්න එයාගෙ ඔෆිස් එකට ගිහින් නේද..? මං ආහපුවාම ඔයා ලයිබ්‍රරි එකේ ඉන්නෙ කිව්වා..”[/FONT]

    [FONT=&quot]කෙනෙකුට මෙතරම් ලැජ්ජා විය හැකිදැයි මා නොදනිමි. මා දුලාජ් අයියාව විශ්වාස කළ ද ඔහු මල්ෂාට මාව පාව දී ඇත. වේදනාව, පසුතැවීම, ලැජ්ජාව මෙන්ම තරහාද මගේ සිත තුළ කලනය වෙද්දී මම මල්ෂාගේ ඇඳෙන් නැගී උන්නෙමි. වාන් දොරට පිටාර ගලන තරම් කඳුළු ගංගාවක් සිත තුළ තද කරගෙන උන් මට අවැසි වූයේ හැකිතාක් ඉක්මනට නිවසට ගොස් සිත් සේ හඩා වැළපීමට ය.[/FONT]

    [FONT=&quot]“ඔයා යනවද අක්කා...? ප්ලීස්.. මං එක්ක තරහා වෙන්න එපා. මට අන්තිම වතාවට දෙයක් කියලා යනවද..?”[/FONT]

    [FONT=&quot]මා නැවත මෙහි නොඑන්නට තීරණය කළ බව මල්ෂාට ද වැටහී ඇතුවා සේය.[/FONT]

    [FONT=&quot]“අහන්න..” [/FONT]

    [FONT=&quot]“අක්කා ඇත්තටම කවදාවත් දුලාජ් අයියට ආදරේ කලේ නැද්ද..?”[/FONT]

    [FONT=&quot]හදවත රිඳුම් දෙද්දී මම මොහොතක් කල්පනා කළෙමි. ඇත්ත පැවසීමෙන් වන්නේ මල්ෂාගේ සිත රිදීම පමණි. කොහොමටත් දැන් ඔවුන් එකිනෙකාට ආදරය කරනා බැවින් මගේ ආදරයට වටිනාකමක් නැත්තේ ය. ඉතින් අවසන් වරටද බොරුවක් කියා ඔවුන්ගෙන් සමුගැනීමට මම තීරණය කළෙමි.[/FONT]

    [FONT=&quot]“නෑ.. මං ආදරේ කළේ නෑ නංගි.. කවදාවත් ආදරේ කළේ නැ..”[/FONT]

    [FONT=&quot]ඈ මගෙ රතුව ගිය ඇස් දෙස විපරමින් බලද්දී කඳුළු සගවාගත නොවුණු මා ඇයව තදින් වැළඳ ගතිමි.[/FONT]

    [FONT=&quot]“ඔයා දුකෙන් අක්කා..”[/FONT]

    [FONT=&quot]ඈ යළිත් මුහුණට එබෙද්දී මම දෑස් තදින් පියා ගතිමි. යටි පතුල් වලින් ඇරඹී මහා වේදනාවක් සිරුර පුරා දිව යද්දී මල්ෂාගෙන් මිඳුණු මා බෑගය ද රැගෙන නිවසින් පිට විමි. පපුව පිච්චී යන තරම් දුකක් දැනෙද්දී දෙපා වාරු නැතිව යනවා මෙන් දැනුණි. නමුත් සිත ධෛර්යමත් කරගෙන බසයකට ගොඩ වීමට මට හැකි විය. සෙනග අතළොස්සක් වූ බසයට නැග සැණින් මම ඉදිරිපස අසුනට හිස ගසා වැළපුනෙමි. එම බසයේ වාදනය වෙමින් තිබූ ගිතය මගේ කඳුළු අළුත් කරලීය.[/FONT]

    [FONT=&quot]“ඔබේ රුව රසදුනක් වූවට[/FONT]
    [FONT=&quot]කමක් නැහැ මට..[/FONT]
    [FONT=&quot]තවත් ඇසකට..[/FONT]
    [FONT=&quot]ඒත් ඔය සිත වෙනත් කෙනෙකුට[/FONT]
    [FONT=&quot]අයිති වනු බැහැ[/FONT]
    [FONT=&quot]දරා ගන්නට...[/FONT][FONT=&quot]”[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    [FONT=&quot]නිවසට පැමිණි මා නැන්දාට මුහුණ නොදී කාමරයට ගොස් දොර වසා ගතිමි. කාමරයේ වූ සියලු බඩු භාණ්ඩ මා වටා කැරකෙනවා වැනි හැගීමක් මසිතේ ඇතිවිය. භ්‍රමණය වන්නේ කාමරය ද සිත ද යන්න වටහා ගැනීමට මම වෙහෙසිමි. නමුත් දුලාජ් අයියාගනේ තොර කිසිවක් මට සිහිපත් වූයේ නැත. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයෙන් ඇරඹී අපේ හිතවත්කම මාස කිහිපයක් තුළ ශක්තිමත් වූ අයුරු චිත්‍රපටයක දර්ශන පෙළක් මෙන් මසිතේ පෙළ ගැසුණි..[/FONT]

    [FONT=&quot]“දෝණි.. දොර අරින්න පුතේ..”[/FONT]

    [FONT=&quot]නැන්දා දොරට ගසමින් හඬද්දී මම දොර විවර කළෙමි. ඈ ආදරය කරුණාව රැඳි දෑමින් මදෙස බලා උන්නාය.[/FONT]

    [FONT=&quot]“උඩවත්ත කෝල් කරලා කිව්වා ඔයා කියන්නෙම නැතුව ගිහින් කියලා. මං බය වුණා දූ..”[/FONT]

    [FONT=&quot]“මං ආවා නැන්දා.. මං නැන්දා ළඟට ආවා..”[/FONT]

    [FONT=&quot]මෙතෙක් සිරකරගනෙ උන් කඳුළු වැල් පිටාර ගලා යද්දී මම නැන්දාව වැළඳ ගතිමි. ඈ ක්ෂණයකින් මගේ ගෙල හා නළල අත තබා බැලුවාය.[/FONT]

    [FONT=&quot]“අනේ දෝණි.. ඔයාට ගින්දර වගේ උණ.. ඇයි මේ..?”[/FONT]

    [FONT=&quot]මට වැලඳුණ තද උණ ගතිය පිළිබදව නැන්දා මෙන් ම මමද පුදුම විමි. මල්ෂාලගේ නිවසින් පිට වද්දී මට උණක් තිබුණේ නැත. සිතේ ඇති වූ හදිසි කම්පනය ගතට ද දරුණු ලෙස බලපා ඇති සෙයකි.[/FONT]

    [FONT=&quot]“ඔයාව ගැහෙනවා රත්තරං.. යං.. අපි ගිහින් බෙහෙත් ටික්ක අරන් එමු..”[/FONT]

    [FONT=&quot]මට වැළදී ඇත්තේ මානසික ආබාධයක් මිස ශාරීරික අපහසුතාවයක් නොවන බව දැන උන් නිසා මම බෙහෙත් ගැනිම ප්‍රතික්ෂේප කළෙමි. නමුත් නැන්දා මගේ විරෝධය නොතකා ත්‍රීවිලරයක් කැඳවා ආවාය.[/FONT]

    [FONT=&quot]“ඇයි දූ එහෙන් නොකියම ආවෙ.. උඩවත්ත කිව්වා ඔයා පැහැසර පුතා එක්ක හොඳට කතා කරකර හිටියා කියලා.”[/FONT]

    [FONT=&quot]නැන්දා මඟ දිගටම මගෙන් හේතු විමසද්දී මම එය නෑසුන විලස ඉවත බලා උනිමි. පෙර දිනයක මා ඉකිගසා හඩද්දී මල්ලී ගොස් දුලාජ් අයියා සමග රණ්ඩු කිරීම ද අද මා මල්ෂා මුණ ගැසීමට ගොස් හඩා වැළපෙමින් නිවසට පැමිණිම ද ඇයට තේරුම් නොයන්නට ඇත.[/FONT]

    [FONT=&quot]වෛද්‍යවරයා මා පරික්ෂා කර බලා බෙහෙත් නියම කළ ද මා උන්නේ තෝන්තු ගතියෙනි. ඒ තරුණ වෛද්‍යවරයාගේ රුව තුළින් පවා මා දුටුවේ දුලාජ් අයියාගේ රුවයි.[/FONT]

    [FONT=&quot]“ගෙදර ගිය ගමන්ම මේ බෙහෙත් ටික බොන්න. අඩුවුණේ නැත්නම් ආපහු එන්න.”[/FONT]

    [FONT=&quot]නැන්දට තවත් මොනවදෝ උපදෙස් වගයක් දුන් වෛද්‍යවරයා අපි පිටත් කර හැරියේය.[/FONT]

    [FONT=&quot]බෙහෙත් බී ඇදට වැටුණ සැනින් මම ජංගම දුරකථනය ගෙන දුලාජ් අයියා අතීතයේ එවූ කෙටි පණිවුඩ එකින් එක කියවීමට පටන් ගතිමි. ඔහුගේ දයාබර වචන දඟකාර කතා නැවත වරක් මගේ කඳුළු අලුත් කරලිය. මුල්ම දිනවල මකන කෑලවල දවටා කාමරයට කොළ කෑලි එවූ හැටි මා දකින රිසියෙන් බැල්කනියට වී කල් ගත කළ හැකි කිසිදා අමතක කළ නොහැක. ඒ සුන්දර අතීථය නිමාවට පත් වූයේ මල්ෂා දුලාජ් අයියාව හඳුනා ගැනිමත් සමග ය.[/FONT]

    [FONT=&quot]“දෝණි.. ඔය ෆෝන් එක පැත්තකින් තියලා ටිකක් නිදාගන්න.. මං මල්ලිටත් කෝල් කළා.. එයා සමහර විට ටිකක් කලින් එයි.”[/FONT]

    [FONT=&quot]දුරකථනය පසෙක තැබූවද දුලාජ් අයියා මට නිදා ගැනීමට ඉඩක් දුන්නේ නැත. කොට්ටයේ හිස තබා තවත් කොට්ටයකින් මුහුණ වසා ගත්තද ඔහුගේ මතකය මගේ දෙනෙතට කදුළු ගෙනාවේය.[/FONT]

    [FONT=&quot]“අක්කා.. මං ඉක්මනට එනවා.. ආවම සේරම විස්තර කියන්න.. එතකල් අඩන්නෙ නැතුව නිදාගන්න..”[/FONT]

    [FONT=&quot]නැන්දාගේ ඇමතුමෙන් පසුව රුවන් මල්ලී ද කෙටි පණිවුඩයක් එවා තිබුණි. එය කියවා පසෙක තබා නිදන්නට කොතෙකුත් උත්සාහ කළ ද පැය ගණනාවක් ගතවන තෙක් මා උන්නේ අවදියෙනි.[/FONT]

    [FONT=&quot]සවස් වද්දී හිස පැලෙන තරමට රිදුම් දුන් අතර පපුව ද විටින් විට වේදනා ගෙන දුන්නේය. මම පපුවට අත තබා අසීරුවෙන් හුස්ම ගැනීමට වෙහෙසුනෙමි.[/FONT]

    [FONT=&quot]“දෝණි.. මං හිතුවා නිදි කියලා.. ඇයි මේ අමාරුවෙන් වගෙ..”[/FONT]

    [FONT=&quot]නැන්දා යළිත් වරක් කාමරයට පැමිණ උන්නා ය. මම ඇගේ දෝත තදින් අල්වා ගතිමි.[/FONT]

    [FONT=&quot]“මගේ පපුව හිරවෙනවා වගේ නැන්දා.. හුස්ම ගන්නත් අමාරුයි..”[/FONT]

    [FONT=&quot]“තාමත් ඇඟ රස්නෙයි දූ..තව බෙහෙත් වේලක් බීලා බලමු..”[/FONT]

    [FONT=&quot]එකෙණෙහි රුවන් මල්ලී කාමරයට ඇතුළු විය. ඔහූ උන්නේ බොහෝ කලබල වී වග ඒ මුහුණ දුටු මතින් මා වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“අක්කට තාම අඩු නැද්ද අම්මා..? ඇයි මේ අමාරුවෙන් වගේ හුස්ම ගන්නෙ..”[/FONT]

    [FONT=&quot]“අක්කගෙ පපුව රිදෙනවලු චූටි පුතා..”[/FONT]

    [FONT=&quot]“ඉතිං මෙයාව ගෙදර තියාගෙන ඉඳලා හරියනවද..? හොස්පිට්ල් එකට ගෙනියමු..”[/FONT]

    [FONT=&quot]ඔහු හැසිරුනේ බාල සොයුරෙකු ලෙස නොව පියෙකු තරම් පරිණත විලසිනි.. ඒ රතුව ගිය ඇස් සෘජුව බලා මම මගේ දුක ඔහුට නොකියා කීවෙමි.[/FONT]

    [FONT=&quot]“අම්මා අක්කව ලෑස්ති කරලා ගන්න. මං ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන එන්නම්.”[/FONT]

    [FONT=&quot]ආදරය මෙතරම් වේදනාකාරී යැයි මා දැන උන්නේ නැත. එයින් පීඩා විඳින්නේ ආදරය කරන පුද්ගලයන් පමණක් නොවේ. නැන්දා හා මල්ලී මා නිසා කරදරවන ආකාරයෙන්ම මම එය වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]“අම්මා වෑන් එකක යමු නේද.? ත්‍රීවිලර් එකක අක්කට යන්න අමාරුයිනෙ.”[/FONT]

    [FONT=&quot]මාමා රට ගිය පසු වෑන් රථය පාවිච්චියට ගත්තේ දින කිහිපයක් පමණි. රුවන් මල්ලීට එය ධාවනය කළ හැකි වුවද රියදුරු බලපත්‍ර නොමැති වීම ඊට හේතුවයි.[/FONT]

    [FONT=&quot]“ඔයාට ලයිසන් එකත් නැතුව දුර ගමන් යන්න බෑනෙ පුතා. නරකද දුලාජ්ට වත් කිව්වොත්.”[/FONT]

    [FONT=&quot]“අනේ එපා මල්ලි. එයාට කතා කරන්න එපා.....”[/FONT]

    [FONT=&quot]නැන්දා හරි විස්තරයක් නොදැන උන්නාට අපගේ ප්‍රශ්නය දැන උන් මල්ලී මගේ කීමට අවනත විය. කඩිමුඩියේ අප නංවා ගත් ඔහු රිය පාරට ගෙන ඉක්මනින් රෝහල කරා පැදෙව්වේ ය.[/FONT]

    [FONT=&quot]“අම්මා ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට ගෙනියමු. මහ ඉස්පිරිතාලෙ කාටවත් ළග ඉන්න දෙන්නෙ නෑනෙ. අනික මට වුණත් වැඩට ගිහින් ඇවිත් රෑ වෙලා එන්න පුළුවන්.”[/FONT]

    [FONT=&quot]පපුවේ රිදුම වැඩි වූ නිසා ඔවුනට යමක් පැවසීමට තරම් ශක්තියක් නොවුණි. එහෙයින් මම නැන්දාගේ ඔඩොක්කුවේ හිස තබා නිහඬව උන්නෙමි.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මා රෝහලට ඇතුළත් කළ සැනින් ඉක්මන් ප්‍රතිකාර කළ අතර අවසානයේ මා දුර්වල වී ඇතැයි කියා සේලයින් ලබා දීමද සිදු කෙරුණි. ඒ සියල්ල දෙස දුක්බර ලෙස බලා උන් රුවන් මල්ලී ඉවත හරී කඳුළු පිසිනවා මම දුටිමි.[/FONT]

    [FONT=&quot]“මෙයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ. කතා කරලා වෙහෙස කරවන්න එපා.”[/FONT]

    [FONT=&quot]කරුණික පුංචි හෙදියක් පැමිණ නැන්දාට පවසනවා මා අසා උන්නේ ද තද නිදිමත ගතියෙනි. ඉන්පසු සිදු වූ කිසිවක් මගේ සිතේ තිබුණේ නැත.[/FONT]

    [FONT=&quot]“දූ.. ඇස් අරින්න පුතේ.. දැන් ඔයාට අඩුද..?”[/FONT]

    [FONT=&quot]නැන්දා මහිස අතගානවා දැනී මම දෑස් විවර කර බැලුවෙමි. රෝහල් කාමරය ඒ වන විට ආලෝකමත්ව තිබුණි.[/FONT]

    [FONT=&quot]“දැන් වෙලාව කීයද නැන්දා..?”[/FONT]

    [FONT=&quot]“දහය පහුවෙලා දෝණි.. ඔයාට රෑ හොදට නින්ද ගියා.. එන්න ටිකක් මූණ සෝදගමු. දැන් ඩොක්ටර් එයි.”[/FONT]

    [FONT=&quot]නමුත් නැගිට ගැනීමට තරම් ගතේ ශක්තියක් වූයේ නැත. මම නැන්දාට වාරු වී නැගී සිටියෙමි.[/FONT]

    [FONT=&quot]“මල්ලී වැඩට ගියාද නැන්දා.?”[/FONT]

    [FONT=&quot]“ඔව්. එයා ගිහින් නිවාඩුවක් දාලා ආපහු ඉක්මනට එයි.”[/FONT]

    [FONT=&quot]“අපරාධෙනේ.”[/FONT]

    [FONT=&quot]නැන්දා මගේ මුහුණ සෝදන අතර වාරයේ මම කීවෙමි. ඈ එය තැකිමක් නොකර සිනාසුණා ය.[/FONT]

    [FONT=&quot]“මල්ලී ඔයාට ගොඩක් ආදරෙයි දූ. ඊයෙ රෑ මං ගෙදර යවා ගත්තෙ බලෙන් වගේ.”[/FONT]

    [FONT=&quot]මාව සොදා පිරිසිදු කළ නැන්දා මගේ මුහුණ පිසදා වෙනත් ඇඳුමක් ද ඇන්දවිය. මවක විසින් කළ යුතු යුතුකම් සියල්ල ඈ නොපිරිහෙලා ඉටු කරද්දී මොහොතකට මට මගේ මව සිහිවිය.[/FONT]

    [FONT=&quot]“මල්ලී ආවම මං ටිකකට ගෙදර ගිහින් එන්නම් දෝණි. ඔයාට තව ඇඳුම් දෙකකුයි, පොඩි බඩු වගයකුයි තියෙනවා ගේන්න.”[/FONT]

    [FONT=&quot]මම ඇඳට වී ඈ කී දෑ අසා උන්නෙමි. නැන්දා පිටව යෑමට පෙර හෙදියක පැමිණ මට තවත් සේලයින් බෝතලයක් එන්නත් කළාය. සේලයින් කටුව රැදි අත රිඳුම් දෙද්දී මම දෑස පියා දුලාජ් අයියා සිහිපත් කළෙමි. එවිට රිදුනේ අත නොව සිතය.[/FONT]

    [FONT=&quot]“අක්කට නින්ද ගිහින්ද අම්මා..? දැන් අඩුද..?”[/FONT]

    [FONT=&quot]මල්ලීගේ කටහඩ ඇසෙද්දී මම දැස් සෙමින් විවර කළෙමි. ඔහු ඇඳ ළගට පැමිණ මගේ නිදහස්ව තිබූ අත අල්ලා ගත්තේය.[/FONT]

    [FONT=&quot]“තාම ඔයාගෙ ඇඟ රස්නෙයිනෙ අක්කා..”[/FONT]

    [FONT=&quot]“ඔව් පුතා, මේ ළමයට උණ බහිනවයි නගිනවයිනේ.. පාන්දර උණ අඩු වෙලා තිබුණා.. දැන් ආයෙත් ටිකක් වැඩියි වගේ..”[/FONT]

    [FONT=&quot]මල්ලී නැන්දාව බලෙන් පිටත් කර හැරියේය. වෛද්‍යවරුන් පැමිණ මාව පරික්ෂා කරද්දී ද ඔහු පසෙකට වී දුක්බර ලෙස බලා ඉන්නවා මම දුටුවෙමි. ඔවුන් නික්ම ගොස් මඳ වේලාවකට පසුව මල්ලී මා උන් ඇඳේ කොනකට බරව මගේ මුහුණට එබී බැලුවේය.[/FONT]

    [FONT=&quot]“ඔයාට අමාරුද අක්කා..? මං එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද..?”[/FONT]

    [FONT=&quot]මම කිසිත් නැතැයි කියා හිස සලද්දී මල්ලී කතාව ඇරඹිය හැකි තැනක් සොයා ගත නොහැකිව මෙන් දිගු සුසුමක් හෙළිය.[/FONT]

    [FONT=&quot]“ඊයෙ මොකද වුණේ..? ඇයි යන්නෙ නෑ කියලා ආයෙම මල්ෂාව මීට් වෙන්න ගියේ.”[/FONT]

    [FONT=&quot]“මගේ හිත මට බලකළා මල්ලි. මං හදිසියෙ ගියේ ඒකයි.”[/FONT]

    [FONT=&quot]“හරි ඉතිං මොකද වුණේ කියන්න. පැහැසර ලංකාවට ඇවිත්ලු නේද..? උගෙන්වත් ඔයාට මොකක් හරි........?”[/FONT]

    [FONT=&quot]මම ඔහුව නවතාලිමි. පැහැසර අයියා මාව විහිලුවකට ගත්තා විනා ඔහුගෙන් කිසිදු කරදරයක් වූයේ නැත. මට කරදරයක් සිදු වූයේ යෙහෙලියක හා සොයුරියක ලෙස ඇසුරු කළ මල්ෂාගෙනි.[/FONT]

    [FONT=&quot]මම දුලාජ් අයියා හා මා අතර ඇතිව තිබූ බැඳීම මෙන්ම මල්ෂා එයට මැදිහත් වූ ආකාරය පෙළින් පෙළ ඔහුට පහදා දුන්නෙමි. තරහා පිටකර ගත හැකි මගක් නොවුණ මල්ලී දෑත් මිට මොලවමින් එය අසා උන්නේය. නමුත් දුලාජ් අයියා ආදරය කරන අනෙක් තැනැත්තිය මල්ෂා බව කීමට මගේ දිව නැමුණේ නැත. වියැකී තිබූ කඳුළු වැල් හිස ඔසවද්දි. මල්ලි ළංව මගේ හිස අතගෑවේය.[/FONT]

    [FONT=&quot]“දුක හිතෙනවානං කියන්න එපා අක්කා..”[/FONT]

    [FONT=&quot]“මේ ටිකත් ඔයා දැනගෙන ඉන්න එක හොදයි මල්ලි.. ඔයා දන්නවද දුලාජ් අයියා කාටද ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙ කියලා.. මල්ෂාට..”[/FONT]

    [FONT=&quot]“බැල්ලී.......”[/FONT]

    [FONT=&quot]ඔහු නැගී උන් ආකාරයට මට බිය සිතුණි. මම දෑස් පියා මොහොතක් නිහඩව හිඳිද්දී මල්ලී කෙටි රෝහල් කාමරය පුරා එහෙ මෙහේ ඇවිදිමින් සිටියේය.[/FONT]

    [FONT=&quot]“මල්ෂා දන්නවද ඔයා දුලාජ්ට ආදරය කළා කියලා. දුලාජ් ඒක දන්නවද..?”[/FONT]

    [FONT=&quot]“මං දෙන්නගෙන් කාටවත් ඒක කිව්වෙ නෑ මල්ලි. දැන් කියලා වැඩකුත් නෑ. එයාලා සතුටින් ඉඳපුවාවි..”[/FONT]

    [FONT=&quot]මල්ලි කලබලයක් ඇති කරතැයි බිය සිතුණ බැවින් මම ඔහුට සැනසිලි වඳන් කීවෙමි. නමුත් මගේ සිත සනසා ගැනීමට සඟක් නොපෙනෙන මානයක් විය.[/FONT]

    [FONT=&quot]“මලක් වගේ පිරිසිදු ඔයාව අතෑරලා දාලා ඌ යාළු වුණේ කොයි වගේ එකියක් එක්කද කියලා මං ඕකාට කියලා දෙන්නම්..”[/FONT]

    [FONT=&quot]“අනේ මල්ලි දැන් ආපහු ප්‍රශ්න ඇති කරගන්න එපා. මං හිත හදාගන්නං..”[/FONT]

    [FONT=&quot]“හිත හදාගන්නෙ කොහොමද අක්කා. දුලාජ් මල්ෂාට ආදරෙයි කියලා අහපු එක දවසට ඔයා ලෙඩ වුණා.. ඌව දවස ගානෙ අල්ලපු ගෙදර දී දැක දැක ඔයා කොහෙමද හිත හදාගන්නෙ..?”[/FONT]

    [FONT=&quot]හෙදියක එන්නත් කටු රහිත තැටියක් රැගෙන කාමරයට ඇතුළු වද්දී අපේ කතාව නතර විය. හෙදිය මගේ බාහුවට එන්නත් අතුළු කරන විට මම දත් මිටි සපා ගත්තෙමි. මල්ලී එදෙස දුක්බර ලෙස බලා උන්නේය.[/FONT]

    [FONT=&quot]“හවස ඔයාගෙ තව ටෙස්ට් එකක් කරන්න තියෙනවා. ඩොක්ටර් ඇවිත් විස්තරේ කියයි.”[/FONT]

    [FONT=&quot]එසෙ පැවසූ හෙදිය මල්ලී දෙසද බලා සිනාසී යන්න ගියාය. තව මොහොතකින් මට වැසිලිකි යාමේ අවශ්‍යතාවක් ඇති විය. මම ඉන් බොහෝ අසීරුතාවකට පත්විමි. සේලයින් බෝතලය සවි කර ඇති නිසා වැසිකිළි යෑමට තවකෙකුගේ සහාය අවශ්‍ය ය. නමුත් මල්ලීට එය පැවසිය නොහැකි බව මම ඇඳේ ඉඳගෙන බලා සිටියෙමි.[/FONT]

    [FONT=&quot]“ඇයි අක්කා..?”[/FONT]

    [FONT=&quot]“මල්ලි නර්ස් කෙනෙකුට එන්න කියන්නකො..”[/FONT]

    [FONT=&quot]“ඒ මොකටද..?”[/FONT]

    [FONT=&quot]ඔහු මදෙස විපරමෙන් බලද්දී මම බිම බලා ගතිමි.[/FONT]

    [FONT=&quot]“මට ටොයිලට් යන්න ඕනි..”[/FONT]

    [FONT=&quot]මගේ හඩ නිකුත් වුයේ බොහොම සෙමින් වන්නට ඇත. මල්ලී ළගටම පැමිණ මගේ නිකටින් අල්ලා එසවිය.[/FONT]

    [FONT=&quot]“මොකටද නර්ස් කෙනෙක්..? මේ මං ඉන්නෙ.. මට ඔයා වෙනුවෙන් ඔය වගේ පොඩි දෙයක්වත් කරන්න බැරිද අක්කා..?”[/FONT]

    [FONT=&quot]සේලයින් බෝතලය ආධාරයනේ ගලවා ගත් මල්ලී එය වමතට ගෙන දකුණතින් මා වත්කම් කර ගත්තේය. මම ඔහුට වාරු වී වැසිකිළියට ගියෙමි.[/FONT]

    [FONT=&quot]“මං මේක අල්ලන් ඉන්නම් අක්කා.. දොර ලොක් කරන්න එපා.. ඕන වුණොත් මට කතා කරන්න..”[/FONT]

    [FONT=&quot]එසේ කියූ ඔහු මා එනතුරු දොර ළග රැදී උන්නේය. මල්ලී ගැන අනුකම්පා සෙනෙහසක් සිතට තුරුළු වද්දී මම ඔහුගේ උදව්වෙන් නැතව ඇඳට නැගුනෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයාට දුලාජ් නැති වුණාට දුක් වෙන්න එපා අක්කා.. මේ මල්ලි හැමදාම ඔයා ළඟ ඉන්නවා.. තේරුණාද....?”[/FONT]

    [FONT=&quot]ඔහු කීෆව් මගෙ දෑස් දෙස සංවේදීව බලමිනි. ඒ දයාබර පිරිමිකම හමුවේ මම වික්ෂිප්තව බලා උන්නෙමි.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]

    මා රෝහලෙන් පිටව යෑමට නියමිතව තිබූ දින උදෑසනම මල්ෂා, රූපිකා නැන්දාගේ දුරකථනය ඔස්සේ මා ඇමතුවා ය.[/FONT]


    [FONT=&quot]“හෙලෝ.. අක්කා.. ඔයාට මොකද වුණේ..?”[/FONT]

    [FONT=&quot]ඈ කිසිත් නොදන්නා විලසින් තාලයට අසද්දී මට නොරිස්සුමක් දැනුණි.[/FONT]

    [FONT=&quot]“මට පොඩි උණක් හැදුණා නංගි.. දැන් හොඳයි.”[/FONT]

    [FONT=&quot]“ඔයා බොරු කියන්නෙ. එදා අපේ ගෙදර ගිහින් ආවට පස්සෙලු නේද අසනීප වුණේ.?”[/FONT]

    [FONT=&quot]නැන්දා ඇගේ යෙහෙළිය වූ උඩවත්ත ඇන්ටීට සියලු විස්තර පවසන්නට ඇත. එහෙයින් මා නිහඬව උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“හරි.. හරි අපි පස්සෙ කතා කරමුකො. අක්කා ඉක්මනට සනීප වෙලා ගෙදර එන්න.”[/FONT]

    [FONT=&quot]ඇයට කිසිත් නොකී මම දුරකථනය නැන්දාට දී ඇදේ පෙරළි ගතිමි. ඇය මල්ෂාට මොනවදෝ කියා ඇමතුම විසන්ධ කළාය.[/FONT]

    [FONT=&quot]“දූ දැන් මල්ෂාට වැඩිය කැමති නෑ නේද...?”[/FONT]

    [FONT=&quot]නැන්දා මගේ ඉරියව් හරහා යමක් වටහා ගන්නට ඇත. මම අසරණ සිනාවක් පාමින් නැන්දා දෙස බැලිමි.[/FONT]

    [FONT=&quot]“දූ ආපහු එයාට පංති කරන්න යන්න එපා. අකමැතිනං ගෙදර ඉන්න.”[/FONT]

    [FONT=&quot]නැන්දා මගේ බඩු භාණ්ඩ බෑග්වල අසුරද්දී රුවන් මල්ලී කාමරයට ඇතුළු විය. ඔහු පිටුපසින් පැමිණි පුද්ගලයා දුටු මගේ ඇසි පිය පවා තිගැස්සී ගියේය. ඒ වෙනකෙකු නොව.. මාව අතරමං කර දැමු දුලාජ් අයියා ය.[/FONT]

    [FONT=&quot]“ආ.. දුලාජ් පුතත් ආවද..?”[/FONT]

    [FONT=&quot]නැන්නාගේ හඬ ඔහුට නෑසුණා වැනිය. ඒ සොඳුරු දෑස්වල ආදරය පුරවා ඔහු මදෙස බලද්දී මම දෑස් පියා ගතිමි. තවත් ඒ මුලාවට හසුවිය යුතු නොවේ. ඔහු මල්ෂා දෙසද බලන්නේ ද ඔය වැනිම බැල්මකින් විය හැක.[/FONT]

    [FONT=&quot]“අම්මා හරි තිබහයි. පහළ කැන්ටින් එකෙන් කූල් මොනා හරි ගේන්නකො.”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියාට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ හැර මල්ලී නැන්දාව උපායශීලීව පිටත් කර හැරියේ ය. ඈ යන්න ගිය පසු දුලාජ් අයියා මගේ ඇඳට එබී මා මුහුණ මත්තේ නෙතු දිවෙව්වේය.[/FONT]

    [FONT=&quot]“මට ඔය තරම්ම ආදරේ කළාද බබා.. ආ.. ඔයා මට ඔය තරම්ම ආදරේ කළාද..?”[/FONT]

    [FONT=&quot]ඔහු එය ඇසුවේ පිස්සුවෙන් මෙනි. මම මල්ලී දෙස බලද්දී ඔහු කාමරයේ වූ කුඩා ඇඳට බර වී ඉවත බලා උන්නේය.[/FONT]

    [FONT=&quot]“මට සමාවෙන්න රත්තරං ඔය හිත රිදෙව්වට. මට සමාවෙන්න. මං කොයිතරම් මල්ෂට රැවටිලද කියලා රුවන් මට කියලා දුන්නා. ෂිට්.... මං වගේ මෝඩයෙක්.”[/FONT]

    [FONT=&quot]ඔහු කොතෙකුත් සිය සිත නිරාවරණය කළද මා උන්නේ මළගිය ප්‍රාණියකු සේය. ඔහුගේ සමාව තබා ආදරයවත් මට දැන් අවැසි නොවේ.[/FONT]

    [FONT=&quot]“මං කෑගල්ලෙ හිටපු කාලෙ මල්ෂා මට දවස ගානෙ කතා කළා නංගි. පැය ගණන් කතා කළා.. තනිවෙලා තිබුණ හිත එයාගෙ පැත්තට ගහගෙන ගියේ මටත් නොදැනිමයි.”[/FONT]

    [FONT=&quot]“දුලාජ්... මං උඹට කියලා එක්ක ආවෙ හරි...”[/FONT]

    [FONT=&quot]මල්ලී දබරගිල්ල ඔසවා යමක් පවසද්දී දුලාජ් අයියා හිස සැලී ය.[/FONT]

    [FONT=&quot]“හරි.. මට දැනගන්න ඕන මෙච්චරයි බබා. මං ඔයාට ආදරේ කළා වගේම ඔයත් මට ආදරේ කියලා මං දන්නවා. මං ඔය කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්නං. මගේ ආදරේ භාර ගන්නවද..?”[/FONT]

    [FONT=&quot]ඔහු බැගෑපත් හඬින් විමසුවේය. මට මල්ෂා කී දෑ එකිනෙකට සිහිපත් වුණි. ඔවුන්ගේ සම්බන්ධය මගෙන් වසන් කිරීමට උත්සාහ දරා ඇත්තේ දුලාජ් අයියා ය. මා ඔහුට දුරකථනය ඔස්සේ නිතර කරදර කරන බව පවසා ඇත්තේ ද ඔහු ය. මා ඔහුට ඒකපාර්ශ්විකව ආදරය කරන බව ඇයට කියා ඇත්තේ ද ඔහුය. ඉතින් එවන් වංචාකාරයකුගේ සෙනෙහසින් මට ඵලක් නොවේ. මා දුලාජ් අයියාට කොතෙක් ආදරය කළද මම ඔහුව ප්‍රතික්ෂේප කළෙමි.[/FONT]

    [FONT=&quot]“මං කැමති නෑ.. අයියා දැන් යන්න. ගිහින් මල්ෂාත් එක්ක සතුටින් ඉන්න..”[/FONT]

    [FONT=&quot]“මල්ෂා මාව රවට්ටලා නංගි..”[/FONT]

    [FONT=&quot]“ඉතින්... දැන්ද මාව ඕන වුණේ..?”[/FONT]

    [FONT=&quot]“නෑ.. මට ඔයාව ඕන වුණේ මල්ෂාව ඕන වෙන්න කලින්. මං ජීවිතේ මුලින්ම ආදරේ කළේ ඔයාට. බොරුනං මේ රුවන්ගෙන් අහන්න..”[/FONT]

    [FONT=&quot]“මට ඒවා වැඩක් නෑ. ඔයා දැන් යන්න.”[/FONT]

    [FONT=&quot]දෑස් තෙත්ව යද්දී මම ස්ථීර හඩින් කීවෙමි. මොහොතක් දෙකක් මදෙස බලා හිඳ ඔහු යන්නට ගියේය.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඌ පසුතැවෙනවා වෙච්ච දේ ගැන. ඔයා හොඳට හිතලද ඔය තීරණේ ගත්තෙ...?”[/FONT]

    [FONT=&quot]“ඔව්...”[/FONT]

    [FONT=&quot]මල්ලී ගැඹුරු හුස්මක් ගෙන ළය සැහැල්ලු කර ගනිද්දී නැන්දා කාමරයට ඇතුළු විය. අප කිසිවක් නොවුණ සේ උන්නෙමු.[/FONT]

    [FONT=&quot]දින කිහිපයක් රෝහලේ ගත ඛල මා නැන්දා හා රුවන් මල්ලී සමග යළි නිවසට පා තැබුවෙමි. මිදුලේ මල් පිපී පරිසරය සුන්දර වී ඇත. නමුත් ඒ පැල සිට වූ මාගේ මුළු ආත්මයම තිබුණේ රෝගාතුරවය.[/FONT]

    [FONT=&quot]රෝහලෙන් ලබා දී තිබූ බෙහෙත් බොහෝමයකට නිදිමත අධිකව දැනේ. ඉතින් නැන්දා බල කර බෙහෙත් දීමෙන් අනතුරුව මම පැය ගණන් නිදා වැටුණෙමි.[/FONT]

    [FONT=&quot]“දෝණි.. ඔයා නිදිද..?”[/FONT]

    [FONT=&quot]දිනක් නැන්දා කාමරයට හිස පොවා විමසද්දී මා උන්නේ අවදියෙනි.[/FONT]

    [FONT=&quot]“මෙන්න ඔයාව බලන්න යාළුවෙක් ඇවිත්..”[/FONT]

    [FONT=&quot]“කවුද නැන්දා..?”[/FONT]

    [FONT=&quot]“මල්ෂායි, එයාගෙ අම්මයි..”[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]නැන්දා පසුපසින් මල්ෂා මගේ කාමරයට පැමිණ උන්නාය. උඩවත්ත ඇන්ටී පහළ මාළයේ බැවින් නැන්දා කාමරයෙන් පිට වුණි. මල්ෂා සමග තිබූ තරහා නිසා ඈ දෙස නොබලා සිටීමට මම වෙර දැරුවෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයා තරහින්ද අක්කා..? මං ඔයාට කවදාවත් වැරැද්දක් කරන්න හිතුවෙ නෑ.”[/FONT]

    [FONT=&quot]මම මල්ෂා දෙස බලද්දී මගේ දෑසේ කදුළු පිරී තිබුණා දැයි නොදනිමි. නමුත් ඈ පැමිණ මගේ ඇඳ ළගින්ම දණ ගසා ඉඳගත්තාය.[/FONT]

    [FONT=&quot]“ඔයා දුලාජ් අයියට ආදරේ නෑ කියලා කියපු නිසයි අක්කා මං යාළු වුණේ..”[/FONT]

    [FONT=&quot]“දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ නංගි. මං ඔයාලා එක්ක තරහා නෑ.. ඔයාලා සතුටින් ඉන්න..”[/FONT]

    [FONT=&quot]“ඔයා ඔහොම කිව්වට මං කොහොමද සතුටින් ඉන්නෙ. දුලාජ් අයියා දැන් මට කතා කරන්නෙ නෑ. එයා මගේ මූණවත් බලන්නෙ නෑ.”[/FONT]

    [FONT=&quot]“ඒකට හේතුව මම නෙමෙයි. මං එයාට කිසි දෙයක් කිව්වෙ නෑ..”[/FONT]

    [FONT=&quot]“වෙන්න පුළුවන්. ඒත් එයා මට එහෙම කරන්නෙ ඔයා නිසා අක්කා. ඔයා එයාට ආදරෙයි කියලා දැන ගත්තම එයා මගෙන් ඈත් වුණා..”[/FONT]

    [FONT=&quot]නමුත් මා දුලාජ් අයියාට ආදරය කරනා වග කිසිදා නොකීවෙමි. ඔහුගේ ආදරය ද මට දැන් අවැසි නොවේ.[/FONT]

    [FONT=&quot]“ඕවට මාව ගාවගන්න එපා නංගි. ඔයාලා කතා කරලා ප්‍රශ්නෙ විසඳගන්න. මං ඔයාලා අතරට එන්නෙ නෑ.”[/FONT]

    [FONT=&quot]“ඒත් දුලාජ් අයියා එහෙම හිතන්නෙ නෑ අක්කෙ. එයා ඔයා ගැන කියනවා. එයාට මාව එපාලු. අනේ එයාට කියන්න අක්කේ මාව අමතක කරන්න එපා කියලා. මං එයාට ඇත්තටම ආදරෙයි.”[/FONT]

    [FONT=&quot]ඇගේ පැනයෙන් මා අසරණ වුණෙමි. මේ තුන්කොන් ආදරය නිසා තිදෙනාටම සැනසීමක් නැත.[/FONT]

    [FONT=&quot]“මට කරදර කරන්න එපා ප්ලීස්.. මට මගේ හිත හදාගන්න ඉඩ දීලා ඔයා දැන් යන්න....”[/FONT]

    [FONT=&quot]මල්ෂාගේ දෑස්වල කදුළු නැගුණේ මගේ වදන් බර වැඩි වූ නිසා විය හැකිය. නමුත් ඈ දුලාජ් අයියාට දුරකථනයෙන් කතා කළ අයුරු, ඔවුන් දෙදෙනා මා රවටා මුණ ගැසුණු අයුරු සිහි නැගෙද්දී මසිතේ අනුකම්පාවක් නොඉපදුණි.[/FONT]

    [FONT=&quot]“හරි.. ඔයා අකමැති නං මං යන්නං. ඒත් මම යන්න කලින් දෙයක් තියෙනවා කියන්න.”[/FONT]

    [FONT=&quot]මල්ෂා බලෙන්ම වගේ මාව ඇඳෙන් නැගිට්ටුවා ගත්තාය. ඈ කුමක් කියන්නට හදන්නේ දැයි නොදැන මා බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“මට දුලාජ් අයියව ඕනෙ අක්කා. මට එයාව ළං කරගන්න උදව් කරන්න ප්ලීස්..”[/FONT]

    [FONT=&quot]මා නොසිතූ මොහොතක මල්ෂා හඬා වැළලෙමින් මගේ දෙපා අද්දර ඇඳ වැටුණා ය. මම ඉන් ගල් ගැසී සිටියෙමි. ආදරය විහිළුවකට භාරගෙන උන් ඇය මෙසේ හඬා වැලපී ආදරයක් අයැදීම සැබැවින්ම පුදුමයට කරුණකි. කොතෙක් සිත තදකරගෙන උන්නද මල්ෂාගේ මේ වෙනස් හැසිරීම මගේ දෙනෙතට කදුළු ගෙනාවේ ය. ඉතින් එකම කොල්ලෙකුගේ ආදරය අහිමි වීමේ සොවින් අප දෙදෙනා එකිනෙකා බදාගෙන හඬා වැටුණෙමි.[/FONT]

    [FONT=&quot]බොහෝ වේලාවක් මා ළගට වී නිහඬව උන් මල්ෂා නාන කාමරයට වැදී මුහුණ සොදා පහළ මාලයට ගියාය. නමුත් ඔවුන්ගේ සංවාදයට මැදිහත් වීමට සිතක් නොවුණ මා කාමරට වී උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“දෝණිට මල්ෂා කිව්වද එයාලා ආවෙ ඇයි කියලා..?”[/FONT]

    [FONT=&quot]එදින රාත්‍රියේ ආහාර මේසයෙදී නැන්දා විමසුවේ රුවන් මල්ලී අභියසදීමය. ඔහු නැන්දාගේ මුහුණ දෙස හොරැහින් බලනවා මම දුටුවෙමි.[/FONT]

    [FONT=&quot]“උඩවත්ත කැමතියිලු අපිත් එක්ක මේ තියෙන යාළුකම නෑදෑකමකට හරව ගන්න.”[/FONT]

    [FONT=&quot]ඒ ඇසූ මල්ලී කටට ගත් බත් පිඬ උගුරේ ගියේය. ඔහු එක දිගට කහිද්දී මම වතුර වීදුරුව දිගු කළෙමි.[/FONT]

    [FONT=&quot]“මොකක්ද අම්මා ඒ කතාවෙ තේරුම..?”[/FONT]

    [FONT=&quot]එක හුස්මට වතුර වීදුරුව බී අවසන් කළ ඔහු ඇසුවේ තරහෙන් වගේය. නමුත් නැන්දා අමුතුම ආකාරයට සිනාසුණි.[/FONT]

    [FONT=&quot]“ඔයා කලබල වෙන්න එපා.. යොජනාව ඔයාට නෙමෙයි අක්කට..”[/FONT]

    [FONT=&quot]“මට..?”[/FONT]

    [FONT=&quot]එවර බිය වූයේ මල්ලී නොව මාය. උඩවත්ත ඇන්ටී යෝජනාව ගෙන ආවේ මල්ෂා හා රුවන් මල්ලී සම්බන්ධව වන්නට ඇතැයි මම සිතා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“පැහැසර පුතා අපේ දෝණිව දැකලා කැමති වෙලාලු.. මිනිහා ආපහු රට යන්නෙත් නෑ කියලා උඩවත්තට කිව්වලු. ඇවිත් අපිත් එක්ක මේ ගැන කතා කරන්න කියලා.”[/FONT]

    [FONT=&quot]එක් ආදරයක් අමතක කළ නොහැකිව මා ළත වෙද්දී තවත් එකක් පැටලී ඇත. වසර ගණනාවක් විදෙස්ගතව උන් සල්ලිකාර කොල්ලන් ගැන මසිතේ පැහැදීමක් නොවුණ තරම් ය. එනිසා මම එය නෑසුණ විලස උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“පැහැසර පුතා රට හිටියට හුඟක් හොඳට හැදුන ළමයෙක්. එයා මල්ෂා දුව වගේ නෙමෙයි.”[/FONT]

    [FONT=&quot]ඇගේ කතාවට මල්ලීත් මමත් නැන්දා දෙස බැලුවේ එක වීටම වාගේය. නොකියා උන්නාට මල්ෂා ගැන තොරතුරු ඇය ද දැන ඉන්නට ඇත. නැතිනම් ඈ කිසිදාක එවැනි කතාවක් නොකියයි.[/FONT]

    [FONT=&quot]“මේ ලෙඩ හැදිලා ඉන්න වෙලාවෙ අක්කගෙ ඔළුව අවුල් කරන්න එපා අම්මා. එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න.”[/FONT]

    [FONT=&quot]රුවන් මල්ලී වැඩිහිටියෙකු සේ මා ගලවා ගැනීමට ඉදිරිපත් වද්දී නැන්දා නිශ්ශබ්ද විය. මසිත තේරුම් ගැනීම පිළිබඳව මම මල්ලීට සිතින් ස්තුති කළෙමි.[/FONT]

    [FONT=&quot]“දෝණි දන්නවද.. හෙට මාමා ලංකාවට එනවලු..”[/FONT]

    [FONT=&quot]කාලය ගත වූ ඉක්මන සිතාගත නොහුණු තරම් ය. මම සතුටින් නැන්දා දෙස බලද්දී ඇය දෙනෙතෙට නැගුණු කඳුළක් පිසදා ගත්තේය. හෙටින් පසු ඇගේ පාලුව කාන්සිය තුරන්ව යනු ඇත.[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]

    එදින දහවල් ආහාරය ගෙන අහවර වූ මා කාමරයට වැදී සිතේ දුක තුනී කරන්නට මෙන් නිසදැස් ලීවිමි. දුලාජ් අයියාට පිදූ ආදරය ඒ සෑම එකකම ඇතුළත්ව තිබුණි. නමුත් මට අවැසි වූයේ එය නොවේ. මගේ සිතේ දුක පත් ඉරු මත දිගහැරීමටය. ඉතින් මම තවත් වරක් උත්සාහ කළෙමි.[/FONT]


    [FONT=&quot]මුළු සිතම අවුළුවා[/FONT]
    [FONT=&quot]කෑ ගහා හඬන්නට[/FONT]
    [FONT=&quot]නෙත් කෙවෙනි හට සීත[/FONT]
    [FONT=&quot]කඳුළු කැට කොයින්දෝ...[/FONT]

    [FONT=&quot]රෑ පුරා නිදිවරා[/FONT]
    [FONT=&quot]උණුසුම්ව හෙළන්නට[/FONT]
    [FONT=&quot]පුංචි සිතකට මෙබඳු[/FONT]
    [FONT=&quot]සුසුම් වැල් කොයින්දෝ...[/FONT]

    [FONT=&quot]අඳුරු සිත එකළු කර[/FONT]
    [FONT=&quot]සිනහවක් මවන්නට[/FONT]
    [FONT=&quot]පාළු හදකට මිහිරි[/FONT]
    [FONT=&quot]සිහිනයක් හොයින්දෝ...[/FONT]

    [FONT=&quot]සසල වූ මගේ සිත[/FONT]
    [FONT=&quot]නිසංසල කරන්නට[/FONT]
    [FONT=&quot]කඳුළු හා සුසුම් වැල්[/FONT]
    [FONT=&quot]වලට හැකි වේවිදෝ...[/FONT]

    [FONT=&quot]එය ලියා අවසන් කළ ද සිත තෘප්තිමත් වූයේ නැත. ඉතින් මම එම කඩදාසිය ගුලි කර මේසයේ කොණකට දැමූවෙමි. එසැණින් පාත් වූ දිගැති අතැගිලි සහිත අතක් එය ග්‍රහණය කර ගත්තේය. මම වහා හැරී බලද්දී මට පිටුපස උන් රුවන් මල්ලී එම කොළය දිගහැර කියවන්නට විය.[/FONT]

    [FONT=&quot]“හිත ඔය තරමටම සසල වෙලාද අක්කා..?”[/FONT]

    [FONT=&quot]ඔහු ගැඹුරු හඩින් අසද්දී මම දෙනෙත් දුරකට පා කළෙමි.[/FONT]

    [FONT=&quot]“හැමදාම කරුවල නෑ. අමාවක ගෙවුණාම පුර හඳ පායන්න ගන්නවා. එතකොට ජීවිතේ එළිය වෙයි.”[/FONT]

    [FONT=&quot]මල්ලිට කවි සිතුවිලි පහල වී ඇතුවා වැනිය. ඔවැනි සොඳුරු අදහස් ඔහු සතුව තිබුණයැයි මා දැන උන්නේ නැත.[/FONT]

    [FONT=&quot]“ඔයා වෙනස් වෙලා මල්ලි..”[/FONT]

    [FONT=&quot]“ඔව්.. මං වෙනස් වෙලා.. ආදරේ නිසා වෙනස් වෙලා..”[/FONT]

    [FONT=&quot]මට ඔහුව වැටහුණා නොවේ. කෙසේ වුව ද ඔහු පෙරට වඩා සතුටින් ඉන්නා වග පැහැදිලිය. ඉතින් ඔහු යමක් කියනා තුරු මා බලා සිටියෙමි.[/FONT]

    [FONT=&quot]“මට ආදරේ දිහා සුභවාදීව බලන්න පුළුවන්..”[/FONT]

    [FONT=&quot]ඒ කටහඩේ සතුටක් ගැබ්ව තිබුණි. ඔහු ආදරය දෙස සතුටින් බලන්නට උත්සාහ ගන්නා විට මගේ ආදරය මා හඬවමින් හිඳී. සෙනෙහස කොතරම් පුදුම සහගතදැයි සිතා බලද්දී මට මියුරු ගීයක් සිහිපත් විය.[/FONT]

    [FONT=&quot]“ප්‍රේමය ලොව හැම තැනම ඇතී...[/FONT]
    [FONT=&quot]හැම දෙනටම හමුවෙලා ඇති[/FONT]
    [FONT=&quot]එනමුදු ප්‍රේමය කිමැයි කියා[/FONT]
    [FONT=&quot]හඳුනාගත් කිසි කෙනෙකු නැතී...[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මල්ලී මගේ දෑසට එබෙද්දී මම පියවි සිහියට පැමිණියෙමි.[/FONT]

    [FONT=&quot]“හැම වෙලේම දුක හිතෙන විදියට හැසිරෙන්න එපා. දැන් තාත්තා මග එනවලු. අපි පහළට යං...”[/FONT]

    [FONT=&quot]මාස කිහිපයකට පසුව මාමාට මුහුණ දිය යුතු නිසා ව්‍යාජ සිනාවක් තොළගට ඇඳ ගතිමි. නමුත් එය සාර්ථක වූවාදැයි මා දැන උන්නේ නැත.[/FONT]

    [FONT=&quot]අප පහළට යන විට නැන්දා මිදුලට වී මාමා එන පෙරමඟ බලා උන්නේය. මම ද ඈ ළගින්ම හිඳ මිදුල සිසාරා බැලිමි. මේ තිබේනනේ ලොකු මාමා විදෙස් ගත වීමට පෙර තිබූ ගෙමිදුල නොවේ. නොයෙක් මල් වර්ග හා විචිත්‍ර පැළ වලින් සමන්විත වර්ණ ගන්වන ලද මල් පෝච්චි පිරි ගත් ක්‍රමානුකූළ ගෙමිදුලකි. නැන්දා එය අතුගා ක්‍රමානුකූලව තබා ඇත. සුළඟට බරව දෙපසට වැනෙමින් තිබූ එක එක ප්‍රමාණයේ රෝස මල් සිතේ පහන් හැඟීමක් ඇති කරලීමට සමත් විය.[/FONT]

    [FONT=&quot]“අම්මා.. එයාලා කෝල් කළාද..?”[/FONT]

    [FONT=&quot]මල්ලී ඇසූ බහු වචනය මට වැටහුණේ නැත. පැමිණිය යුතුව තිබුනේ ලොකු මාමා පමණකි.[/FONT]

    [FONT=&quot]“කවුද එයාලා.?”[/FONT]

    [FONT=&quot]නැන්දා මල්ලී දෙස බලද්දී ඔහු තිගැස්සෙනවා මම දුටුවෙමි. ඔවුන් යමක් මගෙන් සඟවාගෙන ඉන්නවා යැයි මට මොහොතකට සිතුණි. එවෙලෙහි ම ගේට්ටුව ඉදිරිපස නතර කළ රථයක් නළාව ශබ්ද කරන්නට විය. නැන්දා ගේට්ටුව විවර කරද්දී මම ලොකු මාමා පිළිගැනීමට අඩියක් දෙකක් පෙරට ගියෙමි.[/FONT]

    [FONT=&quot]“මගේ දෝණි... කොහොමද පුතේ..?”[/FONT]

    [FONT=&quot]මාමා මල්ලීවත් මාවත් සිය තුරුලට ගනිද්දී මම ඔහුගේ උරහිසට උඩින් ඡායාවක් දුටුවෙමි. මට මගේ දෑස් විශ්වාස නැතුව ගියේය. රථයේ පසුපස දොර හැර බිමට බැස්සේ මා රට ඉන්නවායැයි සිතා උන් මගේම මවය. මම ඇසිපිය නොහෙලා ඈ දෙස බලද්දී ඇය දෑසට කඳුළු පුරවා මදෙස බලා උන්නා ය. මගේ හුස්ම ගැනීමේ වේගය වැඩිවෙනවාත් මගේ ඇඟ වෙව්ලනවාත් මට දැනුණි. ඒ දුටු මල්ලී මගේ ඉන වටා දෑත යවා මාව නිවස තුළට දැඳවාගෙන යෑමට උත්සාහ දරුවේ ය.[/FONT]

    [FONT=&quot]“මාමා.. මෙයාව මොකටද එක්කන් ආවේ..?”[/FONT]

    [FONT=&quot]මගේ හඬ බොහෝ දැඩි වන්නට ඇත. සැබැවින්ම මට මවකගේ සෙනෙහසක් අවැසි නොවේ. තාත්තාගේ මරණයත් සමඟ මම ඇයවද සිතින් මිහිදන් කළෙමි.[/FONT]

    [FONT=&quot]“හරි අපි ගෙට ගිහින් කතා කරමුකො... චූටි පුතා. අක්කව ගෙට අරන් යන්න. රූපි ඔය බෑග් ටික ගන්න.”[/FONT]

    [FONT=&quot]මාමාගේ අණට මම රොබෝවකු සේ අවනත විමි. මල්ලී මාව සාලයේ පුටුවකට බර කළේය.[/FONT]

    [FONT=&quot]“නංගී.. ගෙට ඇවිත් වාඩි වෙන්න.”[/FONT]

    [FONT=&quot]අම්මා ගෙට පය තැබුවේ මගේ මුහුණ දෙස චකිතයෙන් බලමිනි. මම ඇයව දවා අළු කර ගත හැකි මට්ටමේ බැල්මක් හෙළා දෑත් මිට මොලවා ගතිමි. මගේ වෙනස වටහාගත් මාමා පැමිණ මා ළඟින්ම හිඳ ගත්තාය.[/FONT]

    [FONT=&quot]“දෝණි තරහින් කියලා මං දන්නවා. මේ වෙලාවෙ අම්මා මං එක්ක ආපු එකත් ඔයාට පුදුම ඇති.”[/FONT]

    [FONT=&quot]“ආපු ගමන් ඕවා ගැන කතා කරන්න ඕන නෑ. මුලින්ම චේන්ජ් එකක් දාගෙන ඉන්නකො.”[/FONT]

    [FONT=&quot]නැන්දා ඔහුව වළක්වා කියද්දී මම අඩියට දෙකට පියගැට පෙල නැගීමි. හැම විටම මගේ සෙවණැල්ල මෙන් වූ රුවන් මල්ලී මේ මොහොතේ ද මා පසුපස පැමිණ උන්නේය.[/FONT]

    [FONT=&quot]“හදිසි වෙලා තීරණ ගන්න හදන්න එපා අක්කෙ. ඉස්සෙල්ලා එයාලට කතා කරන්න ඉඩ දෙමු. ඊට පස්සෙ අපි හොඳ විදියක් බලමු.”[/FONT]

    [FONT=&quot]මල්ලී නොදන්නවා සේ උන්නාට ඔහු ද මේ කුමන්ත්‍රණයේ හවුල්කාරයෙකි. ඉතින් මට ඔහු කෙරෙහිද තරහක් ඇති වුණි.[/FONT]

    [FONT=&quot]මා මෙතෙක් සිතා උන්නේ අම්මා මැදපෙරදිග රටක රැකියාවට ගිය බවකි. එසේ වූවා නම් ලොකු මාමාට ඇය මුණ ගැසීමට අවස්ථාවක් නැත. ඇය ජපානයේ උන් බවක් හෝ රට ගිය පසු මාමා හෝ නැන්දා සමග සම්බන්ධඛමක් පැවැත් වූ බවක් මා නොදැන උන්නෙමි.[/FONT]

    [FONT=&quot]ඒ සියල්ලටම පෙර මට හරහා නැඟුණේ ඈ දැකීමත් සමගම මීට මාස ගණනකට පෙරාතුව මියගිය මගේ දයාබර තාත්තා සිහි වීමෙනි.[/FONT]

    [FONT=&quot]“කල්පනා කරලා ආපහු ලෙඩ වෙන්න එපා. ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න..”[/FONT]

    [FONT=&quot]මල්ලී කාමරයේ උන් වගක් මා සිහියේ තිබුණේ නැත. ඔහු මසිත කියවන්නට ඇති බව මට සිතුණි.[/FONT]

    [FONT=&quot]ලොකු මාමා නැවත එන තෙක් කොතෙක් බලා උන්නද අම්මලාගේ ආගමනයත් සමග මම මුළුගැන්වී සිටියෙමි. නමුත් රාත්‍රී කාලයේ මාමා මා සාලයට කැඳවා ගත්තේය.[/FONT]

    [FONT=&quot]නැන්දා අම්මා මෙන්ම රුවන් මල්ලීද සෙටියට වී කතා කරමින් උන් අතර මම දුටු සැනින් ඔවුන් නිහඬ වූහ.[/FONT]

    [FONT=&quot]“හැමදේම හිත්වල තියාගෙන ඉඳලා වැඩක් නෑ. අපි හැමෝම විවෘතව කතා කරමු.”[/FONT]

    [FONT=&quot]මාමා කතාව ආරම්භ කිරීමට පෙර කොන්දේසියක් පැනෙව්වේ ය. නමුත් මම නොදොඩා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“දෝණි හිතන් ඉන්නෙ ඔයාගෙ අම්මා ඔයාට ආදරේ නෑ කියලනේ. ඒක වැදියි දූ. ඔයා මෙහෙ ආපු දවසෙ ඉඳලා අම්මා ඔයා ගැන හෙව්වා බැලුවා. ඔයා වෙනුවෙන් සල්ලි එව්වා.”[/FONT]

    [FONT=&quot]“ඔච්චර ආදරේ නං ඇයි මාව දාලා ගියෙ.....?”[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]සිතේ තරහා වැඩි කමට මම නැන්දාගේ කතාවට බාධා කළෙමි. අම්මා දෑසේ කඳුළු පරවා මදෙස අසරණ බැල්මෙන් බැලුවාය.[/FONT]

    [FONT=&quot]“දාලා ගියා නෙමෙයි දූ.... එයාට යනන් උණා. මම මගේ නංගි නිසා මෙයා සුද්ධ කරනවා නෙමෙයි. අම්මා වැරැද්දක් කළා. ඒත් එයා ඔයා හිතන තරම් නරක කෙනෙක් නෙමෙයි.”[/FONT]

    [FONT=&quot]මට නැන්දාගේ මෙන්ම මාමාගේ ද කතා වැටහුණේ නැත. ඔවුන් දෙදෙනා මගේ හිත හැදීමට මෙන් අම්මා නිදොස් කීමට උත්සාහ දරතී.[/FONT]

    [FONT=&quot]“අම්මා අවුරුදු පහළොවේ ඉඳලා කෙනෙකුට ආදරය කළා දූ. ඒත් ඔයාගෙ ආච්චිවත්, සීයවත් ඒකට කැමති වුණේ නෑ. එයාලා අම්මගෙ අකමැත්තෙන් එයාව ඔයාගෙ තාත්තට බන්දලා දුන්නා.”[/FONT]

    [FONT=&quot]මාමා දිගු කතාවක් කෙටි කර පවසද්දී මම ඕනෑකමින් එයට කන් දී උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“අම්මා නැති දුක දරාගන්න බැරිව එයා හමුදාවට ගියා. දවසක් එයා යුද්දෙන් දරුණු තුවාල ලැබුවා කියලා ආරංචි වුණා. ඔයාගෙ අම්මා වෙනස් වුණේ එදා ඉඳලා. නංගි.....?”[/FONT]

    [FONT=&quot]කතාව මාමා අම්මාට බාර කළේය. එවර නම් මම තරමක් උනන්දුවෙන් එය අසා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“ඔව්.. මගේ අකමැත්තෙන් වුණත් මාව බන්දලා දීලා තිබුණෙ නියම වැදගත් මහත්තයෙකුට. ඉතිං අපි ආදරෙන් හිටියා. අයියා කිව්වා වගේ නලීන් බෝම්බයකට අහුවුණා කියලා ආරංචිය ආපු දවසෙ මගේ ඉහ මොළ රත් වුණා.[/FONT]

    [FONT=&quot]පරණ දේවල් අලුත් වුණේ එදා ඉඳලා. මම හැමෝටම හොරෙන් ආමි හොස්පිට්ල් එකට ආවා ගියා. ඒත් ඒකත් මගේ මහත්තයට ආරංචි වුණා. එදා ඉඳලා අපි අතරෙ නිතර රණ්ඩු ඇති වුණා. මට ඕන වුණේ ආපහු නලීන් ළගට යන්න නෙමෙයි. මං හින්දා ආමි එකට ගිහින් ආබාධිත වුණ එයාට මගේ යුතුකම ඉටු කරන්න.[/FONT]

    [FONT=&quot]ඒකෙන් අපේ පවුලෙ සමගිය නැත්තටම නැති වුණා. අපි තුන්දෙනා වෙන වෙනම ලෝක වල තනි වුණා.[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]අම්මා සිය පාපොච්චරාණය දිගහරිද්දී මම අතීත සිදුවීම් ඒ කතාව හා ගැළපීමට උත්සාහ දැරීමි.[/FONT]

    [FONT=&quot]“අවුරුදු ගාණක් ඔය විදියටම කාලෙ ගෙවුණා. දවසක් නලීන්ට හොදටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ ඉඳලා පණිවුඩයක් ආවා. ඔය වෙද්දී එයාගෙ දකුණු කකුල කපලා තිබුණෙ”[/FONT]

    [FONT=&quot]“ඉතින්......?”[/FONT]

    [FONT=&quot]මටත් නොදැනිම මගේ මුවින් එසේ පිටවද්දී අම්මාගේ දෑස් දීප්තිමත්ව යනවා මා දුටුවෙමි.[/FONT]

    [FONT=&quot]“එයා ළග නවතින්නවත් කෙනෙක් එදා හිටියෙ නෑ. එයාගෙ නෑදෑයො කීප දෙනෙකුට පණිවුඩ දීලා බැරි වුණ තැන එදා මං නලීන් ළග නවතින්න තීරණය කළා. ඒක තමයි ජීවිතේ මං ගත්ත මෝඩම තීරණය.”[/FONT]

    [FONT=&quot]අප සැම දෙනාම මීයට පිම්බා වගේ නිශ්ශබ්දව එයට කන් දී උන්නෙමු. අම්මා දිගටම කතාව කියාගෙන ගියාය.[/FONT]

    [FONT=&quot]“මං එදා ගෙදර ආවෙ නැති එකට දූලගෙ තාත්තා කලබල වෙලා. එයා හිතලා තියෙන්නෙ මං නලීන් එක්ක පැනලා ගිහින් කියලා. ඒක දරාගන්න බැරිව තමයි එයාට පපුවෙ අමාරුවක් ඇවිත් තියෙන්නෙ.”[/FONT]

    [FONT=&quot]අම්මා මොහොතක් දෙදණේ හිස හොවා හඬා වැටුණාය. නමුත් මසිතේ නම් ගණගාටුවක් ඇති නොවුණි.[/FONT]

    [FONT=&quot]“එයා නැති වුණා කියලා දැන ගත්ත වෙලේ මං නලීන් බෝම්බෙකට අහුවුණා කියලා දැනගත්ත දවසට වඩා දුක් වුණා. මං මොන වැරැද්ද කළත් ඒ මනුස්සයා මට පුදුම විදියට ආදරේ කළා.[/FONT]

    [FONT=&quot]එයා නැති ගෙදර තවදුරටත් ජීවත් වෙන්න බැරි නිසා තමයි මං තුන්මාසෙ දානෙ ඉවර වුණ ගමන් රට ගියේ. [/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]අම්මා කතාව ඉවර කරද්දී මට අලුතෙන් සිතීමට යමක් ඉතිරිව තිබුණි. ඇය වරදට පෙළඹුණේ ඇගේ පළමු ආදරය නිසාය. ඈ නොදන්නවා වුව ද ඇගේ දියණිය ද මේ වන විට ප්‍රථම ප්‍රේමය නිසා දුක් විඳී.[/FONT]

    [FONT=&quot]“හරි.. දෝණි බුද්ධිමත් ළමයෙක්නෙ. එයා හිතලා එයාට කැමති තීරණයක් ගනියි. නංගි ඔයාගේ අනිත් යෝජනාව දූවට කියන්න.”[/FONT]

    [FONT=&quot]මාමා අම්මගේ කතාවට අනුබල දෙද්දී ඇය යළිත් මදෙසට හැරුණි.[/FONT]

    [FONT=&quot]“මං නිතර රූපිකාට කතා කරලා ඔයාගෙ දුක සැප ඇහුවා දූ. ඔයාට මාව හම්බ වුණ දවසක කතා කරන්න කියලා මං මෙයාලට මගේ විස්තර දීලා තිබුණෙ.[/FONT]

    [FONT=&quot]දූ අසනීප වුණා කියලා ආරංචිය ආව ගමන් මං කලබල වුණා. රූපිකා කිව්වා වගේ ඔයා අමාරුවකින් ඉන්නවා කියලා. හැම වෙලේම දුකින් ඉන්නවා කියලා.. ඉතිං මං ලංකාවට ආවා.. නිකම්ම නෙමෙයි මගේ දුවව මගේ ළඟට ගෙනියන්න ඕන හැම දෙයක්ම ලෑස්ති කරගෙන.[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]ඒ කතාවට මගේ පපුව තිගැස්සී ගියා වගේය. නමුත් රුවන් මල්ලී මටත් වඩා කලබලව උන්නේය.[/FONT]

    [FONT=&quot]“අනේ එපා නැන්දෙ.. අක්කව ගෙනියන්න එපා.. ප්ලීස්..”[/FONT]

    [FONT=&quot]ඔහු දෑත් එක්කර වඳිමින් කියද්දී ඒ දෑස්වලින් කඳුළු කැට කඩා හැලුනි. මම ඒ විසල් සොඳුරු පෙම දෙස සංවේදීව බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“නැන්දටවත්, අක්කටවත් බල කරන්න එපා චූටි පුතා. එයාලට නිදහසේ තීරණ ගන්න ඉඩ දෙන්න.”[/FONT]

    [FONT=&quot]මාමා මල්ලීව අම්මා ළගින් ඉවත් කරද්දී ඔහු පිස්සෙකු මෙන් හඬා වැළපෙන්නට විය. ඒ දුටු මගේ දෑසින් ද කඳුළු ගලා ගියේය.[/FONT]

    [FONT=&quot]“අපිට කළුතර නවතින්න බැරිද අම්මා..?”[/FONT]

    [FONT=&quot]බොහෝ කල් වේලා ගෙන මා ඇසූ පැනයට අම්මාගේ මෙන්ම මාමාගේ මුවෙහි විස්මයක් ඇඳුණි. මං අම්මා කෙරෙහි ළංවීම ඔවුනට පුදුමයක් වන්නට ඇත.[/FONT]

    [FONT=&quot]නමුත් සත්‍යය එය නොවේ. මට අවැසි වූයේ දුලාජ් අයියාව නෙපෙන මානයෙන් ඉවත් වී හිත හදා ගැනීමටය. ඔහුගේ සොඳුරු රුව අමතක කර දැමීමටය. අම්මාගේ සිතේ මා ගැන ආදරයක් ඉතිරිව තිබීම එයට පහසුවකි.[/FONT]

    [FONT=&quot]“කළුතර ගියොත් ඔයාට වගේම මටත් හිත හදාගන්න බැරිවෙයි දෝණි. ඒ ගෙදර ඔයාගෙ තාත්තා ඉන්නවා වගේ මට දැනෙනවා.”[/FONT]

    [FONT=&quot]එය නම් සැබෑවකි. රුවන් මල්ලී සමග කලකට පසු කළුතර ගිය දිනද මට තාත්තාගේ සුවඳ දැනුණේ ය. නමුත් මා ඒ නිවහනට ඒ වටපිටාවට ආසා කළෙමි.[/FONT]


    Mathusambandai.gif
     
    • Like
    Reactions: ratedrkoman