|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    AhVztXY.png

    :confused::sorry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    what im saying is, kohli wasnt really a super talented player, he was above average player at best when he played u19, hardwork made him the worlds best,

    if u are good enough to get selected to u19, team , club team, A team even national, they u hv some talent, and with hardwork most of them can become great players,

    u saying our players work hard but got no talent so thats why they fail is truly stupid

    agree with you.he work's very hard on his fitness.That's why even after getting a hundred he is not exhausted.Look at how fast he run between wickets.Also how strong his bottom hand is,even a flick with some effort goes for six
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    hari dan kawuda un dennawa eliyata danna kewe :rofl:
    AM captan awul kiyalane kiyanne. anika u samahara salakannai thawwa unta kepilla dana ekai prasidda karanawakne api nam kewe a gena. nathiwa AM ge batting walawath LM bowling walawath waradak newei :P (api newei mama)

    hari ea uba ne :P oya post eka hadala thiyenne ubata direct karala neme poduwe sinhalunta :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය 3-0 ක ජයක්‌ දකුණු අප්‍රිකාවට ලබාදීම වෙනුවෙන් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාවු කාගිෂෝ රබඩා ජාත්‍යන්තර ටෙස්‌ට්‌ පන්දු යවන්නන් අතර පළමු වරට ඩේල් ස්‌ටේන්ව අභිබවා යැමට සමත්ව තිබේ.
    රබඩා ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී කඩුලු 19 ක්‌ ලබා ගත් අතර එහිදී ඔහුගේ කඩුල්ලක්‌ ලබා ගැනිමේ සාමාන්‍ය 17.15 ක්‌ ලෙස සටහන් වේ.
    දකුණු අප්‍රිකානු අංක එකේ වේග පන්දු යවන්නා වන ඩේල් ස්‌ටේන් ආබාධයක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය ක්‍රීඩා නොකළ අතර එහිදී රබඩා දැක්‌වු දක්‍ෂතාව හේතුවෙන් ඔහු නවතම ශ්‍රේණිගත කිරීම්වල පස්‌වැනි තැන දක්‌වා උසස්‌වීම් ලබා තිබේ. ඩේල් ස්‌ටේන් හයවැනි ස්‌ථානයේ පසුවේ.
    පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාවේ රවීචන්ද්‍රන් අශ්වින් සමත්ව ඇති අතර දෙවැනි ස්‌ථානය රවීන්ද්‍ර ජඩේජාට හිමිව තිබේ. දකුණු අප්‍රිකානු සංචාරයේදී කඩුලු අතරට පිවිසීමට නොහැකිවු රංගන හේරත් පන්දු යවන්නන් අතර සිව්වැනි තැනට පත්ව තිබේ.
    මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි ටෙස්‌ට්‌ තරගය තමාගේ සියවැනි ටෙස්‌ට්‌ තරගය බවට පත්කර ගත් දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල හයවැනි තැනට පත්ව තිබේ.
    නවතම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන නුවන් ප්‍රදීප් 33 වැනි ස්‌ථානයේත් සුරංග ලක්‌මාල් 34 වැනි ස්‌ථානයේත් පසුවේ. නවක ක්‍රීඩක ළහිරු කුමාර 61 වැනි ස්‌ථානයට පත්ව තිබේ.

    nethgossip
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි20 තරගයේ පටන් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර නායක ඒ.බී. ඩිවිලියර්ස් නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියට පැමිණීමට වැඩි අවස්ථාවක් ඇති බව දකුණ අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි.
    ඩිවිලියර්ස්ගේ වැලමිටේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවන් ඔහු ශ්‍රී ලංකාව හා පැවැති ටෙස්ට් තරගාවලියට එක් නොවුණ අතර දෙරට අතර පැවැත්විමට නියමිත පළමු හා දෙවැනි විස්සයි20 තරග සඳහා නම් කළ සංචිතයටද ඔහුගේ නම ඇතුළත් නොවිණි.
    කෙසේ වෙතත් මේ වන විට ඩිවිලියර්ස් ක්‍රමයෙන් ආබාධයෙන් සුවය ලබා ඇති හෙයින් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සිමිත පන්දුවාර තරගාවලි සඳහා එක්වීමට වැඩි ඉඩක් ඇතැයිද දකුණු අප්‍රිකනු වාර්තා සඳහන් කරයි.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරඟාවලිය දරුණු ලෙස පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සමාජයේ බොහෝ දෙනා අතර කතිකාවතක් ඇතිව තිබේ..කෙසේ වෙතත් පසුගිය වසර 3 පුරාවටම ශ්‍රීලංකාව ලබන මෙම පරාජය වීම් නිසා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්ණ කරති.නිමාවූ දකුණු අප්‍රිකා සංචාරයේදීද ක්‍රීඩා විචාරකයින් මැතිව්ස්ගේ නායකත්ව උපක්‍රම පිළිබඳ ප්‍රශ්ණ කරන අයුරු දැක ගැනීමට හැකිවිය.
    කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ වන විට ක්‍රිකට් ආයතනයේ ඇතැම් ඉහළ නිළිධාරීන් අතරද අසතුට පළවී තිබෙන බව වාර්තාවේ..ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක්තරා පුහුණුකරුවෙකු එක්වී අත්තනෝමතික ලෙස කණ්ඩායම තේරීම් කටයුතු වලට බලපෑම් කරන බවත් ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන බවත් දැනගන්නට ලැබේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි20 තරගයේ පටන් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර නායක ඒ.බී. ඩිවිලියර්ස් නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියට පැමිණීමට වැඩි අවස්ථාවක් ඇති බව දකුණ අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි.
    ඩිවිලියර්ස්ගේ වැලමිටේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවන් ඔහු ශ්‍රී ලංකාව හා පැවැති ටෙස්ට් තරගාවලියට එක් නොවුණ අතර දෙරට අතර පැවැත්විමට නියමිත පළමු හා දෙවැනි විස්සයි20 තරග සඳහා නම් කළ සංචිතයටද ඔහුගේ නම ඇතුළත් නොවිණි.
    කෙසේ වෙතත් මේ වන විට ඩිවිලියර්ස් ක්‍රමයෙන් ආබාධයෙන් සුවය ලබා ඇති හෙයින් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සිමිත පන්දුවාර තරගාවලි සඳහා එක්වීමට වැඩි ඉඩක් ඇතැයිද දකුණු අප්‍රිකනු වාර්තා සඳහන් කරයි.

    paw ban ape un :( ekko ba kiyala enna thiyanne :D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් ලෙස සුවිශේෂි සේවයක් කරන බව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසයි.
    දකුණු අප්‍රිකාව හා පැවැත්වූ ටෙස්ට් තරගාවලියේදි 3-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරජයවීමත් සමග ඇන්ජලෝ මැතිව්ස්ට විවේචනය කරමින් විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ ජාලය හා පැතිර යන ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් පුහුණුකරු මෙම අදහස් දැක්වීය.
    කෙනෙකු විවේචනය කිරීම පහසු බවත් ඇන්ජලෝ මැතිව්ස්ට දකුණු අප්‍රිකාව හා තරග කිරිමට සිදුවූයේ තරුණ හා සුදුසුකම්වලින් අඩු කණ්ඩායමක් සමග බවත් පුහුණුකරු පෙන්වා දෙයි.
    ලැබූ පරාජය කණ්ඩායමට කිසිසේත්ම සතුටුදායක තත්ත්වයක් නොමැති බවත් නායකයෙකු ලෙස කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දැකුණු අප්‍රිකානු තත්ත්ව යටතේ කටයුතු කිරිමට උපරිම මග පෙන්විමක් මැතිව්ස් ලබාදුන් බවද ග්‍රැහැම් ෆෝඩ් පවසයි.
    දකුණු අප්‍රිකාව හා පැවැති තරගාවලිය 3-0ක් ලෙස පරාජය විම කනගාටුදායක කරුණක් බවත් දකුණු අප්‍රිකාව යනු ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් සහිත රටක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    mu mathewstai utai sudu hunu gaagannawa...