෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LAT-PULL-DOWN.jpg


    [FONT=&quot]> පිට ප්‍රදෙශයේ ([/FONT]V[FONT=&quot]) ෂේප් එක නැතහොත් ලැටීසීමත් ඩොර්සි මාංශ පේශිය ප්‍රධාන වශයෙන් ද, සුළු වශයෙන් බාහුවල ඉදිරිපස මාංශ පේශින් ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහා ලැට්පුල් ඩවුන් උපකරණය භාවිතා කළ යුතු අතර, පළමු රූපයේ ආකාරයට එම උපකරණය මත වාඩි වී ව්‍යායාමය ආරම්භ කළ යුතු අතර, සෙමින් බාර් එක හිස පිටුපසට, උරහිස් ප්‍රමාණය තෙක් ඇදීමත්, සෙමින් ඉහළට මුදා හැරීමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී පහතට අදිනු ලබන අවස්ථාවේදී හුස්ම පිටකිරීමත් ඉහළට මුදාහරින අවස්ථාවේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2llloo7.jpg
    FRONT-PULL-DOWN.jpg


    [FONT=&quot]> පිට ප්‍රදේශයේ ([/FONT]V[FONT=&quot])[/FONT][FONT=&quot]ෂේප් එක නැතහොත් ලැටීසිමත් ඩොර්සි මාංශ පේශිය සඳහා ප්‍රධාන වශයෙන් ද, සුළු වශයෙන් බාහුවල ඉදිරිපස මාංශ පේශියද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහාද ලැට් පුල් ඩවුන් උපකරණය භාවිතා කළ යුතු අතර, පෙර ව්‍යායාමයට වඩා මෙම ව්‍යායාමය වෙනස් වන්නේ, මෙම ව්‍යායාමය පහතට ඇදීමේදී හිස ඉදිරිපසට උරහිස් ප්‍රමාණය තෙක් ඇදීමයි. නැවතත් සෙමින් මුදාහැරීම සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදීද පහතට අදිනු ලබන අවස්ථාවේදී හුස්ම පිට කිරීමත් ඉහළට මුදා හරින අවස්ථාවේදී හුස්ම ගැනීමක් සිදුකළ යුතුය.[/FONT]

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    35cicn8.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදීද පිට ප්‍රදේශයේ ([/FONT]V[FONT=&quot])[/FONT] [FONT=&quot]ෂේප් එක නැතහොත් ලැටීසිමත් ඩොර්සි මාංශ පේශිය ප්‍රධාන වශයෙන් ද, බාහුවල ඉදිරිපස මාංශ පේශිය සුළු වශයෙන්ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී උරහිස් ප්‍රමාණයට මඳක් වැඩිවන අයුරින් බාර් එක අල්ලාගත යුතු අතර, පළමු රූපයේ පරිදි ඉදිරිපසට නැවී බාර් එක අල්ලාගනෙ, දෙවන රූපයේ ආකාරයට උදර ප්‍රදේශය තෙක් ඉහළට ඇදීමත්, පහතට මුදාහැරීමත් සිදුකළ යුතුය. මෙම ව්‍යායාමයෙදී නිවැරදි ඉරියව්ව පුහුණු වීම උපදේශකයෙකුගේ ආධාරයෙන් සිදු කිරීම වඩා සුදුසුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී බාර් එක ඉහළට ඇදීමේදී හුස්ම පිට කිරීමත් පහතට ගෙනඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ifqqmo.jpg

    http://i46.tinypic.com/ifqqmo.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදීද පිට ප්‍රදේශයේ [/FONT](V) [FONT=&quot]ෂේප් එක නැතහොත් ලැටීසිමත් ඩොර්සි මාංශ පේශිය ප්‍රධාන වශයෙන්ද, බාහුවල ඉදිරිපස මාංශ පේශිය සුළු වශයෙන්ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහා ඩම්බෙල් උපකරණයක් භාවිතා කළ යුතු අතර, පළමු රූපයේ ආකාරයට එක් දණහිසක් බංකුව මත තබා අනෙක් පාදය බිම තබා ව්‍යායාමය ආරම්භ කර, දෙවන රූපයේ ආකාරයට ඉහළට ඇදීමත්, පහළට ගෙන ඒමත් සිදුකළ යුතුය. එක් පසකට නියමිත වාර ගණන අවසන් වූ පසු අනෙක් පසට සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ද ඉහළට ගනු ලබන අවස්ථාවේදී හුස්ම පිට කිරීමත්, පහතට ගෙනඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CABLE-ROW.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ද පිට ප්‍රදේශයේ ([/FONT]V[FONT=&quot])[/FONT] [FONT=&quot]ෂේප් එක නැතහොත් ලැටීසිමත් ඩොර්සි මාංශ පේශිය ප්‍රධාන වශයෙන්ද, බාහුවල ඉදිරිපස මාංශ පේශිය සුළු වශයෙන්ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහා කේබල් රෝව් උපකරණය උපයෝගී කරගත යුතු අතර, පළමු රූපයේ පරිදි උපකරණය මත වාඩි වී, දෙවන රූපයේ ආකාරයට පිටුපසට දෙඅත් මඟින් කේබලය ඇදීමත්, නැවත ඉදිරියට මුදා හැරීමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ද කේබලය ඇදීමේදී හුස්ම පිට කිරීමත්, ඉදිරියට මුදාහැරීමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    STIFF-LEG-DEAD-LIFT.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමය ප්‍රධාන වශයෙන් පිට කොන්ද ප්‍රදේශයේ මාංශ පේශින් සහ කළවා වල පිටුපස මාංශ පේශින් ක්‍රියාකරනු ලබන අතර, පිට ප්‍රදේශයේ අනෙකුත් මාංශ පේශින් සුළු වශයෙන් ක්‍රියාකරනු ලබයි.[/FONT]
    [FONT=&quot]
    > මෙම ව්‍යායාමය දණහිස් නැමීමකින් තොරව පළමු රූපය ආකාරයට ආරම්භකර දෙවන රූපයේ ආකාරයට ඉහළට එසවීමත්, සෙමින් පහතට ඒමත් සිදුකළ යුතුය. මෙහිදී පහතට ඒමේදී දණහිස් නැවීමකින් තොරව ව්‍යායාමය සිදුකළ යුතුය.
    [/FONT]
    [FONT=&quot]
    > මෙම ව්‍යායාමයෙදී ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් පහළට ගෙනඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.
    [/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    REGULAR-DEAD-LIFT.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමය ප්‍රධාන වශයෙන් පිටකොන්ද ප්‍රදේශයේ මාංශ පේශින් සඳහා වන අතර, පිට ප්‍රදේශයේ අනෙකුත් සියළුම මාංශ පේශීන් සහ කළවා වල පිටුපස මාංශ පේශියද සුළු වශයෙන් ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> පළමු රූපයේ ආකාරයට ව්‍යායාමය ආරම්භ කර, දෙවන රූපයේ ආකාරයට ඉහළට නැගී සිටිය යුතු අතර, නැවත පෙර ආකාරයටම ඉහළට ඒම සිදුකළ යුතුය. මෙහිදී දෙඅත් මගින් බාර් එක ඉහළට එසවීම සිදු නොකළ යුතු අතර, ශරීරය ඉහළට එසවීම පමණක් සිදුකරනු ලබයි. පෙර ව්‍යායාමයෙන් මෙම ව්‍යායාමය වෙනස් වනුයේ මෙහිදී දණහිස් නවා පහළට යෑමත්, ඉහළට එසවීමේදී නැවත දෙපා කෙලින් කර ඉහළට එසවීමත්ය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ඉහළට පැමිණිමේදී හුස්ම පිට කිරීමත්, පහතට ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    GOOD-MORNING.jpg


    [FONT=&quot]>මෙම ව්‍යායාමය පිට කොන්ද ප්‍රදේශයේ මාශ පේශිය සඳහා වන අතර, කළාවා වල පිටුපස මාංශ පේශීන් සුළු වශයෙන් ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> පළමු රූපයේ ආකාරයට බාර් එක උරහිස මත තබාගෙන ඉදිරිපසට නැමීමත් (දෙවන රූපයේ ආකාරයට), ඉහළට එසවීමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී පහතට ඒමේදී හුස්ම ගැනීමත් ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> පිටකොන්දේ ආබාධ ඇති පුද්ගලයින් මෙම ව්‍යායාමයෙන් වැළකී සිටීම වඩා සුදුසු අතර, සියළුම ක්‍රීඩකයන් මෙම ව්‍යායාමයේ නිවැරදි ඉරියව්ව සඳහා පුහුණුකරුගෙන් උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.[/FONT]

     
    • Like
    Reactions: dineshlakshitha

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CLEAN-AND-JERK.jpg


    [FONT=&quot]> ප්‍රධාන වශයෙන් පිට ප්‍රදේශයේ සියළුම මාංශ පේශීන්ද, ශරීරයේ අනෙකුත් මාංශ පේශින් සුළු වශයෙන් ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> පළමු රූපයේ ආකාරයට ව්‍යායාමය ආරම්භ කළ යුතු අතර, දෙවන රූපයේ ආකාරයට උරහිස් මට්ටම තෙක් ඔසවා ගැනීමත්, නැවත උරහිස් මට්ටමේ සිට හිසට ඉහළින් (තෙවන රූපයේ පරිදි) ඔසවා ගැනීමත්, නැවත උරහිස් මට්ටමට ගෙන, නැවත පළමු රූපයේ ආකාරයට පොළව මට්ටමට ගෙන ඒමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී පොළව මට්ටමේ සිට උරහිස් මට්ටමට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්, උරහිස් මට්ටමේ සිට ඉහළට එසවීමේදී හුස්ම පිටකිරීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SNATCH.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් පිට ප්‍රදේශයේ මාංශ පේශින් සඳහා වන අතර, සුළු වශයෙන් ශරීරයේ අනෙකුත් මාංශ පේශීන් ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමයද පෙර ව්‍යායාමය පරිදිම වන අතර, වෙනස් වනුයේ පළමු රූපයේ ආකාරයට ආරම්භ කර කෙලින්ම හිසට ඉහළින් එසවීමයි. නැවත පළමු රූපයේ ආකාරයට පහළට ගැනීමත්, නැවත ඉහළට එසවීමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ගෙනඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Views 2,032 - Comments 31 :(:(
    කොමෙන්ට් එකක් දාන එක ඔය තරම් අමාරු වැඩක්ද..
    මේක කාටවත් ප්‍රයෝජනයක් වෙන්නෙ නැති පාටයි..
    මගේ වෙලාවයි වැඩයි පාඩු කරගෙන මේ ඔයාලා වෙනුවෙන් කලේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිසා කායවර්ධන කරන අයට..
    වැඩේ නවත්තනවා.. බොරු වැඩ කරලා තේරුමක් නෑ.. :yes:

    ගොඩක් දේවල් තියෙනවා තව.. ඒත් බොරු වැඩක්.. මගේ වෙලාවයි වැඩයි පාඩුවෙනවා ඒකෙන්..:yes: නිකන් බලලා යන්නෙ ප්‍රයෝජනයක් නැති නිසානේ..

    ජය!!

     

    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    well don't worry about comments
    you did very good job. keep it up sir........
    this will help me lot as others who like to build there body.....
    thank you so much
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    BARBELL-CURL.jpg


    [FONT=&quot]බාහුවල වැළමිටෙන් ඉහළ ඉදිරිපස මාංශ පේශිය සඳහා[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී තම උරහිස් ප්‍රමාණයට මදක් අඩුවන අයුරින් බාර් එක අල්ලාගෙන වැළමිට නවා එසවීමත්, පහත හෙලීමත් කළ යුතුය. මෙම ව්‍යායාමය පුරාවට දණහිස් මදක් නවා තබා ගත යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී බාර් එක ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    PREATCHER-CURL.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද බාහුවල වැළමිටෙන් ඉහළ කොටසේ ඉදිරිපස බයිසෙප් මාංශ පේශිය සඳහාය.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා විශේෂ ආධාරකයක් භාවිතා කළ යුතු අතර, දෙඅත් එම බංකුවේ ආධාරකය මත තබා වැ[/FONT]
    [FONT=&quot]ළමිට නවා බාර් එක ඉහළට එසවීමත්, පහත හෙලීමත් සිදුකළ යුතුය. මෙම ව්‍යායාමයෙදී දෙඅත් ආධාරකය මත රඳවා ව්‍යායාමය කරන බැවින් කෙළින්ම බයිසෙප් මාංශ පේශිය පමණක් ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]