෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    5xon7.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමය මිලිටරි ප්‍රෙස් ලෙසද හඳුන්වයි.[/FONT]

    [FONT=&quot]> ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශියේ ඉදිරිපස මාංශ පේශිය සහ මැද මාං පේශීයද සුළු වශයෙන් උරහිස් මාංශ පේශියේ පසුපස මාංශ පේශියද, බාහුවල පසුපස මාංශ පේශියද ක්‍රියාකාරී වේ.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමය සිටගෙන හෝ ඉඳගෙන කළහැකිය. පළමු රූපයේ ආකාරයට ඉහළින් පටන්ගෙන, සෙමින් හිස ඉදිරියෙන් උරහිස් ප්‍රමාණය දක්වා පහතට ගෙන සෙමින් ඉහළට එසවීම සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමය පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්, ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ziog49.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමය ප්‍රෙස් බිහයින්ඩ් නෙක් ලෙසද හඳුන්වනු ලබයි.[/FONT]

    [FONT=&quot]> ප්‍රධානව වශයෙන් උරහිස් මාංශ පේශීයේ ඉදිරිපස මාංශ පේශිය සහ මැද මාංශ පේශියද සුළු වශයෙන් උරහිස් මාංශ පේශියේ පසුපස මාංශ පේශියද බාහුවල පිටුපස මාංශ පේශියද ක්‍රියාකාරී වේ.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද සිටගෙන හෝ වාඩිවී කළ හැකිය. පළමු රූපයේ පරිදි ඉහළින් පටන්ගෙන, සෙමින් හිස පිටුපසින් උරහිස් ප්‍රමාණය දක්වා පහතට ගෙන ඒමත් නැවතත් ඉහළට එසවීමත් කළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්, ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    35b8so0.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශීයේ ඉදිරිපස මාංශ පේශියද මැද පිහිටි මාංශ පේශියද සුළු වශයෙන් උරහිස් මාංශ පේශියේ පසුපස මාංශ පේශියද බාහුවල පිටුපස මාංශ පේශීන්ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමයද සිටගෙන හෝ වාඩි වී සිදුකළ හැකිය. මෙම ව්‍යායාමය සඳහා ඩම්බෙල් උපකරණ දෙකක් භාවිතා කළ යුතු අතර, පළමු රූපයේ පරිදි ඉහළින් පටන්ගෙන සෙමින් පහතට ගැනීමත් (උරහිස් ප්‍රමාණයට, උරහිස් දෙපැත්තට) සෙමින් ඉහළට එසවීමත් කළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්, ඉහළට එසවීමේදී හුස්ම පිටකිරීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    311q9hz.jpg


    [FONT=&quot]> ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශීයේ ඉදිරිපස මාංශ පේශියද මැද මාංශ පේශියද, සුළු වශයෙන් උරහිස් ප්‍රදේශයේ පසුපස මාංශ පේශියද, බාහුවල පිටුපස මාංශ පේශියද ක්‍රියාකාරීවේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමයද සිටගෙන හෝ ඉඳගෙන සිදුකළ හැක. මෙම ව්‍යායාමය සඳහාද ඩම්බෙල් උපකරණ දෙකක් භාවිතා කළ යුතු අතර, මෙම ව්‍යායාමයද පෙර ව්‍යායාමය පරිදිම සිදුකළ යුතු නමුත් මෙහිදී අත් දෙක මාරුවෙන් මාරුවට ඉහළට එසවීම සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදීද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    55i5n6.jpg


    [FONT=&quot]> ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශීයේ ඉදිරිපස මාංශ පේශියද, සුළු වශයෙන් උරහිස් මාංශ පේශීයේ මැද මාංශ පේශියද, පිටුපස මාංශ පේශියද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සිටගෙන හෝ ඉඳගෙන සිදුකළ හැකි අතර, පළමු රූපයේ ආකාරයට පටන්ගෙන වැළමිට නැවීමකින් තොරව ඉහළට එසවීමත් (උරහිස් ප්‍රමායට වඩා මදක් වැඩිවන ආකාරයට) සෙමින් පහතට ගෙන ඒමත් සිදුකල යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයේදී ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2gy2e82.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශියේ ඉදිරිපස මාංශ පේශිය සඳහාද, සුළු වශයෙන් උරහිස් මාංශ පේශියේ මැද මාංශ පේශිය සහ පසුපස මාංශ පේශියද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහා ඩම්බෙල් උපකරණ දෙකක් භාවිතා කළයුතු අතර, මෙම ව්‍යායාමයද සිටගෙන හෝ වාඩිවී සිදුකළ හැකි අතර, අත් දෙකම එකවර හෝ දෙඅත් මාරුවෙන් මාරුවට එසවීම සිදුකළ හැක. පළමු රූපයේ ආකාරයට ව්‍යායාමය ආරම්භ කර සෙමින් ඉහළට එසවීමත් (උරහිස් මට්ටමට මඳක් වැඩිවන ලෙස) පහතට ගෙනඒමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමය ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    r0p2kh.jpg


    [FONT=&quot]> ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශීයේ මැද මාංශ පේශීයද, සුළු වශයෙන් උරහිස් මාංශ පේශීයේ ඉදිරිපස මාංශ පේශියද, පසුපස මාංශ පේශියද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහා ඩම්බෙල් උපකරණ දෙකක් භාවිතා කළ යුතුය, මෙම ව්‍යායාමයද සිටගෙන හෝ ඉඳගෙන සිදුකළ හැකි අතර, පළමු රූපයේ ආකාරයට ව්‍යායාමය ආරම්භ කර දෙඅත් එක්වර උරහිස් මට්ටමට මඳක් වැඩිවන ආකාරයට දෙපැත්තට එසවීමත්, සෙමින් පහතට ගෙන ඒමත් සිදුකල යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    16c6xlj.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශියේ මැද මාංශ පේශියද, සුළු වශයෙන් ඉඳිරිපස මාංශ පේශිය සහ පසුපස මාංශ පේශියද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහා කේබල් ක්‍රෝස් ඕවර් උපකරණය භාවිතා කළ යුතු අතර, පළමු රූපයේ ආකාරයට ව්‍යායාමය ආරම්භ කර (එක් අතක් මඟින් ව්‍යායාමය සිදුකළ යුතුය.) උරහිස් ප්‍රමාණයට මදක් වැඩිවන ලෙස ශරීරයේ පැත්තට ඇදිය යුතු අතර, සෙමින් පහතට ගෙන ඒමත් සිදුකළ යුතුය. එම අතට නියමිත වාර ගණන අවසන් වූ පසු අනෙක් අතින් සිදු කළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී කේබල් එක ඉහළට ඇදීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]
    2who3ms.jpg


    [/FONT]
    [FONT=&quot] >ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශියේ පසුපස මාංශ පේශිය සඳහා වන අතර, සුළු වශයෙන් උරහිස් මාංශ පේශියේ ඉදිරිපස මාංශ පේශිය සහ මැද මාංශ පේශිය ක්‍රියාකාරී වේ.[/FONT]​

    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහා ඩම්බෙල් උපකරණ දෙකක් භාවිතා කළ යුතු අතර, පළමු රූපයේ පරිදි ඉදිරියට නැවී දෙඅත් පහළ තබාගෙන ව්‍යායාමය ආරම්භ කළ යුතු අතර, දෙමින් දෙඅත් දෙපසට එසවීමත්, පහළට ගෙන ඒමත් සිදුකළ යුතුය. මෙම ව්‍යායාමය ඉහළට එසවීමේදී උරහිස් ප්‍රමාණයට වඩා මදක් වැඩිවන පරිදි ඉහළට එසවිය යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2n9lvfk.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උරහිස් මාංශ පේශියේ පසුපස මාංශ පේශියද, සුළු වශයෙන් උරහිස් මාංශ පේශියේ ඉදිරිපස මාංශ පේශිය සහ මැද මාංශ පේශිය ක්‍රියාකාරී වේ.[/FONT]
    [FONT=&quot]> මෙම ව්‍යායාමය සඳහා කේබල් ක්‍රෝස් ඕවර් උපකරණය භාවිතා කළ යුතු අතර, පළමු රූප සටහනේ ආකාරයට ඉදිරියට නැමී එක් අතකින් කේබලය ඉහළට ඇදීමත්, නැවත පහතට ගෙන ඒමත් සිදුකළ යුතුය. එක් අතකට නියමිත වාර ගණන අවසන් වූ පසු අනෙක් අතට කළ යුතුය.[/FONT]
    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ද ඉහළට ඇදීමේදී හුස්ම පිට කිරීමත්, පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     
    • Like
    Reactions: kingdewi

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    elama thama math gym yanawa..
    mn husma ganna eka weradi karala thiyenawa...thanks machan..
    digatama yamu..
    එල එල මචං..

    දඩබ්බරයා;13087682 said:
    Ela Kolla Ela onna math set una Elakiri Jym ekata...issaranam kara aurudu 4k withara...eth ban dan kalayth ekka natha unane ban...aye patan ganna thama oone try ekak dala....digatama karan yamu...
    තෑන්ක්ස් මචං.. අනිවා ආයෙම පටන්ගනිං.. :yes: උඹට ජය!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2m6lcg3.jpg


    [FONT=&quot]> ඉදිරිපසින් උරහිස් සන්ධියේ සිට බෙල්ල දක්වාත්, පිට පැත්තෙන් ත්‍රිකෝණාකාරව පහලට විහිදී ඇති ට්‍රැපීසියස් මාංශ පේශිය සඳහා.[/FONT]

    [FONT=&quot]> පළමු රූපයේ ආකාරයට උරහිස් ප්‍රමාණයට හෝ බාර් එකේ මැද සිට අඟල් 4ත් 6ත් අතර, ප්‍රමාණයක පරතරයක් තබා අල්ලා ගත යුතු අතර, දෙවන රූපයේ ආකාරයට බෙල්ල දක්වා ඉහළට ඇදිය යුතු අතර, ඒ ආකාරයට සෙමින් පහතට ගෙන ආ යුතුය. මෙම ව්‍යායාමය පහතට හෙලීමේදී බාර් එක ඉදිරියට දැමීම නොකල යුතු අතර ශරීරයට ආසන්නයෙන්ම ඉහළටත් පහළටත් කළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමය ඉහළට එසවීමේදී හුස්ම ගැනීමත් පහත හෙලීමේදී හුස්ම පිට කිරීමත් සිදුකල යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී පමණක් අපහසු අවස්ථාවේදී හුස්ම ගැනීම සිදුකරනුයේ මෙම ව්‍යායාමය මඟින් පෙනහළුද ව්‍යායාමයට ලක්කරන බැවිනි.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    msexb6.jpg


    [FONT=&quot]> ට්‍රැපීසියස් මාංශපේශිය සඳහාය.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී උරහිස් ප්‍රමාණයට හෝ ඊට මදක් අඩුවෙන් බාර් එක අල්ලාගත යුතු අතර, පළමු රූපයේ ආකාරයට ව්‍යායාමය ආරම්භ කර, උරහිස් ඉහළට එසවීම සිදුකළ යුතුය. දෙවන රූපයේ ආකාරයට උරහිස් ඉහළට ඔසවා බර දරමින් ත්තපර දෙකත් තුනත් අතර කාලයක් සිටීමෙන් සෙමින් පහතට ගත යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදීද ඉහළට එසවීමේදී හුස්ම ගැනීමත්, පහත හෙලීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදීද පෙනහළු ව්‍යායාමයට ලක් කිරීම සඳහා ව්‍යායාමයේ අපහසු අවස්ථාවේ හුස්ම ගැනීම සිදුකරනු ලබයි.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DUMBBELL-SHRUGS.jpg


    [FONT=&quot]> මෙම ව්‍යායාමයද ට්‍රැපීසියස් මාංශ පේශිය සඳහාය.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමයද කලින් ව්‍යායාමය පරිදිම වන අතර, මේ සඳහා ඩම්බෙල් උපකරණ දෙකක් භාවිතා කරනු ලබයි. පළමු රූපයේ ආකාරයට ඩම්බෙල් උපකරණ දෙක ශරීරයේ දෙපැත්තෙන් තබා ගනිමින් ව්‍යායාම ආරම්භ කල යුතු අතර, දෙවන රූපයේ ආකාරයට උරහිස් ඉහළට ඔසවාගෙන තත්පර 2ත් 3ත් අතර කාලයක් රඳවා ගැනීමත්, සෙමින් පහළට ගෙන ඒමත් නැවත පෙර පරිදිම ඉහළට එසවීමත් සිදුකළ යුතුය.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදීද උරහිස් ඉහළට එසවීමේදී හුස්ම ගැනීමත් පහතට ගෙන ඒමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]

    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ද අපහසු අවස්ථාවේදී හුස්ම ගැනීම සිදුකරනු ලබයි.[/FONT]
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    x4nia.jpg


    [FONT=&quot]> පිට ප්‍රදේශයේ [/FONT](V) [FONT=&quot]ෂේප් එක නැතහොත් ලැටීසීමස් ඩොර්සි මාංශ පේශිය ප්‍රධාන වශයෙන් ද, බාහු වල ඉදිරිපස මාංශ පේශිය සුළු වශයෙන් ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]> මේ සඳහා තමාට වඩා උසින් යුත් බාර් එකක් උපයෝගී කරගත යුතු අතර, උරහිස් ප්‍රමාණයට වඩා මදක් දුරින් බාර් එකේ එල්ලී දෙවන රූපයේ ආකාරයට ඉහළට ඇදීමත්, පහතට ඒමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]> මෙම ව්‍යායාමයෙදී ඉහළට ඇදීමේදී හුස්ම පිට කිරීමත් පහතට ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]