|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දිගින් දිගටම අන්ත පරාජ ලබමින් සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් නගරයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණය ශ‍්‍රී ලාංකික ජනතාව තුළ ඇති කළේ දැඩි සතුටක් මෙන්ම අභිමානයකි.

    එහෙත් ඒ අභිමානය නැතිභංගස්ථාන කරමින් එම ජයග‍්‍රාහකයන් විසින්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මහා කළු පැල්ලමක් එක්කර තිබේ. ඒ ජයග‍්‍රහණයෙන් පසුව කණ්ඩායමේ ක‍්‍රීඩකයන් විසින් සිදුකරන ලද කතාබහක් සම්බන්ධයෙන් සමාජ ජාල හරහා එක්කර ඇති වීඩියෝවක් තුළිනි.

    මෙම වීඩියෝවේදී තමන් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියා තිබේ. අප දන්නා තරමින් ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කළ යුත්තේ තම රට වෙනුවෙන් මිස වෙනත් පුද්ගලයන් වෙනුවෙන් නොවේ.

    ”එකම දේ...මට තරහක් තිබ්බා...කෝච් හින්දා මම ගැහුවේ මට කියපු කියපු ස්කෝස්....මට පුළුවන් දේ කරනවා, මම හිතනවා ටීම් එකක් විදිහට වැඬේ කරනවා...” ඒ අසහාය ඉනිමක් ක‍්‍රීඩා කර ශ‍්‍රී ලංකාවේ ජය මාවත සෑදූ කුසල් පෙරේරා මේ කියන්නේ මොනවාද යන්නත් ඒ තුළ සැඟවුණු කතා සියල්ලත් ගැන සොයා බලන්නට වහාම බලධාරීන් කටයුතු කළ යුතුය.

    අනෙක් අතට මෑතකාලීනව මේ තරගය දක්වාම වත්මන් ශ‍්‍රී ලංකා පිළේ ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා කළේ කවුරුන් වෙනුවෙන් ද යන්න රටේ සියලූ දෙනාටම ප‍්‍රශ්නයක් විය. එක දිගටම තරග පැරදුන ද එහි කිසිදු බලපෑමක් ඇතැයි නොසිතෙන ආකාරයේ ක‍්‍රීඩා ශෛලයක් ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් පිළිබිඹු වූයේ ඒ කිසිදු තරග පරාජයකින් ඔවුන්ට කිසිදු බලපෑමක් නොවුණු නිසාය.

    සාමාන්‍යයෙන් මාසයකට රුපියල් ලක්ෂ 15 ත් 30 ත් අතර වැටුපක්, ටෙස්ට් තරගයකට රුපියල් ලක්ෂ දහයක්, එක්දින තරගයකට රුපියල් ලක්ෂ පහක්, විස්සයි විස්ස තරගයකට රුපියල් ලක්ෂ පහක් ආදී වශයෙන් ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට ලැබී ඇත්තේ ධන නිධානයකි. මීට අමතරව විවිධ දීමනා, අනුග‍්‍රාහකත්ව ආදී සියල්ලේ එකතුව තවත් ලක්ෂ ගණනකි. ජ්‍යෙෂ්ඨයෙක් නම් මිලියන ගණනකි. එම නිසා කවර ආකාරයෙන් ක‍්‍රීඩා කළ ද රටේ ජනතාවට හැර ක‍්‍රීඩකයන්ට පරාජය ප‍්‍රශ්නයක් නොවේ.

    මෙම වීඩියෝවේදී අදහස් දැක්වීමට ඉදිරිපත් වූ හිටපු නායක සුරංග ලක්මාල් අසභ්‍ය වදනින් අමතමින් අවධාරණයෙන් කියා සිටින්නේ ද ඉදිරියේ එන තරගවලදීත් පුහුණුකරුවා වෙනුවෙන් ක‍්‍රීඩා කළ යුතු බවත්, දස්කම් දැක්වූවත් නැතත් කණ්ඩායමක් වශයෙන් එකට සිටිය යුතු බවත්ය.

    තරග කිහිපයකට ජාතික කණ්ඩායමට නායකත්වය දෙන ලද සුරංග ලක්මාල් එම වීඩියෝවේදී අසභ්‍ය වදනින් ක‍්‍රිකට් පරිපාලනයට චෝදනා කරනු දක්නට ලැබිණ. දේශීය රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා එය විකාශනය කරන ලද්දේ ලක්මාල් කුණුහරුප කියන අවස්ථාව ”බීප්-බීප්” නාදයක් යොදා කපා දමමිනි. ජාතික කණ්ඩායමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මීට වඩා විනීත විය යුතු බව අපගේ අදහසයි.

    අනෙක් අතට කුසල් පෙරේරා හා සුරංග ලක්මාල් පුන පුනා පැවසුවේ ජයග‍්‍රහණයේ ගෞරවය සියයට එකසිය පනහක් පුහුණුකරු චන්දික හතුරුසිංහට අයිති විය යුතු බවයි. එසේ නම් මෙතෙක් ලද පරාජයේ අයිතියේ වැඩි කොටස ද ඔහුට අයත් විය යුතු බවට කාට හෝ තර්ක කළ හැකිය.

    තරග දිගින් දිගටම පරාජය වෙද්දී පුහුණුකරු චන්දික හතුරුසිංහට ලක්ෂ 80 ක් මාසිකව ගෙවීම තේරුමක් නැතැයි ක‍්‍රීඩා ඇමැතිවරයා මෑතකදී සඳහන් කළේය. ඒ මොහොතේ රටේ බහුතර ජනතාවගේ ද අදහස වූයේ එයමය.

    එපමණක් නොව දිනුවත් පැරදුනත් විශාල වැටුප් හා දීමනා ක‍්‍රීඩකයන්ට ගෙවන ක‍්‍රමවේදය වහාම නතර කර ක‍්‍රීඩකයන්ට ද ශ‍්‍රී ලංකාව තුළ හොඳින් ජීවත්වීමට සරිලන සාධාරණ වැටුපක් ගෙවා අනෙකුත් සෙසු දීමනා මුළුමනින්ම දක්ෂතා මත ලැබෙන තත්ත්වයක් ඇති කළ යුතු බව අපගේ අදහසයි.

    එසේම ක‍්‍රීඩකයන්ගේ කළමනාකරුවන්ට හෝ බිරින්දෑවරුන්ට හෝ හිතවතුන්ට කණ්ඩායමේ ක‍්‍රීඩකයන් තීරණය කරන්නට ඇති අවස්ථා නැති කළ යුතුය. කිසිදු ක‍්‍රීඩකයකුට තරග පාවාදීම සඳහා ඇති අවස්ථා නැති කිරීමට වහාම පියවර ගත යුතුය.

    මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව ¥ෂණ මර්දන කළමනාකරුවකු ද ලැබී තිබේ. අලූතින් පත්වීමට නියමිත පාලක කමිටුවේ නව නිලධාරී මණ්ඩලය ද ඇතුළු මේ සියලූ දෙනාගේ අරමුණ විය යුත්තේ ක‍්‍රිකට් ගොඩගැනීම මිස රූපවාහිනී විකාශන අයිතිය ලබාදී වෙනත් දේ ලබාගැනීම නොවිය යුතුය. ඒ සඳහා දැනට ඇති ¥ෂිත ක‍්‍රමවේදය ජනාධිපතිවරයා හා ක‍්‍රීඩා ඇමැතිවරයා මැදිහත් වී වෙනස් කරන්නේ නම් ක‍්‍රිකට් නිලවරණය පවා මීට වඩා සාමකාමී විය හැකි බව අපගේ අදහසයි.

    මේ ලද ආරම්භය මීළඟ ලෝක කුසලානය ජයගැනීමේ ආරම්භය බවට පත් කරගෙන එදා තිබූ ලෝක අභිමානය නැවත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණඩායම වෙත ලබාගැනීම රටේ සමස්ත ජනතා ප‍්‍රාර්ථනයයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,565
    113
    ඇයි තොපි හිනාවෙන්නේ
    ඇන්ජෙලෝ පෙරේරා කියන්නේ අලුත් එකෙක් ඌව දාලා ඊගාව එකේ 0 ට ගියොත් කාට කියන්නද

    Angelo P kiyanne kakul deka eka thana thiyan ath walin bat karana ekek..melo rahak nae
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau


    දික්වැල්ලයා මුන්ට මදි නොකියන්න ආතල් දෙනවා වගේ :lol: