|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    David Warner is the only batsman currently using a new sensor on his bat to collect data like backlift angle, power index and bat speed.

    The sensor has been approved by the ICC, but no other batsman has used it in matches.


    tweet ekak :cool::cool:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නද ආබාධයකට ලක්ව තිබෙනවා.
    ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි.
    කෙසේවෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වන්නේ නැහැ. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ද ඊයේ (09) ආබාධයකට ලක් වුණා.


    :lol::lol::lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නද ආබාධයකට ලක්ව තිබෙනවා.
    ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි.
    කෙසේවෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වන්නේ නැහැ. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ද ඊයේ (09) ආබාධයකට ලක් වුණා.


    :lol::lol::lol:

    mohammad shahzad wage mun adanna ganida danne boruwata injured karanawa kiyala :lol:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නද ආබාධයකට ලක්ව තිබෙනවා.
    ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි.
    කෙසේවෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වන්නේ නැහැ. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ද ඊයේ (09) ආබාධයකට ලක් වුණා.


    :lol::lol::lol:


    ape un giya keyala gahapu match ekakuth na, mun wasse puhunuwim karala abada welada koheda :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    MarAzyV.png


     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Yuvraj Singh retires from international cricket.

    Player of the Tournament in the 2000 Under-19 World Cup
    Player of the Tournament in the 2011 World Cup.


     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    COLOMBO (News 1st): සහයෝගය, බැඳියාව, සහෝදරත්වය පිළිබිඹු කරමින් ජය පරාජය විඳ ගැනීමට අප කාටත් පුරුදු කරන්නේ ක්‍රීඩාව තුළිනි.

    ඒ, අනුව සහෝදරත්වය පිළිබිඹු කරන තව ත් එක් සුවිශේෂි අවස්ථාවක් අපට ඊයේ දැකගත හැකිවිය.
    ඒ, මේ දිනවල ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට පාත්‍ර වී තිබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය.
    විරාත් කෝලි යනු ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම කුකුල් කේන්තිකාරයෙකු ලෙස ද ලොවපුරා ජනප්‍රිය පුද්ගලයෙකි.


    නමුත් මේ කුකුල් කේන්තිකාරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය, ජීව ගුණය ලොවට විදහාපාමින් තවත් ක්‍රීඩකයෙකු ගෞරවය වෙනුවෙන් පෙනී සිටි අයුරු ඊයේ ඔස්ට්‍රේලියාව සමග තරගයේදී අපට දැක ගැනීමට ලැබුණි.

    තරගය අතරතුර ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් හතරේ සීමාව වෙත පැමිණ පන්දු රකිමින් සිටියදී ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔහුව නින්දාවට සහ සම්ච්ඡලයට ලක් කරමින් ඔහුව දැඩිලෙස අපහසුතාවට පත් කළේය.
    අනතුරව එය දුටු ඉන්දීය නායක විරාට් කෝලි වහාම ක්‍රියාත්මක වී සිය ප්‍රේක්ෂකයින්ගේ ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පල කර සිටි අතර ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියේ ස්ටීවන් ස්මිත්ට අත්පොළසන් ලබාදෙන ලෙස ය.
    ඉන්පසුව කෝලි විසින් ස්ටීවන් ස්මිත්ට අතට අතට දී සිය නිහතමානීත්වය සහ ‍ගෞරවය ඔහු වෙත පුද කරනු ලැබිණි.




    එම සිදුවීම මේ වනවිට ලොවපුරා කාගේත් අවධානය යොමු වී ඇති අතර විරාත් කෝලි පිළිබඳ ජාත්‍යන්තරයේ ඔහුට තිබූ ගෞරවය සහ ජනප්‍රියත්වය ද තව ත් ඉහළ ගොස් තිබේ.
    තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් විරාත් කෝලි සඳහන් කළේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්ට එරෙහිව තව දුරට ත් අපහාස සිදු කිරීම අනුමත කළ නොහැකි බව ය.
    වරදක් සිදු වීමෙන් පසුව එය පිළිගෙන තිබියදීත්, ඊට දඬුවම් විඳ තිබියදීත් තව දුරට ත් නින්දාවට ලක්වන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව විරාට් කෝලි වැඩි දුරට ත් කියා සිටියේය.
    ස්ටීවන් ස්මිත් පන්දුව පලුදු කිරීමේ සිදුවීමට වරදකරු වීම හේතුවෙන් ඔහුට පසුගිය වසරේ දී එරට ක්‍රිකට් ආයතනය විසින් වසරක තරග තහනමක් පැනවූ අතර, එම තහනම් කාලය මීට මාස කිහිපයකට පෙර අවසන් විය.
    මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 36ක පහසු ජයක් ද හිමිවිය.
     

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    මුදල් නාස්තිය හා දූෂණ පිළිබඳ ශ්‍රී ලංකාවේ වඩාත් කැපී පෙනෙන ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ද තම සුපුරුදු ජාවාරමට තෝතැන්නක් කරගෙන ඇත.

    තිලංග සුමතිපාලගේ බූදලයක් ලෙස පවත්වාගෙන යන ක්‍රිකට් ආයතනයේ මේ වන විට සභාපති ධූරය උසුලන්නේ තිලංගගේම පාසැල් සගයෙකු වන ෂම්මි සිල්වා ය. කොහේ්දෝ තිබුණු පිනකින් අන්තිම මොහොතේ සභාපති ධූරයට පත් වූ ෂම්මි සිල්වා තිලංග‌ගේ රූකඩයක් බඳු ය. හිටපු සභාපති ලෙස තිලංග තවමත් ක්‍රිකට් විධායක සභාවේ රැඳී සිටින්නේ බුකී කාරයෙකු හැටියට එහි සිටීමට නීත්‍යානුකූල පදනමක් අයි.සී.සී. ව්‍යවස්ථාවේත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේත්, ක්‍රීඩා පනතේත් නොමැතිව වීම විශේෂත්වයකි.

    මේ අතර රන් දම්වැල පැළැඳගත් කටුස්සෙකු මෙන් කටයුතු කරන ෂම්මි සිල්වා ද ඇතැම් විට තිලංගගේ අණ නොතකා තමන්ට අවශ්‍ය දේ සිදුකරමින් තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට කටයුතු කරයි. ඒ සඳහා මාධ්‍යවේදීන් ද සතුටු කරන ඔහු ලෝක කුසලාන තරඟාවලිය ආවරණය කරන්නට යෑමට එක් මාධ්‍යවේදියෙකුට ලක්ෂ 4 බැගින් මිලියන 10 ක මුදලක් වෙන්කර තිබේ. මේ අතර තම ප්‍රතිරූපය පිම්බීම සඳහා මාධ්‍ය අංශයට අලුතින් මාධ්‍යවේදියෙකු බඳවා ගැනීමට ද නියමිත ය.



    ලෝක කුසලාන තරඟාවලිය වාර්තා කරන බන්දුල සමන් වතුරේගම නම් ලෝක හොරාගේ කල්ලියට තවත් මිලියන 15 ක් වෙන් කර ඇත. මේ සඳහා සියළු සහාය ලැබෙන්නේ ජෙරොම් ජයරත්න හා රවීන් වික්‍රමරත්න හරහා ය.

    ලෝක කුසලානය වෙනුවෙන් ගීතරයක් නිර්මාණය කළ අතර ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 6 ක් හෙවත් ලක්ෂ 60 කි. ඒ මුදලට එවැනි ගීත 40 ක් වත් නිර්මාණය කළ හැකිය. මෙම ගීතය සම්බන්ධව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුව ද ඇන්දවීමට ෂම්මි සිල්වා සමත් වූයේ ය.

    මේ අතර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තර‍‍ඟ හා අවසන් පූර්ව, අවසන් තරඟ සඳහා එක් තරඟයකට ප්‍රවේශ පත්‍ර 30 බැගින් අයි.සී.සීයෙන් වෙන් කරවා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා ගෙවූ මුදල මිලියන 8 කි.

    මේ ප්‍රවේශ පත්‍රද බෙදා හරින්නේ පසුගිය වතාවේ පැවැති නිලවරණයේ දී තමන්ට ඡන්දය දුන් හිතවත් ක්‍රීඩා සමාජවල නිලධාරීන්ට හා හෙංචයියන්ට ය. ඒ නොමිලේ ප්‍රවේශ පත්‍රය සමග ගුවන් ටිකට් පත, වීසා ගාස්තු සහ අතට සම්තින්ග් එකක්ද සමග ය. මේ අතර ඡන්ද දෙකක් හිමි නාමික ක්‍රීඩා සමාජ වල නිලධාරීන් ද රැසකි. විශ්ව විද්‍යාල නිලධාරිහුද ඒ අතර වෙති.

    මීට අමතරව ක්‍රිකට් තරඟ නරඹන්න යන ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන්ට සියළු දේ සමග දවසට ඩොලර් 350 ක දීමනාවක් ද අතට ලැබේ.



    ලක්ෂ 75 ක මාසික වැටුපක් ලබන පුහුණුකරු චන්දික හතුරුසිංහ ගේ වුවමනාවට අමතර සිව් දෙනෙකු එංගලන්තයේ රඳවාගෙන සිටීම සඳහා ද මිලියන ගණනක මුදලක් ක්‍රිකට් ආයතනය මගින් ගෙවනු ලබයි.

    ෂම්මිගේ හිතවතුන්ටද ලෝක කුසලාන තරඟ නැරඹීමේ වරම හිමිවේ. නාමල් රාජපක්ෂ හා නිමල් පෙරේරා ද ෂම්මි සමග කාඩිෆ්හි මුල් තරඟය නැරඹීමට පැමිණ සිටියෝ ය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණය කරවීම කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙසේ නාස්ති කරන මුදල ගැන සොයා බැලීමට හෝ කොන්දක් ආණ්ඩුවට නැත.