෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එනකොට මේකි නෑ හෝම්ස් මහත්මයා..." යැයි කියමින් ඔහු කලිසමේ ෆෝල්ට් එකෙන් කඳුලු පිහිදාගත්තේය.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ ටික තමා පට්ට :lol:

    "ඔන්න වොට්සන් අපිට වැඩක් සෙට් වෙන්නයි යන්නේ.." හෝම්ස්ට ආතල් එක ඉහ වහා ගියේය. විවුර්ත කල දොරෙන් ඇතුළට පැමිණියේ එතරම් උස මහත නැති කොලු ගැටයෙකි. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණ.
    "ඉඳගන්න මහත්මයා, .." හෝම්ස් කීවේය.
    "හෝම්ස් මහත්මයා .. මට ක්ලාන්ත ගතියක් දැනෙනවා... බ්රැන්ඩි ටිකක්..."

    "තෝ හිතුවද මේක බාර් එකක් කියලා... හුහ්..බ්රැන්ඩි .. ගහප් පයින් තොට . ඉදා මේ වතුර එක බීපං ... " හෝම්ස්ට මල පැන තිබුණි. ටික වෙලාවකින් කොලුවා යථා තත්වයට පත්විය.



     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මේ ටික තමා පට්ට :lol:

    "ඔන්න වොට්සන් අපිට වැඩක් සෙට් වෙන්නයි යන්නේ.." හෝම්ස්ට ආතල් එක ඉහ වහා ගියේය. විවුර්ත කල දොරෙන් ඇතුළට පැමිණියේ එතරම් උස මහත නැති කොලු ගැටයෙකි. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණ.
    "ඉඳගන්න මහත්මයා, .." හෝම්ස් කීවේය.
    "හෝම්ස් මහත්මයා .. මට ක්ලාන්ත ගතියක් දැනෙනවා... බ්රැන්ඩි ටිකක්..."

    "තෝ හිතුවද මේක බාර් එකක් කියලා... හුහ්..බ්රැන්ඩි .. ගහප් පයින් තොට . ඉදා මේ වතුර එක බීපං ... " හෝම්ස්ට මල පැන තිබුණි. ටික වෙලාවකින් කොලුවා යථා තත්වයට පත්විය.



    :yes::yes::yes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න )
    ෂර්ලොක් හෝම්ස් ®
    Season 1 Episode 3
    අතුරුදහන් වූ යුවතිය ©

    පත්තරේ දැන්වීම දමා දින කිහිපයකට පසු හෝම්ස්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට සූ ගාලා ලයික් එකක් වැටී තිබුණි. එම ලයික් එක දැමූ එකාගෙන් ඇසූ විට කියා සිටියේ , දැන්වීමේ අඩංගු හැඩරුව සහිත කෙල්ලෙක් චාමර නම් කොල්ලෙක් සමග දිනකට පෙර මීගමුව වෙරළෙහි සිටිනු ඔහු විසින් දුටු බවයි.

    "වොට්සන් ලෑස්ති වෙයන් අපිට මීගමු යන්න වෙනවා...." හෝම්ස් කීවේය.
    "අපි යනකොටත් ඒකි බීච් එකේ ඉඳියිද හෝම්ස්....?
    "පිස්සුද තිලාපියෝ ... තෝ හිතුවද බීච් එක බුදියන තැනක් කියලා...? ඒකි ඊයෙම යන්ඩ ඇති... "
    "එහෙනම් බීච් එකට ගිහින් තෝ මොන හුයන්නක්ද කරන්ඩ යන්නේ ..."
    "මීගමුව පැත්තේ රස්තා ඩයල් එකක් අල්ලා ගත්තානම් අපිට ඔය කෙල්ල ගැන තොරතුරක් ගන්න පුළුවන් වෙයි..."
    "ආපෝ ඔය පැත්තේ චණ්ඩි ඉන්නවා මචන්... ඕකුන් අපේ දත ගලවයි ලොවෙත්.."
    "නොදකින් තෝ නම් රුවිතෙටමයි කතාව ... පො%^යා ...මම මයික්‍රොෆ්ට් ටත් එන්න කිව්වා ඒ නිසා අවුලක් වෙන එකක් නෑ .." හෝම්ස් කීවේය.


    මයික්‍රොෆ්ට් හෝම්ස් යනු ෂර්ලොක් හෝම්ස් ගේ එක කුස උපන් අයියා ය. තරබාරු පුද්ගලයෙකු වූ ඔහු 'ඩයෝජිනිස් ' නම් පාතාල කල්ලියේ නායකයා විය.හෝම්ස් මෙන්ම ඔහුටද දියුණු තර්කන හැකියාවක් තිබුණි.

    පාතාල හෙඩ්ක්වාටස් එකෙන් මයික්‍රොෆ්ට් කාරයා වත් පික් කරගත් අපි පාන්දරම බසයක නැගී කොලඹට පිටත් වුණි .
    හවස් වන විට මීගමුව බීච් එකට ලඟාවීමට අපට හැකිවිය. වාසනාවට බීච් එකේ එහා කොනේ සිටි රස්තියාදු පදනමේ එවුන් දෙන්නා අපට දැකගත හැකිවිය. අපි එතනට ලඟා වන විට උන් දෙන්නා සිංහල රැප් එකක් පුරුදු වෙමින් සිටියහ.

    අහසෙ දෙවියෝ නෑ ... ජාති....
    රස්තියාදු මලියයි ... රස්තියාදු පුලියයි ... තාම ... ඉන්නෙ ... එකට.... හු&තො ....

    අකුරු මගෙ කැතයි
    අපි ඉගන ගත්තෙ පාරෙන්...
    ඉතිං හැම මරාලෙන්ම
    බේරෙනව ඩෝ යාරෙන් ...
    කොඩි ගහ යටයි
    අපි රැඟුවෙ අවාරෙත් ...
    උඹ වලිගෙ නැති ගොනෙක්
    මලියා මැස්සෙක් අනිවාරෙන්....


    දාහතර කණුවෙ කොල්ලො ගාව බොරුව නැහැනෙ මල්ලි
    හැබැයි සද්දෙ දැම්මොත් ෂොට් එකනම් දෙනවා පුතේ ලොවෙත්
    ගලෙත් මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන්
    මලියගේ අන්තිම කැමැත්ත පදනමෙ පොලිය ගහන්නෙ රවුං හඳෙන් හු%තො ...


    " ස් ... ස් ... මල්ලි .. පොඩ්ඩක් මෙහෙට වරෙන්කො.." රැප් එක නැගල යන අතරතුර හෝම්ස් අරුන් දෙන්නට කතා කළේය.
    "ලාස්ට් වෙන්ස්ඩේ... ඒ කිව්වෙ ගිය සෙනසුරාදා කෙල්ලෙක් එක්ක මේ බීච් එකේ රවුම් ගහපු චාමර කියලා ඩයල් එකක් ගැන උඹලා මොනාහරි දන්නවද..? "


    " මේ negombo බීච් එකේ අපිට හොරෙන් කිසි සීන් එකක් වෙන්නෑ ලොක්කා ..." රස්තියාදු මලියා ජොයින්ට් එකත් කටේ තබාගෙනම කීවේය.
    "ඌ අපේ යාලුවෙක්.. ඇයි ඔවාලට මොනාද වෙන්ඩෝනි...? "
    "අපිට දැනගන්න ඕනි ඌ කොහෙද ඉන්නෙ කියලා.." හෝම්ස් ඇසූ ප්‍රශ්ණයට රස්තියාදු පුලියා රැප් එකෙන්ම උත්තර දුන්නේය.

    " අපි... පාවල දෙන්නේ නෑඩෝ කාවත් ....
    රැකගන්නේ ඔලුවඅතගාලා දණගාගෙන ආවත්....
    වලි පිටින් ඩෝ කඳුළු .... නාගෙන ආවත්.....
    පුලියයි මලියයි බෙදාන කන්නේ... එකට කෑවත්..."


    පුලියාට කියාගන්න ලැබුණේ එපමණකි. මිනී දෙකකට විතර වග කියන්න ඕනි කෙරුමෙක් වගේ ඉස්සරහට පැන්න මයික්‍රොෆ්ට් පුලියාගේ වල්ලෙන්ම අල්ලා ගත්තේය. ඒ එක්කම හෝම්ස් උගේ නහයට පයින් එකක් දුන්නේය. මෙය දුටු රස්තියාදු මලියා පැන දිව්වේය.

    "හයියෝ... මට ගහන්නේපෝ... මං කියන්නම්.."
    "තොගෙ ඇත්ත නම මොකක්ද ..? " හොම්ස්ව පැත්තකට කර මම මෑන්ගෙන් ඇසුවෙමි. එවිටම මයික්‍රොෆ්ට් චටාස් ශබ්දයෙන් පුලියාගේ කම්මුල අතගෑවේය.

    " අයියෝ ගහන්නෙපා කිව්වනෙ .. මගේ ඇත්ත නම අකලංක ..."
    " කෝ දීපිය බලන්න අයඩෙන්ටිය .."

    පොර ඇඹරි ඇඹරි පර්ස් එකෙන් ඇදලා අයඩෙන්ටිය මට දුන්නේය. මම එහි නම අඩංගු තීරුව බැලුවෙමි.

    ... සූස්තිගෙදර දොන් සයිමන් රාළලාගේ සුමුදු අකලංක සඳකැලුම් අප්පුහාමි.. යනුවෙන් එහි සටහන් ව තිබිණ .

    " හා දැන් කියපිය කෝ චාමර...? "
    " එකනම් හරියට දන් නෑ ... ඌ සැරින් සැරේට බීච් එකට කෙල්ලො එක්කන් එනවා .. යනවා... එච්චරයි මං දන්නෙ .."


    යකෝ අපි මෙච්චර දුර ආවෙ ඕක දැනගන්නද ... හිතේ කේන්තියට මමත් පයින් එකක් ඌට දමලා ඇන්නෙමි . එතන තිබ්බ අලපෙති කරත්තයක් පෙරළාගෙන ඌ බිම වැටුණි.

    "අපි මූට පස්සේ ගහමු... ඉස්සෙල්ලා කතාව අහගමු..." පුලියාව කෙලින් කොට , උගේ කම්මුලට පාරක් ගසමින් මයික්‍රොෆ්ට් කීවේය.

    "හරි හරි මං ඔක්කොම කියන්නම් ... ඔය චාමර කියන එකා බදුල්ල සෙන්ට්‍රල් එකේ පොරක්. ඕකා අනිද්දා ස්පෝට්ස් මීට් එකේ තියෙන ෆුට්බෝල් මැච් එකක් සෙල්ලම් කරනවා කියලා ආරංචියි.. එතනින් ඌව අල්ලගන්න පුළුවන් වෙයි.."පුලියා කීවේය .
    "ආන්න එහෙම වරෙන්.." කී හෝම්ස් අරූගෙ කටේ තිබ්බ ජොයින්ට් එක ගෙන පු# ගැසුවේය.


    ********************************************************************************************
    අපට අවශ්‍ය තොරතුරු ලැබුණු බැවින් අපි නැවත පැමිණීමට සූදානම් වුණෙමු . 98 පරණ පාර සෙමියක් අල්ලා ගැනීමට අපට හැකිවිය. නමුත් ඉස්සරහ දොරෙන් බසයට ගොඩවන විට එය සෑහෙන තරම් පිරී ඇති බව අපට දිස් විය. ගැබිණි මාතාවන්ට වෙන් කරනලද සීට් දෙකෙන් එකක් ඉතිරිව තිබෙනු දුටු කුහක හෝම්ස් කාරයා අපි දෙන්නටම කලින් එහි ඉඳගත්තේය. උගේ මෑණියන් සිහිපත් කරමින් පසුපසට ගමන් කල මට සහ මයික්‍රොෆ්ට් ට මැද හරියෙන් සීට් ලබාගැනීමට හැකිවිය.
    පැය කීපයක් ගෙවී ගියේය. අපි රත්නපුර පසුකරන විටම හෝන් ශබ්දයක් ඇසුණි .මැරයන් පිරිසක් ඇතුළට පැමිණ ඉදිරියෙන්ම සිටි හොම්ස්ව එලියට කුදලාගෙන ගිය අතර මැරයන්ට බයවූ ඩ්‍රයිවරයා ලෑල්ලට පාගන්නට විය.

    "අඩෝ ලොවෙත් මුන්ව එවන්න ඇත්තේ පදනමේ එවුන් තමා..." මයික්‍රොෆ්ට් කීවේය.
    "පනිමු පනිමු එලියට දැනටමත් අරූට නෙලනවා ඇති...."
    අපි දෙන්නම බස් එකෙන් එලියට පැන ආපස්සට දුවන්නට වූයෙමු. හෝම්ස්ගේ සලකුණක් හෝ දක්නට ලැබුණේ නැත. ටික දුරක් ඉදිරියට යනවිට පාරට එපිටින් හෝම්ස්ගේ කටහඬ ඇසෙන්නට විය.


    "වල්පරයා.... මට ගහන්න... මට ගහයි උඹල අ%#..
    පො&^ ව@ වේ$&* පු*@# ...තොපි කවුද ඩෝ මාව මට්ටු කරන්න.. බොලෑ අම්මලාට වත් බෑ මාව මට්ටු කරන්න...
    රත්නපුර නෙවෙයි ඩෝ මල්ටිබැරල්පුර උනත් අපිට ලොකු නෑ ..
    මගේ නම හෝම්ස්.... කියපන් වල්පරයා... මොකක්ද නම....? "

    "හෝ....ම්....ස්...."
    "ආන්න හරි.... ඉඳා කාපිය ගුටි..."


    අපි වටපිට බැලුවෙමු. බෝක්කුවක් යට පස්දෙනෙක් එක පේලියට වැටී සිටියහ. ලේ පෙරාගෙන ගුටි කාගෙන සිටි ඔවුන්ගේ ඇස් ටොම්බ සයිස් වී තිබුණි. හෝම්ස් ඔලුව හැරුන හැරුන අතේ වනමින් සිටියේය. අපි කෑගැසූ විට ඔහු පියවි සිහියට ආවේය.

    "මොකද බන් උනේ..?" මම ඇසුවෙමි.
    "මුන් මාව පාර අයිනට ඇදගෙන ගිහින් පොල් ගහකට හේත්තු කරලා මාව පෙති ගහන්ඩ ලෑස්ති උනා බං ..."
    "ඉතිං .."
    "මං බයේ වැඳ වැටුණා ... එතකොටම කොහෙන්ද ආපු පොල් කෝම්බයක් මුන් පස්දෙනාගෙ ඔලුවේ වැදිල මුන් පස් දෙනා බෝක්කුවට වැටුණා ..."
    "ඊට පස්සෙ ...?"
    "උන්ට ඉතිං නැගිටගන්න වත් බෑ ... මං පැනලා උන්ට ගැහුවා..." හෝම්ස් කීවේය.


    හෝම්ස් ගැන අපිට හරි ආඩම්බර සිතුණි . අනේ මෙහෙම වීරයෙක්නෙ අපිට ඉන්නෙ ... ඒ පාර ගුටි කාපු උන්ගෙ සාක්කු ටිකත් සුද්ද කරගෙන අපි ආයෙත් බස් එකක නැගී ගෙදර පැමිණියෙමු.

    ආපසු පැමිණෙන විට හෝම්ස් මා ලඟට පැමිණ මෙසේ කීවේය.

    "මේ ගැටළුව පැටලුණු නූල් බෝලයක් වගේ වොට්සන්.. කොහෙන් පටන් ගන්නද , කොහෙන් ඉවර කරන්නද කියලා තේරෙන්නෑ .."
    "ඒ කිව්වෙ ..."
    "ඒ කිව්වෙ හු%තො මේක බොන්ඩ ඕනි ප්‍රශ්ණයක් කියන එක... යමන් අද ගහමු කුඩු වෙන්ඩම ...."
    "අරූටත් එන්න කියනවද....?" මම මයික්‍රොෆ්ට් ව පෙන්නා ඇසුවෙමි.
    "අපෝ බෑ ඌ ආවොත් අපිට ඕකටත් එක්කම ගෙවන්ඩ වෙනවා... අපි දෙන්නා විතරක් යමන්..."

    කනත්ත පාරේ පිහිටි ' කල්දේරම් ලිකර් ස්ටෝර්ස් ' එකට ගිය අපි මේසෙක වාඩි වී බීර බීමට පටන් ගතිමු. බියර් උගුරු දෙකක් ගසන විට හෝම්ස්ට නස්තාර් වෙන්ඩම වැදුණි .

    "මල්ලි, ... මෙහෙ වරෙන්..." හෝම්ස් වේටර් වරයෙකු ඇමතුවේය.
    "මල්ලි, සීයෙ ෂොට් එකක් කීයද....?"
    "සීයෙ ෂොට් එකක් ඉතිං සීයයිනේ මහත්මයා ..."
    "අම්මටහුඩු ඔව්මයි ... ගෙනෙන් අපිට සීයෙ ෂොට් දෙකක් ..." හෝම්ස් කීවේය.


    හැන්දෑවට කාලක් ක්‍රියා කරන්ඩ පැමිණෙන මිනිසුන්ගෙන් බාර් එක පිරී පැවතුණි . අපට එහා මේසයේ සිටි සෙට් එක ගෙදරින්ම බයිට් හදාගෙන විත් කමින් බොමින් සාජ්ජේ දමමින් සිටියහ. මම ඔවුන් ගයන සින්දුවට මදක් ඇහුම්කන් දුන්නෙමි.

    " හොර තක්කඩි මිනීමරුවො
    වැජඹුණු බදුල්ල නගරේ...
    ගෑණු හොරුන් අල්ලන්නට
    පොලීසියෙන් මොකද කරේ...

    බේකර්... ස්ට්‍රීට් එකේ
    හෝම්සෙයගේ කයිය තිබේ ...
    ඒත් අනේ හොර මැරකම්
    චෞරයන්ගෙ මල්ල කරේ...

    අපරාධයෙ බැඳුනු මෙරට
    ගොඩගන්නද අප කිසිදා...
    නීතිය වල් වැදී තිබේ
    හොරු අල්ලන්නද කවදා..

    ෂර්ලොක් ලා වොට්සන් ලා
    මයික්‍රොෆ්ට් ල මග පරදා ...
    ජය ලබාවි ලෝ පරසිඳු
    අජිත්... රෝහණ මැතිඳා ... "


    මෙය ඇසූ හෝම්ස්ට අසුහාරදාහටම නැග්ගේය.
    ලැජ්ජාවෙන් තුන්කාලක් පමණ පෙනෙන පරිදි සරම උස්සාගත් හෝම්ස් මේසයක් උඩට නැගුණේය .

    "අඩෝ ........."
    ( හතරවැනි කොටසින් හමුවෙමු )
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    දකුණු අත නිකන් දුමින්ද සිල්වාගෙ අත වගේ. වම් අත නිකන් ටිල්වින් සිල්වාගෙ අත වගේ:lol::lol::lol: