෴ ♥ ඒ මගේ මලයි ♥ ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-05.jpg


    05.png


    එදා මුළු රෑ පුරාම ඇදේ පෙරලි පෙරලි හිටියා මිසක නින්ද ගියේම නෑ.. නිරෝෂියි, අර ඇටකිච්චියි හිටපු ආදරණිය විලාසය මගේ හිතට හතර වටින්ම එබෙන්න ගත්තා.. දෙයියනේ.. බින්දුවා මේක කොහොම දරා ගනියිද..? ගැන්සියෙ කොල්ලො හැම එකාටම මේ නිව්ස් එක ගිහිල්ලා තියෙද්දි උං කොයි තරම් අවුල් වෙලා හිටියද..? අපි කවුරුවත් කටක් ඇරලා බින්දුට මේක කියන්නෙ කොහොමද..?

    පහුවෙනිදා මං උදේම ඇහැරුනේ කාගෙදෝ කුටු කුටු සද්දෙකින්.. බැලුවහම වෙන කවුරුත් නෙමෙයි.. අපේ අම්මගෙයි, තාත්තගෙයි, ලොකු ළමයයි, දෙවනි ළමයයි..

    "පුදුම ලස්සනක්නේ නංගි.."

    "අපේ අය එහෙම තමයි.."

    "කොහෙද ඉන්නේ..?"

    "-----------------"

    "මං දන්නෙත් නෑ.. ඔයාවයි හොයාගෙන ආවේ.. මීට කලින් මං දැකලත් නෑ.."

    "ඔව්.. මෙහේ වැඩිය ඇවිල්ලම නෑ.. එයා අර ෂැම්පු ප්‍රෝගෑම් එකේ බියුටි ක්වීන් උනානේ.."

    කණ හතර අතටම හරවලත් මගේ ළගට පැහැදිලි තරංග ආවෙ නෑ.. මේ දෙන්නා කවුරු ගැනද අප්පා මේ තරම් රහසිගතව සාකච්ඡා කරන්නේ.. මොකෙක් හරි කැත සතෙක් ගැනවත්ද..? එහෙමත් නැත්නම් මුන් දෙන්නා කාටවත් වැඩක් දෙන්නවත්ද..? ඔව්.. ඔව්.. ඒවා කියන්න බෑ..

    "එයා හරි හොදයි වගේ.."

    ඔන්න, මට දැන් තමයි තෙරුනේ.. මුන් දෙන්නගෙ සතර කන්මන්ත්‍රනේ ගැන.. මේ කතා කරන්නෙ අපේ මොරින් අක්කා ගැනනේ.. ෂිහ්.. අම්මප මට ඕක තේරුම් ගන්න මේ තරම් වෙලාවක් ගියානේ.. ඒත් කවදද යකඩෝ එයා බියුටි ක්වීන් කෙනෙක් වුණේ.. සමහර විට දැනට අවුරුදු විස්සකට, විසිපහකට කලින්ද දන්නෙ නෑ.. දැන් උනත් පුත්තලම් බූරුවො කී දෙනෙක්ගෙ වයසද අප්පා..

    "එක පාරටම ඒ ගැන ඇහුවෙ ඇයි..?"

    "නෑ නිකං.."

    "නැතිවෙන්න බෑ.. ඔයා එහෙම දෙයක් ලේසියෙන් අහන කෙනෙක් නෙමෙයිනේ අයියේ.. කියන්නකෝ.. මං පුළුවන් දෙයක් කරන්න බලන්නම්.."

    යකඩෝ... අපේ අක්කට ගිය කළ.. පුළුවන් දෙයක් කරන්නම්ලු.. තනියම, විහිලුවටවත් පාරෙ හැබැලා යන්න බැරි ගෑනි, පුළුවන් දෙයක් කරන්නම්ලු.. සුද්ධ සිංහල සහෝදර ප්‍රේමය කියන්නෙ මේක වෙන්නැති නේද..?

    "නෑ.. නෑ.. නෑ.. මං නිකං ඇහුවේ.."

    "කමක් නෑ.. ඔයාට උදව්වක් ඕන උනොත් මට කියන්න.. මොකද මමත් එයාට හුගාක් කැමතියි.."

    දෙයි හාමුදුරුවනේ.. අපේ අක්කා, මොරින් අක්කට කැමතියිලු, අම්මපල්ලා.. මං මේ දකින්නෙ හීනයක් වෙන්න ඕන.. ඔය තොරොම්බල් කරත්තෙ ඇස් දෙකට දකින්නෙ නැතුව ඉන්න තියෙනවා නම් හොදයි කියලා අපේ අක්කා කිව්වෙ දැන් හරියටම දවස් තුනකට කලින් නොවෑ..

    "තැන්ක් යූ නංගි.. ඒත් අපේ පෝරිසාදයට නම් ඩිංගක්වත් අගවන්න එපා.. මහා විනාසයක් කරල දායි.. අපි දෙන්නටම වෙන්නෙ මේ ගේ අතෑරලා දාලා යන්න.."

    "අපොයි ඔව්.. බන්ටි ගෑවුනොත් ඉතින් ප්‍රදේශයක්ම ඉවරයිනේ.."

    ඇහිච්ච වචන වල සයිස් එකට මට ඇදෙන් වාඩි වෙන්න සිද්ධ වුණා.. ෂිහ්.. කොයි තරම් අසමජ්ජාතී ප්‍රකාශ කිහිපයක්ද..? ඔයිට වැඩිය වැදගත් දෙයක් ප්‍රවෘත්ති විකාශනේට කියන්න තිබුණෙම නැද්ද..? හැබැයි ඉතිං මේ බන්ටිගෙන් සපෝර්ට් එක එපා නම් බන්ටි බලෙන් සපෝර්ට් දෙන්නෙත් නෑ.. වෙන කාටවත් දෙන්න දෙන්නෙත් නෑ.. දැන් එතකොට මේ දෙන්නගෙ කාලගුණ වාර්ථාව තමයි මම නැතුව නුවරට උපරිම වර්ෂාපතනයක් ලැබුණා කියනෙක.. කමක් නෑ.. ඔහොම යමුකෝ.. මේක කොහේ හරි ඉවරවෙන තැනකුත් ඇතිනේ.. අන්න ඒ ඉවරවෙන තැන අවුලක් නැතුවම බන්ටි හිටගෙන ඉන්නවා..

    එතන ඉදලා ආයෙත් මගේ කණට ඇහුනෙ ලාවට මුමුණන සද්ද කීපයක් විතරයි.. ඒ පාර දෙන්නගෙ කතාවට මොකද වුණේ අප්පා.. මං හෙමින් සීරුවෙ බැහැලා කාමරේ දොර ළගට ආවා..

    "න්.. නෑ.. ඔයා ගියේ අපේ බන්ටි එක්ක..? ඔ.. ඔයාට පිස්සුද නංගි.. බලනවා අං දෙකක්වත් එනවද කියලා.."

    "වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ අයියේ.. අනික ඒ වෙලාවෙ මට තනියෙම යන්නත් බෑ.."

    "මට නම් හිතාගන්න බෑ අපේ බන්ටි කිසිම බාල්දියක් පෙරලන්නෙ නැතුව, ඔයාව බයිට් නොකර, නිවාඩු පාඩුවෙ ගෙදර ආවා කිව්වහම.. මට නම් මේක අදහගන්නත් බෑ.."

    "මටත් පුදුමෙ ඒකනේ.. ඔයා කිව්වට විශ්වාස කරන්න අයියේ.. වෙනද ඔහොම ගමනක් එක්ක ගියොත් මගේ පර්ස් එකේ අන්තිම සතෙත් සුද්ධ කරනවනේ.."

    "ඔව්.. ඔව්.. මිනිහට කන්න බඩගිනි නැත්නම් වැව රවුමෙ ඉන්න මාළුන්ට පොරි ඇට හරි අරන් දෙයි.. ඒ ජාතියෙ බඩ්ඩ.."

    කතාව මොරින් අක්කගෙන් පසසෙ කෙලින්ම ඊයෙ ගමන දිහාට හැරුණා.. වගේ වගක් නැතුව, මට නෙමෙයි වගේ මං කතන්දරේ අහගෙන හිටියා..

    "ආපහු එද්දි තමයි අයියෙ හොදම හරිය.. වැව රවුමට ඔන්න මෙන්න කියලා තියෙද්දි බන්ටි එක පාරටම වීල් එකෙන් බැස්සා.."

    "හොදටම වහිද්දි..?"

    "ඔව්.. අනෝරා වැස්සේ.. මටත් මුකුත් හිතාගන්න බැරිවුණා.. මං හිතුවෙම අයියා අර මුලින් කිව්වා වගේ මොකක් හරි ලෙඩක් කියලා.."

    "ලෙඩක් නෙමෙයිද..?"

    "අනේ මංදා.. මට හිතාගන්න බෑ.. බන්ටි වීල් එකෙන් බැහැලා වළාකුලු බැම්ම ගාව ඉදපු කපල් එකක් දිහායි බලන් හිටියේ.. අම්මෝ.. ඒ වෙලාවෙ බන්ටිගෙ මූණෙ තිබ්බ නපුරු පාට.. බන්ටි ඒ තරම් නපුරු වෙලා ඉන්නවා මං කවදාවත් දැකලා නෑ.."

    "කපල් එක දිහා..?"

    "ඔව්.. ඒ ගර්ල් නම් හරි ලස්සනයි.. ඒත් ඒ බෝයි නම් ඒ තරම් ලස්සන නෑ.."

    "සමහර විට අපේ බන්ටිගෙ ගර්ල් ද දන්නෙත් නෑ.. වෙන කොල්ලෙක් එක්ක හිටියේ.. ඔයා හිටපු හින්දා රන්ඩුවට නොගිහින් බන්ටි ආපහු හැරෙන්න ඇති.."

    "ඇත්තමයි.. ඔයා කියනකල් මං ඩිංගක්වත් ඒ ගැන හිතුවෙ නෑ.. ඒත් ඉතිං මට නම් හිතෙන්නෙ බන්ටිට ගර්ල් කෙනෙක් නෑ කියලයි.. අනික මුන්දෑ කිසිම දෙයක් සත පහකට ගණන් ගන්න මිනිහෙක්ද..?"

    ඔනන් ඉතිං වැඩේ කියන්නේ, අපේ අම්මගෙයි, තාත්තගෙයි, ලොකු ළමයයි, දෙවනි ළමයයි එකතු වෙලා මට ගෑනු ළමයෙක් හොයලා දීලා ඉවරයි.. මොනව උනත් දෙයියො බැලුවා වගේ තමයි, ඊයේ මං ඇටකිච්චට නොගහපු එක.. වැරදිලාවත් මං ගැහුවා නම් ඇටකිච්චා හොදටම ගුටි කයි.. හැබැයි අපේ අක්කා දකින දේවලුයි, අක්කට හිතෙන දේවලුයි, අක්කගෙ හිතේ තියෙන දේවලුයි අමතක කරවන්න මට අවුරුදු ගානක් යයි..

    "දැන් කෝ..?"

    "එලාම් එකේ සද්දෙ නම් ඇහුණෙ නෑ.. දන්නවනේ පුත්‍රයගෙ තරම.. දහයෙන් මෙහා නැගිටින එකක් නෑ.."

    "වතුර පාරක් ගහලා දුවමුද..?"

    මාර ගති අදහසක් අයියා, අක්කාගෙන් ඇහුවා.. දවසේ ආරම්භයට කියාපුම දේ.. බිංදුගෙ ප්‍රශ්නෙ තියෙද්දිත් මට මාර ගතියක් ආවා..

    "ඔයාට පිස්සුද අයියේ.. බන්ටිට ඔය වගේ වැඩක් කරලා ඔයාටයි, මටයි නිවි සැනසිල්ලෙ ඉන්න පුළුවන්ද කියන්න.. බන්ටි අපි දෙන්නව සදාකාලයටම නාවයි.."

    අර මගේ හිතට ආපු ගතිය එහෙම් පිටින්ම ලොප් වුණා..

    ෂිහ්.. අම්මපා මෙයාලගෙ කිසි ක්‍රියේටිව් අදහසක් නෑ.. වැරදිලා හරි එහෙම එකක් තිබුණොත් ඒක ක්‍රියාත්මක කරන්නෙත් නෑ..

    *****************************

    "බන්ටී... ඔයාට කෝල් එකක්.."

    බිංදුගෙ ප්‍රශ්නෙ ගැන ආයෙමත් අලුතින් හිත හිතා ඉන්දෙද්දි තමයි අක්කගෙ සද්දෙ ඇහුණේ.. මේ ලොම්පොල්ලා දෙන්නා එකතුවෙලා අර කිව්වත් වගේ මට වතුර පාරක් වත් දෙන්නද දන්නෑ යන්නේ.. කෝකටත් කියලා මං නිදි වගේ හිටියා..

    "බන්ටි.. ඔයාට රවීන් කියලා කෙනෙක් කතා කරනවා.."

    කලින්ටත් වැඩිය සද්දෙට අක්කගෙ කටහඩ ඇහුණා.. රවීන්..? කවුද බං ඒ.. මං මගෙන්ම අහගත්තා.. මතක පරිපතයේ එහා කොනේ ඉදලා මෙහා කොනට ඇවිදගෙන ගියත් ඔය කියන විදියෙ නමක් තියෙන හාදයෙක් හීනෙන්වත් මගේ ළගක ඉදලා නෑ.. කවුද අප්පා මූ..?

    "බන්ටී.. ඔයා තාම නිදිද..? අයියෝ.. මේක හදිසි කෝල් එකක්ලු.. අනේ මන්දා ඔයා නම්..? මරණ ගෙයක් ගැන ඔයාට කියන්න ගියොත් ඒකේ වැඩේ කරලත් ඉවර වේවි.."

    අඩේ අප්පා.. කාගෙද මලගෙදර.. ලව් වැඩිවෙලා මොරීන් අක්කා මැරිලද දන්නෙත් නෑ.. එහෙනම් ඉතිං සිරාවටම නයිට් එකක් අදිතැහැකි.. අවුලක් නෑ.. ප්‍රේමය වෙනුවෙන් උපන් අසෙනිය කුසුම.. කියලා මං ලොකු කටවුට් එකක් අදිනවා.. ආයෙ දෙකක් නෑ..

    අක්කා දොරට තඩිබාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මං කාමරෙන් එළියට ආවා.. කෑගහලා කෑගහලා වැඩිවෙලාද කොහෙද එයා මං දිහා බලන් හිටියෙ කේන්තියෙන් වගේ..

    "හෙලෝ.."

    "බන්ටි අයියා.. මං රවීන් කතා කරන්නේ.."

    කවුද බං රවීන් කියන්නේ..? මං මගෙන්ම අහගත්තා.. ඇත්තටම මූ මොකාද දෙයියනේ..

    "කවුද රවීන් කියන්නේ..?"

    "ඇයි බන්ටි අයියා මතක නැද්ද..? එදා සරිගමයලහදි සෙට් උනේ.."

    හප්පොච්චියේ... දැන්නේ මේකව මතක් උනේ.. අපේ බිංදුවගෙ ආදරේ ගැන, සජීවි විස්තර දුන්නෙ මේ පෝරිසාදයනේ..

    "සොරි මල්ලි.. අදුනගන්න බැරිවුණාට.. මොකද මේ හදිසියෙන්ම..?"

    සරිගමයට නැත්නම් අමිලට බාල්දිවත්තෙ කොල්ලො සෙට් එක එකතුවෙලා ගහලද දන්නෙත් නෑ.. ඇයි ඉතිං අමිලයා කරන්නෙම නාහෙට අහන්නැති වැඩනේ.. ඒත් රවීන්ගෙ කටින් පිටවුණේ මං හීනෙකින්වත් නොහිතපු දෙයක්..

    "බින්දු ගෙදර නෑ.."

    "මොකක්....... බින්දු ගෙදර නෑ.."

    "ඔව් බන්ටි අයියා.. මට හිතෙන විදියට නිරෝෂිගෙ සීන් එක බින්දු දැනගෙන තියෙනවා.. ඒකයි කොල්ලා අපි කාටත් හොරෙන් නාවලපිටියෙ ගිහින් තියෙන්නේ.."

    "නාවලපිටියේ..?"

    "ගෙදරට ෆෝන් කරහම තමයි දැනගත්තේ.. වැඩි විස්තරයක් ගෙදරින් කිව්වෙත් නෑ.. සමහර විට බින්දු ගෙදර මිනිස්සුන්ට නොකියා යන්නැති.. කුණු වෙච්චි ලව් එකක් ගැන අහිංසකයා ගෙදරට කොහොම කියන්නද බන්ටි අයියා..?"

    රවීන්ගෙන් පිටවෙන වචනෙන් වචනෙට මගේ හිතේ හැංගුනේ මහ විසාල කේන්තියක්.. ඇටකිච්චයි, නිරෝෂියි මේ වෙලාවෙ මෙතන හිටියා නම් අවමගුලක් තමයි.. හොද වෙලාවට උං දෙන්නා අතට අහුවෙන හරියක නැත්තේ..

    "බින්දු මටවත් ෆෝන් කලේ නෑනේ රවීන්.. අඩු ගානේ බින්දුට තිබුණනේ අපි කාට හරි ෆෝන් කරලා කියන්න.. මොකද අපි ඌව මරන් කනවද..?"

    "ඒකනේ බන්ටි අයියා කියන්නේ.. අනික, බින්දු ගෙදරට මොනවා කියලා නාවලපිටි ගියාද කියලා දන්නෙත් නෑනේ.. අපි වැඩිය හාර අවුස්සන්න ගියොත් ගෙදර මිනිස්සු කලබල වෙයි.."

    "එහෙම කියනා නිකන් ඉන්න බෑනේ රවීන්.. මේකට මොනවා හරි කරන්න වෙනවා.. නාවලපිටියේ ගියා කියලා කිව්වට බින්දු වෙන කොහේ හරි ගියාද දන්නෙත් නෑනේ.. වෙන එකක් තියා නාවලපිටිම ගියා උනත් අපි කොහොමද ඉන්න තැනක් හොයා ගන්නේ..?"

    "අපි කට්ටියම එකතුවෙලා ඕකට උත්තරයක් හොයමු.. එහෙනම් හවසට ටොරින්ටන් පාක් එක ළගදි සෙට් වෙමු.."

    රවීන් ෆෝන් එක තිබ්බා.. කවුරු හරි වට දහයක් පහළොවක් විතර වේගෙන් කරකවල, මාව එක තැන හිටවලා තිබ්බ වගේ කරකැවිල්ලක් මට දැනුණා.. බින්දුවා මොනවද මේ කරන්නේ..? වැඩිම උනොත් විනාඩියක් යන්න ඇති.. මට හෙල්ලෙන්න උනේ නෑ.. ෆෝන් එක ආයෙන් රින්ග් වුණා..

    "බන්ටි.. මං සුරේන් කතා කරන්නේ.. උඹලගෙ ෆෝන් එකට ගන්න බෑ.. බින්දු ගැන නිව්ස් එක හම්බ උනාද..?"

    "ඔවු බං.. දැන් රවීන් කතා කරා.."

    "බලපං.. අපේ බින්දුවත් පිස්සුනේ නටන්නේ.. අඩු ගානෙ අපි එකෙකුටවත් කියලා ගියා නම් දුක නෑ.. ඕන දේකට අපි බොක්ක උනත් ගලවලා දෙනවනේ.. ඒක නෙමේ.. තව අලුත් නිව්ස් එකක් තියෙනවා.."

    "ඒ මොකක්ද..?"

    "නිරෝෂිටයි, ඇටකිච්චටයි සපෝට් කරන්නෙ කෙල්ලෙක්.."

    "කෙල්ලෙක්..?"

    "ඔව්.. ඒකි තමයි ෆුල් ගාඩ් එක දෙන්නේ.. ලස්සන කෙල්ලෙක් බන්ටි.."

    "ලස්සන කන්නද සුරේන්.. මොනව උනත් මට පේන්නේ මුලින්ම ඒකිව අභාවප්‍රාප්ත කරන්න වෙයි වගේ.."

    මං කිව්ව දේට මුකුත් නොකියා ලොකු පුතා ෆෝන් එක තිබ්බා.. ඔලුව යකාගෙ කම්මල වගේ උනත් 'මේවට කලබල වෙලා බෑ බන්ටි' කියලා මගේ හිත මට කිව්වා..

    "බන්ටි මහත්තයෝ.."

    "ඇයි බේබි නැන්දේ..?"

    "හවස් වෙන්න කලින් මාව මාළිගාවට එක්ක යනවද..?"

    තියෙන ප්‍රශ්නෙත් එක්ක වෙන දවසක යමු කියලා කියන්න හිතට ආවත් බේබි නැන්දගේ අහිංසක මූණ ඉස්සරහ ඒ වචන ටික හැංගිලා ගියා.. අනික තමයි තරහකාරයෙක් උනත් බන්ටිගෙන් උදව්වක් ඉල්ලුවොත් නෑ බෑ කියන වචනේ බන්ටි ළග නැති එක.. ලොකු පුතා නම් ඕකට කියන්නෙ අටලෝ දහම කියලා..

    "හරි බේබි නැන්දේ.. වැඩේ ෆිට් කියලා හිතාගන්නකෝ.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බේබි නැන්ද එහෙම්ම ඉන්දෙද්දි, මං පඩිපෙළත් එක්ක තියෙන අත් ඇන්ද උඩ වාඩිවෙලා දෙපැත්තට කකුල් දෙක දාලා පල්ලෙහාට ලිස්සගෙන ආවා.. මෙහෙම එනකොට තියෙන ගතිය දන්නෙ මේ වගේ ආතල් ගමනක් ගියපු අය විතරයි.. ඇයි හත් දෙයියනේ.. පල්ලෙහාම තියෙන අත් ඇන්දෙ හයි කරලා තියෙන ලී බෝලෙ 'මුළු අනාගතේම වදීවි' කියලා ගිනි පත්තු වෙවීනේ එන්නේ.. මොනව උනත් ඒ ගමන ඉක්මන්.. ෂෝට් ඇන්ඩ් ස්වීට්..

    "යන තැනක් අම්මට කියලා යන්න බන්ටි.. නැත්නම් අම්මා මගෙනුයි අහන්නේ.."

    ෆුල් ඔප්ෂන් චැලිය මිදුලට දානකොටම අක්කා කෑගැහුවා.. අම්මපල්ලා, මේ ගෙදර නිවි සැනසිල්ලෙ දළදා මාළිගාවටවත් යන්න විදියක් නැති හැටි.. ඒකටත් හෙනහුරෙක් අතේ දුරින්ම ඉන්නවා.. ඇයි දෙයියනේ.. මේ ලෝකේ මේ තරම් කුරිරු.. මේ තරම් දරුණු..

    "අම්මට කියන්න දෙයක් නෑ අක්කේ.. මං මේ වැව රවුම ළගට යන්නේ.."

    "වැව රවුම ළගට..?"

    "ඔව්.. මට පුංචි ප්‍රශ්නයක් වෙලා.."

    "ප්‍රශ්නයක්..?"

    "ඔව් අක්කේ.. මං මේ ඔයාට හින්දයි කියන්නේ.. ඔයා අයියට ඇරෙන්න වෙන කාටවත් කියන්නෙ නෑ නේද..?"

    "නෑ.. නෑ.. බන්ටි මං අයියටවත් කියන්නෑ.."

    මං දන්නවා.. තව ටිකකින් අපේ අක්කගෙ කලු ඉංගිරියාව බිමට වැටෙනවා.. මගේ කතන්දරේට එයා ඒ තරම් පුදුම වෙලා.. පුදුම වෙන්නැතුව තියේයෑ දෙයියනේ.. බන්ටි කවදද බන්ටිගෙ ප්‍රශ්නයක් ගෙදර මිනිස්සුන්ට කිව්වේ.. පට්ට තනියෙම විසදගත්තා මිසක..

    "දැන් මාස දෙක තුනක ඉදලා මට ගෑනු ළමයෙක්ගෙන් හරිම කරදරේ.. යාලුවෙන්න අහනවයි, අපේ ගෙදර එන්නද අහනවයි.. මල විකාරයක්.."

    "ඉත්..තිං...."

    අක්කා අත් දෙකම කම්මුල් වලට තියාගත්තා.. මං කටහඩට තව ටිකක් සෝකය එක්කහු කරගත්තා.. මං දන්නවා මේ වොයිස් එකට පුළුවන් ඕන කෙනෙක් අඩවන්න.. ඒ මනුස්සයගෙ පපුව කඩාගෙන යන්න.. දුක හොදි වගේ වත්කරන්න..

    "බට බේරිල්ලක් ඇත්තෙම නෑ.. යන යන තැන පස්සෙන් එනවා.. ඔයාට කිව්වට අක්කේ.. මට ලියුම්ම අසූ තුනක් දීලා තියෙනවා ඔය ටික කාලෙට.."

    "න්.. නෑ.."

    "නැත්තෙ නෑ අක්කේ.. ඇත්තටම පුදුම කරදරයක්.. මට එ..පා.. වෙලා තියෙන්නේ.."

    "ගෑනු ළමයා ලස්සනයිද..?"

    "ඔව්.. ගිය අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා එකේ ෆයිනල් රවුන්ඩ් එකට ආවලු.."

    අක්කගෙ ඇස් දෙක නළලටම ගියා.. කලු ඉංගිරියාවෙ බෝල තඩියා දැන් බිමට වැටෙයි, දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා මං බලාන හිටියා..


    "ඉතිං ඇයි ඔයා, එයාට අකමැති..?"

    "මගේ පස්සෙන් එන කෙල්ලොන්ට මං කැමති නෑ.."

    "ඉතිං එයාට කැමති නැත්නම් ඇයි වැව රවුම ළගට යන්නේ..?"

    "එයා නිතරම මට කියනවා අපේ අම්මව බලන්න ඕන කියලා.."

    "අම්මව..?"

    "ඔව් අක්කේ.. දන්නැද්ද ඉතිං.. කෙල්ලොන්ට හැදෙන පිස්සුනේ.. මං කිව්වා අපේ ගෙදර නම් එන්නෙපා.. මං අම්මව ඔයා ළගට එක්කං එන්නම් කියලා.."

    "ඉතිං ඔයා අම්මව කැමති කරගත්තද..?"

    "පිස්සුද අක්කේ.. ඔයා හිතුවද මං මැටි ගෝනියක් කියලා.. මං අම්මා වෙනුවට බේබි නැන්දව එක්කන් යනවා.."

    "දෙයියනේ.. බේබි නැන්දව.. ඉ.. ඉතිං බේබි නැන්දා කැමති උනාද..?"

    "කැමති උනේම නෑ අක්කේ.. පස්සෙ මගේ ගැන දුක හිතිලද කොහේද කැමති වුණා.. ආ.. මේ එන්නේ.. එහෙනම් අපි යමු බේබි නැන්දේ.."

    "ඔන්න බන්ටි මහත්තයෝ.. ඔය අස්ප කරත්තෙට නගින්න කලින් මේ කියන්නේ.. පුළුවන් තරම් හිමීට යන්න ඕනෑ හොදද..?"

    "ඔව් ඉතිං.. නැත්නම් බේබි නැන්දගෙ හෙයාර් ස්ටයිල් එක පාරෙ කොහේ හරි තියේවි.."

    අක්කා ඉනට අත් දෙකත් ගහගෙන කිසිම දෙයක් හිතාගන්න බැරිව ඉන්දෙද්දි මං බේබි නැන්දව නග්ග ගත්තා.. මුතු ඇට මාලෙ දාලා, ලොකු හවරියක් කොන්ඩෙ උඩට කරල බැදලා, බෝරිච්චි අත් හැට්ටෙට මැච් වෙන සාරියක් ඇදලා, බේබි නැන්දා ඉන්නෙකේ, මං කිව්ව කතාව සීයට දෙසීයක් අක්කා විශ්වාස කරන්නැති.. මෙච්චර ජැන්ඩි පහට ලෑස්ති වෙලා බේබි නැන්දා යන්නේ, බන්ටිගෙ ගෑනු ළමයා බලන්න කියලා..

    "මොනවද බන්ටි මහත්තයෝ.. ගෙයින් එළියට බහිද්දිම සමුදිනී නෝනා මං දිහා බල බලා කුටු කුටු ගෑවේ..?"

    බේබි නැන්දව දළදා මාළිගාව ඉස්සරහ බැරියර් එක ගාවින් බස්සලා එන්න හදද්දි මගෙන් ඇහුවා..

    "බලන්නකෝ බේබි නැන්දේ.. අක්කා අහනවා ඔයයි, මායි මේ ජෝඩු දාලා යන්නෙ කෙල්ලෙක් බලන්න නේද කියලා..?"

    "බුදු සන්තෝ.. කෙල්ලෙක් බලන්න..?"

    "ඔව්.. එයාගෙ හිතේ මගේ ලව් එකට සපෝර්ට් බේබි නැන්දා කියලා.."

    "හත් දෙයියනේ... මේ.. මං..? සමුදිනී නෝනට පිස්සු හැදීගනෙවත් එනවද..?"

    "ඒකනේ බේබි නැන්දේ.. පොල් පරාල පයින් යනවා කියලා කියන්නෙ ඔය වගේ කතාවලට තමයි.."

    "හරියට හරි.. ඒ කතාව නම් ටක්කෙටම ගැළපෙනවා.. ඒත් ඉතිං මහත්තයට ගෑණු ළමයෙක් නෑනේ.."

    "නැති එකනේ මේ හැමෝටම පුරස්නයක් වෙලා තියෙන්නේ.. අනික මං වගේ නොසන්ඩාලයෙක් එක්ක එන ගෑනු ළමයා කවුද අප්පා.."

    "ආ..නේ.. එහෙම කියන්නෙපා.. මට නම් බන්ටි මහත්තයා තමයි මේ ලෝකෙන්ම හොදම.. හො..ද. ඉන්න.. මං අද ප්‍රාර්ථනා කරන්නම්කෝ ඉටි රූපයක් වගේ ලස්සන ගෑනු ළමයෙක් මහත්තයට ලැබෙන්න කියලා.."

    "ඉටි රූපයක් හම්බවෙලා පත්තු කරලා තියා ගන්නද බේබි නැන්දේ.. එහෙනම් බේබි නැන්දා මාළිගාවට ගිහින් එන්න.. මං හරියටම පැය එකහමාරකින් එන්නම්.. ඔයාව එක්කන් යන්න.. ඒ වෙලාව ඇතිනේ.."

    බේබි නැන්දා තවත් මොනව හරි කියන්න කලින් මං චැලිය හරව ගත්තා.. නැත්නම් මට වෙන්නෙ එයත්තෙක්ක මාළිගාව ඇතුළට යන්න..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-06.jpg


    06.png


    ටොරින්ටන් පාක් එකට මෙහා පාරෙ අයිනෙ මං යනකොටත් කොල්ලො ටික සෙට් වෙලා.. අඩේ අප්පා.. මං අදත් පරක්කුයිද..?

    "බින්දුවා කෝල් කරාද..?"


    මගේ ප්‍රශ්නෙට එකෙක්වත් උත්තර දුන්නෙ නෑ.. අම්මප මුංගෙ කතා පෙට්ටි වෙලට මොනව වෙලාද..? මට තදවුණා..


    "යකෝ.. බින්දු කෝල් කරාද..?"


    "නෑ බන්ටි.. අපි කාටවත් කතා කරේ නෑ.."


    "එහෙනම් තවත් බලන් ඉදලා බෑ.. අපිට දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.."


    "මොකක්ද ඒ..?"


    "අපිට නාවලපිටි යන්න වෙනවා.."


    "නාවලපිටි..?"


    "ඔව්.. නැතුව මේක විසදන්න බෑ.."


    "අපි තවත් ටිකක් ඉවසුවොත් හොද නැද්ද බන්ටි..?"


    "මට පේන විදියට නම් සුරේන්.. නහයටත් උඩින් දැන් වතුර ගලලයි තියෙන්නේ.. දැන් කෝකත් එකයි.. ඉතා ඉක්මනට අපිට ගේමට බහින්න වෙනවා.. මොකද කියන්නේ..?"


    මගේ ප්‍රශ්නෙට එකෙක්වත් උත්තර දුන්නෑ.. හැම එකාම හිටියෙ ගල් ගිලලා වගේ.. එහෙම වෙන එකත් ඉතිං අහන්න දෙයක්ද අප්පා.. බින්දුයි, අපියි හිටපු විදියට මේ වගේ ඇඩ්‍රස් නැති ගමන් ගියාම කාගෙ කාගෙත් හිත් වලට අමාරුයි..


    "බන්ටි අයියා අර.."


    හැම කතාවක්ම නතර වෙලා තියෙද්දි රවීන්ගෙ කටහඩ මට ඇහුණා.. උගේ ඇගිල්ල දික් වෙලා තිබ්බෙ අපිට ඩිංගක් එහායින් ඇවිදන් ගියපු කෙල්ල දිහාට..


    "කවුද රවීන්..?"


    "ඕකි තරමයි නිරෝෂිගෙයි, ඇටකිච්චගෙයි ලව් එකට සප් එක දෙන්නේ.."


    හිත ඇතුලෙ මෙච්චර වෙලා එහෙට මෙහෙට පිනුම් ගගහ තිබ්බ හැගීම් ඔක්කොම පැත්තකට දාලා මං රවීන්ගෙ ඇස් දෙකට එබුණා..

    "උඹට හොදටම ෂුවර්ද..?"


    මං ඇහුවෙ රවීන්ගෙන් වුණාට ඔලුව වැනුවෙ චාමික.. තවත් බල බලා ඉදලා අතපත ගාන්න දෙයක් මට තිබුණෙ නෑ.. අඩියට දෙකට මං කෙල්ල ළගට දුවගෙන ගියා..


    "බන්..ටී.. ඕකිව අතෑරපං.. අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ ඇටිකිච්චත් එක්කනේ.. මොනවද රවීන්.. උඹලා බන්ටිව කුලප්පු කරානේ.. බලපං.. ඌ මොනව කරගනියිද දන්නෑ.."


    කෙල්ලගෙ මූණ ඉස්සරහට යනකොටම මට ශිහාන්ගෙ කටහඩ ඇහුණා.. ඒත් මං ඒ කතන්දරේ සත පහකට ගණන් ගත්තෙ නෑ.. ඌ එදා ඉදලම මේ සම්බන්ධයෙන් සෝක ගීත වාදනේ කරපු එකානේ..


    "මේ හලෝ.."


    මගේ සද්දෙට කෙල්ල සුරුස් ගාලා ආපිට හැරුණා..


    "ඇ..යි..?"


    ඒ කටහඩේ කිසිම බයක් තිබුණෙ නෑ.. තමන් කරන්න ගියපු සුභ කටයුත්ත බාධා කරහම මූණක ඇතිවෙන නොරිස්සුම්කම හරි අපූරුවට කෙල්ලගෙ මූණෙ රැදිලා තිබුණා.. සරිගමයා කිව්ව දේ සීයට දෙසීයක් ඇත්ත.. මේ කෙල්ල සෑහෙන්න තරම් ලස්සනයි.. ඒත් ඉතිං ලස්සන කන්නද කියලා ඇරිස්ටෝටලුත් අහලා තියෙනවලුනේ.. ඇපල් ගෙඩිය බිම වැටෙද්දිම අයිසෙක් නිව්ටනුත් ඇහුවයි කියන්නේ..


    "තමුසෙ ඔය කරන වැඩේ හරිද..?"


    ආයෙ දෙකක් නෑ.. මං කෙලින්ම ඇහුවා.. අනික ඉතිං මිස් ඉන්ඩියා මෙතන හිටියත් බන්ටි කියන්නෙ කෙල්ලෙක්ගෙ ලස්සනට ඇඹරෙන කොල්ලෙක් නෙමෙයි..


    "මොන වැඩේද..?"


    බැලුවහම කෙල්ලත් හෙණ ෆෝවඩ්.. ප්‍රශ්නෙට උත්තරත් හම්බවෙලා ඉවරයි..


    "මොන වැඩේද අහන්නේ..? රෙදි ඇදගෙන කැත වැඩ කරන්නෙපා හලෝ.. තමුසෙට ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද..? ලස්සනට තියෙන කුරුළු කූඩුවලට ගල් හගන්නේ..?"


    "කුරුළු කූඩු..?"


    "ඇයි තමුසෙට මං කියන ඒවා ශ්‍රීක් වගේද..? බලන් ගියාම තමුසෙ මහ තොත්ත බබෙක් නේ.."


    "මේ හලෝ.. මට පේන විදියට තමුසෙට මොකක් හරි පෑගිලා.. තමුසෙ ඔය කතා කරන්නෙ හරි කෙනාටද..?"


    "හරි කෙනාට තමයි හලෝ.. තමුසෙ ඔය කරන කැත වැඩේ වහගන්න සද්ද දාලා වැඩක් නෑ.. මේක තමුසෙට දෙන ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනින් එක.. අනුන්ගෙ ලව් කඩන්නෙ නැතුව, දෙයියනේ කියලා පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා.. එහෙම නොවුණොත් තමුසෙට වෙන දේ තමුසෙවත් දන්නෑ.."


    "තමුසෙට නම් පිස්සුද කොහෙද..? මං තමුසෙව දන්නෙත් නෑ.. තමුසෙ මේ කියවන්නෙ මොනවද කියලා මට තේරෙන්නෙත් නෑ.."


    මට වගේම කෙල්ලටත් මල පැනලා කියලා මට තේරුණා.. ඒත් මගේ කේන්තිය තවත් වැඩිවුණේ කෙල්ල බබා වෙන්න හදනකොට.. ඇයි යකෝ.. උඹ බබා නම්, මං බබාගෙ මල්ලි..


    "තේරෙන්නෑ.. රවීන්.. මෙහාට වරෙන්.. මේකි නේද ඇටකිච්චගෙ ලව් එකට සපෝර්ට් කරන්නේ..?"


    මං කෙල්ලට ගහන්න පිනනව වගේ තේරුණ හින්දා සරිගමයයි, අමිලයයි දුවගෙන ආවා.. රවීන් පැත්තකට වෙලා කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා මං දැක්කා..


    "ආයෙ එහෙම බලු වැඩ කරලා අහුවෙන්නෙපා.. උංගෙ මල ඉලව් ආදරේට තමුසෙ සපෝර්ට් කරනවා මට අහුවුණොත් මං තමුසෙව සතියක් මේ ටොරින්ටන් පාක් එකේ කකුල් දෙකෙන් එල්ලනවා.. අන්න ඒක හොදට මතක තියාගන්නවා.. තේරුණාද..?"


    බලන් ඉද්දිම කෙල්ලගෙ ඇස් දෙක නළලටම ගියා.. ඒකි හොදටම බය වුණා කියලා මට තේරුණා.. තරහෙන් පිපිරලා උතුරලා ගියමු දිග ඇස්වල කදුළු බින්දු එක්කහු වෙන හැටි මං අහම්බෙන් වගේ දැක්කා.. ඔව් ඉතිං.. ඔන් කාඩ වැඩක් ඕන පඩත්තල වැඩක් කරලා ඉවරවෙලා කෙල්ලො දන්නෙ හොට්ට පෙරාගෙන අඩන්නනේ.. කමක් නෑ අඩපං.. මොකෝ මගේ ඇස් වලින් කදුළු ගලනවද..?


    "ප්ලීස් මචං.. ඔය හොදටම ඇති.. සෙනගත් පිරෙනවා... කියන දේ අහලා යමංකෝ.."


    අමිල ළගට ඇවිත් මගේ අත් දෙකෙන්ම ඇද්දා.. සරිගමයා ඒ පාර වීරයගෙ චරිතෙ රගපාන්න හදනවා..


    "පොලීසියෙ බාප්පලා එන්න කලින් මාරු උනොත් හොදයි මචං.."


    "උඹ පැත්තකට පලයං.. මං වැරැද්දක් කරේ නෑ.."


    "වැරැද්දක් කෙරුවෙ නැති එක ඇත්ත.. අර බලපං.. අරකි මුස්පේන්තුකමට අඩ අඩා කාටද ෆෝන් කරනවා.. සමහරවිට අද දවසෙ පලාපල වල මගේ ලග්නෙට කිව්වද දන්නෑ මචං, අද හොදට කන්න හම්බවෙනවා කියලා.. ඒක හින්දා දෙයියන්ගෙ නාමෙට යමු.."


    කොල්ලො සෙට් එක තරගෙට වගේ මාව පස්සට අදිනවා.. ඒ අදින ඇදිල්ලට මට මාර ගතියක් ආවා.. ඒ ගතියත් එක්කම මං උන්ව පැත්තකට තල්ලු කරලා දාලා, ආයෙත් කෙල්ල ඉස්සරහට ගියා.. ටොරින්ටන් පාක් එක ළගින් එහේ මෙහේ ගියපු දෙනෝ දාහක් දෙනා වෑන් ඩෑම්ගෙ ක්‍රියාදාම චිත්‍රපටියක් බලනවා වගේ මාර ගතියක් ගන්නවා.. ෆෝන් එක කනේ තියාගෙනම කෙල්ල මං දිහා බැලුවෙ බයයි, ඔරොප්පුවයි දෙකම කලවම් කරගෙන..


    "තමුසේ... තමුසෙ යාලුවන්ට සපෝර්ට් කරනවා වගේම තමයි මං මගේ යාලුවන්ට සපෝර්ට් කරන්නේ.. හැබැයි හොදට මතක තියාගන්නවා තමුසෙගෙ ඔය එකසිය ගානට උන තියෙන යාලුව වගේ නෙමෙයි, මගේ යාලුවා අන්තිම අහිංසකයෙක්.. උගේ මුළු ජීවිතේම ඉන්නෙ තමුසෙගෙ ඔය කැත යාලුවා විතරයි.. ඒත් ඒක තමුසෙගෙ ඔය හිත් දෙකක් තියෙන ජරා යාලුවා දන්නෑ.. කෙනේ මේ කොහේවත් ඉන්න ඇටකිච්චෙක් ඔලුව උඩ තියන් ඉන්නේ.. මේවා හෙණ ගහලා පිච්චෙන අපරාධ හලෝ.. තමුසෙට ලව් එකක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් තමුසෙ ලව් එකක් කරපු දවසක හරි මේවගේ පව් ආපිට එයි.."


    බින්දු වෙනුවෙන් කියන්න ඕන දාහක් දේවල් හිත ඇතුළෙ හතර දිග්බාගේ පෙරි පෙරී ඇදෙද්දි, කොල්ලා මාව පාක් එකෙන් එළියට ඇදගෙන ආවා..


    "යකෝ.. අර ඩෝප් වයිමා තව හොදයිනේ.. මොනවද බං උඹ ඒ කරේ..?"


    "ඔය කිව්ව කතන්දර ඔක්කොම කියන්න තිබුණෙ නිරෝෂිට නේ.. ඇයි මේ කොහේවත් ඉන්න අහිංසක කෙල්ලෙකුට ඕවා කියන්න ගියේ.."


    "මොකක්ද චාමික උඹ කිව්වේ..? ආයි කියපං.. කරුණාකරලා මට ඇහෙන්න තව පාරක් කියපං.."


    කෙල්ලත් එක්ක තද වෙලා තිබ්බටත් වැඩිය මට චාමික එක්ක තද වුණා.. ඇයි යකෝ.. මුං එකෙකුටවත් කොන්දක් තිබ්බෙ නෑ.. බින්දු වෙනුවෙන් ඒකි ඉස්සරහට ගිහින් කෑගහන්නවත්.. දැන් එනවා මෙතන අහිංසක කතන්දරයක් කියන්න..


    "නෑ.. ලොකු පුතේ.. ම.. මං.. මේ.."


    "ගොත ගහන්න දෙයක් නෑ චාමික.. මං මේ උඹලගෙන් අනිත්ම කරුණාවෙනුයි ඉල්ලන්නේ.. මාව මළ යකෙක් කරන්නෙපා.. දැනගනිල්ලා.. බින්දු වෙනුවෙන් මට ඔයිට වඩා දේවලුත් කරන්න පුළුවන්.."


    කොල්ලො එක එකාගෙ මූණු බලා ගනිද්දි මං චාලිය ස්ටාර්ට් කරගත්තා..


    "උ.. උඹ අපිත් එක්ක තරහා වෙලාද යන්නේ..?"


    "නෑ.."


    හිතේ තියෙන ඒවා කියන්න ගියොත් තව කොහේ ගිහින් නතර වෙයිද දන්නෑ.. ඒක හන්දා දුකට සැපට හැමදේටම තියෙන තනි අකුරෙ උත්තරේ දීලා මං චැලිය ඉස්සරහට ගත්තා..


    බේබි නැන්දට මං එනවා කිව්වෙ පැය එකහමාරකින්.. තවත් විනාඩි හතලිස් පහක් විතර එහෙම්ම තියෙනවා.. කොහෙද ඉතිං යාලුවො කියලා මෙච්චර දවසක් හිතන් හිටපු අපතයො ටික මුළු හවස් වරුවම කෑවනේ.. දැන් ඉතිං බින්දුව බලන්න යන්න, නාවලපිටි තනියෙම යන්නයි තියෙන්නේ.. ෂිහ්.. අම්මපල්ලා අද උදේ පාන්දරම මොකාද මන්දා දැක්කේ.. මාළිගාව ළගට එනකල්ම මං කල්පනා කරේ උදේ දැකපු නරකාදි සත්වයා කවුද කියලා.. දැක්ක එකා මොකා උනත් ඌ නම් මහ අමුම අමු මූසල දණ්ඩෙක්.. ආයෙ ඒකෙ හොදන්න දෙයක් නෑ..


    චැලිය පාකින් එකට දාලා මාළිගාවට මීටර් දෙක තුනක් මට යන්න උනේ නෑ.. සුදුම සුදු පාටින් ඇදගෙන, මල් වට්ටියකුත් අත් දෙකෙන්ම උස්සගෙන, මට එහා පැත්තෙන් ආවෙ මොරීන් අක්කා.. දෙයි හාමුදුරුවනේ.. මේ මස් පර්වතේ මොකට මෙතෙන්ට ආවද..?


    "බන්ටි මල්ලි... මාළිගාවට ආවා වගේ.."


    'නෑ මේ නාන්න යන ගමන්..' කියලා කියන්නත් හදලා මං බොහොම අමාරුවෙන් හිනාවක් මූණ මැදට ගත්තා..

    "මොරින් අක්කා.. හද්ස්සියෙම..?"


    "හදිස්සියක් නෑ මල්ලි.. මගේ සදාකාලික බලාපොරොත්තු ඉටු නොවන තැන මං දළදා හාමුදුරුවොන්ට මගේ දුක කියන්න ආවා.."


    "මල් වට්ටියක් අරගෙන..?"


    මං ඇහුවමයි යකෝ මල් වට්ටි අරන් දුක කිය කියා යනවා.. මට නම් දැන් පිස්සු වගේ..


    "නැත්නම්.. ඔයා මට කියන්නෙ මගේ පරම පූජනීය හදවතේ කදුළු ගංගාව පනිට්ටුවක දාලා මෙතෙන්ට අරගෙන එන්න කියලද..?"


    "ඔව්.. ඒක නම් කමක් නෑ.. අපිට එකතුවෙලා වලාකුළු බැම්ම හරි හෝදතැහැකිනේ.."


    "ඔයාට නම් විහිළු.. මං මේ පුදුම වේදනාවක් විදින්නේ.. හැබැයි ඒ වේදනාවෙන් එතෙර කරන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි.."


    "ඒ කවුද අප්පෙ ඒ..?"


    "වෙන කවුරුත් නෙමෙයි.. ඒ ඔයා.."


    "මේ මම..? ඇයි දෙයියනේ.. හයක් හතරක් නොතේරෙන කිරි සප්පයා.."


    "ඔව් බන්ටි.. ඔයා මගේ දුක අහලා, ඒ දුක ඔයාගෙ සුදු අයියට කිව්ව නම් මේ හැම දුකක්ම ඉවරයි.. මං දන්නවා ඔයා කියන ඕනම දේකට එයා කැමති වෙනවා කියලා.. අනේ ප්ලීස් සුදු බන්ටි.. මට ඔයාගෙ අයියව ලං කරලා දෙන්න.."


    ඔයාගෙ හැම දුකක්ම ඉවර කරන්න නම් ඔයා පරලෝ සැපත් වෙන්න ඕන මොරින් අක්කේ.. මට දස වද දෙන්නෙ නැතුව.. මොන අකුසල කර්මයක්ද මේ.. පස්සෙන් පන්න පන්නා වද දෙන්නේ.. පුදුම අවමගුලක්නේ යකෝ..


    "ලං කරලා දෙන්න නම් පුළුවන් මෙරින් අක්කේ.. ඒත්.."


    "අනේ.. ඇයි ඔයා ඒත් කියන්නේ.. දෙයියන්ගෙ නාමෙට මට ඔයාගෙ සුදු අයියව ලං කරලා දෙන්න.."


    "ලං කරපු ගමන් එයා ඈත් වෙයි.. ඒක මට ෂුවර්.. මොකද එයා කැමති කෙට්ටු ළමයින්ට.."


    අපේ එකා මේ විත්තිය දන්නවා නම්, ලංවෙනවා තියා ඌ මොරින් අක්කගෙ ගෙවල් පැත්තට හැරිලවත් නිදාගන්නෙ නෑ.. ඌට මෙයාව ඒ තරම් අප්පිරියයි..


    "ඉතින් මටත් කෙට්ටු වෙන්න පුළුවන් නේ.."


    මේ මස් පර්වතේ කෙට්ටු වෙනකොට අපේ එකා කසාද බැදලා ළමයින්ගෙත් ළමයි ඉදියි..


    "ඕවා මේවා මං දන්නෙ නෑ මොරින් අක්කේ.. මං යනවා.. මට පරක්කු වෙනවා.."


    "ඒ කියන්නෙ ඔයා මට උදව් කරන්නෙ නෑ..?"


    "උදව් කරන්න කලින් ඔයා මල් පූජා කරලා එන්නකෝ.. මං ඔයා එනකල් ඉන්නම්.."


    "ඔය ඇත්තමද වස්තුව..?"


    මොකෙක් හරි අහගෙන හිටියා නම් හතර විලි ලැජ්ජාවෙ පණ යනවා.. මොරින් අක්කගෙ මුළු ආත්මෙම පිරිල තියෙන්නෙ ආදරෙන්ද මන්දා.. උඹට මාව එපා නම් උඹ විහිලුවටවත් එපා කියලා අත පිහදාගනන් බැරිද..? අම්මප බන්ටි නම් එහෙමයි.. මොන හත්තිලව්වක්ද යකෝ.. සංසාරේ පුරාම එකෙක් පස්සෙ යන්නේ.. මට නම් මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා.. මුන්ට ඇයි මේ යතාර්ථෙ තේරුම් ගන්න බැරි.. කිව්වට නාහන අසමජ්ජාති හැත්ත.. මොන පවකට මේ සංසාරෙට ජාතක වෙලාද මන්දා..


    "අ..ඩේ.. බන්ටිටත් එහෙනම් අංශක අනූවටම හරි ගියා.. ඈ.."


    දළදා වීදිය ඉස්සරහම හිටගෙන හිටියෙ පයිතගරස්.. දෙයියන්ට ඔප්පු වෙච්චාවි.. මේ වෙල් කක්කුට්ටා කොහෙන් ජාතක උනාද මන්දා.. ඕනම දේකදි ගණිතය සම්බන්ධ කරලා කතා කරන් හන්දා, පයිතගරස් කියලා කිව්වට උගේ උප්පැන්නෙට තියෙන්නෙ මිලාන් කියලා..


    "උඹ එහෙනම් ඔක්කොම දැක්කා.."


    "නැතුව.. පැය භාගයක් විතර මං උඹලගෙ ප්‍රේම ජවනිකාව බලන් හිටියේ.. කෙල්ලෙක් විහිලුවටවත් ලං කරගන්නෑ කියපු උඹ, අපිටත් කලින් සමචතුරස්‍රයක් උනා.. ඈ.."


    "මොකක්..?"


    "සමචතුරස්‍රයක් බන්ටි.. හැබැයි මට නම් පෙනුණෙ කෙල්ල සෘජුකෝණාස්‍රයක් වගේ.."


    "ඒ කිව්වේ..?"


    "උඹට වැඩිය වයසින් වැඩියි වගේනේ බන්ටි.."


    "වයස වැඩියි.. අඩෝ මිලාන්.. උඹ මහ කැත මිනිහෙක්.. මගේ කෙල්ලට ඇයි උඹ ඔහොම කතා කරන්නේ..? ෂිහ්.. උඹ මගේ මූණටමයි ඒක කිව්වේ.."


    "බන්ටි.. උඹ ඒක සීරියස් ගත්තද..? මං නිකන් කිව්වේ.. ගණන් ගන්නෙපා.. හිත ගිය තැන මාළිගාව කියන්නෙ ඕවට තමයි.."


    "ඔව්.. ඒකනේ අපි දළදා මාළිගාවට ආවේ.."


    වැඩේ නැගලා යනවා.. දැන් ඉතිං පයිතගරසා මාව මොරීන් අක්කට බන්දලම දෙයි.. හෙට වෙනකොට මේ සතුටුදායක ආරංචිය මුළු නුවර ටවුන් එකේම පැතිරිලා තිබ්බෙ නැත්නම් මං මගේ කණ කපනවා.. මූ වීජ ගණිතයයි, ජ්‍යාමිතියයි දාලා හැම තැනටම ආරංචිය කෙටි ක්‍රම වලින් දෙයි..


    "මොනවා උනත් කෙල්ල චාමි.. වැඩිය උනත් නෑ.. උඹට හොදට මැච් වෙනවා.. හරිම අහිංසක පාටයි.."


    යකෝ.. මුගේ කට කබරයම කන්න එපාද..? මුගේ මූණ දිහා බලාගෙන අර මස් පර්වතේ ගැන මෙහෙම කියන්නේ..?


    "ඔව්.. මාත් හිතනවා.."


    "මචං.. පියෝමැත්ස් කරත්, ඇප්ලයිඩ් මැත්ස් කරත් මට තියෙන ප්‍රශ්නෙ ඒ කෙල්ලගෙ ඉලිප්සාකාර බව උඹට ප්‍රශ්නයක් උනේ නැද්ද..?"


    "මොකක්..?"


    "මහත මචං... මහත.."


    "නෑ.. බං.. මං ඕවා ඒ තරම් ගණන් ගන්නෑ.."


    "හැබැයි කෙල්ල හුගාක් උඹට ආදරේ පාටයි.."


    "අම්මප.. උඹ කොහොමද දැනගත්තේ..?"


    "ඇයි බන්ටි.. කෙල්ල උඹට, වැවේ මාළුන්ටත් ඇහෙන්න එක්ක වස්තුව කියලා කිව්වේ.. ඒකි ඒක කියපු තාලෙට මාව හිරිවැටිලා වගේ ගියා මචං.."


    "බන්ටි මහත්තයා හුගක් වෙලාද ඇවිල්ලා.."


    බේබි නැන්දා ළගමට එනකන් මං දැක්කෙ නෑ.. පයිතගරස්ට එහෙම්ම ඉන්න දීලා මං බේබි නැන්දත් එක්ක චැලිය ළගට ආවා..

    "කවුද බන්ටි මහත්තයෝ අර අමුතු විදියෙ හාදයා..?"


    ඔය අහන්නෙ පයිතගරස් ගැන.. ඌ ගැන බේබි නැන්දට කියලා දෙන්න ගියොත් මටයි පිස්සු හැදෙන්නේ..


    "සත්තු වත්තට යන්නෙ කොහොමද අහනවා.."


    "සත්තු වත්තට..?"


    "ඔව්.."


    "ඒක තියෙන්නෙ දෙහිවලනේ.."


    "ඒක තමයි.. ටිකක් ඔලුව අප්සට් වෙච්ච එකෙක්.. සුදුහුම්පල පාරෙ ගියාම සත්තු වත්තට යතෑකිද අහනවා.. පව් නේද බේබි නැන්දේ.. ඇගපත දැක්කහම දාලා පිච්චිලා යනවා.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං පයිතයා කපලම දැම්මා.. දැන් ඕකා වැරදිලාවත් අපේ ගෙදර ආවොත් බේබි නැන්දා කිය දේවලුයි, අහන දේවලුයි තේරුම් ගන්න ඌට මොන ප්‍රමේයවල් වත් දාලා බෑ.. ඕකා උදේට ටොයිලට් යන්නෙත්, ත්‍රිකෝණයක් සමච්ජේදනය කරලා, ඒ හරි මැද්දෙන් කියලා, සරිගමයා දවසක් මට කිව්වෙ කට කහනවට නෙමෙයි කියලා මට දැනුයි තේරෙන්නේ.. හැබැයි මට උහුලන්න බැරි මූ මොකටද දළදා වීදියට ආවෙ කියලයි..

    "මේ කොහෙද බන්ටි මහත්තයෝ යන්නේ..?"

    බේබි නැන්දවත් ඇදගෙන ඩෙටෝන් රෙස්ටුරන්ට් එකට යද්දි එයා පුදුම වෙලා වගේ මං දිහා බැලුවා..

    "අපි ලන්ච් එකත් අරගෙනම ගෙදර යමු.."

    "අනේ අප්පොච්චියේ.. ගෙදර උයපු කෑමත් තියෙනවනේ.."

    "කමක් නෑ බේබි නැන්දේ.. ඔයා හැමදාම අපිට උයනවනේ.. මං අද මගේ ගානේ ඔයාට ස්පෙෂල් ලන්ච් එකක් දෙනවා.. එන්න ඉතිං.."

    ලී පුටුවක වාඩිවෙච්චි බේබි නැන්දගෙ මූණෙ තිබ්බෙ මං ගැන ඉපදුණු මහ විසාල ආදරයක්.. ඒ වියපත් ඇස් දෙක යාන්තමට වගේ තෙත්වෙලා තියෙන හැටි මං දැක්කා.. තමන්ගෙ මුළු ජීවිතේටත් වැඩිය ආදරේ කරන වස්තුවක් ළග ඉදිද්දි දැනෙන ආදරණිය හැගීම කදුළු වලට පෙරලනවා කියලා මං දැනන් හිටියා.. අනිත් දේ තමයි කොල්ලොත් එක්ක එකතු වෙලා හෝටලේකට වැදිලා බඩකට පුරා කනවට වැඩිය පුංචි කාලෙ ඉදලා මං ළග ඉදපු බේබි නැන්දට කෑම වේලක් අරන් දෙන එක සිතට සැනසීමක් කියනෙක, කවුරුවත් මට කියන දෙන්න ඕන වුණේ නෑ..

    "අපොයි බන්ටි මහත්තයෝ මේ ඇති.. මහත්තයා හදන්නෙ මාව මරන්නද..?"

    කෑම කාලා ඉවර වුණාට පස්සෙ දෙවෙනි වටලප්පන් කප් එකත් එයා දිහාට තල්ලු කරලා දාද්දි බේබි නැන්දා කෑගැහුවා..

    "හැබැයි බේබි නැන්දේ.. කෑවේ නැත්නම් මං කවනවා.. අද නම් දෙයියනේ කියලා කන එක කන්න ඕන ඇග රිදෙන්න.. අම්මප බේබි නැන්දෙ මම නම් එහෙමයි.."

    "අනේ බන්ටි මහත්තයෝ වටපිටේ අයත් බලනවා.."

    "අපිට මොකද බේබි නැන්දේ.. ඉන්නකෝ මං තව සැලඩ් කප් එකක් ගේන්න.."

    "අනේ දෙයියනේ.. කෑම කවලා කවලා මාව මරන්නද හදන්නේ.. ඇත්තමයි.. මේ නම් හොදටම ඇති.."

    බේබි නැන්දා පොළවෙ හැපිලා බැගෑපත් වෙන හැටි දැක්කම මං සංග්‍රහය නැවැත්තුවා.. බිල් එක සෙට්ල් කරන ගමන් මං ඩෙවෝන් එකේ එන්ට්‍රන්ස් එක දිහා බැලුවෙ නිකමට වගේ.. කොල්ලො තුන් හතර දෙනෙක් හතර වටේ බල බල ඒ හරියෙ කරකැවෙනවා මං දැක්කා.. ඒක අමුතු දෙයක් නොවුණත්, ඊළග තත්පරේදි උන් සෙට් එක මං ඉන්න දිහාට එන්න හදනවා කියලා මට තේරුණා.. හැබැයි ඉතිං ලෙඩේ කොයි තරම් අසාධ්‍ය උනත් මට නම් අවුලක් නෑ.. තිබ්බ එකම අවුල බේබි නැන්දා මගේ ළග හිටපු එකයි..

    "බන්ටි මහත්තයෝ.. මට ඩිංගක් ටොයිලට් එකට ගිහින් එන්න ඕනේ.."

    දෙයියො අත පෑවා වගේ බේබි නැන්දා කියද්දි මං එයාව ටොයිලට් එක තියෙන පැත්තට එක්කරං ගිහින් හැරෙන තැපෑලෙන් ආපහු ආවා.. ඒ වෙද්දි අර කොල්ලො තුන් හතරදෙනා මං හිටපු ටේබල් එක ළගට ඇවිල්ලා ඉවරයි..

    "උඹ උදේ ලොකු පාට් එකක් දැම්මලු නේ..?"

    තත්පරයක් ගියේ නෑ ඉස්සරහම ඉදපු බෝල සයිස් එකා මගේ කොලර් එකෙන් ඇල්ලුවා.. එහෙනම් බන්ටි හිතුවා හරි.. මේක මොකක් හරි අවුලක්.. බන්ටිත් ආස මේ වගේ තොග වෙළදාම් වලට තමයි.. ඒත් ප්‍රශ්නෙ මොකක්ද අප්පා..?

    "කතා කරන දෙයක් කොලර් එක අතෑරලා කතා කරපං.."

    "එහෙම නැත්නම්..?"

    "නැත්නම් මෙච්චරයි.."

    කොලර් එක අල්ලන් ඉදපු එකාගෙ අත අනිත් පැත්තට අඹරන ගමන් මං ඌව පැත්තකට තල්ලු කරලා දැම්මා.. පුටු දෙක තුනක් පෙරලගෙන ඌ බිමට පාත් වෙද්දි අනිත් ඈයෝ මාව වට කරගත්තා..

    "උඹ එහෙනම් එහෙමයි ඈ..?"

    "මං කවදත් එහෙම තමයි ඩෝ.."

    ඩෙවෝන් එකේ හිටපු මිනිස්සු තරගෙට වගේ කලබල වෙද්දි තව ඩිංගක් වැඩේ අල වෙනවා කියලා මට තේරුණා.. මැනේජ්ර්කාරයා, කිසිදු අවුලකින් තොරව පොලීසියට ෆෝන් කරන හැටි මට මැවිලා පෙනුණා.. ඒ එක්කම තමයි මං දැක්කේ අපි දිහාට ඈතින් ඇවිදගෙන එන බේබි නැන්දව..

    "මේකව එළියට ඇදලා ගමු.."

    කොල්ලො තුන් දෙනෙක් මට තවත් ලංවෙද්දි මගේ ළගටම ආපු එකාගෙ අතකින් මං අල්ලගත්තා..

    "උඹලට මගෙත් එක්ක අවුලක් තියෙනවා නම් ඉඩ තියෙන තැනකට ගිහිල්ලා හැප්පෙමු.. පිටිපස්සෙන් මගේ අම්මා එනවා.. එයා රංඩු සරුවල් වලට කැමති නෑ.. එයා මගෙත් එක්ක කනවා බොනවා උඹල දකින්න ඇතිනේ.."

    ඇස් කොනෙන් බේබි නැන්දව පෙන්නන ගමන් මං කිව්වා.. හැබැයි ඉතිං බේබි නැන්දා ඇවිත් යං බන්ටි මහත්තයෝ කියලා කිව්වෙත් වැඩේ අල වෙනවා..

    "උඹේ අම්මද ඒ..?"

    "ඔව්.. උඹලට ප්‍රශ්නයක්ද..?"

    "නෑ.. අපිට ප්‍රශ්නයක් නෑ.. අපි බාල්දිවත්තෙ කොල්ලෝ.. මොන දේ කරත් මව් සෙනෙහස චාටර් කරන්න අපි කැමති නෑ.. අපි උඹව පස්සෙ අල්ලගන්නම්.."

    "පස්සෙ අල්ලගන්න දෙයක් නෑ.. අම්මව බස්සෙකට දාලා මං එනවා.. තැන කියපල්ලා.."

    මගේ කතාවට උං සෙට් එක අවුල් උනා.. උං එකෙක්වත් කතා කරේ නෑ.. ඒකට හේතුවක් තිබුනා.. ඒ වෙද්දි බේබි නැන්දා අපි හිටපු තැනට ඇවිල්ලා ඉවරයි..

    "හරි මචංලා.. මං තව ටිකකින් ටොරින්ටන් පාක් එකට එනවා.. එහෙනම් වැඩේ සෙට්නේ.."

    හෙමින් සීරුවේ ළගම ඉදපු එකාගෙ බඩටත් ඇනලා, මං බේබි නැන්දගෙ අතින් අල්ල ගත්තා.. අම්මා තාත්තා ඉස්සරහ කොල්ලො එක්ක මරාගත්තත් බේබි නැන්දා ඉස්සරහ ඒ දේවල් කරන්න මං කැමති වුණේ නෑ.. මේ ලෝකෙ කාත් කවුරුවත් නැතුව තනිවෙලා ඉදපු ඒ කරුණාවන්ත හදවත කලුළු වලින් පුරවන්න, මට දැනුම් තේරුම් තියෙන වයසෙ ඉදන්ම මං කැමති වුණේ නෑ.. ඒක ගෙවල නිම කරන්න බැරි පවක් කියලා මං දැනන් හිටියා..

    "බන්ටි මහත්තයට යන යන තැන යාලුවො නේද..? අද දවසටම කී දෙනෙක්ද..?"

    "ඒවා එහෙම තමයි බේබි නැන්දේ.. එන්න මං ඔයාව බස්සෙකට දාන්නම්.."

    "ඇයි බන්ටි මහත්තයා එන්නැද්ද..?"

    "මේ කට්ටියත් එක්ක මට පුන්චි වැඩක් තියෙනවා.. බේබි නැන්දා යන්න.."

    බාල්දිවත්තෙ කොල්ලො සෙට් එක පාඩුවෙ බලන් ඉද්දි මම බේබි නැන්දව චැලියෙ තියාගෙන ගුඩ්ෂෙඩ් එකට ආවා..

    "මට මෙහෙම කන්න බොන්න දීලා සැලකුවට බන්ටි මහත්තයට ගොඩක් පින්.."

    "පින් නම් වැඩක් නෑ.."

    "එහෙනම්.."

    "හිතට දුකක් නැතුව ඉන්න ලැබෙන්න කියන්න.."


    බේබි නැන්දගෙ මූණෙ පුංචි හිනාවක් ඇදිලා යද්දි මං චැලිය ආපහු හරව ගත්තා..


    Mathusambandai.gif

     

    blue_in_rio

    Well-known member
  • නිරෝශිගේ හොර ලව් එකට උදව් කරන්නේ, බන්ටිගේ අක්කාගේ හොඳම යාලුවා, පිණිමුතු නේද ? :rolleyes::rolleyes: අන්තිමට බන්ටියා සෙට් කර ගන්නෙත් පිණිමුතුව නේද ? :P:P කට්ටියම දැන් මට පලු යන්න බනිනවා ඇති, මම මැදින් පනිනවා කියලා.... :oo::oo: හරි, හරි..ඔන්න මම කට වහ ගත්තා..... :dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-07.jpg


    07.png


    වෙච්ච පොරොන්දුව හැටියටම මං ආයෙත් ටොරින්ටන් පාක් එකට ආවා.. දැන් බලාගමුකෝ මොකද වෙන්නෙ කියලා.. ඩෙවෝන් එකේ වගේ නෙමෙයි.. මෙතන ඇතිවෙන්න ඉඩ තියෙනවා.. ගහ මරා ගන්නව නම් පෙරලි පෙරලි වුණත් ඒ දේ කරගතෑකි..

    "මං හිතුවට වැඩිය තමුසෙට කොන්ද පණ තියෙනවනේ.."


    පිටිපස්සෙන් ඇහුණු ගෑනු කටහඩ අදුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ.. ඒ කියන්නෙ වැඩේ හැරෙන තැපෑලෙන්ම ඇවිත්.. නිරෝෂිගෙයි, ඇටකිච්චගෙයි ලව් එකට සපෝර්ට් කරන කෙල්ල මං පිටිපස්සෙ දිලිසි දිලිසි හිටියා.. එහෙනම් අර ඩෙවෝන් එකේදි මගෙත් එක්ක ගේම ඉල්ලපු කොල්ලො ටික මේකිගෙ යාලුවො වෙන්න ඕන.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. උං ගැන්සියත් වෙන දේ බලාගෙන මේ අහල පහළම ඇති කියලා මට තෙරුණා.. ඒත් උං සෙට් එක ඩෙවෝන් එකේදි වගේ මං ඉස්සරහට ආවෙ නැති එක ගැන නම් මට තිබ්බෙ ලොකු ප්‍රශ්නයක්..


    "ඇයි තමුසෙට ප්‍රශ්නයක්ද..?"


    කෙල්ලෙක් වෙලා මේකිට මේ තරම් උඩ පනින්න පුළුවන් නම් බන්ටිට ඒ වගේ දෙගුණයක්වත් පුළුවන් වෙන්න ඕනනේ..


    "ප්‍රශ්නයක් තමයි හලෝ.. මං තනියෙම ඉද්දි තමුසෙ මට අලි පාට් දැම්මනේ.. ඔන්න දැනුත් තමුසෙට ඒ පාට් දාතැහැකි.. මොකද මගේ මිනිස්සුත් හැම තැනම ඉන්නවා.."


    කෙල්ල කතා කෙරුවෙ අලි උනකින්.. ඒක ෆැරන්හයිට් සීයක් නෙමෙයි.. සෙන්ටිග්‍රෙඩ් සීයක් වගේ.. හැබැයි ඔය ඔක්කොම උනවල් බහිනවා බන්ටිගෙන් හොද කම්මුල් පාරක් කෑවා නම්..


    "තමුසෙට මිනිස්සු එකෙක් නෙමෙයි.. තුන් හතර දෙනෙක්ම ඉන්නවා කියලා මූණ බලපුවාම තේරෙනවා.."


    "මොකක්ද තමුසෙ කිව්වේ..?"


    "ඇයි තමුසෙට ඇහුණෙ නැද්ද..?"


    කේන්තිය මුළු මූණෙම පුරවගෙන කෙල්ල වටපිට බැලුවා.. එතකොටයි මං දැක්කෙ අර කොල්ලො සෙට් එක අපිට ඩිංගක් එහායින් කැරකෙන විත්තිය.. ඕන වෙලාවක ගේමට ලෑස්තිවෙලා හිටපු උං හතර දෙනා මායි, කෙල්ලයි ගැන හොද අවධානයෙන් ඉන්නෙ කියලා මට තෙරුණා..


    "හොදට ඇහුණා.. ඒත් තමුසෙට කොන්දක් තියෙනවා නම් කෙල්ලෙකුට කලර්ස් පෙන්නයිද..?"


    "මං තමුසෙට විතරක් නෙමෙයි.. තමුසෙගෙ කොල්ලන්ටත් ඩෙවෝන් එකේදි කලර්ස් පේනනුවා.. ඇයි ලැජ්ජාව වැඩි කමට උං තමුසෙට ඒක කිව්වෙ නැද්ද..?"


    "තමුසෙට අපි ඩෙවෝන් එකේදි මුකුත් කරේ නැත්තෙ අර ගෑනු කෙනා හින්දා.. අන්න ඒක මතක තියාගන්නවා.."


    පිස්සු හැදෙනවා.. නුවර කෙල්ලො මේ තරම් දයියා කියලා මට තේරිච්ච පළවෙනි වතාව මේක.. අඩුගානෙ ධර්මරාජෙ යන කාලෙවත්, බිග්මැච් ගහද්දිවත් මට මේ වගක් දැනිලා තිබුණෙ නෑ..


    "තමුසෙගෙ නිහතමානී කමට ස්තුතියි.. ඒ මගේ අම්මා.."


    "අම්මා..?"


    "ඔව්.. ඇයි ඒකෙත් මුකුත් ප්‍රශ්නයක් තියෙනවද..?"


    විශ්වාස කරන්න බැරි තරමෙ කතාවක් මගෙන් පිටවුණා වගේ කෙල්ල රවුම් ඇස් දෙක තවත් ලොකු කරල මං දිහා බැලුවා.. අම්පා කළුවරේ එහෙම නම් ඔහොම බලන්නෙපා.. මොන තරම් ෆිට් බුවෙක් වුණත් මං බයවෙනවා..


    "ඒ.. ඒ.. ගෑනු කෙනා මං දැකලා තියෙනවා.."


    "දැකලා තියෙනවා..?"


    බේබි නැන්දා වැඩිය එළියට පහළියට යන්නැති හින්දා කෙල්ලගෙ කතාව මට ඒ තරම් ඇල්ලුවෙ නෑ.. මේකි මේ විකලෙන්ද කොහේද කතා කරන්නේ.. සමහර විට අදම වෙන්නැති බේබි නැන්දව දකින්න ඇත්තේ..


    "ඔව්.. මිස්ටර් විජේරත්නලගෙ ගෙදරදී.."


    හුටා.. කාපිය කොබෝ නයි කිව්වලු.. අම්මපා.. පොල් පරාල පයින් යනවා කියන්නෙ මේවට තමා.. මිස්ට විජේරත්න කියන්නෙ, බන්ටි කියන හාදයගෙ ආදරණීය තාත්තානේ දෙයියනේ.. යකෝ බන්ටි කියන්නෙ මටනේ..


    "මිස්ටර් විජේරත්න ලහදි..?"


    "ඔව්.. එහේ තමයි.. ඇයි මං වැරදිද..?"


    දැන් නම් ඉතිං බන්ටිට අඹ සරණයි.. ඔයින් මෙයින් පෙනීයන්නෙ කෙල්ල අපේ ගෙදර ඇවිත් තියෙනවා කියනෙකනේ.. මොනවට ආවද කියලා දෙයියො තමා දන්නේ.. සමහර විට මේ දයියා කටර් එක අපේ අක්කගෙ යාළුවෙක්ද දන්නෑ.. නැත්තං අක්කා විහිලුවට වගේ අපේ ගෙදර පෙන්නන්නවත් එක්කං ආපු වාතයක්ද දන්නෑ.. මොකද අක්කා සාමාන්‍යයෙන් ඔය වගේ හොදා පාලු වැඩ කරනවනේ..


    "නෑ.. නෑ.. කිව්ව එක හරි.. විජේරත්න මහත්තයලහ තමයි අම්මා වැඩ කරන්නේ.."


    "වැඩ කිව්වේ..?"


    "වැඩ කියන්නෙ උයනවා, පිහනවා, අතුගානවා, දෙරි හෝදනවා.. කොටින්ම කියනවා නම් හැම වැඩක්ම කරනවා.. තමුසෙ දැන ගන්නවා.. මට ඕව කියන්න ලැජ්ජ නෑ.. ඒ මගේ අම්මා.. තමුසෙට ඕන මේ විස්තර අහගෙන මට ලැජ්ජා කරන්නනේ.. හා ඉතිං කරනවා.. දැන් ඉතිං කරනවා.."


    කෙල්ලගෙ ඇස් දෙක උඩ ඉන්දුනා.. මං කියන ඒවට මොනවද කියන්නෙ කියලා හිතාගන්න බැරුව කෙල්ල ලතවෙන හැටි මං දැක්කා.. ඔහොම යං.. ඔහොම යං.. මේ බන්ටිගෙ හැටි ඔයා තාම දන්නෑ බබා.. හොදම රගපෑම වෙනුවෙන් මට හම්බවෙලා තියෙන සම්මාන තියන්න අපේ ගෙදර ඉඩත් මදිවුණා..


    "ඒ.. ඒ.. උනාට එයා කසාද බැදලා නෑනේ.."


    අම්මපා.. බලන් ගියාම මේ කෙල්ලො දන්න රෙද්දකුත් නෑ.. නොදන්න මගුලකුත් නෑ.. කිසිදු අවුලකින් තොරව මෙයා නම් සියල්ල දන්නවා වගේ.. බන්ටි.. දැන් නම් පිට කරන වචන ගැන ටිකක් පරිස්සම් වෙන්න වෙයි..


    "අම්මා කැමති නෑ මට ලැජ්ජ කරන්න.. ඒ ගෙදර නෝනලා මහත්තයලා මං ගැන මුකුත්ම දන්නෙ නෑ.. මං ගැන කිව්වොත් තවත් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන් නේ.. මාත් ඉතිං ඔය කීයක් හරි අතට හම්බ වුණහම අම්මට මේ වගේ එළියට එක්කං ඇවිත් සලකනවා.."


    කියන මුසාවාද වලට පොළව පලාගෙන යනවා නම් මේ වැඩිත්තෙක්ක.. බලන් ගියාම කෙල්ලගෙයි මගෙයි වලිය පැත්තක.. දැන් වෙනම දිහාවකටනේ කතාව යන්නේ..

    "සො.. රි.."


    ඒ වචනෙ කිව්වෙ කෙල්ලමද කියලා හිතාගන්න බැරිව මං ඒකි දිහා බැලුවා.. ඒ මූණට අමුතුම එළියක් ඇවිල්ලා තිබුණා.. මොනව වුණත් මං කියපුවයින් කෙල්ල ඉන්නෙ සෑහෙන්න අවුල් වෙලා කියලා මට තේරුණා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. අවුල් වෙන්නෙ නැතුව ඉදියිද දෙයියනේ.. අයිශ්චර්යා වුණත් අහුවෙනවා මේ ගහන ටොම් පචවලට.. ඒ තරම් තාත්විකයි..


    "හැබැයි.."


    සොරි එකෙන් පස්සෙ හැබැයි එක ආවෙ කොහෙන්ද කියලා බලන්න මං කෙල්ල දිහා බැලුවා.. ඒ මූනෙ තිබ්බෙ අමුතුම කතන්දරයක්.. කෙල්ලොන්ට මේ තරම් ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද..?


    "මට පුස් පාට් දාපු මනුස්සයගෙ ජීවිතේ ඇතුල් පැත්ත මං දැන් දන්නවා.. ඒක නිකං උඩින් වේලිලා, ඇතුල කුණුවෙච්ච තුවාලයක් වගේ.. හැබැයි එක දෙයක් තියෙනවා.. තමුසෙ ඔහොම නෙමේ.. ඔලුවෙන් හිටගෙන කියෙව්වත් මං මගේ යාලුවගේ ආදරේට උදව් කරනෙක නවත්තන්නෙ නෑ.."


    "නවත්තන්නෙ නෑ.. හරි එහෙනම් බලාගමු.."



    "බලාගන්න දෙයක් නෑ හලෝ.. දැන් හොදට බලාගෙනයි තියෙන්නේ.."


    "එහෙමද.. එහෙනම් වැඩි දවසක් යන්න කලින් යාලුවගෙ කේන්දරේ බලනවා.. මොකද ඉස්සරහට මාරක අපලයක් තියෙනවා.."


    "අපලෙ තමුසෙට.. මගේ යාලුවට නෙමෙයි.."


    "තමුසෙ මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ.. තමුසෙ මහ පිස්සු කරත්තයක්.. මට පේන විදියට නම් තමුසෙගෙ මුළු ඇගටම පිස්සු.."


    "ඒක නම් හරි ඇත්ත.. මොකද කොල්ලොන්ට මගේ ෆිගර් එක දැක්කම පිස්සු හැදෙනවා.."


    මේකිගෙ නම් කටක් නෙමෙයි තියෙන්නේ.. තනිකර වක්කඩයක්.. බන්ටිට මේ වගේ ෆේස්ටු ෆේස් ඇටෑක් වෙන කෙල්ලෙක් හම්බවෙලා නෑ ජීවිතේටවත්.. හම්බවෙච්ච ඔක්කොම ඈයෝ ඩිංගක් ඇත්නම් හොට්ට පෙරාගෙන අඩන බබාලනේ.. මං හිතන්නෙ මේකි ඉපදිලා තියෙන්නෙ ටී.වී එකේ ප්‍රවෘත්ති යන වෙලාවකද කොහෙද..?


    "තමුසෙගෙ චාටර් ෆිගර් එක බලලා පිස්සු වැටෙන්න හදන කොල්ලො අද ලංකාවෙ නෑ.. තමුසෙට හොල්මං.. හැබැයි තමුසෙ ඔය කියන සපෝර්ට් කිරිල්ලෙන් මගේ යාලුවගෙ ආදරේ නැතිවෙලා ගියොත් මං තමුසෙටත් යහතින් ඉන්න තියන්නෑ.."


    "ඒක නම් මට ගැටලුවක් නෑ.. මට තියෙන්නෙ මිස්ටර් විජේරත්නට තමුසෙ ගැන කියන්න විතරයි.."


    වැඩේ කියන්නෙ මෙච්චර වෙලා කෙල්ලත් එක්ක කටින් ගහගත්තත් අර කොල්ලො සෙට් එක පැත්ත පළාතක ආපු නැති එක..


    "දැන් එහෙනම් තමුසෙ හදන්නෙ කතන්දරේ ලීක් කරලා දාන්නද..?"


    "ඔව්.. තමුසෙ වැඩිය උඩ පනින්න ආවොත් මං ගෙදරට විතරක් නෙමෙයි, මුළු රටටම ලීක් කරලා දානවා.. ඒක හන්දා බොහොම පරිස්සමට කටයි අනිත් ඒවයි වහන් ඉන්නවා.. අනිත්තෙක මේක චැලේන්ජ් එකක්.. පුළුවන් නම් දිනල බලනවා.."


    "චැලේන්ජ් එකක්..?"


    "ඔව්.. තමුසෙ කිව්වනේ මගේ යාලුවට යහතින් ඉන්න දෙන්නෑ කියලා.. කොන්දක් තියෙනවා නම් ඒක කරලම පෙන්නනවා.."


    කොල්ලො ගැන්සියට අතකුත් වනාගෙන කෙල්ල පැත්තකින් නවත්තල තිබ්බ ස්කුබී ඩූ ස්කූටරයෙ නැගලා යන්න ගියා.. මම හිටියෙ ඒ තරම් හොද මූඩ් එකක නෙමෙයි.. කෙල්ලගෙ කතාවෙන් හිතට එබිලා තිබ්බ තරහා, අර කොල්ලො ගාවින් හරි පිට කරන්නයි මට ඕන වුණේ.. ඒත් මගේ දිහා හැරිලවත් බලන්නෙ නැතුව කොල්ලො හතර දෙනත් අර ස්කුබී ඩූ එක පිටිපස්සෙන් ගියා... අන්තිමට බන්ටි විතරක් ටොරින්ටන් පාක් එකේ අජීවී වස්තුවක් බවට පත්වුණා..


    ****************************


    දීර්ඝ විදේශ සංචාරයකින් පස්සෙ මං ගෙදර එනකොට සෑහෙන්න හවස් වෙලා.. ඊයෙ කුණු වෙන්න වැස්සා උනත් අද නම් විහිලුවටවත් වහින පාටක් නෑ.. අම්මප බලන් ගියහම පැස්සත් නිකං ගෑනු ළමයි වගේ තමයි.. එක වෙලාවකට පැණි පෙරාගෙන හිනාවෙලා ඉන්නවා.. පස්සෙ මරාගෙන කන සයිස් එකට ඇරගන්නවා.. අනේ කාලේ වනේ වාසේ.. මට නම් කෙල්ලෙක් නොහිටපු එකම හොදයි..


    "අද මොකක්ද පෙරලපු බාල්දිය..?"


    ගෙට ගොඩවෙන්න හම්බවුණේ නෑ.. අක්කා මේන් ඉස්සරහ දොර ගාවම.. ඇයි හත් දෙයියනේ.. දවසේ කාරණා කාරණා කටයුතු කරලා වෙහෙස මහන්සි වෙලා ගෙදරට එනකොට ඕන් බලාපියව් සහෝදරියො අහන ප්‍රශ්න වල කැත..


    "ඇයි අක්කේ..?"


    "හැයි තමයි.. අන්න ඔයාගෙ අහිකුන්ටක පරම්පරාව, පැය ගානක් මෙතන තැපලා තැපලා යන්න ගියා.."


    "අහිකුණ්ටකයෝ..?"


    "ඔව්.. ඔයාගෙ අතිජාත මිත්‍ර පාර්ෂිකයෝ.."


    ෂිහ්.. අම්මපා අක්කා ඒක කියාපු කැත.. මට නිකං බඩේ අමාරුවත් හැදෙන්න වගේ.. හැබෑටම කොල්ලො සෙට් එක මෙහේ ආවද..? ආව නම් ඒ ඇයි...?


    "නිකං අහප පොළව උහුලන්නෙ නැති කතා කියන්නෙපා අක්කේ.. උංට මෙහේ එන්න තරම් පිස්සුවක් නෑ.."


    "පිස්සු තියෙනවද නැද්ද කියලා නම් මං දන්නෑ.. මට පේන හැටියට මණ්ඩලේ කචල් එකක් වගේ.. ඒක නෙමේ අද ගිය ගමන මොක..? ඒකෙයි, මේ ප්‍රශ්නෙයි අතරේ මුකුත් නමුත් ඥාති සම්බන්ධයක් තියෙනවද..?"


    "මොන ගමනද අක්කේ..?"


    අපේ අක්කත් එක්ක කතා කරනව නම් සෑහෙන්න මීටර් ගතව තමයි කතා කරන්න ඕන.. නැත්නම් ඉතිං එයා ඔලුවයි, මූණයි දෙකම අතගාලනේ ටොක්ක අනින්නේ පැණි බේරෙන්න..


    "මොන ගමනද අහන්නේ..? ඇයි බන්ටි.. ඔයාට මතක නැද්ද උදේ යනකොට බේබි නැන්දව එක්කරන් ගියපු ගමන.. කට්ට කමටද කොහෙද බේබි නැන්දව මුලින් එව්වා.. දැන් මෙයා හොර පූසා වගේ ගෙදර ආවා.."


    යකෝ.. බලපල්ලකෝ මේකිගෙ අපත කතාවෙ තරම.. කට්ට කමට බේබි නැන්දා කලින් එව්වලු..


    "ඔයා මොනවද කියන්නෙ කියලා මට නම් තේරෙන්නෑ.."


    "ඔව් ඉතිං.. බේබි නැන්දගෙන් ඇහුවාමත් මට ගස්සගෙන ගේ ඇතුළට ගියා.. දැන් ඉතිං මෙයාගෙන් අහනවා කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ තමයි.."


    මගේ හිතට කාලෙකින් ආපු නැති තරමේ ගතියක් දැනුණා ඒ කතාව අහපුවාම.. අම්මප බේබි නැන්දා මරුනේ.. ඔන්න ඔහොමනේ ඉන්න ඕන..


    "ආ.. මගේ මාධ්‍ය ප්‍රකාශක මුකුත් කිව්වෙ නැද්ද..? එහෙනම් ඉතිං සොරිම තමයි අක්කේ.. මටත් මුකුත් කියන්න අයිතියක් නෑ.."


    ඇස් ගෙඩි දෙකත් ලොකු කරන් අක්කා බලන් ඉද්දි මං එයාවත් තල්ලු කරගෙන ගේ ඇතුළට ගියා.. දැන් ඉතිං කොල්ලො ටික ආවෙ ඇයිද කියන එකේ මරණ පරීක්ෂනේ තියන්න ඕන.. ඒත් ඒකට මේ වෙලාව හොද වෙලාවක් නෙමෙයි කියනෙක මං දැනන් හිටියා..


    *****************************
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "බන්ටි මහත්තයෝ.."

    මං අහැරුනේ බේබි නැන්දගේ කටහඩින්.. ඒ වෙනකොට මුළු පළාතම කළුවර වෙලා තිබුණා.. මේ උදේද..? දවල්ද..? රෑද..? එහෙමත් නැත්තං පාන්දරද..? ආපු ගමන්ම ඇදට වැටෙනවා විතරයි මට මතක.. හත්තිලව්වේ.. එහෙම්ම මට නින්ද ගිහින්නේ..


    "බේබි නැන්දේ..?"


    "හවස කිරි එක එකවත් බිව්වෙ නෑනේ.. දැන් ඉතිං රෑටම කන්න යමු.."


    "දැන් නම් කන්න බෑ.. කිරි එකක් තිබ්බා නම් හොදයි.."


    "අනේ එහෙම හොද නෑ බන්ටි මහත්තයෝ.. ගෙදර හැමෝම බලන් ඉන්නවා.."


    ඒකත් එහෙමද..? එහෙනම් හැමෝම කෑම මේසෙට වාඩිවෙලා මූණින් මූණ බලාගෙන ඇති.. කොහොමටත් රෑ කෑමට හරි ගෙදර හැමෝම එකට වාඩිවෙලා කෑම කන එක අපේ ගෙදර සිරිතක්.. ඒක මට මතක ඇති කාලෙක ඉදන්ම තිබුණා..


    "බේබි නැන්දා දවල් එද්දි අමිලලා මෙහේ ඇවිත් හිටියද..?"


    "නෑ.. කවුරුත් නෑ.. හැබැයි සමුදිනී නෝනා නම් ප්‍රශ්න කෝච්චියක් ඇහුවා.. මං ඒ එකකටවත් උත්තර නොදී ගෙට ආවා.."


    "ඒක හොදයි.. නැත්තං හෙට උදේට එයා මෙතන පෝස්ටරුත් ගහලා කටවුට් දෙක තුනකුත් ගහලා තියෙයි.."


    එතකොට කොල්ලො සෙට් එක ආවෙ නැද්ද..? අක්කා මාව කුලප්පු කරන්න මට බොරුවක්ද කිව්වේ..? කොල්ලො ටික ආවා නම් ඒ ඇයි..? මං ටොරින්ටන් පාක් එකේදි උන්ව හම්බවෙලානේ ආවේ.. ප්‍රශ්න දෙක තුනක්ම ඔලුව වටේ කරකැවෙද්දි මං පඩිපෙල බැස්සා.. ඇන්දට අල්ලලා තියෙන ලීයට පිටිපස්ස තියලා ආතල් එකේ පහලට ලිස්සගෙන එන්න තරම් හයියක් ඒ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ නෑ.. අනික ඉතිං ඒ ලීය කවදාවත් පොලිෂ් කරන්න ඕන නෑ කියලයි අපේ ගෙදර අය කියන්නේ.. මගේ වැඩේ හන්දා නිතරම ඒ ලීය පොලිෂ් වෙලාලු තියෙන්නේ..


    "එනව මනුස්සයෝ.. ඉක්මනට.. අපිට හොදටම බඩගිනියි.."


    පඩිපෙළ කොනෙන් මතුවෙනකොටම අයියා කෑගැහුවා..


    "ආ.. පෝ.. මේ වෙලාවේ, රෑ වෙලා තියෙන එකත් හොදයි.. නැත්නම් මෙයාව උදේක දැක්කා නම් කැදත් නෑ.. පේන්නැද්ද කබ කඩ කඩා එන හැටි.."


    ඔය වගේ කතාවක් කියලවත් අක්කා හිත සනස ගත්තාවේ.. පව් අප්පා.. අපි, අසරණයෝ ගැන අනුකම්පාව උපදවල බලන්න ඕන.. එහෙමයි බුදු බණේ වුණත් තියෙන්නේ..

    "බන්..ටී.. මොකද අද.. සයිලන්ස්..?"


    "ඒක තමයි මාත් බැලුවේ.."


    "හොදට ඇග පත දිහා බලන්න තාත්තේ.. කවුරු හරි අල්ලගෙන ගහලද දන්නෙත් නෑ.."


    "ඒ ඇයි සමුදි..?"


    "හවස ආපු ගමන් ඇදට වැටුණා.. ඔන්න තාත්තෙ අපේ බන්ටිගෙයි, බේබි නැන්දගෙයි මොකක් හරි ලොකු හොරයක් තියෙනවා.. මං දැන් ටිකක් අල්ලගෙනයි තියෙන්නේ.. අනිත් ටිකත් අල්ල ගත්තහම කෑම මේසෙදිම කියන්නම්.."


    හප්පට සිරි.. අපේ අක්කට ගියපු කල.. එයා ඒ තරම් පොරක් උනාද අප්පා.. ගෙදර කට්ටිය අනේක දේවල් කියද්දි මං පාඩුවෙ කන්න ගත්තා.. වැදගත් ළමයි, කන ගමන් කතා කරන්නෙ නෑ.. කවුරු හරි කතාව අඩු මොකද කියලා ඇහුවොත් එහෙම කියනවා කියලා මං හිතාගත්තා.. ඒත් කවුරුවත් මගෙන් එහෙම ඇහුවෙ නෑ..


    *****************************


    එදා මට නින්ද ගියේ හුගක් රෑ වෙලා.. ටොරින්ටන් පාක් එකේදි චැලේන්ජ් කරපු කෙල්ලව, හුගාක් වෙලාවට මට මතක් වුණා.. උන්දෑ මහ පිස්සු කේස් එකක්.. ඒකිගෙ ෆිගර් එක දැක්කහම කොල්ලො පිස්සු වැටෙනවලු.. මල සමයංනෙ යකෝ.. කවුද දන්නෑ අර ඒකිත් එක්ක ඉදපු වල් කක්කුට්ටෝ හතර දෙනා.. උංට පුළුවන්ද අප්පා ඒකිව හැන්ඩ්ල් කරන්න.. දැක්කනේ දිගට හරහට කතා කරනකොට ඒකිගෙ කටේ තිබ්බ සිරියාව.. අනික ඉතිං උං බාල්දිවත්තෙ කොල්ලොලුනේ.. එතකොට ඒකිත් බාල්දි වත්තෙද..? වෙන්න බෑ.. ඒකිගෙ තිබ්බෙ බාල්දිවත්තෙ ලක්ෂන නෙමෙයි..


    "මොන කරදරකාරයෙක්ද මන්දා.."


    කාටදෝ වැලේ වැල් නැතිවෙන්න බැණ බැණ අයියා සාලෙට එන සද්දෙ මට ඇහුණා.. මං හොදට කන්දෙක උස්ස ගත්තා.. අම්මපා.. මේ පට්ට රාත්‍රී යාමයේ මිනිහා මටද දන්නෑ බනින්නේ.. ටිකකින් මට ඇහුණා. රිසීවර් එක දඩෝං ගාලා ෆෝන් එකේ ඔබන සද්දේ.. ඒ පාර නම් ෆෝන් එකට බඩුම තමා.. ලොකු කෑල්ල මට කියලා කියන්නත් හදලා මං හෙමින් සීරුවෙ ඇදෙන් නැගිට්ටා.. මොකාක් නමුත් ලොකු අවමගුලක් පාටයි..


    "පිස්සුද මංදා.. කොහේද යන පිස්සෙක්.."


    කාටදෝ හතර අතේ පලු යනකල් බැණ බැණ අයියා සාලෙ පුරාම ඇවිදිනවා.. නිදිමතත් නැති එකේ මට ආවෙ මාර ගතියක්.. අම්මපා.. අපේ අයියා බයිට් කරපු පින්වන්තයා කවුද..? මට ඕන වුණේ වෙන මුකුත් නෙමේ.. ඒක දැනගන්න.. මොකද උගේ පැත්තට මලක්, පානක් පත්තු කරලා තියන්න..


    "කවුද ලොකු.. මොකද උනේ..?"


    අඩුවක් කියලා තිබේබෙ ඔච්චරයි.. ඔන්න අක්කත් ආවා අයියා ළගට..


    "මොන කාළකන්නියෙක්ද මන්දා.. ෆෝන් එක රින්ග් කරලා හලෝ කිව්වම කට් කරනවා.. දැන් දහ දොළොස් ගමනක් විතර.. ෂිහ්.. මගේ ඔලුවත් එක්ක අවුල් වුණා.. කතා කරන්න බැරි නම් මොනවට ගන්නවද මන්දා.."


    අනේ අප්පේ.. ඔය මනුස්සයගෙ ඔලුව අවුල් වෙලාම තියෙනවා නම් කොච්චර හොදද..? මොන තරම් යහපතක්ද..?


    "මුකුත්ම කියන්නෙ නැද්ද ලොකූ..?"


    "මුකුත් නෑ හලෝ.. ඒකනේ තද වෙන්නේ.. හැබැයි හුස්ම ගන්න සද්දෙ හිටන් ඇහෙනවා.. කවුරු හරි ඕන කමින් කරන්නේ.."


    අම්මප.. හුස්ම ගන්නවත් ඇහෙනවලු.. බලන් ගියාම අපේ එකා මාර සංවේදී මනුස්සයෙක්නේ.. මූව යවන්න ඕන කාළගුණේට.. එතකොට හම්බන්තොට පැත්තට වහිනවා නම් මූට නුවර ඉදන් කියතැහැකි.. මොනව උනත් අපේ අයියව බටිට් කරන එකා අල්ලගෙන ඉඹින්න පවා මට හිතුණා.. ඌ කොයි තරම් ෂෝක් කොල්ලෙක් වෙන්නැතිද..? මේකා වගේ අමනුස්සයෙක් බයිට් කරන..


    "බ..න්..ටි.. වත්ද දන්නෑ.."


    ඔන්න.. ඔන්න.. කැරකිලා කැරකිලා අන්තිමට.. අලියා වතුර බොන්නෙ හොඩෙන්ලුනේ.. මටත් ඒ සෙතේම තමයි..


    "බන්ටි.. කොහොමද කරන්නේ.. මිනිහා කාමරේ අතුලෙනේ.."


    "කාමරේ උනාට, මට නම් ඔය මනුස්සයා ඩිංගක්වත් ෂුවර් නෑ.. හොර පූසා වගේ දැන් ඩිංගකට කලින් හිටපු විදිය නම් මට ඇල්ලුවෙම නෑ.."


    ඇල්ලුවෙ නැත්නම් අල්ලපියව්කෝ.. මේ බන්ටි ඉන්නෙ දිලිසි දිලිසි.. ආයි ඕකට මං මුකුත්ම කියන්නෙ නෑ.. වැඩේ කියන්නෙ වැඩිම උනොත් විනාඩියක් දෙක්ක යන්න ඇති.. ආයෙත් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.. අයියයි, අක්කයි තරගෙට වගේ මූණින් මූණ බලා ගන්නවා මං දැක්කා.. විනාඩියක් දෙකක් විතර එක දිගට රින්ක් ගියත් දෙන්නගෙන් කවුරුවත් ෆෝන් එක ඇල්ලුවෙ නෑ.. තවත් බලන් ඉදලා බෑ.. මං කාමරෙන් එළියට පැන්නා.. මාව දැක්ක ගමන් දෙන්නම කැත නැතුව අහක බලා ගත්තා.. යකෝ.. මේක මාර අවමගුලක්නේ.. ඇයි අප්පා ඔය තරම් වේදනාකාරී විදියට අහක බලාගත්තේ.. මං ඔයාලගෙ තරහාකාරයෙක්ද..? නැත්නම් පරණ ණයකාරයෙක්ද..?


    "හෙලෝ.."


    "බන්ටි නේද..?"


    එහා පැත්තෙන් රහසින් වගේ ඇහුවා.. හත්තිලව්වේ මේ ලොකු පුතා නේද..? මූ මොකද මේ යක්කු ගස් නගින වෙලාවේ..?


    "කවුද මේ..? කාටද කතා කරන්න ඕන..?"


    මං නිකන් දේශපාලන විද්‍යාව හදාරන එකෙක් වගේ කතා කලා.. නැත්නම් දෙයි හාමුදුරුවනේ, මටනේ බඩු හම්බ වෙන්නේ.. ඇයි කියලද ඇහුවේ.. ඇයි ඕයි.. මෙච්චර වෙලා එහා පැත්තෙන් ආන්සර් නොකරපු එකා, මගෙත් එක්ක ආන්සර් නම් අපේ ගෙදර වසවර්තියො හිතන්නෙ මේක මගේ මාස්ටර් ප්ලෑන් එකක් කියලනේ..


    "කවුද මේ කියල අහන්නේ..? මං ලොකු පුතා යකෝ.. මං ලොකු පුතා.. උඹට මාව අදුනගන්න බැරිද..? ඩිංගක් කොනිත්තගෙන බලපං.. මේ මං..! උඹලගෙ ගෙදර ඈයොන්ට මොකද වෙලා තියෙන්නේ..? ෆෝන් එක උස්සපු ගමන් අම්මා, තාත්තා මතක් කරන්නේ..?"


    අම්මපා.. මූ ළගපාතක හෙම හිටියා නම් දෙකට තුනට නමලා වොෂින් මැෂින් එක ඇතුළටවත් ඔබනවා.. මූ හදන්නෙ මට උන් හිටි තැන් නැති කරන්න.. අනිත්තෙක මුගේ ගද කතාව බලපල්ලකෝ.. අපේ ගෙදර ඈයොලු කතා නොකරන්නේ.. දැන් ඇහුනනේ අයියා දිව්‍ය ලෝකෙටත් එහා ඇහෙන්න බැනපු හැටි..


    "හෙලෝ.. කාටද කතා කරන්න ඕන කිව්වේ..?"


    අක්කයි, අයියයි දිහා බලන ගමන් මං හෙමීට ඇහුවා.. මූට මොලේ කියලා මංචාඩි එක්ක හරි තියෙනවා නම් මේ අවස්ථාවෙ හැටි තේරුම් ගනියි..


    "උඹ මොන කුණුහරුපයක් කියනවද කියලා මට නම් තේරෙන්නෑ ලොකු පුතේ.. අපිත් එකක් තරහා වෙලා උඹ කොහෙද ගියේ..? හැම එකාටම අප්සට් බං.. හොද එකා වගේ හෙට උදේම ගුඩ් ෂෙඩ් එකට වරෙන්.. මං තියනවා.."


    ලොකු පුතා ලොස් නැතුව ෆෝන් එක තිබ්බා.. මං මුකුත් දන්නෑ වගේ අක්කා දිහාට හැරුණා..


    "අක්කෙ ඔයාට.."


    "ම.. ට..?"


    "ඔව්.. ඔයාට තමයි.."


    "වෙන්න බෑ.."


    "වෙන්න බැරියක් නෙමෙයි.. මේ ගෙදර වෙන සමුදිනියෙක් නෑනේ.."


    අක්කට ෆෝන් එක දීලා මං අයියට ළංවුණා..


    "බලන්න ලොකූ.. අක්කට එන කෝල්ස් හින්දා තියෙන මල වදේ.. කතා කරාට කතා කරන්නෙ නෑ.. පිරිමි ඇලජික් එකෙක්ද කොහේද එහා පැත්තෙ ඉන්නේ.."


    "මටත් පේන්නෙ ඒ වගේ තමයි.. මෙයා අපිට කොලේ වහනවා.."


    අක්කට ඔරව ඔරව අයියා සාලෙන් ගියා.. විසන්ධි වෙලා ගියපු අකුසල දුරකතන ඇමතුමත් එක්ක, අක්කා අන්ද මන්ද වෙලා බලන් ඉද්දි මාත් කාමරේට පැන ගත්තා..



    Mathusambandai.gif

    PDF.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-08.jpg


    08.png


    ගුඩ්ෂෙඩ් එකට යන්න පල්ලෙහා පාරට දාලා, කාර් පාක් එක හරියට එනකොට ඊට ඩිංගක් එහායින් පල්ලම් බහින කොල්ලො සෙට් එක මං දැක්කා.. චැලිය එහෙම්ම පාර අයිනෙ නවත්තලා මං ඇගිලි දෙකක් කට ඇතුළට දාලා කව්බෝයි විසිල් එකක් ගැහුවා..

    "මේන් මේකා කලින්ම ඇවිල්ලා.."


    "ඇති යාංතන්.."


    "මොකද බං ඊයේ වුණේ..?"


    "අපි උඹව හොයලා හොයලා බැරිම තැන ගෙදරටත් ගියා.. උඹ ගෙදරවත් ඇති කියලා බලන්න.."


    එහෙනම් අක්කා කිව්වා හරි.. මුන් ටික ඊයෙ අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා..


    "උඹ අපිත්තෙක්ක තරහද බන්ටි..?"


    ඉස්සෙල්ලා අහපු කිසිම දේකට මං උත්තර දුන්නෙ නැති නිසා ලොකු පුතා මං ඉස්සරහට ආවා..


    "තරහ කතාවක් මෙතෙන්ට ඕන්නෑ චාමික.. දෙයක් කරනවා නම් ඔක්කොම එකතුවෙලා ඒ වැඩේ කරමු.. මං විතරක් තනියම ඉස්සරහට ගිහින් ප්‍රශ්නෙට මූණ දුන්නම, ඒකි පව්, ඒකි අහිංසකයි, ඒකිට කක්ක බර හැදෙයි.. ඔය වගේ කතන්දර කියන්නෙපා.."


    අපහු ප්‍රශ්න ටිකත් ඔලුගෙඩි අස්සෙ හිර කරගෙන කොල්ලො එක එකාගෙ මූණු දිහා බලන්න ගත්තා..


    "ප්‍රශ්නෙ මොකක්ද ලොකු පුතේ..?"


    "ප්‍රශ්නෙ මොකක්ද කියලා මං ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. රවීන් ඊයෙ අසික්කිත කෙල්ලව පෙන්නුවහම ඒකිගෙ අලුගුත්තේරු වැඩේ ගැන, ඒකිගෙන් අහන්නෙ නැතුව වෙන කාගෙන්ද අහන්නේ..? ඒකිගෙ තාත්තගෙන්ද..? ඕන දෙයක් උනාවෙ කියලා ඇහුවාම, උඹලා මෙතන මරණ පරික්ෂනේ තියන්න හදනවා.."


    "හරි බන්ටි.. වෙච්ච දේට අපි හැමෝම උඹෙන් සමාව ඉල්ලනවා.. වෙරි සොරි මචං.."


    "මට ඕන ඇති කෙහෙල්මල් සමාවක් නෑ සුරේන්.. අඩු ගානෙ උඹලට අපේ බින්දුවගෙ අහිංසක මූණවත් මතක් වෙන්නෙ නැද්ද..? බලපං.. දැන් දවස් කීයක්ද..? උගේ ආරංචියක්වත් නෑ.. යාලුවෙකුට දෙයක් උනාම, උඹලා දන්නෙ බලන් ඉන්න විතරද..? ඌට මොනව වෙලාද කියලවත් කල්පනා කරන්නෙ නැද්ද..? බලන් ගියාම මට දෙයක් උණත් ඔච්චරනේ බං.. උඹලා හිනාවෙවී ඔහේ බලන් ඉදියි.. කොයි වෙලාවක හරි බන්ටියා චැලියත් අරන් මතුවේවි කියලා.. යාලුකම, ෆ්‍රෙන්ඩ් ෂිප් එක කියන්නෙ ඕකද බං..?"


    "ඔහොම කතා කරන්නෙපා බන්ටි.."


    "වෙන කොහොමද කතා කරන්නේ..? ආදරයේ වේදනාව මොකක්ද කියලා මං දන්නෑ.. ඒත් අපේ බින්දුවා අපෙන් ඈත්වෙලා ගියේ ඒ වේදනාව හින්දයිකියලා මට නම් හිතෙන්නේ.. අඩුගානෙ උඹලා ඌ ඉන්න තැනක් ටෙලිෆෝන් නම්බර් එකක්වත් හොයාගත්තද..? නෑ..! ටිකක් හිතපල්ලා.. ඌ අපි හැම එකාම ළගින් ඕනම දේකට හිටපු එකෙක් නේද..? ඌට තනියෙම විදවන්න දීලා අපි හිනාවෙවී බලන් ඉන්න එකද යාලුකම කියන්නේ..?"


    "උඹ කියන්නෙ අපිට මොනව කරන්න කියලද බන්ටි..?"


    "මං මොනවත් කියන්නෑ.. මෙච්චර දවසක් උඹලා මුකුත් කරෙත් නෑනේ.."


    "ඔහොම කතා කරන එක හරි නෑ බන්ටි.. අපි මොනවද කරන්න ඕනෙ කියලා කියපං.. අපි ඒ දේ කරන්නම්.."

    සරිගමයයි, ලොකු පුතයි සැරින් සැරේට කතාව නිරවුල් කරන්න දත කනවා.. ඒත් මේක නිරවුල් වෙන පාටක් මට නම් පේන්නෑ..

    "ගෙදරින් පනින්න ලේසිම කාටද..?"


    හිටපු ගමන් මං අහපු ප්‍රශ්නෙන් කොල්ලොන්ගෙ සියලු කතාබහ නැවතුනා..


    "ලේසිම කාටද කියලා නම් මං දන්නෑ.. ඒත් අමාරුම කාටද කියලා නම් මං දන්නවා.."


    ලොකු පුතා මූණ අමුතු කරගෙන කිව්වා..

    "කාටද චාමික..?"


    "කාටද ඉතිං.. අපේ බන්ටිට මිසක්.. පැය දෙකක් තුනක් මූ ගැන ඩිටේල්ස් නැති වුණහම මුගේ අප්පච්චි පොලිස් මැසේජ්නේ යවන්නේ.. මතකනේ එක පාරක් මහියංගනේ ගිහින් වෙච්ච දේ.."


    "මේ.. පරණ කෑලි මෙතෙන්ට ඕනෙ නෑ.. මං අහපු දේට උත්තර දීපල්ලා.. මට ගෙදරින් පනින්න ලේසි නම් මං මෙහෙම උඹලගෙන් අහන්නෙත් නෑ.. චාමික කිව්වා වගේ මට ගෙදරින් පනින්න අමාරුයි.. මං ගැන හොයනවා.."


    "මං හිතන්නෙ සුරේන්ට අවුලක් නැතිවෙයි.."


    "ඇත්තද සුරේන්..?"


    "මට පුළුවන්..! කරන්න ඕන මොකක්ද බන්ටි..?"


    "උඹ හෙට උදේම හැටන් බස්සෙකක නැගපන්.."


    "හැටන් බස්සෙකක..?"


    "ඔව්.. නාවලපිටි යන්න.."


    එතනින් එහාට මගේ කතාව හැමෝටම තේරුණා..


    "අදහස නම් හොදයි.. ඒත් මෙච්චර දවසක් බින්දු ඇයි අපට කතා නොකරේ..? අතීතය අමතක වෙච්ච මිනිහෙක් වගේ ඌ අපිව අමතක කරලම දාලනේ.."


    "මටත් තියෙන ප්‍රශ්නෙ ඒකයි.. උන්ගෙ දෙරින් අහලත් වැඩක් නෑ.. අහන දේට නෙමේනේ උත්තර දෙන්නේ.."


    "ඔව් බන්ටි.. චාමික ඊයෙත් බින්දුලහට කතා කරලා ඌ ගැන අහුවාම මුගේ ඇගට කඩන් පැන්නලු.. හරියට යකෝ, අපි බින්දුව නාවලපිටි ඇරියා වගේ.."


    "ප්‍රශ්නෙට උත්තරේ නුවර නැත්තං, නාවලපිටියෙන් හරි හම්බ වෙයිනේ.."


    "බින්දු ඉන්න තැන බන්ටිට ෂුවර්ද..?"


    "ඔව්.. නාවලපිටියෙ ඉදලා තලවකැලේ පාරෙ කිලෝ මීටර් පහක් විතර යන්න ඕන.."


    "මූව අතරමං වෙයිද දන්නෑ බන්ටි..?"


    "ඔව්.. ඔව්.. එපාර බින්දු හෙවිල්ල පැත්තක දාලා මූවව හොයන්න වෙයි.."


    "ප්‍රශ්නයක් නෑ.. මූ නැති උනත් මුගේ ගිටාර් එකේ සද්දෙ හරි ඒවිනේ.."


    චාමික, සරිගමයව පෙන්නලා හිනාවුණා..


    "එහෙනම් සුරේන්, හෙට උදේම ගිහින් හවස් වෙද්දි ඉක්මනට වරෙන්.. මං හවසට ගුඩ්ෂෙඩ් එක ළගට එන්නම්.."


    "බන්ටි මට හවස ස්ටේෂන් එක ළග පොඩි වැඩක් තියෙනවා.. උඹ එතෙන්ට වරෙන්.."


    හැම දෙයක්ම තීරණේ කරගෙන ඉවරයි.. මං ගෙදර ආවා..

    ****************************

    "බන්..ටී.."


    ගෙට ගොඩවෙන්න හම්බ වුණේ නෑ.. අක්කගෙ සද්දෙ මට ඇහුණා.. බන්ටි කියලා කියන්නෙ මට නෙමෙයි වගේ මං ගේ ඇතුළට ගියා.. ඉනටත් පල්ලෙහයින් අත් දෙක ගහගෙන අක්කා මං දිහා බලන් හිටියේ, ලොකු මස් කෑල්ලක් දිහා බලන් ඉන්න දඩෝරි සයිස් බලු රාළහාමි කෙනෙක් වගේ..


    "මොකක්ද මේ ෆෝන් එකට වෙලා තියෙන්නෙ බන්ටි..?"


    "මොන ෆෝන් එකටද..?"


    "මගෙන්ද අහන්නේ..? මේ හැමදේම කරන්නෙ ඔයා තමයි.."


    "අක්කේ මේ.. කියන බම්බුවක් තේරෙන විදියට කියන්න.. මොන අවමගුලක්ද මේ..?"


    මට ඇට්ටි හැලෙන්නයි, ඊට තව චුට්ටක් වැඩියෙනුයි තදවුණා.. ඇයි යකෝ.. හිතේ එකයි.. බඩේ එකයි තියාගෙන පුංචි කෑල්ලක් විතරක් කියලා දානවා.. අපි ඉතිං ශබ්ද කෝෂ පෙරලන්න ඕන ඒවා තේරුම් ගන්න..


    "කවුද මේ දිගට හරහට කෝල් දෙන්නේ..?"


    "මොන කෝල්ද..? කාටද..?"


    "ඒක තමයි මාත් අහන්නේ..?"


    "මගෙන්ද ඔයා අහන්නේ..?"


    "තැන්නං මං මේ කතා කරන්නෙ කාටද..?"


    "ඔයා කතා කරන්නෙ බන්ටිට.. ඇයි අක්කේ.. මේ ගෙදර මං ඇරුනාම තව පිරිමි පරාණ දෙකක් ඉන්නවා.. මේ අහිංසක, අසරණ මාව ඔය කෙහෙල්මල් ෆෝන් ප්‍රශ්නවලට ගාවගන්නෙපා.."


    "අනේ.. කියන සිරියාව විතරක්.. අහිංසකලු.. අසරණලු.. ගිහි්ලා ගහන්න බැනර් එකක් වැව රවුම ඉස්සරහ.."


    ෂිහ්.. අම්මපා එක්කා ඒක කියපු කැත.. මට බැනර් ගහන්නලු.. කාට පේන්නද මන්දා.. අර පොරි ඇට ගිලින තඩි මාලුන්ටද..?


    "අකේකේ.. මට පිස්සු හැදෙන්න තියෙන්නෙ තව ඩිංග වෙලාවයි.. කරුණාකරලා, එක්ස්කියුස්මී කරලා මට කියනවද මොකද වෙලා තියෙන්නෙ කියලා.."


    "වෙලා තියෙන්නෙද..? කවුද මංදා බූරු තඩියෙක් දැන් සතියක වෙලේ ඉදන් කෝල් කරනවා.. ෆෝන් එක උස්සල හලෝ කිව්වහම කට් කරනවා.. අපි ගත්තහම කට් කරන්නයි, ඔයා ගත්තහම කතා කරන්නයි මේකෙ මොකක් හරි හොරයක් තියෙන්න ඕනනේ.."


    "මම ගත්තහම කතා කරනවා..?"


    අටවෙනි පුදුමෙ දැක්කටත් වැඩිය පුදුම වෙලා මං අක්කගෙන් ඇහුවා.. ඇයි යකෝ.. පුදුම කතානේ මේවා..


    "ඔව්.. මතක නැද්ද ඊයෙ රෑ.. ලොකුයි, මායි දිගටම ගනිද්දි කෝල් එක කට් වුණා.. ඔයා ගත්තු සැනින් එක දිගටම කතා කරා.."


    හප්පොච්චියේ.. ඔය ඇදිල තියෙන්නේ ජයවිරු සම්පතම.. මේ අර ලොකු පුතා කතා කරපු සිද්ධියනේ.. ඒක දැන් මුළුමනින්ම මගේ ගිණුමට වැටිලා..


    "දන්නවද..? බන්ටි.."


    "මොනවද..?"


    "අද දවසෙදි විතරක් කෝල්ස් දහ අටක් ආවා.."


    "අම්මප.."


    මගේ අම්මප එකට අක්කගෙ මූණ, සලාද ගෝවා ගෙඩියක් වගේ ලොකු උනා.. එයාට උපරිමේටම මල පැන්නා කියලා මට තේරුණා.. පව් අප්පා.. කෝල් කරන එකා මොකා උනත් ඌ අපේ අක්කව සිරාවටම බයිට් කරලා.. අනේ දෙවියනේ.. කවුද ඒ පින්වන්ත ඉලන්දාරියා.. අම්මපා ඌ වෙනුවෙන් මලක් පූජා කරලා පානක් පත්තු කරන්නෝන..


    *****************************


    වෙනදට උදේ දහය, එකොළහ වෙනකන් නිදාගන්නව උනත් උදේ හතාමාර වෙද්දි මට අහැරුණා.. ගෙදර මිනිස්සු අමුතු දෙයක් දැක්කා වගේ මගේ දිහා බලද්දි මං මට නෙමෙයි වගේ හිටියා.. ෂුවර් එකට මේ ඩිංගට අක්කා, අයියට කියලා ඇති ආන් අර වසවර්තියා කවදාවත් නැතුව උදෙන්ම නැගිටලා කියලා.. අද නම් මොකක් හරි විශේෂ දවසක් වෙන්න ඕන කියලා..


    "බන්ටි අද කොහේ හරි යනවද..?"


    "ඇයි අයියේ..?"


    "මං ඇහුවෙ ප්‍රශ්නයක්.. මට ඒකට උත්තරයක් දෙන්න.."


    "ඇයි අයියත් කොහේ හරි යනවද..?"


    "බන්ටි.. ඔයා ළගකදි ඉදලා ගානට වැඩියි.. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ.. වැඩිය උඩ පනින්න ආවොත්, ඔය දවස පුරා කරන රස්තියාදු ගැහිල්ල, මං තාත්තට කියලා නවත්තලා දානවා.. තේරුණාද..? එතකොට තමුසෙට බින්කුන්ඩෙක් වගේ ගේ ඇතුළට වෙලා ඉන්න වෙයි.. අන්න ඒක හොදට මතක තියාගන්නවා.."


    යකෝ.. මේ උදේ පාන්දර මොන අවනඩුවක්ද මේ.. අයියාකාරයා උදේ ඇදේ විට්ටම පැත්තෙන්වත් බැහැලද..? මූ මගෙත් එක්ක ජාති ජාතිත් ඔරොප්පු විදියටනේ කතා කරන්නේ.. මං මූට මොනව කරාටද..?

    "මං කොහේවත් යන එකක් නෑ.."


    "ඒක හොදයි බන්ටි.. අද දවසෙම ගෙදරට වෙලා ඉන්න ඕන.."


    "ඇයි..?"


    "ඇයි කියන්නේ.. එක දවසක්වත් ඔයාට ගෙදරට වෙලා ඉන්න බැරිද..?"


    "මං අහන්නේ.. ඇයි මං ගේ ඇතුළට වෙලා ඉන්නෙ කියලා.. මං සතෙක්ද..?"


    "ඔව්.. සතෙක් තමයි.. මහා කැත සතෙක්.. තමුසෙගෙ ඔක්කොම සෙල්ලම් මං අල්ල ගන්නම්කෝ.."


    මූට උදේම මල පැනලා.. මොන හත්තිලව්වක්ද මේ..? එක්කො උදේ පාන්දරම කවුරු හරි මේකව බයිට් කරලා.. එහෙමත් නැත්නම් දවස් ගානක පරණ කේන්තියක් තමයි මේ අයියාකාරයා මගෙන් පිරිමහන්න හදන්නේ.. සිද්ධිය ගැන මුකුත්ම දන්නැත්නම් බන්ටි හරි අහිංසකයි.. ඒක හින්දා මං සෑහෙන්න තැන්පත් වුණා..


    "ඔයාට ඔච්චර උඩ පනින්න දෙයක් මං කිව්වෙ නෑ අයියේ.. ප්‍රශ්නෙ මොකක්ද කියලා හරියට අහනවා නම් කැත නැතුව උත්තරයක් දෙතෑකි.. ඔයත් වෙලාවකට වටෙන් වටේ ඇවිත් පිස්සු නේ නටන්නේ.."


    "බන්ටි.. ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්නවා.. මොකක්ද මං නටපු පිස්සුව..? තමුසෙනේ ඉස්කෝලෙන් අවුට් වෙච්ච දවසෙ ඉදන් රස්තියාදු ගහන්නෙ කොල්ලොත් එක්ක.. ඉන්නවකෝ මං ඕකුන් එකෙකුටවත් මං මේ ගෙදෙට්ට අඩිය තියන්න දෙන්නෑ.. තමුසෙට උන්ව ආශ්‍රය කරන්න දෙන්නෙත් නෑ.. එතකොට බලමුකෝ තමුසෙගෙ ඔය කියම් කෙරුම් ඉබේම නවතින හැටි.."


    බලන් ගියාම කැත සතා මම නෙමේ මූනේ.. සහෝදරයට උනත් මගෙ ප්‍රජාතන්ත්‍රවාදේ නැති කරන්න දෙන්න බෑනේ..ඇයි යකෝ මොන අවමගුලක්ද මේ..?


    "ඒවට ඔයා කලබල වෙන්නෙපා.. අම්මයි, තාත්තයි බේබි නැන්දයි තාම ඉන්නවනේ.. එයාලා මං ගැන බලාගනියි.. ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.."


    "එහෙමද..?"


    "ඔව් එහෙම තමයි.."


    "එහෙනම් තමුසෙගෙ ඔය දහ පදුරු කෙල්ලට කියනවා මට ෆෝන් කරන්නෙ නැතුව ඉන්න කියලා.. තමුසෙගෙ ඔලුවට ආදරේ කියන පිස්සුව ගැහුවට මට තාම එහෙම නෑ.. තේරුණාද..? ආදරේ කරන්න කලින් මට කරන්න වැඩ ඕන තරම් තියෙනවා.."


    පිස්සු හැදෙනවා. මොකක්ද බං මූ කියපු අලුගුත්තේරු කතාව..? මං මගෙන්ම අහගත්තා.. මූට උදේම අලි බෙට්ටක් වගේ මොකක් හරි දෙයක් පෑගිලා.. මොන කෙල්ලෙක් ගැනද මූ මේ කියන්නේ..? මූට නම් හොදටම පිස්සු.. අනිත්තෙක බලපල්ලකෝ.. මගේ ඔලුවට ආදරේ කියන පිස්සුව ගහලලු.. මූව යකාම කන්න එපාද..? මේ කියන නොසන්ඩාල කතා වලට..


    "මොන දහ පදුරා කෙල්ලද..?"


    "ඒක මගෙන්ද අහන්නේ..? අපොයි මුකුත් නොදන්න තොත්ත බබා.. ඒකියි, තමුසෙයි එකතුවෙලා මාව අල්ල ගන්නද හදන්නේ..? ඒව නම් හීනෙන්වත් වෙන්නෑ.."


    "ඔයා කියන කිසි දෙයක් මට තේරෙන්නෑ.."


    "තේරෙන්නෑ.. එනවා හරහට තියලා කිරි බෝතලයක් පොවන්න.."


    ඇත්තටම මේකා උදේම නැගිටලා තියෙන්නේ, මගෙත් එක්ක ඔරොප්පුවක් දාගන්නවා කියලා එක සිතින්, එක පයින් හිතාගනෙ වෙන්න ඕන.. නැත්තං මොන ගිනි ගෙඩියක්ද අප්පේ මේ..? මායි, දහ පදුරා කෙල්ලයි එකතුවෙලා මූව අල්ල ගන්නලු හදන්නේ.. අපෝ වැඩේමයි.. අම්මප.. මොනවද මුගේ අල්ල ගන්න තියෙන්නේ.. බලන් ගියාම මූ මහ කක්කා පැකට් එකක්නේ..

    "ඉස්සෙල්ලම කියනවා මගේ ෆෝන් නම්බර් එක ඒකිට දුන්නෙ ඇයි කියලා..?"


    "මොන එකීටද..?"


    "ඒක තමයි මිනිහො මාත් අහන්නේ..? කතා කරන්නෙ කවුද කියලා දන්නව නම් හොම්බ කට සමතලා කරලා දානවා මිසක් තමුසෙ ළගට එන්නෑ.. රෑට නිදාගන්න දෙන්නෑ ඔෆිස් එකේ වැඩක් කරන්න දෙන්නෑ.. පුදුම මල වදයක්නේ මේක.."


    "ඔයාගෙ නම්බර් එක මං කාටවත් දුන්නෑ.. ඔයා වැරදි බොත්තම ඔබාගෙන ඉන්නේ.. අනිත්තෙක ඔයාට කෙල්ලෙක් සෙට් කරන්න මට පිස්සු නෑ.. ඔයා වගේ මල පනින කෙනෙකුට ගෑනු ළමයෙක් යාලු කරවලා පස්සෙ මටනේ අර්ෂස් අමාරුව හැදෙන්නේ.. ඒක හින්ද කරුණාකරලා ඔයාගෙ ඔය චෝදනාවෙන් මාව නිදහස් කරන්න.. නැත්තං මට වෙච්ච අපහාසෙට මං නඩු දානවා.."


    "එහෙමද..? මං හැමදේම හොයා ගන්නම්කෝ.. අනිවාර්යයෙන්ම මේකට තමුසෙගෙ අර ගෝත යාලුවො ටිකයි, අර බේබි නැන්දයි හවුල් ඇති.. ඇයි උන්නේ තමුසෙට වාතයක් ගියත් දුවගෙන එන්නේ.."


    "මේ.. මේ.. මේ.. කරුණාවෙන් කියන්නේ.. ට්‍රැක් එකෙන් පනින්නෙපා.. මොකා අල්ල ගත්තත් කමක් නෑ.. මගෙන් කෑල්ලක් කෑවත් කමක් නෑ.. හැබැයි බේබි නැන්දව අල්ලගන්නෙපා.."


    "එයාට මොනවා හරි කිව්වම තමුසෙට හරි අමාරුයි නේද..?"


    "ඔව්.. ඇයි ඒක ප්‍රශ්නයක්ද..?"


    මං සිරාවටම ඇහුවා.. ඇයි යකෝ.. මෙච්චර වෙලා එක කුසේ උපන් සහෝදරයා කියලා හිතාගෙන ඔලුව පාත් කරන් හිටියට, ඔලුවට අත හෝදන්න එනවා.. කොටින්ම කියනවා නම් මට තදවුණා.. බන්ටිට කේන්ති ගියාම අනිත් අයගෙ කේන්ති වලට හම්බවෙන්නේ බොහොම අඩු ස්ථානයක්.. සාමාන්‍යයෙන් කිව්වොත් අගයක් නෑ වගේ තමයි.. බන්ටිගෙ කේන්තියට කවුරුත් බයයි..


    "හොදයි මං බලාගන්නම්කෝ.."


    "කොච්චර බැලුවත් ඔච්චර තමා.. ඔයා වගේ දවසින් දවසට මාරු කරන්න මූණත් තාඩු බන්ටිට නෑ.. හැමදාටම එකම මූණයි තියෙන්නේ.."


    කාමරේට ආවා වගේම මූණ කලු කරගෙන අයියා යන්න ගියා.. දොර රෙද්ද ළගට වෙලා කතාව අහන් ඉදපු අක්කගෙ ඇගේ මිනිහා තව ඩිංගෙන් හැපෙනවා..


    "මොකද ලොකූ වෙලා තියෙන්නේ..? බන්ටි මොකද කරලා තියෙන්නේ..?"


    "කරන දේ හෙට අනිද්දම මිනිහා තේරුම් ගනියි.. මං මේක ලේසියෙන් අතාරින්නෑ..
    "

    "ඇයි.. ඔයාගෙ මොනවා හරි දීලද කවුරු හරි හිගන්නෙකුට.. මෙයා ඒ වගේ වැඩ නේ කරන්නේ.. මතකනේ ගිය පාර අවුරුද්දට තාත්තා අරන් දීපු අලුත්ම කමීසෙ අර හිගන පැටියෙකුට දීළා තිබුණේ.."


    "හිගන්නෙකුට දීලා නම් කමක් නෑ.. මේකා දීලා තියෙන්නෙ හිගන්නියෙකුට.."


    "දෙයියනේ.. මගේ අලුත්ම සල්වාර් එකද දන්නෑ.. අනේ ලොකූ.. ඒකත් එක්ක මගේ සිල්වර් ජුවලෙරි ටිකත් තිබ්බා.. ඒක දීලා නම් මං බන්ටිව තියන්නෑ.."


    එතනින් එහාට මට කතාව ඇහුණෙ නෑ.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. මට හිතෙන විදියට අපේ අම්මට මට කලින් හම්බ වුණු දරුවො දෙන්නම මහා භයානක පිස්සො දෙන්නෙක්.. උන් දෙන්නා කතා කරන දේවල් මොනවද කියලා උන් දෙන්නම දන්නෑ.. දැන් කරුමෙට හරි ඔය සල්වාර් එකයි.. ජුවෙලරි ටිකයි නැති වුණොත් ඒකටත් මේ අහිංසක බන්ටිම තමයි අහුවෙන්නේ..



    Mathusambandai.gif

     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නිරෝශිගේ හොර ලව් එකට උදව් කරන්නේ, බන්ටිගේ අක්කාගේ හොඳම යාලුවා, පිණිමුතු නේද ? :rolleyes::rolleyes: අන්තිමට බන්ටියා සෙට් කර ගන්නෙත් පිණිමුතුව නේද ? :P:P කට්ටියම දැන් මට පලු යන්න බනිනවා ඇති, මම මැදින් පනිනවා කියලා.... :oo::oo: හරි, හරි..ඔන්න මම කට වහ ගත්තා..... :dull::dull:
    උදේ පාන්දර පු^%$ දෙනවනේ ඇවිල්ල... :angry::angry::angry::angry::angry::angry::angry:
    උබ දන්නවනම් මේක නොබලා වෙන ත්‍රෙඩ් එකක් බලපන්.:growl::growl::growl: