෴ ♥ ඒ මගේ මලයි ♥ ෴

blue_in_rio

Well-known member
  • උදේ පාන්දර පු^%$ දෙනවනේ ඇවිල්ල... :angry::angry::angry::angry::angry::angry::angry:
    උබ දන්නවනම් මේක නොබලා වෙන ත්‍රෙඩ් එකක් බලපන්.:growl::growl::growl:

    ඔය බලපල්ලකෝ ඉතින්..මම නිකන් ඕයි කිව්වේ..මම බලපු එකක් නැහැ යකෝ.. අනික ඕනා කොමෙන්ට් එකක් කරන්න ඕනා එකෙකුට අයිතියක් තියෙනවා....මම වැරැද්දක් කිව්වේ නැහැනේ...වෙයි කියලා හිතෙන දේ තමයි මම කිව්වේ.... :angry::angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-09.jpg


    09.png


    උදේ පාන්දරම කඩන් පාත්වෙච්ච මරාලෙ හින්දා, හවස දෙක විතර වෙනකල් මං ගේ ඇතුළටම වෙලා හිටියා.. අද හවස නම් නහුතෙටම අපලයි වගේ.. එහෙන් අයියා කාරයා වයින් වෙලා.. මෙහෙන් අක්කා ජාති ජාතිත් ඔරොප්පු පිට බලන් ඉන්නවා.. බලන් ගියාම අසරණ බන්ටිගෙ මරු සිටින දිශාවවත් දැනගන්න විදියක් නෑ.. ඉතිං කොහොමද හත්තිලව්වේ මං එළියටවත් බහින්නේ.. මොනව උනත් ඇදගෙන හිටපු ෂෝට පිටින්ම මං ඩෙනිම දාගත්තා.. ඊයෙ ඇදපු කැප් ටී ෂර්ට් එක දාගන්න බැලුවත් ඒක එතන තිබුණෙ නෑ.. ෂුවර් එකටම බේබි නැන්දා ඒක හොදන්න ඇති..

    "බ..න්..ටී.."

    ඩෙනිමෙ බෙල්ට් එක අතේ තියාගෙනම මං හැරුණා.. මෙන්න බොලේ තාත්තා කාමරේ දොර ගාව..

    "තාත්තා අද වැඩට ගියේ නැද්ද..?"

    "මං කලින් ආවා බන්ටි.. ඒක නෙමෙයි.. ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද..?"

    "ඇයි තාත්තෙ එහෙම ඇහුවේ..?"

    "මට ඒ වගේ තේරුණ හින්දා.."

    "නෑ තාත්තේ.. එහෙම මුකුත් නෑ.."

    "නැත්නම් කමක් නෑ.. ඒත් වෙනද වගේ ඔයාගෙ ලොකු හිනා සද්දයක් මේ ගේ ඇතුළෙන් ඇහුණෙ නෑ.. අඩු ගානේ ඔයා අර පඩිපෙල් ඇන්දට ගහලා තියෙන ලීයට පස්ස තියලා පල්ලෙහාට ලිස්සගෙන ආවෙත් නෑ හුග දවසකින්.. කෑම කන වෙලාවෙ හයියෙන් කෑගහලා මගෙන් බැනුම් ඇහුවෙත් නෑ.. වැඩිය ඕන්නෑ.. ඔයාගෙ අක්කගෙ එක මල් පෝච්චියක්වත් පහුගිය දවස්වල බිදලා තිබ්බෙ නෑ.. ඒකයි මට අමුතුයි වගේ දැනුණේ.."

    තාත්තා එක දිගටම කියවගෙන ගියා.. කොහොමටත් මේ ගේ ඇතුලෙ මට ආදරේ කරන අය අතරින් තාත්තයි, බේබි නැන්දයි ඉස්සරහින්ම ඉන්නවා කියලා මං දැනන් හිටියා.. මං පිට කරපු හුස්මකින් පවා එයාල මගේ හැසිරීම් තේරුම් ගත්තා.. ඒත් අම්මයි, අක්කයි, අයියයි ඒ අතින් හුගාක් පල්ලෙහායින් හිටියේ..

    "මං මේ ඔයාට දෙන අවවාදයක්.. මොන ප්‍රශ්නෙ ඔයාට ආවත් තනියෙම ඒක විසදගන්න යන්නෙපා.. ඔයා ළගින් මමයි, බේබි නැන්දයි ඕන වෙලාවක ඉන්නවා.. තේරුණාද..?"

    "ඇ.. ඇයි තාත්තා මේ..? කවදාවත් නැතුව මෙහෙම කියන්නේ..?"

    "නෑ.. මං උදේ ලොකූගෙයි, ඔයාගෙයි කතාව අහන් හිටියා.. සමහර විට ඒකමත් නෙමෙයි.. මං කියපුවා ඔයාට වැදගත් වෙන්නෙ තව ඉස්සරහට කියලයි මට නම් හිතෙන්නේ.. ඒක හින්දා කරන දෙයක් පරිස්සමින්, කල්පනා කරලා කරන්න.."

    මහ විසාල බරක් ඔලුව උඩ තියාගෙන වගේ තාත්තා කිව්වා.. ඒ බරම අඩුවක් නැතුව බන්ටිටත් දැනුණා.. කොහොමටත් අම්මට වැඩිය තාත්තා මං ගැන හොයනවා කියලා මං දැනන් හිටියා.. ඇත්තටම ඒ හෙවිල්ලට මගේ හිතෙත් ලොකු කැමත්තක් තිබුණා.. ගැන්සියෙ කොල්ලො හැමෝටම ලොකු නිදහසක් තිබුණත් මට ඒක ගෙදරින් අඩුවුණා කියලා මගේ හිතේ කහටක් තිබුණෙ නෑ.. මං වගේ නාහෙට අහන්නැති දගයෙකුට ඕනවට වඩා නිදහසක් දෙන්න බෑ කියලා මමම තේරුම් අරන් හිටියා.. සමහර වෙලාවට මං කරන අපස්මාර වැඩ වලට මගේ ජීවිතේ උනත් අවදානම් කියලා මටම තේරුම් ගියපු අවස්ථා බොහොමයක් තිබුණා..

    ඒත්.. 'ඕන වෙලාවක බේබි නැන්දයි, මායි ඉන්නවා' කියලා තාත්තා කිව්වෙ ඇයිද කියලා, ගුඩ් ‍ෂෙඩ් එක ළගට යනකන්ම මට හිතාගන්න බැරිවුණා.. ඒ කියන්නෙ මේ ගෙදර ඉන්න අනිත් අය මගේ ළගින් නෑ කියන එකද..? ඇත්තටම මොන දේ ගැන සැහැල්ලුවට හිතුවත්, ඒ වගේ දෙයක් මගේ හිතට ගෙනාවෙ හරිම පාලු මූසල හැගීමක්..

    "මොකද බන්ටි අවුල් වෙලා..?"

    අනුරාධපුර බස් ගහන තැනට එද්දි, මගේ ඉස්සරහටම ආවෙ ලොකු පුතා..

    "අවුල් වෙලා කිව්වේ..?"

    "උඹට මං කී පාරක් නම් කතා කරාද ලොකු පුතේ..? උඹ දාර සයිස් කල්පනාවක් කරේ තියාගෙන ආවේ.. අම්මපා මොකද බං උනේ..?"

    "මොනවා වෙන්නද චාමික..? කෝ අපේ සුරේන් ආවද..?"

    සරිගමයා එන්න ඕන වෙලාවත් පහුවෙලා ගිහින් තිබුණ හන්දා මං ඇහුවා.. ඒ වගේම මට ඕන වෙලා තිබුණෙ ලොකු පුතා කරගෙන ආපු කතාවෙ ට්‍රැක් එක මාරු කරන්න..

    "තාම නෑ බං.. මේකා කොහේ ගියාද මන්දා.. නාවලපිටියට දෙපාරක් ගිහින් එන්නත් වෙලාව හරි.. මං දැන් පැයක් විතර මෙතන බලන් ඉන්නවා.."

    "කෝ අනිත් කොල්ලො ටික..?"

    "උං ටික අද දවසෙ චර පුරුෂ සේවාවේ.."

    "ඒ කිව්වේ..?"

    ලොකු පුතාගෙ කතාව මට තේරුණේ නෑ.. කතා කර ගත්තු විදියට සුරේන්ව, නාවලපිටි යැව්වට පස්සේ, මොකක්ද මේ චර පුරුෂ කතාව..?

    "උඹ අපිට ඊයෙ වැලේ වැල් නැතිවෙන්න බැන්නනේ බන්ටි.. බින්දු ගැන ඩිංගක්වත් හොයන්නෙ නෑ කියලා.. අපි බින්දුගෙ යාළුවොද, මට මොනවා හරි උනත් ඔච්චරයි කියලා රටේ නැති ඒවා කිව්වනේ.."

    "ඉතිං..?"

    "උඹට විතරක් බර දීලා ඉන්නැතුව අපිත් ගේමට බහිනවා කියලා අපි හිතාගත්තා.. උඹ බින්දු වෙනුවෙන් කියපුවා අපේ හිත්වලට හුගාක් වැදුනා බන්ටි.. ඒක හන්දා නිරෝෂිගෙ පිටිපස්සෙන්, දළදා මාළිගාව ළග රවීනුයි, ශිහානුයි ගාඩ් කරනවා.. අමිලයා තනියෙම පේරාදෙණිය ගාඩ්න් එක ළග.. මායි සරිගමයයි වැව රවුමයි, වේල්ස් පාක් එකයි ගාඩ් කරනවා.."

    "ඇයි ඒ..?"

    ලොකු පුතාගෙ කතාව මට හරියට තේරුණේ නෑ.. මුං මොකක්ද මේ කරන්න හදන්නේ..?

    "ඇයි කියලා අහන්නේ..? ඇටකිච්චවයි, නිරෝෂිවයි අතටම අල්ල ගන්නනේ ලොකු පුතේ.."

    "අල්ලගෙන..?"

    "අල්ලගෙන අපි උං දෙන්නට නෙලමු ලොකු පුතේ.. අර උඹ හැම වෙලාවෙම කියන විදියට ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට එක්ක යන්න.."

    චාමිකගෙ කතාවෙන් මගේ හිතට මාරම ගතියක් ආවා.. අර උදේ ඉදලා තිබ්බ පාලු මූසල හැගීම කොහේ ගියාද දන්නෑ.. මුංට මං කට කැඩෙනකල් එදා ඉදන්ම කිව්වෙත් ඕකමනේ..

    "පහුවෙලා හරි උඹලා අන්තිමේට මගේ තීරණේට ආපු එක ලොකු දෙයක්.."

    "හප්පට සිරි.. අර බලපං ලොකු පුතේ..?"

    ලෝකෙ තියෙන පුදුම හතම එකපාර දැක්කා වගේ පුදුම වෙලා චාමික මගේ අතින් අල්ල ගත්තා.. ඌ පෙන්නපු දිහා බැලුවාම මටත් උන් හිටි තැන් අමතක වුණා..

    "යකෝ.. මේ පයිතගරස් නේද..?"

    "පයිතගරස් තමයි බන්ටි.. ඒත් කවුද අර උගේ ළගින් මලට වැල සේ ලතාවකට පද්ද පද්ද එන අප්‍රසන්න කාන්තාව..? මට නිකං දැකලා පුරුදුයි වගේ.."

    දැකලා පුරුදු නැතුව තියේයෑ.. පයිතගරස් ළගින් ඒ සියුමැළි විදියට අඩිය තිය තියා ආවෙ මොරින් අක්කනේ.. හප්පොච්චියේ.. මුං දෙන්නා කොහොමද මෙහෙම පෑල් උනේ.. මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා.. හරියට නිකං තද කහට කෝපි එකක් බිව්වහම පටස් ගාලා බඩ ගියා වගේ.. මොන නස්පැත්තියක්ද මේ..?

    "ආ බන්ටි.. අර බාගෙට හෙලුවෙන් ඉන්න දිරිය කාන්තාව අපේ පයිතගරස්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද..?"

    "කෑනොගහ මෙන්න මෙහාට වරෙන්.. උං දෙන්නා අපිව දැක්කොත් හොද නෑ.. උංගෙ ආදරේ තව ෆේමස් වෙනවා.."

    "තව මොනවා ෆේමස් වෙන්නද..? දෙනෝදාහක් ගැවසෙන මේ පට්ට හවස් ජාමේ, උං කිසි විලි ලැජ්ජාවක් නැතුව ගුඩ් ෂෙඩ් එක මැදින් ඇවිදන් යනවා කියන්නේ, හෙළුවෙන් ප්‍රවෘත්ති කිව්වා වගේ තමයි.. නැද්ද ලොකු පුතේ..?"

    වේගෙන් ආපු ඩී.එස් ගුණසේකර දොර දෙකේ බස් එකක් අපිට ඉස්සරහින් නවත්තද්දි මං චාමිකවත් ඇදගෙන ගුඩ් ෂෙඩ් එකෙන් එළියට ආවා.. තවත් මෙතන බලන් ඉන්නෙක තේරුමක් නෑ.. මරි සිටින දිශාව කොහෙද කියලා මං දැන් හරියටම දැන ගත්තනේ.. හැබැයි වැඩේ තියෙන්නේ, පයිතගරස් මං කියපුව මොරින් අක්කත් එක්ක කියලා තිබුණොත් තමයි.. එහෙම උනොත් මොරින් අක්කටත් හිතාගන්න බැරිවෙනවා එයාගෙ තිස් නම වැනි කුලුදුල් ප්‍රෙමෙට මොකද වෙන්නෙ කියලා..

    "ඔච්චර වයසක ගෑනියෙක් එක්ක යාලුවෙන්න අපේ එකාට පිස්සුද මන්දා.. ඇයි යකඩෝ.. මේ නුවර මූට හරියන එක ගැටිස්සියෙක්වත් නැද්ද..? වැලකුණු පස්සෙ යන්නේ.."

    ඒ පාර චාමිකයා හෙණ විස්සෝපෙන් කියවනවා.. අනේ අම්මපා මූට ඩිංගක් හිතෙන්නැද්ද අනුන්ගෙ ප්‍රේම කතා අපට මොකටද කියලා.. මොකෝ අපි ගෙදරින් අරන් ගිහින් උයාගෙන කන්නද..?

    "අපිට ඔය මගුල් වැඩක් නෑ චාමික.. අපි බලමු සුරේන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා.."

    "පේන විදියට නම් ලොකු පුතේ අපිට බින්දුව විතරක් නෙමේ සුරේන්වත් හොයන්න වෙන පාටයි.."

    මොනව නැතත් චාමික අන්තිමට කිව්ව කතාව ඇත්ත කියලා මටත් හිතුනා.. ඇත්තටම සුරේන්ට මොකද වුණේ..? අපි ඊයෙ ඌට කිව්වනේ, ගුඩ් ෂෙඩ් එකට එනවා කියලා..

    "හල්ලෝ.. බන්ටි.. කවකටුවයි, පැන්සලයි වගේ ඉදපු උඹලා දේනනා ඇයි මේ ඈත්වෙලා.. දාර ප්‍රශ්නයක් වගේ.."

    ගුඩ් ෂෙඩ් එකෙන් එළියට ආවේ, පයිතගරස් ගෙන් ගැලවෙන්න.. ඒත් මෙන්න මේකා දැන් මූණ ඉස්සරහම.. මං හොදට වටපිට බැලුවා.. මලට වැල සේ මුගේ ළගින් ඉදපු මොරින් අක්කා කොහෙද කියලා බලන්න.. බන්ටි පිදුරුතලාගල කන්ද මුදුනෙ හරි ඉන්නව දැක්කා නම් ගෑනි පණ කඩාගෙන මගේ ළගට එනවා කියලා මං දැනන් හිටියා..

    "ඔව්.. අපිට ප්‍රශ්නයක් තමයි.. හැබැයි ඒ උඹ ගැන..?"

    "මං ගැන..?"

    "ඔව්.. කවුද අර උඹත් එක්ක ඉදපු සුන්දර කාන්තාව..?"

    "ආ.. ඒ අපේ බන්ටිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ.."

    "බ.. බන්ටිගේ..?"

    අපහු කතාවෙ අප්පිරියා කමටද කොහෙද චාමිකට වචන ටික ඉස්මොල්ලෙ ගියා.. මටත් නිකං වමනෙට එන්න වගේ ආවා..

    "ඇයි උඹට බන්ටි කිව්වෙ නැද්ද..? බන්ටියි, මේ චාම් අහිංසක කෙල්ලයි වීජ ගණිතයයි, ශුද්ධ ගණිතයයි වගේ එකට එක්කහු වෙලා දළදා වදින්න ගියා කියලා.."

    "මොකක්ද බන්ටි මේ කතාව..?"

    "මං ඒක උඹට පස්සෙ කියන්නම්.. ඒක නෙමේ මිලාන්, උඹට කොහේදිද එයාව හම්බවුණේ..?"

    "ස්ටේෂන් එක ළගදි.. කෙල්ලව දැකපු ගමන් මං හිතුවා උඹ ඇති කියලා.. පස්සෙ තමයි දැන ගත්තේ උඹ එතන නෑ කියලා.. කෙල්ල හිටියෙත් උඹව හම්බවෙන්න හෝප්ස් තියාගෙන.. පව් බන්ටි.. උඹ ගැන ඒකිගෙ හිතේ මාර විදියට තියෙනවා.."

    හප්පොච්චියේ.. මුගේ ගද කතාව බලපල්ලකෝ.. මොරින් අක්කගෙ හිතේ මං ගැන තියෙනවලු.. මොන කුණුහරුපයක්ද මේකා මේ දොඩවන්නේ.. ලොකු පුතාගෙ ඇස්බෝල දෙක ගැලවිලා ඉස්සරහට වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙනවා මං දැක්කා.. ඌ බලනවා ඇති මේ මොන අපස්මාර කතාද කියලා..

    "මං ගැන..?"

    "ඔව් බන්ටි.. මං බන්ටි කෝ කියලා ඇහුව විතරයි ඒකි මට වචනයක් කියන්න දුන්නෑනේ.. උඹේ හොද ගැන ඒකි මට සෙන්ටි මීටරෙන් සෙන්ටි මීටරේට කියලා දුන්නා.. උඹලු ඒකිගෙ දුක ගැන වටහාගත්තු එකම එක පුද්ගලයා.. උඹට පුදුම විදියට ආදරෙයිලු ඒකිගෙ හිත තේරුම් ගත්තට.. ඔය වගේ නානාප්‍රකාර දේවල්.."

    අම්මපා මොරින් අක්කට නම් නහුතෙටම පිස්සු.. පයිතගරස් එක්ක ඔය වගේ රෙද්දවල් මොකට කියන්න ගියාද මන්දා.. කියනවා නම් කියන්න ඕනා අයියා ගැනනේ.. මං පයිතගරස් දිහා හොදට බැලුවා.. මේකා මොන ක්‍රමේ හරි දාලා උගේ කතන්දරේ ඔප්පු කරනවා කියලා මං දැනන් හිටියා..

    "මොනවද බන්ටි මේකා මේ කියවන්නේ..?"

    "කියන්නෙ ඉතිං අපේ බන්ටිගෙ ආදරේ ගැන තමයි.. ඒක නෙමේ.. උඹලගෙ අර සංගීතකාරයා ඇයි ස්ටේෂමේ බංකුවක බුදියාගෙන ඉන්නේ..?"

    මොරීන් අක්කගෙ කතන්දරේ කෙසේ වෙතත් පයිතගරස් අන්තිමට කියපු දේ නම් මට දිරවගන්න බැරිවුණා..

    "මේ අපේ සුරේන්..?"

    "ඔව්.. ඔව්.. අර නිතරම සරිගම ගගා ඉන්න එකා.. ඌ අන්න ඒකාකාරී ප්‍රවේගයෙන් බංකුවක නිදි.."

    "ඉතිං උඹ ඌව ඇහැරෙව්වෙ නැද්ද..?"

    "හැරි නෑනේ බන්ටි.. ඌ සමහර විට ඔය දවස් තුන හතරකින් වෙන්නැති බුදිය ගන්නේ.. සංගීත සංදර්ශන වලට ගිහිල්ලා.. මං ඉතිං ඌට කරදර කලේ නෑ.."

    පයිතගරස් කියවද්දි මං චාමිකවත් ඇදගෙන ස්ටේෂන් එක පැත්තට ආවා.. ඒ එන අතරෙ මං පයිතගරස්ව අන්දපු හැටි, චාමිකට එහෙන් මෙහෙන් කිව්වා.. ඔන්න දැන් තමයි උගේ අර එලියට පැනලා වගේ තිබ්බ ඇස් බොල දෙක නිරවුල් තත්වෙට ආවේ..

    "මං ඒත් බැලුවා උඹේ ඔලුව කොහේ හරි හයියෙන් වැදුනද කියලත්.. අර වගේ ශ්‍රියා කාන්තාවක් ලං කරගන්න.."

    "වැදුණත් කමක් නෑ චාමික.. ඒත් අපේ සුරේන් මොනවද ස්ටේෂන් එකේ කරන්නේ..? මට තියෙන ප්‍රශ්නෙ ඒකයි.."

    "අපි මෙතන ඌ එනකන් පිස්සු හැදිලා වගේ බලන් ඉද්දි, ඒකා බංකුවක නිදි.. බලපං ලොකු පුතේ.. මොන තරම් අසමජ්ජාතී වැඩක්ද කියලා.. ඌ හොදටම දන්නවනේ අපි හැමෝම බින්දුවා ගැන නිව්ස් එකක් දැන ගන්න කට ඇරන් ඉන්නවා කියලා.. ඌ ඇයි අම්ම අප්පා වගේ ඉන්න අපිට මෙහෙම කරන්නේ..? මූ මේ තරම් කැතයි කියලා දන්නවා නම් මං මේ ගමන යනවා.. බින්දුවා හොයන්න.."

    චාමිකත් කට ඇරියම නවත්ත ගන්නෙ කොහෙන්ද කියලා ඌවත් දන්නෙ නෑ.. වෙලාවකට, තියෙන හිසරදේ ඩබල් වෙනවා මූ හින්දා..

    "කෝ බං.."

    ස්ටේෂන් එකට ඇතුල් වෙලා මං වටපිට බැලුවා.. ඒත් සුරේන් පේන්න හිටියේ නෑ..

    "අර ගල් උගුඩ්ඩා අපිට ලණුවක්වත් දුන්නද..?"

    "මටත් ඒ වගේ තමයි තේරෙන්නේ.."

    "හැබැයි ලොකු පුතේ.. ඕකා කිව්වෙ බොරුවක් නම් මං ඕකව සමච්ජේදනය කරලා අලුත් ප්‍රමේයක් හදනවා.. මේ දක්වා කවුරුවත් හොයාගෙන නැති.. අන්න එතකොට පයිතගරස්ට හිතෙයි සම්ප්‍රප්පලාප දෙසෑබෑමේ ආතල් එක.."

    "නෑ නොගහ වරෙන් චාමික.. කෑ කෝ ගහන්න මේක ටොරින්ටන් පාක් එක නෙමෙයි.."

    "හප්පට සිරි.. මෙන්න මේකා.."

    සසර කලකිරිලා, තව ඊටත් එහා දේවල් සිද්ධ වෙච්චි එකෙක් වගේ කම්මුල් දෙකට අත් දෙකත් තියන් සුරේන් බයවෙලා වගේ ඈත බලන් හිටියා.. යස අපූරුවට ඊයෙ බන්ටි කියල කතා කරපු එකාට අද මොකද මේ වෙලා තියෙන්නේ..

    "සුරේන්..?"

    තුන් හතර පාරක්ම නම කියලා කතා කරහම තමයි, සුරේන් මං දිහා බැලුවේ.. ඒ මුළු මූණ පුරාම තියෙන දුක මං එක තත්පරෙන්ම තේරුම් ගත්තා..

    "මොකද සුරේන් මේ..? අපි ගුඩ් ෂෙඩ් එකේ බලන් ඉන්නවා උඹ එනකන්.. උඹ මෙතන පිස්සු නටනවා.. අර පයිතගරසා කිව්වෙ නැත්නම් අපි තාමත් එතන.."

    චාමික ආයෙත් කට අරිද්දි මං ඌ දිහා රවලා බැලුවා.. වෙලා තියෙන දේ බලන්නෙ නැතුව මූ මෙතන කටේ හොල්ලනවා..

    "ප්‍රශ්නෙ මොකක්ද කොල්ලෝ..?"

    "කතා කරලා වැඩක් නෑ බන්ටි.. කේස් එක අපි හිතුවට වැඩිය බරපතලයි.."

    "ඒ කිව්වේ.. උඹට බින්දුව හම්බ වුණේ නැද්ද..?"

    "හම්බ වුණා.."

    "ඇයි ඌ නාවලපිටි ගිහින් තියෙන්නේ..? ඇයි ඌ අපිට කෝල් එකක්වත් දුන්නැත්තේ..?"

    "කෝල් එකක් දීලා තියෙනවා බන්ටි.. දහ දොලොස් පාරක්ම උඹලගෙ ගෙදරට.."

    "අපේ ගෙදරට..?"

    "ඔව්.. උඹලගෙ ගෙදරින් ෆෝන් එක උස්සලා කට් කරලා දානවලු.. වචනයක් වත් කතා කරන්න කලින්.. ආයෙ දෙපාරක් විතර හොදටම බැන්නලු ආයෙ කතා කරලා අහුවුණොත් අඩු කඩනවා කියලා.."

    "මේ.. අපේ ගෙදරින්..?"

    "ඔව් බන්ටි.. මටත් හිතාගන්න බැරිවුණා.. මොන අවමගුලක්ද කියලා.."

    පහුගිය දවස්වල අපේ ගෙදර තිබ්බ ටෙලිෆෝන් හුටපටේ මට පටස් ගාලා මතක් වුණා.. මේකත් එහෙනම් ඒකෙම අතුරු කතාවක් වෙන්න ඕන.. අයියයි, අක්කයි මරු වැල පෑගිලා වගේ මට යුධ ප්‍රකාශ කරෙත් ඔය ටෙලිෆෝන් කතන්දරේටනේ.. මේක නම් ලේසියෙන් අරින්න හොද නෑ..

    "ඊට පස්සෙ බින්දු කතා නොකර ඉදලා.."

    "හරි.. ඒ කතාව පැත්තකින් තියමු.. මං ගෙදර ගිහින් ඒක බලාගන්නම්.. බින්දුට මොකද වෙලා තියෙන්නෙ කියපං..?"

    "අපි නොදන්නවා උනාට ඌට සෑහෙන ප්‍රශ්න තිබිලා.."

    "නිරෝෂිගෙන්..?"

    "නෑ චාමික.. අපේ බින්දුවා පුංචි කාලේ ඉදලම ඉදලා තියෙන්නෙ නාවලපිටියෙ පුංචි අම්මා ළග.. පස්සෙ තමා නුවරට ඇවිත් තියෙන්නේ.. බින්දුගෙ අම්මලගෙ මහ ගෙවල් නාවලපිටියේ.. අම්මයි, තාත්තයි දෙන්නම නුවර ජොබ් කරපු හින්දා ඒ පුංචි අම්මා තමයි මූව බලාගෙන තියෙන්නේ.. එහේ ඉදන්.. කොහොම හරි මූ වෙනුවෙන් කැපවුණු හන්දා ඒ මනුස්සයට කසාදයක්වත් කරගන්න බැරිවෙලා.."

    "ඉතිං..?"

    "අපේ එකා ඒ මනුස්සයට ගොඩක් ආදරෙයි.. ඒත් බින්දුගෙ අම්මලා, ඌ පුංචි අම්මව බලන්න යනවටවත් කැමති නෑලු.. ගෙදරින් රන්ඩු කරගෙනලු ඌ නාවලපිටි යන්නෙත්.."

    "ෂිහ්.. බින්දුලගෙ අම්මලා මහ කැත මිනිස්සු වගයක් නේද බන්ටි..?"

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "තමන්ට අමාරු කාලේ උදව් කරපු ඒ මනුස්සයට ජීවත් වෙන්න අද අඩුම ගානෙ මාසෙකට ගානක්වත් යවන්නෑලු.. මේ ඊයෙ පෙරේදා බින්දුගෙ පුංචි අම්මට හොදටම අසනීප වෙලා.. ඉස්පිරිතාලෙ නවත්තලා.. ඒකලු බින්දුවා පණ කඩාගෙන එහේ ගිහින් තියෙන්නේ.. පව් බන්ටි.. ඌ සෑහෙන්න අවුල් වෙලා ඉන්නේ.. අපිට මොනවා හරි කරන්න වේවි.."

    "ඒකෙ වගකීම මං ගන්නම් සුරේන්.. අපි මේ වෙලාවෙ බින්දුට උදව් කරමු.. එතකොට ඒ ප්‍රශ්නෙ ඉවරනේ.. එතකොට නිරෝෂිගෙ ප්‍රශ්නෙ ගැන බින්දු දන්නෙ නැද්ද සුරේන්..?"

    "කිසිම දෙයක් දන්නෑ බන්ටි.. මං එහේ ඉන්දෙද්දිත් නිරෝෂිට බින්දු කතා කලා.. කොමියුනිකේෂන් එකකට ඇවිත්.. මට පේන විදියට නිරෝෂිගෙ බඩල් ඇක්ටින් එක ගැන ඌ මෙලෝ දෙයක් දන්නෑ.. ඌ පුදුම තරම් ආදරේකින් ඒකි ගැන කතා කලේ.. මට පේන විදියට ඒකි අපේ එකාව හොදට අන්දනවා.. අපේ එකත් කැත නැතිව හොදට ඇද ගන්නවා.."

    "ඒ ඔක්කොම හරි.. උඹ මොකද මෙතන කරන්නේ..? බලපං ලොකු පුතේ මූ හින්දා අපිට තියෙන ප්‍රශ්න.."

    "මං මෙතන ඉන්නෙ මොකද කියලද ඇහුවේ..? ආ චාමික.. උඹ ඩිංගක් හිතපං.. නිරෝෂි ගැන මහා ආදරේකින් කතා කරන බින්දු, ඒකි කසාද බැදලා නාවලපිටි ගිහින් පුංචි අම්මව බලා කියාගෙන ඉන්නවා කියල හිතන බින්දු, තමන්ගෙ ජීවිතේ දීලා හරි නිරෝෂිව රැක ගන්නවා කියලා හිතන බින්දුගෙ අහිංසක ප්‍රාර්ථනා ටික් ඇස් ඉස්සරහම හේදෙනවා දැක්කහම මට යන්න ඕන පැත්ත තෝර ගන්නත් බැරිවුණා.."

    "උඹ ඔය කියන කුණුහරුප මට නම් තේරෙන්නෑ.."

    "උඹට ඉතිං මෙලෝ දෙයක් තේරෙන්නෑනේ.. මං මේවා කියන්නෙ බන්ටිට.. ඌට තේරුණා නම් මට ඇති.."

    "බයිලා නැතුව කතාව කියපං සුරේන්.."

    "ඔර්ලෝසු කණුව ගාවින් එනකොටම මං ඇටකිච්චයි, නිරෝෂිවයි දැක්කා බන්ටි.."

    "අද..?"

    "ඔව්.. උං දෙන්නා වීල් එකක නැගලා කොහෙද ගියා.. උං හිටපු හැටි දැකලා මට මේ තරම් අමාරු නම් අපේ බින්දුවට ෂුවර් එකටම පපුවෙ අමාරුව හැදෙනවා.. අපි මොකද මේකට කරන්නෙ බන්ටි.. නිරෝෂි ගැන බින්දු හිතන් ඉන්න හැටියට, ඒකි අර ඇටකිච්චත් එක්ක යාලුයි කියලා කිව්වොත් ඌ පිළිගන්නෙකක් නෑ.. අනික නිරෝෂි කියලනේ පුංචි අම්මව බලන්න නාවලපිටි එනවා කියලත්.. අපේ බූරු තඩියා එහේ ඉදන් ඒකි එනකල් බලන් ඉන්නවා.."

    "එහෙනම් නිරෝෂි අද ඇටකිච්චත් එක්ක යන්නැත්තේ නාවලපිටි වෙන්නැති.."

    මෙච්චර වෙලා කට වහගෙන ඉදපු චාමිකයා කට ඇරියා..

    "ඔව්.. ඒකත් කියන්න බෑ.. ඒකිට තියෙන දැගලිල්ලට ඇටකිච්චයි, බින්දුවයි දෙන්නම උනත් ඒකිට වැඩි නෑ.."

    "සුරේන් මේ.. උඹ දන්නවනේ ඔය වගේ කැත කතාවලට මං කැමති නෑ කියලා.. කෙල්ලො ගැන, උං නැති තැන කැත විදියට කතා කරන්නෙපා.. කියන දෙයක් මූණට කියපං.."

    "මූණට කියන්නත් උං අපිට මීට් වෙන්නෙ නෑනේ බන්ටි.. ලිස්සලා යනවනේ හැම වෙලේම.."

    "ලිස්සනවද නැද්ද කියන්න මං දන්නෑ.. හැබැයි මේ කතන්දරෙන් මං ඇටකිච්චව බොහොම ඉක්මනට අයින් කරනවා.. ඒක අර බහිරව කන්ද වගේ ස්ථිරයි.."

    "ඔව් බන්ටි.. අපි මේකට ඉක්මනටම මොනවා හරි කරන්නෝන.."

    "දැන් බින්දුවා කවදද එන්නේ..?"

    "දවසක් නෑ.. මට හිතෙන විදියට තව සතියක්වත් ඌ එහේ ඉදියි.. නිරෝෂිත් අද හෙටම නාවලපිටි යයි.. අපිට තාමත් ක්‍රියාත්මක වෙන්න කාලය තියෙනවා.."

    "එතකොට අපි මේ ප්‍රශ්නෙ ගැන බින්දුට කවදාක්වත් කියන්නැද්ද ලොකු පුතේ..?"

    "එච්චර දුර හිතන්න ඕනෙ නෑ චාමික.. අපි ළග තියෙන දේ කරමු.. බින්දුට කියන්න අවස්ථාවක් ආවොත් ඌට කියමු.. මොනව උනත් ඌ නිරෝෂි ගැන සැබෑ තත්වය දැනන් ඉන්න ඕනනේ.. ඌ නිරෝෂිව කසාද බදින්නත් ලෑස්ති නම්, ඒකි ගැන තව හුගාක් දේවල් ඌ දැනගන්න ඕනේ.. නැත්තං උගේ කසාදෙට ඒ තරම් ආයුෂ නෑ.."

    එතනින් එහාට අපි තුන්දෙනා අතරෙ වැඩි කතා බහක් සිද්ධ වුණේ නෑ.. බින්දු ගැන, නිරෝෂි ගැන ඒ වගේම බින්දුගෙ අහිංසක පුංචි අම්මා ගැන කල්පනා කරන්න හුගාක් දේ තිබුණා.. මොන විදියකින් හරි මේ ප්‍රශ්නෙ හොද විදියට විසදුනොත් හොදයි කියන ධනාත්මක පැත්ත මගේ හිතේ තිබුණා..

    ****************************

    "මොකද බන්ටි මහත්තයො මූණ සවුත්තු කරගෙන..?"

    වෙනදා පුරුද්දට කුස්සියට එබෙනකොටම බේබි නැන්දා මගෙන් ඇහුවා.. ඒ කියන්නෙ මගේ හිතේ තියෙන හැමදේම මූණෙ ලියැවිලා තියෙනවා කියනෙකද..?

    "කියලා වැඩක් නෑ බේබි නැන්දේ.. මේ ගෙදර ඉන්නේ මහා හිතක් පපුවක් නැති මිනිස්සු.."

    "අර මොකද අප්පේ ඒ.. කවදාවත් නැතුව.. බන්ටි මහත්තයා ඔහොම කතා කරනවා මං අහලම නෑ.."

    "බේබි නැන්දට කියන්න, මගේ යාලුවෙක් එයාගෙ හදිසි පණිවිඩයක් දෙන්න විසි තිස් ගමනක් මෙහෙට කෝල්ස් අරගෙන.. මේ ගෙදර මිනිස්සු ඌට වචනයක්වත් කතා කරන්න දීලා නැතුව පලු යනකන් බැනලා.. ඒ අහිංසකයා පණිවිඩේ කියන්නැතුව නිකං ඉදලා.. අනික ඉතිං බේබි නැන්දේ.. මෙයාලගෙන් බැනුම් අහන්න ඌ අතපල්ලෙන් වැටිලද..? මෙයාලගෙන් කාලා ඇදලා ඉන්නවද..?"

    "පහුගිය දවස්වල නම් ඔය ටෙලිෆෝන් එක ගැන නානා ප්‍රකාර කතන්දර ගියා.. බන්ටි මහත්තයට කේන්ති යයි කියලා මං මුකුත් කිව්වෙ නෑ.."

    "දැන් ඉතිං කේන්ති ගියත් වැඩක් නෑ.. වෙන්න ඕන හරිය වෙලා ඉවරනේ.."

    "බන්ටි මහත්තයට කියන්න, ඔය ටෙලිෆෝන් එකේ කරදර වැඩ ඔක්කොම කෙරුවෙ මහත්තයා කියලා පෙරේදා සමුදිනී නෝනා බෙරිහන් දුන්නා.."

    "මේ... මම..?"

    බේබි නැන්දගෙ කතාව මගේ ඔලුව තවත් ටිකක් කැරැකෙව්වා.. ඇයි හත්තිලව්වේ.. අපේ අක්කගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදිලද මන්දා ඔය වගේ අපත කතා කියන්නේ..

    "ඔව්.. බන්ටි මහත්තයලු මේ හැමදේම කරන්නේ.."

    "අනේ මන්දා.. මේ ගෙදර මිනිස්සුන්ට පිස්සුද කියලා.. එහෙන් අයියා කෑගහනවා.. මං එයාට දහපදුරා කෙල්ලෙක් සෙට් කරන්න හදනවලු.. ඔයා දන්නවනේ බේබි නැන්දේ.. මට තාම පිස්සු හැදිලා නෑ කියලා, එයාට කෙල්ලො සෙට් කරන්න.. ඇයි යකඩෝ.. මේ නතරම මල පනින අර්ෂස් කාරයෙකුට කෙල්ලො ලං කරන්න එයා මට මොනවා කරලද..? පස්සෙ ඒ කෙල්ල මගේ ජාතකේනේ උදේ හවස මතක් කරන්නේ.."

    "ඔය කතා බන්ටි මහත්තයා ඒ තරම් ගණන් ගන්නෙපා.."

    "මං ගණන් ගන්නෑ.. ඒත් මේ ගොල්ලො හිතන් ඉන්නෙ අර පිනෝකියෝ වගේ මාත් ලී කොටයක් කියලා.. අඩු ගානෙ ඒ ළමයට හිනාවෙන්න අඩන්න හිතක්වත් තිබුණා.. මෙයාලා හිතන්නෙ මට එහෙමවත් නෑ කියලා.."

    "එහෙම හිතන්නෙපා බන්ටි මහත්තයෝ.. ඔයා හින්දා තමයි මේ ගෙදර මිනිස්සු කොච්චරවත් හිනාවෙලා ඉන්නේ.. ඔයා කරන වැඩ වලින් මේ ගෙදර තියෙන සිරියාව, සන්තෝසෙ කොයි තරම් වැඩි වෙනවද..? මහත්තයා ගෙදර නැතිවුණාම මේ ගේ කොයි තරම් මූසල වෙනවද..? ඒක මේ ගෙදර ඉන්න හැමෝම දන්නවා.. මම උනත් මෙහේ ඉන්නෙ මහත්තයා හන්දා.."

    "මේ දෙන්නගෙ වැඩේම මුල්ලකට වෙලා කුටු කුටු ගගා ක්‍රමන්ත්‍රණේ කරන එක.. මේ පාර මොකක්ද ප්ලෑන් එක..?"

    අක්කා ළගට එනකල්ම මං දැක්කෙත් නෑ.. බේබි නැන්දා දැක්කෙත් නෑ.. කොටින්ම වැදගත් විදියට කෙරුණු කතාබහක් මැද්දට පැනලා එයා තප්පුලනකන් අපි දන්නෙම නෑ.. හැබැයි අක්කා නෙමෙයි, මහප්පා උනත් කමක් නෑ.. ඒ අසික්කිත කතාවට මට මල පැන්නා.. මෙයා අපිව නිකං දෙකයි පනහට දාලනේ කතා කරන්නේ..

    "ඇයි දොර රෙද්දට එළියෙන් ඉදන් හොරෙන් අහන් ඉද්දි ඇහුණෙ නැද්ද..? එනවා මෙතන ප්ලෑන් ගැන අහන්න.."

    "බන්ටි.. ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්න.. මං අම්මයි, තාත්තයි ආව ගමන් කියනවා.. ඔයාගෙ නැහැදිච්ච වැඩ ගැන.."

    "කියලා මට කොරයි.."

    "එහෙමද හිතන් ඉන්නේ..? ඉන්නවකෝ අද හවස් වෙනකන්.."

    "ඇයි හවස් උනාම මාව ගෙදරින් එළවන්නද..?"

    "ඇයි බෑ කියලා හිතුවද..?"

    "අනේ බන්ටි මහත්තයෝ.. ඔය වැඩකට නැති කතාව නවත්තලා කාමරෙන් යන්නකෝ.. නිකාං බොරුවට නේ මේ කෑගහන්නේ.."

    මගෙයි, අක්කගෙයි කතාව ටුවෙන්ටි ටුවෙන්ටි ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවරේ වගේ උණුසුම් වෙද්දි බේබි නැන්දා කෑගැහුවා..

    "මේක මගෙයි, මල්ලිගෙයි කතාවක්.. ගෙදර අම්මා, තාත්තා වගේ බේබි නැන්දත් හැමදේටම කට දානවා.."

    "අක්කෙ මේ.. ඔයාට අයිතියක් නෑ බේබි නැන්දට වචනයක්වත් කියන්න.. ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ මගෙත්එක්ක නම් මාත් එක්ක හැප්පෙන්න.. අනිත්තෙක ඔයා මේ උඩ පැනගෙන කෑගැහුවට මෙතන ඔයා හිතන විදියෙ කුමන්ත්‍රණ නෑ.. අනික මටයි, බේබි නැන්දටයි මේ ගේ ඇතුළෙ කතා කරන්න ඔයාගෙන් අවසර ගන්න ඕනද..?"

    මගේ ප්‍රශ්නෙට අක්කා සම්පූර්ණයෙන්ම ගොලු වුණා.. ඇත්තටම එයාට කතා කරන්න දෙයක් තිබුණෙම නෑ.. බලන් ගියාම අක්කගෙ කතාවත් මොණර නැටුමක් වගේ තමයි.. නැටුම නම් ලස්සනයි.. ඒත් හෙලුවෙන්නෙ නටන්නේ..

    "ඔයා මගේ නැහැදිච්ච වැඩ ගැන අම්මටයි, තාත්තටයි කියනවා කිව්වා.. හරි නම් මමයි ඒ කතාව එයාලට කියන්න ඕන.. මොකද නැහැදිච්ච වැඩ කරේ මම නෙමේ ඔයා.."

    "මම..?"

    අක්කගෙ ඇස් දෙකේ කලු ඉංගිරියාව ලොකු වෙනවා මං දැක්කා.. මූණ මොන තරම් ලස්සන උනත් තව ඩිංගකින් ඔය ඇස් බෝලෙ අම්මපා බිමට වැටෙනවා.. එතකොට කණ වැල අල්ලන්න වෙන්නෙ මට..

    "අනේ බන්ටි මහත්තයෝ.. ඔය කතාව නවත්තන්නකෝ.."

    "නවත්තලා බෑ බේබි නැන්දේ.. මෙයා හිතන් ඉන්නේ, ඔයයි මායි දෙකයි පණහෙ පොරවල් කියලා.. ඒ උනාට මෙයා කරන්නෙ සත පණහෙ වැඩ.."

    "ම.. මං.. මොකක්ද කරේ..?"

    අක්කගෙ ලොකු ඇස්වලට කදුලු උනාගනෙ එන හැටි මං දැක්කා.. ඔහොම යං බන්ටි ඔහොම යං.. කතන්දරේ තව ඩිංගකින් සමාප්තයි.. බෝවෙන රෝග නිට්ටාවටම සුවයි..

    "ඔයා මොකක්ද මේ ටෙලිෆෝන් බම්බුවක් අල්ලගෙන මැරෙන්න හදන්නේ..? ඔයාට කෝල්ස් දීලා, කතා කරන්නැතුව ඉන්න තරම් පිස්සුවක් මට නෑ.. මගේ අතේ සල්ලිත් නෑ.. මං මගේ චැලියට ප්‍රෙට්‍රල් ගහන්නෙත් අමාරුවෙන්.."

    "හො.. හොදයි ඔයා නෙමෙයිද කාට හරි කියලා මේ ගෙදරට ටෙලිෆෝන් කෙරෙව්වේ.. අයියගෙ නම්බරෙත් කාට හරි කෙල්ලෙකුට දීලා එයාට ඔෆිස් එකේවත් වැඩක් කරගන්න බැරි කරේ..?"

    අම්මපා මෙන්න මේවට තමයි පොල් පරලායි, තේක්ක ලීයි පයින් යනවා කියන්නේ.. මෙලෝ වගතුවක් නෑ..

    "ඔයාට හොල්මන්ද අක්කේ..? පහුගිය දවස්වල බින්දු තමයි මෙහෙට දහදොලොස් ගමනක් කෝල් කරලා තියෙන්නේ.. ඌ නාවලපිටි ගිහින්, ඒ පණිවිඩේ මට දෙන්න.. ඔයාල තමයි උගේ කෝල්ස් වලට ආන්සර් නොකර පලු යන්න බැනලා තියෙන්නේ.. එහෙම නැතුව ඔයා හිතන තාලෙ හොරර් ෆිල්ම් එකක් මෙතන නෑ.."

    "එතකොට කවුද අර ගෑනු කෙනෙක් කතා කෙරුවේ..?"

    "අක්කෙ මේ.. ඔන්න ඕවට නම් මට නහුතෙට මල පනිනවා.. අනුන්ගෙ කුණු ගොඩවල් මගේ ඔලුවට අතාරින්න එපා.. ඒවා ඔයාලා විසදගන්න.. අනික අපේ බින්දුගෙ කටහඩයි, ගෑනියෙක්ගෙ කටහඩයි අදුනගන්න බැරි තරමට ඔයා මෙන්ටල් වෙලාද..? කරුණාකරලා අදම ගිහින් ඇහැ, කන්, නාස පිළිබදව ඩොකෙක් හම්බවෙන්න.. අපට වද නොදී.."

    "එ.. එතකොට අයියට ආපු කෝල්..?"

    "ඒවා ඉතිං එයාගෙන්ම අහන්න.. එයාගෙ නම්බර් එක කෙල්ලොන්ට දෙන්න තරම් මට පිස්සු නෑනේ.. මේක මාර අවනඩුවක්නෙ යකෝ.. හම්බන්තොටට වැස්සත්, මේ නුවර ඉන්න මමයි අහුවෙන්නේ.."

    "අනේ බන්ටි මහත්තයෝ.. අපි දැන් ඔය කතාව නවත්තමු.. දැන් හැමදේම විසදගත්තනේ.."

    "මොනව විසදෙන්නද බේබි නැන්දේ.. මෙයාලා තාම එතනමයි.. හිතේ තියෙන කැත කමට, ඉන්න තැනින් ඩිංගක් එහාට ගිහිල්ලා කල්පනා කරන්නවත් හිතෙන්නෑ.. ඕන දේකට බන්ටි තමයි කරේ කියලා ලස්සනට අත පිහදා ගන්නවා.. කමක් නෑ බේබි නැන්දේ.. මෙයාටයි, අයියටයි මගේ සහෝදරකම වටින්නෙ නැතුව ඇති.. ඒකට වටිනාකමක් දෙන්න හිතෙන්නැතුව ඇති.. මොනව උනත් ඔයයි, අයියයි ලස්සනට සහෝදර සහෝදරියො වගේ ඉන්නකෝ.. මේ කැත බන්ටි හැමදාම පැත්තකට වෙලා ඉන්නම්.."

    "බ..න්..ටී.."

    අක්කගෙ ඇස්වලට උනලා තිබ්බ කදුළු, කම්මුල් දිගේ බේරෙන්න අරන් තිබුණා.. ඒත් ජීවිතේ ගැන කොයි තරම් සැහැල්ලුවට හිතුවත්, මගේ හදවතත් දියවෙන්න පටන් අරන් තිබුණා.. මුළු ලෝකෙම එකට එක්කහු වෙලා මාව විතරක් තනි කරා වගේ හැගීමක් එක තත්පරේට දෙකට හිතට ඇවිල්ලා නැතිවෙලා ගියා..

    "ඔ.. ඔහොම කතා කරන්නෙපා බන්ටි.. මං ඔයා ගැන කවදාවත් එහෙම හිතලා නෑ.."

    බේබි නැන්දා බයවෙලා වගේ බලන් ඉද්දි මගේ සුපුරුදු පුංචි කාමරේට යන්න මං පඩිපෙල නැග්ගා.. මොන තරම් විනෝදෙන් හිටියත් අනවශ්‍ය දේටත් ගෙදර මිනිස්සු මාව සැක කරන එක තරම් හිතේ අමාරුවක් මට තවත් තිබ්බෙ නෑ..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-10.jpg


    10.png


    පහුවෙනිදා උදේ දහයට විතර ටෙලිෆෝන් එක වදින සද්දෙට මං ඇහැරුණා.. ටිකක් වෙලා හොද ඕනෑකමෙන් අහන් හිටියත්, මෙලෝ මනුස්සයෙක් ෆෝන් එක ඉස්සුවෙ නෑ.. ඒ කියන්නෙ මේ කෝල් එක අපේ ගෙදර කාටවත් නෙමෙයි වෙන්නැති.. ඒකනේ කවුරුවත් ගන්නැත්තේ.. ඒත් හත්තිලව්වේ බන්ටි කියලා හාදයෙකුත් මේ ගෙදර ඉන්නවනේ.. සමහර විට ඌටද දන්නෑ කෝල් එක.. සමහර විට කෝල් එක කට් වෙන්න තිබ්බෙ තව තත්පර දෙකක් නැත්නම් තුනක් වෙන්නැති.. ඇදගෙන හිටපු ෂෝට පිටින්ම මං පල්ලෙහාට දිව්වා..

    "හලෝ.."

    තුන් මුනින් හති දාගෙන මං ෆෝන් එක ඉස්සුවත් එහා පැත්තෙ ඉන්න එකාගෙන් කිසිම සද්දයක් ආවෙ නෑ.. ඒක හින්දා මං තුන් හතර පාරක්ම කට පාඩම් කරන්න වගේ හෙලෝ කියන වචනෙ කිව්වා..

    "අයි ලව් යූ ඩාලින්.. යූ.. ආ.. මයි ඩ්‍රීම් බෝයි.."

    මහ ගොරෝසු සද්දෙට, රහසින් වගේ වචන එකින් එක ඇහෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා.. මේ මොකාද යකෝ මේ.. උදේ පාන්දරම ආදරයක් ගැන කතා කරන්න තරම් ප්‍රේමෙන් මච්වෙච්ච එකා.. මූ ආදරේ කලවම් කරන ගමන්ද කොහෙද කතා කරන්නේ..

    "හලෝ.."

    කතා කරපු එකා ගෑනියෙක්ද, පිරිමියෙක්ද කියලා මට හිතාගන්න බැරිවුණ හන්දා මං ආයෙත් හලෝ කිව්වා.. ඒත් එහා පැත්තෙන් ෆෝන් එක තියෙන සද්දෙ මට ලාවට වගේ ඇහුණා.. අඩේ අප්පා.. මගේ අද දවසම මුස්පේන්තු කරන්න උවමනා වෙලා තියෙන්නෙ කාටද..? වෙච්ච පටලැවිල්ලෙ හැටියට යන්නෙ කොහෙටද කියලවත් මට හිතාගන්න බැරිවුණා.. ඇත්තටම මොකාද අප්පෙ ඒ කතා කෙරුවේ..? ප්‍රේමදාසද..? නැත්නම් ප්‍රේමවතීද..? අනිත්තෙක දෙයියනේ ආදරෙයි කියලා ඔය තරම් ගොරෝසු විදියට කියන්න ඕනෙද..? මේකා මේක කිව්ව තාලෙට මගේ ඇගේ මයිලුත් කෙලින් වුණානේ..

    කතන්දරේ සිද්ධ වෙලා වැඩිම උනොත් තත්පර තුනක් යන්නැති.. ආයෙත් ෆෝන් එක රින්ග් වුණා.. එහෙනම් පහුගිය දවස්වල අපේ ගෙදර තිබ්බ මල යුද්ධෙට එකම හේතුව මේකයි.. මං ගණන් ගත්තෙ නැති උනාට මේ විදියෙ තුන් හතර පාරක් කෝල්ස් ආවාම මල පනින්නැත්තෙ කාටද අප්පා.. අම්මප මොන වෙල්කකුට්ටද මේ අපේ ගෙදර මිනිස්සුන්ගෙ ජාතික සමගිය අස්ථාවර කරන්න හදන්නේ..

    "හලෝ.."

    "ඇති යාන්තං..! උඹේ කටහඩවත් අහන්න පුදුම සටනක්නේ බං දෙන්න ඕන.."

    පිස්සු හැදෙනවා.. මෙන්න යකෝ බින්දුවා ෆෝන් එකේ.. මගේ සංතෝසෙ තියන්න තැනක් හොයාගන්න මට බැරිවුණා..

    "දැන් ඩිංගකට කලින් උඹ ගත්තද..?"

    "පිස්සුද බන්ටි.. අද දවසට මං මේ ගත්තමයි.. මං ඒත් බයෙන් බයෙන් ගත්තේ.. උඹලගෙ ගෙදර ඈයෝ කැත නැතුව බනිනවනේ.."

    "මං මේ උඹට පලු පැලෙනකන් බැණ බැණ ඉන්නවා උනේ මොකක්ද කියලා දන්නැතුව.. පස්සෙ සරිගමයා ඊයෙ විස්තරේ කිව්වම තමයි හැමදේම නිරවුල් උනේ.. දැන් පුංචි අම්මට කොහොමද බින්දු..?"

    "දෙයියන්ගෙ පිහිටෙන් දැන් ටිකක් හොදයි.. ඒත් දොස්තරලා කියනවා රටේ නැති විටමිනුයි, පිටින් බේතුයි අරන් දෙන්නයි කියලා.. මට මේවා කියන්න උඹ විතරයි ඉන්නෙ බන්ටි.. මං ඊයෙ සරිගමයට වත් ඒ පැත්ත ගැන කිව්වෙ නෑ.. මං අරන් ආපු සල්ලි ටිකත් ඉවරයි.. ආයෙ නුවර ඇවිත් යන්න ගියොත් ගෙදරින් රටේ ප්‍රශ්න දාවි.. දැනටමත් මට ඇතිවෙන්න බනිනවා.. මං මොනවද කරන්නෙ බන්ටි.. මට මේ මනුස්සයව දාලා එන්න පුලුවන්ද..? කාත් කවුරුවත් නැති හිගන්නෙක් විදියට මැරිලා යන්න පුංචි අම්මව මෙහේ දාලා මං කොහොමද නුවර එන්නේ..?"

    "ඔය ඔක්කොම මට තේරෙනවා බින්දු.. ඒ ගැන වැඩිය උඹ හිතන්නෙපා.. මං තව ඩිංගකින් උඹේ එකවුන්ට් එකට සල්ලි දානවා.. උඹේ ATM කාඩ් එකෙන් සල්ලි ගනින්.."

    "උඹ ගාවත් සල්ලි නෑනේ බන්ටි.."

    "උඹට ඒ කෙහෙල්මල් වැඩක් නෑ.. මං සල්ලි එවනවා.. උඹ ගනින්.. පුළුවන් තරම් ඉක්මනට පුංචි අම්මව සනීප කරගනිං.. උඹ දන්නවනේ.. මට ගෙදරින් කොහේවත් යන්න දෙන්නෑ කියලා.. අපි අර මහියංගනේ ගියපු ගමනෙන් පස්සේ.. නැත්නම් මං මෙලහකටත් නාවලපිටියෙ ඇති.."

    "මට තේරෙනවා බන්ටි.. මොනව උනත් පුංචි අම්ම සනීප උනු ගමන්ම මං නුවර එනවා.. ඒක නෙමේ මට උඹට කියන්නත් බැරිවුණා.. හෙට නැත්නම් අනිද්දා නිරෝෂි මෙහේ එනවා කිව්වා.. එයාටත් ඕනලු පුංචි අම්මව බලන්න.."

    එහෙනම් ඊයෙ සරිගමයා කියපු කතන්දරේ සිද්ධ වෙන්නයි යන්නේ.. ඇත්තටම බලන් ගියාම කෙල්ලො කියන්නෙ මහ පුදුම අමුනුස්ස ජාතියක්.. ඇයි යකඩෝ.. පණට පණ සේ එකෙකුට ආදරේ කරන ගමන් තවත් එකෙකුට කිසිම කැතක් නැතුව ආදරේ කරන්න පුදුම සමාර්ථකමක්නේ දක්වන්නේ.. හැබැයි ඉතිං කොල්ලොත් ඒ වගේ තමයි.. තකට තක කියලා අර කතාවක් තියෙන්නෙ ඕක හින්දා වෙන්නැති..

    "නිරෝෂි උඹට නිතරම කතා කරනවද..?"

    "ඔව් බන්ටි.. නිරෝෂියි, උඹලයි නැත්නම් මං මේ වෙනකොට කොයි තරම් අසරණ වෙලාද..? පහුගිය දවස්වල උඹව කන්ට්‍රැක්ට් කරගන්න බැරිවෙද්දි, නිරෝෂි තමයි මට සල්ලි එව්වෙත්.. පව් බන්ටි.. එයාටත් රටේ නැති ප්‍රශ්න.. හරි නම් මමයි, නිරෝෂිට උදව් කරන්න ඕන.. ඒත් දැන් මට වෙලා තියෙන්නෙ එයාගෙන් උදව් ගන්න.."

    "මොනවද නිරෝෂිට වෙලා තියෙන ප්‍රශ්න..?"

    කතන්දරේ හරි තැනට එනවා කියලා මට තේරුණු හන්දා මං ඇහුවා.. මොකෝ, නිරෝෂිට ප්‍රශ්න කියලා කියන්නේ, ළමයෙක්වත් හම්බවෙන්න ඇවිල්ලද..? නෑනේ.. තනිකරම බොරුවනේ ඔය කෙල්ල ඔය අරගෙන යන්නේ.. ඒකිට ප්‍රශ්නයක් වෙලා ඇත්තෙ ලව් දෙකක් කොහොමද එක පාර කරන්නෙ කියලා.. අපේ එකත් ඉතිං ඉහලින්ම ඇන්දිලා ඉන්නවනේ.. අනේ කාලේ වනේ වාසේ කියන්නෙ මේවට තමා..

    "ඒක ටිකක් දිග කතාවක් බන්ටි.. මෙහෙම ෆෝන් එකෙන් කියන්න කියන්න පුළුවන් දෙයක් නෙමෙයි.."

    "ඒ කිව්වේ..?"

    "නිරෝෂිලගෙ පවුලෙ ප්‍රශ්නයක්.. මං ඒ ගැන උඹට නුවර ආවාම කියන්නම්.. එහෙනම් මම තියන්නම් බන්ටි.."

    මගේ කට ආයෙත් හැරෙන්න කලින් බින්දු ෆෝන් එක තිබ්බා.. සමහර විට උගේ සල්ලි ඉවර වෙන්නැති.. ඇයි ඉතිං විනාඩි පහලොවක් විතර කතා කලානේ.. ඒත් මගේ හිතට මහ නිකං මොකක්ද මොකක්ද වගේ.. මොනවම හරි ලොකු අඩුවක් බින්දුගෙ කතාව පුරාම තිබුණා කියලා මට තේරුණා.. ඒත් ඒ අඩුව මොකක්ද කියලා කොයි තරම් කල්පනා කරත් මට හිතාගන්න බැරිවුණා..

    "බන්ටි මහත්තයෝ.. කොහෙද මේ කලබලේ දුවන්නේ..?"

    මූණත් එහෙන් මෙහෙන් හෝදගෙන ෂෝටට උඩින් ඩෙනිම දාගෙන සාලෙට එද්දිම බේබි නැන්දා මූණටම හම්බවුණා.. එයා මගේ මූණෙ ඉදන් පල්ලෙහාට යනකල් හොදට බැලුවා..

    "මං බැංකුවට ගිහින් එන්නම් බේබි නැන්දේ.."

    "තාම උදේට කාලවත් නෑනේ.. ඔය බඩගින්නෙමද යන්න හදන්නේ.. අනික මොකද මේ හදිසියෙ බැංකු යන්නේ..?"

    "බඩගින්නට වැඩිය මේක වැදගත්.. අපේ බින්දුට සල්ලි ටිකක් ඕන වෙලා.. යාලුවෙකුට උදව් කරන්න බන්ටි ඉතිං ඕන වෙලාවක සැදී පැහැදී ඉන්නවනේ.. ඉතිං මං යනවා.. ගියා ආවනේ බේබි නැන්දේ.. මොකෝ මං මහියංගනේ නෙමේනේ යන්නේ.. නුවර ටවුන් එකටනේ.."

    "බන්ටි මහත්තයා ගාව සල්ලි නෑනේ.."

    "සල්ලි නැති උනාට මේක තියෙනවනේ.."

    මගේ බෙල්ලෙ තිබුණ මාලෙ එලියට අරගෙන බේබි නැන්දට පෙන්නුවා.. ජීවිතේට අහපු නැති කතාවක් මේ දැන් කන් දෙකට ඇහුණා වගේ බේබි නැන්දගෙ ඇස් දෙක උඩ ගියා.. මං කියපු කතාව එයාට විශ්වාස කරන්නත් බැරිවුණා වගේ..

    "බන්ටි මහත්තයා හදන්නෙ ඔය මාලේ උකස් තියන්නද..?"

    "ඔව්.. ඇයි ඒකෙ මුකුත් ප්‍රශ්නයක් තියෙනවද..?"

    "අනේ.. ඔය මාලෙ බන්ටි මහත්තයට අම්මා දීපු මාලෙනේ.. ඕක උකස් කරලා හරි යනවද..?"

    "බේබි නැන්දත් කියන්නෙ පුදුම කතානේ.. ඇයි හත්තිලව්වේ.. රත්තරං බඩු තියෙන්නෙ නැති බැරි කාලෙකට උකස් කරන්නනේ.. පස්සෙ පුළුවන් වෙලාවක බේරගන්න පුළුවන්නේ.."

    "අනේ මං ඕවා දන්නෑ.. ඒත් මං බන්ටි මහත්තයගෙන් ඉල්ලන්නෙ, ඔය මාලෙ නම් උකස් කරන්නෙපා කියලා.. බන්ටි මහත්තයට ඕන සල්ලි ටික මං දෙන්නම්.. ඒක මට ආයෙ ඕනෙත් නෑ.."

    "බේබි නැන්දේ.. ඔයාට පිස්සුවක් හැදීගෙන එනවද..? මං කොහොමද ඔයාගෙන් සල්ලි ගන්නේ.. ඔයත් කොයි තරම් අමාරුවෙන්ද සල්ලි කීය කීය හරි එකතු කරන්නේ..?"

    "ඒ උනාට මං කියන දේ ඩිංගක් අහන්න බන්ටි මහත්තයෝ.. දෙයියන්ගෙ නාමෙට ඔය මාලෙ උකස් කරන්නෙපා.. මං ලොකු මහත්තයට කියලා සල්ලි ඉල්ලලා දෙන්නම්.. බන්ටි මහත්තයට මගේ සල්ලි ගන්න බෑනේ.."

    කරේ තිබ්බ මාලේ ඇගිල්ලෙන් එහෙට මෙහෙට අදින ගමන් මං බේබි නැන්දා දිහා බැලුවා.. මේක මහ පුදුම කතාවක්නේ.. ඒ කියන්නෙ මගේ හද්ස්සියකට වත් මේ මාලෙට මුකුත් කරන්න මට බෑ..

    "ඔන්න ඕකනේ බේබි නැන්දේ කියන්නේ..? හිතේ තියෙන ෆිට් එකට මං ඔයත්තෙක්ක ඕන බඩකඩිත්තුවක් කියනවා.. අන්තිමට මේ ගෙදර අනිත් මිනිස්සු වගේ ඔයත් මට බැරියර් දානවා.. ඔයාට තේරෙන්නෙ නැද්ද.. මේක මට සල්ලි ඕනම කරන වෙලාවක් කියලා.. අනික නිකං ජොලි දාලා කාබාසිනියා කරන්න නෙමේනේ.. මනුස්සයෙක්ගෙ ජීවිතයක් බේරගන්න.."

    "මට තේරෙනවා බුදු මහත්තයෝ.. ඒත් ඔය මාලෙට නම් මුකුත් කරන්නෙපා.. මහත්තයගෙ අම්මා කොයි තරම් ආදරෙන්ද ඔය මාලෙ මහත්තයගෙ කරට දැම්මේ.. පුංචිම දවස් වල ඔය මාලෙ බෙල්ලෙ තියෙද්දි මහත්තයා රත්තරං කඹයක් දාගෙන ඉන්නවා වගෙයි පෙනුණෙ.."

    බේබි නැන්දගෙ මූණ මහ කලු වලාකුලකින් වැහිලා ගියා.. යකෝ.. බේබි නැන්දට මේ තරම් අවුල් වෙන්න මං මොනවද කිව්වේ.. අම්මපා.. මං කිව්ව දෙයක් නෑනේ.. මොන අවනඩුවක්ද මේ..?

    "බන්ටි මහත්තයට වටින්නෙ නෑ ඒ මාලෙට ඔහොම කරන්න.. මං මහත්තයා ගැන කොයි තරම් හොද විදියටද හිතාගෙන ඉන්නේ.."

    උදේ පාන්දර දහයට ආපු කෝල් එකත් එක්ක සියලුදේම අවුල්වෙන තත්වයක් මට පෙනුණා.. දවසම මූසල කෙරුවෙ ඒ කෝල් එකෙන්නේ.. මේ හොදට හිටපු බේබි නැන්දත් මරු කියවන්නෙ ඒකනේ..

    "හරි.. බේබි නැන්දා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

    බැරිම තැන මං ඇහුවා.. ඔන්න එතකොට තමයි මං දැක්කේ බේබි නැන්දගෙ මූණෙ පිපුණු ලස්සන හිනාව..

    "මහත්තයට මං සල්ලි දෙන්නම්.. ඒක අරගෙන ගිහින් ඔය වැඩේ කරගන්න.."

    "හොදයි දැන් බේබි නැන්දා ගාව සල්ලි තියෙනවද..?"

    මං අහපු දේට වචනයක්වත් කියන්නැතුව එයා කාමරේ ඇතුළට ගියා.. එළියෙ ඉදගෙන මං කල්පනා කෙරුවෙ මාලෙ පලහිලව්ව ගැන.. පේන හැටියට නම් මේ මාලෙ මොකක් හරි අවනඩුවක් තියෙන්න ඕන.. නැත්නම් බේබි නැන්දා ඔය තරම් මරු කියවන්නෑ..

    "ආ.. මහත්තයෝ.."

    දික් කරපු සල්ලි මිටිය මං කැත නැතුව ගත්තා.. එතන හරියටම රුපියල් දහදාහක් තිබුණා.. මට ඕන උනෙත් මේ ගානමයි.. බේබි නැන්දා කොහොම ඒක දැන ගත්තද මන්දා..

    "ඇත්තටම බේබි නැන්දා.. ඔය මොනවදෝ හුට පට වගයක් කියවලා මූණ නරක් කරගත්තු හින්දයි මං මේක ගත්තේ.. හැබැයි ඉතිං මාලෙ උකස් තියන්නත් එපා කියනවා නම් මට මේ සල්ලි දෙන දවසක් නම් කියන්න බෑ..."

    "මට සත පහක්වත් එපා මහත්තයෝ.. මහත්තයා වැඩේ කරගන්නකෝ.."

    බේබි නැන්දට අතකුත් වනාගෙන මං එළියට බැස්සා.. මේ සල්ලි ටික දැම්මහම බින්දුට ඕන දේල් ටික කරගනීවිනේ.. ආයෙ එතකොට නිරෝෂිගෙනුයි, අරකගෙනුයි මේකගෙනුයි සල්ලි ඉල්ලන්න ඕන වෙන්නෑනේ.. එහෙම හිතෙද්දි නම් මගේ හිතට පුංචි සැහැල්ලුවක් දැනුණා..

    සල්ලි බැංකුවට දාලා හැරෙන තැපෑලෙන් මං ගෙදර එන්න ආවා.. නුවර ටවුන් එක මොන තරම් සිරියාවන්ත උනත් කොල්ලො කවුරුවත් නැතුව ටවුමෙ රැදිලා ඉන්න හිතක් මට තිබුණෙ නෑ.. අඩු ගානෙ හිසේ කැක්කුම හැදෙනකල් කියවන්න, පයිතගරස්වත් හිටිය නම් කියලා නිකමට වගේ මට හිතුණා..

    "බන්ටි මල්ලි.."

    ගෙදරට හැරෙන වැලි පාර ළග හිටගෙන හිටියෙ මොරීන් අක්කා.. මෙයා මොකද මේ මද්දහනේ මෙතන කරන්නේ..? තවත් පිය විප්පයෝග කතන්දරයක්ද..?

    "ෂහ්.. මොරීන් අක්කව දකින්න තියෙන අමාරුවක්.. හැබෑට කොහෙද අප්පේ පහුගිය දවස්වල ගිහින් හිටියේ.. කොහේ හරි පිටරටකට වත් ගිහින් හිටියද..?"

    මේ ඊයෙ හවසත් දැකලා, වගේ වගතුවක් නැති තාලෙට මං ඇහුවා.. ගෑනි මාව දැකලා තිබුණෙත් අනාථ මාරුතේ.. කුණාටු සාගරේ වගේ තමයි.. හැබැයි ඉතිං පස්සෙ කියනවා, දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ කියලා..

    "මොන රටවල් ද බන්ටි.. මට දැන් වෙලා තියෙන්නෙ ගම් රටවල් අතෑරලා යන්න.."

    "අම්මපා..?"

    "ඔව් බන්ටි.. ඔයාලගෙ මහ ලොකු සුදු අයියා මට කෙරුවෙ ජරා වැඩේ හොදම එක.."

    දැන් අර විවිධ ගීත දර්ශක වල එක දෙක තෝරනවා වගේ ජරා වැඩ වලත් එක දෙක තෝරනවද කොහේද..? ඒකනේ මෙයා මේ හදවත කඩාගෙන වමාරන්නේ..

    "ඔයා දන්නවනේ මොරීන් අක්කේ.. මං ඔය මුකුත්ම දන්නැති කිරි සප්පයා කියලා.. මාව නම් ඕවට අල්ල ගන්නෙපා.. මං හරි අහිංසකයි.."

    "ඔයා අහිංසක උනාට ඔයාගෙ අයියා නම් බින්දුවක්වත් අහිංසක නෑ.. එයා මහ කැත සතෙක්.. ඔයා දන්නවද.. ඔයා දන්නවද බන්ටි.. ඔයාගෙ අයියට ගෑනු ළමයෙක් ඉන්නවා.."

    "අම්මපා.."

    මොරින් අක්කට නම් හොදටම පිස්සු.. අපේ එකා එක්ක ගෑනු ළමයි යාලුවෙන්නෙ හීනෙන් තමයි.. ඇයි අප්පා.. මුගේ මූලග්ගාය එක්ක කාටද ජීවත්වෙන්න පුළුවන්.. වැඩිම උනොත් කීර කොටුවක් හරි කොහිල කොටුවක් හරි අයිතිකාරයෙක්ගෙ දුවෙක් තමයි..

    "ඔව්.. ඔයා හිතන්නෙ බොරුවක් කියලද..? හැබැයි බන්ටි මං මේක ලේසියෙන් අතාරින්නෑ.."

    "දැන් කවුද ඔය ගෑනු ළමයා..?"

    "ලස්සන කෙල්ලෙක්.. මේ පැත්තෙ දවස් දෙක තුනක් කැරකැවෙනවා මට අහුවෙලත් තියෙනවා.. ඒත් ඉතිං කවුද දෙයියනේ දන්නෙ මගේ ආදරේට වින කරන්න ආපු දේවදත්තයෙක් කියලා.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ අපි නොදන්න මොණරතැන්න.. බලපල්ලකෝ ඒ කතාවෙ තිබ්බ ගැම්ම.. දවස් දෙක තුනක් මේ පැත්තෙ කරකැවිලා තියෙනවලු.. ෂුවර් එකට එහෙනම් මෙයා දකින්නැත්තේ කූරියා ගහපු සරුංගලයක් වෙන්නැති.. නැත්තං ඉතිං මේ ගෙදරට දෙනෝ දාහක් යන පාර ඉස්සරහ, ආලෙන් අන්ධ වෙන්න අපේ එකාගෙ මං දන්න තරමින් වයර් ෂෝට් එකක් නෑනේ.. ඌට තියෙන්නෙ මූලග්ගාය විතරනේ..

    "මට නම් විශ්වාස කරන්න අමාරුයි.."

    "ඔව් ඉතිං.. ඔයත් අයියගෙ පැත්ත අරන්නේ ඔය කතා කරන්නේ.."

    "මම කාගෙවත් පැත්ත ගත්තෙ නෑ.. හරි.. දැන් ඔය යාලුයි කියන කෙල්ල මොරින් අක්කා අවසාන වතාවට දැක්කෙ කවදද..?"

    "මේ දැන්.."

    "අම්මපා මොරින් අක්කේ මේ දැන් නම් මටත් හම්බ වෙන්න එපැයි.. මොකද මාත් මේ පාර දිගේනේ ආවේ.."

    "ඒවා ඉතිං මං දන්නෑ.. හැබැයි බන්ටි මං එයාලට හොදින් නම් ඉන්න ඉඩ දෙන්නෑ.. ඔයාගෙ සුදු අයියා දන්නෑ ප්‍රේමයයි, වෛරයයි අතරෙ වෙනස කෙස් ගහයි කියලා.."

    දැන් නම් මොරීන් අක්කට ලව් මාන්දමේ හොදම එක හැදිලා තියෙන්නේ.. තව මෙතන බලන් හිටියොත් ඕවා බෝ වෙනවා.. මොනවා බෝ කරගත්තත් ඔය ලව් මාන්දම නම් බෝ කරගන්න හොද නෑ..

    "ඒ කියන්නෙ අපේ අයියගෙ කෙල්ල මොහොතකට කලින් මේ පැත්තෙ කරකැවුණා..?"

    "කරකැවුණා නෙමේ බන්ටි මල්ලි.. ඒකි කැත නැතුව ඔයාලගෙ ගෙදරටම රිංගුවා මිසක.."

    "මොනවා.. අපේ ගෙදරට..?"

    මොරින් අක්කා කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. මෙයා සාමාන්‍යයෙන් පච හලන කෙනෙක් නම් නෙමෙයි..

    "ඔව්.. ඔයාලගෙ ගෙදරට තමයි.."

    අම්මපා.. මේක නම් ඇස් දෙකේ හොටු ඇරලා, කබ කඩලා නිරවුල්ව බලන්න ඕන දෙයක්.. මොරින් අක්කා එතනම ඉද්දි, මං ගේ දිහාට දුවගෙන ගියා.. කවුද අප්පා මෙයා මේ තරම් විකාර කරවපු සුංගනාවි.. අනික මේ කියන තරම් ලස්සන නම් බන්ටි කොහොමද මීට කලින් ඒ ලස්සන කෙල්ලව නොදැක්කේ.. කෙල්ල මේ පැත්තෙ කරකැවෙද්දි බන්ටි කොහෙද හිටියේ..?

    "බේබි නැන්දේ.. කවුද අපේ ගෙදර ඉන්නේ..?"

    ගෙට ගොඩවුණ ගමන්ම මට මුණ ගැහුණෙ බේබි නැන්දා.. වටපිට බැලුවා උනත් පේන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ..

    "ඇයි.. ඇයි බන්ටි මහත්තයෝ..?"

    "අහපු දේට උත්තර දෙන්නකෝ.. ප්‍රශ්න අහන්නැතුව.. මට පුංචි ප්‍රශ්නයක් ඇවිත්.. ඒකයි.."

    බන්ටිට පුංචි ප්‍රශ්නයක් ඇවිත් කියලා කියන්නෙ අනිත් මිනිස්සුන්ට ඔලුව සාක්කුවෙ ඔබාගන්න ඕන තරම් බොන්න ඕන දරුණු කේස් එකක්.. ඒක ගැන හොදටම දන්න හින්දා බේබි නැන්දා කලබල වුණා කියලා මට තේරුණා..

    "කවුරුවත් නෑ.. මං විතරයි ඉන්නේ.."

    ඒ කියන්නෙ මොරීන් අක්කා මට බබා පෙන්නුවා කියනෙකද..? ඒත් ඇයි එයා එහෙම කරේ.. එයා ඇයි මට බොරු කිව්වේ..?

    "එතකොට කවුරුත් මේ ගෙදරට ආවෙ නැද්ද..?"

    මං ඇයෙත් සැරයක් බේබි නැන්දගෙන් ඇහුවා..

    "දැන් ටිකකට කලින් නම් සමුදිනී නෝනගෙ යාලුවෙක් නම් ආවා.. ඒත් නෝනත් එක්කම ඒ යාලුවා ආපහු ගියානේ.."

    "කවුද බේබි නැන්දෙ ඒ යාලුවා..?"

    "නම නම් මුතූ ද කොහෙද..? මට මතකයි පහුගිය දවසක බන්ටි මහත්තයත් ඔය මුතූ කියන ගෑනු ළමයලහ ගියා.."

    මොකක්ද බං ඒ වනචාරී කතාව..? මං කොහෙද බං ගෑනු ළමයෙක්ගෙ ගෙදර ගියේ..? බේබි නැන්දා ඉන්නෙ හොද සිහියෙන්ද කියලා බලන්න මං එයා දිහා හොදට බැලුවා..

    "ඇයි බන්ටි මහත්තයෝ.. අර මුරුගසන් වරුසාව වැටුණු දවසක සමුදිනී නෝනත් එක්ක සුදු හුම්පල පැත්තෙ ගියේ.. එතකොට ඒ දරුවා මෙහේ ඇවිත් ගිහින් තිබුණෙ.. ඒත් මතක නැද්ද..? ඇයි අප්පේ වෙඩින් එකකට අදින බ්ලවුස් පලහිලව්වකට නේද ඔය මහ වැස්සෙ එළියට බැස්සේ..?"

    බේබි නැන්දගෙ මතකය ගැන මට පුදුම හිතුණා.. ඇයි හත්තිලව්වේ.. ඔය වගේ කඩින් කඩ විකාශනේ වෙච්චි නාට්ටි දණ්ඩක සීන්ස් මතක තියාගන්න පරිණකයක් වගේ මෙමරියක් ඕනනේ.. ඒත් ඒ වැඩකට නැති කතන්දරේ බේබි නැන්දා ඇයි මේ තරම් හොදින් මතක තියන් ඉන්නේ.. මට ලොකුම ප්‍රශ්නෙ තිබ්බෙ එතනයි..

    "දැන් නම් මතකයි.. හැබැයි මං හිතුවට වැඩිය හොද මතකයක් බේබි නැන්දට තියෙනවනේ.."

    "හැමදේම ගැන නෑ බන්ටි මහත්තයෝ.. ඒත් මහත්තයා අංශු මාත්‍රයකින් හරි ගෑවිච්ච තැනක වෙච්ච දේවල් උනත්, ඒවා අවුරුදු විස්ස තිහ පරණ උනත් මේ බේබි නැන්දට අද ඊයෙ වගේ මතකයි.."

    එහෙම මතක තියාගෙන ඉන්නෙ බේබි නැන්දා මට පණ වගේ ආදරේ කරන නිසා කියලා මම දැනගෙන හිටියා..

    "ඒක මං දන්නවා බේබි නැන්දේ.. ඒක නෙමේ.. ඔය මුතූ කියන ගෑනු ළමයා නිතරම අපේ ගෙදර එනවද..?"

    "සතියකට කොහොමත් දවසක් නැත්නම් දෙකක් එනවා.. ඇ.. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

    බේබි නැන්දා ඩිංගක් විතර කලබල උනා කියලා මට තෙරුණා..

    "මං බේබි නැන්දට ඇත්තම කියන්නම්කෝ.. ඔය මුතූ කියන ගෑනු ළමයා අපේ අයියත් එක්ක යාලුයි කියලා මට නිව්ස් එකක් ආවා.."

    "හප්පේ ඇති යාංතන්.. දැන් තමයි මගේ පපුවට හුස්ම බිංදුවක් වැටුණේ.. මං හිතුවෙ බන්ටි මහත්තයට ඒ ළමයා පිළිබද සිතක් පහළ වෙලා කියලා.."

    "බේබි නැන්දට පිස්සුද..? මගේ ඔය ගෑනු කතන්දර නෑ කියලා ඔයා දන්නවනේ.. ඒත් ඇයි බේබි නැන්දා කිව්වෙ හුස්ම බිංදුවක් වැටිච්ච කතන්දරයක්.. ඒ කියන්නෙ ඒ ගෑනු ළමයා හොද නැද්ද..? ලස්සන මදිද..?"

    "ලස්සන නම් වැඩිත් එක්ක.. ඒත් කට නම් කතුර වගේ.. බන්ටි මහත්තයට එයා හරියන්නෑ.. මහත්තයට හරියන්නේ අහිංසක ගෑනු ළමයෙක්.. හරියට නිකං ඩිංගක් සැර කලොත් හරි, ඩිංගක් බොරුවට බැන්නොත් හරි ඇස් දෙකේ කදුළු පුරවගන්න තාලෙ කෙනෙක්.."

    පිස්සු හැදෙනවා.. බේබි නැන්දා මාර දුරක් හිතලනේ.. යකෝ මංවත් ඔය තරම් හිතල නෑනේ..

    "ආ.. පෝ.. එයා එතකොට නිතරම ඇස් දෙකේ කදුළු පුරවගෙන, හොට්ට පෙරාගෙන ඉිදියි.. මට වෙන්නෙ ලේන්සු ෆැක්ටරියක් දාන්න.."

    "ෆැක්ටරියක් දැම්මත් කමක් නෑ.. මම කැමතියි ඒ වගේ ගෑනු ළමයෙකුට.. ඔන්න බන්ටි මහත්තයෝ කවුරු හරි ගැන හිතක් පහළ කරගන්නවා නම් ඒ ගැනත් හිතන්න ඕන හොදේ.."

    මැදෑ අර අයියා කියන අසත් පුරුෂයගේ ප්‍රශ්නයක් අහන්න ඇවිත් අන්තිමට ජයවිරු සම්පත ඇදුනෙ මටනේ.. දැන් මේ ගෙදර ඉන්න අනිත් අයත් ඔය වගේ කන්ඩිෂන්, බන්ටිට දැම්මොත් එහෙම බන්ටිට වෙන්නෙ හැමෝම කැමති කෙනෙක්ව යාලු කරගන්න.. මොන පිස්සුද..? ඒවා නම් හදේ.. හැබැයි ඉතිං බේබි නැන්දා කියපු අර අඩන බබාගෙ කතන්දරේ නම් බන්ටිට ටිකක් වැදුනා.. ඒක නම් සලකලා බැලුවට වැරැද්දක් වෙන එකක් නෑ වගෙ..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-11.jpg


    11.png


    මොරීන් අක්කා කිව්ව කතන්දරේ ගැන කල්පනා කරද්දි මට එකපාරටම මතක් උනේ අයියයි, අක්කයි මුතූ ගැන කතා කරපු විදිය.. ඇයි අක්කා කිව්වෙ පංඩිතයා වගේ, සපෝර්ට් එකක් ඕන නම් ඉල්ලන්න කියලා.. අම්මපා සහෝදරයින් කියන කතාද මේවා.. හැබැයි ඉතිං ඔය මුතූ කියන නමට ඉස්සරහින් තවත් මොකක්දෝ කෑල්ලක් තිබ්බා වගේ බන්ටිට මතකයි.. නිකං නිකං පින්නක් ගැන කියනව වගේ කතන්දරයක්.. මොනව උනත් මොරීන් අක්කා හිතන විදියට අයියා මුතූත් එක්ක සම්බන්ධයක් පටන් අරන් නම්, එඑක අංශුමාත්‍රයක තොරතුරක්වත් මට කියන එකක් නෑ.. මිනිහා හිතන්නෙ මට කිව්වොත් හෝදා පාලුවෙලා යයි කියලනේ.. හැබැයි මෑන් දන්නෑ වැඩිය හෝදා පාලුවෙන්නෙ මට නොකිව්වාම කියලා..

    "බන්ටි මහත්තයෝ.. ටෙලිෆෝන් එක වදිනවා නේද..?"


    මගේ කල්පනාවෙ තරම කොයි තරම්ද කියනව නම් බේබි නැන්දා කතා කරන කල් මට කිසිම සද්දයක් ඇහුණෙ නෑනේ.. අම්මප මට මොනව වෙලාද..? අනුන්ගෙ වහුකුණු ගැන ඇයි මං මේ වැටීගෙන කල්පනා කරන්නේ..? මට කල්පනා කරන්න දේවල් නැද්ද..? මේ කොහේවත් ඉන්න අපතයො ගැන හිතන්නේ..

    "හෙලෝ.."


    "බන්ටි.. මං අමිල.."


    අමිල කියන්නෙ ලේසියකට දුරකතන ඇමතුමක් දෙන එකෙක් නෙමෙයි.. ඌ ඇමතුමක් දුන්නා කියන්නෙ එතන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියනෙක.. හදිස්සියක්වත් වෙලා බින්දු නාවලපිටියෙ ඉදන් ඇවිල්ලද දන්නෑ.. මට හිතුණෙ එහෙමයි..


    "මොකද හදිස්සියෙ උඹට මාව මතක් උනේ..?"


    "උඹව නම් නිතරම මතක් වෙනවා.. බලන් ඉන්න වෙලාවක් නෑ.. ඉක්මනට වරෙන්.."


    බලන් ඉන්න වෙලාවක් නෑ.. ඉක්මනට වරෙන්ලු.. මොකක්ද බං ඒ අඩුපාඩු සහිත කතාව.. මං මගෙන්ම අහගත්තා..

    "කොහේටද..? මොකක්ද අවුල..?"


    "ඇටකිච්චා, නිරෝෂිවත් අරගෙන මල් වත්තට ගිහින්.. මේ දැන්.. විනාඩියක්වත් පරක්කු වෙන්නෙපා බන්ටි.. ආයෙ මේ වගේ අවස්ථාවක් අපිට උදාවෙන්නෑ.. කරන මගුලක් අදම කරන්න ඕන.."


    "මං මේ දැන් එනවා.. හැබැයි අමිල මම එනකල් ඇටකිච්චට අතක් උස්සන්නෙපා.. ඌට ඉස්සෙල්ලම නෙලන්නෙ මමයි.. මට ඒ චාන්ස් එක තියපං.."


    තවත් හැරි හැරී ලතවෙන්න වෙලාවක් මට තිබ්බෙ නෑ.. මගේ හිතේ තිබ්බ එකම දේ පුළුවන් තරම් ඉක්මනට පේරාදෙණි හාඩ්න් එකට යන එක.. දනි පනි ගාලා මං ෆුල් ඔප්ෂන් චැලිය හරව ගත්තා.. මේකෙ පැට්‍රල් තියෙයිද මන්දා..


    "ඔය ගමන යන්නෙපා මහත්තයෝ.. මං කතාව අහගෙනයි හිටියේ.. ඔය යන ගමනෙ හොද දෙයක් වෙන්නෑ කියලා මගේ හිත දන්නවා.."


    මගේ ඉස්සරහ හිටියෙ බේබි නැන්දා.. අම්මට, තාත්තට මොන දේ කිව්වත් මේ වයසක මනුස්සයට කටක් ඇරලා දෙයක් කියන්න තරම් හිතක් මට තිබුණෙ නෑ.. අනික මේ මොහොත උදාවෙනකල් මං දවස් කීයක් නම් බලන් හිටියද..? වෙන කෙනෙක් නම් මං මෙලහකට කට හතර පැත්තට නවලා..


    "මොනව උනත් මං මේ ගමන යන්නෝන බේබි නැන්දේ.. මෙතන තියෙන ප්‍රශ්නෙ ඉවරයක් කරලා දාන්නෝන.. එහෙම නොවුණොත් මීට ඉස්සරහට තව හුගාක් ලොකු ප්‍රශ්න එයි.. ඔයා බයවෙන්නෙපා බේබි නැන්දේ.. ගියා වගේම මං ආයෙ යහතින් එනවා.."


    තවත් වචනයක්වත් කියාගන්න බැරිව බේබි නැන්දා මගේ දිහා බලන් ඉද්දි මං චැලිය ගේට්ටුවෙන් එළියට ගත්තා.. දැන් ඉතිං පලයං පුතා.. ගජබා සුපර් ක්‍රෝස් එකට පදිනවා කියලා හිතාගෙන.. ටිකක් දුර යනකොට මට හිතිලා තිබ්බෙ මං මේ 250R යමහා ට්‍රේල් දන්ඩක් උඩ කියලා.. යන්නෙ චැලියෙ උනත් ට්‍රේල මවාගෙන මං උපරිම වේගෙන් පියාඹන්න ගත්තා.. වෙනද පැය බාගයක් විතර යන ගමන මං විනාඩි විස්සකින් විතර ඉවර කරා.. ගාඩ්න් එකේ ගේට් එක ළග ඉදන් අත් දෙකම වනන සරිගමයව මං ඈතටම දැක්කා.. ඊට ටිකක් එහායින් අමිලයි, රවීනුයි, ලොකු පුතයි එතකුවෙලා වට මේස සාකච්ඡාවක්..


    "යකෝ උඹ පියාඹලානේ..?"


    ලොකු පුතා මගේ දිහාට එනගමන් කෑගැහුවා..


    "කෝ දැන් ඩබල..?"


    "ආන් අර පැත්තට ගියා.. අද නම් දෙන එක දෙමු බන්ටි පැණි බේරෙන්න.. වැඩිය ඕන්නෑ.. නිරෝෂිටත් හොදවයින් කම්මුල් පාරවල් දෙක තුනක් දෙමු.."


    සරිගමයා දැන්මම වැඩේ ප්ලෑන් කරනවා.. උගේ කතාවෙ පළවෙනි කොටස හොදයි.. ඒත් දෙවනි කොටස අතාත්විකයි.. ඒක හින්දා මං මගේ තාත්වික කොටස ඉදිරිපත් කලා..


    "සුරේන්.. අපි ඇටකිච්චට නෙලන්න ඕනෙ නිරෝෂිව අයින් කරලා.. ඒකි ඉන්න තැන ගැහුවොත් මේ නිවුස් එක අපේ බින්දුවට ඉබේම යයි.. අපි ඇටකිච්චට නෙලලා මුකුත් දන්නැති තොත්ත බබාලා වගේ ඉදිමු.. ඊට පස්සෙ අපිට පුළුවන්නේ නිරෝෂිගෙ ඊළග පිම්ම මොකක්ද කියලා දැනගන්න.."


    "වැඩේ නම් සිරා තමයි බන්ටි.. ඒත් අපි කොහොමද ඇටිකිච්චව තනිකර ගන්නේ..?"


    "අපි උං ඩබල ගාවට රවීන් යවමු.. මුගේ මූණත් තහඩුව නිරෝෂිට නෝට් නෑනේ.. අපිව නම් ඒකි යංතන් හරි දැකලා තියෙනවනේ.. මොකද රවීන් කියන්නේ..? වැඩේට බහිමුද..?"


    "මොනව කියන්නද බන්ටි අයියා.. එක පාරට දෙපාරක් මං වැඩේට බහින්නම්කෝ.. එතෙන්ට ගිහින් මං මොනවද කරන්න ඕන කියලා විතරක් කියන්න.. ඉතුරු හරිය මං බලාගන්නම්.."


    "උඹට බලාගන්න දෙයක් අපේ බන්ටි ඉතුරු කරන එකක් නෑ.."


    "කපල් එක ටිකක් කැලේට වෙන්නයි ඉන්නේ.. අපේ වැඩේට ඒක ලේසියි.."


    නිරෝෂියි, ඇටකිච්චයි පිටිපස්සෙන්, රහස් පරික්ෂක වැඩේ කරපු අමිලත් අපි ළගට දුවගෙන ආවා.. ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවර් දෙක තුන වගේ නියම උණුසුමක් ඒ වෙනකොට පේරාදෙණිය ගාඩ්න් එකේදි දැනෙන්න පටන් අරන් තිබුණා.. දැන් තියෙන්නෙ හයේ හතර පාරවල් නෙලන වෙලාව..


    "රවීන්.. උඹ ගිහින් ඇටකිච්චට කියපං.. උගේ යාලුවො වගයක් ඉන්නවා ඌව හම්බවෙන්න කියලා.. ලොකු හදිස්සියක් කියපං.. වැරදිලාවත් නිරෝෂි ඌත් එක්ක එන්න හැදුවොත් දන්න ශිල්ප ඔක්කොම දාලා ඒකිව නවත්තපං.. දන්නවනේ.. ඒකි ආවොත් වැඩේ වල් වෙනවා කියලා.."


    මං අන්තිම උපදෙස් ටික රවීන්ට දුන්නා.. හැමදෙයක්ම අකුරටම ඔලුවට ගත්තා වගේ ඌ ඔලුව දෙපැත්තට වැනුවා..


    "විනාඩි පහයි කියපං.. නිරෝෂිට නැගිටින්න දෙන්න එපා.. ඒ විනාඩි පහට අපි කරන්න ඕන හැම දෙයක්ම කරන්නම්.."


    සරිගමයා ඒ පාර මැරවර මූණක් හදාගෙන.. මූට තේරෙන්නෙ නැද්ද මන්දා මේ විදියට බුම්මගෙන ඉන්නකොට මැරවරයෙක් නෙමෙයි ජෝකර කෙනෙක් වගේ කියලා.. මට හිනාවකුත් ගියා සරිගමයගෙ මූණ දැකලා..


    "බන්ටි එහෙනම් අපි මූව යවමු.. අරුන් දෙන්නා කැලේ අස්සෙ මොනව කරනවද දන්නෙත් නෑනේ.. ඇඩෝස් ඔන්ලි ෂෝ එකක් තිබුණොත් හෙම රවීන් පළාතක යන එකක් නෑ.."


    "එහෙනම් අපි අනිත් පැත්තට යමු.. රවීන් වැඩේ දශමෙට කරයිනේ.."


    හැම එකාගෙම මූණුවල තිබ්බෙ මහා ලොකු උනන්දුවක්.. ඒ උනන්දුව, ඒ කැපවීම බින්දුට තියෙන අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක හින්දා කියනෙක මං හොදටම දැනගෙන හිටියා.. ගාඩ්න් එකේ පදුරු ගොන්නකට මුවා වෙලා අපි කට්ටියම බලන් හිටියෙ ඇටකිච්චා එනකල්.. වැඩේ කියන්නෙ මේ හෝතම්බුවා නිරෝෂිව එක්ක ඇවිල්ලත් තිබුණෙ මෙලෝ මනුස්සයෙක් නැති හරියකට.. උගේ අවාසනාවට හිටියෙ ඒකයි..


    වැඩිම උනොත් විනාඩි දෙකක් යන්නැති.. රවීන් එක්කම ඇටකිච්චා ඈත එනවා අපි දැක්කා.. අඩෝ හෝතම්බුවා.. වෙල් කක්කුට්ටා.. වරෙන්කෝ.. අද තමයි උඹ දැනගන්නෙ තහනම් ගහේ ගෙඩි කෑවාම බඩ යනවා කියලා..


    "බලපංකො මූ පැණියා වගේ හිනා වෙවී එන හැටි.."


    බින්දුගෙ අහිංසක මූණ මතක් වේදදි ටිකෙන් ටික අපිට ලංවෙන ඇටකිච්චව සම්බෝල හදලා, පාන් එක්ක කැත නැතුව කන්න තරම් මට ආස හිතුණා.. අම්මපා මූ අලි මෝඩයා වගේ අපි ළගටම ආවනේ.. අද දෙන්නම් උඹට ජම්බුයි, පිණි ජම්බුයි දෙකම.. අමිලයි, ලොකු පුතයි පැනපු ගමන් ඇටකිච්චා අපි හිටපු පදුර අස්සට ඇදලා ගනිද්දි සරිගමයා උගේ කට අතින් වැහුවා.. තැන්තන් මූ ගිරිය යටින් කෑගහනවනේ..


    "රවීන්.. උඹ ආයෙත් ගිහින් අරකිට කියපං මූට හදිස්සියක් කියලා.. ඒකිට ගෙදර යන්න කියලා.. ඕන නම් කියපං මුගේ තාත්තා ගාඩ්න් එක ළගට ඇවිත් කියලා.. ඒක හින්දා ෂේප් එකේ පුලුවන් තරම් ඉක්මනට ගාඩ්න් එකෙන් එළියට යන්න කියලා.."


    හිතට ආපු දේ රවීන්ට කියන ගමන් මං ඇටකිච්චගෙ හොම්බට පාරක් ඇන්නා.. මගේ පාර ඇටකිච්චගෙ තොල කට පුරාම වදිනකොට තමයි සරිගමයා අත ගත්තේ.. නැත්නම් උගේ අතටනේ ඒ පාර වදින්නේ..


    "උඹ අද ඉදලම මේ සම්බන්දෙ නවත්තන්න ඕන.. නැත්නම් මං උඹව මරණවා.."


    අමිලයි, සුරේනුයි ඇටකිච්චගෙ බඩ පුරවලා පාර දෙද්දි මං ඇයෙත් මැද්දට පැන්නා.. අපේ අහිංසකයගෙ කෙල්ලව අතෑරපං කිය කියා මං ඌට බිම වැටෙනකන්ම ගැහුවා.. කෑගහන්න බැරි කමටද කොහෙද ඇටකිච්චා පොලව බදාගෙන අඩනවා අන්තිමට මං දැක්කා.. මූණ පුරාම ලේ හලාගෙන යද්දි ඇටකිච්චා මගේ කකුල් දෙක අල්ලලා මට වැන්දා..


    "අ.. අනේ.. ම.. මට ගහන්නෙපා.. ම.. මට යන්න දෙන්න.. හොදටම රිදෙනවා.. බුදු අයියේ.."


    "උඹට රිදෙනවා යකෝ.. අපේ කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ව ජෝඩු දාගෙන තෝ මල් වත්තට රිංගද්දි අපේ එකාට කොයි තරම් රිදෙනවද..? ආ.. කියපං.. කියපං.. තෝ ආයෙ ඒකිත් එක්ක රවුම් ගහනවද..?"


    දෙකට තුනට නැමිලා මට වදින ඇටකිච්චගෙ බෙල්ලෙන් අල්ලලා ආයෙත් හයියෙන් හොලවන ගමන් මං ඇහුවා.. හතර අතින්ම ලේ ගලාගෙන ගිහින් උගේ සුදු මූණ රතු මල් වඩමක් වගේ වෙලා තිබුණා..


    "අ.. අනේ නෑ.. බුදු අයියේ.. මට ගහන්නෙපා.. ම.. මං ඔයා කියන ඕනම දෙයක් කරන්නම්.."


    "වැඩි දෙයක් නෑ.. උඹට කරන්න තියෙන්නෙ එක දෙයයි.. ඒ තමයි අද උඹ ජෝඩු දාලා මෙහෙට එක්කං ආපු මල පෙරේති එක්ක තියෙන සම්බන්ධෙ නවත්තන එක.. මොකද කියන්නේ..? තෝ ඒක කරනවද..? නැත්නම් මගෙන් තව කනවද..?"


    ඇටකිච්චගෙ වම් අත අනිත් පැත්තට අඹරන ගමන් මං උගෙන් ඇහුවා.. රතු පාට වෙච්චි ඇස්වලින් තවත් කදුළු ගලාගෙන එද්දි ඌ මං දිහා පුංචි එකෙක් වගේ බැලුවා..


    "ආ.. ආයෙ ගහන්න නම් එපා අයියේ.. ම.. මං සම්බන්ධෙ නවත්තන්නම්.. අයියා එයාටත් කියන්න ආයෙ මාව හම්බවෙන්න එන්නෙපා කියලා.."


    "මේ.. උඹ ඒකත් අපිට කියන්නද කියන්නේ..? දැනගනිං.. අපට උඹව මරලා හංගන්න උනත් පුළුවන්.. ඒක හින්දා නවත්තන වැඩෙත් උඹම බලාගනිං.. තේරුණාද..?"


    ඇටකිච්චගෙ පිටිපස්සෙන් පයින් පාරක් ගහන ගමන් අමිල කෑගැහුවා..


    "හැබැයි තෝ මේ ගැන පොලීසියට එහෙම කියලා තිබ්බොත්.. තෝයි, තොගේ පවුලෙ ඔක්කොමයි බාවනවා.. ඒක හොදට මතක තියාගනිං.."


    ඇටකිච්චගෙ ඇස් දෙක නළලටත් උඩින් යවන ගමන් සරිගමයා කිව්වා.. ඌ දැන් තනිකරම මැරයා වෙලා.. ඇටකිච්චා කොයි තරම් බයවෙලාද ඉන්නෙ කියලා කියනවා නම් තව විනාඩියකින් නැත්නම් දෙකකින් ඌට සිහිය නැතිවෙයි කියලා මට හිතුණා..


    "ගෙදරින් ඇහුවොත් කියපං බයිසිකලෙන් වැටුණා කියලා.. හැබැයි පුතෝ තෝයි, අරකියි ආයෙ කොතැනක හරි එකට ඉන්නවා දැක්කොත් ඒකිටයි, තොටයි දෙන්නටම මීට වැඩිය කන්න වෙයි.. තේරුණාද..? පුළුවන් නම් අද හෙටම මේ පළාත අතෑරලා පලයං.. විහිලුවටවත් අපේ ඇස් වලට පේන්න එන්නෙපා.."


    ඇත්තටම ඇටකිච්චට නැගිටගන්නවත් පණක් තිබුණෙ නෑ.. ඇයි ඉතිං අපි තුන් හතර දෙනාම ඌට වටකරන් ගැහුවනේ.. කමක් නෑ.. දැන් ඒ වැඩෙත් ඉවරයි.. ගුටි කාපු එකා ඒවා මතක තියෙනවා නම් ඌ ආයෙ විහිලුවටවත් නිරෝෂි දිහා බලන එකක් නෑ..


    "පුළුවන් තරම් ඉක්මනට මෙතනින් මාරු වෙමු බන්ටි.. සමහර විට නිරෝෂිට සැක හිතිලා මෙතෙන්ම ආවොත් හැමදේම අතේ මාට්ටු.."


    "මූ මෙතන මැරෙයිද අමිල.. අර ටැප් එකෙන් වතුර ටිකක් ගෙනැල්ලා මුගේ ඔලුවට වක්කරමු.."


    "ඕන්නෑ බන්ටි.. කොයි තරම් ගුටි කෑවත් මූට නැගිටින්න පණ තියෙනවා.. කොහොමටත් කාපු කෑමෙ හැටියට මූට සතියක් දෙකක් විතර බෙඩ් රෙස්ට් තමයි.."


    "ආදරයයි, ගුටි කෑමයි රිය සක වගේ එකට යන දෙයක් කියලා කුමාරෝදයෙ තුන්වෙනි පරිච්ඡේදෙ ලියලා තිබුණා.."


    ලොකු පුතා මේ තරම් බැරෑරුම් අවස්ථාවක කිව්වෙ අහස පොළව උහුලන්නැති කතාවක්.. මූ කයිය ගැහුවට ජීවිතේට කුමාරෝදය අතින් අල්ලලවත් නැතුව ඇති.. ඇටකිච්චා අදිද්දි අපි කොල්ලො ටික ගාඩ්න් එකේ ගේට්ටුව දිහාට ඇවිදගෙන ආවා.. එතකොට තමයි මං දැක්කෙ අපේ පිටිපස්සෙන් දුවගෙන එන රවීන්ව..


    "මොකද මල්ලි පරක්කු..?"


    "කෙල්ල ආපහු ඇටකිච්චා ගාවට ගියාද..?"


    "නැත්නම් නිරෝෂි උඹට සෙට් උනාද..? උඹත් ඉතිං අපේ බන්ටි තරම්ම හැන්ඩියනේ.."


    "ඔයා පිස්සු කතා කරනවා සුරේන් අයියේ.. මං හිතුවට වඩා වැඩිය ඒකි මාර මීටරේ.. මුලින් විශ්වාස කරේම නෑ.. මං කිව්වා ඇටකිච්චගෙ තාත්තට ඔයා මාට්ටු උනොත් හොද නෑ.. එතකොට හැම දෙයක්ම අනාථයි කියලා.. ඇටකිච්චා උනත් හීන් සීරුවෙ ගාඩ්න් එකෙන් පැන ගනියි.. ඔයා පුළුවන් තරම් ඉක්මනට මෙතනින් මාරු වෙන්න කියලා.."


    "ඊට පස්සෙ මොකද උනේ..?"


    "කෙල්ල මාව විශ්වාස කරේ නෑ කියලා මට තේරුණා.. මට පේන්න කෙල්ල ගාඩ්න් එකේ ගේට් එක දිහාට ඇවිදන් ඇවිත් හොදට වටපිට බලලා ඒකියි, ඇටකිච්චයි මුලින් ඉදපු තැනට ආපහු ගියා.. ඔන්න තව විනාඩියකින් නැත්නම් දෙකකින් ඒකි ඇටකිච්චා හොයා ගනියි.. ඊට කලින් දෙයියනේ කියලා අපි කට්ටිය මාරුවෙමු.. ශරීර සෞඛ්‍යට ඒක හැම අතින්ම ගුණදායකයි.."


    රවීන් කියන කතාවෙ ලොකු ඇත්තකි තිබුණා.. අපි තර්ජනේ කරේ ඇටකිච්චටනේ.. නිරෝෂිට නෙමේනේ.. ඒ හින්දා මේ වෙලාවෙ නිරෝෂි මොනව කළත් අපට ඉවසන්න වෙනවා..


    "කොහොමත් සතියක් දෙකක් යනකල් රවීන් එළියට බහින්නෙ නැතුව ඉන්නවා නම් හොදටි.."


    "ඒ මොන බම්බුවටද..? ඇටකිච්චට ලැජ්ජාවක් තියෙනවා නම් මේ පැත්ත පලාතෙ පස් පාගන එකක් නෑ.. නැද්ද බන්ටි අයියේ.."


    "ඇටකිච්චගෙ ප්‍රශ්නයක් නෑ රවීන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ නිරෝෂීගෙන්.."


    "ම.. මට තේරුන් නෑ.."


    "ඒකිට උඹව අන්තිම දශමෙට නෝට් වෙන්නැති.. අපි මොන බයිල ගහලා ඇටකිච්චව බය කරත්, ඒකා නිරෝෂිට වෙච්ච කතන්දරේ කියයි.."


    "දැන් එහෙනම් ලොකු පුතේ මොකේද දන් වලදන්නේ..? පාත්තරෙත් කුඩු වෙලානේ.."


    "කරන්න කිසිම දෙයක් නෑ.. දැන් වැඩේ කරලා ඉවරයි.. හැබැයි නිරෝෂිගෙයි, ඇටකිච්චගෙයි පස්සෙන් පන්නන එක අපි නවත්තන්නෙ නෑ.. ඒ සෙවුම් බැලුම් තව ඉදිරියටත් සිද්ධ වෙනවා.. දැන් මේ සිද්ධියට අපි බැහැල ඉවරයි.. අපේ බින්දු වෙනුවෙන් අපි මේ හිටිය වගේම ඉස්සරහටත් ඉන්නෝන.."


    කොල්ලො හැම එකාගෙම මූණු දිහා බලලා මං කිව්වා.. හැම එකාම මාපටැගිල්ල උස්සලා වැඩේ ෆිට් කියලා කියද්දි අමිල මගේ ළගට ආවා..


    "ඇටකිච්චට ගැහුවා කියලා කතන්දරේ ඉවර වෙන එකක් නෑ බන්ටි.. නිරෝෂි තවත් ඌට ලංවෙයි.. ඒක හින්දා අපිට තවත් මොනවා හරි කරන්න වෙනවා.."


    "කරන්න නම් තියෙන්නෙ එක දෙයයි.."


    "ඒ මොකක්ද බන්ටි.. ආයෙත් ඌට නෙලන එකද..?"


    "නෑ.. අපි නිරෝෂිට දැනගන්න තියමු, ඇටකිච්චා ඔය ගුටි කෑවෙ උගේ වෙන ලව් එකක් අහුවෙලා කියලා.. ඒ යාලුවෙච්ච කෙල්ලගෙ අයියලගෙන් කියලා.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "විශිෂ්ටයි බන්ටි.. අන්තිම උත්කෘෂ්ටයි.. උඹ නම් අදහන්න වටින එකෙක්.. ඔය වැඩෙන් ඇටකිච්චා නන්නත්තාර වෙනවා.. ඌට ඇපත් නැතිවෙනවා.. නිරෝෂි ඌ ඉන්න පැත්තට හැරිලා නිදාගන්නෙ වත් නැතිවෙයි.."

    "ඒ වැඩෙත් මට බාරදෙන්න බන්ටි අයියා.. මං අමිලත් එක්ක එකතු වෙලා නිරෝෂිට මැසේජ් එක යවන්නම්.. ඔය කතන්දරේ ඇහුනම ගෑනිට සිහිය නැතිවෙයි.."


    රවීන් පැනලා වැඩේ බාරගත්තා.. මූ නම් මාර පොරක්.. හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙනවා වගේ මේකා කවද හරි මාවත් පහු කරලා යයි.. එහෙම හිතෙද්දි මට මාර ගතියක් ආවා.. ඔය වගේ පස්සට යන්නැතුව කෙලින් ඉන්නවා නම් මොනවද අප්පා කරන්න බැරි.. බොක්ක කපලා බඩවැල් ටික උනත් දෙන්නම්කෝ.. අතපත ගගා ඉන්න..


    ****************************


    හුටු හුටු යන්තරේට නැගලා ආපහු ගෙදර එද්දි මගේ හිතේ තිබ්බෙ පුදුම තරමෙ ලොකු සතුටක්.. බින්දුගෙ ආදරේට තිබ්බ මහා ලොකු බාධකේ, කිසිදු අවුලකින් තොරව අයින් කරා කියන හැගීමම මට මාර ගතියක් ගෙනාවා.. මීට පස්සෙ ඇටකිච්චා විහිලුවටවත් නිරෝෂි දිහා බලනෙකක් නෑ.. අනිත්තෙක ඇටකිච්චා තව කෙල්ලෙක් හන්දා අම්බානෙක ගුටි කෑවා කියන පණිවිඩේ නිරෝෂිට ගියාම ඒකි තරහකට වත් මූ දිහා බලනෙකක් නෑ.. අනුන්ගෙ කෙල්ලෙකුට ලව් කරා කියනෙකට කරන්න තියෙන එකම දේ අම්බානකට ගුටි දීම නම් ඒ වැඩේ සිරාවටම කරා කියන හැගීම හිතේ තියා ගෙන මං ගෙට ගොඩ උනා.. ගෙදර ඉස්සරහ පඩියට අත තියනකොටම මට මොකක්දෝ අවුලක් දැනුණා.. මං බැලුවෙ බේබි නැන්දා පේන්න ඉන්නවද කියලා.. මොකක් හරි අවුලක් නම් එයා එළියෙ ඉදගෙන හරි මට අනතුරු අගවනවනේ.. ඒක හින්දා මේ දැනෙන අමුත්ත මං සම්බන්ධ එකක් නෙමෙයි කියලා මං හිතාගත්තා..


    "බන්ටි.. ඔහොම නවතිනවා.."


    සාලෙ පුරාමත් කිසිම කෙනෙක් නැති හින්ද මං හෙමින් සීරුවෙ පඩිපෙළ දිගේ උඩට යන්නයි හැදුවේ.. ඒත් කෑම කාමරේ පැත්තෙන් මට අම්මගෙ කටහඩ ඇහුණා.. වෙනදා මේ වගේ වෙලාවට කීයටවත් ගෙදර ඉන්නැති අම්මා දකිද්දි මට පුදුමත් හිතුණා.. අනික අම්මා හයියෙන් කතා කරපු තාලෙත් මට ඇල්ලුවෙ නෑ.. පොතේ හැටියට නම් ලෙඩක් පාටයි පුතේ..


    "ඇයි අම්මා..?"


    "ඇයි අම්මා තමයි.. එක විනාඩියක් ඔයාට ගෙදරට වෙලා ඉන්න බැරිද..? කොයි වෙලාවෙ බැලුවත් රෝන්දෙ ගැහිල්ලම තමයි.. ඔයා හදන්නෙ අපිට ලැජ්ජ කරන්නද බන්ටි.. මොකක්ද මේ රස්තියාදු ගැහිල්ලෙ තේරුම..?"


    "මං උදේ ඉදන් ගෙදරනේ අම්මා හිටියේ.."


    "බොරු කියන්නෙපා.. අර එක පාරක් බොරු කියලා මහියංගනේ ගිහින් ආවට පස්සෙ මට ඔයාව බින්දුවක්වත් විශ්වාස නෑ.. මට කියන්න දැන් ඔයා කොහෙද ගියේ කියලා..?"


    ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියන විදියක් තියෙනවා.. ඒක බන්ටි හදවතින්ම අදහපු දෙයක්.. ඒත් මාව එක බින්දුවක්වත් විශ්වාස නෑ කියල ඉවර වෙලා මං කොහෙද ගියේ කියල අහපු ප්‍රශ්නෙට මගෙන් හරි හමන් උත්තරයක් හම්බවෙයි කියලා අම්මා කොහොමද තීරණේ කලේ..? එහෙම නම් අම්මා කතන්දරේ පටන් ගත්තෙම වැරදි තැනකින්.. ඔහොම ගිහිල්ලා නම් මගෙන් ජීවිතේට දෙයක් අහගන්න බෑ, අම්මේ..


    "ඇයි බන්ටි කතා කරන්නැත්තේ..? මං අහපු දේට උත්තර දෙන්න බැරිද..?"


    "දෙන්න බැරිකමක් නෑ.. ඒත් මං කියන දේ අම්මට විශ්වාස නැත්නම් මං මොනව කිව්වත් වැඩක් නෑනේ.."


    මගේ කතාවට අම්ම විනාඩියක් දෙකක් විතර ගොලු උනා.. සමහර විට ඊළගට අහන්න තියෙන දේවල් හිතේ පෙළ ගහ ගන්නවා ඇති..


    "විශ්වාස කරන්න බැරි දේවල් කරේ ඔයානේ.."


    මං හිතුවෙ නැති තැනකින් කතාව ආයෙත් මතුවුණා..

    "ඔය කියන්නෙ මහියංගනේ ගියපු ගමන ගැන නම් ඒක සම්පූර්ණ වැරැද්ද මම බාර ගන්නවා.. ඒත් ඒක දැන් වෙලා ඉවරනේ.. ඇයි එතනින් එහාට මං කරන දේවලුත් ඒ මිම්මෙන්ම මනින්නේ.. ඒක හරි අසාධාරණයිනේ.."


    "ඒ කියන්නෙ ඔයා අපිට නොකියා මහියංගනේ ගියපු එක හරි..? ඒකද ඔයා ඔය කියන්නේ..?"


    අම්මපා මේවට තමා ඉතින් පොල් පරාල පයින් යනවා කියන්නේ.. අම්මා අද ඔෆිස් එකෙන් ඇවිල්ලා තියෙන්නෙ අනිත් මැනේජරයත් එක්ක රංඩු කරගෙනද මන්දා.. ඇයි හත්තිලව්වේ.. පරණ බඩකඩිත්තුවක් මතක් කරගෙන අම්මා මේ හදන්නෙ මගෙත් එක්ක රංඩු වෙන්නද..? මේ ගෙදර මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ..? පහුගිය දවස්වල අයියයි, අක්කයි මාව මරන් නොකෑවා විතරයි.. අද අම්මත් ඒකට එකතු වෙලා..


    "ඒ ගමන මගේ පැත්තෙන් නම් හරි අම්මේ.. ඒත් ඔයාගෙ පැත්තෙන් වැරදි ඇති.. අනික ඒ ගමන ගිහින් ආවට පස්සෙ මට පැලෙනකන් බැන්නා මිස මං ගියේ මොකටද කියලවත් ඔයා ඇහුවෙ නෑ.. අදත් ඒ කතන්දරේම ඇදල අරගෙන මට හින්ට් ගහනවා.."


    "මං මේ කරන්නෙ ඔයාට හින්ට් ගහන එකද බන්ටි.. මට ඔයාගෙන් මුකුත් අහන්න බැරිද..? මට ඒකට අයිතියක් නැද්ද..? මං ඔයාගෙ කවුරුත් නෙමේද..?"


    ඒ අන්තිම වචන හත අට අම්මා ඇහුවෙ හරි පුදුම විදියට.. මොකක්දෝ හිතා ගන්න බැරි ආගන්තුකකමක් ඒ වචන ටිකේ රැදිලා තිබුණා.. වෙනද නම් මේ වගේ කතාවක් ඇදිල යද්දි බෙබි නැන්දා හත් අට වතාවක් මැද්දට පැනලා.. ඒත් අද ඇයි එයා පේන්නවත් නැත්තේ.. මගේ හිතට ඒ දේත් ලොකු බරක් ගෙනාවා..


    "අම්මා ඔය කතා කරන දේවල් නම් මට තේරෙන්නෑ.. අනික ඔය කියන දේවල් මේ කතාවට අදාලත් නෑ.. මට පේන විදියට අම්මට ප්‍රශ්නෙ තියෙන්නෙ මං අද ගෙයින් එළියට බැහැපු එක නෙමේ.. වෙනින් එකක්.."


    "නෑ.. මට ප්‍රශ්නෙ තියෙන්නෙ අද ඔයා ගියපු ගමන.. මට ඒකට කෙලින් උත්තරයක් ඕන.."


    ඇත්ත කියලා වැඩක් නැති උනත් අන්තම පාරට වෙච්ච දේ ගැන කියන්න මං තීරණේ කරා..


    "බින්දුට සල්ලි හදිස්සියක් වෙලා.. මං බැංකුවට ගියා දාලා එන්න.."


    "ඔයාට කොහෙන්ද සල්ලි..?"


    "ලැබුනු තැන අහන්නෙපා.. අම්මා මුලින් අහපු ප්‍රශ්න වලට මං උත්තර දුන්නනේ.."


    "ලැබුණු තැන අහන්නෙපා කියන්නෙ ඒ සල්ලි හොරකම් කරපුවද..?"


    අම්මගෙ මූණෙ තිබ්බෙ මහා රලු පෙනුමක්.. මීට කලින් තුන් හතර පාරකදිත් මං ඒක දැකලා තිබ්බා.. ඒ අයියයි, අක්කයි එක්ක මං රණ්ඩු කරපු වෙලාවල් වල..


    "අම්මා හොදටම දන්නවා මං ඒ වගේ පහත් වැඩ කරන්නෑ කියලා.."


    "නෑ.. මං ඔයා ගැන කිසිම දෙයක් දන්නෑ.. කලින් නම් හුගාක් දේවල් දැනන් හිටියා.. ඒත් දැන් ඔයා මගෙන් ඈතට ගිහිල්ලා.. ඇත්තටම මං දැන් ඔයා කරන කියන කිසිම දෙයක් දන්නෑ.."


    අම්මා මොනවද මේ කියවන්නේ..? අම්මා හදන්නෙ අද හවස් වරුවෙම මගෙත් එක්ක රංඩු කරන්නද..?


    "අනිත්තෙක ඔයා දැන් කිව්වෙ ලොකු බොරුවක් බන්ටි.."


    "බොරුවක්..?"


    "ඔව්.. ඔයා ගියපු බැංකුවක් නෑ.. ඔයා ගියේ පේරාදෙණිය ගාඩ්න් එකට.."


    අම්මගෙ කතාවට මං උඩ ගිහින් බිම වැටුණා.. හරියට නකං දෙකේ දෙකේ පොල්ලකින් ඔලුව මැදට පත බෑවා වගේ.. දැන් ඉතිං කාලා වරෙන්කෝ.. අම්මා කොහොමද ඒ විස්තරේ දන්නේ..?


    "මං මොනවටද ගාඩ්න් එකට යන්නේ..?"


    "ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ.. ඔයා උදේ ඉදන්ම ඉදලා තියෙන්නෙ එතන.."


    යකෝ.. මේ තරම් අමූලික පට්ට කෙබර ඇද බාන්න, අම්මා කොහෙන්ද ඉගෙන ගත්තේ..?

    "අම්මා හරියට බලන් හිටියා වගේනේ කියන්නේ.. ඕන නම් බේබි නැන්දගෙන් අහන්න.. මං ගෙදරින් එළියට බැස්සෙ කීයටද කියලා.."


    "හොරාගෙ අම්මගෙන් පේන අහන්න ඕනෙ නෑ බන්ටි.. ඔයා ගාඩ්න් එකේ හිටිය කතාව මට විශ්වාසයි.. මං අහන්නෙ ඇයි ඔයා ගාඩ්න් එකට ගියේ කියලා..?"


    හොරාගෙ අම්මගෙන් පේන අහන්න ඕන්නෑ කියලා අම්මා කිව්වේ, බේබි නැන්දා හරියට මගේ අම්මා වගේ ස්ථිර විශ්වාසයෙන්.. එනත හොරාටයි, අම්මටයි වැඩිය එහා ගියපු කතාවක් තියෙනවා කියලා නිකමට වගේ මට හිතුණා.. මොලේ බාගයක් විතර අවුල් උනාම බන්ටිට ඔය වගේ විකාර සිතුවිලි එනවා.. ඒවා නවත්තන්න බන්ටිටවත් බෑ..


    "මං ගියේ නෑ අම්මා.."


    වෙනදා මාව හැම මරාලයකින්ම බේරගන්න බේබි නැන්දා ඉන්නෙ කොහෙද කියලා බලන්න මං වටපිට බැලුවා.. ඒත් එයා පේන්නවත් හිටියෙ නෑ.. අම්මපා මේ බේබි නැන්දා කොහේ ගිහින්ද මන්දා..


    "ගියේ නැත්තෙ නෑ.. ඔයා ගාඩ්න් එකට ගියා.. ඔයාට බෑ බන්ටි මගේ කනින් රිංගන්න.. තාත්තයි, බේබි නැන්දයි රවට්ටන්න පුළුවන් උනාට ඔයාට බෑ මාව තම්බන්න.. තේරුණාද..? ඔයා සමහර වෙලාවට උඩ කාමරේට ගිහිල්ලා අපිට හිනාවෙනවා ඇති.. ඒත් ඔයා හොදට මතක තියාගන්න අන්තිමට රැවටෙන්නෙ ඔයයි කියලා.."


    "අම්මා කියන දේ මට තේරෙන්නෙ නෑ.."


    "මං කියන ඒවා නොතේරෙන්න ඔයා තොත්ත බබානේ.. ඔව් ඉතිං.. අර කොල්ලයි, කෙල්ලයි මායි ඇරෙන්න මේ ගෙදර ඉන්න හැමෝම තොත්ත බබාලනේ.. ඒක හින්දා ඒකෙ පුදුමෙකුත් නෑ.."


    මේක මේ අම්මා මගෙත් එක්ක විතරක් කරන රංඩුවක් නෙමෙයි.. ඒ හින්ට් එක ගැහුවෙ කෙලින්ම තාත්තටයි, බේබි නැන්දටයි, මටයි.. අනික අම්මා තාම ඇදුම් මාරු කරලවත් නෑ.. ඔෆිස් එකෙ ඉදල ආපු ගමන්මද මන්දා ඉන්නේ.. වෙනදට අම්මා අහන හැමදේටම සං සං ගාලා උත්තර දෙන මගේ හිත අද සම්පූර්ණයෙන්ම අවුට් ඔෆ් ඕඩර් ගිහිල්ලා..


    "ගාඩ්න් එකට රිංගුවෙ ගෑනු ළමයෙක් එක්ක නේද..?"


    අම්මා හැම කතාවම නවත්තලා ඒ අලුත් කතාව එක්ක මගේ මූණටම එබුනා.. බුදු සන්තෝ.. මොකක්ද ඒ අසමජ්ජාති කතාව.. ඔය වගේ ලැජ්ජ නැති කතාවක් මං ඇහුවමයි..


    "ගාඩ්න් එකට තියා පාරෙ යන්නවත් මට ගෑනු ළමයෙක් නෑ අම්මා.. ඔයා දන්නවනේ මං ඒ පැත්තට නෑ කියලා.."


    "හොදයි මං හොයා ගන්නම්කෝ.. ඔයා මට මොනව කිව්වත් මං දන්නවා ඔයා ගාඩ්න් ගියා කියලා.. ඒ ගියේ ඇයි කියලා මට ඉක්මනට දැනගන්න පුළුවන් වෙයි.. හැබැයි බන්ටි ඔයා එකක් මතක තියාගන්න.. මට බොරු කරපු කිසිම කෙනෙකුට මං සමාවක් දීලා නෑ.. ඒක ඔයාටත් පොදුයි.. තේරුණාද..? ඔයා මොන සෙල්ලම නැටුවත්, අන්තිම සෙල්ලම නටන්න වෙන්නෙ මං ඉස්සරහ, තේරුණාද..?"


    වෙනදා වගේ නෙමෙයි.. අම්මා අද කියාගෙන කියාගෙන ගියපු දේවල් වලින් තුනෙන් පංගුවක් මට තේරුණේ නෑ.. වෙනදටත් අම්මා මගේ පස්සෙන් එලෙව්වට ඔය වගේ කතා කියල නෑ.. අනික විනාඩියෙන් දෙකෙන් කතාව ඉවරයි.. ඒත් අද පැය බාගෙටත් වැඩියෙ මං ඉස්සරහ කියෙව්වනෙ.. කෝකටත් කියලා අම්මා ඩිංගක් එහෙට මෙහෙට වෙනකල් ඉදලා මං බේබි නැන්දගෙ කාමරේට එබුණා.. මුළු කාමරේ පුරාම තිබ්බෙ මහා පාලු මූසල ගතියක්.. ඒ මූසල ගතිය මැද්දට වෙලා බේබි නැන්දා අඩ අඩා හිටියා..


    "ඇයි.. ඇයි බේබි නැන්දේ අඩන්නේ..?"


    එකපාරටම දැකපු දෙයින් මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා.. දෙයියනේ.. කවදාවත් නැතුව ඇයි මේ බේබි නැන්දා අඩන්නේ..?


    "බ.. බන්ටි මහත්තයා කාමරේට යන්න.. ම.. මං පස්සෙ කියන්නම්.."


    "නෑ.. නෑ.. බේබි නැන්දා.. මට දැන්ම කියන්න ඕන.. ඔයා දන්නවනේ බේබි නැන්දේ, මං ඔයා අඩනවා දකින්න ආසම නෑ කියලා.. මොකද උනේ කියලා විතරක් මට කියන්න.."


    "ලොකු නෝනා මට හොදටම බැන්නා.. බන්ටි මහත්තයට යන්න දුන්නා කියලා.. නෝනට කවුද කියලා බන්ටි මහත්තයා මල් වත්තට ගියා කියලා.. ඒකයි ඔය කුලප්පු වෙලා තියෙන්නේ.."


    "කවුද කියලා..?"


    බේබි නැන්දගෙ ඒ කතාව මට බින්දුවක්වත් දිරෙව්වෙ නෑ.. ඒක මහ පුදුම කතාවක්නේ.. මං ගැන කවුද අප්පා අම්මට කියන්න ඉන්නේ.. අනික අම්මගෙ ඔෆිස් එකට ගිහින් කියන්න තරම් දෙයක් මං මල්වත්තට ඇතුල්වෙද්දි සිද්ධ වුණේ නෑනේ.. ඇටකිච්චට මං ගැහුවෙත්, මල්වත්ත කොනේදි වගේනේ.. එතකොට කියපු එකා හරි, ඒකි හරි කවුරු වුණත් ගහපු සීන් එක ගැන අම්මට කියලා නෑ.. ඒක බුදු ශුවර්..


    "ඔව්.. කවුරු හරි තමයි කියලා තියෙන්නේ.. දෙයියම්පා ඔය ගමන යන්න කලින් මං කිව්වනේ එපා කියලා.. ඒත් ඉතිං මං කියන දේ අහන්න බන්ටි මහත්තයා ලෑස්ති උනේ නෑනේ.. අන්තිමට හැමදේටම උත්තර දෙන්න උනේ මට.."


    "දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.. හැමදේම වෙලා ඉවරයි.. ඒත් ඉතිං මං මල්වත්තෙ ඉන්නවා කියලා දැන ගත්තා නම් ඇයි අම්මා එතෙන්ට එන්නැතුව ගෙදර ආවේ.. ගාඩ්න් එකට ආව නම් මාව අල්ල ගන්න තිබ්බනේ.."


    "ඔව්.. ඒකත් මං කරා.. ඔයා හිතන්නෙ බන්ටි මං අලි මෝඩයෙක් කියලද..? මං ලොකූව ගාඩ්න් එකට යවලයි ගෙදර ආවේ.. එයා හවස ආවහම මට විස්තර දැනගන්න පුළුවන් වෙයි.."


    එකපාරටම අම්මගෙ කටහඩ මගේ පිටිපස්සෙන් ඇහුණා.. ඒ කියන්නෙ එයා මගෙයි, බේබි නැන්දගෙයි කතාව හොරෙන්ම අහගෙන ඉදලා.. එහෙනම් මං හිතුවට වඩා කතන්දරේ සෑහෙන්න දුර ගිහින් තියෙනවා.. අම්මා, අයියාකාරයව එතෙන්ට යැව්වා නම් වැඩේ තවත් සීරියස්.. මිනිහා මොන වෙලාවෙ එතෙන්ට ගියාද, මිනිහා දැක්කෙ මොනවද.. දෙයියො තමා දන්නේ.. වැරදිලාවත් ඇටකිච්චට අල්ලගෙන නෙලනවා මිනිහා දැකලා නම් හෙම, බන්ටිට සදා සොත්ති භවන්තුතේ තමයි.. එහෙනම් ඉතිං මේ ගෙදර ඇතුලෙදි බන්ටිගෙ වීසා කැන්සල් වෙනවා.. ඒක බේරගන්න තාත්තටවත්, බේබි නැන්දටවත් විහිලුවටවත් බෑ..




     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-12.jpg


    12.png


    මුළු හවස් වරුව පුරාම අම්මා මගෙත් එක්කවත්, බේබි නැන්දා එක්කවත් වචනයක්වත් කතා කලේ නෑ.. අම්මා ඉන්නෙ මගෙත් එක්ක සෑහෙන තරහකින් කියලා මට තේරුණා.. ඒත් අද දවසෙ වෙච්ච දේවල් ගැන කතා කරන්නවත් මට කිසිම කෙනෙක් හිටියෙ නෑ.. බේබි නැන්දත් එක්ක කුටු කුටු ගාන්න ගියත් අම්මා, බේබි නැන්දට අල්ලගෙන බනීවි කියලා මට හිතුණා..


    පල්ලෙහා මිදුලෙ, තාප්පෙ අයිනෙම තිබ්බ කොල පාට කොන්ක්‍රීට් බංකුවෙ වාඩිවෙලත් මං කල්පනා කෙරුවෙ මං ගැන අම්මට කේලම කියපු වහුකුණා කවුද කියලා.. අම්මපා ඌට නම් හොදක් සිද්ධ වෙන්නෑ.. මේ කරපු පජාත, කුජීත වැඩේට.. දැන් තව ටිකකින් අයියා ආවහම බලන්න බැරියෑ මෙතන නටන දහ අට සන්නිය.. අර පහුවුණු දවසක මං මිනිහට කියෙව්ව ඒවටත් එක්ක මට පොරියල් අල්ලයි..


    "අද නම් හොදටම ඇණ ගත්තා නේද..?"


    වාත වෙවි දිගට හරහට කරපු කල්පනා ලෝකෙ බිදලා දැම්මෙ කවුද කියලා මං හැරිලා බැලුවා.. මෙච්චර දේවල් වෙද්දෙ මෙයා කොහෙද අප්පා හිටියේ..


    "ඔයාටත් කතන්දරේ ආරංචිද අක්කේ..?"


    "ඔව්.. අම්මා තාමත් ඔයාට බනිනවා.. ඇයි බන්ටි ඔයා ඒ ගර්ල් එක්ක ගාඩ්න් එකට ගියේ..? ඔයාට පිස්සුද..? අම්මගෙ හැටි දැන දැනත් ඔය වගේ වැඩ කරන්න.."


    "මොන ගර්ල්ද අක්කේ..?"


    "ඔන්න ඉතිං.. ඔයා මටත් බොරු කරන්න හදනවා.. ඇයි බන්ටි ඔයයි, බේබි නැන්දයි අර බලන්න ගියපු ගර්ල්.. අර ඔයා මට කිව්වෙ අපේ අම්මව හම්බ වෙන්න ඒ ගෑනු ළමයා බලන් ඉන්නවා කියලා.. ඉතිං අම්මා වෙනුවට බේබි නැන්දව ඔයා එක්කන් යනවා කියලා කිව්වේ.."


    දෙයියන්ට ඔප්පු වෙච්චාවේ.. බන්ටිට මෙහෙම වෙලා මදි.. හැමවෙලාවෙම කවුරු හරි අන්දන්න යනවට.. දැන් ඉතිං මේක කොහේ කොහේ ගිහින් කෙලවර වෙයිද කියලා දෙයියොවත් දන්නැතුව ඇති..


    "දැන් ඔයා හිතන්නෙ මං ඒ ගර්ල් එක්ක ගාඩ්න් එකට ගියා කියලද..?"


    "නැත්තං ඉතිං.. අම්මට ඔය තරම් කේන්ති යන්න වෙන හේතුවක් නෑනේ.."


    "ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න.. මට තාම ගර්ල් කෙනෙක් නෑ.. අම්මා කොහේ හරි තැනක් වරද්දගෙන.. ඒක පහදන්නවත් මට එයා ඉඩ දෙන්නෑ.. මගෙත් එක්ක රංඩුවටමයි එන්නේ.."


    "මට ඕවා තේරෙන්නෑ බන්ටි.. ඔයා ඔහේ කටට ආවට මොන මොනවා හරි කියනවා.. මමත් ඒවා විශ්වාස කරනවා.. දෙයක් සිද්ද උනහම ඒ ඔයා කියපු දේවල් දිගේ මං හිතන්න ගන්නවා.. එතකොට හිතෙන් නෑ ඔයා මට කියලා තියෙන්නෙ බොරුවක් කියලා.."


    අක්කා කියන්නෙ සීයට දෙසීයක් ඇත්ත.. මගේ ඔලුවටයි දැන් දෙකේ දෙකේ පොල්ලකින් පැණි බේරෙන්න ගහන්න ඕන..


    "අනිත් එක ඔයා තව දෙයක් හිතන්න ඕන.."


    "ඒ මොකක්ද අක්කේ..?"


    "අපේ පවුලෙ සමගිය ගැන.."


    "මං ඒක නැති කරලා නෑ අක්කේ.. මං හැමදාම බැලුවෙ මුළු පවුලම සන්තෝසෙන් හිනාවෙලා තියන්න.. මං ඔය එක එක දේවල් කියලා විකාර කරන්නෙත් ඒකයි.."


    "ඒ උනාට බන්ටි.. ඔයා ඩිංගක් හිතන්න දැන් අද උන ප්‍රශ්නෙ එක්ක, ඔයා වැරැද්දක් කෙරුව උනත් තාත්තයි, බේබි නැන්දයි ගන්නෙ ඔයාගෙ පැත්ත.. ඒක අර කන්ද පහළින් ඉර බහිනවා වගේ ස්තිරයි.. අම්මා විතරක් තනියෙම කෑගහවි.. අන්තිමට වෙන්නෙ අම්මයි, තාත්තයි රංඩු වෙන එකනේ.. බලන්න.. ඔයා මටත් වැඩිය ආදරේ කරන බේබි නැන්දත් අඩනවා.. ඒ හැමදේම ඔයා හින්දා නේද..? ඇයි ඔයා ඒ ගැන හිතන්නැත්තේ.. අරහෙ අම්මයි, තාත්තයි රංඩු වෙද්දි පැත්තකින් බේබි නැන්දා අඩද්දි ඔයා සංතෝස වෙනවද බන්ටි.. ආ.. ඒකද ඔයාගෙ සන්තෝසේ..?"


    අක්කා අහගෙන අහගෙන ගියපු දේවල් වලට උත්තරයක් දෙන්න තරමෙ හිතක් මට තිබුණෙ නෑ.. මේ හැමදේටම මුල මම අද ඇටකිච්චට ගහන්න ගියපු එක ද කියලා පළවෙනි පාරට මට හිතුණා.. අනික බින්දුගෙ කෙල්ලෙත් එක්ක යාලු උනා කියලා මං ඇටකි්චචට හොදටම ගහපු එක සාධාරණද කියලා ලොකු ප්‍රශ්නයක් ඒ වෙනකොට මට ඇවිල්ලා තිබුණා.. ලේ පෙරාගෙන, පාංකඩ හිගන්නෙක් වගේ බිම දිගාවෙලා හිටපු ඇටකිච්චගෙ අසරණ මූණ මට සැරින් සැරේට මතක් වෙන්න ගත්තා.. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මං කරපු දෙයක් ගැන ආපහු පසුතැවිලි වෙන්න මගේ හිත පටන් අරන් තිබුණා..


    අද උදේ බින්දුට සල්ලි යවලා, ගේ ඇතුළට වෙලා හිටියා නම් ඉවරයි කියලා හිතට හිතෙද්දි මට දැනුණෙ ලොකු වේදනාවක්.. නිරෝෂීගෙ තියෙන චපලකමට, කොහේවත් ඉන්න අහිංසක ඇටකිච්චෙකුට අල්ලගෙන තඩිබාපු මගේ මනුස්සකම ගැන මට ආවෙ ලොකු තරහක්.. ඇයි මං මේ දේවල් ගැන කලින් හිතුවෙ නැත්තේ..


    "දැන් ඉතිං කල්පනා කරලා වැඩක් නෑ බන්ටි.. දෙයක් වෙන්න කලින් ඒ දේ නවත්තන්න බලන්න.. රෑත් වෙලා.. අපි ගෙට යමු.."


    "ඔයා යන්න අක්කේ.. මං පස්සෙ එන්නම්.."


    ඝන අදුර ටිකෙන් ටික වැඩි උනත් ගේ ඇතුළට යන්න තරමෙ හිතක් මට තිබුණෙ නෑ.. තව ඩිංගකින් අයියා ආවහම ගෙදර මේ තියෙන නිහැඩියාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යාවි කියලා මට හිතුණා.. ගාඩ්න් එකේදි ඇටකිච්චට ගහද්දි අයියා දැකලා තිබුණ නම් මට අද රෑට අම්මට දෙන්න උත්තර නෑ කියලා මං දැනන් හිටියා.. අම්මා රංඩුවට බහින්නෙ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිත් එක්ක කියන එකේ සැකයක් මට තිබ්බෙ නෑ..

    "බන්ටි මහත්තයෝ.."


    තණකොල උඩ තිබ්බ වේලුණු අඹ කොළ පෑගෙන සද්දෙට මං හැරිලා බැලුවේ වැඩි ඕනෑකමකින් නෙමෙයි.. ඒ එන්නෙ බේබි නැන්දා කියලා මං දැනන් හිටියා..


    "අපි ගෙට යමු මහත්තයෝ.. මෙච්ච දේවල් ගැන කල්පනා කරලා වැඩක් නෑ.. හෙට උදේ වෙද්දි හැමදේම හරියයි.."


    "හැමදේම හරියන්නෙ කොහොමද බේබි නැන්දේ..? අයියා දැන් වැඩ ඇරිලා ඇවිත් මෙතන ගිනි තියයි.. එයාලා අහන ප්‍රශ්න වලට දෙන්න තරම් හොද උත්තර මං ගාව නෑ.. මං කොහොමත් පරාදයි.. මට ආයෙ ඔලුව උස්සන්නවත් වෙන්නෑ.."


    "මේ බේබි නැන්දා ඉන්නකල් කවදාවත් මහත්තයා පරාද වෙන්නෑ.. ඔය ප්‍රශ්නෙ ගැන ආයෙ කතාවක් ඇතිවෙන්නෙ නෑ.. දැන් මහත්තයා ගෙට ගිහින් වොෂ් එකක් දාගන්නකෝ.."


    "බේබි නැන්දත් මාර කතානේ කියන්නේ.. ඔයා හිතන්නෙ අයියා කියන දුෂ්ඨයා නිකම් ඉදීවි කියලද..? මිනිහා තව ටිකකින් ආපු ගමන් බන්ටිට සොරි ඩොට් කොම් තමයි.."


    "ලොකු බේබි දැන් ඩිංගකට කලින් ආවා.."


    "අයියා ආවා.."


    බේබි නැන්දගෙ කතාව මට විශ්වාස කරන්නත් බැරිවුණා.. අයියා ආවා නම් ඇයි බෝම්බ පත්තු වුණේ නැත්තේ..? අඩු ගානෙ ගේට්ටුව අරින සද්දෙවත් මට ඇහුණෙ නැත්තෙ ඇයි..?


    "ඔව්.. එයා වැඩි දෙයක් දැකලා නෑ.. බන්ටි මහත්තයා යාලුවො පස් දෙනෙක් එක්ක ගාඩ්න් එක ඉස්සරහ පාර්කින් එක ළග ඉන්නවා විතරයි දැකලා තියෙන්නේ.."


    මොකක්ද අප්පේ ඒ අංගවිකල කතාව.. ඒකෙ සෑහෙන කොටසක් බලධාරියා විසින් කපලා දාලා වගේනේ..


    "එච්චරද..?"


    "ඔව්.. ලොකු බේබි එච්චරයි කිව්වේ.. හැබැයි ඉතිං ප්‍රශ්නෙ ඔය තරම් ගොඩින් බේරෙනවා කියලා දන්නව නම් මං ලොකු මහත්තයට කතා කරන්නෙත් නෑ.."


    "මොනවා.. බේබි නැන්දා තාත්තට කතා කලාද..?"


    "ඔව්.. ලොකු නෝනට කේන්ති ගිහින් හිටපු විදියට මට ටිකක් විතර බය හිතුණා.. මං ඒක හින්දා ලොකු මහත්තයට විස්තරේ කිව්වා.. නැත්නම් මහත්තයා වැඩ ඇරිලා ආපු ගමන් නෝනා මේ ප්‍රශ්නෙ හින්දා ඇගට කඩන් පැන්නොත් මහත්තයට වුණත් කේන්ති යනවනේ.."


    ඔලුව උඩ තිබ්බ මහා විශාල බරකින් අංශු මාත්‍රයක් විතර හෙමීට පැත්තකින් තිබ්බා වගේ නොසන්සුන් හැගීමක් මගේ හිතට ආවා.. මං සෑහෙන්න ආරක්ෂා සහිතයි කියලා බේබි නැන්දාගෙ කතාවෙන් තේරිලා තියෙද්දිත් මං සැනසීමක් දැනෙන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ මහ විශාලෙට මගේ පපුව මැද්දෙ තිබුණා.. ඒත් වැඩිවෙලා යන්න කලින් මට ඒ ප්‍රශ්නෙට අංග සම්පූර්ණ උත්තරයක් හිත ඇතුළටම හම්බ වුණා.. ඒ තමයි ඇටකිච්චගෙ ලේ වලින් පෙගිලා තිබ්බ මූණ.. මං කෙරුවෙ මහා විසාල වැරැද්දක් කියන එක සිය දහස් වරේ මට වද දෙන්න ගත්තා.. ඒ නරකාදි හැගීමෙන් මිදෙන්න මං බේබි නැන්දා දිහා බැලුවා..


    "මල් වත්තෙදි වෙච්ච දේවල් මොනව උනත්, ලොකු බේබි ඒ මුකුත් දැකලා නෑ.. බන්ටි මහත්තයා ගිහින් කෙරුවෙ තවත් ළමයෙකුට ගහපු එක කියන්න මං විතරයි දන්නේ.. අම්මා අප්පා කිව්වත් බන්ටි මහත්තයට විරුද්ධව මේ වයසක කටින් වචනයක්වත් පිටවෙන්නෑ.. ඒක හින්දා ඒ වෙච්චි දේවල් ගගේ මුහුදෙ දැම්මා වගේ තියෙයි.. හැබැයි බන්ටි මහත්තයෝ.. ආයෙ ඔය වගේ වැඩ නොකරනවා නම් තමයි හොද.."


    බේබි නැන්දා කියපු දේවල් වලට මං මුකුත්ම කියන්න ගියේ නෑ.. ආයෙ ඔය වගේ වැඩ විතරක් නෙමෙයි.. විහිලුවකටවත් බොරුවක් කියන්නෑ කියලා මං හිතාගත්තා.. අමතක කරලා දාන්න බැරි තරමට ඇටකිච්චගෙ මූණ මතක්වෙද්දි මං කොන්ක්‍රීට් බංකුවෙන් නැගිට්ටා.. හතර අතින් ලේ ගලා ගෙන යද්දි 'අනේ අයියෙ ගහන්නෙපා' කියලා ඌ බැගෑපත් වෙච්චි හැටි තත්පරේට දෙකට ආයෙත් මගේ ඔලුවට ආවා.. ෂිහ්.. මොන තරම් පව්කාර වැඩක්ද මම කරේ..?


    *****************************


    මම හිතුවෙ රෑ කෑම මේසෙදි හවස වෙච්ච සිද්ධියෙ දෙවනි කොටස විකාශනේ වෙයි කියලා.. මොන පිස්සුද අපේ ගෙදර කට්ටිය එකේ වගේ වගක්වත් නැතුව බඩ පැලෙනකල් මිසක විහිලුවකටවත් මං දිහා බැලුවෙ නෑ.. අනික බේබි නැන්දම කිව්වනේ තාත්තට වෙච්ච සිද්ධිය ගැන කිව්වා කියලා.. ඒත් තාත්තා හැසිරුණේ එහෙම දෙයක් සිද්ධ වෙලා තියා ජීවිතේටවත් මල් වත්තක් දැකලා නැති විදියට.. අයියයි, අම්මයි උනත් පාඩුවෙ කෑම කෑවා උනත් අම්මගෙ මූණෙ හවස තිබ්බ හැගීම් එහෙම්මම තියෙනවා මං දැක්කා.. ඒ කියන්නෙ අලු යට ගිනි තියෙනවා කියනෙකනේ.. කමක් නෑ.. ඕවා වැඩිය දකින්න වෙන්නෙ අලුවලට පිඹින්න ගියොත්නේ.. ඒක හන්දා බන්ටිට තියෙන්නෙ බන්ටිගෙ පාඩුවෙ ඉන්න..


    වෙනදට හැමෝටම ඉස්සෙල්ලා කාලා ඉවර වෙන්නෙ මං උනත්, ටිකක් වෙලා ගිහින් වටපිට බලද්දි, හැමෝම කාලා ඉවර වෙලා මගේ දිහා බලන් ඉන්නවා මං දැක්කා.. යකෝ.. බන්ටිගෙ කෑම කෑමේ දක්ෂතාවයට අද මොකද උනේ.. හිතා ගන්නවත් බැරි විදියට බන්ටි අද ලාස්ට් මෑන් වෙලා.. කන්න ආස කෑම ජාති පිගාන උඩ තිබ්බත් ඇතත්ටම මට කෑමෙ පිරියත් තිබුණෙ නෑ.. කන්නෙ කොහොමද අප්පා.. ඇටකිච්චගෙ අඩන මූණ මතක් වෙද්දි.. අම්මප ඌට මොකද දන්නෑ උනේ..? මං නිතරම කිය කිය හිටිය විදියට ගුරුදෙණියෙ කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට ගිහින් පත්තු බදිනවද දන්නෑ..


    "ඉක්මනට කනවා මනුස්සයෝ.. අපිට වෙන වැඩ තියෙනවා.."


    හෙණ ගහන්න වගේ ඒ වචන ටික ආවෙ අයියාකාරයා ගෙන්.. මං ඇස් දෙක පුංචි කරලා මිනිහා දිහා බැලුවා.. මූට මොනවද යකෝ මේ පට්ට රාත්‍රී යාමයේ තියෙන වැඩ.. නිකාං කලර්ස් පෙන්නන්න හදනවා.. සරිගමයා නම් ඕවට කියන්නෙ පඩ ෂෝ කියලා.. ඒ වචනෙ නිකං කැතයි කැතයි වගේ හින්දා බන්ටි වැඩිය පාවිච්චි කරන්නෑ..


    "කාලා ඉවර නම් යන එකනේ ඇත්තේ.. ජම්මාන්තර වෛරක්කාරයෙක් වගේ මාව මරන් කන්න හදන්නේ..?"


    "බන්..ටී.."


    අම්මගෙ කටහඩ අයියගෙයි, මගෙයි සද්දෙ පරද්දලා ඇහුණා.. ඒත් ඊට වැඩිය හයියෙන් ටෙලිෆෝන් එක වදින සද්දෙ මට ඇහුණා.. කවුද යකෝ.. මේ නිසන්සල රෑ යාමයේ ජාතිය අමතන්න හදන එකා.. මට නම් කීයටවත් වෙන්න බෑ.. ඒක අපේ අයියා, මොරින් අක්කට ජීවිතේටවත් කැමති වෙන්නෑ වගේ මට ස්ථීරයි..


    "කෝල් එක බන්ටිට.."


    අක්කා රිසිවර් එක මගේ දිහාට දික් කලා.. කිරි බුදු හප්පච්චියෝ.. මේ මල රෑ මාව අමතන එකා කවුද..? සමහර විට නුවර පොලීසියෙන්ද දන්නෑ.. වීරයා වගේ ඇටකිච්චට නෙලුවා වගේ නෙමෙයි.. ඌ මැරිලා පොලීසිය මගේ පස්සෙ එළවනවද කොහෙද..? ගෙදර මිනිස්සුත් බලන් ඉන්නෙ කොයි වෙලාවෙද මට ෂොට් එක දෙන්නෙ කියලා.. මගේ හිතට ආවෙ කවදාවත් දැනුණෙ නැති කරමෙ අවුල් සහගත හැගීමක්.. කට්ටියම මැජ්ක් එකක් දිහා බලනවා වගේ බලන් ඉද්දි මං රිසිවර් එක අතට ගත්තා..


    "බන්ටි.. මං බින්දු කතා කරන්නේ.."


    හම්බේ.. ඔන්න දැන් තමයි හර්ද ස්පන්දනේ යහපත් එඩේරෙක් උනේ.. ඒත් ඉතිං මේකා මොන බඩකඩිත්තුවටද මේ අවමගුල් වෙලාවෙ කතා කරන්නේ.. මට අඩුගානෙ එක වචනයක්වත් කට ඇරලා මෙතන කතා කරන්න පුළුවන්ද..?


    "හා කියපං.. මං අහගෙන ඉන්නේ.."


    "සල්ලි හම්බවුණා බන්ටි.. අනේ උඹ ලොකුම උදව්වක් කලේ.. උඹ මේ ළගක හිටියා නම් ඇත්තමයි මං උඹට වදිනවා බන්ටි.. උඹ දන්නවද..? පුංචි අම්මට ගන්න තියෙන බෙහෙත් ඔක්කොම මං අරන් දුන්නා.. තව එයා කීප දෙනෙකුට ණය වෙලත් හිටියා.. මං ඒවත් ගෙවලා දැම්මා.. තව සස්ටජන් එකකුත් අරගෙන ඒකෙන් හිරි එකකුත් එයාට හදලා දීලා ඇවිල්ලයි මං මේ උඹට කතා කරන්නේ.. උඹ දන්නවද පුංචි අම්මට ඕන හැම දෙයක්ම වගේ අපි දෙන්නා ගිහින් ගත්තා.."


    "අපි දෙන්නා.."


    "ඔව්.. මායි නිරෝෂියි.. ඇයි බන්ටි මං උඹට ඊයෙ කිව්වේ නිරෝෂි අද එනවා කියලා.."


    බින්දු කියපු දෙයින් මං උඩ ගිහින් බිම වැටුණා.. මූ මොනවද මේ දොඩවන්නේ..? නාවලපිටි ගිය ටිකට මුගේ සිහිය විකල් වෙලාද..? ඇයි යකඩෝ එතකොට මේ ගෙවිලා ගියපු හවස් වරුවෙ පේරාදෙණි කාඩ්න් එකට වෙලා ඇටකිච්චත් එක්ක ආදරේ කෙරුවෙ නිරෝෂිගෙ ආච්චිද..? අහන්න ඕන ලක්ෂ ගාණක් ප්‍රශ්න පොත් දත් දෙක ඉස්සරහටම ආවත් ඉතාම අසීරුවෙන් මං කට වහගත්තා.. පවුලේ සියලු දෙනාගෙම ඇස්, කන්, නාසා ඇතුලු තියෙන තරමක් ඉන්ද්‍රියෝ මගේ දිහාවට ඇන්ටනා දාගෙන කියලා මං තේරුම් අරන් හිටියා.. ඒත් දෙයියනේ බින්දුවා කිව්ව අලුගුත්තේරු කතාවෙ තේරුම නම් මට තේරුණේම නෑ..


    "උදේ ද ආවේ..?"


    අහන්න පුළුවන් කෙටිම ප්‍රශ්නෙ මං ඇහුවා.. අහගෙන ඉන්න අයට ඒ ප්‍රශ්නෙ ගන්න තරමෙ දෙයක් නෑ.. කිව්ව දේ බින්දුවට තේරුනොත් හොදයි..


    "සල්ලිද..?"


    "නෑ බං අනිත් එක.."


    "ආ.. නිරෝෂිද..? උඹට කියන්න බන්ටි.. එයා උදේම ආවනේ.. මට පුදුමත් හිතුණා.. කෙල්ල මං හිතනවටත් වැඩිය මට ආදරෙයි.. නැත්නම් මොන කෙල්ලද බන්ටි ගෙදරට හොරෙන් ඔහොම එන්නේ.. එහෙම අමාරුවෙන් ඇවිත් එයාට කිසිම නෑදෑකමක් නැති අසරණ ගෑනියෙක් වෙනුවෙන් කාලය කැප කරන්නේ..?"


    "හුගක් වෙලා හිටියද..?"


    "නිරෝෂි හරියටම මගෙත් එක්ක පැය දෙකක් හිටියා.. ඒත් ගෙදරින් හොයාවි කියන බයටයි එයා ආපහු ඉක්මනටම නුවර ගියේ.. නැත්නම් කෙල්ලගෙ හිතේ ආපහු නුවර එන්න නම් පුංචි කැමැත්තක්වත් තිබුණෙ නෑ.. පව් බන්ටි.. බස්වල තැලිලා පොඩිවෙලා යන්න කවදා බස් වල ගියපු කෙල්ලෙක්ද..? මං හින්දා උඹලට වගේම නිරෝෂිටත් කරදරයි බං.."


    කෙල්ලොන්ගෙ තියෙන හැට හතර මායම් ගැන එක අංශු මාත්‍රයක්වත් නොදන්න බින්දු ගැන මට මහා දුකක් හිතුණා.. නිරෝෂි කියන්නෙ කොයි තරම් කපටි වංචාකාර කෙල්ලෙක්ද..? උදේ වරුව නාවලපිටියෙ බින්දුත් එක්ක ආදරේ කරලා හවස් ජාමෙ ඇටකිච්චත් එක්ක ගාඩ්න් එකේ පෙම් කෙලින්නනේ හැදුවේ.. ඇත්තටම බලන් ගියාම නිරෝෂි කියලා කියන්නෙ මාර මීටරයක්.. මොලේ කියන ඒක ඕනවටත් වැඩිය තියෙනවා.. ඇයි දෙයියනේ තමන්ගෙ කොල්ලව ඔය වගේ අන්දවනවා කියන්නේ..? එතනින් එහාට තවත් මොනවද.. අපි ළං උනොත් හෙම ඕකි අපේ බඩ මාලුත් කයි..


    "දැන් උඹ කවද්ද එන්නේ..?"


    "තව ටික දවසක් යයි බන්ටි.. අනික දැන් නම් නුවර එන්න මට ඒ තරම් හදිස්සියක් නෑ.. නිරෝෂිත් මෙහේ ආවනේ.."


    ෂිහ්.. පෙනේද මුගේ අසමජ්ජාතී කතාව.. මූ හින්දා කොහේවත් ඉන්න ඇටකිච්චෙකුට නෙලලා, තව නූලෙන් මට ගෙදරිනුත් යන්න වෙනවා.. තියෙන අවාසනාව කියන්නෙ ගෙදර හැමෝම ඉස්සරහ වචනයක්වත් කියාගන්න බැරි එකයි.. නැත්තං ඉතිං මගේ කට ඇරියොත් වත්තෙ හතර මායිම් බලලා කතා කරන්නෑ.. දැන් එතකොට නිරෝෂි නාවලපිටි ආවහම උගේ ලෙඩේ සනීපවෙයි.. ඌ නැතුව, උගේ ගැන දවස තිස්සෙම කතා කරන අපිට අසනීපයි..


    "හරි.. එහෙනම් මං තියනවා.."


    තවත් කතා කරන්න දෙයක් නෑ.. මට තද වුණා.. ඇයි අප්පා.. යාලුවෙක් කතාකරන්න ඕන වචන ටිකක්ද බින්දු ඒ කතා කරේ.. ඌට අපි කොල්ලො හැමෝටම වැඩිය අර එන එකත් එක්ක ජවුසන් නටන අවලං කෙල්ල ලොකු වෙලා..


    "කවුද බන්ටි කතා කරේ..?"


    "යාළුවෙක් තාත්තා.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අත හෝදන ගමන් ඒ උත්තරේ දීලා මං පඩිපෙල නැග්ගා.. ඒ වෙනකොටත් ගෙදර හැමෝම කෑම මේසේ වාඩිවෙලා ඩෙසර්ට් එකට මාව කන්න වගේ මග බලන් ඉන්නවා.. අම්මපා.. අපේ ගෙදර මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද..? කෑව බිව්වා නම් තම තමන්ගෙ කාමර වලට ගිහිල්ලා නිදාගන්නැතුව..

    "ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද බන්ටි..?"


    පඩිපෙලේ උඩම පඩියට අඩිය තියද්දි තාත්තගෙ කටහඩ ආයෙම මට ඇහුණා..


    "තාම නම් නෑ.. සමහර විට ඉස්සරහට තියෙයි.."


    ගෙදර හැමෝම ඒ උත්තරෙන් මූණින් මූණ බලාගන්නවා මගේ ඇස් කොණට පෙනුණා..


    ****************************


    පහුවෙනිදා මං ඇහැරුණේ වෙනදා වගේ හොද නින්දක් නිදාගෙන ඉදලා නෙමෙයි.. තද බල හිසේ කැක්කුමක් එක්කම මට මතක් උනේ ඇටකිච්චව.. ඇත්තටම ඌට මොකද දන්නෑ උනේ.. ගුටි කෑවා වැඩිවෙලා මග මැරිලද දන්නෙත් නෑ..


    "බන්ටි මහත්තයෝ.. මෙන්න අර සංගීත ළමයා ඇවිත්.."


    පඩිපෙලේ මැදක් හරියෙ විතර ඉදන් කෑගහන බේබි නැන්දාගෙ කටහඩ මට ඇහුණා.. බේබි නැන්දා ඔය සංගීත ළමයා කියන්නෙ සරිගමයට.. මේකා සාමාන්‍යයෙන් මෙහෙම කඩාගෙන පාත්වෙන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි.. නැත්නම් කීය ගියත් කොල් එකක් දීලා වැඩේ නිරවුල් කරගන්නවා..


    "පොඩි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා බන්ටි.. මම උදේම ආවේ එකයි.."


    වත්ත කෙලවරේ මගේ සුපුරුදු කොන්ක්‍රීට් බංකුව ළගට ඇවිදන් යද්දි මට සුරේන් කිව්වා..

    "මොකක්ද අවුල..?"


    "ඇටකිච්චට හොදටම ආමරු වෙලා හොස්පිට්ල් නවත්තලා.."


    පිස්සු හැදෙනවා.. මට ඊයෙ රෑ නින්ද ගියේ නැත්තෙ ඕකනේ.. දැන් මොකද කරන්නේ..?


    "ඌ පොලීසියට ගිහිල්ලද..?"


    "එච්චර විස්තරයක් දන්නෑ බන්ටි.. අපි ගාඩ්න් එක ගාවින් ආවට පස්සෙ අමිල ආපහු ගිහිල්ලා.. කතන්දරේ ඉතිරි හරිය බලා ගන්න.."


    "එතකොට රවීන්..?"


    මට පොඩි එකාව මතක් වුණා.. ඌනේ මේ සිද්ධියෙ සෑහෙන වැඩ කොටසක් කරේ.. මම කෙරුවෙ පැන පැන නෙලපු එක විතරනේ..


    "උඹ ගියාට පස්සෙ මායි, රවීනුයි ගුඩ් ෂෙඩ් එක ළගට ආවා.. අමිල විතරයි ගාඩ්න් එක ළග නැවතුනේ.."


    "ඉතිං..?"


    "නිරෝෂි කෑගහන අඩන ගමන් වීල් එකක දාගෙන ඇටකිච්චව හෝස්පිට්ල් එකට අරන් ගිහින්.. ඇටකිච්චා හිටියෙ මැරෙන්න පණ ඇදල වගේලු.."


    සුරේන් ඒ අන්තිම හරිය කියවද්දි මාව හීතල වෙලා ගියා.. වීරයා වගේ ගිහින් නෙලුව වගේ නෙමෙයි.. ඇටකිච්චා මළොත් එහෙම.. බන්ටිට වෙන්නෙ සදාකාලයටම යකඩ කූරු ගණන් කර කර ඉන්න..


    "හරි.. ඒ කතාව අපි පැත්තකින් තියමු.. තවත් ප්‍රශ්න තියෙනවද..?"


    "ඔව්.. ඊයෙ මං පේරාදෙණිය ගාඩ්න් එකේ හිටියා කියලා අපේ ගෙදර හැමෝම දන්නවා.."


    "මොනවා..?"


    "ඔව් බන්ටි.. උම කියන්නෙ මං යන එන තැන් බිංදුවක්වත් හොයන්නෙ නැති අපේ ගෙදර මිනිස්සු, ඔය ගැන ප්‍රශ්න කරද්දි මං උඩ ගිහින් බිම වැටුණා.."


    එහෙනම් ඒ කතන්දරේ මට විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි.. සුරේන්ටත් සිද්ධ වෙලා..


    "අපේ ගෙදරත් ඊයෙ ගෝරි ගොඩයි සුරේන්.. අපේ අම්මට කවුද ෆෝන් කරලා මං ගාඩ්න් එකේ කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා.."


    "න්.. නෑ.."


    සුරේන්ගෙ ඇස් දෙක නළලට ගියා..


    "නෑ නෙමෙයි බං.. ඔව්.. පස්සෙ අපේ අයියා ගාඩ්න් එකටත් ගිහින් මාව හොයන්න.. උඹ දන්නවනේ අර මහියංගනේ ගමනෙන් පස්සේ අපේ ගෙදරින් මට කිසිම බුරුලක් දෙන්නෑ කියලා.. කොහොම හරි මිනිහට අපේ වැඩේ මාට්ටු වෙලා නෑ.. ඒත් මිනිහා අපි කට්ටිය එතන ඉන්නවා දැකලා.. ගෙදර ඇවිත් වැඩිය නොකිව්වට හුගාක් දේවල් මිනිහා හිතාගන්නැති.."


    "කවුද බං ඔය අලුගුත්තේරු වැඩේ කරපු එකා..?"


    "මාත් මේ එළිවෙනකල් කල්පනා කලේ ඒකම තමයි.. අපේ අම්මට කෝල් එකක් දීලා කියන්නයි, උඹලගෙ ගෙදරට කතා කරන්නයි තරම් තද උණක් තිබ්බ එකා මොකාද..? ඒ කියන්නෙ සුරේන් අපි නොහිතුවට අපි ගැන සෙවිල්ලෙන් මොකෙක් හරි අපතයෙක් ඉන්නවා.. ඒක පැහැදිලියි.."


    "මටත් එහෙම හිතෙනවා බන්ටි.. දැන් මේ සිද්ධියත් එක්ක අපිට ටිකක් පරිස්සම් වෙන්න වෙයි.."


    "පරිස්සම් වෙන්න කිව්වේ.. ඇටකිච්චට ගහපු සීන් එකටද..?"


    "ඔව්.. කෝකටත් බන්ටි ටිකක් මගෑරලා ඉන්න.. මං රවීන්ටත් ඊයෙ කිව්වා.. වැඩිය එළියට යන්නෙපා කියලා.."


    "ඒවා ඉස්සරහට බලමුකෝ.. දැනට අපි සාමදාන වෙලා පාඩුවෙ ඉම්මු.. මොකද මේ දවස්වල මට ගෙදරින් ඇටෑක් කරනවා වැඩියි.. උඹ කියන්නෙ සුරේන්, කවදාක්වත් නැතුව බේබි නැන්දත් මට වෝනිං කරා.."


    මං දිගටම කියවන් ගියත් සුරේන්ගෙ මූණෙ තිබ්බෙ බරම බර කල්පනාවක්.. කරවල කට්ටක් හරස් අතට ගිලපු පූසෙක් වගේ මූ අවුල්වෙලා ඉන්නෙ ඇයි..? කියන්න හිතන් ආපු සියලුම ප්‍රශ්න මේකා ආ වෙලාවෙ ඉදලම කියල ඉවර කරානේ..


    "ඇයි උඹට තවත් කියන්න මොනව හරි තියෙනවද..?"


    "ඔව් බන්ටි.. ඒත් ඒක වෙන්න බැරි දෙයක්.."


    "වෙන්න බැරුව හරි, වෙන්න පුළුවන් හරි ප්‍රශ්නෙ මොකක්ද කියලා කියල ඉදපං.. ඊට පස්සෙ ලිහා ගන්න බලමු.. සමහර විට අදින ගැටේ හරි, සමනල ගැටේ හරි වගේ එකක් නම් ලේසිනේ බං.."


    "බින්දු මට කතා කරා.."


    "ඉතිං.."


    ඕක නම් මොකක්ද..? බින්දුවා මටත් කතා කරේ.. කතා කරලා උගේ තුන් කුළුදුල් ආදරේ ගැන මගෙත් එක්ක කියෙව්වේ.. අම්මපා සුරේන් එක්කත් ඌ ඔය මලඉලව් ආදරේ ගැන කියවලද දන්නෑ..


    "නිරෝෂි ඊයෙ නාවලපිටි ගිහින්නේ බන්ටි.."


    "ඉතිං ඒකෙ අවුලක් නෑනේ.."


    "නැතිවෙන්නෙ කොහොමද..? ඒකිගෙ තියෙන අමාරුවට ඒකි යාපනේ හරි යයි.. ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. නිරෝෂි නාවලපිටි ගියා නම් කවුද ඇටකිච්චත් එක්ක හිටියේ..?"


    මුලදි මටත් පොට වැරදුනා වගේ මූත් අවුලක් නැතුව වරද්දගෙන.. ඇයි හත් දෙයියනේ.. එක ශරීරයක් එකම වෙලාවෙ කොහොමද දෙතැනක ඉන්නේ..


    "මටත් බින්දු කතා කරා බං.. නිරෝෂි නාවලපිටි ගියේ උදේ.. ඒ ගිහින් පැය දෙකක් විතර බින්දු එක්ක ඉදලා හැරෙන තැපෑලෙන් ආපහු නුවර ඇවිත්.. ඒකිගෙ ප්ලෑන් එක තිබුණෙ හවස් වරුවෙ කොහොම හරි ඇටකිච්චව හම්බවෙන්න නේ.."


    "නිරෝෂි, ඇටකිච්චව හම්බවුණ එක හරි බන්ටි.. ඒක අපි හැමෝම දැක්කනේ.. ඒත් අපි දැක්කෙ නෑනේ ඒකි බින්දුව හම්බවෙනවා.."


    "උ.. උඹ කියන්න හදන්නේ..?"


    "ඔව් බන්ටි.. උඹ හිතන දේ හරි.. මං කියන්නෙ බින්දු අපිට බොරුවක් කරන්නේ කියලා.. නිරෝෂි ඌට ආදරෙයි.. මෙච්චර ආදරෙයි, එහෙමත් නැත්නම් ඌ ගැන මාර විදියට හොයලා බලනවා.. ඔය වගේ බයිලා ගොඩක් බින්දු අපිට කියනවා.. අපිත් ඒවා කැත නැතුව ගිලිනවා.. ඇයි ඉතිං ගැන්සියෙ ඉන්න අහිංසකම කොල්ලනේ.."


    "ඇයි ඉතිං ඌ අපිට බොරු කරන්නේ..? කවද හරි රැවටෙන්නෙ ඌනේ.. අනික අපට බොරු කරල ඌ ලබන ලාබෙ මොකක්ද..?"


    "ලාබෙ තමයි ඌ නිරෝෂිව තෝරගත්තු එක ඉතාම නිවැරදියි කියලා අපිට කියන්න තියෙන හැකියාව.. අනික තමයි නිරෝෂි වගේ පොෂ් කෙල්ලෙක්ව හැන්ඩ්ල් කරන්නෙ මෙහෙමයි, අරහෙමයි කියලා අපි ඉස්සරහ කයිවාරු ගහන්න පුළුවන් එක.. ඕවයින් මේවයින් වෙන්නෙ ඌ අපි ඉස්සරහ පොරක් වෙන එකනේ.. ඌ ඒකට කැමති ඇති.."


    "බින්දු අපිට ඒ වගේ මහ විසාල බොරුවක් කරයි කියලා මට හිතෙන්නෑ බං.. ඌ අපිට කවදාවත් බොයියක් දීලා නෑනේ.."


    "අපේ පැත්තෙන් එහෙම හිතන එක සාධාරණයි.. අපි ඌ ගැන බොක්කෙන්මනේ හිතන්නේ.. ඒත් ඌ එහෙම හිතුවද කියනෙකයි ප්‍රශ්නේ.. අනික මං කීයටවත් හිතන්නෑ නිරෝෂි නාවලපිටි ගියා කියලා.."


    "එහෙනම්..?"


    "නිරෝෂිට පිස්සුද බං.. මුගේ ලෙඩ වෙච්ච පුංචි අම්මයි, මූයි වෙනුවෙන් පැය හයක් නාස්ති කරලා දාන්න.. අනික ඒකිගෙ ගෙදරින් කොහොමද බං ඒකි පනින්නේ.. ඩිංගක් හිතපං බන්ටි.. උඹලගෙ ගෙදරින් උඹ ගැන ඔය තරම් හොයනවා නම් පවුලෙ එකම දරුවා වෙච්චි නිරෝෂි ගැන කොහොම හොයනවා ඇතිද..? හොදයි ඒකි නාවලපිටි ගියාම කියමුකෝ.. ඊට පස්සෙ ඒකි හවස පේරාදෙණි ගාඩ්න් ගියානේ.. කෙල්ලෙකුට කොහොමද බන්ටි ඔය වගේ නිදහසක් ලැබෙන්නේ.. එහෙම නම් ඒකිගෙ දෙමව්පියො අලි පත මෝඩයො වෙන්න ඕන.."


    සරිගමයා කියපු කතාවෙත් අති විශාල ඇත්තක් තිබුණා.. ඒත් මගේ හිත ඒ දේ විශ්වාස කරන්න කැමති වුණේ නෑ.. මට හිතුනෙම නිරෝෂි නාවලපිටි ගියා කියලා.. අනික බින්දු, නිරෝෂිගෙ ගමන ගැන කිව්ව විස්තරේ ලොකු අවංකකමක් මට දැනුණා.. ඒති නිරෝෂි නාවලපිටිගියා නම්, හවස පේරාදෙණිය ගඩ්න් එකේ ඉදපු එක නම් ටිකක් විතර හිතන්න ඕන දෙයක් කියලා සුරේන්ගෙ කතාවෙන් මට තෙරුණා..

    "උඹේ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ සුරේන්.. එක්කො නිරෝෂි නාවලපිටියෙයි, පේරාදෙණි ගාඩ්න් එකටයි දෙකටම කොහොම හරි ආවා.. එහෙමත් නැත්තං ඒකි ගියේ නාවලපිටි විතරයි හරි පේරාදෙණි ගාඩ්න් එකට හරි විතරයි.."


    "ඔය ක්‍රම තුනෙන් පළවෙනි විදිය ටිකක් හිතන්න අමාරුයි බන්ටි.. තැන් දෙකක අවස්ථා දෙකකදී වුණත් ඒකිට ඉන්න බෑ.. ඉන්න විදියක් නෑ.. ඒකිගෙ ගෙදරින් ඉඩක් නෑ.. මං ඉස්සේලත් කිව්වෙ ඒකයි.. උදේ නාවලපිටියෙයි, හවස ගාඩ්න් එකෙයි කියලා නිදහසක් නිරෝෂි වගේ කෙල්ලෙකුට ගන්න බෑ.. දෙවෙනි එක ඒකි නාවලපිටි ගියා කියන එක.. ඒ කතාව බින්දු විතරක් කියන හින්දා අපට ඒකත් අයින් කරන්න පුළුවන්.. එතකොට ඉතිරි වෙන එක තමයි හරි දේ.. ඒකි ගාඩ්න් එකේ ඉදපු එක.. අනිත් දේ තමයි බන්ටි මට හිතෙන විදියට නිරෝෂිගෙ ඩබල් ඇක්ටින් එක බින්දු දන්නවා.. ඒකෙන් අත් මිදෙන්න තමයි ඌ නාවලපිටි ගියේ.."


    "උඹට පිස්සුද සුරේන්.. බින්දු මොකටද අපිට බොරු කියන්නේ..? නිරෝෂිගෙ මේ අවලම් වැඩේ ගැන මට හිතෙන විදියට ඌ ඩිංගක්වත් දන්නෑ.. දන්නවා නම් පුංචි අම්මට කොයි තරම් ආදරේ කරත් ඌ නුවර දුවගෙන එනවා.. ඇවිල්ලා ඉස්සෙල්ලම විස්තරේ අපට කියයි.."


    "අනේ මංදා.. උඹටත් ලේසියෙන් දෙයක් පහදන්න බෑ.. උඹ කෙනෙක් ගැන තියන් ඉන්න විශ්වාසයක් මොනව විදියකින්වත් නැති කරගන්න කැමතිත් නෑ.."


    "ඒක හරි සුරේන්.. බන්ටි එහෙම තමයි.. හැබැයි මං විශ්වාස කරන් ඉදපු එකා මගෙ විශ්වාසෙ කැඩුවොත් ආත්ම සීයක් ගියත් මං ඌට සමාවක් දෙන්නෑ.."


    තවත් ටිකක් වෙලා අනන් මනන් කතා කර කර ඉදලා සුරේන් යන්න ගියා.. පව්.. හිත හොද එකා.. මොන විදියට තර්ක කර කර හිතුවත් සුරේන් කියන්නෙ දාහකින් හොයාගන්න බැරි හිත හොද යාලුවෙක් කියලා මං දැනන් හිටියා..



    Mathusambandai.gif

     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඔය බලපල්ලකෝ ඉතින්..මම නිකන් ඕයි කිව්වේ..මම බලපු එකක් නැහැ යකෝ.. අනික ඕනා කොමෙන්ට් එකක් කරන්න ඕනා එකෙකුට අයිතියක් තියෙනවා....මම වැරැද්දක් කිව්වේ නැහැනේ...වෙයි කියලා හිතෙන දේ තමයි මම කිව්වේ.... :angry::angry::angry::angry::angry:

    එහෙනම් කමක් නෑ ඔයි........................................:no::no::no::no::no: