.෴. Choose your Fantacy .෴.
වරයක් දුන්නොත් පහල තියෙන ඒවගෙන් එකක් තෝරාගන්න කියල මොකද්ද උඹේ තේරීම. කොල්ලෙක්ගේ ජීවිතේ සම්පුර්ණ වෙන්න ඕනේ Love, Sex, Adventure, Entertainment, New experiences, Money මේවගෙන් මොකද්ද කියල බලමු.
වරයක් දුන්නොත් පහල තියෙන ඒවගෙන් එකක් තෝරාගන්න කියල මොකද්ද උඹේ තේරීම. කොල්ලෙක්ගේ ජීවිතේ සම්පුර්ණ වෙන්න ඕනේ Love, Sex, Adventure, Entertainment, New experiences, Money මේවගෙන් මොකද්ද කියල බලමු.
A. උඹට හම්බෙනව උඹේ සිහින ලෝකේ හිටපු ගෑනු ළමය, පුදුම ලස්සනයි රුපෙන් සහ හදවතිනුත්. උඹට පන වගේ ආදරෙයි , උඹ කැමති ඕන විදිහකට ඉන්නව කැමති ඕන දෙයක් එයා කරනව, රණ්ඩු සරුවල් ප්‍රශ්න මොකුත් නෑ, එකම කෙනා උනත් කවදාවත් එපා වීමකුත් නෑ රූපේ ලස්සන අඩු වීමකුත් නෑ. ජීවිත කාලෙම ආදරෙන් සතුටෙන් උඹත් එක්ක මැරෙනකම් ඉන්නව. දෙන්නට එදිනෙදා වියදම් වලට ඕනේ සල්ලි , පොඩි ලස්සන ගේ පොඩ්ඩක් සහ පොඩි වාහනයක් ඇතුළු මුලික පහසුකම් ටිකත් නොමිලේ හම්බෙනව උඹට රස්සාවක් කරන්න ඕනේ වෙන්නෙ නෑ. දවසම කෙල්ල එක්ක හිටියැකි. කෙටියෙන්ම කීවොත් හින්දි ෆිල්ම් වල පෙන්නනව වගේ ආදරෙන් මත් වෙලා ජීව්ත කාලෙම අත්වැල් පටලාගෙන සින්දු කිය කිය සරලව සන්තෝසෙන් ඉන්න පුළුවන්.

හැබැයි කොටු පැනිලි තහනම්. සල්ලි ගොඩක් නෑ, එකම ගෑනු ළමය එක්ක ආදරෙන් සරලව ජීවත්වෙන්න තියෙන්නෙ. ජිගිරි බිගිරි දාන්න පුළුවන් හැබැයි සීමාවක් ඇතුව.

B. උඹට පටස් ගාල ලෝකේ ඉන්න ඕනෙම කෙල්ලෙක් ගෙන්නගන්න පුළුවන්. නෙට් එකෙන් ඕනෙම කෙල්ලක් (නිලියෝ අරුන් මුන් ඕන එකෙක්) දැකල මෙයා දැන් මට ඕනේ කිවොත් සටස් ගාල මෙන්න උඹ ඉස්සරහ. ඕනෙම දෙයක් උඹට කැමති විදිහට කරගන්න පුළුවන් ඒ වගේම කෙල්ලව මාරු කරන්නත් පුළුවන් ඕනෙම වෙලාවක. එක මදි නං සීයක් උනත් එක පාර ගෙන්නගන්න පුළුවන්. කෙටියෙන්ම කීවොත් හිතේ තියෙන ෆැන්ටසි ඔක්කොම ඉෂ්ට කරගන්න පුළුවන්. ලෙඩ අනන් මනං ගැන බය වෙන්න ඕනේ නෑ.

හැබැයි ආදර බස් මිහිරි වචන නැලවිලි මෙයාලගෙන් හම්බෙන්නේ නෑ වැඩේ කරා ඉවරයි. ළමයි හදන්නත් බෑ. ආදරේ කරන්න පවුල් කන්න වෙන කෙල්ලක් දාගන්නත් අවසර නෑ.
C. උඹට හම්බෙනව ලෝකේ වටිනාම වාහන එකතුව සහ සියලුම වෙපන්ස් වර්ග. ලෝකේ හදන වටිනාම මිල අධිකම දුර්ලභම ස්පෝට්ස් කාර්, බයික්, ඕෆ් රෝඩ් වාහන ඉඳන් හෙලිකොප්ටර්, ෆයිටර් ජෙට්, නැව් වෙනකන් ඕන එකක් කැමති විදිහට ගෙන්නගන්න පුළුවන් නොමිලේ. ඔක්කොම වාහන වලට අදාළ අනික් සියලුම පහසුකමුත් නොමිලේ හම්බෙනව. මිනිස්සු වගේම වැඩ කරන රොබෝලා ඉන්නව වෙඩි තියන්න. හරියට ගේම් එකක් ගහනව වගේ. ඒ වගේම අනතුරුදායක විදිහට වාහන පැද්ද කියල, වෙපන් පාවිච්චි කරා කියල කවදාවත් උඹට කරදරයක් වෙන්නෙ නෑ. කිසිම දෙයක් කරාට පොලිසියෙන් අල්ලන්නෙත් නෑ. හතුරෝ ඉන්නවනං හිතේ හැටියට පලිගන්න පුළුවන්. GTA වගේ නිදහසේ ඕන දෙයක් කරන්න පුළුවන්. රේස් යන්න, යුද්ද ටැංකි වලින් බිල්ඩින් සමතලා කරන්න, උඩ ඉඳන් බෝම්බ දාන්න වැඩ ගොඩයි. ජීවිතේම adventure.

හැබැයි එක කෙල්ලෙක්වත් උඹට කැමති නෑ. සල්ලි දීලවත් කවුරුත් හොයාගන්න නෑ. ජීවිතේම යකඩ ගොඩක්

D. උඹට හම්බෙනව ලෝකේ තියෙන හොඳම ඩෙස්ක්ටොප් එකක්, ලැපක්, ගේමින් කොන්සෝල් ඕන එකක් හොඳම ෆෝන් එකක් ඇතුළු අලුත් ගැජට් කෑලි ඕන එකක් අධිවේගී අසීමිත අන්තර්ජාල සම්බන්ධතාවෙකුත් එක්ක. ඕනෙම ෆිල්ම් එකක් TV සිරිස් එකක් ආව ගමන් නොමිලේ හොඳම කොලිටියෙන් ගෙදර ඉඳන්ම බලන්න පුළුවන්. ඕනෙම ගේම් එකක් උපරිම කොලිටියෙන් ගහන්න පුළුවන් . ඕන පොතක් බලන්න පුළුවන්, ලෝකේ පුරා ඕන තැනක වෙන ඉවෙන්ට් එකක් (සංගීත සංදර්ශන, ක්‍රීඩා තරඟ) ඔන්ලයින් බලන්න පුළුවන්. ඕනෙම TV චැනල් එකක් නොමිලේ බලන්න පුළුවන්.ලෝකේ මෙතෙක් හදපු සහ ඉස්සරහට එන XXX ඔක්කොම බලන්න පුළුවන් නොමිලේ.

හැබැයි කරන ඕන එකක් ඔන්ලයින් විතරයි. කෙල්ලෙක් හිටියත් උපරිම වෙබ් කැම් එකකින් චැටක් දාල බලාගන්න දෙයක් විතරයි ඊට වඩා බෑ

E. උඹට ඕනේ තැනකට ඕනේ වෙලාවකට පටස් ගාල යන්න පුළුවන්. සංචාරය කරල නොදැකපු තැන් බලන්න නොලබපු අත්දැකීම් ගන්න පුළුවන්, දිය ඇලි, වෙරළවල්, කඳු, කැලෑ, සත්තු, රටවල්, නගර වගේම එවරස්ට්, මරියාන ආගාධෙ, ඇන්ටාක්ටිකාව ඉඳන් හඳේ, අඟහරු ලෝකේ උනත් ගිහින් ඕන දෙයක් බලාගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. යන හැම තැනම ගමන් වියදම්, කෑම බීම, නවාතැන් , සංචාරකයින්ට කරන්න තියෙන ඕනේ දෙයක්, බලන්න තියෙන ඕන තැනක් සම්පුර්නෙන්ම නොමිලේ . ජීවිත කාලෙම ලෝකේ වටේ නොමිලේ කකා බිබී ඇවිද ඇවිද ඉන්නයි තියෙන්නෙ. මාර fun.

හැබැයි කිසි වගකීමක් නෑ. කෙල්ලෙක් නෑ පවුලක් නෑ ළමයි නෑ. තනියම යන්න ඕනේ යන දිහාක අහිකුන්ටකයෙක් වගේ.

F. උඹට ලොතරැයියක් ඇදෙනව රුපියල් කෝටි දහයක්. උඩින් තිබ්බ ඒවා පොඩ්ඩ පොඩ්ඩ හැම එකෙන්ම කරන්න පුළුවන් හැබැයි එකක්වත් 100% සර්වසම්පුර්ණ නෑ. සාමාන්‍ය දැන් තියෙන විදියම තමා. සාමාන්‍ය කෙල්ලෙක් කසාද බැඳලා සාමාන්‍ය හොඳ වාහනයක් අරන් නිවාඩු තියෙන වෙලාවට ෆිල්ම් එකක් බලල ගේම් එකක් ගහල පුළුවන්නන් සල්ලි තියෙන විදිහට පොඩි ටුවර් එකක් ගිහින් ඉන්න පුළුවන්.

හැබැයි කිසි දෙයක් නොමිලේ නෑ, සමහරවිට කෝටි දහය ජීවිතේම ඉන්න මදිවෙන්න පුළුවන්. බඳින කෙල්ල අවංකව ආදරේ කරයි කියල ෂුවර් නෑ. හැමෝම ගෙවන ඒකාකාරී ජීවිතේ ටිකක් හොඳට ගෙවල මැරිලා යන්න පුළුවන්. කිසි විශේෂයක් නෑ, සල්ලි තිබුනත් ජීවිතේම දුක් විඳින්න වෙන්නත් පුළුවන්

Last edited:


