෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    461IO9v.jpg
    :yes::yes:
    CSN එකේ නම් සමහර overs වලට බෝල 5i.ඕවරේ අන්තිම බෝලෙට no ball එකක් වැටුනොත් ඒ ඕවරෙයි ඊළඟ ඕවරෙයි අතරේ තව එක බෝලෙක ඕවරයක් පෙන්නනවා advertisement අස්සෙ.විකට් එකක් ගියොත් replay එක බලන්න වෙන්නේ highlights අස්සේ තමා.අපිට ඉවසීම පුරුදු කරන්න CSN එකෙන් ගන්න මහන්සියක්.මේවා ලංකාවේ විතරයි බොලව්.අපේ වාසනාව.:P:P:P
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes: ow ban eka thamai Star sport dan chaaaa issara hodi ath eka indian owned channel network ekak nemi nea Star Sport Owned by by 21st Century Fox (through STAR TV and Fox International Channels):baffled: mama hithuwa meka fox ekan gathata passa patta channel set ekak wei kiyala ath una thibbata wadiya chaa una eka :eek:
    Ehema indian biase unneththan unta ilaga para rights hambenne nene..Ekai awla..Habai ekama eka pennana jarama channel set ekak wela..Appiriyay..:angry:
    Indian rights kiyanne Salli wakarayakne...Kohomath owage Indian shares thama thiyenne...Rupert Murdoch set eke unata...:yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    ටෙස්ට් රටවල් 10න් 8ක චන්දය ලැබුන් නැත්තන් ඕක ස්ථිර කරන්න බැහැලු නේද? ලංකාවයි ද.අප්‍රිකාවයි පකිස්තානෙයි විරුද්ධ වුනත් ඇති වෙයි මං හිතන්නේ ඒ නිසා.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම

    2n9gqwi.png

    පසුගිය දින කිහිපය ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ට දැඩි පීඩනයක් ගෙන දුන් දින කිහිපයක් බවට සැක නැත. මූල්‍යය හා වාණිජ කටයුතු සම්බන්ධ යෝජනාවලිය හෙවත් ඉන්දීය-එංගලන්ත-ඔස්ට්‍රේලියා පාලක මණ්ඩල මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය අයි.සී.සී. ය තුළ සම්මත වුවහොත් එය සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවේම හැරවුම් ලක්ෂයක් වන්නේය. අයි.සී.සී. යේ ලියුම්කරුවකු මඟින් මාධ්‍යයවෙත මෙම යෝජනාව පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ පසුගිය සතිය තුළ ක්‍රිකට් ලෝකයේ උණුසුම්ම මාතෘකාව වූයේ මෙයයි.



    ප්‍රධාන යෝජනා:

    ඉන්දීය-එංගලන්ත-ඔස්ට්‍රේලියා පාලක මණ්ඩලවලට නිත්‍යය සාමාජිකත්වය හිමි නව විධායක මණ්ඩලයක් ඇති කිරීම. මෙම මණ්ඩලයට අයි.සී.සී. තුළ ඇති අනෙක් ඕනෑම කමිටුවකට වඩා වැඩි බලතල හිමි වේ.

    අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම අනුව මුල් කණ්ඩායම් 8 ප්‍රථම ස්ථරය ලෙසත්, අනෙක් රටවල් දෙක අර්ධ සාමාජික රටවල් 6ක් සමඟ දෙවන ස්ථරය ලෙසත් ක්‍රීඩා කිරීම. වසර හතරකට වරක් ප්‍රථම ස්ථරයේ අවසන් කණ්ඩායම් දෙක දෙවන ස්ථරයට පහළ දමන අතර (ඉන්දියාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව හැර ), දෙවන ස්ථරයේ මුල් කණ්ඩායම් දෙක ප්‍රථම ස්ථරයට උසස් කිරීම.

    මතු තරඟාවලි කාලසටහනෙන් අයි.සී.සී. ය වියුක්ත කිරීම. ද්වීපාර්ශවික එකඟතාව මත තරඟාවලි සංවිධානය කිරීම.

    අයි.සී.සී යේ ආදායම නව මොඩලයකට අනුව බෙදීයාම.

    අයි.සී.සී. යේ ප්‍රධාන තනතුරු – අයි.සී.සී සභාපති, විධායක කමිටුවේ සභාපති, මූල්‍ය හා වාණිජ කටයුතු කමිටුවේ සභාපති – යන තනතුරු වලට ඉන්දීය, එංගලන්ත හා ඕස්ට්‍රේලියා යන පාලක මණ්ඩලවල නියෝජිතයන් පත් කිරීම.

    ලෝක ටෙස්ට් ශූරතාව අවලංගු කොට 2017 හා 2021 වසර වල ශූරයන්ගේ කුසලානය නැවත පැවැත්වීම.


    අයි.සී.සී. යට අනුව මෙම රැඩිකල් යෝජනාවලිය සම්මත කරගැනීම සඳහා, සාමාජික පාලක මණ්ඩල අතර ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත. අයි.සී.සී. යේ උප සභාපති මුස්ථාෆා කමාල් ට අනුව මෙම යෝජනා සම්මත කිරීම සඳහා අතිබහුතරකින් ජයග්‍රහණය කළ යුතුය.

    දකුණු අප්‍රිකානු පාලක මණ්ඩල පමණයි මේ වනවිට ප්‍රසිද්ධියේ මෙම යෝජනාවලියට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත්තේ. මේ නව තෙක්, නවසීලන්ත පාලක මණ්ඩලය පමණයි යෝජනාවලියට සහය පළකර ඇත්තේ. මුළින් යම් මාධ්‍යය වාර්තා මඟින් පාකිස්ථාන පාලක මණ්ඩලයද විරුද්ධ වන බව ආරංචි වුවද, පසුව වාර්තා වූයේ ඉන්දීය හා එංගලන්ත පාලක මණ්ඩල වලින් ඔවුන් වෙත පිරිනැමීමට තීරණය කර ඇති ද්වී පාර්ශවික තරඟාවලි මත, පාකිස්ථානයේ තීරණය පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත මත තීරණය වනු ඇති බවයි. එංගලන්ත හා ඉන්දීය පාලක මණ්ඩල සභාපති වරුන් වන ජයිල්ස් ක්ලාක් හා එන්. ශ්‍රීනිවාසන් පාකිස්ථාන පාලක මණ්ඩල සභාපති සාකා අශ් රෆ් සමඟ මේ සතිය තුළදී, ඡන්දයට පෙර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් පාලක මණ්ඩලයද කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තුවන බවයි වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකාවේ මාධ්‍යය වාර්තා අනුව, ක්‍රීඩා අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මෙම යෝජනාවලියට සිය විරෝධය ප්‍රකාශ කර ඇත. කෙසේ වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් – විධායක කමිටුව තීරණය කර ඇත්තේ යෝජනාවලිය සම්බන්ධ ඡන්ද කල් දමන ලෙස අයි.සී.සී. යෙන් ඉල්ලීම් කිරීමටයි.

    මෙම යෝජනාවලිය සම්මත වුවහොත් බංග්ලාදේශය හා සිම්බාබ්වේ එහි ප්‍රධාන ගොදුරු වනු ඇති. ඔවුන්ට ටෙස්ට් ක්‍රිකට් වල සිට පළමු පෙළ ක්‍රිකට් දක්වා පහත යෑමට සිදුවන අතර, ඔවුන්ට අවම වශයෙන් වසර 8ක් වත් අර්ධ සාමාජික රටවල් 6ක් සමඟ (අයර්ලන්තය, කෙන්යාව හා ඇෆ්ගනිස්ථානය වැනි ) සිව් දින පළමු පෙළ තරඟ ක්‍රීඩා කරමින් සිටීමට සිදුවනු ඇති.

    නමුත් වාර්තාවන අන්දමට බංග්ලාදේශ පාලක මණ්ඩලය තමන්ගේ මරණ වරෙන්තුව නිකුත් කර ගැනීමට තීරණය කර තිබේ. යෝජනාවලිය සම්බන්ධයෙන් බංග්ලාදේශ පාලක මණ්ඩල අධ්‍යයක්ෂ වරුන් අතර පැවති ඡන්ද විමසීමෙන් 20-3 ලෙස යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ වී තිබේ. බංග්ලාදේශ පාලක මණ්ඩල සභාපති නසිමුල් හසන් පපොන් පවසන්නේ, මේ වන විට කිසිවකුත් බංග්ලාදේශය සමඟ ක්‍රීඩා කිරීමට කැමැත්තක් නොදක්වන අතර, යෝජනාවලියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත්, ඔවුන් තමන් සමඟ එක්දින තරඟ ක්‍රීඩා කිරීමටද අකමැති විය හැකි බවයි.

    ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මේ සියලු පාලක මණ්ඩල වල ආත්මාර්ථකාමී බවයි. තමන් ගැන පමණක් සිතා තීරණ ගැනීම මොවුන්ගේ පිළිවෙතයි. සියල්ලන්ම ඉන්දීය පාලක මණ්ඩලයෙන් අතයට ගනු දෙනු බලාපොරොත්තු වේ – මන්ද, ඉන්දියාව සමඟ තරඟාවලියක් රන් හා සමාන වන බැවින්. මොවුන් කිසිවකු ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් තීරණ නොගනී. අනෙක් පාලක මණ්ඩල 6ට දකුණු අප්‍රිකාණු මණ්ඩලය සමඟ එක්සත් විය හැකි නම්, ඒ සංධානයට ඉන්දියා-එංගලන්ත-ඔස්ට්‍රේලියා තුන්කට්ටුව යම් තරමකට හෝ පාලනය කළ හැකි වනු ඇත. වසර 2014 දී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට විප්ලවයක් අත්‍යවශ්‍යයයි. හරූන් ලෝගාට් යනු මේ විප්ලවයට නායකත්වය දීමට සිටින සුදුසුම පුද්ගලයායි.

    මේ යෝජනාවලියේ මහ මොළකරු ඉන්දීය පාලක මණ්ඩලයේ සභාපති එන්. ශ්‍රීනිවාසන් බව ප්‍රසිද්ධ රහසක්. ඉන්දීය පාලක මණ්ඩලයට අයි.සී.සී. ආදායමෙන් වැඩි කොටසක් ලැබිය යුතුබව 2013 සැප්තැම්බර් මසදී ඔහු ප්‍රථම වරට ප්‍රකාශ කළා. වර්තමාන මොඩලය අනුව අයි.සී.සී. ශුද්ධ ආදායමෙන් 75%ක් පූර්ණ සාමාජික රටවල් 10 අතර සම සමව බෙදී යනවා. ඉතිරි 25% අර්ධ සාමාජික රටවල් වලට ලැබෙනවා. ඉන්දීය පාලක මණ්ඩලයේ (එන්. ශ්‍රීනිවාසන්ගේ) තර්කය වන්නේ ක්‍රිකට් ආදායමෙන් 70%ක් උපයන්නේ ඉන්දියාව බැවින් එයට සමානුපාතික ලාභාංශයක් තමන්ට ලැබිය යුතු බවයි. නමුත් ඔහු අවබෝධකරගත යුතු කරුණ නම්, ක්‍රිකට් අනුග්‍රාහකත්වයන් සඳහා ලැබෙන්නේ ඉන්දීය පාලක මණ්ඩලයේ මුදල් නොවන බවයි. ඒවා ගෙවනු ලබන්නේ ඉන්දියාව පාදක කරගත් සමාගම්.

    මේ වනවිට, යෝජනාවලිය සම්මත නොවුනහොත්, අයි.සී.සී. තරඟාවලි වල සිය සහභාගීත්වය පිළිබඳව ඉන්දීය පාලක මණ්ඩලය අයි.සී.සී. යට තරජනය කර තිබෙනවා. මෙය ඔවුන්ගේ දාමරිකකම් වල නව පරිච්ඡේදයක්. අනෙක් පාලක මණ්ඩල වලට හා අයි.සී.සී. යට කශේරුකාවක් ඇතිනම්, ඉන්දීය ජනතාව එන්. ශ්‍රීනිවාසන් ගේ ඉන්දීය පාලක මණ්ඩලයට පාඩමක් උගන්වනු ඇති. රටක් වශයෙන් ඉන්දියාවට මෙහිදී දෝෂාරෝපණය කිරීම අර්ථ රහිත ක්‍රියාවකි. මන්ද, බල තන්හාවෙන් පිරුණු එක් මිනිසෙකු ලෝක ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමේ මේ ක්‍රියාදාමයට මූලිකව වගකිවයුතු බැවින්.

    සියවස් ගණනක් පැරණි ක්‍රිකට් යන අලංකාරවත් ක්‍රීඩාවේ මළගම පවත්වා, අයි.පී.එල්. යන සර්කස් සංදර්ශනය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බවට පත් කිරීම ශ්‍රීනිවාසන්ගේ අභිප්‍රාය බවට කිසිම සැකයක් නැහැ. වෘත්තීයමය ක්‍රීඩාවේ නියැලීමට නම්, සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් හට අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට සිදුවනු ඇති. හරියට පැසිපන්දු ක්‍රීඩාවේ NBA මෙන්. කොටින්ම, මෙය ක්‍රිකට් ක්‍රීඩාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්.

    කුමන්ත්‍රණයක් පමණක් නොවේ, මෙය තරඟාවලිවල තීරණය පෙර සැකසුම් කිරීම නීතිගත කිරීමක් (legalizing fixing). ඉහළ දැමීම් හා පහත දැමීම් සහිත තරඟාවලියක එක් කණ්ඩායමක් පමණක් පහත දැමිය නොහැකි නම් – ඔවුන් ධනවත් බැවින්, එය වංචාවක්. නව යෝජනාවලියේ එවැනි කණ්ඩායම් තුනක් සිටී – ඉන්දියාව, එංගලන්තය හා ඕන්ට්‍රේලියාව. ඔවුන් කෙතරම් දුර්වල ලෙස ක්‍රීඩා කර ශ්‍රේණිගත කිරීම් වල කෙතරම් පහළ සිටියද ඔවුන්ව යෝජිත දෙවන ස්ථරයට (Tier 2) පහළ දැමීමක් සිදු නොවේ. ඒ වෙනුවට, ශ්‍රේණිගත කිරීම් වල ඔවුන්ට ඉහළින් සිටින කණ්ඩායම් පහළට යනු ඇත.

    යමෙකුට ධනවාදය සඳහා නිදසුනක් අවශ්‍යයනම්, ඔබට සොයා ගතහැකි හොඳම හා සරලම දෙය මේ යෝජනාවලියයි. අසාධාරණ මූල්‍යය බෙදීයාම මඟින්, ඉන්දීය-එංගලන්ත-ඕස්ට්‍රේලියා තුන් කට්ටුව, තම ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් මුදල් අත්‍යවශ්‍යය කුඩා රටවල්වල මුදල් සොරා ගනී. මේ යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් අනෙක් රටවල් වල ක්‍රිකට් ක්‍රීඩාව දශක ගණනක් ආපස්සට යාම නොවැලැක්විය හැක. යෝජනා අනුව අයි.සී.සී. ය මතු තරඟාවලි කාලසටහනෙන් (FTP) වියුක්ත කර ඇති නිසා, ඔවුන්ට ටෙස්ට් තරඟාවලියකට වසර ගණනක් බලා සිටීමට සිදුවනු ඇති.

    ඉන්දීය-එංගලන්ත-ඕස්ට්‍රේලියා තුන් කට්ටුවට තවත් රටවල් 4ක සහය ලබාගත හැකි නම් (නවසීලන්තය දැනටමත් සහය පළකර අවසන්. බොහෝවිට බංගලාදේශයද. ඒ අනුව ඔවුන්ට අවශ්‍යය තවත් රටවල් 2ක් පමණයි.), අනෙක් විරුද්ධ රටවලට පරිස්සම් වියයුතු තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. ඒය එසේ වුවහොත්, තුන්කට්ටුවට විරුද්ධවීමේ තේරුමක් නැත. එමඟින් ඉන්දීය-එංගලන්ත ඕස්ට්‍රේලියා පාලක මණ්ඩල සමඟ ඔවුන්ගේ ඇති සබඳතාවන් පළුඳුවීම පමණක් සිදුවේ. අයි.සී.සී. ය මතු තරඟාවලි කාලසටහනෙන් වියුක්ත කර ඇති පසුබිමක, යෝජනාවලියට විරුද්ධවන රටවල් වලට මූල්‍යයමයව වාසිදායක තරඟාවලි ලබා නොදීමට ඉන්දීය-එංගලන්ත-ඕස්ට්‍රේලියා පාලක මණ්ඩල කටයුතු කරනු ඇති. ඒ අනුව අප කවුරුත් ආදරය කරන, ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය වන අයි.සී.සී. රැස්වීමක් මේ මස 28-29 යන දින වලදී පැවැත්වීමට නියමිතය



    Source: Cricturf.com (c) Sidath Sameera (@SidathSam)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    රජ්ජුරුවෝ;16207418 said:
    ටෙස්ට් රටවල් 10න් 8ක චන්දය ලැබුන් නැත්තන් ඕක ස්ථිර කරන්න බැහැලු නේද? ලංකාවයි ද.අප්‍රිකාවයි පකිස්තානෙයි විරුද්ධ වුනත් ඇති වෙයි මං හිතන්නේ ඒ නිසා.

    ඔව් එත් අවසානේ ලංකාවත් ඕකට කැමති වෙයිද මන්දා (icc එක තරහ කරගෙන බෑ නේ අපේ බොඩ් එකට ණයකුත් ඉල්ලා තියනවා ලු නේ icc එකෙන්:D )ආය ඉන්දියාව කියනවා නේ ඒ පනත සම්මත උනේ නැත්නම් icc සංවිධානය කරන සියලු තරග වලින් අයින් වෙනවා කියලා
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔව් එත් අවසානේ ලංකාවත් ඕකට කැමති වෙයිද මන්දා (icc එක තරහ කරගෙන බෑ නේ අපේ බොඩ් එකට ණයකුත් ඉල්ලා තියනවා ලු නේ icc එකෙන්:D )ආය ඉන්දියාව කියනවා නේ ඒ පනත සම්මත උනේ නැත්නම් icc සංවිධානය කරන සියලු තරග වලින් අයින් වෙනවා කියලා

    1996 සෙමි ෆයිනල් මැච් එකේ හයිලයිට්ස් යූ ටියුබ් එකෙන් අයින් කළේ නැත්තන් ICC එකෙන් අයින් වෙනව් කියපු උන්නෙ බං ඔය පයන්නලා....:lol::lol::lol::lol::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    1996 සෙමි ෆයිනල් මැච් එකේ හයිලයිට්ස් යූ ටියුබ් එකෙන් අයින් කළේ නැත්තන් ICC එකෙන් අයින් වෙනව් කියපු උන්නෙ බං ඔය පයන්නලා....:lol::lol::lol::lol::lol:
    Eka sirawata kiwwa ekak newei harida do....
    Habai ehema kathawak haduwath awlak ne......:P:P:P;)
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔව් එත් අවසානේ ලංකාවත් ඕකට කැමති වෙයිද මන්දා (icc එක තරහ කරගෙන බෑ නේ අපේ බොඩ් එකට ණයකුත් ඉල්ලා තියනවා ලු නේ icc එකෙන්:D )ආය ඉන්දියාව කියනවා නේ ඒ පනත සම්මත උනේ නැත්නම් icc සංවිධානය කරන සියලු තරග වලින් අයින් වෙනවා කියලා

    අනේ මන්දා. මං නං හිතන්නේ අඩුම ගානේ රටවල් 3ක්වත් විරුද්ධ වෙයි.