මහේල අද දිවයිනට.
බංග්ලාදේශ කි‍්‍රකට් සංචාරයට සහභාගී වී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක මහේල ජයවර්ධන සිය අතේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අද දිවයිනට පැමිණීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඔහු මීට පෙරද අතේ ඇතිවු ආබාධයක් හේතුවෙන් විවේක ගනු ලැබුවා. ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර අද (12) ආරම්භවීමට නියමිතව තිබූ පළමු විස්සයි විස්ස තරගයට මහේල ජයවර්ධන සහභාගිවීමට නියමිතව තිබුණා.