ගොඩක් ලංකාවේ fansla කුසල් බැට් කරනවා බලන්න ආසයි.බොරු කියන්නේ මොකටද මාත් එහෙමයි.පහුගිය මැච් දෙකේ මම දැකපු දෙයක් තමයි කුසල් අවුට් වුනේ තනියම ගහන්න ගිහිං.මොකද අනික් පැත්තේ ඩිල්ෂාන් බෝලේ බැට් එකේ වද්දගන්න බැරුව හිර වුනා.අනික් එක මිනිහගෙ cut එක.risk එකක් ගන්න දෙපාරක් හිතන්නෙ නෑ.කට්ටියට මතකද දන්නෙ නෑ.පක්කොත් එක්කත් එකම විදියට දෙපාරක් අවුට් වුනා off එකේ ආපු බෝලෙකට අතටම ගහල.coverටද කොහෙද.කුසල් පෙරේරා වුනත් මැච් 21 ක් සෙල්ලම් කරලා ලකුණු 300යි ගහලා තියෙන්නේ.ඔහුත් සමගම ආපු සමකාලිනයෙක් වන ෂිකහාර් ඩවාන් ගේ තත්වය ඊට වඩා ඉහළයි.
කුසල් ලකුණු 6 කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරලා තවත් 4 ඒවා 2ක් ගහලා අවුට් වෙනවා.ඒක හරියන් නෑ වන්ඩේ ක්රිකට් වලට.දිගු ඉනිමකට කවදාවත් කුසල් ගිහිල්ලා නෑ මේ වෙනකම්.
ඊළග වර්ල්ඩ් කප් එකට තව අවුරුද්දයි තියෙන්නේ.අපිට තාම ටීම් එකක් හදාගන්න බැරිවෙලා.
අනිවාර්යෙන්ම වන්ඩේ ටීම් එකේ ඉන්න ඕනී කෙනෙක් තමයි උපුල් තරංග.ඔහු ආසියානු කුසලාන සංචිතයේ නෑ.
t20 වර්ල්ඩ් කප් එකට දාලා.
හැබැයි වන්ඩේ වලට නම් ඔහු ඇත්තට ම හොදයි.
තරංග පහුගිය කාලේ අවුට්ස්වින්ගර් පන්දුවට නිකම්ම අහුවුණා.ඒත් අන්තිමට ගහපු මැච් 3 ම අංක 6 ගහලා ලකුණු 40 ට වැඩියෙන් ඒ මැච් 3 ම ගැහුවා.
අපේ ක්රිකට් විනාශ කලේ තේරීම් කමිටුව.
ඔය උපුල් අංක 6 ගහපු මැච් ටික මටත් මතකයි.ඊට පස්සෙ උපුල්ට චාන්ස් හම්බ වුනා සෑහෙන්න.අන්තිමට ටීම් එකෙන් අයින් කරපු එක සාදාරනයි කියලයි මට හිතෙන්නේ.හැබැයි එහෙම කියල ඊට වඩා දුර්වල විදියට සෙල්ලම් කරන ක්රීඩකයෙක් තරුණයි තරුණයි කියා කියා කණ්ඩායමේ තියාගෙන ඉන්න එකටනම් එකඟවෙන්න බෑ තමයි.
උපුල්ව T20 ලෝක කුසලාන සංචිතයට නම් කරලා නෑ මචෝ මං දන්නා තරමින්.








කුසල් ගහන්නේ මැච් එකේ ලාස්ට් ඕවර් එකට ගහනව වගේ පුදුම කලබලයක් තියෙන්නේ
