෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Uta hithenna athi ain unoth hodai kiyaa u hena nervous bat karaddi test wala uta lakunu gahannada defend karannada kiyla hithaganna ba wage. Crease eke eheta meheta duwanawa Issarata side ekata :baffled:

Monawa unath man asama onfield character ekak. Ugen ada ahapu weleth smith ge decision eka gana u eka lassanata berala giya:D

Uge modama decision eka man dakke 2009 20/20 wc eke eng match eke u jadejawa ewala wicket nodi gahanna kiyla anthimata gahanna ona welawa awa welewath jadejata gahanna bari una u e taram dead gahuwe anthimata uvaraj n dhoni last over 4 di awith ath last over eke 21 n 18 gahuwe:P
2010 Kapuwa last ball 6 k gahala dinapu eke unta margin ekak tiyan dinanna tibaa u anith part timers la damma misak mukut kale na:baffled: game eka dinana witharai haduwe.2012 20 eket sa ekka u okama kara edanam 1 kin dinna:yes: Anthimata wada wenna gihin eng t20 eka kawa :P

But u amaruma podi un tika hadala tama ain wenne:yes::yes
: test wala nam u samahara welawata ohe balan innawa::cool: habai off spinners lata one day wala leg sliper trend eka lagadi genawe u thama

ow Test walin ain wechcha eka hoda decision ekak. ow ow lassanata maga ariya smith ge decision eka gana ahanakota ground eke thibba presentation ekediy media conference ekediy dekedima :D:D
ow u thama Indian podi un tika okkoma haduwe :yes: Test walin giyaata u ODI wala inna one
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10363738_1584272288477100_7249601168199651799_n.jpg

haha new Indian Vice Captain :lol:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
10363738_1584272288477100_7249601168199651799_n.jpg

haha new Indian Vice Captain :lol:

අපෝ ඔකට හරියට බොල් දාගන්න බෑ දැන් එහෙන් මෙහෙන් ෆොර්ම් වෙලා ආවට හරි බැට්ස්මන් කෙනෙක්ට හම්බුනොත් මූ අයේ මාස ගානකට බෝල් කරන් නෑ :lol:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අපෝ ඔකට හරියට බොල් දාගන්න බෑ දැන් එහෙන් මෙහෙන් ෆොර්ම් වෙලා ආවට හරි බැට්ස්මන් කෙනෙක්ට හම්බුනොත් මූ අයේ මාස ගානකට බෝල් කරන් නෑ :lol:

End of Indian Test cricket :lol:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
කරුණාරත්න විශිෂ්ට පිතිකරුවෙක් වේවි - මැතිව්ස්

Dimuth(2).jpg

එංගලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරගාවලිය නිමකර ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නවසීලන්තය බලාගියේ සිය ජයග‍්‍රාහී ගමන ඉදිරියටත් පවත්වාගෙන යෑමටය. එහෙත් බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වූ නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දිනක් ඉතිරිව තිබියදීම පරාජය බාර ගැනීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට සිදුවිය.

තරගයේ පළමු දින දිනයේදීම දැඩි ප‍්‍රහාරයකට ලක්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදු වූ අතර, පළමු දිනයේදී නවසීලන්ත පිතිකරුවෝ සිය ලකුණු සංඛ්‍යාව 400 කඩඉමෙන් ඔබ්බට ගෙන යෑමට සමත් වූහ. පළමු ඉනිමේදී නවසීලන්ත පිතිකරුවන් සියලූ දෙනා දැවී ලකුණු 441ක් රැස්කිරීමට සමත් වූ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 138කි.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නැවත පිතිහරඹයේ යෙදීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදු වූ අතර පළමු ඉනිමේ වැරැදි නිවැරැදි කරගනිමින් දෙවැනි ඉනිමේදී හොඳ සටනක් දීමට ඔවූහූ සමත්වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේදී ලකුණු 407 ක් රැස්කළ අතර සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් දිමුත් කරුණාරත්න ලකුණු 152 ක් රැස්කිරීමට සමත්වූ නමුත් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 303 ක දැවැන්ත වාසිය නිසා නවසීලන්ත කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 107ක පහසු ඉලක්කයක් හිමි විය.

නවසීලන්ත පිතිකරුවෝ කඩුළු දෙකක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේ තරගයේ තවත් දිනක් ඉතිරිව තිබියදීය. මෙම තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා කළ පළමු ටෙස්ට් තරගය ද විය.

නවසීලන්ත කණ්ඩායමේ ඉතිහාසයේ ගෙවා දැමූ හොඳම වසර මෙය වූ අතර, ඔවුන් මේ වසරේදී ටෙස්ට් තරග පහක් ජයග‍්‍රහණය කිරීමට සමත් වූ අතර, එය ඔවුන් වසරක දී ජයග‍්‍රහණය කළ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යවද විය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කීවේ පළමු ඉනිමේ දුර්වල පිතිහරඹය නිසා ශී‍්‍ර ලංකා පිල තමන් විසින්ම තරගයෙන් ඉවතට විසිකරගත් බවයි.

”දෙවැනි ඉනිමේ පිතිහරඹය යෙදුණු ආකාරය දුටුවාම ඒක කිසියම් සුබ ලකුණක් වගේ පෙනෙනවා. ඒත් පළමු ඉනිමේ ලද අසාර්ථකත්වය නිසා දෙවැනි ඉනිමේදී ඊට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ”

”අවසාන පිතිකරුවන් දෙදෙනා පවා හොඳ සටනක් දුන්නා. ඔවුන් දෙදෙනාගේ ලකුණු සබඳතාවය ලකුණු 50 ක්. එය ඉතා වැදගත් උනා. ඔවුන් හොඳ සටනක් දුන්නා. ඔවුන්ගේ දක්ෂතාවය පෙන්නුම් කළා. අවාසනාවකට අපට එය පළමු ඉනිමේදී කිරීමට නොහැකි වුණා” මැතිව්ස් පැවසීය.

පළමු දිනයේදී පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක්වුණා නේද යන්න කළ විමසීමේදී මැතිව්ස් මෙසේ පැවසීය.

”තණතීරුවෙන් පන්දු යවන්නන්ට සහයෝගයක් ලැබුණා තමයි. ඒත් මම හිතනවා තණතීරුව (පිතිහරඹයටත්) ඉතා හොඳයි. තරගය පුරාම හොඳ ඉපිලීමක් තිබුණා. හැකියාව තිබුණු අයට පන්දුවෙන් වැඩගන්න පුළුවන්කම තිබුණා.”

”අපි දැක්කා සවුති සහ බෝල්ට් පළමු ඉනිමේ හොඳින් පන්දු යවනවා. දෙවැනි ඉනිමේදීත් ඔවුන් හොඳින් පන්දු යැව්වා. මම හිතනවා අපි පළමු ඉනිමේදී හොඳින්, නිසි එල්ලයකට පන්දු යැව්වේ නැහැ කියලා. අපි ඔවුන්ට රිසි සේ පන්දුවට පහරදීමට ඉඩ හැරියා”

”ඇරත් පිටියට ඇවිදගෙන එක කෙනෙක් විවේකයන් තුනක් අතරදී (පැය 4 ක පමණ කාලයකදී) ලකුණු 200 කට ආසන්න ප‍්‍රමාණයක් රැස් කරද්දි ඔබට ඒ සම්බන්ධයෙන් වැඩි යමක් කළ නොහැකියි. මැකලම්ගේ ඉනිම අති විශිෂ්ටයි. එහි කීර්තිය යා යුත්තේ ඔහුටයි” යයි මැතිව්ස් පැවසීය.

”ඒක මම දැකපු අති විශිෂ්ට ඉනිමක්. ඔහු කී‍්‍රඩා කළේ පන්දුවාර විස්සයි විස්ස තරගයක් වගේ. ඔහු පිටිය සිසාර පන්දුව යැව්වා. ඔහු සමඟ කී‍්‍රඩා කළ අනෙක් කී‍්‍රඩකයාටද ඉන් ලකුණු ලැබුණා. කී‍්‍රඩා කළ ඉනිමවලින් ඔහු වැඩියෙන්ම සතුටට පත් වූ ඉනිම වෙන්න ඇත්තේ එයයි. ඔබටත් එහෙම හිතෙනවා ඇති. ඔහු විශිෂ්ට ලෙස පන්දුවට පහර දුන්නා” යයි නවසීලන්ත නායකයාගේ ඉනිම අගය කරමින් මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

වෙලින්ටන් තරගය සඳහා පන්දු යවන්නන් සූදානම් කරවන ආකාරය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නායකයා පැවසුවේ දෙවැනි ඉනිමේදී තමන්ගේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ බවත් හොඳ කැපකීරිමකින්, ඉවසීමකින් හොඳින් පන්දු යැව්වොත් එයින් යමක් ලබාගත හැකි බවත්ය.

දිමුත් කරුණාරත්නගේ ඉනිම පිළිබඳව විශේෂයෙන් ප‍්‍රසංශා කළ මැතිව්ස්...

”ඔහු ඔහුගේ දක්ෂතාවය පෙන්නුම් කළා. එය ඉතා පුදුම සහගතයි. ඔහු ලොකු කැපකිරීමක් කළා. එය විශ්වාස කළ නොහැකි තරම්”
”ඉතා හොඳ පන්දු යැවීමේ බල ඇණියක් ඉදිරියේ ඔහු සිය ප‍්‍රථම ශතකය රැස්කළා. එය අති විශිෂ්ටයි. ඔහු කඩුල්ලේ රැඳී සිටිමින්, අනෙක් අන්තයේ සිටින පිතිකරුවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට උත්සහ කළා. එය අගය කළ යුතුයි” යයිද පැවසීය.

”ඔහු රැස්කළ ලකුණු 150ත් සමඟ, විශාල ආත්ම විශ්වාසයක් ගොඩ නැගී ඇති බව මට විශ්වාසයි. ඔහු ගොඩක් වෙලාවට ලකුණු 30ක් 40ක් ලබාගෙන දැවීයනවා. අපි ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත්වෙලා හිටියේ. ඒත් අපි ඔහුගේ දක්ෂතාවය ගැන දැනගෙන හිටියා”

”ආරම්භයක් ලැබුණු විට ඔහු හොඳින් කී‍්‍රඩා කරනවා. ඔහු ඉතා හොඳ කී‍්‍රඩකයෙක්. ඔහු ඉතා විශිෂ්ට පිතිකරුවෙක්. අපි බලාපොරොත්තු වෙනවා, ඔහු කෙමෙන් කෙමෙන් ඉදිරියට යාවි, දියුණු වේවි. ශතක රැුස්කරාවි කියලා. වෙලින්ටන් වලදීත් ඔහු විශාල ලකුණු සංඛ්‍යාවක් රැුස් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යයි දිමුත් කරුණාරත්නගේ මෙම ඉනිම ඔහුගේ ගමන්මග වෙනස් කළ හැකි ඉනිමක්ද යන්න කළ විමසීමේදී මැතිව්ස් පැවසීය.

නවසීලන්තය ගැන අත්දැකීම් ඇති කී‍්‍රඩකයන් අතුරින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින්නේ කුමාර් සංගක්කාර සහ ප‍්‍රසන්න ජයවර්ධන පමණි. එහෙයින් වෙලින්ටන් ටෙස්ට් තරගයත් ශ‍්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් වනු නිසැකය. එහෙත් වෙලින්ටන් තරගයේදී රංගන හේරත් නැවතත් කණ්ඩායමට එක්වීම නායකයාට සහනයකි.

”මම තවමත් වෙලින්ටන් ගිහිල්ලා නැහැ. අපිට මේ තරගයෙන් ගන්න තියෙන්නේ හොඳ දේවල් විතරයි”

”අපි ගත යුත්තේද හොඳ දේවල්. අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. නිසි ඉලක්කයකට පන්දු යැව්වා. දෙවැනි ඉනිමේදී පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දුන්නා. අපේ පන්දු රැකීමත් හොඳ මට්ටමක තිබුණා” යයි කී මැතිව්ස් ....

දෙවැනි ටෙස්ට් තරගයේදී රංගන හේරත් නැවතත් කණ්ඩායමට එක්වනු ඇතැයි පැවසීය. කෙසේ වෙතත් එම තරගයේදී විශාල වෙනස්කම් සිදු නොවනු ඇති බවත් තමන්ගේ මූලික දේවල් නිසි පරිදි සකස්කර ගැනීම සහ ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කරන එක වැදගත් බවත් පැවසීය.

”අපි පරාද වුණේ එක් තරගයක් පමණයි. පසුගිය කාලය පුරාම අපි හොඳින් කී‍්‍රඩා කළා. අපි හිතනවා ඉදිරියටත් ඒ ආකාරයෙන්ම කරන්න පුළුවන්” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

මෙම තරගයේ ඉනිම දෙකේදීම කුමාර් සංගක්කාර අසාර්ථක වීම මැතිව්ස්ට තදින් බලපෑවේය. මෙම තරගයේ ඉනිම දෙකේදීම සංගක්කාරට ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ මේ වන විටත් අංක 1 හිමිකරගෙන සිටින සංගක්කාර මේ වසර තුළදී වැඩිම ලකුණු ලබාගත් (1493) ටෙස්ට් පිතිකරුවාද වෙයි. මේ වසර තුළදී සංගක්කාරගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 71.09 ක් වීමෙන් පැහැදිළි වන්නේ ක‍්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගයේදී සංගක්කාර අසාර්ථක වීම යනු ලකුණු 150 කට ආසන්න ප‍්‍රමාණයක් නායක මැතිව්ස්ට අහිමි වූ බවයි.

නවසීලන්තයේ තණතීරු මතට රංගන හේරත්ගේ ආගමනය පිළිබඳව විවිධ මතවාද තිබුණත් ඒ සම්බන්ධයෙන් මැතිව්ස් දරන්නේ වෙනත් මතයකි.

”ඔහු කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයන්ගෙන් කෙනෙක්. ඒ වගේම බොහෝ අත්දැකීම් ඇති කී‍්‍රඩකයෙක්. මෙහි තණතීරුවල ස්වභාවය ඔහුට ගැලපෙන්නේ නැති උනත් මෙවැනි තණතීරුවල පන්දු යවන විදිය ඔහු දන්නවා. ඔහු මීට කලින් නවසීලන්තයේ සංචාරය කරලා තියෙනවා. අපිට කඩුළු 20 ක් දවාගැනීමට ඔහු උදව් කරයි කියලා මට විශ්වාසයි” යයි මැතිව්ස් පැවසීය.

වෙලින්ටන් තරගය සඳහා මීට වඩා සූදානම්වීමක් අවශ්‍ය නොවන බවත් මැතිව්ස් කියයි.

”අපට ක්වීන්ස්ටවුන්හි හොඳ පුහුණු තරගයක් තිබුණා. අපි දවස් කිහිපයක් හොඳින් කැපවීමෙන් පුහුණවීම් කළා. සූදානම් වීම හෝ පුහුණුවීම මත සියල්ලම රඳා පවතින්නේ නැහැ. එය රඳා පවතින්නේ අපේ මනස මතයි”

”අපි පළමු වතාවට අපි මෙහි ආවේ. අපි හඹා යෑමට කැමැති කණ්ඩායමක්. මම හිතනවා එහෙම. අපි අපේ වැරැදිවලින් ඉගෙන ගත යුතුයි. ඒ වගේම ඒ වැරැුදි අපි ඉක්මනින් හදා ගත යුතුයි. අපි විදෙස් සංචාරවල නිරත වෙද්දි පළමු දින කිහිපය ඉතා වැදගත්. ඒ නිසා එය අතහැරිය නොහැකියි” යයිද මැතිව්ස් පැවසීය.

ටෙස්ට් තරග කිහිපයක් කී‍්‍රඩා කළ දග පන්දු යවන්නකු වන ඩිල්රුවන් පෙරේරා සංචිතයේ සිටියදීත් කෝඩුකාර පිට දග පන්දු යවන්නකු වන තරිඳු කෞෂාල් සමග කී‍්‍රඩා කිරීමට ගත් තීරණය පිළිබඳ මැතිව්ස් පසු තැවෙන්නේ නැත.

”සමහරවේලාවට කොච්චර අමාරු උනත් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. එක දඟ පන්දු යවන්නෙක් සමඟ කී‍්‍රඩා කරද්දි, අපිට ආක‍්‍රමණය කළ හැකි කෙනෙක් අවශ්‍යයි. ඔහු තරමක් වෙනස් කී‍්‍රඩකයෙක්”

”ඔහුට ආවේණික ශෛලයක් තියෙනවා. ඔහු සාම්ප‍්‍රදායික පිට දඟ පන්දු යවන්නෙක් නෙමෙයි. ඔහුට දුස්රා පන්දු යැවීමේ හැකියාවත් තිබෙනවා. මම හිතනවා ඒ සියල්ල සමඟ ඔහු ඉදිරියේදී හොඳින් පන්දු යවාවි කියලා. මෙය ඔහුගේ පළමු තරගය. හැම කෙනෙකුම තමන්ගේ පළමු තරගයේදී කලබලයි. ඔහු දෙවැනි ඉනිමේදී හොඳින් පන්දු යැව්වා” යයි තරිඳු කෞෂාල් සම්බන්ධයෙන් මැතිව්ස් පැහැදිළි කළේය.
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    man dekka dala thibba NZ wala first ODI wala dimuth wa try karanawa kiyala. fail unoth maiya +dili open gahai world cup eke. :D

    ay ban ape un dickwellawa try karanne naththe....:confused:
    habai mu hodata sellam karoth hodai ethakota mayyata purusu widihatama 2down enna puluwan....eka team ekata hodai...:rolleyes:
    eth mama kamathi mayya opening enawa dakinna...:D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ay ban ape un dickwellawa try karanne naththe....:confused:
    habai mu hodata sellam karoth hodai ethakota mayyata purusu widihatama 2down enna puluwan....eka team ekata hodai...:rolleyes:
    eth mama kamathi mayya opening enawa dakinna...:D

    dikwellata denna bene ban team eke openers thawa innakota. anika dikwella thama form eke ne.

    ape awla thibbe hari open partnership ekak enne nethi eka. samaharavita dimuth thena thiya gani. hebei dilshan and dimuth dennama den slow gahanne :sorry: math kemathi maiya open gahanawa balanna ban. lakunuth enawane ikmanata pora gahanna gaththama. anika maiya middle gehuwoth chandimalta place eka nethi wei :(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    dikwellata denna bene ban team eke openers thawa innakota. anika dikwella thama form eke ne.

    ape awla thibbe hari open partnership ekak enne nethi eka. samaharavita dimuth thena thiya gani. hebei dilshan and dimuth dennama den slow gahanne :sorry: math kemathi maiya open gahanawa balanna ban. lakunuth enawane ikmanata pora gahanna gaththama. anika maiya middle gehuwoth chandimalta place eka nethi wei :(

    a unata dickwellata eka odi match ekaka witharane opening gahanna dunne...utath thawa chance ekak denna thibuna..:rolleyes:

    binduwawa trust karanna puluwanda....?:confused:
    supurudu tharaga ratawata awatheerna unoth.:baffled:uu hodata gahanawa nam hodai....ethakota mayyata baya nathiwa udin awa haki...:yes:
    balamuko thawa match 7k thiyenawane world cup ekata kalin..:rolleyes:
     
    සිරාවට පොරට චාන්ස් දුන්නා නේ බන් ඇති වෙන්න ඒක නෙමේ අර අලුතෙන් ගත්ත බෝලර්ස් කෝ බන් උන්ට චාන්ස් දෙන්න ඕන බන් අර සද කැලුම් ද කවුද :lol:
     
    බිදුවා ගහයි කියලා හිතෙනවා උනන්දුවෙන් ගැහුවොත් බන් පොරට චාන්ස් දෙන නිසා තමා ඔකා 0 ට යන්නේ වෙන එකෙක් නම් මෙලහකට ආපු ක්ලබ් එකටම දාල :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බිදුවා ගහයි කියලා හිතෙනවා උනන්දුවෙන් ගැහුවොත් බන් පොරට චාන්ස් දෙන නිසා තමා ඔකා 0 ට යන්නේ වෙන එකෙක් නම් මෙලහකට ආපු ක්ලබ් එකටම දාල :D

    ඔව් බන්...ඌ ෆේල් වෙන්න පටන් ගත්ත කාලෙම අයින් කරලා තිබ්බ නම් මේ වෙද්දි ඌ වැරදි හදාගෙන ආපු සුපිරි බැටෙක් වෙන්න තිබුනා:rolleyes:...බලමු ඌ ගිය මැච් දෙකේත් හොදට සෙල්ලම් කලානේ..:yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    ඔව් බන්...ඌ ෆේල් වෙන්න පටන් ගත්ත කාලෙම අයින් කරලා තිබ්බ නම් මේ වෙද්දි ඌ වැරදි හදාගෙන ආපු සුපිරි බැටෙක් වෙන්න තිබුනා:rolleyes:...බලමු ඌ ගිය මැච් දෙකේත් හොදට සෙල්ලම් කලානේ..:yes:

    ඔවා එහෙම තමා බන් බලපන් තිරිමාන්න මේ පාර ගැහුවේ නෑ නේ හොදට ටෙස්ට් වලට දාල මඩවලා ගන්න ඕන බන් සේරම :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    a unata dickwellata eka odi match ekaka witharane opening gahanna dunne...utath thawa chance ekak denna thibuna..:rolleyes:

    binduwawa trust karanna puluwanda....?:confused:
    supurudu tharaga ratawata awatheerna unoth.:baffled:uu hodata gahanawa nam hodai....ethakota mayyata baya nathiwa udin awa haki...:yes:
    balamuko thawa match 7k thiyenawane world cup ekata kalin..:rolleyes:

    dikwellata machan aniwa chance enawa worldcup eken passe sanga mahela dennama yanawa ithin oya deka purawanna dikwellata chance enawa. eth me world cup eke chance dena ekak ne ban. uta awlakuth ne wayasa thiyenawane :D

    සිරාවට පොරට චාන්ස් දුන්නා නේ බන් ඇති වෙන්න ඒක නෙමේ අර අලුතෙන් ගත්ත බෝලර්ස් කෝ බන් උන්ට චාන්ස් දෙන්න ඕන බන් අර සද කැලුම් ද කවුද :lol:

    sanda kelumta chance denna thibba ban sachiya awe nethnam. ausy wala ranganai sachi kiyanne hodatama ethi ban. bounce track ne ban genuine fast bowlers 2k + thisara ekka 2 spin gahai ape un :D angith inna nisa awlak ne.