෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
සංගක්කාරගෙන් හිටපු ක‍්‍රීඩා ඇමතිට සහ ක‍්‍රිකට් ලේකම්ට චෝදනා.

තම කීර්තිනාමය විනාශ කිරීම සඳහා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග සැළසුම් සහගත වැඩ පිළිවෙලක් දියත් කළ බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර චෝදනා කරනවා. ඒ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඞ් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්.
2013 වසරේ චැම්පියන්ස් ලීග් තරඟාවලිය මුල් කරගනිමින් සිදුවූ කරුණු කිහිපයක් සංගක්කාර එහි දක්වා තිබෙනවා. අයි.පී.එල්. තරඟාවලියේදී සංගක්කාර නියෝජනය කළ හයිද්‍රාබාද් කණ්ඩායම මෙන්ම ශ‍්‍රී ලංකා පන්දු වාර විස්ස ක‍්‍රිකට් ශූරයන් වූ ඔහු නියෝජනය කළ කඳුරට කණ්ඩායමද චැම්පියන්ස් ලීග් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා තිබුණා. ශ‍්‍රී ලංකා කි‍්‍රිකට් තේරීම් කමිටුව තමාට හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට අවසර ලබාදී තිබුණත් ක‍්‍රිකට් ලේකම්වරයා සහ හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා එය වැළැක්වූ බවටයි කුමාර් සංගක්කාර චෝදනා කරන්නේ.

තමා තෝරාගත යුත්තේ මුදල්ද, රටද යන පැනය ක‍්‍රීඩාලෙීන් හමුවේ තබමින් තමන් වැරදිකරුවෙකු කිරීමට ඔවුන් උත්සාහ කළ බවට කුමාර් සංගක්කාර අදාළ ඊමේල් පණිවුඩයේ දක්වා තිබෙනවා. ඒ හේතුවෙන් තමන් පසුගිය කාලය පුරා දැඩි මානසික පීඩනයකට හසුවූ බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    10407786_10152627105207555_8041112401342828582_n.jpg

    :cool:

    smith karaya nm pisssu kora bandayak thama....
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම කියපු එකම තමයි මුරලියි,අරජුනයි කියන්නේ. අපි තුන් ඉරියව් එව්වො මත ඩෙපෙන්ඩ් වෙන්න හදනවා වැඩියි බොලර්ස්ලා සහ බැට්ස්මන්ලා ෆෝම් එකට ගන්නවාට වඩා... මම නම් කියන්නේ ජීවන් මෙන්ඩිස් සහ තිසර එක මැච් එකක ගහන්න බෑ. පිච් එක අනුව එක්කෙනෙයි ගහන්න ඕනෙ. ඕල් රවුන්ඩර්ස්ල ඉන්නවනේ බන් ඇති වෙන්න මැතිවුසයි ඩිල්ශානයයි ඉන්න එකේ තව දෙන්නෙක් මොකටද අනික බොලර්ස්ල වැඩි වුනාම එකෙකුටවත් කම්ෆිඩන්ස් ගන්න අමාරුයි.
    ඊලග පරශ්නේ තිරිමාන්නයා ඕපන් ගියාම මිඩ්ල් ඕඩර් බැටස්මන් කෙනෙක් අඩු වෙනවා. චන්දිමාලයත් upset
    නම්
    ඊලග පරශ්නේ තිරිමාන්නයා ඕපන් ගියාම මිඩ්ල් ඕඩර් බැටස්මන්ල දෙන්නෙක් අඩුයි ස්කොඩ් එකට.දිමුත් මිඩ්ල් ඕඩර් බැට් කරන්න හරියන්නෙ නෑ.දැන් ස්කොඩ් එක මාරු කරන්න පුලුවන්ද:confused:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Thirimanna nam kohe gahuwwath ekai ban. Bola kana eka ne karanne..