෴M1 දුම්රිය එන්ජිම - දෛනික ප්‍රවාහන සේවා සඳහ&a
ඡායාරූපය :- ඩග්ලස් එදිරිසිංහ මහතා මෙරට දුම්රිය සේවයේ ආරම්භක යුගයේ සිට (1858- 1935 පමණ දක්වා) ශත වර්ශයකට ආසන්න කාලයක් එහි කොදු නාරටිය ලෙස සැලකිය හැකි වන්නේ වාෂ්ප බලයෙන් ධාවනය වුන වාෂ්ප දුම්රිය එන්ජින්. රටේ ප්‍රවාහන සේවයට මනා සහයක් ලබාදෙමින් මේ දැවැන්ත යෝධයන් මෙරට ප්‍රවාහන ක්ෂේත්රය යහපත් කරන්නට සැපයූ නිහඬ සේවය අති මහත්.
කෙසේ වුවත් මෙම එන්ජින් භාවිතයේ සහ නඩත්තුවේ අපහසුතාවයන් හේතුකොටගෙන සහ එවකට ක්‍රමයෙන් ලොවපුරා ජනප්‍රිය වෙමින් පැවතුන ඩීසල් දුම්රිය එන්ජින් අතිසාර්ථක වීමත් යන කරුණු ද්විත්වය හේතුකොටගෙන වර්ෂ 1953දී පමණ වන විට එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු තනතුර හෙබවූ බී.ඩී රම්පාල [පසුව සාමාන්‍යාධිකාරී (1955-1970)-පළමු සිංහල සාමාන්‍යාධිකාරීවරයා] මැතිතුමාගේ මූලිකත්වයෙන් මෙරටට ඩීසල් දුම්රිය එන්ජින් හඳුන්වා දීමට ගෙන ඒමට පිඹුරුපත් සකස් කරන ලදී. මේ වන විට S1 ඩීසල් බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ග වලට හඳුන්වා දී සාර්ථක වී තිබු යුගයද විය.
ඒ අනුව 1953 වසරේදී මුල්ම ඩීසල් එන්ජිම ලංකාවට ගෙන එන ලදී. M1 ධාවන පන්තිය යටතේ වර්ග කරනලද මෙම එන්ජිම අලංකාර රතු පැහැයෙන් යුක්ත වූ අතර එහි තාක්ෂණික විස්තර මෙසේයි.
එන්ජින් පන්තිය - M1
නිශ්පාදිත රට - මහා බ්‍රිතාන්‍යය
නිපදවූ සමාගම - Brush Bagnall (England)
ගෙන්වූ වර්ෂය - 1953
දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
බල සැපයුම් එන්ජිම - Mirrlees V12 JS12VT (4 stroke)
උපරිම බලය - 1000hp
උපරිම වේගය - 88 kmph
Axel Arrangement - A1A-A1A
බර - ටොන් 88
වර්ණය - රතු පැහැය
ගෙන්වූ එන්ජින් ගණන - 25
මෙසේ ගෙන්වන ලද පළමු එන්ජිම අංක 539 ලෙස කාණ්ඩ ගත කරන ලද අතර (සෑම එන්ජිමකම තමන්ට හිමි අංකය එහි බඳෙහි සටහන් කර තිබේ). එම දුම්රිය එන්ජිම සාර්ථක ප්‍රතිඵල දැක්වූ අතර එම වර්ගයේ තවත් එන්ජින් 24ක් මෙරටට ආනයනය කරන ලදී. මෙසේ ගෙන්වූ එන්ජින් 25 (අංක 539 සිට 563 දක්වා) මගින් දුම්රිය එන්ජින් බල ඇණිය මගින් මෙරට දුම්රිය මාර්ග වල ධාවනය වූ බොහෝ දුම්රියන් සඳහා යොදවන ලද අතර විශේෂයෙන් (එන්ජිමේ දෙපසම රියදුරු කුටි සහිත ආකාරය ඇති- Dual Cabin) මෙම එන්ජින් උඩරට දුම්රියන් සදහාද ඉතා සාර්ථක ලෙස ධාවනයට පවා යොදවන ලදී. එසේම උඩරට ධාවනයේදී Double-Headed (එන්ජින් දෙකක්) ආකාරයට ධාවනය කිරීම සිදු කල අතර වැඩි මැදිරි සංඛ්‍යාවකින් යුක්ත වූ දුම්රියන් මේ මලින් පහසුවෙන් උඩරට මාර්ගයේ ධාවනය කල හැකි විය. එසේම සුවිශේෂි Dual Cabin පහසුකම නිසා මෙම එන්ජින් හැරවීමකින් තොරව ආපසු ධාවනය කිරීමට තිබූ හැකියාව අමතර වාසියක් විය.
මෙසේ මෙරට දුම්රිය සේවයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කල M1 පන්තියේ දුම්රිය එන්ජින් 1953 සිට 1983 දක්වා අඛණ්ඩව වසර 30ක් පමණ කාලයක් තුල ස්වකීය සේවය මෙරට ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ලබා දී ඇති අතර එම දශක තුනකට ආසන්න කාලය තුල අති සාර්ථක එන්ජින් ලෙස බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වු බව කියවේ. කෙසේ වුවද 1984 වසර වන විට එතෙක් ධාවනයට යොදවා තිබුණ මෙම M1 එන්ජින් සියල්ලම ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. එයට හේතුව වූයේ එවායින් ලබා ගත හැකි උපරිම සේවය ඒ වන විට ලබාගෙන තිබීම නිසා ත්, අලුත් වැඩියාවන් සඳහා අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට අපහසු වීමත් නිසා තව දුරටත් නඩත්තු කල නොහැකි තත්වයට පත්වීමෙනි. එබැවින් ඒවා තව දුරටත් ධාවනය කරවීම ලාභදායී නොවු බැවින් එව වර්ගයේ සියලු එන්ජින් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.
එසේ ධාවනයෙන් ඉවත් කර අත හැර දමන ලද එන්ජින් 25න් මේ වන විට ඉතිරිව නිබෙන්නේ එන්ජින් කිහිපයක් පමණි. ඉතිරි එන්ජින් බොහොමය විවිධ අවස්ථා වලදී පැරණි යකඩ සඳහා කපා අලෙවි කර තිබේ.
ඡායාරූප :-
අංක 560 දරණ එන්ජිම 1976 දි චාවකච්චේරි දුම්රිය පොලේදී ගන්නා ලද ඡායාරෑපයක්
ඡායාරැපය:- M. මුතුකුමාරස්වාමි මහතා
අංක 551 දරණ එන්ජිම කොණ්ඩවිල් දුම්රිය පොලේදී 1984 ගන්නා ලද ඡායාරෑපයක්
ඡායාරෑපය:- M. මුතුකුමාරස්වාමි මහතා
1964 වසරේදි.
ස්ථානය:- තලවකැලේ සහ කොටගල අතර
ඡායාරූපය :- ඩග්ලස් එදිරිසිංහ මහතා
ඉහත මුල්ම ඡායාරූපයේ ඇති 560 එන්ඡිමේ මීට වසර කීපයකට පෙර තත්වය
(ඡායාරූපයේ හිමිකරු නොදනී)

src:-
............................................................
මෙම ලිපියට සබැදි,

Code:
locolanka blogs
මෙම ලිපියට සබැදි,
Code:
http://brushlanka.slrfc.org/articles/article2.htm
Code:
http://gyan.slrfc.org/locobrushbagnall.htm

+6