‎''තාත්තයි පුතයි''

GirlMelita

Member
Nov 5, 2011
19
5
0
‎''තාත්තයි පුතයි''

වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට
ඊට ඉස්සරහෙන් කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන සෑහෙන්න ආසාවෙන් එළිය බලාගෙන හිටියේ.

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.."

තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්ඩු මගේ අතටත් වැටෙනවා.."

දැන් කපල් එකට හෙනම ප්‍රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"


ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා.
ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක...
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක...

:yes: මේ ලෝකෙ මිනිස්සු වැඩිහරියක් පුරුදු වෙලා ඉන්නෙ අනුන්ගෙ වැරදි හොයන්නයි දෙයක් නොදැන කටකතා හදන්නයි විතරයි [ලංකාවෙ ඕක තවත් වැඩී :angry: ]
rep+ welcome to EK :)
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරියටම සත්‍ය නොදැන කොයිතරම් වැරදි
    තීරන අපි අරගෙන ඇද්ද...........
    ඒවා අවභෝද වෙද්දී
    අපි කොච්චර පරක්කුද.............

    (ගොඩාක් ස්තුතියි මේ කථාව දැම්මාට)
     

    GirlMelita

    Member
    Nov 5, 2011
    19
    5
    0
    හරියටම සත්‍ය නොදැන කොයිතරම් වැරදි
    තීරන අපි අරගෙන ඇද්ද...........
    ඒවා අවභෝද වෙද්දී
    අපි කොච්චර පරක්කුද.............
    (ගොඩාක් ස්තුතියි මේ කථාව දැම්මාට)

    eka aththa. api hama thissema hodata hithala balala thirana ganna one