‘නාසා’ සඳ ගමනක් අතේ පත්තුවෙයි
‘නාසා’ සඳ ගමනක් අතේ පත්තුවෙයි.
නාසා ආයතනය විසින් සඳ මතු පිටට යැවීමට නියමිතව තිබූ ගවේෂණ යානය අත්හදා බැලීමකදී පුපුරා විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස පෙරලී පුපුරා ගිනිගෙන විනාශ වී ඇත්තේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදී එහි එන්ජිම පරීක්ෂා කරන අවස්ථාවකදීය.
එය තත්ත්පර 30 කට අඩු කාලයකදී සිදුවු අනතුරක් වූ අතර නියමුවන් රහිත මෙම යානයේ පිපිරීම හේතුවෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නැත.
නාසා ආයතනය විසින් මෝෆස් නම් මෙම චන්ද්‍ර යානය නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 07 ක් වැයකොට තිබූ අතර එමගින් සඳ මතු පිටට කිලෝග්‍රෑම් 1100 ක් බරැති රොබෝ ගවේෂණ උපකරණ රැගෙන යාමට සැලසුම් කර තිබිනි.
Video