‘සෝවාන් ඵලය’ ~~~

hpalpola

Well-known member
  • හුඟක් වෙලාවට මිනිස්සු කියන දෙයක් තමයි තමන් සෝවාන් වුනාම කාටවත් කියන්නෙ නෑ කියලා. ඒ වගේම නොයෙක් දේ දැනෙනවා කියලා. මේ ගැන ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ පංචභයවෙර සූත්‍රය කියලා. අනාථ පිණ්ඩික සිටුතුමාට බුදුහාමුදුරුවො දේශනා කළ. ඒ සූත්‍රයෙදි දේශනා කෙරෙනවා කොයි වගේ කෙනෙක්ට ද තමන් සෝවාන් කියලා කියන්න පුළුවන් කියලා. අපි මේ මොන දේ කථා කළත් එ් කියන මිණුම් දඬු ඇතුළට දාලා බැලුවාම නිසි තැන නැත්නම්, මොන දේ කළත් කීවත් සෝවාන් වෙලා නෑ.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    හුඟක් වෙලාවට මිනිස්සු කියන දෙයක් තමයි තමන් සෝවාන් වුනාම කාටවත් කියන්නෙ නෑ කියලා. ඒ වගේම නොයෙක් දේ දැනෙනවා කියලා. මේ ගැන ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ පංචභයවෙර සූත්‍රය කියලා. අනාථ පිණ්ඩික සිටුතුමාට බුදුහාමුදුරුවො දේශනා කළ. ඒ සූත්‍රයෙදි දේශනා කෙරෙනවා කොයි වගේ කෙනෙක්ට ද තමන් සෝවාන් කියලා කියන්න පුළුවන් කියලා. අපි මේ මොන දේ කථා කළත් එ් කියන මිණුම් දඬු ඇතුළට දාලා බැලුවාම නිසි තැන නැත්නම්, මොන දේ කළත් කීවත් සෝවාන් වෙලා නෑ.

    Machn meka suthra deshanawa nadda ban sinhalen kiyawanna hari ahanna bari ,, thiyenawa num link eka deepanko ;)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Machn meka suthra deshanawa nadda ban sinhalen kiyawanna hari ahanna bari ,, thiyenawa num link eka deepanko ;)

    ඉහත සදහන් සූත්‍රය මෙතනින් කියවන්න: http://www.aathaapi.org/Thripitaka.html (සංයුක්ත නිකාය 2, PDF පිටු අංක 128 - 132.)

    යමෙක් සෝවාන් ඵලය ලබා ඇත්දැයි සැක හැර දැන ගැනීමට හැකි ක්‍රම 5ක් පමණ මෙන්න මෙතන නුදුරු අනාගතයේදී (දහම් දැකීම තුන් වන කොටසේදී) සදහන් වේවි: http://www.trekmentor.com/si/daham/talks
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    bohoma pin saho, sathara apayen midenna meh pina hethu wewaa
    bohoma isthuthi yaluwa
    සාදූ, සාදූ, සාදූ!

    KPZ, මෙය අසන්න:
    http://www.trekmentor.com/si/daham/talks
    bohoma isthuthi. man palaweni deshana dekama download karagaththa. thun weni deshanawa kohomada araganne?

    වටිනා thread එකක් සහෝ... බොහොම පිං... තෙරුවන් සරණයි... :yes:
    bohoma isthuthi yalu
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    bohoma isthuthi. man palaweni deshana dekama download karagaththa. thun weni deshanawa kohomada araganne?

    තුන් වන දෙශනාව එක් කල පසු මෙතන සදහනක් කරන්නම්. බොහෝ විට ඉදිරි සති දෙක තුල හැකිවේවී.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යුතුකමක්....

    ඔබ බුද්ධ දේශනා ඉදිරිපත් කිරීමට අපොහොසත් යැයි සිතා ඔබ නිවැරදිව දන්නා දේ අන් අයට කියා දෙන්න මැලි වෙන්න එපා. යමෙක් විස්තර ඇසුවොත් ඒ විස්තරත් සොයා දෙන්නම යුහුසුළු වෙන්න. මොකද අපහසු උනත් එවිට ඔබ සොයන්නේත්, එසේ සෙවීමෙන් ලබන්නේත් වටිනා දෙයක්මයි. ඔබ නිවැරදිව කියන දේ අන් අය තේරුම් ගත්තාද, නොගත්තාද, පිළිගන්නවාද, නොපිළිගන්නවාද කියන දේ අන් අයගේ අවබෝධය මතම සිදුවේවි.

    බුදු දහම පිළිබද සාකච්චාවට පෙළඹීම හැම දෙනාගේම දහම්හි පැහැදිලි අවබෝධයටත්, තම තමන් හරි හැටි නොදැන වැරදි මත වල සිටියානම් එම වැරදි මත වලින් මිදීමටත් ඉවහල් වෙනවා. එය මට නම් එසේමයි.

    "ආර්යය දර්ශනය" යන කරුණ සම්මා දිට්ඨියට බොහෝ සමාන බවයි මට හැගෙන්නේ.

    නමුත් ඔබ "පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පෙන්නුම් කරන දර්ශනයක්" ආදී ලෙසින් කියන නිසා සූත්‍ර දේශනා විමසා බලන්න යනවා නම් "විදර්ශනාව, යතාභූත ඥාන දර්ශනය, විමුක්ති ඥාන දර්ශනය" ආදී කරුනු ගැන සදහන් සූත්‍ර බැලුවොත් ඔබ කියන කරුන ගැන පැහැදිලි යමක් සොයාගන්න සමහර විට පුළුවන් වේවි, ඔබට ඒ ආධාරයෙන් ඔබ කියන්න උත්සාහ කල දේ පැහැදිලි කරන්න හැකිවේවි. සමහරක් විට වෙනත් සූත්‍රත් උවමනා වේවි.

    මම ඔබ කියන ආකාරයට ආසන්න සූත්‍ර දැක්කොත් මමත් මේ ත්‍රෙඩ් එකේම සදහන් කරන්නම්. එම සූත්‍ර වල ඇත්තේ ඔබ කියන ආකාරයට ලඟින් යන කරුණු උවත් එහි අරුත් ඔබ කියන දේට තරමක් වෙනස් නම් එයත් මම සදහන් කරන්නම්. ඔබ කියන දේ එසේම ඇතැයි සිතුනොත් එයත් මම සදහන් කරන්නම්. දැනට නම් යම් ගැටළු සහගත බවක් ඇති බවයි මගේ වැටහීම. සොයලාම බලමුකෝ.

    මේ තියෙන්නේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතකින් උපුටා ගත් කොටසක්...

    10659380_10201610151014316_5786920246809511541_n.jpg

    10647008_10201610151134319_1949734751353233611_n.jpg
    10614165_10201610151174320_8955311894557558919_n.jpg

    10613085_10201610151654332_1505958223958474635_n.jpg

    රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ, භාවනාව දියුණු කල ස්වාමින්වහන්සේ නමක් බවට බොහෝ අය පිළිගන්න මතයක්. මමත් ඒ අතුරින් කෙනෙක්. එහෙම හිතන්න මට හේතු තියනවා. ඔබ මොන ආකාරයේ ආකල්පයක් දරනවද යන්න මම දන්නේ නැහැ. මම උන්වහන්සේගේ භාවනාවේ දියුණුව ඔප්පු කරන්න නෙවේ යන්නේ මම කොහොමද අර කතාව කිවුවේ කියන්න සාක්ෂියක් පෙන්වන්න. මම ඒවා සොයාගත් අයුරු ක්‍රම කිහිපයක් ඔබට කිවුවා. එයින් එකක් මේ. ඔන්න මම මගේ යුතුකමක් ඉටු කළා මිත්‍රයා. පිළිගැනීම හෝ නොගැනීම ඔබට සහ දකින අයට භාරයි. :)

    මේ සම්බන්ධ බුද්ධ දේශනා ලැබුණු වහාම මම ඒවා මේ thread ඒකෙ දක්වන්නම්. :)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ තියෙන්නේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතකින් උපුටා ගත් කොටසක්...

    රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ, භාවනාව දියුණු කල ස්වාමින්වහන්සේ නමක් බවට බොහෝ අය පිළිගන්න මතයක්. මමත් ඒ අතුරින් කෙනෙක්. එහෙම හිතන්න මට හේතු තියනවා. ඔබ මොන ආකාරයේ ආකල්පයක් දරනවද යන්න මම දන්නේ නැහැ. මම උන්වහන්සේගේ භාවනාවේ දියුණුව ඔප්පු කරන්න නෙවේ යන්නේ මම කොහොමද අර කතාව කිවුවේ කියන්න සාක්ෂියක් පෙන්වන්න. මම ඒවා සොයාගත් අයුරු ක්‍රම කිහිපයක් ඔබට කිවුවා. එයින් එකක් මේ. ඔන්න මම මගේ යුතුකමක් ඉටු කළා මිත්‍රයා. පිළිගැනීම හෝ නොගැනීම ඔබට සහ දකින අයට භාරයි. :)

    මේ සම්බන්ධ බුද්ධ දේශනා ලැබුණු වහාම මම ඒවා මේ thread ඒකෙ දක්වන්නම්. :)

    ඔබ සැබැවින්ම ඔබ පැවසූ කාරනය මා අනුමාන කල ආකාරයෙන් විහිළුවට පැවසූ කාරනයක් නොවන බව තහවුරු කර තිබෙනවා. මේ නිසා ඔබ මුලදී කී දේ ඔබ නිවැරදි යැයි හිතන සහ යම් මූලාශ්‍ර ඇතුවම පවසා ඇති බව තහවුරු කර තිබෙනවා.

    රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ කිනම් පමණක දහම් අවබෝධයක් තිබූ ස්වාමීන් වහන්සේ නමක්දැයි කියන්න මම දන්නේ නැහැ. නමුත් පූර්ණ අවබෝධයක් නොතිබූ බව උන් වහන්සේගේම වචන වලින් කියා තිබෙනවා. පහත දැක්වෙන්නේ උන් වහන්සේගේ පටිච්ච සමුප්පාද විවරණය (1957) පොතේ වදන් පෙළක්. මේ නිසා 1955 වසරේ රචිත සතිපට්ඨාන භාවනාව ගැන පොත ලියන කාලය තුලත් උන් වහන්සේට පූර්ණ වූ අවබෝධයක් නොතිබූ බවත්, අඩුපාඩු, වැරදි සහිතවම දහම් ඉදිරිපත් කරන්නට ඇති බවත් හිතා ගන්න වෙනවානේ.

    attachment.php

    මේ 1950 කාලය කෙලෙසදැයි මා දන්නේ නැහැ. එතුමන් කියන අයුරට එතුමන් අඩුපාඩු, වැරදි සිදුවිය හැකි බව දැන දැනත් දහම් ඉදිරිපත් කිරීමට හේතුවත් කියා තිබෙනවා. ඉතින් ඒ කියන පසුබිම එසේ නම් කර ඇති දේ යම් පමණකට සාධාරන බවක් මට හිතෙනවා. මොකවත් නැත්තටම නැතුවට වඩා වැරදි ඇතුව හෝ පොඩ්ඩක් තිබීමත් හොදයි. හැබැයි ඉතින් වැරදි තිබ්බොත් සහ ඒ වැරදි සහිත දහම් නිවැරදිම දහම් ලෙස සමාජ ගත උනොත්, පසු කාලයේදී පිරිස් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොකර ඒ කියන කාරනා පිළිගත්තොත් සද්ධර්මය පිරිසිදු වීමට ඇති හැකියාව බොහෝ සෙයින් පහල යනවා.

    මේ නිසා රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ කියා ඇති කරුණු විමසීමකින් තොරව පිළිගැනීමට මා යොමුවන්නේ නැහැ. මේ සතිපට්ඨාන භාවනාව ගැන පොත ඇතුවත් බැරි, නැතුවත් බැරි පොතක් ලෙසයි මට පෙනෙන්නේ.

    "ඇතුව බැරි" ලෙස සදහන් කලේ මේ පොතේ සමහර කරුණු ත්‍රිපීටක ධර්මයෙන් පිට පැන ඇති නිසා ඇතිවන ඉමහත් හානි කර බවින් යුක්ත බැවින්. වේදනානුපස්සනාව සහ විත්තානුපස්සනාව හුදෙක් වේදනාව ගැන මෙනෙහි කිරීම සහ සිතුවිලි ගැන මෙනෙහි කිරීම ලෙස පැවසීම නුසුදුසු යැයි මා හිතනවා. මට මේ ගැන මහා අවබෝධයක් නම් නැහැ. නමුත් මේ මම සූත්‍ර පිටකයේ දැක ඇති ආකාරය නොවෙයි. සතර සතිපට්ඨානය අවුල් උනොත් මහා විනාශයක් තමයි. මේ නිසා සතිපට්ඨානය මෙ ආකාරයට ලඝු කොට පැවසීම මා නම් දකින්නේ විනාශයක් ලෙසයි. වෙනස කෙස්ගසක් තමයි. නමුත් පෙනෙන ආකාරයට යමක් දෙස බැලිය යුතු ආකාරයක් බුදු පියානන් පවසා තිබියදී නිකම්ම බලන්න කීම නොපෙනෙන්න කාරනාවක් ලෙසයි මා දකින්නේ. ධම්මානුපස්සනාවක් ගැන ලඝු කොටවත් කියා නැහැ (මට නොපෙනුනා විය හැකියී).

    "නැතුව බැරි" ලෙස සදහන් කලේ මේ පොතේ ඇති සමහර කරුණු ත්‍රිපීටකයේ ඇති කරුණු වටහා ගැනීමට රුකුල් වන නිසා. අත්දැකීමුත් ගොඩක් ඇතුලත්. ධම්මානුපස්සනාව ගැන විස්තර සදහන් නොවුනත් යමෙකුට මේ කියන ආකාරයට උත්සාහ කලොත් එය බොහෝම ඵලවත් දෙයක් විය හැකි බව මට හැඟෙනවා. නමුත් ත්‍රිපිටකයේ නම් ඔයිට වඩා හොදින්, නිරවුල්ව, කල යුත්ත කුමක්දැයි මනාකොට පවසා තිබෙනවා. ඒ නිසා ත්‍රිපිටකයේ ඇති ආකාරය හා සැසදීමේදී මේ පොතේ ඇත්තේ කිනම් අයුරක දෙයක්දැයි ඔබට උපමාවකින් කියුවොත්, හිතන්නකෝ දුර ගමනක් යන්න ලෑස්තිවෙන අයෙක් තමාගේ ගමනට අවශ්‍ය දේ ප්‍රමානවත් තරමින් සපුරාගෙන පහසුවෙන් ගමනක් යනවා කියා. තවත් හිතන්නකෝ එසේ පහසුවෙන් යන්න පුළුවන් කෙනෙකුට අපි බර යමකුත් ගෙනියන්න කියා දෙනවාය කියා. බර යමක් දුන්නාද එය ගමනේ වේගය බාල කරනවා. අන්න ඒ වගේ ගමනේ වේගය යම් පමනකින් බාල කරන ස්වරූපයක දෙයක් තමයි මම මේ පොතේ දකින්නේ. වේගය යම් පමනකින් බාල කලාට සෑහෙන දුරක් යනකම් වැරදෙන්න නම් බැරි බවක් තමයි මට හිතෙන්නේ.

    අඩුපාඩු ලෙස ඇති කරුණු ගනනාවක් තිබෙනවා. මට මේ වෙලාවේ දීර්ඝ ලෙස විස්තර කිරීමට කාලය ප්‍රමානවත් නැහැ. යම් රෝගී බවක් ඇති නිසා කායිකව අපහසු බවකුත් තියෙනවා. නමුත් සරලව තේරුම් ගන්න පුළුවන් එක් තැනක් පෙන්වන්නම්:

    attachment.php

    රතු පාටින් ඇති කොටුවේ වාක්‍ය තුනක් තියෙනවා. සකල සංස්කාරයන්ගේ නිරෝධයේදී චිත්තයන් (සංස්කාරයන්මයි) පැවැත්මක් එතන කියනවා. ඉතින් වාක්‍යය එහෙම් පිටින්ම ප්‍රතිවිරුද්ධ අර්ථ සහිතයි. දෙවන වාක්‍යයේ කියවෙන්නේත් එවැනිම කාරනාවක්. යමක් දැනෙනවා යැයි කියවෙනවා. ඉතින් ඒ වාක්‍යයත් අර්ථ රහිතයි (අන් වාක්‍ය සමග සසඳා බලන්න). තුන්වන වාක්‍යයේදී නිවන යනු අන් දෙයක්යැයි පැනවීමක් කරනවා. මේ හේතු ඵල දහම් ස්වභාවය වටහා නොගත් විට සිදුවන දෙයක්. බුදු පියානන් මෙසේ පැවසීම (තුන් වන වාක්‍ය) වැරදි දෙයක්, බුදු පියානන් නොපැවසූ දෙයක් බව සදහන් කර තිබෙනවා. මේ වාක්‍ය තුනම මේ ආකාරයට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආත්ම දෘෂ්ඨිය නිසා. නමුත් ඊට පහලින් ඇති වාක්‍ය නිවැරදි බවින් යුක්තයි (ත්‍රිපිටක දහම් හා කියන අයුරින් සහ අරුතින් ගැලපෙනවා). එහෙත් මේ කියන ඵල සමාප්තිය ත්‍රිපිටකයේ ඇති යමක් සමග ගැලපීම කියන්න මට තේරෙන්නේ නැහැ. නමුත් ඔය පොතේ ඵල සමාප්තිය යැයි කියා කියන්නේ කුමකට දැයි මම දන්නවා. ත්‍රිපිටකයේ සදහන් සංඥා වේදයිත නිරෝධ සමාප්තිය වන් යැයි මම දැනට හිතනවා.

    ඉතින් මිත්‍රයා රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ මොන අවබෝධයකින් සිටියාදැයි කියන්න අපහසුයි. පොතේ අවුල් සහගත කාරනාත් සදහන් වන නිසා (උදාහරණයකට ආත්ම දෘෂ්ඨියට අනුරූප සහ හේතු ඵල දහම් ස්වභාවය අවබෝධ නොකල බවට අනුරූප කරුණු) එතුමන් සෝවාන් ඵලය වත් ලබා සිටියාදැයි කීමට අපහසුයි. මෙකල්හි හිටියානම් විමසා බලා මේ කරුණු තහවුරු කරගන්න තිබුනා. මේ නිසා මම රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ අවබෝධය ගැන නිගමනයක් කරන්න යන්නේ නැහැ. පොතේ ඇත්තේනම් නිවැරදි සහ වැරදි කරුණු වල මිශ්‍රණයක්.

    පොතේ ඇති අපේ කතාබහට ආදාල දේ ගැන සැලකුවොත් මම තවමත් ඉන්නේ මම අපේ කතාබහේ ආරම්භයේ මම කී මතයේමයි. මේ පොතේ සෝවාන් ඵලය ලැබීම යැයි ඔබ කියූ ආකාරයේ දෙයක් විස්තර වෙනවා. මේ කියවෙන දෙය දැකීමක් තමයි. එය පෙනෙන දෙයක් තමයි (පෙනෙන්නේ ඇස් වලට නොවේ, මනසට). කෙනෙක් "දැකීමක්, පෙනීමක්" කීවාම ඇස්වලින් මෙන් රූප පේනවායැයි සිතීම සුදුසු නැහැ. එනිසා මෙය "දැනීමක්" ලෙස කීවත් කමක් නැහැ. නමුත් මේ පොතේ කියවෙන දෙය "දැකීමක්, පෙනීමක්" කීමේ කිසිම වරදක් මම දකින්නේ නැහැ.

    නමුත් මිත්‍රයා මම එපමනකින් යමෙක් සෝවාන් ඵලය ලබනවා යැයි පොතේ සදහන් කර තිබීම පිළිගන්නේ නැහැ. පොතේ සදහන් කරුන කෙනෙකුට අත්විදින්න ලැබුනොත් එය මහත් භාග්‍යක් ලෙසම මම හිතනවා. එනමුත් රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ පවසා තිබුනාට මගේ අවබෝධයේ තරමින් බුදු පියානන් ඔවැනි දෙයක් කියා තිබෙන්න අවකාශයක් නැහැ. මම ත්‍රිපිටකය ගැන මහා අවබෝධයක් ඇති අයෙක් නම් නොවෙයි. කියවා ඇත්තේත් සුළු ප්‍රමානයයි. කියවූ ප්‍රමානයෙන් මතකයේ ඇත්තේත් සුළු ප්‍රමානයයි. ඒත් මම හිතන්නේ නැහැ ඔවැනි යමක් බුදු පියානන් පවසා තිබෙන්න පුළුවන් බව.

    ඔබ මේ පොත මට දැක්වූවාට ඔබට පින්. එය මෙකල්හි දක්නට ලැබීම මගේ භාග්‍යක් කොටම මම සලකනවා. මට මේ පොතේ ඇති සමහර කරුණු සැබැවටම ප්‍රයෝජනවත්. නමුත් මම ඔය පොත යම් කලකට කලින් දැක්කා නම් මටත් තවත් බොහෝ දෙනෙකුටත් සොරිම තමයි, මහත් අභාග්‍යක්ම තමයි! මේ දෙවිදිහේම කරුණු නිසා මම ඔය පොතට කැමතියී, අකමැතියී :) අන් අයට නම් මම කියන්නේ වෙන ඒවා පැත්තක තබා ත්‍රිපීටකයම කියවන්න යොමුවන්න කියා.

    1st update note: රතු කොටුවේ ඇති දෙවන වාක්‍ය ගැන මා මුලින් ලියූ දෙය මම අදහස් කල දේ වැරදියට ප්‍රකාශ වී ඇති බවක් දුටු නිසා පසුව පොඩ්ඩක් වෙනස් කලා.
     
    Attachments

    • niwana.jpg
      niwana.jpg
      95.7 KB · Views: 440
    • patichcha-samuppadaya.jpg
      patichcha-samuppadaya.jpg
      42.8 KB · Views: 177
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ ගැටලුව නිමා කරමි.

    ඔබ සැබැවින්ම ඔබ පැවසූ කාරනය මා අනුමාන කල ආකාරයෙන් විහිළුවට පැවසූ කාරනයක් නොවන බව තහවුරු කර තිබෙනවා. මේ නිසා ඔබ මුලදී කී දේ ඔබ නිවැරදි යැයි හිතන සහ යම් මූලාශ්‍ර ඇතුවම පවසා ඇති බව තහවුරු කර තිබෙනවා.

    රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ කිනම් පමණක දහම් අවබෝධයක් තිබූ ස්වාමීන් වහන්සේ නමක්දැයි කියන්න මම දන්නේ නැහැ. නමුත් පූර්ණ අවබෝධයක් නොතිබූ බව උන් වහන්සේගේම වචන වලින් කියා තිබෙනවා. පහත දැක්වෙන්නේ උන් වහන්සේගේ පටිච්ච සමුප්පාද විවරණය (1957) පොතේ වදන් පෙළක්. මේ නිසා 1955 වසරේ රචිත සතිපට්ඨාන භාවනාව ගැන පොත ලියන කාලය තුලත් උන් වහන්සේට පූර්ණ වූ අවබෝධයක් නොතිබූ බවත්, අඩුපාඩු, වැරදි සහිතවම දහම් ඉදිරිපත් කරන්නට ඇති බවත් හිතා ගන්න වෙනවානේ.

    attachment.php

    මේ 1950 කාලය කෙලෙසදැයි මා දන්නේ නැහැ. එතුමන් කියන අයුරට එතුමන් අඩුපාඩු, වැරදි සිදුවිය හැකි බව දැන දැනත් දහම් ඉදිරිපත් කිරීමට හේතුවත් කියා තිබෙනවා. ඉතින් ඒ කියන පසුබිම එසේ නම් කර ඇති දේ යම් පමණකට සාධාරන බවක් මට හිතෙනවා. මොකවත් නැත්තටම නැතුවට වඩා වැරදි ඇතුව හෝ පොඩ්ඩක් තිබීමත් හොදයි. හැබැයි ඉතින් වැරදි තිබ්බොත් සහ ඒ වැරදි සහිත දහම් නිවැරදිම දහම් ලෙස සමාජ ගත උනොත්, පසු කාලයේදී පිරිස් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොකර ඒ කියන කාරනා පිළිගත්තොත් සද්ධර්මය පිරිසිදු වීමට ඇති හැකියාව බොහෝ සෙයින් පහල යනවා.

    මේ නිසා රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ කියා ඇති කරුණු විමසීමකින් තොරව පිළිගැනීමට මා යොමුවන්නේ නැහැ. මේ සතිපට්ඨාන භාවනාව ගැන පොත ඇතුවත් බැරි, නැතුවත් බැරි පොතක් ලෙසයි මට පෙනෙන්නේ.

    "ඇතුව බැරි" ලෙස සදහන් කලේ මේ පොතේ සමහර කරුණු ත්‍රිපීටක ධර්මයෙන් පිට පැන ඇති නිසා ඇතිවන ඉමහත් හානි කර බවින් යුක්ත බැවින්. වේදනානුපස්සනාව සහ විත්තානුපස්සනාව හුදෙක් වේදනාව ගැන මෙනෙහි කිරීම සහ සිතුවිලි ගැන මෙනෙහි කිරීම ලෙස පැවසීම නුසුදුසු යැයි මා හිතනවා. මට මේ ගැන මහා අවබෝධයක් නම් නැහැ. නමුත් මේ මම සූත්‍ර පිටකයේ දැක ඇති ආකාරය නොවෙයි. සතර සතිපට්ඨානය අවුල් උනොත් මහා විනාශයක් තමයි. මේ නිසා සතිපට්ඨානය මෙ ආකාරයට ලඝු කොට පැවසීම මා නම් දකින්නේ විනාශයක් ලෙසයි. වෙනස කෙස්ගසක් තමයි. නමුත් පෙනෙන ආකාරයට යමක් දෙස බැලිය යුතු ආකාරයක් බුදු පියානන් පවසා තිබියදී නිකම්ම බලන්න කීම නොපෙනෙන්න කාරනාවක් ලෙසයි මා දකින්නේ. ධම්මානුපස්සනාවක් ගැන ලඝු කොටවත් කියා නැහැ (මට නොපෙනුනා විය හැකියී).

    "නැතුව බැරි" ලෙස සදහන් කලේ මේ පොතේ ඇති සමහර කරුණු ත්‍රිපීටකයේ ඇති කරුණු වටහා ගැනීමට රුකුල් වන නිසා. අත්දැකීමුත් ගොඩක් ඇතුලත්. ධම්මානුපස්සනාව ගැන විස්තර සදහන් නොවුනත් යමෙකුට මේ කියන ආකාරයට උත්සාහ කලොත් එය බොහෝම ඵලවත් දෙයක් විය හැකි බව මට හැඟෙනවා. නමුත් ත්‍රිපිටකයේ නම් ඔයිට වඩා හොදින්, නිරවුල්ව, කල යුත්ත කුමක්දැයි මනාකොට පවසා තිබෙනවා. ඒ නිසා ත්‍රිපිටකයේ ඇති ආකාරය හා සැසදීමේදී මේ පොතේ ඇත්තේ කිනම් අයුරක දෙයක්දැයි ඔබට උපමාවකින් කියුවොත්, හිතන්නකෝ දුර ගමනක් යන්න ලෑස්තිවෙන අයෙක් තමාගේ ගමනට අවශ්‍ය දේ ප්‍රමානවත් තරමින් සපුරාගෙන පහසුවෙන් ගමනක් යනවා කියා. තවත් හිතන්නකෝ එසේ පහසුවෙන් යන්න පුළුවන් කෙනෙකුට අපි බර යමකුත් ගෙනියන්න කියා දෙනවාය කියා. බර යමක් දුන්නාද එය ගමනේ වේගය බාල කරනවා. අන්න ඒ වගේ ගමනේ වේගය යම් පමනකින් බාල කරන ස්වරූපයක දෙයක් තමයි මම මේ පොතේ දකින්නේ. වේගය යම් පමනකින් බාල කලාට සෑහෙන දුරක් යනකම් වැරදෙන්න නම් බැරි බවක් තමයි මට හිතෙන්නේ.

    අඩුපාඩු ලෙස ඇති කරුණු ගනනාවක් තිබෙනවා. මට මේ වෙලාවේ දීර්ඝ ලෙස විස්තර කිරීමට කාලය ප්‍රමානවත් නැහැ. යම් රෝගී බවක් ඇති නිසා කායිකව අපහසු බවකුත් තියෙනවා. නමුත් සරලව තේරුම් ගන්න පුළුවන් එක් තැනක් පෙන්වන්නම්:

    attachment.php

    රතු පාටින් ඇති කොටුවේ වාක්‍ය තුනක් තියෙනවා. සකල සංස්කාරයන්ගේ නිරෝධයේදී චිත්තයන් (සංස්කාරයන්මයි) පැවැත්මක් එතන කියනවා. ඉතින් වාක්‍යය එහෙම් පිටින්ම ප්‍රතිවිරුද්ධ අර්ථ සහිතයි. දෙවන වාක්‍යයේදී කිසිවක් නොදැනෙන එහෙත් නිවන දැනෙන බවක් පවසනවා. ඉතින් ඒ වාක්‍යයත් අර්ථ රහිතයි. තුන්වන වාක්‍යයේදී නිවන යනු අන් දෙයක්යැයි පැනවීමක් කරනවා. මේ හේතු ඵල දහම් ස්වභාවය වටහා නොගත් විට සිදුවන දෙයක්. බුදු පියානන් මෙසේ පැවසීම (තුන් වන වාක්‍ය) වැරදි දෙයක්, බුදු පියානන් නොපැවසූ දෙයක් බව සදහන් කර තිබෙනවා. මේ වාක්‍ය තුනම මේ ආකාරයට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආත්ම දෘෂ්ඨිය නිසා. නමුත් ඊට පහලින් ඇති වාක්‍ය නිවැරදි බවින් යුක්තයි (ත්‍රිපිටක දහම් හා කියන අයුරින් සහ අරුතින් ගැලපෙනවා). එහෙත් මේ කියන ඵල සමාප්තිය ත්‍රිපිටකයේ ඇති යමක් සමග ගැලපීම කියන්න මට තේරෙන්නේ නැහැ. නමුත් ඔය පොතේ ඵල සමාප්තිය යැයි කියා කියන්නේ කුමකට දැයි මම දන්නවා. ත්‍රිපිටකයේ සදහන් සංඥා වේදයිත නිරෝධ සමාප්තිය වන් යැයි මම දැනට හිතනවා.

    ඉතින් මිත්‍රයා රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ මොන අවබෝධයකින් සිටියාදැයි කියන්න අපහසුයි. පොතේ අවුල් සහගත කාරනාත් සදහන් වන නිසා (උදාහරණයකට ආත්ම දෘෂ්ඨියට අනුරූප සහ හේතු ඵල දහම් ස්වභාවය අවබෝධ නොකල බවට අනුරූප කරුණු) එතුමන් සෝවාන් ඵලය වත් ලබා සිටියාදැයි කීමට අපහසුයි. මෙකල්හි හිටියානම් විමසා බලා මේ කරුණු තහවුරු කරගන්න තිබුනා. මේ නිසා මම රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ අවබෝධය ගැන නිගමනයක් කරන්න යන්නේ නැහැ. පොතේ ඇත්තේනම් නිවැරදි සහ වැරදි කරුණු වල මිශ්‍රණයක්.

    පොතේ ඇති අපේ කතාබහට ආදාල දේ ගැන සැලකුවොත් මම තවමත් ඉන්නේ මම අපේ කතාබහේ ආරම්භයේ මම කී මතයේමයි. මේ පොතේ සෝවාන් ඵලය ලැබීම යැයි ඔබ කියූ ආකාරයේ දෙයක් විස්තර වෙනවා. මේ කියවෙන දෙය දැකීමක් තමයි. එය පෙනෙන දෙයක් තමයි (පෙනෙන්නේ ඇස් වලට නොවේ, මනසට). කෙනෙක් "දැකීමක්, පෙනීමක්" කීවාම ඇස්වලින් මෙන් රූප පේනවායැයි සිතීම සුදුසු නැහැ. එනිසා මෙය "දැනීමක්" ලෙස කීවත් කමක් නැහැ. නමුත් මේ පොතේ කියවෙන දෙය "දැකීමක්, පෙනීමක්" කීමේ කිසිම වරදක් මම දකින්නේ නැහැ.

    නමුත් මිත්‍රයා මම එපමනකින් යමෙක් සෝවාන් ඵලය ලබනවා යැයි පොතේ සදහන් කර තිබීම පිළිගන්නේ නැහැ. පොතේ සදහන් කරුන කෙනෙකුට අත්විදින්න ලැබුනොත් එය මහත් භාග්‍යක් ලෙසම මම හිතනවා. එනමුත් රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ පවසා තිබුනාට මගේ අවබෝධයේ තරමින් බුදු පියානන් ඔවැනි දෙයක් කියා තිබෙන්න අවකාශයක් නැහැ. මම ත්‍රිපිටකය ගැන මහා අවබෝධයක් ඇති අයෙක් නම් නොවෙයි. කියවා ඇත්තේත් සුළු ප්‍රමානයයි. කියවූ ප්‍රමානයෙන් මතකයේ ඇත්තේත් සුළු ප්‍රමානයයි. ඒත් මම හිතන්නේ නැහැ ඔවැනි යමක් බුදු පියානන් පවසා තිබෙන්න පුළුවන් බව.

    ඔබ මේ පොත මට දැක්වූවාට ඔබට පින්. එය මෙකල්හි දක්නට ලැබීම මගේ භාග්‍යක් කොටම මම සලකනවා. මට මේ පොතේ ඇති සමහර කරුණු සැබැවටම ප්‍රයෝජනවත්. නමුත් මම ඔය පොත යම් කලකට කලින් දැක්කා නම් මටත් තවත් බොහෝ දෙනෙකුටත් සොරිම තමයි, මහත් අභාග්‍යක්ම තමයි! මේ දෙවිදිහේම කරුණු නිසා මම ඔය පොතට කැමතියී, අකමැතියී :) අන් අයට නම් මම කියන්නේ වෙන ඒවා පැත්තක තබා ත්‍රිපීටකයම කියවන්න යොමුවන්න කියා.

    මෙහෙමයි මිත්‍රයා...

    ඔය පොතේ තියන්න සියල්ල ඒ අයුරින් පිලි ගන්න කියලා මම කියන්නේ නැහැ. කිවුවේත් නැහැ. විවිධ ස්වාමින් වහන්සේලා විවිධ අයුරින් පොතපත ලියනවා. ඒවා කියවලා ගත යුතු දෙයක් ගැනීම කියවන්නා සතු කාර්යක්.

    නමුත් ත්‍රිපිටකයේ අඩංගු පිරිසිදු බුද්ධ දේශනා අවිවාදයකින් තොරවම පිළිගත යුතුයි. බෞද්ධයෙක් නම්. ඒ අනුව ඔබ කියන එක හරි.

    මෙතන මෙහෙම කරුනකුත් තියනවා. යමෙක් සෝවාන් වෙලා නැත්තම් ඇත්තටම ඔහු සෝවාන් උනාට පස්සේ ලැබෙන, දකින දෙයක් ගැන වද වීම අනවශ්‍ය දෙයක්. සෝවාන් වෙන ඒක දැනෙන විදිහ, ලබපු කෙනා දන්නවා. ඉතින් නොලබපු අපි ඒ ගැන කරදර වීම තේරුමක් නැති දෙයක්..

    ඔය පොත මම පෙන්නුවේ, මම කි කරුණට නිදර්ශකයක් සඳහා පමණයි. එය පිළිගැනීම නොපිලි ගැනීම ඔබ සතු දෙයක් බව මා මුලිනුත් කිවුව. අනික මම ඔය කරුණ පිලි ගන්නවා සහ මම ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ. මොකද මම සෝවාන් පලය ලබලා නැහැ නේ. ඉතින් ලබන්න තරම් වාසනාවක් තිබුනොත් ඔය කැරුණේ ඇත්ත නැත්ත තමුන්ටම බලා ගන්න පුළුවන්. ඒ නිසා මම ඕක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. නමුත් ඔය පොතේ එක් කරුණක් පැහැදිලිව සඳහන් වෙනවා. ඒ තමා, "පලය ලබන භාවනායෝගියාගේ සිතේ පැහැදිලි විශාල වෙනසක් ඇති වෙනවා, ඒ අනුව පලය ලබපු කෙනා ඒ බව දැන ගන්නවා" කියලා. ඉතින් ඔබට ඒක පිළිගන්න වෙනවා නේ. අනික ඒ ප්‍රමාණවත් නේ. මොකද සක්කාය දිට්ටිය ප්‍රහාණය කල භාවනායෝගියා තුල අනිවාර්යෙන්ම කලින් පැවති සිතිවිලි පරම්පරාවට වඩා බොහෝ වෙනස් - පැහැදිලි ලෙසම වෙනස් සිතිවිලි දාමයක් ඇරඹෙන්න එපැයි. ඒ නිසා. එය දර්ශනයකින් තහවුරු වීම අතිරේක කරුණක්.

    කොයි තරම් දුරට සාධාරණද නැද්ද දන්නේ නැහැ නමුත් මම ඔබ තුල දැකපු කරුණක් තියනවා. ඒ තම ඔබ පිරිසිදු බුද්ධ ධර්මය හැරුණු කොට වෙන කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් නොපිලි ගන්නා අයෙකු වීම. එය එක අතකින් හොඳයි. මොකද ඒ නිසා ඔබ වෙනත් අයෙක් කියන වැරදි දෙයක් අහලා නොමඟ යන්නේ නැහැ. ඒ වගේම අවාසියක් ලෙස, යමෙක් කියන නිවැරදි කරුනුත් ඔබට මඟ හැරේවි. ඇත්තෙන්ම ඔබ මා කියන දේ පිළිගතයුතු නැහැ. මොකද මම, ඔබ හඳුනන්නේත් නැති, දැකලත් නැති, මෙහි පැමිණ විස්තර සටහන් කරන්නෙකු පමණක් වීම. නමුත් ඔබට ඔය විදිහට නම් ඉදිරියටත් දිගටම කටයුතු කරන්නේ, ඔබට, ඔබේ ධර්ම මාර්ගය සාර්ථක කර ගන්න තරමක් අපහසු වෙයි. හේතුව කියන්නම්.

    භාවනයෝගියෙක් ධර්ම මාර්ගයේ හැසිරෙන විට, එහි සාර්ථකත්වය කරා යන ගමනේදී, ලබන සියලු අත්දැකීම් සුත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ නැහැ. ඒවායින් සමහර ඒවා ප්‍රයෝගිකව කිරීමෙන්ම පමණක් ඉගෙන ගන්නා දේවල්. ඒ වගේම ඒ ඒ පුද්ගලයන්ගේ මනසේ/කර්මයේ/පිනෙ ස්වභාවය අනුව ඒ ඒ අයට වෙනස් වෙන දේවල්. ඒ සියලු දේ සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා වල අන්තර්ගත නැහැ. එතකොට ඒවා දැන ගන්නේ කොහොමද? ඒවා දැනගන්න පුළුවන් වෙන්නේ බුද්දහමේ සඳහන් "කල්‍යාන මිත්‍ර ආශ්‍රයෙන්" පමණයි. එතකොට ඔය සම්බන්ධයෙන් දැන් ඉන්න හොඳම කල්‍යාන මිත්‍රයට තමා "ගුරුවරයා" කියන්නේ. භාවනායෝගියාගේ ගුරුවරයා.

    කාලයාගේ ඇවෑමෙන්, මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරන්න තියන හැකියාව/පින එන්න එන්නම හීන වෙනවා. බුදුන් දවස වගේ නෙවේ දැන් කාලයේ නිවැරදි ගුරුවරයෙකුගෙන් තොරව මේ ධර්මය අවබෝධ කරන්න, ධර්ම මාර්ගය සාර්ථක කර ගන්න අමාරුයි. බැහැ කියලා නෙවේ කියන්නේ අපහසුයි කියලා. බොහෝ පිං ඇති අය පහල වෙනවා. ඒ අය ඉක්මනින් අවබෝධ කර ගන්නවා. නමුත් අපට අපි සතු ඒ පිනෙ ප්‍රමාණය දකින්න බැහැ. ඒ නිසයි සුදුසු ගුරුවරයෙකුගේ උපකාරය අවශ්‍ය වෙන්නේ.

    භාවනා යෝගියෙකුට ඇතැම් අවස්ථාවල තමන්ට වරදින අවස්තාව හොයාගන්න බැහැ. නමුත් ඒක ගුරුවරයාට පෙනෙනවා. ඇතැම් විට ගුරුවරයෙක් නැතුව, ඒ වරදින තැන් හොයා ගන්න බැරි ඇතැම් අය, පසුව බොහෝ ප්‍රශ්න වලට ලක් වෙනවා.

    ඒ වගේම, ඔබට ඔබ තෝරා ගන්නා ගුරුවරයාව විශ්වාස කරන්න සිද්ද වෙනවා. මොකද ගුරුවරයාව සැක කරලා, ගුරුවරයාටත් වඩා පණ්ඩිත වෙලා ඔබට ඔය ගමන යන්න බැහැ. අන්න එතකොට ඔබ භාවනාවෙදී මුහුණ පාන ගැටළු වලට නිවැරදි විසඳුමක් ලැබෙන්නේ.

    අන්න ඒ නිසයි, ගුරුවරයෙක් යටතේ භාවනාව දියුණු කිරීම වැදගත් වන්නේ. නිවැරදි ගුරුවරයෙක් කරා යොමු වීම, තෝරා ගැනීම ඔබ සතු කාර්යක්. ඒකට ඔබේ දක්ෂකම, පින සහ වාසනාව උපකාර වේවි.

    යම් දවසක ඔබ ගුරුවරයාට සමාන තත්ත්වයකට පත් වේවි. අන්න එදායින් පසු ඔබට ඒ ගුරුවරයාගේ උපකාර අවශ්‍ය නොවේවි. එතෙන්දි ඔබට පුළුවන් ලැබුණු අත්දැකීමුත් උපයෝගී කරගෙන වෙනත් ගුරුවරයෙකු කරා යන්න. ඔබ තව දුරටත් අදාළ ගුරුවරයා යටතේම හිඳිමින් ඔහුගේ අදීක්ෂණය යටතේ භාවනාව ප්‍රගුණ කල යුතුද නැද්ද යන්න කිසියම් දිනක ගුරුවරයා විසින්ම ඔබට පවසාවි. අන්න එදාට ඔබ කැමති තීරණයක් ගන්න.

    ඔබ භාවනාව දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් කාරණා කිහිපයක් කියන්නම්...

    1. පිරිසිදු බුද්ධ ධර්මය.
    2. දක්ෂ ගුරුවරයෙක්.
    3. නිවැරදි/වැරදි දේ වෙන් වෙන්ව හඳුනා ගන්න ඔබේ ඇති දක්ෂකම.
    ------
    -----

    වගේ කරුණු ඔබට අනිවාර්යෙන් අවශ්‍ය වේවි. ඔබට පමණක් නෙවේ අපි හැමෝටම.

    ඒ නිසා මේ වගේ forum වල දාන කරුණු වැදගත් වෙනවා තමයි, නමුත් භාවනාව සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව, තමන්ගේ ගුරුවරයා සමඟම සාකච්චා කරලා තීරණයකට එන්න. ගුරුවරයා සමඟ සාකච්චාවෙන් විසඳ ගන්න. මෙතන විවිධ අය පල කරන කරුණු නිකන් මතක තබා ගැනීම පමණක් කරන්න. මම මේ කියන්නේ භාවනාව සම්බන්ධ අත්දැකීම් හා පළපුරුදු සම්බන්ද කරුණු ගැන පමණයි. නැතුව සුත්‍ර පිටකයේ පැහැදිලිව සඳහන් වෙන බුද්ධ දේශනා පිළිබඳව නොවේ.

    ඒ නිසා මේ කරුණ පිළිබඳව මා තව දුරටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද අදාළ පලය නොලබා ඒ ගැන වාද කිරීම් නිෂ්පල සහ අනවශ්‍ය කරුණක් නිසා. මේවගේ කරුණක් මම සඳහන් කිරීමත් වැරදි. ඒකයි මා එය විස්තර නොකර ඉල්ලා අස්කර ගන්න තීරණය කලේ.

    ඉතින් ඔබේ සියලු ගැටළු වලට ඉක්මනින් පිළිතුරු සොයා ගැනීමට හැකි වේවායි මම පතනවා. තෙරුවන් සරණයි. :)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙහෙමයි මිත්‍රයා...

    > ඔය පොතේ තියන්න සියල්ල ඒ අයුරින් පිලි ගන්න කියලා මම කියන්නේ නැහැ. කිවුවේත් නැහැ. විවිධ ස්වාමින් වහන්සේලා විවිධ අයුරින් පොතපත ලියනවා. ඒවා කියවලා ගත යුතු දෙයක් ගැනීම කියවන්නා සතු කාර්යක්.

    ඇත්තටම ඔබ කියූ කරුණ තහවුරු කරන්න ඔබ උත්සාහ කිරිම අගය කිරීමක් ලෙසයි මම වැඩියමක් ලියුවේ. වැඩිපුර කරුණු ලියුවේ ඔබේත් අන් අයගේත්, මගේත් දහම් අවබෝධයට තවත් යම් රුකුලක් ලැබේවි යැයි සිතා.

    ඉතින් මේ ලියන්නෙත් එලෙසම සිතා.

    > නමුත් ත්‍රිපිටකයේ අඩංගු පිරිසිදු බුද්ධ දේශනා අවිවාදයකින් තොරවම පිළිගත යුතුයි. බෞද්ධයෙක් නම්. ඒ අනුව ඔබ කියන එක හරි.

    මම නම් වෙන අය කියන දේ ගැන වුවත් විවාද කර පිළිගන්න හෝ ප්‍රතික්ශේප කරන්න පෙලබෙන්නේ නැහැ. මොකද බුදු පියානන් පවසා තිබෙනවා විවාදයට යන්න එපා කියලා.

    නමුත් ත්‍රිපිටක දහම් වේවා, වෙන යම් අයෙක් කියන කරුනක් වේවා මම නම් නුවනින් විමසීමෙන්ම තමයි පිළිගන්නේ හෝ ප්‍රතික්ශේප කරන්නේ. එනිසා මම යමක් ත්‍රිපිටකයෙන් ගෙන හැර පෑවා නම් ඒ විමසීමකින් පසුවම තමයි (නැතුව ත්‍රිපිටකයේ තිබූ නිසාම නොවේ).

    > මෙතන මෙහෙම කරුනකුත් තියනවා. යමෙක් සෝවාන් වෙලා නැත්තම් ඇත්තටම ඔහු සෝවාන් උනාට පස්සේ ලැබෙන, දකින දෙයක් ගැන වද වීම අනවශ්‍ය දෙයක්. සෝවාන් වෙන ඒක දැනෙන විදිහ, ලබපු කෙනා දන්නවා. ඉතින් නොලබපු අපි ඒ ගැන කරදර වීම තේරුමක් නැති දෙයක්..

    මම නම් එහෙම හිතන්නේ නැහැ. අන් අයෙක් එසේ සිතීම සුදුසු යැයි හිතන්නේත් නැහැ. මොකද එවිට ඵල නොලබපු අය ඵල ලැබීම ගැන කරදර නොවී ලැබූ අය ලබපු දෙයක් ලබාගෙන හිටපුවාවේ, නොලැබූවන් ඊට කරදර වෙන්න උවමනා නැහැනේ කියා සිතුවොත් එයින් කියවෙන්නේ ඵල නොලැබූවන් නොලබාම සිටීම කමක් නැතැයි යන්නනේ. සෝවාන් ඵල වේවා වෙන යම් ඵලයක් වේවා එසේ "උනාට පස්සේ ලැබෙන, දකින දෙයක් ගැන වද වීම අනවශ්‍ය දෙයක්" ලෙස සැලකීම සුදුසු නැහැ. එහෙම වද වීම අනවශ්‍ය දෙයක් යැයි හිතනවානම් ඉතින් වෙන කුමකට වද වෙන්නද?

    එනිසා ඵල නොලැබූවන් වඩ වඩාත් ඒ ගැන කරදර වෙත්වා (ලබා ගැනුමට, අවබෝධයට, පැහැදිලි බව ඇති කර ගැනීමට වීර්යය කරත්වා)!

    > ඔය පොත මම පෙන්නුවේ, මම කි කරුණට නිදර්ශකයක් සඳහා පමණයි. එය පිළිගැනීම නොපිලි ගැනීම ඔබ සතු දෙයක් බව මා මුලිනුත් කිවුව. අනික මම ඔය කරුණ පිලි ගන්නවා සහ මම ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ. මොකද මම සෝවාන් පලය ලබලා නැහැ නේ. ඉතින් ලබන්න තරම් වාසනාවක් තිබුනොත් ඔය කැරුණේ ඇත්ත නැත්ත තමුන්ටම බලා ගන්න පුළුවන්. ඒ නිසා මම ඕක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ.

    ඔබ පොත පෙන්වූවේ නිදර්ශකයක් ලෙස පමණයි බව මා දන්නවා. එය එසේ යැයි මා පිළිගෙනත් තිබෙනවා. මම ඉතින් ඔබ කියූ සහ පොතේ ඇති කාරනාව නොපිළිගන්නවා සේම මමත් ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ.

    මිත්‍රයා ඔබ සදහන් කරන්නේ සෝවාන් ඵල ලැබීමේ මිම්ම කුමක්දැයි කියා. මේ නිසා ඔබ ඔය විදිහට මිම්ම ගැන හිතුවොත් නොලබාම ලැබුනා යැයි හිතන්න පුළුවන්නේ. ඒ නිසා ඔබ මේ කියන කරුන ("ලබන්න තරම් වාසනාවක් තිබුනොත් ඔය කැරුණේ ඇත්ත නැත්ත තමුන්ටම බලා ගන්න පුළුවන්") නිවැරදි නැහැ.

    > නමුත් ඔය පොතේ එක් කරුණක් පැහැදිලිව සඳහන් වෙනවා. ඒ තමා, "පලය ලබන භාවනායෝගියාගේ සිතේ පැහැදිලි විශාල වෙනසක් ඇති වෙනවා, ඒ අනුව පලය ලබපු කෙනා ඒ බව දැන ගන්නවා" කියලා. ඉතින් ඔබට ඒක පිළිගන්න වෙනවා නේ. අනික ඒ ප්‍රමාණවත් නේ. මොකද සක්කාය දිට්ටිය ප්‍රහාණය කල භාවනායෝගියා තුල අනිවාර්යෙන්ම කලින් පැවති සිතිවිලි පරම්පරාවට වඩා බොහෝ වෙනස් - පැහැදිලි ලෙසම වෙනස් සිතිවිලි දාමයක් ඇරඹෙන්න එපැයි. ඒ නිසා. එය දර්ශනයකින් තහවුරු වීම අතිරේක කරුණක්.

    ඒ ප්‍රමාණවත් නැහැ මිත්‍රයා. මොකද හුදෙක් වෙනසක් පමණක් දැක එසේ කියන්න බැහැ. උදාහරනයකට සමාධි ධ්‍යාන ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ආදී ලෙසින් පවසා තිබෙනවා. මේවා දැනෙන ආකාර වෙනස්. ඒ ගැනත් සදහන්. ඉතින් කෙනෙක් ඔය එක් එක් වෙනසකට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියා කියුවත් පටලැවිල්ලක්මනේ. ආර්යය ඵල ලැබීම පැත්තක තියමුකෝ. මේ යම් සමාධි ධ්‍යානයක් ලබා ගැනීම හොදයි කියා යෙමෙක් උත්සාහ ගත්තොත් හරියට ධ්‍යානාංග නොදන්නා විට තමා බලාපොරොත්තු වන දෙය ලැබුවාද, නොලැබුවාද යන්න තීරණය කර ගන්න බැරි වෙනවානේ.

    > කොයි තරම් දුරට සාධාරණද නැද්ද දන්නේ නැහැ නමුත් මම ඔබ තුල දැකපු කරුණක් තියනවා. ඒ තම ඔබ පිරිසිදු බුද්ධ ධර්මය හැරුණු කොට වෙන කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් නොපිලි ගන්නා අයෙකු වීම. එය එක අතකින් හොඳයි. මොකද ඒ නිසා ඔබ වෙනත් අයෙක් කියන වැරදි දෙයක් අහලා නොමඟ යන්නේ නැහැ. ඒ වගේම අවාසියක් ලෙස, යමෙක් කියන නිවැරදි කරුනුත් ඔබට මඟ හැරේවි. ඇත්තෙන්ම ඔබ මා කියන දේ පිළිගතයුතු නැහැ. මොකද මම, ඔබ හඳුනන්නේත් නැති, දැකලත් නැති, මෙහි පැමිණ විස්තර සටහන් කරන්නෙකු පමණක් වීම. නමුත් ඔබට ඔය විදිහට නම් ඉදිරියටත් දිගටම කටයුතු කරන්නේ, ඔබට, ඔබේ ධර්ම මාර්ගය සාර්ථක කර ගන්න තරමක් අපහසු වෙයි. හේතුව කියන්නම්.

    > භාවනයෝගියෙක් ධර්ම මාර්ගයේ හැසිරෙන විට, එහි සාර්ථකත්වය කරා යන ගමනේදී, ලබන සියලු අත්දැකීම් සුත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ නැහැ. ඒවායින් සමහර ඒවා ප්‍රයෝගිකව කිරීමෙන්ම පමණක් ඉගෙන ගන්නා දේවල්. ඒ වගේම ඒ ඒ පුද්ගලයන්ගේ මනසේ/කර්මයේ/පිනෙ ස්වභාවය අනුව ඒ ඒ අයට වෙනස් වෙන දේවල්. ඒ සියලු දේ සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා වල අන්තර්ගත නැහැ. එතකොට ඒවා දැන ගන්නේ කොහොමද? ඒවා දැනගන්න පුළුවන් වෙන්නේ බුද්දහමේ සඳහන් "කල්‍යාන මිත්‍ර ආශ්‍රයෙන්" පමණයි. එතකොට ඔය සම්බන්ධයෙන් දැන් ඉන්න හොඳම කල්‍යාන මිත්‍රයට තමා "ගුරුවරයා" කියන්නේ. භාවනායෝගියාගේ ගුරුවරයා.

    මිතුර, ඔබ අසා ඇති බුදු පියානන් මුල, මැද, අග ගැලපෙන ලෙසත් පූර්ණ ලෙසත් දහම් දෙසා ඇති බව. ඉතින් ඔබ සිතුවානම් යමක් මට නොලැබී යනවා කියා, එනිසා මට තරමක් අපහසු වේවි කියා ඒ ඔබ සූත්‍ර පිටකයේ ඇත්තේ කුමක්ද, නැත්තේ කුමක්දැයි එතරම් අවබෝධයකින් නොකියන නිසා විය හැකියී. කොටින්ම කියනවානම් මම මේ ඔබ ලියා ඇති දෙයකට (මේ උඩින් තියෙන ඡේද දෙකගැන) මගේ අදහස් දානවානේ. ඉතින ඒ ගැනත් සූත්‍ර පිටකයේ සදහන්. ඔබ ලියා ඇති අනික් ඡේද ගැනත් එසේමයි. ඉතින් ඒ කරුණිනුත් ඔබ මේ සදහන් කරන දේ ගැන බුදු පියානන් පවසා ඇත්තේ කුමක්දැයි දන්නවා. ඔබ ඉන් පිට පනිනවානම් ඒ  හැටිත් දන්නවා. මම බුදු පියානන් පැවසූ දේ විමසා බලා නිවැරදි බවින් පිළිගෙන එහිම රැදෙනවා. ඉතින් ඔබ හිතුවානම් මට අපහසු වේවි කියා ඒක නිවැරදි නැහැ.

    මිතුර, බුදු දහමේ සදහන් කල්‍යාණ මිත්‍රයා කවුරුන්දැයි අදුනා ගන්න මට හැකියී. ඒ සද්ධර්මයේම සදහන් අංග පරික්ෂාවෙන්. ඉතින් මගේ උත්තරීතර කල්‍යාණ මිත්‍රයා ගෞතම බුදු පියානන් වහන්සේ. මම මේ ආශ්චර්යවත් පුද්ගලයාව දැක තිබෙනවා. කතා බහ කර නැහැ. මගේ උත්තරීතර කළ්‍යාණ මිත්‍රයාට නමස්කාර වේවා!

    නමුත් මට මෙකල ඇති ගුරුවරුන් අතරින් අග්‍ර තැන් ලබන්නේ මා නිවැරදි මගට යොමුකරන්නේ මගේ උත්තරීතර කළ්‍යාණ මිත්‍රයා මා වෙත අනුකම්පාවෙන් මට දායාද කල සද්ධර්මයයි! ශ්‍රි සද්ධර්මයට නමස්කාර වේවා!

    මිනුත් පසු මට ගුරුන් වන්නේ, කල්‍යාණ මිත්‍රයින් වන්නේ ආර්යය මාර්ගයට පිවිසෙන සහ පිවිසුනු, පිළිවෙත් සපුරණ, සෘජුව නිවන කරා යන අට ආකාර පුද්ගලයින්ගෙන් සමන්විත සංඝයායි. සංඝ රතනයට මාගේ නමස්කාරය වේවා!

    මිතුර, ඔබ හිතනවාද මට අපහසු වේවි කියා? මට පැටලේවි කියා? මිතුර, සද්ධර්මය මගේ මෙකල උත්තරීතර ගුරුවරයා. මෙනිසා සංඝ රතනය අතපසුවීමකින් හෝ වැරදි මතයක් නිසා මාව නොමඟ යැව්වොත් ධම්ම රතනය මාව නිවැරදි කරනවා.

    > කාලයාගේ ඇවෑමෙන්, මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරන්න තියන හැකියාව/පින එන්න එන්නම හීන වෙනවා. බුදුන් දවස වගේ නෙවේ දැන් කාලයේ නිවැරදි ගුරුවරයෙකුගෙන් තොරව මේ ධර්මය අවබෝධ කරන්න, ධර්ම මාර්ගය සාර්ථක කර ගන්න අමාරුයි. බැහැ කියලා නෙවේ කියන්නේ අපහසුයි කියලා. බොහෝ පිං ඇති අය පහල වෙනවා. ඒ අය ඉක්මනින් අවබෝධ කර ගන්නවා. නමුත් අපට අපි සතු ඒ පිනෙ ප්‍රමාණය දකින්න බැහැ. ඒ නිසයි සුදුසු ගුරුවරයෙකුගේ උපකාරය අවශ්‍ය වෙන්නේ.

    ඔබ කියනා කරුන මමත් එසේම පිළිගන්නවා. එනිසා මම සද්ධර්මයම සුදුසු ගුරුවරයා ලෙස සලකනවා.

    > භාවනා යෝගියෙකුට ඇතැම් අවස්ථාවල තමන්ට වරදින අවස්තාව හොයාගන්න බැහැ. නමුත් ඒක ගුරුවරයාට පෙනෙනවා. ඇතැම් විට ගුරුවරයෙක් නැතුව, ඒ වරදින තැන් හොයා ගන්න බැරි ඇතැම් අය, පසුව බොහෝ ප්‍රශ්න වලට ලක් වෙනවා.

    ඒ කරුනත් මම එසේම පිළිගන්නවා. මගේ උත්තරීතර ගුරුන් වන සද්ධර්මය මා වරදින තැන් වලින් මුදවා ගත්තා. සංඝ රතනයේ අතපසුවීම් සහ වැරදි මතයන් නිසා මා විපිලිසර වීම වැලැක්වීමට සද්ධර්මයම මට පෙර සේම ඉදිරියටත් පිහිට වේවි.

    > ඒ වගේම, ඔබට ඔබ තෝරා ගන්නා ගුරුවරයාව විශ්වාස කරන්න සිද්ද වෙනවා. මොකද ගුරුවරයාව සැක කරලා, ගුරුවරයාටත් වඩා පණ්ඩිත වෙලා ඔබට ඔය ගමන යන්න බැහැ. අන්න එතකොට ඔබ භාවනාවෙදී මුහුණ පාන ගැටළු වලට නිවැරදි විසඳුමක් ලැබෙන්නේ.

    ඔව් මිතුර. මම සද්ධර්මයම විශ්වාස කරනවා. එයිට වඩා මම පණ්ඩිත වෙන්නේ නැහැ. නමුත් සමහර පටලවාගත් පණ්ඩිතයෝ මම මගේ උත්තරීතර සද්ධර්මයම ඔවුන්ට පෙන්වන විට මට පණ්ඩිතයායැයි පවසනවා. ඔවුන්ට හිතෙන්නේවත් නැහැ මම කරන්නේ මගේ උත්තරීතර ගුරුවරයා ඔවුන්ටත් මට සේම යහපතක් උදා කරදෙන නිසා ඔවුන් ගැන අනුකම්පාවෙන් මම ඔවුන්ව මගේ උත්තරීතර ගුරුවරයා කරා යොමුකරවීමමයි කරන්නේ කියා.

    > අන්න ඒ නිසයි, ගුරුවරයෙක් යටතේ භාවනාව දියුණු කිරීම වැදගත් වන්නේ. නිවැරදි ගුරුවරයෙක් කරා යොමු වීම, තෝරා ගැනීම ඔබ සතු කාර්යක්. ඒකට ඔබේ දක්ෂකම, පින සහ වාසනාව උපකාර වේවි.

    එයත් මම එලෙසින්ම පිළිගන්නවා. ඔබ කිව යුත්ත හොදින්ම කියා ඇති නිසා වෙන කියන්න දෙයක් නැහැ.

    > යම් දවසක ඔබ ගුරුවරයාට සමාන තත්ත්වයකට පත් වේවි. අන්න එදායින් පසු ඔබට ඒ ගුරුවරයාගේ උපකාර අවශ්‍ය නොවේවි. එතෙන්දි ඔබට පුළුවන් ලැබුණු අත්දැකීමුත් උපයෝගී කරගෙන වෙනත් ගුරුවරයෙකු කරා යන්න. ඔබ තව දුරටත් අදාළ ගුරුවරයා යටතේම හිඳිමින් ඔහුගේ අදීක්ෂණය යටතේ භාවනාව ප්‍රගුණ කල යුතුද නැද්ද යන්න කිසියම් දිනක ගුරුවරයා විසින්ම ඔබට පවසාවි. අන්න එදාට ඔබ කැමති තීරණයක් ගන්න.

    මගේ උත්තරීතර ගුරුවරයා හැම කල් මගේ ගුරුවරයා. මම කවදාවත්ම මගේ ගුරුවරයාට සමාන වන්නේ නැහැ. මම කවදාවත්ම මගේ ගුරුවරයා දාලා යන්නෙත් නැහැ (පූර්ණ නිවීම තෙක්). මගේ ගුරුවරයා කවදාවත් මට යන්න කියන්නෙත් නැහැ. නමුත් යම් දවසක ගුරුවරයාගේ යොමු කිරීම අවශ්‍ය නොවේවි යැයි හිතනවා. විශේෂ උපකාරයක් එවිට බලාපොරොත්තු නොවුනත් දහමින් පෝෂණය වූ මගේ ලේ පවතිනා තුරු ගුරුවරයාගේ උපකාරය නොමැතිව ඉන්නවා කියා කියන්නත් මම කැමති නැහැ.

    > ඔබ භාවනාව දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් කාරණා කිහිපයක් කියන්නම්...
    >
    > 1. පිරිසිදු බුද්ධ ධර්මය.
    > 2. දක්ෂ ගුරුවරයෙක්.
    > 3. නිවැරදි/වැරදි දේ වෙන් වෙන්ව හඳුනා ගන්න ඔබේ ඇති දක්ෂකම.
    > ------
    > -----
    >
    > වගේ කරුණු ඔබට අනිවාර්යෙන් අවශ්‍ය වේවි. ඔබට පමණක් නෙවේ අපි හැමෝටම.

    පළමු කරුණ සහ දෙවන කරුණ ඉතින් මට එකක්මනේ.

    තුන් වන කරුන බුදු පියානන් පවසා ඇති ආකාරයටම මා තුළ පූර්ණ බවකින් පිහිටා තිබෙනවා.

    නමුත් මගේ බලාපොරොත්තුව නම් භාවනාව දියුනු කිරීම නොවේ. ගමනක් යන්න වාහනයක් උවමනාද යන්නේ වාහනයේ යන්න තියෙන උවමනාවකට නොවන ආකාරයට තමයි මම භාවනාව සලකන්නේ.

    > ඒ නිසා මේ වගේ forum වල දාන කරුණු වැදගත් වෙනවා තමයි, නමුත් භාවනාව සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව, තමන්ගේ ගුරුවරයා සමඟම සාකච්චා කරලා තීරණයකට එන්න. ගුරුවරයා සමඟ සාකච්චාවෙන් විසඳ ගන්න. මෙතන විවිධ අය පල කරන කරුණු නිකන් මතක තබා ගැනීම පමණක් කරන්න. මම මේ කියන්නේ භාවනාව සම්බන්ධ අත්දැකීම් හා පළපුරුදු සම්බන්ද කරුණු ගැන පමණයි. නැතුව සුත්‍ර පිටකයේ පැහැදිලිව සඳහන් වෙන බුද්ධ දේශනා පිළිබඳව නොවේ.

    වරක් මට forum එකකදී මම නොදැන සිටි වැදගත් කරුණු කිහිපයක් කියාදුන් අයෙක් මුණ ගැසුනා. හිටි ගමන් ඉතින් එහෙම අය මුණ ගැහෙනවා. ඒ නිසා මට එහෙම අය ලැබෙනවාට මම කැමතියී. ඔබ උනත් අර පොත මට පෙන්වුවේ. ඉතින් මගේ අවබෝධයේ හැටියට මම හරිනම් හරි කියනවා, වැරදි නම් වැරදි කියනවා. එවිට හරි දේ හරි ලෙස අවබෝධ කර ගන්න හැමෝටම පොඩි හෝ රුකුලක් ලැබෙනවානේ. ඒ වගේම වැරදි දේ සාසනයෙන් බැහැර ලීමටත් පොඩි හෝ රුකුලක් ලැබෙනවානේ. එනිසා විවිධ අය පල කරන කරුණු නිකන් මතක තබා ගැනීමට වඩා වැඩි යමක් මම කරනවා.

    > ඒ නිසා මේ කරුණ පිළිබඳව මා තව දුරටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද අදාළ පලය නොලබා ඒ ගැන වාද කිරීම් නිෂ්පල සහ අනවශ්‍ය කරුණක් නිසා. මේවගේ කරුණක් මම සඳහන් කිරීමත් වැරදි. ඒකයි මා එය විස්තර නොකර ඉල්ලා අස්කර ගන්න තීරණය කලේ.

    ඔබේ කැමැත්තක්. මම නම් වාද කිරිමක් ගැන හිතාගෙන කියුවා නොවෙයි. වාද කරලා මට දිනන්න දෙයක් නැහැ.

    > ඉතින් ඔබේ සියලු ගැටළු වලට ඉක්මනින් පිළිතුරු සොයා ගැනීමට හැකි වේවායි මම පතනවා. තෙරුවන් සරණයි.

    ඇත්තටම මේ forum එකේදී විසදාගන්න මට ගැටළුවක් තිබුනෙත් නැහැ, දැන් ඇත්තෙත් නැහැ. මගේත් අන් අයගේත් දහම් අවබෝධය වැඩි වන අයුරින් මා දන්නා දේ කීවා පමණයි. සද්ධර්මය කෙරෙහි අන් අයවත් යොමු කරා පමණයි. දහම් අවබෝධයට යොමු වන/නොවන අය කිනම් කරුනක් නිසා යොමු නොවෙනවාද, යම් පමණකින් හෝ පසුබට වෙනවාද, එසේ වන්නේ ඇයි යන්න තේරුම් ගැනීමත් මගේ එක් අරමුණක්. මේ ලිපියෙත් ප්‍රශ්න ලෙසින් ලියා ඇති වාක්‍ය තිබෙනවා. ඒ ඒවාට උත්තර ලබාගන්න අදහසින් නොවේ. ඒ කියවන අය යම් දෙයක් ගැන කල්පනා කෙරුමට යොමුකිරීමට පමණයි.

    ඔබටත් තෙරුවන් සරණයි!

    --
    පියකර සතර බඹ විහරණ සිවු පෙදෙනි
    වැර සැර නැණ යුවළ දළ දිලි දම් සොඩිනි
    පුවතර තුමුල මත වරණිදුට නැගෙමිනි
    මනහර සෙත් පුරට පැමිණෙව් සව් සතුනි
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්තටම ඔබ කියූ කරුණ තහවුරු කරන්න ඔබ උත්සාහ කිරිම අගය කිරීමක් ලෙසයි මම වැඩියමක් ලියුවේ. වැඩිපුර කරුණු ලියුවේ ඔබේත් අන් අයගේත්, මගේත් දහම් අවබෝධයට තවත් යම් රුකුලක් ලැබේවි යැයි සිතා.

    ඉතින් මේ ලියන්නෙත් එලෙසම සිතා.

    ඒ අතින් පැසසිය යුතු පුද්ගලයෙක් ඔබ. ඇත්තටම. :yes:

    මම නම් වෙන අය කියන දේ ගැන වුවත් විවාද කර පිළිගන්න හෝ ප්‍රතික්ශේප කරන්න පෙලබෙන්නේ නැහැ. මොකද බුදු පියානන් පවසා තිබෙනවා විවාදයට යන්න එපා කියලා.

    ඔවු ඇත්ත. ඒ කියන්නේ ඔබ වාදයකට ආවේ නැද්ද? ... හරි... :D

    නමුත් ත්‍රිපිටක දහම් වේවා, වෙන යම් අයෙක් කියන කරුනක් වේවා මම නම් නුවනින් විමසීමෙන්ම තමයි පිළිගන්නේ හෝ ප්‍රතික්ශේප කරන්නේ. එනිසා මම යමක් ත්‍රිපිටකයෙන් ගෙන හැර පෑවා නම් ඒ විමසීමකින් පසුවම තමයි (නැතුව ත්‍රිපිටකයේ තිබූ නිසාම නොවේ).

    ඔබ කියනවා ඔබ නුවනින් විමසලා ත්‍රිපිටකයේ කරුණු පිලි ගන්නේ කියලා! :D
    ඔබට බුද්ධ දේශනා කෙලින්ම පිලි ගන්න බැරි නම් ඔබට බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් සැකයි නේ! sure නැහැ නේ?
    එතකොට නිකම්ම,.. දේශනා කරපු බුදු රජාණන් වහන්සේවත් සැකයට ලක් වෙනවනේ! ඇයි ඉතින්,.. ඔබට "නුවනින් විමසීමකින් තොරව" පිළිගන්න බැරි, ධර්මය දේශනා කලේ, බුදු රජාණන් වහන්සේ විසින්මනේ!
    ඔබට ගුරුවරු කිසි වෙලාවක අවශ්‍ය නැති නිසා, සංඝ රත්නයෙන් ඇති පලය මොකද්ද?

    දැන් බලාගෙන ගියාම ඔබට තිසරනෙත් නැහැනේ! :shocked:

    දැන් මන් අහන්න කැමතියි, ඔබ පිරිසිදු බුදු දහම හොයා ගන්නේ කොහොමද? :D

    ඔබ කොහොමද සහතික වෙන්නේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ සත්‍යමයි - පිරිසිදු බුද්ධ ධර්මයයි කියලා? :D එතකොට මොකද කරන්නේ? :D

    > මෙතන මෙහෙම කරුනකුත් තියනවා. යමෙක් සෝවාන් වෙලා නැත්තම් ඇත්තටම ඔහු සෝවාන් උනාට පස්සේ ලැබෙන, දකින දෙයක් ගැන වද වීම අනවශ්‍ය දෙයක්. සෝවාන් වෙන ඒක දැනෙන විදිහ, ලබපු කෙනා දන්නවා. ඉතින් නොලබපු අපි ඒ ගැන කරදර වීම තේරුමක් නැති දෙයක්..

    මම නම් එහෙම හිතන්නේ නැහැ. අන් අයෙක් එසේ සිතීම සුදුසු යැයි හිතන්නේත් නැහැ. මොකද එවිට ඵල නොලබපු අය ඵල ලැබීම ගැන කරදර නොවී ලැබූ අය ලබපු දෙයක් ලබාගෙන හිටපුවාවේ, නොලැබූවන් ඊට කරදර වෙන්න උවමනා නැහැනේ කියා සිතුවොත් එයින් කියවෙන්නේ ඵල නොලැබූවන් නොලබාම සිටීම කමක් නැතැයි යන්නනේ. සෝවාන් ඵල වේවා වෙන යම් ඵලයක් වේවා එසේ "උනාට පස්සේ ලැබෙන, දකින දෙයක් ගැන වද වීම අනවශ්‍ය දෙයක්" ලෙස සැලකීම සුදුසු නැහැ. එහෙම වද වීම අනවශ්‍ය දෙයක් යැයි හිතනවානම් ඉතින් වෙන කුමකට වද වෙන්නද?

    කවුද එහෙම කිවුවේ. මන් එහෙම එකක් ඔතන කියලා නැහැ නේ! :D
    වද විය යුත්තේ සෝවාන් වෙන්න! වෙන මොකටවත් නෙවේ. :D

    එනිසා ඵල නොලැබූවන් වඩ වඩාත් ඒ ගැන කරදර වෙත්වා (ලබා ගැනුමට, අවබෝධයට, පැහැදිලි බව ඇති කර ගැනීමට වීර්යය කරත්වා)!

    අනිවාර්යෙන්. මන් නැහැ කිවුවේ නැහැ. :D
    මන් කියපු දේ ඔබට වැටහිලා නැහැ නෙව! :D

    > ඔය පොත මම පෙන්නුවේ, මම කි කරුණට නිදර්ශකයක් සඳහා පමණයි. එය පිළිගැනීම නොපිලි ගැනීම ඔබ සතු දෙයක් බව මා මුලිනුත් කිවුව. අනික මම ඔය කරුණ පිලි ගන්නවා සහ මම ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ. මොකද මම සෝවාන් පලය ලබලා නැහැ නේ. ඉතින් ලබන්න තරම් වාසනාවක් තිබුනොත් ඔය කැරුණේ ඇත්ත නැත්ත තමුන්ටම බලා ගන්න පුළුවන්. ඒ නිසා මම ඕක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ.

    ඔබ පොත පෙන්වූවේ නිදර්ශකයක් ලෙස පමණයි බව මා දන්නවා. එය එසේ යැයි මා පිළිගෙනත් තිබෙනවා. මම ඉතින් ඔබ කියූ සහ පොතේ ඇති කාරනාව නොපිළිගන්නවා සේම මමත් ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ.

    හරි. එහෙනම්.

    මිත්‍රයා ඔබ සදහන් කරන්නේ සෝවාන් ඵල ලැබීමේ මිම්ම කුමක්දැයි කියා. මේ නිසා ඔබ ඔය විදිහට මිම්ම ගැන හිතුවොත් නොලබාම ලැබුනා යැයි හිතන්න පුළුවන්නේ. ඒ නිසා ඔබ මේ කියන කරුන ("ලබන්න තරම් වාසනාවක් තිබුනොත් ඔය කැරුණේ ඇත්ත නැත්ත තමුන්ටම බලා ගන්න පුළුවන්") නිවැරදි නැහැ.

    එක නිසා තමයි ගුරුවරයෙක් ගේ මග පෙන්වීම උවමනා වෙනවා කියලා කිවුවේ. ඔබ කියලා තියනවනේ ගුරුවරු ඕනේ නැහැ. ධර්මය තමයි එකම ගුරුවරයා කියලා! ඉතින් එහෙම කියලා ධර්මය පමණක් ගුරුවරයා කරගෙන සෝවාන් වෙන්නත් පුළුවන් නම්, ඇයි පලය හඳුනා ගන්න විතරක් බැරි වෙන්නේ? :P නුවනින් විමසලානේ, සතර සතිපට්ටනයෙන් යුතුව, සෝවාන් පලය දක්වා දුර ආවේ! ඇයි අන්තිම ටික විතරක් ඔච්චර පැටලෙන්නේ? :D

    කිසි වරදක් නැහැ ඒකෙ. "පලය ලබන මොහොත බලා ගන්න ඕනේ නං සෝවාන් වෙන්න!" ඒකනේ ඔය කියලා තියෙන්නේ! ඔබට අයෙත් මන් කියපු දේ තේරිලා නෑ! ඔහොම හරියන්නේ නෑ නුවනින් විමසනවානම්! :D

    ඒ ප්‍රමාණවත් නැහැ මිත්‍රයා. මොකද හුදෙක් වෙනසක් පමණක් දැක එසේ කියන්න බැහැ. උදාහරනයකට සමාධි ධ්‍යාන ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ආදී ලෙසින් පවසා තිබෙනවා. මේවා දැනෙන ආකාර වෙනස්. ඒ ගැනත් සදහන්. ඉතින් කෙනෙක් ඔය එක් එක් වෙනසකට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියා කියුවත් පටලැවිල්ලක්මනේ. ආර්යය ඵල ලැබීම පැත්තක තියමුකෝ. මේ යම් සමාධි ධ්‍යානයක් ලබා ගැනීම හොදයි කියා යෙමෙක් උත්සාහ ගත්තොත් හරියට ධ්‍යානාංග නොදන්නා විට තමා බලාපොරොත්තු වන දෙය ලැබුවාද, නොලැබුවාද යන්න තීරණය කර ගන්න බැරි වෙනවානේ.

    මාර කතාවක්නේ ඔබ කියන්නේ! ධ්‍යාන ලබනකොට ප්‍රහාණය වෙන්නේ පංචනීවරණ. සෝවාන් වෙනකොට ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ටිය. දැන් නුවනින් විමසන කෙනාට පංචනීවරණ යටපත් වීමයි , සක්කාය දිට්ටියෙන් නිදහස් වීමයි වෙන් කරගන්න බැරුව පැටලෙනවා කියලද කියන්නේ? :D අනික සමතය වඩන කොට ලබන දෙයකුයි , සමතයෙහි පිහිටලා විදර්ශනාව වඩන කොට ලබන දෙයකුයි පැටලෙන්නේ කොහොමද? විදර්ශනාව වැඩෙන්න මුලින් පන්චනිවර්ණ යටපත් වෙලා ඉන්න එපැයි! :D

    අන්න ඕවට තමා මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්න කියන්නේ! ඕක තමා කිවුවේ තමුන්ට වඩා දන්න ගුරුවරයෙකුගෙන් - භාවනා ආචාර්ය වරයෙකුගේ උපදෙස් ඇතුව කරන්න කියලා බුද්ධ දේශනා කියවනවට අමතරව.

    දැන් ඔබ කියනවනේ ඔබට ගුරුවරු එපා කියලා! ධර්මය විතරනේ ගුරුවරයා. ඉතින් යෝනිසෝ මනසිකාරයත් තියනවනම් පැටලෙන්න හේතුවක් නැහැනේ! :D නමුත් අනිත් මිනිස්සු ඔබ තරම් විශිෂ්ට බුද්ධියකට හිමිකම් නොකියන නිසා ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා.. ;)

    මිතුර, ඔබ අසා ඇති බුදු පියානන් මුල, මැද, අග ගැලපෙන ලෙසත් පූර්ණ ලෙසත් දහම් දෙසා ඇති බව. ඉතින් ඔබ සිතුවානම් යමක් මට නොලැබී යනවා කියා, එනිසා මට තරමක් අපහසු වේවි කියා ඒ ඔබ සූත්‍ර පිටකයේ ඇත්තේ කුමක්ද, නැත්තේ කුමක්දැයි එතරම් අවබෝධයකින් නොකියන නිසා විය හැකියී. කොටින්ම කියනවානම් මම මේ ඔබ ලියා ඇති දෙයකට (මේ උඩින් තියෙන ඡේද දෙකගැන) මගේ අදහස් දානවානේ. ඉතින ඒ ගැනත් සූත්‍ර පිටකයේ සදහන්. ඔබ ලියා ඇති අනික් ඡේද ගැනත් එසේමයි. ඉතින් ඒ කරුණිනුත් ඔබ මේ සදහන් කරන දේ ගැන බුදු පියානන් පවසා ඇත්තේ කුමක්දැයි දන්නවා. ඔබ ඉන් පිට පනිනවානම් ඒ  හැටිත් දන්නවා. මම බුදු පියානන් පැවසූ දේ විමසා බලා නිවැරදි බවින් පිළිගෙන එහිම රැදෙනවා. ඉතින් ඔබ හිතුවානම් මට අපහසු වේවි කියා ඒක නිවැරදි නැහැ.

    සුත්‍ර පිටකයේ නිකාය කිහිපයකම සිංහල පරිවර්තන කිහිපයක්ම මා සතුව ඇති නිසා කිසියම් අවබෝධයක් මා සතුව ඇති බව මන් හිතනවා. ඇත්තටම ඔබට සාපේක්ෂව නම් මට කිසි අවබෝදයක් නැහැ! ඒක හරි! :D

    ඔවු ඔබ නුවනින් විමසලනම් බලන්නේ කිසි වෙලාවක අපහසු වෙන්න හේතුවක් නැහැ. ;)

    මිතුර, බුදු දහමේ සදහන් කල්‍යාණ මිත්‍රයා කවුරුන්දැයි අදුනා ගන්න මට හැකියී. ඒ සද්ධර්මයේම සදහන් අංග පරික්ෂාවෙන්. ඉතින් මගේ උත්තරීතර කල්‍යාණ මිත්‍රයා ගෞතම බුදු පියානන් වහන්සේ. මම මේ ආශ්චර්යවත් පුද්ගලයාව දැක තිබෙනවා. කතා බහ කර නැහැ. මගේ උත්තරීතර කළ්‍යාණ මිත්‍රයාට නමස්කාර වේවා!

    නමුත් මට මෙකල ඇති ගුරුවරුන් අතරින් අග්‍ර තැන් ලබන්නේ මා නිවැරදි මගට යොමුකරන්නේ මගේ උත්තරීතර කළ්‍යාණ මිත්‍රයා මා වෙත අනුකම්පාවෙන් මට දායාද කල සද්ධර්මයයි! ශ්‍රි සද්ධර්මයට නමස්කාර වේවා!

    මිනුත් පසු මට ගුරුන් වන්නේ, කල්‍යාණ මිත්‍රයින් වන්නේ ආර්යය මාර්ගයට පිවිසෙන සහ පිවිසුනු, පිළිවෙත් සපුරණ, සෘජුව නිවන කරා යන අට ආකාර පුද්ගලයින්ගෙන් සමන්විත සංඝයායි. සංඝ රතනයට මාගේ නමස්කාරය වේවා!

    නමුත් එසේ නමස්කාර කරන ඔබ ඉහත කියලා තියනවා ත්‍රිපිටකයේ සඳහන් බුද්ධ දේශනාත් ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච පලියට පිලි ගන්නේ නැහැ කියලා? ත්‍රිපිටකයත් විස්වාස නැහැ ඔබට. ඉතින් මන් අයෙත් අහනවා ඔබ කොහේ සඳහන් බුද්ධ ධර්මයද පිලි ගන්නේ? :confused:

    මිතුර, ඔබ හිතනවාද මට අපහසු වේවි කියා? මට පැටලේවි කියා? මිතුර, සද්ධර්මය මගේ මෙකල උත්තරීතර ගුරුවරයා. මෙනිසා සංඝ රතනය අතපසුවීමකින් හෝ වැරදි මතයක් නිසා මාව නොමඟ යැව්වොත් ධම්ම රතනය මාව නිවැරදි කරනවා.

    ඔබට සංඝරත්නය විශ්වාස නැති බව කිහිප වතාවක් කියා තිබෙනවා දැන්. අනික ඔබට ගුරුවරයෙකුත් අවශ්‍ය නැති ඒකෙ සංඝ රත්නයෙන් ඇති පලය කීම? :confused: ඔබට අනුශාසනා අවශ්‍ය නැහැනේ? අවශ්‍ය සියලු දේ ධම්ම රත්නය තුල තිබෙන බව ඔබම කිහිප වතාවක්ම කිවුවනේ! :D

    ඔබ කියනා කරුන මමත් එසේම පිළිගන්නවා. එනිසා මම සද්ධර්මයම සුදුසු ගුරුවරයා ලෙස සලකනවා.

    ඒ කරුනත් මම එසේම පිළිගන්නවා. මගේ උත්තරීතර ගුරුන් වන සද්ධර්මය මා වරදින තැන් වලින් මුදවා ගත්තා. සංඝ රතනයේ අතපසුවීම් සහ වැරදි මතයන් නිසා මා විපිලිසර වීම වැලැක්වීමට සද්ධර්මයම මට පෙර සේම ඉදිරියටත් පිහිට වේවි.

    ඔව් මිතුර. මම සද්ධර්මයම විශ්වාස කරනවා. එයිට වඩා මම පණ්ඩිත වෙන්නේ නැහැ. නමුත් සමහර පටලවාගත් පණ්ඩිතයෝ මම මගේ උත්තරීතර සද්ධර්මයම ඔවුන්ට පෙන්වන විට මට පණ්ඩිතයායැයි පවසනවා. ඔවුන්ට හිතෙන්නේවත් නැහැ මම කරන්නේ මගේ උත්තරීතර ගුරුවරයා ඔවුන්ටත් මට සේම යහපතක් උදා කරදෙන නිසා ඔවුන් ගැන අනුකම්පාවෙන් මම ඔවුන්ව මගේ උත්තරීතර ගුරුවරයා කරා යොමුකරවීමමයි කරන්නේ කියා.

    එයත් මම එලෙසින්ම පිළිගන්නවා. ඔබ කිව යුත්ත හොදින්ම කියා ඇති නිසා වෙන කියන්න දෙයක් නැහැ.

    මගේ උත්තරීතර ගුරුවරයා හැම කල් මගේ ගුරුවරයා. මම කවදාවත්ම මගේ ගුරුවරයාට සමාන වන්නේ නැහැ. මම කවදාවත්ම මගේ ගුරුවරයා දාලා යන්නෙත් නැහැ (පූර්ණ නිවීම තෙක්). මගේ ගුරුවරයා කවදාවත් මට යන්න කියන්නෙත් නැහැ. නමුත් යම් දවසක ගුරුවරයාගේ යොමු කිරීම අවශ්‍ය නොවේවි යැයි හිතනවා. විශේෂ උපකාරයක් එවිට බලාපොරොත්තු නොවුනත් දහමින් පෝෂණය වූ මගේ ලේ පවතිනා තුරු ගුරුවරයාගේ උපකාරය නොමැතිව ඉන්නවා කියා කියන්නත් මම කැමති නැහැ.

    > ඔබ භාවනාව දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් කාරණා කිහිපයක් කියන්නම්...
    >
    > 1. පිරිසිදු බුද්ධ ධර්මය.
    > 2. දක්ෂ ගුරුවරයෙක්.
    > 3. නිවැරදි/වැරදි දේ වෙන් වෙන්ව හඳුනා ගන්න ඔබේ ඇති දක්ෂකම.
    > ------
    > -----
    >
    > වගේ කරුණු ඔබට අනිවාර්යෙන් අවශ්‍ය වේවි. ඔබට පමණක් නෙවේ අපි හැමෝටම.

    පළමු කරුණ සහ දෙවන කරුණ ඉතින් මට එකක්මනේ.

    තුන් වන කරුන බුදු පියානන් පවසා ඇති ආකාරයටම මා තුළ පූර්ණ බවකින් පිහිටා තිබෙනවා.

    සාරාංශය ඔබට කිසි වෙලාවක ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ශ්‍රී සද්ධර්මය කියවීමෙන් සියලු ගැටළු නිරාකරණය කර ගත හැකියි. ඇත්තෙන්ම ඔබට සංඝ රත්නයෙන් කිසිම පලයක් නැහැ! :rolleyes:

    ශ්‍රී සද්ධර්මය කියා දීම ඉතා උතුම් කරුණක් වුවත්, පණ්ඩිතයා කීමේ වරදක් මා දකින්නේ නැහැ! :D

    ඒක මට මනාව පසක් වුනා!

    නමුත් මගේ බලාපොරොත්තුව නම් භාවනාව දියුනු කිරීම නොවේ. ගමනක් යන්න වාහනයක් උවමනාද යන්නේ වාහනයේ යන්න තියෙන උවමනාවකට නොවන ආකාරයට තමයි මම භාවනාව සලකන්නේ.

    පැහැදිලි මදි. :confused:

    වරක් මට forum එකකදී මම නොදැන සිටි වැදගත් කරුණු කිහිපයක් කියාදුන් අයෙක් මුණ ගැසුනා. හිටි ගමන් ඉතින් එහෙම අය මුණ ගැහෙනවා. ඒ නිසා මට එහෙම අය ලැබෙනවාට මම කැමතියී. ඔබ උනත් අර පොත මට පෙන්වුවේ. ඉතින් මගේ අවබෝධයේ හැටියට මම හරිනම් හරි කියනවා, වැරදි නම් වැරදි කියනවා. එවිට හරි දේ හරි ලෙස අවබෝධ කර ගන්න හැමෝටම පොඩි හෝ රුකුලක් ලැබෙනවානේ. ඒ වගේම වැරදි දේ සාසනයෙන් බැහැර ලීමටත් පොඩි හෝ රුකුලක් ලැබෙනවානේ. එනිසා විවිධ අය පල කරන කරුණු නිකන් මතක තබා ගැනීමට වඩා වැඩි යමක් මම කරනවා.

    ඔබේ අවබෝධය නිවැරදි යයි ඔබ සහතික වන්නේ කොහොමද? (මගේ අවබෝධයේ දුර්වලතා ඇත. ඒවා නිර කරණය කර ගැනීමට බුද්ධ දේශනා පමණක් නොව, සංඝ රත්නයේ පිහිට උපකාරය මා ලබා ගනිමි)

    ඔබේ කැමැත්තක්. මම නම් වාද කිරිමක් ගැන හිතාගෙන කියුවා නොවෙයි. වාද කරලා මට දිනන්න දෙයක් නැහැ.

    ඇත්තටම මේ forum එකේදී විසදාගන්න මට ගැටළුවක් තිබුනෙත් නැහැ, දැන් ඇත්තෙත් නැහැ. මගේත් අන් අයගේත් දහම් අවබෝධය වැඩි වන අයුරින් මා දන්නා දේ කීවා පමණයි. සද්ධර්මය කෙරෙහි අන් අයවත් යොමු කරා පමණයි. දහම් අවබෝධයට යොමු වන/නොවන අය කිනම් කරුනක් නිසා යොමු නොවෙනවාද, යම් පමණකින් හෝ පසුබට වෙනවාද, එසේ වන්නේ ඇයි යන්න තේරුම් ගැනීමත් මගේ එක් අරමුණක්. මේ ලිපියෙත් ප්‍රශ්න ලෙසින් ලියා ඇති වාක්‍ය තිබෙනවා. ඒ ඒවාට උත්තර ලබාගන්න අදහසින් නොවේ. ඒ කියවන අය යම් දෙයක් ගැන කල්පනා කෙරුමට යොමුකිරීමට පමණයි.

    ඔබටත් තෙරුවන් සරණයි!

    ඒක ඇත්ත! ඔබට කොහොමත් ගැටළු තිබෙන්න විදිහක් නැහැ! මට දැන් එය පැහැදිලියි! :D

    ඔබේ අරමුණ යහපත් වුවත් ඔබ ඊට යොමුවන පිළිවෙතින් ම්නිසුන් යහ මග යනවාට වඩා නොමඟ යන බවයි මට හිතෙන්නේ. මන් ඔබට මුලිනුත් කිවුවා. මම කිවුවේ දකින දර්ශනයක් ගැන. එය බොරුවක් උවත් අත්තක් වුවත් මිනිස්සු එකෙන් නොමඟ යන්නේ නැහැ. මොකද එය සෝවාන් වීමෙන් පසු දෙයක් නිසා. යමෙකුට සෝවාන් වෙන්න පුළුවන් නම්, දකින දර්ශනය ගැටළුවක් නැහැ නේ? නමුත් ඔබේ මේ "කිසි කෙනෙක් ගෙන් කිසි දෙයක් අහන්නේ නැති, සංඝ රත්නයෙන් උපදෙස් ගන්නේ නැති, බුද්ධ දේශනා ත්‍රිපිටකයේ තිබු පමණින් පිලි ගන්නේ නැති" වැඩ පිලිවෙලින්, සෝවාන් වෙන්න ඉන්න මනුස්සයෙකුත් - ධර්ම මාර්ගය දියුණු කරන්න පුළුවන් මනුස්සයෙකුත් නොමඟ යන එක විතරයි වෙන්නේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ ඇත්තටම මන් මේ එළකිරි ඒකෙ ඉන්න අනෙක් මිත්‍රයන්ගෙන් අහන්නේ? :eek:

    ඔයගොල්ලෝ නොදන්න ධර්ම කරුණු, භාවනාව සම්බන්ධ කරුණු දැන ගන්න, කිසි දවසක පින්වත් සංඝ රත්ත්නයේ උපකාරය, පිහිට පතන්නේ නැද්ද? ඒ කියන්නේ ඔයාලට ධර්මය කියලා දෙන්න ආචාර්යන් වහන්සේලා නැද්ද? :oo:

    මොකද මම නම් ධර්මය කියවනවට අමතරව බොහෝ කරුණු ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා වලට ඇහුම්කම් දීලා, උන් වහන්සේලා ලියපු පොත් බලලා, කතා බහ කරලා ඉගෙන ගන්නවා. සුත්‍ර පිටකයේ අඩංගු බුද්ධ දේශනා පමණක් නෙවේ බලන්නේ. :confused:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ ඇත්තටම මන් මේ එළකිරි ඒකෙ ඉන්න අනෙක් මිත්‍රයන්ගෙන් අහන්නේ? :eek:

    ඔයගොල්ලෝ නොදන්න ධර්ම කරුණු, භාවනාව සම්බන්ධ කරුණු දැන ගන්න, කිසි දවසක පින්වත් සංඝ රත්ත්නයේ උපකාරය, පිහිට පතන්නේ නැද්ද? ඒ කියන්නේ ඔයාලට ධර්මය කියලා දෙන්න ආචාර්යන් වහන්සේලා නැද්ද? :oo:

    මොකද මම නම් ධර්මය කියවනවට අමතරව බොහෝ කරුණු ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා වලට ඇහුම්කම් දීලා, උන් වහන්සේලා ලියපු පොත් බලලා, කතා බහ කරලා ඉගෙන ගන්නවා. සුත්‍ර පිටකයේ අඩංගු බුද්ධ දේශනා පමණක් නෙවේ බලන්නේ. :confused:

    mamanam danata darmaya hoya ganne online eken yalu. mokada man lankawe newe inne. eth lagadima lankawata ennai inne. awata passe hodata darmaya danna swamin wahansela kipa denek hoyaganna one.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    machan me pilibadawa poddak padili karapanko.
    matath oka loku prashnayak.
    api sowan wunama dana ganne kohomada kiyala.

    eka hariyata me wage, api kandak naginna theeranaya karanawa, e aramunin api kanda naginawa. ohoma negala kadu mudunata lagaa wenawa. ethakota api dannawa den kanda negala iwarai kiyala. anna e wage thamai sowan unama eya dannawa thaman sowan kiyala. sowan weema hithe sidu wana loku kriyawaliyak. sowan wu kenekuge hitha samanya kenekuge hithata wada boho wenas. eka athwidinna puluwan sowan wu kenekuta pamanai.

    habai samaharu samadi wedenakota ewata rawatila sowan kiyala hithanawa, eka nisa guru swameen wahanse kenekuge upades matha bhawana kireema thamai hoda.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචං මම දන්න විදිහට නං සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනි නෑ.. කළණ වැටේ කෙනෙක්ගෙන් ශ්‍රී සද්ධර්මය අහලා නුවණින් අවබෝධ කර ගත්ත කෙනාගේ දස සංයෝජන ධර්මයන්ගෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස කියන තුන නැවත ඇති නොවෙන්නම කැඩෙනවා.. සසර ගමන ගැන නිවැරදි අවබෝධය ඇතිවන නිසා ආපහු හැරීමක් සිද්ධවෙන්නේ නැති නිසයි එහෙම වෙන්නේ.. ඒකට තමයි කියන්නේ සෝවාන් ඵලයට පත් වෙනවා කියලා.. සෝවාන් වෙච්ච කෙනාට කාම රාග පටිග ආදී අනෙකුත් දස සංයෝජන ධර්මයන් නිරුද්ධ කරලා අනෙකුත් මාර්ග ඵල කරා යන්න තමයි භාවනාව වැදගත් වෙන්නේ.. භාවනාවෙනුත් ඉන්ද්‍රිය භාවනාව තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.. මේක මම දන්න විදිහ..
    මොකද මාර්ගඵල ලබපු උත්තමයෙක්ගෙන් මම බණ අහලා තියනවා..
    අනිත් එක තමයි සෝවාන් වෙච්ච කෙනා දන්නවා තමන් සෝවාන් ද නැද්ද කියලා.. ඒක දැනෙනවා මෙතෙක් නොවිඳපු වෙනසක් විදිහට.. හැබැයි සෝවාන් ඵලයට පත් වෙලා නිවන කරා යන මනුස්සයා හොය හොය වද වෙවී ඉන්නේ නෑ තමන් සෝවාන් වුණාද නැත්තං වෙනත් මාර්ගඵලයක් ලැබුවද කියලා.. මොකද ඒ කෙනාගේ ඉලක්කය ඊට වඩා උතුම් දෙයක් නිසා.. ස්ටයිල් එකට ට්‍රෙන්ඩ් එකට සෝවාන් වෙන්න දඟලන අය තමයි ඕවා හොය හොය කාලය නාස්ති කරන්නේ.. ඇත්තටම සසරින් එතෙර වෙන්න ඕනි නං ට්‍රෙන්ඩ් පස්සේ දුවන්න එපා.. :yes::yes::yes:
     
    Hariyata Hari :yes::yes: