අල් ජසීරා මාධ්‍යවේදිනියගේ ප්‍රශ්නවලට උත්තර දෙන චීන නියෝජිතයා පවසන්නේ වසරකට නැව් 36000 ක් පමණ ගමන් කරන මුහුදු මාර්ගයක වැදගත් ස්ථානයක පිහිටි හම්බන්තොට වරායට 2015 සිට මෙතෙක් පැමිණියේ නැව් 44 ක් පමණයිනම් එය කළමනාකරණයේ ප්‍රශ්නයක් මිස ව්‍යාපෘතියේ ප්‍රශ්නයක් නොවන බවයි .ඔහු පවසන පරිදි එය ලංකාවේ දේශපාලනය තුල හම්බන්තොට වරාය දේශපාලන පා පන්දුවක් වීම නිසා ඇතිවූ තත්වයක්. ඒ අනුව මේ ගැන චීනයේ විශේෂ අවධානයක් යොමු වූ බවත් මෙම ආයෝජනය තුලින් වාණිජමය වාසියක් ශ්‍රී ලංකාවට ලබාදීම සිය වගකීමක් ලෙසත් සළකන බවත් සඳහන් කරනවා .
එය භාණ්ඩාගාරයට බරක් වෙලා කෝප් කමිටු වාර්තාවට අනුව හම්බන්තොට වරායේ පාඩුව මේ වන විට රුපියල් මිලියන 37000 ක් වෙනවා. මේ පාඩුව මහාභාණ්ඩාගාරයට නොදී ඉදිරියේදී වරායෙන් ලාභ උපදවා එම ලාභයෙන් 30 % ක් රජයට දෙන්න චීන සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා .ඒ සඳහා තවත් බිලියන 1.2 ක් යොදවන්න විශාල අවදානමක් දරාගෙන චීනය ඉදිරිපත් වෙලා තියෙනවා .ඔවුන් කියන්නේ මෙය ලාභදායී ව්‍යාපෘතියක් බවට පත් කරන්න බැරිනම් එම ආයෝජනයේ පාඩුව තමන් විඳින්න සුදානම් කියල .