‘Rebuilding Sri Lanka’ අරමුදලට ‘ජෝන් කීල්ස්’ වෙතින් රු.මිලියන 400ක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,596
    113
    John-Keells.jpeg



    ජෝන් කීල්ස්’ හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් වෙතින් රුපියල් මිලියන 400ක මූල්‍ය පරිත්‍යාගයක්

    දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් විසින් රුපියල් මිලියන 400ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

    ඒ අනුව,

    South Asia Gateway Terminals (SAGT) රුපියල් මිලියන 100ක්ද,
    Nations Trust Bank රුපියල් මිලියන 100ක්ද,
    Lanka Marine Services Pvt Ltd රුපියල් මිලියන 50ක්ද,
    Jaykay Marketing Services Pvt Ltd රුපියල් මිලියන 50ක්ද,
    Union Assurance රුපියල් මිලියන 50ක්ද,
    Elephant House රුපියල් මිලියන 50ක්ද වශයෙන් ද පරිත්‍යාග කර තිබේ.

    ඊට අදාළ චෙක්පත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ඩී. ගුණතිලක, South Asia Gateway Terminals හි ප්‍රධාන විධායක නිලධාරි Steen Knudsen විසින් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිළිගන්වනු ලැබීය.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් ජාලය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි (John Keells Holdings PLC) නියෝජ්‍ය සභාපති/සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    සමාගමේ හැටියට ගාන මදි ද මන්දා
    කැ ලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,158
    113
    Mother Earth
    දැන් මෙහෙම අරමුදලක් නෑ කියන්නෙ ? එතකොට කාටද මේ සල්ලි ගිහින් තියෙන්නෙ ? කැරි මාලිමා හොරු ඒකත් හොරා කාල වගේ. 🤷‍♂️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    සමාගමේ හැටියට ගාන මදි ද මන්දා
    කැ ලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ


    උඹ හිතන්නේ මුන් දන් දුන්නා කියලා ද?

    රජයට කරන සේරම ආධාර, සම්පූර්ණයෙන්ම tax refundable

    වියදම 0යි
    ඇඩ් එක 100යි 😆
     
    • Like
    Reactions: san**