“කුඹියෝ” ටීවී සිරිස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala

    සෝෂල් මීඩියා නැත්නම් මේ තරම් කතා බහක් ඇති වෙන්නේ නෑ කියන කතාව වෙන්න ඕනේ මේ කියන්නේ (එහෙම නැතුව ව්‍යංගයෙන් සෝෂල් මීඩියා සපෝට් බලාගෙන කූඹියෝ හැදුවා කියලා නෙවෙයිනේ )

    සෝෂල් මීඩියා වල කතා බහක් එහෙම නැත්නම් වයිරල් සීන්ස් ඇති වීම කූඹියෝ නිර්මාණය අවසාන කොට කාලයකදි විකාශය සමග ඇතිවන්නක්..
    කවුරුවත් අනේ කූඹියෝ පෙන්වන්නේ කවද්ද කියල ඇඟිලි ගැන්නේ නෑ..

    ඇත්තටම උනේ ටීවී බලන සීමිත පිරිසක් නැරඹූ ට්‍රේලර් එක හරි එපිසෝඩ් එක දෙක හරි දැකලා එයාලට ලැබුණු ප්‍රහර්ෂය මීඩියා වලට මුදා හැරීම නිසා එකිනෙකා දැනුවත්වී කුතුහලයට එපිසෝඩ් බලමින් එන්න එන්න ප්‍රේක්ෂකාගාරය පිරීම.

    ඒක බොහොම බාල ඝනයේ මාර්කටින්ග් ට්‍රික් එකක් විදියට අදහස් කරවනවා "සෝෂල් මීඩියා නැත්නම් කූඹියෝ නෑ " කතාවෙන්.
    එහෙම කිවයුතු නිර්මාණ ඕන තරම් ඇති.
    පෞද්ගලික මතය සත්‍යය අතික්‍රමණය වී අසාධාරණයට ලක් නොකරන්න වග බලාගන්න.
    :)

    mama kiyanna heduwe TV eke balanawata wada minissu atharata awa kiyala... mamath die hard fan kenek me drama eke....
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    23561759_1932517150347565_5319588019720124638_n.jpg
     
    • Like
    Reactions: Ultron

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,690
    113
    “කූඹියෝ” නැත්නම් මාත් ඉවරයි

    O2rBFUJ.jpg

    ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන කූඹියෝ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රියවීමත් සමග එහි ඇතුළත් චරිතවලටත් ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. එවැනි එක් චරිතයක් තමයි අංජානි කියන්නේ. කූඹියෝ හි අංජානිගේ චරිතය නිරූපණය කරන්නේ සුජීවා ඩයස්. සුජීවා කියන්නේ පුංචි තිරයට ආගන්තුක නිළියක් ‍නෙවෙයි. නමුත් මෑතකදී වෙනත් ටෙලි නිර්මාණවලින් ඇයව වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඇගේ ඒ නිහැඩියාවට බලපෑ හේතුව මොකක්ද කියන කාරණයක්. ‘රිද්ම’ සමග මෙම සංවාදයට එක්වෙමින් සුජීවා හෙළි කළා.

    කූඹියෝ නාට්‍යය නිසා ඔබට ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
    ඒ ගැන ගොඩක් සතුටුයි. වසර ගණනාවක් ක්‍ෂේත්‍රයේ හිටියත් මට මේ වගේ ඉහළම ජනප්‍රියත්වයක් ලැබුණේ කූඹියෝ නාට්‍යයෙන් තමයි.

    කූඹියෝ ටෙලි නාට්‍යයේ අංජානිට ඉදිරියේදී මොනවා වෙයිද?
    එෆ්.බි. එක හරහාත් මේ දවස්වල මගෙන් වැඩිපුරම අහන ප්‍රශ්නය තමයි ඕක. මම හිතන්නේ මම ඔය ප්‍රශ්නයට උත්තර දෙනවාට වඩා හොඳයි ප්‍රේක්ෂකයින්ට ටෙලි නාට්‍ය නරඹලාම ඒකට උත්තරයක් හොයාගන්න ඉඩ දෙන එක.

    සුජීවා නිළියක් වුණේ කොහොමද කියලා මතක් කළොත්?
    මම පාසල් කාලෙදිම වගේ පැජන්ට් එකකට සහභාගි වුණා. ඒ විතරක් ‍නෙවෙයි. මම ඒකේ අන්තිම දහදෙනා අතරටත් තේරී පත් වුණා. ඒ ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක පස්සේ වෙළෙඳ දැන්වීම් කීපයකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ටිකිරි රත්නායකගේ දූ කුමරියෝ නාට්‍යයෙන් තමයි මම ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වුණේ ඒ 2008 වසරේදී.

    මේ වෙද්දී ටෙලි නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
    ටෙලි නාට්‍ය 15ක විතර මම රඟපාලා තියෙනවා.

    හැබැයි සෑහෙන කාලෙකට පස්සෙයි සුජීවාගේ රංගනයක් පුංචි තිරයෙන් දකින්නට ලැබෙන්නේ?
    ඔව්. මගේ පදිංචිය නුවර. නුවර ඉඳන් කොළඹ ඇවිත් ටෙලි නාට්‍යවලට දායක වෙන එක මට හුඟක් අසීරු වුණා. ඒ නිසා මම රඟපෑමෙන් ඉවත් වෙන්න තීරණය කරලයි තිබුණේ.

    නමුත් ඔබට රඟපෑමෙන් සදහටම ඉවත් වෙන්න සිදුවුණේ නැහැ?
    ඔව්. මගේ නිහඬතාව අලුත් ගමනක ආරම්භයක් වුණා.

    ඒ කිව්වේ?
    මම අන්තිමට රඟපෑවේ කූඹියෝ ටෙලි නාට්‍යයේ කූඹියෝ රූගත කළේ මීට වසර කිහිපයකට කලින්. ඒත් එක්කම මමත් රඟපෑම නතර කළා. වසර ගණනකට පසුව දැන් කූඹියෝ විකාශය වනවා. ඒත් එක්ක මමවත් හිතපු නැති තරම් ජනප්‍රියත්වයක් මට ලැබිලා තියෙනවා. කූඹියෝ නිසා මට දැන් එක දිගට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඉතින් ඒ ජනප්‍රියත්වයත් එක්ක මම ඉබේම වගේ ආයෙමත් රංගනයට යොමු වුණා.

    ඒ කියන්නේ සුජීවා දැන් රංගන කටයුතු නිසා කාර්ය බහුල වෙලා ඇති?
    ඔව්. මේ දිනවල මම මේ මල් වසන්තයයි ටෙලි නාට්‍යයේ රඟපානවා. තවත් නිර්මාණ කිහිපයකටම ඉදිරියේදී එක්වෙන්නත් හිතාගෙන ඉන්නවා.

    සුජීවාගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කතා කරමුද?
    මගේ සැමියා ගීතාන් ඩයස්. මගේ කලා කටයුතුවලට උපරිම සහයක් ඔහුගෙන් ලැබෙනවා. මට ලොකු පුතෙක් ඉන්නවා. පුතාගේ නම කෙවින්. පුතා මේ වෙන කොට මහනුවර ත්‍රිත්ව විදුහ‍ලේ 10 වසරේ ඉගෙන ගන්නවා.

    ආරියවංශ කුලතිලක | ඡායාරූප – මංජුල පෙරේරා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අංජි එහෙම මරු නේද බන්. ඒකිට ගහන්න පලුවන්නම් ගහන්න. :rolleyes: අර තට්ටෙ තියෙන මනුස්සයත් මරුවට ඇක්ට් කරනවා. ඒ මහත්තයා හරියට Breaking Bad එකේ ඉන්න walter white වගේ නේද ? අර Tiran නිකන් මට නම් Jason Stathm වගේ. ගොඩක් ලස්සන කතාවක්. මේ වගේ කතා තවත් අපිට ඕනෙ. අනේ පීස් මහත්තයෝ..:love:
    :D:D:D
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    “කූඹියෝ” නැත්නම් මාත් ඉවරයි

    O2rBFUJ.jpg

    ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන කූඹියෝ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රියවීමත් සමග එහි ඇතුළත් චරිතවලටත් ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. එවැනි එක් චරිතයක් තමයි අංජානි කියන්නේ. කූඹියෝ හි අංජානිගේ චරිතය නිරූපණය කරන්නේ සුජීවා ඩයස්. සුජීවා කියන්නේ පුංචි තිරයට ආගන්තුක නිළියක් ‍නෙවෙයි. නමුත් මෑතකදී වෙනත් ටෙලි නිර්මාණවලින් ඇයව වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඇගේ ඒ නිහැඩියාවට බලපෑ හේතුව මොකක්ද කියන කාරණයක්. ‘රිද්ම’ සමග මෙම සංවාදයට එක්වෙමින් සුජීවා හෙළි කළා.

    කූඹියෝ නාට්‍යය නිසා ඔබට ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
    ඒ ගැන ගොඩක් සතුටුයි. වසර ගණනාවක් ක්‍ෂේත්‍රයේ හිටියත් මට මේ වගේ ඉහළම ජනප්‍රියත්වයක් ලැබුණේ කූඹියෝ නාට්‍යයෙන් තමයි.

    කූඹියෝ ටෙලි නාට්‍යයේ අංජානිට ඉදිරියේදී මොනවා වෙයිද?
    එෆ්.බි. එක හරහාත් මේ දවස්වල මගෙන් වැඩිපුරම අහන ප්‍රශ්නය තමයි ඕක. මම හිතන්නේ මම ඔය ප්‍රශ්නයට උත්තර දෙනවාට වඩා හොඳයි ප්‍රේක්ෂකයින්ට ටෙලි නාට්‍ය නරඹලාම ඒකට උත්තරයක් හොයාගන්න ඉඩ දෙන එක.

    සුජීවා නිළියක් වුණේ කොහොමද කියලා මතක් කළොත්?
    මම පාසල් කාලෙදිම වගේ පැජන්ට් එකකට සහභාගි වුණා. ඒ විතරක් ‍නෙවෙයි. මම ඒකේ අන්තිම දහදෙනා අතරටත් තේරී පත් වුණා. ඒ ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක පස්සේ වෙළෙඳ දැන්වීම් කීපයකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ටිකිරි රත්නායකගේ දූ කුමරියෝ නාට්‍යයෙන් තමයි මම ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වුණේ ඒ 2008 වසරේදී.

    මේ වෙද්දී ටෙලි නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
    ටෙලි නාට්‍ය 15ක විතර මම රඟපාලා තියෙනවා.

    හැබැයි සෑහෙන කාලෙකට පස්සෙයි සුජීවාගේ රංගනයක් පුංචි තිරයෙන් දකින්නට ලැබෙන්නේ?
    ඔව්. මගේ පදිංචිය නුවර. නුවර ඉඳන් කොළඹ ඇවිත් ටෙලි නාට්‍යවලට දායක වෙන එක මට හුඟක් අසීරු වුණා. ඒ නිසා මම රඟපෑමෙන් ඉවත් වෙන්න තීරණය කරලයි තිබුණේ.

    නමුත් ඔබට රඟපෑමෙන් සදහටම ඉවත් වෙන්න සිදුවුණේ නැහැ?
    ඔව්. මගේ නිහඬතාව අලුත් ගමනක ආරම්භයක් වුණා.

    ඒ කිව්වේ?
    මම අන්තිමට රඟපෑවේ කූඹියෝ ටෙලි නාට්‍යයේ කූඹියෝ රූගත කළේ මීට වසර කිහිපයකට කලින්. ඒත් එක්කම මමත් රඟපෑම නතර කළා. වසර ගණනකට පසුව දැන් කූඹියෝ විකාශය වනවා. ඒත් එක්ක මමවත් හිතපු නැති තරම් ජනප්‍රියත්වයක් මට ලැබිලා තියෙනවා. කූඹියෝ නිසා මට දැන් එක දිගට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඉතින් ඒ ජනප්‍රියත්වයත් එක්ක මම ඉබේම වගේ ආයෙමත් රංගනයට යොමු වුණා.

    ඒ කියන්නේ සුජීවා දැන් රංගන කටයුතු නිසා කාර්ය බහුල වෙලා ඇති?
    ඔව්. මේ දිනවල මම මේ මල් වසන්තයයි ටෙලි නාට්‍යයේ රඟපානවා. තවත් නිර්මාණ කිහිපයකටම ඉදිරියේදී එක්වෙන්නත් හිතාගෙන ඉන්නවා.

    සුජීවාගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කතා කරමුද?
    මගේ සැමියා ගීතාන් ඩයස්. මගේ කලා කටයුතුවලට උපරිම සහයක් ඔහුගෙන් ලැබෙනවා. මට ලොකු පුතෙක් ඉන්නවා. පුතාගේ නම කෙවින්. පුතා මේ වෙන කොට මහනුවර ත්‍රිත්ව විදුහ‍ලේ 10 වසරේ ඉගෙන ගන්නවා.

    ආරියවංශ කුලතිලක | ඡායාරූප – මංජුල පෙරේරා

    Echchara loku lamayek inna anti kenek kiyala nam kiyanna ba :no: :(
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කුඹියෝ එකේ චරිත වලින් තියෙන Fb profiles ටික කාගේද? මම මුලින් හිතුවේ marketing campaign එකක් විදියට officially කරන වැඩක් කියලා. ඒත් සමහර post දැක්කහම හිතෙන්නේ නිකන් fansල කරන වැඩක් කියලා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,954
    1
    9,753
    113
    Gampaha

    sapekshayi itin. eeye episode eke thama mata nam oya sound aula aawe. anika camerawa eka digata karakewwa. TV eke neweine balanne. lap ekene. kerakilla aawa.
    mama nam e music train sadde wage ewata kamaty.
    eeye episode eke witarai too much aulak aawe. debas ahenne netuwa :)
    e karakona welawe stabilizer ekak use karala thibbe na neda? :baffled: ai danne naha ehema kale.. :eek:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කුඹියෝ එකේ චරිත වලින් තියෙන Fb profiles ටික කාගේද? මම මුලින් හිතුවේ marketing campaign එකක් විදියට officially කරන වැඩක් කියලා. ඒත් සමහර post දැක්කහම හිතෙන්නේ නිකන් fansල කරන වැඩක් කියලා.

    ඔෆිසියල් 1 තියෙන්නේ අනෙක්වා ෆැන්ස්ලාගේ වැඩ