මේ software එකක් හදනවාට වඩා ලොකු advanced දේවල් සාකච්චා කරපු නාට්‍ය තිබ්බා බන් ඉස්සර. අකාල සන්ධ්‍යා එකේ time travel ගැන, time travel හින්ද time line වෙනස් වෙන හැටි ගැන වගේ සංකල්ප කතා කළා. තව කුණ්ඩලිනී ශක්තිය ගැන වගේ දේවලුත් කතා කළා.
මනෝකාය නාට්‍යයේ මිනිස් ශරීරයකට වෙන conscious එකක් ඇතුල් කිරීම වගේ දේවල් කතා කළා.
තව කතාවක් තිබ්බා ඇට මාලයක් අරන් භාවනා කරන යෝගියෙක් ඉන්න කතාවක්. ඒ කැලේ අවට ගෝනි පොරවගත්ත big foot වගේ එකෙක් ඉන්නවා. ඒ යෝගියාට ඌව control කරන්ඩ පුළුවන් ද කොහෙද.
තව නුවරඑළිය වගේ පැත්තක ෂූට් කරපු කතාවක් තිබ්බා අද්භූත horseman කෙනෙක් ඉන්න. මොකක්හරි experiment එකක් ගැන කතාවක් ද මන්ද ගියේ.
තව පුනුරුප්පත්තිය වගේ ගොඩක් මත ගැටුම් තියෙන මාතෘකා කතා කරපු නාට්‍ය තිබ්බා.
තව detective කතා කොච්චර ගියා ද. sci fi ලෙවෙල් කතා ගියා ඉස්සර.
එහෙම ඒවා තමා ඉස්සර පවුලේ අය එකතු වෙලා බැලුවේ.
ඔය සමහර දේවල් මුලින්ම ඇහුවෙත් ඒ නාට්‍ය වලින්. හැමෝට ම නොතේරුණාට හිතන්ඩ දේවල් තිබුණ නාට්‍ය තිබ්බ ඉස්සර. හැමෝටම තේරෙන විදියේ script වලට මෙගා නාට්‍ය හදන්ඩ ගත්තට පස්සේ තමා ලංකාවේ නාට්‍ය කලාව වලපල්ලට ගියේ. දැන් කතා වල පවුල් ආරවුල්, ලව් scene ඇර වෙන දෙයක් නෑනේ.