මචං ඕක මට කෙලින්ම කියපන්. වෙන අය එක්ක කියවන්ඩ ඕන නෑ. මුල ඉඳන් මගේ comments කියවපන්. මම කොහෙවත් කියල නෑ කූඹියෝ එකේ කරන්ඩ හදන්නේ මම කියන විදියේ එකක් කියල. හැමෝම software scene එක ගොන් ආතල් එකක් කියන හින්ද ඒ concept එකේ potential එක පෙන්නන්ඩ තමා මම අදහස් ඉදිරිපත් කලේ. 191 පිටුවේ ඉඳන් කියවපන්.
මම කියපු එකක්වත් මනෝ විකාර නෙවේ. AI කියන්නේ campus වල උගන්නන subject එකක්. ඉගෙනගෙන තියෙනවා නම් තේරෙයි මම කියන්නේ මොකක්ද කියල.
Programmer කරන්නේ client කියන විදියට code කරන එක නම්, Systems analystsල, software architectsල, software engineersල මොකටද?
කතාවේ විදියටත් ජෙහාන් කියනවා ඌ system එක හදන විදිය දන්නේ නෑ ඒකට තමා programmerව එක්කන් ආවේ කියල.
ප්‍රශ්නේ තියෙන්නේ මගේ comments ඔක්කොම කියවල හරියට තේරුම් නොගැනීම. අනික තමා උඹ AI subjects ඉගෙනගෙන නැති හින්ද තවමත් මම කියන එව්වා හිතළු, බහුබූත කියලා හිතාගෙන සිටීම.
අප්‍රසන්නම දේ තමා මම කියන දේවල් ගැන සංවාදයකට එනවා වෙනුවට උඹ දන්නා දේවල් වලින් මම කියපුවා ලඝු කරලා අරන් උඹ නොදන්නා දේ හිතළු, බහුබූත විදියට සලකලා අපහාස, උපහාස කිරීම.
මම කියල තියෙන technologies campus වල final researches වලට ඕන තරම් use කරනවා. ඒ හින්ද ඒවා හිතළු නෙවේ.
අවසන් වශයෙන් ආයෙත් කියන්නේ මම ජෙහාන් කියපු system එක හැදිය හැකි විදියක් සහ මම ඒ විදිය යෝජනා කරන්ඩ හේතු කිව්වා මිසක් කුඹියෝ එකේ කරන විදිය කිව්වා නෙවේ. ඒකෙ උන් මොනවා කරයි ද මම දන්නේ නෑ.
මෙච්චර type කළේ උඹේ නොදන්නාකම නිසා මට අපහාස කළ නිසා සහ එහෙම අපහාස කරන්ඩ හේතුවක් මට හිතාගන්ඩ බැරි හින්දා.
මේ ඇති ඈ... මේක කූඹියෝ thread එක මිසක් software technology කතා කරන thread එකක් නෙවේ නෙ.