“කුඹියෝ” ටීවී සිරිස්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Spoiler alert!


    Ronn B Herat:

    මම දැකලා තියෙනවා පිටරට ටෙලිවල රසිකයින් ඊළඟ සතියේ වෙන දේවල් ගෙස් කරලා කලින් ලියනවා. සමහර විට ඒවා හරියන්නත් වැරදෙන්නත් ඉඩ තියෙනවා. ඒක කතාව ස්පොයිල් කිරීමක් නොවෙයි.
    ඒත් අකමැති අයට නොබලා ඉන්නත් පුළුවන්. ඒකත් එක්තරා ආතල් එකක්.

    ඔන්න දැන් මමත් ලබන සතියේ කතාව ගෙස් කරලා කෑලි ඇනලයිස් කරලා ලියන්නයි යන්නේ...

    ජෙහාන් දැන් ශාක්‍යා එකේ අල්ලපු ගොඩනැගිල්ලේ සිට ගේම මෙහෙයවනවා සිම් කාඩ් පහක් ෆෝන් වලට දාගෙන. දැන් ප්‍රියන්තයා
    ඌ පස්සේ එන රැලම රැගෙන සටන් පාඨ කියමින් ගේට්ටුවෙන් පිටතට පැමිණ හන්දිය කරා පාර දිගේ යනවා.

    දැන් ජෙහාන් ජූඩාගේ ගැන්සිය හෝ ඔස්ටින්ගේ ගැන්සිය මෙතනට බස්සලා ප්‍රියන්තගේ රැලට පොලු ප්‍රහාරයක් එල්ල කරනවා. ඊට පස්සේ උන් ටික එතනින් මාරු වෙනවා.

    ඊළඟට ජෙහාන්, ශාක්‍යා ජයවර්ධන ලෙස පොලිසියට ෆෝන් කරනවා. ඒ ගමන්ම ටීවී සහ මාධ්‍ය වලටත් කතා කරනවා. දැන් ප්‍රියන්තගේ කට්ට්ය පොලිසියටත් ගේම ඉල්ලනවා. ඔය ශාක්‍යා ටීම් එකේ ඉන්න වාමාංශික සහෝදරයාගේ පොර අර "බුරුසු රැවුලා" දැන් සටන මෙහෙයවනවා.

    දැන් ජෙහාන් වාමාංශික සහෝදරයාට කතා කරලා කියනවා මගේ ගේම දැන් ඉවරයි. මම ප්‍රශ්නයක් ඇතිකළා. දැන් මෙතන සිට ප්‍රශ්නය හෑන්ඩ්ල් කරන්න කියලා.

    ඔන්න දැන් වාමාංශික සහෝදරයාත් එයාගේ කට්ට්ය වාහනයක දාගෙන මෙතනට එනවා.

    දැන් ප්‍රියන්තගේ රැලත් බුරුසු රැවුලාත් පොලිසියට ගේම දෙනවා. විදි සටන නැගලා යනවා. දැන් පොලිසියත් වෙඩි තියනවා. බුරුසු රැවුලාට වෙඩි වදිනවා. වාමාංශික සහෝදරයාගේ වාහනේ වෙඩි වැදුන බුරුසු රැවුලා හොස්පිටල් ගෙනයනවා.

    ප්‍රියන්ත සහ ප්‍රියන්තගේ රැල අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනයනවා. බුරුසු රැවුලා වෙඩි පහරින් මියයනවා.

    26026184_10204057912724582_2096326857841435915_o.jpg


    ----------------------

    කිහිපදෙනෙක් inbox ඇවිල්ල මගෙන් අහනවා ඊළඟට මොකද වෙන්නේ කියලා. මම ගාව පිටපත නෑ. මේ ගෙස් කරලයි එහෙම ලියන්නේ.

    එහෙනම් තව ටිකක් විතර ඉදිරියට ලියන්නම්.

    දැන් ප්‍රියන්තයාව රිමාන්ඩ් කරනවනේ. ප්‍රියන්ත උසාවි එන දවසට ජෙහාන් මීඩියා වලට වලට කතා කරල ඌව වීරයෙක් කරනවා. එතනින් සුදු රැවුල් වමාගේ ශාක්‍ය කතාව ඉවරයි.

    ඊළඟට තියෙන්නේ ප්‍රියන්තගෙයි, ජෙහාන්ගේයි, ඔස්ටින්ගෙයි, සීඅයිඩී එකේයි අන්තිම ගේම් එක. මම නම් කැමති නැහැ දැම්ම තියාම කියලා කතාව ස්පොයිල් කරන්න.

    25659919_10204063156975685_335732258926354445_n.jpg
     
    • Like
    Reactions: Arrow11

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    එච්චරම විශේෂත්වයක් නැති හින්ද තමා බන් ලස්සන...පියුමි වගේ තොල් පාට කරල මේකප් දාගත්ත හෙන සයිස් කදක් තියෙන එකියක්ට වඩා අපිට මේ වගේ සාමාන්‍ය ලස්සනක් තියෙන කෙල්ලෙක්ගෙන් සමීප බවක් තාත්වික බවක් දැනෙනව :love:

    :D:D:love::love::love::love:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    එච්චරම විශේෂත්වයක් නැති හින්ද තමා බන් ලස්සන...පියුමි වගේ තොල් පාට කරල මේකප් දාගත්ත හෙන සයිස් කදක් තියෙන එකියක්ට වඩා අපිට මේ වගේ සාමාන්‍ය ලස්සනක් තියෙන කෙල්ලෙක්ගෙන් සමීප බවක් තාත්වික බවක් දැනෙනව :love:
    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය යන්නෙ ඒ පාර වෙඩි වගේ :P

    එකම අඩුවකට තිබුනෙ අරු මැරිලා ඉන්නවා පෙන්නපු වෙලාවේ කිසි විශේෂ හැඟීමක් පෙන්නුවේ නෑ උන් දෙන්නම නිකන් සාමාන්‍ය සිද්දියක් වගේ බලන් හිටියේ :nerd: යකෝ එකෙක් මැරිලා ශික් අපරාදේ කියලවත් කිවේ නෑ නෙ.
     
    • Like
    Reactions: sithija.h