“ජයශ්‍රී ඇමතිතුමා”

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    “ජයශ්‍රී ඇමතිතුමා”

    jayashri-.jpg



    සිනහව :lol: උපදවනවා කියන්නෙත් වෙනමම කලාවක්. ඒ කලාව ප්‍රගුණ කළ ශිල්පීන් පිරිසක් දායක වුනු අපූරු ප්‍රහසනාත්මක චිත්‍රපටයක් ළඟදීම රිදී තිරයට ගෙනඒමට සුදානම් :nerd:. චිත්‍රපටයේ නම "ජයශ්‍රී ඇමතිතුමා". දේශපාලන චරිත ඇසුරින් ප්‍රහසනාත්මක චිත්‍රපට නිර්මාණය කිරීම මෑත යුගයේ බොහෝ සෙයින් ජනප්‍රිය වුනා ( පාර්ලිමේන්තුවේනම් දැනටත් වෙන්නේ ජෝක්ස් තමයි...:rofl::P ) මේ චිත්‍රපටයටත් මූලික වන්නේ දේශපාලන චරිත කිහිපයක්. :rofl::lol:





    නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ජනිත මාරසිංහ නිෂ්පාදනයක්. චිත්‍රපටයට කැමරා අධ්‍යක්ෂණයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ රවින්ද්‍ර රෝහණ සම්බන්ධ වනවා. චිත්‍රපටයට තනු නිර්මාණ සහ ගී හඬ ලබා දුන්නේ සුනිල් පෙරේරා විසින්. ප්‍රවීන් ජයරත්න මෙහි සංස්කාරක වරයා වනවා.:rolleyes:




    ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු, දමිතා අබේරත්න, ගයත්‍රී ඩයස්, ලක්ෂ්මන් අමරසේකර ඇතුළු ශිල්පින් පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. ජයශ්‍රී ඇමතිතුමා සමග සිනාසෙන්න ඔබටත් ළඟදීම අවස්ථාව ලැබේවි.:D:rofl::P:lol:







    උපුටා ගැනීම.. :- http://cinema.lk/%E0%B6%A2%E0%B6%BA%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F-%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-%E0%B7%83/
     
    Last edited: