“මහේලගේ සහ සංගාගේ අවන්හල නීති විරෝධියි”

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    “මහේලගේ සහ සංගාගේ අවන්හල නීති විරෝධියි”

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සහ හිටපු නායක කුමාර සංගක්කාර විසින් පවත්වාගෙන යනු ලබන සුපිරි ගණයේ අවන්හලක් සඳහා ‘මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රැබ්’ (Ministry Of Crab) යන නම භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.
    ඒ මහතා පෙන්වා දෙන්නේ ‘මිනිස්ටි‍්‍ර’ යන වචනය අමාත්‍යංශයකට හෝ ආගමික කටයුත්තකට හැරුණු කොට වෙනත් කිසිදු ආයතනයකට හෝ ව්‍යාපාරයකට භාවිතා කිරීම නීති විරෝධී බවයි.
    කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යනු ලබන මේ අවන්හල සඳහා ‘ක‍්‍රැබ් කෝපරේෂන් ඔෆ් ප‍්‍රයිවට් ලිමිටඞ්’ යන නාමය භාවිතය සඳහා අනුමැතිය දී තිබියදී එය නොසලකා හැර ‘මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රැබ්’ යන නාමය නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මේ වන විට බස්නාහිර පළාත් සභාවටද දැනුම් දී ඇති බවත් ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.


    min-of-crab-01.jpg


    min-of-crab-05.jpg


    moc-01.jpg
     
    • Like
    Reactions: Ereshaz77

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔය මිනිස්ට්‍රී කියන වචනය ආගමේත් තියෙනවා… ඒක මේ වීරතුoග මහත්තයා කියනවා වගේ අමාත්‍යාoශ වලටම විතරක් කියන වචන්යක් නෙමෙයි..

    ඒ නම යොදාගන්න බැහැයි කියලා නීතියෙන් තියෙනවානම් ඉතින් ප්‍රශ්නයක් තමයි..

    හැබැයි මට හිතෙන්නෙ මෙතන වෙන්නෙ බොහොම සූක්ශම විදියට “පළිගැනීමක්”
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,789
    3,370
    113
    මම දැක්කා පත්තරේ ad දාලා තීයෙනවා..මම හිතුවේ වෙන කාගේ හරි එකක් කියලා..:)
     

    belgshan

    Member
    May 26, 2008
    96
    0
    0
    CPH Denmark
    Whats about Ministry of Sound in London.(The home of dance music and the world's best nightclub)

    How can they use the name UK and but not in Srilanka.

    Lankawe ayata pissu thama.
    Thanks for the fotos.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අරකෙන් මම මේකට මාරු වුනා.... කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද.....? සල්ලි වලට මට ඕන දෙයක් කර හැකි. එංග්ලන්ඩ් මැච්ස් කට් කරලා මම සල්ලි වලට IPL ගැහුවා.එකත් කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද…සල්ලි ඇතිනම් ඕන දෙයක් මට සිම්පල් ප්ලැන් මෙයාලා....he ..he..
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අරකෙන් මම මේකට මාරු වුනා.... කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද.....? සල්ලි වලට මට ඕන දෙයක් කර හැකි. එංග්ලන්ඩ් මැච්ස් කට් කරලා මම සල්ලි වලට IPL ගැහුවා.එකත් කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද…සල්ලි ඇතිනම් ඕන දෙයක් මට සිම්පල් ප්ලැන් මෙයාලා....he ..he..

    :yes:

    mun denna nam ballo dennek. mun run karana badu potuth thiyenawalu. team ekath kala ratath kanawa.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම නම් හිතන්නෙ නැහැ මුන්ට මේ සීන් එකට බාල්දිය පෙරලයි කියලා