“සරසවි කුරුටු ගී 232ක්”
සරසවි කුරුටු ගීය, සරසවියකට පා තැබූ ඕනෑම අයෙකුගේ කන වැකුණු වදනක් වේ. මේ සරසවි කුරුටු ගීයෙන් මතු වන්නේ සරසවියේ ඉගෙනුම ලබන සරසවි මානව, මානවිකාවන්ගේ හදවතේ පදවැලයි. සිතට දැනෙන දුක, සතුට තම හදවතේ රාවය පද වලට පෙරලන්නට මොවුනට වැඩි වේලාවක් ඕනෑ නොවේ. එම සිතුවිලි පද වලට පෙරලී ඇති අපූරුව මනරම්ය. සීගිරි කැටපත් පවුරේ ගී ලිව්වෝ මුතුන් මිත්තන්ය. සරසවි කුරුටු ගීය ලිව්වෝ අප සහෝදර සහෝදරියන්ය. කැටපත් පවුරක ලියැවුන ගීයට වඩා වෙනසක් මෙහි දක්නට ඇත. එනම් මේ ගී ලියවෙන්නේ දේශන ශාලාවක,පොත්ගුලේ පුටු ඇන්දක,මේසයක,බිත්තියක,නේවාසිකාගාරයේ බිත්තියක,කැන්ටිමේ මේසයක නැතිනම් වැසිකිළි බිත්තියක වීමයි. මේ කොතැනක වුව ලියැවුණු කුරුටු ගීය සරසවි ජීවිතයේ යථාර්ථය පිළිඹිබු කරනා කැටපතක් වේ.
මේ ගීත වල මුල් කතෘ නිර්නාමික ද, නිර්මාණ පොදු නිසාද ඊටත් වඩා මෙම කුරුටු ගීත සීගිරි ගී මෙන් ප්‍රසිද්ධ විවෘත නිර්මාණ නොවන හෙයින්ද මේවා දැකීම විරළය. සන්දර්භයන් අව්‍යාජ නිර්මාණශීලී අනන්‍ය සහ යථාර්ත නිමැවුම් වේ. මෙමගින් විවිධ සමාජ සහ මානසික මට්ටම් වල සෙවනැල්ලක් ඔබට දැක ගත හැකි වනු ඇත. පත පොත, බඩු කෑලි, පිකටින්, ආතල් සහ ලෙක්චර්ස් සමග ගතවන නිදහස් කෙළිලොල් සුහුඹුල් යව්වනයේ දැක්ම මෙම ගීත තුලින් දැකිය හැකිවනු ඇත.
සරසවි කුරුටු ගී වල තියෙන විශේෂත්වය තමා සරලව ඒත් අව්‍යාජ ව තමන්ගේ හිතේ තියෙන සිතුවිලි අනිත් කෙනාගේ හිත සසල වෙන විදිහට ලියලා තිබීම. මෙවන් ගීත කලාවක් නොනැසී පවත්වාගත යුතු වේ. එහෙත් සරසවිය තුලටද තරඟකාරීත්වයේ හෙවැනැළි පතිතවෙද්දී මේ ගී කලාව රැක ගැනීමට යමක් කලයුතුව ඇත.
මේ එකතුවේ ගී 232ක් තියෙනවා. පිටු 59ක් පුරා ගලා යන මේ ගී ඔයාලට සරසවි දිවිය ගැන ලස්සන චිත්‍රයක් ඇදලා පෙන්නාවි. එක එක සරසවි වලින් එකතු කරගත් ගී වෙන වෙනම දක්වන්න උත්සාහ ගත්තා. ඒත් සමහර ගී ඒ විදියට වෙන් කරන්න අමාරු වුන නිසා ඒ ගී ටික වෙනමම දක්වලා ඇති. පහතින් තියෙන්නේ ගී වර්ග කරන්න යොදාගත්ත සරසවි කිහිපය. මීට වඩා ගොඩක් කවි තියෙනවා. පුළුවන් විදියට මේ එකතුව ඉදිරියේදී යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.
1. කැළණිය සරසවිය
2. කොළඹ සරසවිය
3. ජයවර්ධනපුර සරසවිය
4. පේරාදෙණිය සරසවිය
5. මොරටුව සරසවිය
6. රුහුණු සරසවිය
7. වයඹ සරසවිය
8. විවෘත සරසවිය
9. තවත් සරසවි කුරුටු ගීත
මේ එකතුවේ නැති ගී ඔයාලා දන්න විදියට පහලින් ලියලා යන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙනවා. සම්පූර්ණ එකතුව 20MB තියෙනවා.

පෙර කලේ කරපු අකුසල් වල අපල
මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා
මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා
එමු රාලේ ගොසින් පේපර් එක ලියලා
පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජා ගඟ වේවා
බෝංචි මුදලාලි අජරාමර වේවා
ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නැත සරසවි වැසී ඇත
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය
අල්ලට සිඟාවත් දෙවරුව පාන් කකා
පස්ස ඉරුනු කලිසම කමිසයෙන් වසා
නැති බැරි නමුත් ඉවසා දත් කූරු කකා
"ක්රෑම" කුමට බී.ඒ අකුරු දෙක තකා
නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා
ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා
කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා
නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා
විභාගෙ අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඇය ලඟ
එම නිසා
විභාගෙ ඇය ලඟ
නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා
සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා
අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා
නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා
මම බාලේ සිට අකුරට ලොබ බැන්දා
කැම්පස් ආවෙ දෙටු උතුමනි ඒ හින්දා
මෙතැනට එන්න රැග් අතොරක් නැත වින්දා
මෙතැනින් තව රැගක් මොන එකටද මන්දා
නොහඩන් සරසවිය සලමින් කදුළු කැට
වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට
සූරා කමින් සුළු පිරිසක් විදිති සැපා
වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා
ඉල්ලමි ඉල්ලීමක් නැමද දෙපා
වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා

Download