›››››සිරිලක පලමු පශු වෙදදුරු‹‹‹‹‹

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ›››››සිරිලක පලමු පශු වෙදදුරු‹‹‹‹‹

    ශ්‍රි ලංකාවේ පලමු පශු වෛදය වරයා කවුදැයි යමෙකු ඇසුවහොත් බොහෝදෙනෙකු සිතනු ඇත්තෙ සුදු ජාතිකයෙකු විය යුතු බවයි.නමුත් මෙරට පශු වෛදය විදයාව මෙන්ම වෛදය විදයාවටද ඇත්තේ වසර දහස් ගනනක් අතීතයකි මෙරට බිහිවූ මුල්ම පශු ශ්‍රේෂ්ඨ වෛදයවරයාඅන් කිසිවෙකු නොව
    අනුරපුර යුගයේ සිරිලක පාලනය කල බුද්ධදාස නිරිදුය මේ සටහන එතුමා ගැනයි

    2vtb3ma.jpg


    වම් කෙලවර සිටින්නෙ බුද්ධදාස නිරිදුය

    අනුරාධපුර රාජධානියේ මුල් භාගයේදී මෙරට පාලකයා බවට පත්වූ බුද්ධදාස රජු (බුජස්‌රජ) සිරිලක පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතීන් අතර ඉතා සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිකරගන්නා පාලකයෙකි. දෙවන දෙටුතිස්‌ (ජෙට්‌ඨතිස්‌ස) රජුගේ පුත් වූ බුද්ධදාස කුමරු සිය පියරජුගෙන් පසුව අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත්විය. (ක්‍රි.ව. 340-368)

    මෙතුමාගේ කාර්ය සංසිද්ධිය පිළිබඳව තොරතුරු විමසීමේදී මෙරට ප්‍රධාන වංශකතාව වන මහාවංසය ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක්‌ හෙළිදරව්කර ඇත. මහාවිහාරය කේන්ද්‍ර කරගනිමින් මෙරට ආගමික ඉතිහාසයක්‌ ගොඩනැඟීමෙහි ලා මහාවංස කතු මහානාම හිමියන් දරන ලද උත්සාහයේ සාර්ථක මෙන්ම අසාර්ථක ප්‍රතිඵල රැසක්‌ විද්‍යාමන වේ. හුදෙක්‌ මහාවිහාර පාක්‍ෂික රජවරුන් පිළිබඳව වීර කාව්‍ය සම්ප්‍රදායට නැඹුරුවෙමින් අතිශයෝක්‌තියෙන් යුතුව දීර්ඝ විස්‌තර ඇතුළත් කර ඇති නමුත් මෙරට ඉතිහාසයෙහි ලා සමාජීය හා ආර්ථික ආදී වශයෙන් විශාල කාර්යභාරයක්‌ සිදුකරන්නට ඇතැයි අනුමාන කළ හැකි පාලකයන් පිළිබඳව තොරතුරු දක්‌වා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එය මහාවංසය ආදි වූ ප්‍රාථමික මූලාශයන් රැසක ම පවතින ප්‍රධාන දුර්වලතාවයකි. මහාවංස කතුහිමියන් විසින් නොවැදගත් සේ සැළකූ බොහෝ කරුණු විශේෂයෙන් සමාජීය හා ආර්ථික තොරතුරු අධ්‍යයනය කිරීමේ දී ඒ පිළිබඳව සවිස්‌තරාත්මක තොරතුරු මූලාශ්‍රයන් හි අන්තර්ගත නොවීම ඉතිහාසය හදාරන්නට මෙන්ම පර්යේෂකයන්ටද මුහුණ පෑමට සිදුවන මහත් ගැටලුවකි.


    ඒ අනුව මෙරට රාජ්‍ය පාලන ඉතිහාසයෙහි ලා ඉමහත් සේවයක්‌ ඉටුකරන්නට ඇතැයි සිතිය හැකි, එනමුත් මූලාශ්‍රගත තොරතුරු සවිස්‌තරව සඳහන් නොවූ තවත් එක්‌ ශ්‍රේෂ්ට නරපතියෙක්‌ ලෙස බුද්ධදාස රජතුමා හැදින්විය හැකිය.


    ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ බුජස්‌රජ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාල බව පෙනේ. වෙසමුණි රජු අලකාව සුරකින්නා සේ තම නුවර රකිමින් ලක්‌වැසි ජනයා හට සැපත ළගාකර දීම පිණිස මෙම රජු කැපවී කටයුතු කළ බව මහාවංසයේ සඳහන් වේ.


    සුඛං සබ්බප්ප යෝගෙහි - කරොනෙතා දීපවාසිනං


    රක්‌ඛ මාලක මණ්‌දං ච - පුරං වෙස්‌සවනොධනි (ම.ව. 37, 106. ශා)


    පාලකයා ධර්මචර්යාවෙහි නොහැසිරෙන කල ජනතාව පිරිහෙති. පාලකයා නිරතුරුව ධර්මචර්යාවෙහි හැසිරෙන්නේ ද එමගින් ජනතාව ගේ ආරක්‍ෂාව ද වඩාත් තහවුරු වේ. ධාර්මිකව රට පාලනය කිරීම බෞද්ධ රාෂ්ට්‍ර පාලන මූලධර්මයයි. මෙම ප්‍රතිපත්තියේ සිට රට පාලනය කළ පාලකයෙක්‌ ලෙස බුද්ධදාස රජු හඳුන්වා දිය හැකිය.


    කාරුණික පාලකයෙක්‌ වූ මෙතුමා දානය, ශීලය, පරිත්‍යාගය සෘජු බව, මෘදු බව, තපෝ ගුණය, මෛත්‍රිය, අවිහිංසාව, ඉවසීම යුක්‌ත ව සතර අගතීන් අත්හැර, දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මතාවය ආදි වූ සිව් සඟරාවකින් (සතර සංග්‍රහ වස්‌තු) රට පාලනය කළ බව සඳහන් වේ.


    චත්ස්‌සො අගති හිත්වා - කාරයන්තෙ විනි-චයං


    ජනං සංඝහ වත්ථුහි - සංඝහහෙසි චතුහි පි (ම.ව. 37(108)


    ඒ අනුව මෙතුමාගේ පාලන අවධිය ඉතා සාමකාමී සමෘධිමත් අවධියක්‌ වූවා නිසැකය.


    ලාංකික රජ දරුවන්ගේ අධ්‍යාත්මය බුදු දහම විසින් මනා ලෙස හික්‌මවා තිබිණි. ඒ නිසාම බුදු දහමේ ඉගැන්වෙන බෞද්ධ පාලන මූලධර්මයන් මත පිහිටා රට පාලනය කිරීමට නිතරම පාහේ මෙරට පාලකයෝ උත්සුක වූහ. බුද්ධදාස රජු ද එවන් පාලකයෙකි. මෙතුමා "අවවාදයට වඩා ආදර්ශය උතුම්ය" යන්නට අනුව කටයුතු කළ පාලකයෙකි. චණ්‌ඩ පාලකයෙකු වූ අශෝක රජු දිග් විජය ප්‍රතිපත්තිය අතහැර ධර්ම විජය ප්‍රතිපත්තියක්‌ කෙරෙහි නැඹුරු වූ අවස්‌ථාවේ සිට තමන් අවිහිංසාවේ යෙදී ජනයා ද අවිහිංසාවාදීන් බවට පත්කිරීමට කටයුතු= කළ බව අශෝක රජුගේම සෙල් ලිපි මගින් මනාව පැහැදිලි වේ. බුද්ධදාස රජු එවැනි චණ්‌ඩ පාලකයෙකු නොවූ අතර එනමුත් අශෝක රජු මෙන් ම මිනිසුන්ට හා සතුන්ට එක සේ දයාව කරුණාව දක්‌වමින් සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිතින් බැලූ පාලකයෙකි. මෙම රජු තිරිසන් සතුන්ට සිය පුතුන්ට මෙන් අනුකම්පා කළේය.


    ".......... පිතාච පුත්තෙ සො සත්තෙ අනුකම්පිත භුපති"


    (ම.ව. 37(109 ගාථාව)


    මෙම රජු සෑමවිටම පාහේ දුකට පත් වූවන් සුඛිතමුදිත කිරීමට පෙළඹුණු පාලකයෙකි. එසේම මෙතුමා දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ විය. රටේ පාලකයා වශයෙන් සිය වගකීම්, භාරදුර පාලන කටයුතු හැරුණුකොට මෙතුමා වෛද්‍ය වෘත්තියෙහි ද නියෑලී ඇත. සියලු සත්ත්වයන් කෙරෙහි වූ අපරිමිත දයාව, කරුණාව හේතුවෙන් මිනිසුන් පමණක්‌ නොව සතුන් ද සුවපත් කිරීමට රජු කටයුතු කළේය.


    මෙම රජුගේ රාජ්‍ය කාලය හා සම්බන්ධ රසවත් කතා පුවත් කීපයකි. ඒවායින් පිළිඹිබුවන්නේ බුජස්‌රජුගේ සමාජ සත්කාරක සේවාවයි.


    දිනක්‌ රජු මගුල් ඇතා පිට නැගී ස්‌නානය පිණිස තිසා වැවට නික්‌ම යන අතර මග පුත්තාභය නම් විහාරය සමීපයෙහි වූ විශාල තුඹසක්‌ මත උදර රෝගයකින් පෙළෙන නාගයෙක්‌ සිටිනු දුටුවේය. එම රෝගාතුර නාගයා පිළිබඳව අනුකම්පා කොට මගුලැතු පිටින් බැසි රජු හට එම නාගයාගේ උදරයෙහි හටගත් ගෙඩියක්‌ නිසා වේදනාවෙන් සිටින බව පෙනී ගියේය. නාගයාට පිහිට වීමට සිතා බුද්ධදාස රජු නාගයා සමීපයට විත් මෙසේ කීය.


    "... මහා නාගය තොපගේ ඊමෙහි කරුණ මා විසින් දන්නා ලද්දේය. මහ තේජස්‌ ඇති තෙපි වූ කලී වහා කිපෙන සුල්ලභ එහෙයින් තා ස්‌පර්ශකොට තාගේ පිළිවස කරන්නට නොහැක්‌කෙමි....."


    (සිංහල මහාවංසය, බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය. 167 පිටුව)


    රජුගේ මෙම වදන් ඇසූ නාගයා සිය පෙනය තුඹස තුළට ගෙන සඟවා ගත් අතර රජු නයා වෙත එළඹ තම "හිත තුබූ සැත" (සැත්කම් සඳහා යොදාගත් උපකරණය) ගෙන නාගයාගේ උදරයෙහි වූ ගෙඩිය පලා සැරව ඉවත්කොට බෙහෙත් ගල්වා නාගයා සුවපත් කළේය. සුවය ලැබූ නාගය තමන් සතු නාග මාණික්‍යය රජු හට තෑගි කළ බව සඳහන් වේ. (ම.ව. පරි( 37.103-123 ගාථා)


    මෙසේ නාගයා සුවපත් කළ රජු තමන් විසින්ම "මා මහ කුළුණු ඇති බව තිරිසන්නු ද දතුය. මා විසින් මොනවට රජය කරන ලද" යනුවෙන් පැසසුමට ලක්‌ කළ බව මහාවංසයේ සඳහන් වේ. ඒ අනුව තමන්ගේ යහපත් පාලන ප්‍රතිපත්තීන් පිළිබඳව රජු සෑහීමකට පත්ව සිටි බව පෙනේ. තමා ධාර්මිකව රට පාලනය කරන්නේ නම්, එම පාලනය යටතේ රට වැසියා සුඛිත මුදිත වන්නේ නම් රාජ්‍ය පාලකයා තුළ සන්තුෂ්ටියක්‌ ජනනය වන්නේ නිරායාසයෙනි.


    මෙහි දී පැහැදිලිවන තවත් කරුණක්‌ වන්නේ බුද්ධදාස රජු සෑම විටම සියලු සතුනට සේවයක්‌ කිරීමට සූදානම් ව සිටි බවකි. අශෝක අධිරාජ්‍යයාගේ එරගුඩි ගිරි ලිපි අංක 6 වන සෙල් ලිපිය මගින් පැහැදිලි වන්නේ එතුමා සෑම විටම සමාජ සත්කාරයෙහි නියෑලීමට සූදානම් ව සිටි බවකි.


     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    "..... කවර නම් වේලාවකදී හෝ කවර නම් තැනක දී හෝ නිවේදකයන් විසින් ජන කටයුතු මට දැන්විය යුතුය. මා ආහාර ගන්නා විට හෝ අන්ත(පුරයේ සිටින විට හෝ සයනාගාරයේ සිටින විට හෝ ගමනෙහි යෙදී සිටින විට හෝ තොරතුරු මට දැන්විය යුතුය......"

    මෙමගින් එතුමා සියලු සත්වයන්ගේ යහපත උදෙසා කැපවී කටයුතුවල යෙදුනු බව පැහැදිලි වේ. බුද්ධදාස රජුද අශෝක අධිරාජ්‍යයා මෙන්ම සමාජ සුබසාධනය උදෙසා කැපවී සිටි පාලකයෙක්‌ බව පැහැදිලි වේ. කොතැනක හෝ තමන්ගේ පිහිටක්‌ බලාපොරොත්තු වන්නෙකු සිටිය හැකි බැවින් රජුq ඊට නිතරම සූදානම් වී සිටි බව පෙනේ.

    "මහා කරුණා ඇති ඒ රජ තෙමෙ සැත්කමිටිය ඉණ තබාගෙන හැසිරෙන්නේ දුටු දුටු රෝගාතුර ජනයා රෝ දුකින් මිදී" (සිංහල මහාවංසය - 169 පිටුව)


    මෙහිදී මිනිසුන්ට මෙන්ම සතුන්ට ද එක සේ සේවය සැලසීමට රජු කැපවී සිටින්නට ඇත. රෝගාතුර වී සිටි නාගයා රජුට හමුවන්නේ ස්‌නානය කිරීමට යමින් සිටිය දී වූවද ඒ අවස්‌ථාවේ සැත්කමක්‌ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ ආදිය රජු සතුව තිබී ඇත. එම නිසාම නාගයා සුවපත් කිරීමට රජුට හැකි විය

    තවත් අවස්‌ථාවක උදරාබාධයකින් පෙළුණු භික්‍ෂූන් වහන්සේ නමක්‌ සුවපත් කළ ආකාරය පිළිබඳව තොරතුරු මහාවංසයේ සඳහන් වේ. පණුවන් සහිත වූ කිරි වැළදීම නිසා එහි සිටි පණුවන් කුස තුළ වර්ධනය වී එමගින් ඇතිවන වේදනාව නිසා එම හිමියන් ඒ බව බුද්ධදාස රජුට දන්වා ඇත. එම අවස්‌ථාවේ රජු අශ්වයෙකුට ප්‍රතිකාර කරමින් සිටි අතර එම අශ්වයාගේ පාදයෙන් ඉවත් කළ කුණු ලේ භික්‍ෂූන් වහන්සේට නොදැනෙන සේ පානය කිරීමට සලස්‌වා ඇත. පුසව සුළු මොහොතකින් රජු එම භික්‍ෂුව අමතා උන් වහන්සේ පානය කළේ අශ්වයාගේ පාදයෙන් ඉවත් කළ ලේ බව පවසා සිටියේය. එහිදී ඇතිවූ අප්‍රසන්න බව නිසා භික්‍ෂූන් වහන්සේ වමනය කළ අතර එමගින් කුසෙහි සිටි පණුවන් ද වමනය සමඟ ඉවත් විය. එයින් එම භික්‍ෂුව සුවපත් විය. ඒ අනුව මෙම රජු රෝගීන් සුවපත් කිරීමේ ද ඖෂධ පමණක්‌ නොව විවිධ උපක්‍රමද භාවිත කළ බව පෙනේ.

    එසේම තවත් අවස්‌ථාවක එක්‌ මිනිසෙකු දිය බොන විට දියබරණ බිජුවක්‌ (දිය බරිය/දියනයා) ගිලී ඇත. පසුව එම බිජුවට පිපිරී කුස තුළම දියබරණයෙක්‌ ඇතිවී එම මිනිසාගේ කුස විටින් විට සපා කන්නට විය. බත් ඇති වූ වේදනාව නිසා මෙම මිනිසා බුද්ධදාස රජු හමුවී ඒ බව කියා සිටි අතර රජු එකවිටම "ඇතුළත සර්පයෙකැයි" දැනගෙන එම මිනිසා හට සතියක්‌ පමණ රාජ භෝජනයෙන් සන්තප්පනය කොට මනා සේ නහවා විලවුන් ගල්වා නිදා ගැනීමට සැලැස්‌වීය. නින්දේ සිටි ඔහු මුඛය විවෘත කරගෙන නිදන්නට විය. මෙහිදී උපක්‍රමශීලි වූ රජු විසින් ඔහුගේ මුඛය වෙත නූලක බැදි මස්‌ වැදැල්ලක්‌ තබා ඇත.


    උදරයේ සිටි සර්පයාට එම මස්‌ වැදැල්ලේ සුවඳ ආග්‍රහණය වී එය ගිල දැමීමට මුඛයෙන් පිටතට එත්ම රජු විසින් සර්පයාව ඉවතට ඇද දමා ඇත. එයින් එම මිනිසා සුවපත් විය.


    (ම.ව. 37(132-139 ගාථා)


    මෙම පුවතෙහි පවතින පුදුම සහගත බව නිසා එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ඇතැමෙක්‌ තුළ කුතුහලයක්‌ පැන නගිනු ඇත. සැබවින්ම මේ ආකාරයට සිදුවූයේද යන්න සැක සහිතය. මෙම රජු වෙදකමේ දක්‍ෂයෙකු බව පෙන්වීමට මහානාම හිමියන් විසින් අතිශයෝක්‌තියෙන් යුතුව කරුණු ගෙනහැර දැක්‌වූවා විය හැකිය. කෙසේ නමුත් මෙවන් තොරතුරු මගින් බුද්ධදාස රජු ඉතා දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ බව අපට අනුමාන කළ හැකිය.


    බුද්ධදාස රජු විසින් හෙල්ලොලිය නම් ගමේ සිටි ගර්භනී සැඩොල කාන්තාවක්‌ද සුවපත් කළ බව මහාවංසයේ සඳහන් වේ. (ම.ව. 37(140 ගාථාව) සමාජයේ උස්‌ පහත්කම් නොසලකා රජු හැමදෙනාටම එකාකාරව පිහිට වූ බව පෙනේ. එමගින් බුද්ධදාස රජු තුළ පැවැති මෘදු බව මෙන්ම මෛත්‍රී ගුණය ද ස්‌ථුට වේ.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දිය පානය කිරීමේදී මැඩි බිජුවක්‌ නාගයෙක්‌ ගොස්‌ මොළයෙහි තැන්පත් වී පසුව එයින් ඇතිවූ මැඩියෙකු නිසා මහත් සේ පීඩාවට පත් වූ පුද්ගලයකු ගේ හිස පලා මැඩියා බැහැරකොට හිස්‌ කබල නැවත පුරුද්දා බෙහෙත් ගැල් වූ බවත් ටික කලකින් එය ප්‍රකෘති තත්ත්වයට පත් වූ බවත් මහාවංසයේ සඳහන් වේ. (ම.ව. 37(145 ගාථාව)

    මෙමගින් එකල වෛද්‍ය විද්‍යාවෙහි පැවැති දියුණුව මනාව පැහැදිලි වේ. වර්තමානයේ දියුණු තාක්‍ෂණික මෙවලම් හා නවීන වෛද්‍ය උපකරණ හා විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළද මෙබඳු ශල්‍යකර්ම සාර්ථක වන්නේ අතලොස්‌සකි. එනිසාම බුද්ධදාස රජු කල සිදු කෙරුණු බව සඳහන් වන මෙම සැත්කම සාර්ථක වූ බව සඳහන් වීම නිසා එකල පැවති වෛද්‍ය විද්‍යාවේ දියුණුව මනාව පිළිඹිබු වේ. එවන් සැත්කමක්‌ කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ වර්ග ද එකල පවතින්නට ඇති බව අනුමාන කළ හැකිය.

    ayurveda1.jpg

    මෙම රජු විසින් සිදුකරන ලද තවත් වැදගත් සේවාවක්‌ වන්නේ ගමක්‌ ගමක්‌ පාසා වෙදහල් කරවා වෛද්‍යවරුන් ඒවායේ කටයුතු සඳහා අනුයුක්‌ත කිරීමයි. (ම.ව.37(147)

    එසේම සෑම දස ගමකට ම එක්‌ වෙදෙකු පත් කළ ඔහුට කුඹුරු අස්‌වැන්නෙන් 1/20 ක වේතනයක්‌ ලබා දීමට කටයුතු කළ බව සඳහන් වේ. (ම.ව. 37(149 ගාථාව) පූජාවලියේ සඳහන් ආකාරයට මෙම රජු විසින් දසගමකට වෙළෙඳකු පමණක්‌ නොව, නැකැත්කරුවෙකු බලිකෙකු බණ කියන පණ්‌ඩිතයෙකු බැගින් පත් කරවා ඇත.

    "..... බුජස්‌ රජු ලක්‌දිව දසගමකට වෙදෙකු නැකැත්තකු බලිතෙකු බණ කියන පණ්‌ඩිතයෙකු බැගින් ඇතිකො..........."

    (පූජාවලිය, වලානේ ධම්මානන්ද හිමි (සංස්‌() (1913) 684 පිටුව)

    මෙම පුවත රාජාවලියේ ද සදහන් වේ.

    ".... බුජස්‌රජ ලක්‌දිව සංඝයාට සිව්පස දී බණ පොත් ලියවා වෙදෙකු නැකැත්තෙකු ගමකට බණ පොත් කියන පණ්‌ඩිත කෙනෙකු බැගින් ගම ගම ඉදුවා......" (රාජාවලිය. ඒ. වී. සුරවීර (සංස්‌( 200 පිටුව)

    මෙම සඳහනට අනුව බුද්ධදාස රජු විසින් ජනතාව ධාර්මිකව හැඩගැස්‌වීම උදෙසා ගමක්‌ ගමක්‌ පාසා ධර්මය දේශනා කිරීමට කටයුතු සැලැස්‌වූ බව පෙනේ.

    මීට අමතරව මෙම රජු විසින් කරන ලද ආගමික සාහිත්‍ය සේවාවන් කිහිපයක්‌ පිළිබඳව ද තොරතුරු ලැබේ. වෛද්‍ය ශාස්‌ත්‍රයෙහි සියලු කරුණු හකුළුවා අනාගතයේදී ලක්‌දිව පහළ වන වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සාරාර්ථ සංග්‍රහය නමින් වෙද පොතක්‌ රචනා කළ බව මහාවංසයේ සඳහන් වේ.

    ayurveda6.jpg

    සබ්බෙ සං වෙ-ජ සත්තානං - කත්වා සාරත්ථ සටගහං

    ඨපෙසි වෙ-ජ කෙ දීපස්‌ස - තිකිච්ඡ තත්ථ මතාගතෙ...

    (ම.ව. 37- 146 ගාථාව)

    එසේම මෙතුමා විසින් සංඝයාට සිව්පසය දී බණ පොත් ලිය වූ බව රාජාවලියේ සඳහන් වේ. ධර්ම කීර්ති නම් හිමි නමක්‌ විසින් සූත්‍රයක්‌ හෙල බසට නැංවූ බවද කියවේ.(ම.ව. 37(175 ගාථාව)

    බුද්ධදාස රජු බෞද්ධාගමේ උන්නතියට ද විවිධ වූ සේවාවන් බටු කළ බවට ද තොරතුරු අනාවරණය වේ. රජු සුවපත් කළ නාගයා රජුට ත්‍යාග කළ නාග මාණික්‍යය අබාගිරි විහාරයේ සෙල් පිළිමයේ නේත්‍රා පිණිස පූජාකර ඇත. මෙතුමා මොණරපා නම් මහපායක්‌ කරවූ බව මහාවංසයේ හා පූජාවලියේ ද සඳහන් වේ.

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    (ම.ව. 37(173 ගාථාව)

    "............. අනුරාධපුර මහ වෙහෙර පස්‌විසිරියන් පස්‌මහල් පමණ ඇති හිල් භිතකි නිල් පදනම් නිල් සෙවෙහි ආදින් මනිරාකාර වු මොණර නම් මහපායක්‌ කරවා සාංඝිකකොට පිළිගන්වා......." (පු.ව. 684 පිට)

    නමුත් රාජාවලියේ සඳහන් වන්නේ මීට තරමක්‌ වෙනස්‌ පුවතකි. "..... අනුරාධපුර නුවර මහ වෙහෙර පස්‌ විසි රියනක්‌ කරවා දැ සමන් මලින් පූජා කොට නිල් බිත්ති නිල්පල සෙවිලි ඇතිව ලෝවාමහපාය කරවා..." (රාජාවලිය, ඒ. වී. සුරවීර 200 -201 පිටු)

    ඇතැම්විට මෙම රජු ලෝවාමහාපාය ප්‍රතිසංස්‌කරණය කළා විය හැකිය. එසේත් නැතහොත් මෙම රජු විසින් කරවූ බව සඳහන් වන "මොණර මහපාය" ලෝවාමහාපායේ ආකාරයට ඉදිකරන්නට ඇත. එය සඳහන් කිරීමේදී ඇතිවූ දෝශයක්‌ නිසා "ලෝවාමහපාය කරවා" යනුවෙන් සඳහන් කළාවිය හැකිය.

    මීට අමතරව පැපිලිවෙහෙර ද කරවා බොහෝ සංඝාරාම ද පිරිවෙන් ද කරවූ බව රාජාවලියේ සඳහන් වේ. එසේම මොණර පා පිරිවෙනට සමණය හා ගොළ පාණුව නම් ගම් දෙක පූජා කර ඇත. (ම.ව. 37(174 ගාථාව) එසේම දන් හල්, පිලිමගෙවල් හා වැව්ද ඉදිකළ බව කියෑවේ. නමුත් ඒවා නම් වශයෙන් දක්‌වා නොමැත.

    මෙම රජු ගේ රාජ්‍ය කාලය පිළිබඳව මූලාශ්‍රයහි සඳහන් තොරතුරුවල පරස්‌පර විරෝධී බවක්‌ දක්‌නට ලැබේ. මහාවංසය මෙන්ම පූජාවලිය ද මෙම රජු "එකුත් තිස්‌ අවුරුද්දක්‌" රාජ්‍ය විචාල බව සඳහන් කරයි.

    එවං කත්වා හිතං දීපවාසිනං - නිදිවංගතො වස්‌සෙ

    එකුණතිං සමයෙහි - බුද්ධදාසො නරාදිපො (ම.ව. 37(178 ගාථාව)

    "........ බුදු බව පතා එකුන්තිස්‌ හව්රුද්දක්‌ දැහැමෙන් රාජ්‍යය කළේය. (පු.ව. 684 පිටුව)

    නමුත් රාජාවලියේ සඳහන් වන්නේ "බුදු බව පතා අසූවක්‌ අවුරුදු රාජ්‍ය කර දෙව් ලොව ගියාහ" යනුවෙනි (රාජාවලිය 201 පිට, ඒ. වී. සුරවීර සංස්‌කරණය) යනුවෙනි. මෙහිදී රාජාවලි පිළිබඳව තරමක ගැටලුකාරි තත්ත්වයක්‌ ඇතිවේ. (චතුවත්තේ පේමානන්ද හිමියන්ගේ රාජාවලි සංස්‌කරණයෙහි මෙය "වකුන්තිස්‌ අවුරුද්දක්‌ බව දක්‌වා ඇත. කොළඹ කටුගෙයි ඇති අංක ඒ. කේ. එස්‌. දරන රාජාවලි පුස්‌කොල පිටපතෙහි මෙය දෙසාලිස්‌ අවුරුද්දක්‌ ලෙස සඳහන් කර ඇත.) ඒ අනුව රාජාවලියෙහි පවතින තොරතුරුවල යම් පරස්‌පර විරෝධී බවක්‌ දක්‌නට ලැබේ. කෙසේ නමුත් මහාවංසයට අනුව බුද්ධදාස රජු අවුරුදු 29 ක්‌ රාජ්‍ය පාලනය කළ බව කිව හැකිය.

    අහස උසට මහ දාගැබ්, වෙහෙර විහාර, මහා පරිමාණ වාරි කර්මාන්ත ඉදිකළ බව සඳහන් නොවුණද මෙරට රාජ්‍ය පාලන ඉතිහාසයෙහි ලා බුද්ධදාස රජුගේ කාලය ඉතා වැදගත් බව කිව හැකිය. එකල හුදෙක්‌ අවිහිංසාවාදී ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක වන්නට ඇත. අනුරාධපුර යුගයේ මුල් කාලවකවානුවේ දී මෙරට වෛද්‍ය ශාස්‌ත්‍රය දියුණු තත්ත්වයක පැවැති බවට මෙම රජුගේ පාලන සමය සාක්‍ෂි දරයි. ඖෂධ භාවිතය මෙන්ම විවිධ වූ චිකිත්සක ක්‍රම ද ශල්‍ය වෛද්‍ය විද්‍යාවද මෙකල ඉතා දියුණු තත්ත්වයෙන් පැවතී ඇත. වෛද්‍ය විද්‍යාවට පමණක්‌ නොව මෙතමාගේ සේවය මෙරට සමාජයේ පුළුල් පරාසයක්‌ ඔස්‌සේ මහජනතාව වෙත ඉටුවන්නට ඇත. එනිසාම බුද්ධදාස රජුගේ පාලන සමය මෙරට එක්‌ ස්‌වර්ණමය යුගයක්‌ ව පැවැති බව නොඅනුමානය.

    උපුටා ගැනීම
    අග්‍රා දමයන්ති
    Divaina 19-12-2010
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අහලා තිබ්බේ පොඩි කාලේ, ණයා සුවපත් කළ කතාව විතරයි මචං. මම හිතන්නේ ගොඩක් අය එහෙමයි. පොඩි කාලේ උගන්වනවානේ ඒ කතාන්දරය. නොදන්න දේවල් ගොඩක් තියෙනවා.
    Thanks dude!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මම අහලා තිබ්බේ පොඩි කාලේ, ණයා සුවපත් කළ කතාව විතරයි මචං. මම හිතන්නේ ගොඩක් අය එහෙමයි. පොඩි කාලේ උගන්වනවානේ ඒ කතාන්දරය. නොදන්න දේවල් ගොඩක් තියෙනවා.
    Thanks dude!

    :yes: :yes: Mamath echcharama thamaa...... :D
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ගොඩක් වටිනා කියන පෝස්ට් එකක් මහේෂ්.
    ඔච්චර ටිකක් මම දන්නෙ අද
    ඔයාට ගොඩක් පිං අපිව දැනුවත් කලාට.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම අහලා තිබ්බේ පොඩි කාලේ, ණයා සුවපත් කළ කතාව විතරයි මචං. මම හිතන්නේ ගොඩක් අය එහෙමයි. පොඩි කාලේ උගන්වනවානේ ඒ කතාන්දරය. නොදන්න දේවල් ගොඩක් තියෙනවා.
    Thanks dude!
    වෙල්කම් සහො:yes::yes::yes: