›››››සිරිලක පලමු පශු වෙදදුරු‹‹‹‹‹
ශ්‍රි ලංකාවේ පලමු පශු වෛදය වරයා කවුදැයි යමෙකු ඇසුවහොත් බොහෝදෙනෙකු සිතනු ඇත්තෙ සුදු ජාතිකයෙකු විය යුතු බවයි.නමුත් මෙරට පශු වෛදය විදයාව මෙන්ම වෛදය විදයාවටද ඇත්තේ වසර දහස් ගනනක් අතීතයකි මෙරට බිහිවූ මුල්ම පශු ශ්‍රේෂ්ඨ වෛදයවරයාඅන් කිසිවෙකු නොව
අනුරපුර යුගයේ සිරිලක පාලනය කල බුද්ධදාස නිරිදුය මේ සටහන එතුමා ගැනයි
වම් කෙලවර සිටින්නෙ බුද්ධදාස නිරිදුය
අනුරාධපුර රාජධානියේ මුල් භාගයේදී මෙරට පාලකයා බවට පත්වූ බුද්ධදාස රජු (බුජස්රජ) සිරිලක පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතීන් අතර ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නා පාලකයෙකි. දෙවන දෙටුතිස් (ජෙට්ඨතිස්ස) රජුගේ පුත් වූ බුද්ධදාස කුමරු සිය පියරජුගෙන් පසුව අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත්විය. (ක්‍රි.ව. 340-368)
මෙතුමාගේ කාර්ය සංසිද්ධිය පිළිබඳව තොරතුරු විමසීමේදී මෙරට ප්‍රධාන වංශකතාව වන මහාවංසය ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව්කර ඇත. මහාවිහාරය කේන්ද්‍ර කරගනිමින් මෙරට ආගමික ඉතිහාසයක් ගොඩනැඟීමෙහි ලා මහාවංස කතු මහානාම හිමියන් දරන ලද උත්සාහයේ සාර්ථක මෙන්ම අසාර්ථක ප්‍රතිඵල රැසක් විද්‍යාමන වේ. හුදෙක් මහාවිහාර පාක්ෂික රජවරුන් පිළිබඳව වීර කාව්‍ය සම්ප්‍රදායට නැඹුරුවෙමින් අතිශයෝක්තියෙන් යුතුව දීර්ඝ විස්තර ඇතුළත් කර ඇති නමුත් මෙරට ඉතිහාසයෙහි ලා සමාජීය හා ආර්ථික ආදී වශයෙන් විශාල කාර්යභාරයක් සිදුකරන්නට ඇතැයි අනුමාන කළ හැකි පාලකයන් පිළිබඳව තොරතුරු දක්වා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එය මහාවංසය ආදි වූ ප්‍රාථමික මූලාශයන් රැසක ම පවතින ප්‍රධාන දුර්වලතාවයකි. මහාවංස කතුහිමියන් විසින් නොවැදගත් සේ සැළකූ බොහෝ කරුණු විශේෂයෙන් සමාජීය හා ආර්ථික තොරතුරු අධ්‍යයනය කිරීමේ දී ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු මූලාශ්රයන් හි අන්තර්ගත නොවීම ඉතිහාසය හදාරන්නට මෙන්ම පර්යේෂකයන්ටද මුහුණ පෑමට සිදුවන මහත් ගැටලුවකි.
ඒ අනුව මෙරට රාජ්‍ය පාලන ඉතිහාසයෙහි ලා ඉමහත් සේවයක් ඉටුකරන්නට ඇතැයි සිතිය හැකි, එනමුත් මූලාශ්රගත තොරතුරු සවිස්තරව සඳහන් නොවූ තවත් එක් ශ්‍රේෂ්ට නරපතියෙක් ලෙස බුද්ධදාස රජතුමා හැදින්විය හැකිය.
ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ බුජස්රජ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාල බව පෙනේ. වෙසමුණි රජු අලකාව සුරකින්නා සේ තම නුවර රකිමින් ලක්වැසි ජනයා හට සැපත ළගාකර දීම පිණිස මෙම රජු කැපවී කටයුතු කළ බව මහාවංසයේ සඳහන් වේ.
සුඛං සබ්බප්ප යෝගෙහි - කරොනෙතා දීපවාසිනං
රක්ඛ මාලක මණ්දං ච - පුරං වෙස්සවනොධනි (ම.ව. 37, 106. ශා)
පාලකයා ධර්මචර්යාවෙහි නොහැසිරෙන කල ජනතාව පිරිහෙති. පාලකයා නිරතුරුව ධර්මචර්යාවෙහි හැසිරෙන්නේ ද එමගින් ජනතාව ගේ ආරක්ෂාව ද වඩාත් තහවුරු වේ. ධාර්මිකව රට පාලනය කිරීම බෞද්ධ රාෂ්ට්‍ර පාලන මූලධර්මයයි. මෙම ප්‍රතිපත්තියේ සිට රට පාලනය කළ පාලකයෙක් ලෙස බුද්ධදාස රජු හඳුන්වා දිය හැකිය.
කාරුණික පාලකයෙක් වූ මෙතුමා දානය, ශීලය, පරිත්‍යාගය සෘජු බව, මෘදු බව, තපෝ ගුණය, මෛත්‍රිය, අවිහිංසාව, ඉවසීම යුක්ත ව සතර අගතීන් අත්හැර, දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මතාවය ආදි වූ සිව් සඟරාවකින් (සතර සංග්‍රහ වස්තු) රට පාලනය කළ බව සඳහන් වේ.
චත්ස්සො අගති හිත්වා - කාරයන්තෙ විනි-චයං
ජනං සංඝහ වත්ථුහි - සංඝහහෙසි චතුහි පි (ම.ව. 37(108)
ඒ අනුව මෙතුමාගේ පාලන අවධිය ඉතා සාමකාමී සමෘධිමත් අවධියක් වූවා නිසැකය.
ලාංකික රජ දරුවන්ගේ අධ්‍යාත්මය බුදු දහම විසින් මනා ලෙස හික්මවා තිබිණි. ඒ නිසාම බුදු දහමේ ඉගැන්වෙන බෞද්ධ පාලන මූලධර්මයන් මත පිහිටා රට පාලනය කිරීමට නිතරම පාහේ මෙරට පාලකයෝ උත්සුක වූහ. බුද්ධදාස රජු ද එවන් පාලකයෙකි. මෙතුමා "අවවාදයට වඩා ආදර්ශය උතුම්ය" යන්නට අනුව කටයුතු කළ පාලකයෙකි. චණ්ඩ පාලකයෙකු වූ අශෝක රජු දිග් විජය ප්‍රතිපත්තිය අතහැර ධර්ම විජය ප්‍රතිපත්තියක් කෙරෙහි නැඹුරු වූ අවස්ථාවේ සිට තමන් අවිහිංසාවේ යෙදී ජනයා ද අවිහිංසාවාදීන් බවට පත්කිරීමට කටයුතු= කළ බව අශෝක රජුගේම සෙල් ලිපි මගින් මනාව පැහැදිලි වේ. බුද්ධදාස රජු එවැනි චණ්ඩ පාලකයෙකු නොවූ අතර එනමුත් අශෝක රජු මෙන් ම මිනිසුන්ට හා සතුන්ට එක සේ දයාව කරුණාව දක්වමින් සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිතින් බැලූ පාලකයෙකි. මෙම රජු තිරිසන් සතුන්ට සිය පුතුන්ට මෙන් අනුකම්පා කළේය.
".......... පිතාච පුත්තෙ සො සත්තෙ අනුකම්පිත භුපති"
(ම.ව. 37(109 ගාථාව)
මෙම රජු සෑමවිටම පාහේ දුකට පත් වූවන් සුඛිතමුදිත කිරීමට පෙළඹුණු පාලකයෙකි. එසේම මෙතුමා දක්ෂ වෛද්‍යවරයෙක් විය. රටේ පාලකයා වශයෙන් සිය වගකීම්, භාරදුර පාලන කටයුතු හැරුණුකොට මෙතුමා වෛද්‍ය වෘත්තියෙහි ද නියෑලී ඇත. සියලු සත්ත්වයන් කෙරෙහි වූ අපරිමිත දයාව, කරුණාව හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතුන් ද සුවපත් කිරීමට රජු කටයුතු කළේය.
මෙම රජුගේ රාජ්‍ය කාලය හා සම්බන්ධ රසවත් කතා පුවත් කීපයකි. ඒවායින් පිළිඹිබුවන්නේ බුජස්රජුගේ සමාජ සත්කාරක සේවාවයි.
දිනක් රජු මගුල් ඇතා පිට නැගී ස්නානය පිණිස තිසා වැවට නික්ම යන අතර මග පුත්තාභය නම් විහාරය සමීපයෙහි වූ විශාල තුඹසක් මත උදර රෝගයකින් පෙළෙන නාගයෙක් සිටිනු දුටුවේය. එම රෝගාතුර නාගයා පිළිබඳව අනුකම්පා කොට මගුලැතු පිටින් බැසි රජු හට එම නාගයාගේ උදරයෙහි හටගත් ගෙඩියක් නිසා වේදනාවෙන් සිටින බව පෙනී ගියේය. නාගයාට පිහිට වීමට සිතා බුද්ධදාස රජු නාගයා සමීපයට විත් මෙසේ කීය.
"... මහා නාගය තොපගේ ඊමෙහි කරුණ මා විසින් දන්නා ලද්දේය. මහ තේජස් ඇති තෙපි වූ කලී වහා කිපෙන සුල්ලභ එහෙයින් තා ස්පර්ශකොට තාගේ පිළිවස කරන්නට නොහැක්කෙමි....."
(සිංහල මහාවංසය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. 167 පිටුව)
රජුගේ මෙම වදන් ඇසූ නාගයා සිය පෙනය තුඹස තුළට ගෙන සඟවා ගත් අතර රජු නයා වෙත එළඹ තම "හිත තුබූ සැත" (සැත්කම් සඳහා යොදාගත් උපකරණය) ගෙන නාගයාගේ උදරයෙහි වූ ගෙඩිය පලා සැරව ඉවත්කොට බෙහෙත් ගල්වා නාගයා සුවපත් කළේය. සුවය ලැබූ නාගය තමන් සතු නාග මාණික්‍යය රජු හට තෑගි කළ බව සඳහන් වේ. (ම.ව. පරි( 37.103-123 ගාථා)
මෙසේ නාගයා සුවපත් කළ රජු තමන් විසින්ම "මා මහ කුළුණු ඇති බව තිරිසන්නු ද දතුය. මා විසින් මොනවට රජය කරන ලද" යනුවෙන් පැසසුමට ලක් කළ බව මහාවංසයේ සඳහන් වේ. ඒ අනුව තමන්ගේ යහපත් පාලන ප්රතිපත්තීන් පිළිබඳව රජු සෑහීමකට පත්ව සිටි බව පෙනේ. තමා ධාර්මිකව රට පාලනය කරන්නේ නම්, එම පාලනය යටතේ රට වැසියා සුඛිත මුදිත වන්නේ නම් රාජ්‍ය පාලකයා තුළ සන්තුෂ්ටියක් ජනනය වන්නේ නිරායාසයෙනි.
මෙහි දී පැහැදිලිවන තවත් කරුණක් වන්නේ බුද්ධදාස රජු සෑම විටම සියලු සතුනට සේවයක් කිරීමට සූදානම් ව සිටි බවකි. අශෝක අධිරාජ්‍යයාගේ එරගුඩි ගිරි ලිපි අංක 6 වන සෙල් ලිපිය මගින් පැහැදිලි වන්නේ එතුමා සෑම විටම සමාජ සත්කාරයෙහි නියෑලීමට සූදානම් ව සිටි බවකි.

Last edited: