ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ape un gahai ne niyameta 120k vithara
    keep-calm.png
     

    warna7

    Active member
  • Aug 12, 2015
    572
    83
    28
    විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ ස්‌ථානයක්‌ සොයා කප්පරක්‌ සැලසුම් මගින් සන්නද්ධව සිටින ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක තරගයක්‌ අද (26 දා) දිල්ලි හී පිහිටි ෆෙරෝසා කොට්‌ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතය.

    අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට නම් කණ්‌ඩායම් දෙකටම මෙම තරගයේ ජය වටිනා සාධකයක්‌ බවට පත්වෙද්දී ඊයේ සවස්‌වරුවේ දෙපිලම එකම වේලාවේදී ෙµරෝසා කොට්‌ලා ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට සහභාගි වූහ. කණ්‌ඩායම් දෙකම සුපුරුදු පරිදි පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් ක්‍රිකට්‌ පුහුණුව ආරම්භ කළ ද ඔවුන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් මෙම ජයග්‍රහණය අත්‍යඅවශ්‍යව තිබීම දෙපිලම පීඩනයකට ලක්‌කරවන්නක්‌ වී තිබේ.

    ඊයේ මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ එංගලන්තය පුදුම කරවන වෙනස්‌කම් සහිතව ඔවුන්ව පරාජය කිරීමට තම කණ්‌ඩායම සැලසුම් සකස්‌ කර ඇති බවයි.

    ”අපි මේ තරගයට එන්නේ දින හයක විතර හොඳ විවේකයක්‌ අරගෙන. ඒ කාලයේදී අපි වැඩිය පුහුණුවීම්වලට වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරල ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරපු එක. අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.” යනුවෙන් චන්දිමාල් පැවසීය.

    ශ්‍රී ලංකා කණ්‌ඩායම අලුතින් පරිවර්තනය වෙමින් තිබෙන යුගයක මැද පෙළ පිතිකරු බල ඇණිය ශක්‌තිමත් නොවීම පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ බවත් මේ තරගයේදී ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් සියලු දෙනා වගකීම භාර ගත යුතු බවත් චන්දිමාල් පවසයි.

    “අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. මැද පෙළ පසුගිය තරගවලදී හරියට ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට අපි ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැලසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තියෙනවා. සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තියෙනවා.”

    විස්‌සයි විස්‌ස තරගවලදී කොතරම් ලකුණු ප්‍රමාණයක්‌ ලබා ගත්තද එය හඹා යැමට ඕනෑම කණ්‌ඩායමකට හැකි බැවින් තම කණ්‌ඩායමේ සිටින ප්‍රධානතම පන්දු යවන්නා වන රංගන හේරත් එංගලන්ත පිල මට්‌ටු කර දමනු ඇතැයි ශ්‍රී ලංකා උපනායකයා විශ්වාසය පළ කරයි.

    ”රංගන හේරත් අද ලෝකයේ ඉන්න විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙක්‌. ඔහු දන්නවා ඕනෑම පීඩනයක්‌ හසුරුවමින් පන්දු යවන්න. අපිට ඉන්නවා තව සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩ්‍රසිත්. එංගලන්ත පිල ප්‍රබල කණ්‌ඩායමක්‌ බව අපි ඔලුවෙ තියාගෙන තමයි තරගයට එන්නෙ. ඔවුන්ගේ එක ක්‍රීඩකයෙක්‌ දෙන්නෙක්‌ කියල කියන්න බැහැ කණ්‌ඩායම ගත්තහම හොඳම ක්‍රීඩකයන් ඉන්නෙ. අපි මේ තරගය වගේම දකුණු අප්‍රිකානු තරගය ගැනත් පසුගිය දින කිහිපයේදී සැලසුම් සකස්‌ කළා. පළමුවෙන්ම එංගලන්ත පිල පරාජය කරන්න අපි කණ්‌ඩායමක්‌ හැටියට හැම දෙනාම අත උස්‌සල වගකීම භාර ගන්න ඕන.” යෑයි චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

    පන්දු රැකීමේදී දැක්‌වූ දුර්වලතාව මග හරවා ගැනීමට ඊයේ ශ්‍රී ලංකා නායකයා පිටිය මැද උඩ පන්දු රැක ගැනීමේ පුහුණුවක නිරත වූ අතර තිලකරත්න ඩිල්ෂාන්ද වෙනදා මෙන් උද්යෝගයෙන් පන්දු

    රැකීමේ පුහුණුවීම්වල නිරත විය.

    ඊයේ දිනයේදී ඩිල්ෂාන්, චන්දිමාල්, තිරිමාන්න, මැතිව්ස්‌, කපුගෙදර, ෂෙහාන් ජයසූරිය සහ තිසර පෙරේරා පුහුණු දැල තුළ වැඩි වේලාවක්‌ පන්දුවට පහර දෙනු දක්‌නට ලැබුණි. නුවන් කුලසේකරට අද තරගයේදී බොහෝ දුරට බංකුවේ සිටීමට සිදුවීමට වැඩි අවස්‌ථාවක්‌ ඇත්තේ දඟ පන්දු යවන්නන්ගෙන් එංගලන්ත පිතිකරුවන් මට්‌ටු කිරීමට ශ්‍රී ලංකා නායකයා සහ උපනායකයා අදහස්‌ කර සිටින බැවිනි.

    “දඟ පන්දු යවන්නන්ට හොඳ තත්ත්වයක තණතීරු හැසිරෙනවා. ඒ නිසා සචිත්‍රටත් අවස්‌ථාවක්‌ තියෙයි. නමුත් තරගයට සකස්‌ කරල තියෙන තණතීරුව බලල තමයි අපි අවසන් කණ්‌ඩායම නම් කරන්නෙ.” යෑයි චන්දිමාල් පවසයි. තිලකරත්න ඩිල්ෂාන්ට නම් අද තරගය පැවැත්වෙන ෆෙරෝසා ක්‍රීඩාංගණය හුරු පුරුදු වී ඇත්තේ ඔහු අයි.පී.එල්. ක්‍රීඩා කරද්දී මෙම දිල්ලි ඩෙයා ඩෙවිල්ස්‌ පිල වෙනුවෙන් මෙහිදී ඇති තරම් පුහුණුවීම්වල නිරතව තරගවලට සහභාවී සිටීම නිසාය.

    එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක්‌ පවත්වා ඇති විස්‌සයි විස්‌ස තරග හයෙන් සිව්වතාවක්‌ම ශ්‍රී ලංකාව ජය ගනිද්දී එංගලන්තයට ජය ගැනීමට හැකි වූයේ තරග දෙකක්‌ පමණි. ඉතිහාසයේ වාර්තා කෙසේ වුවද එංගලන්ත පිල පළමු වටයේ සහභාගි වන අවසන් තරගය මෙය වන බැවින් ඔවුන් ශ්‍රී ලංකාව පරාජය කළහොත් නියත වශයෙන්ම අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගනු ලබයි.

    ශ්‍රී ලංකාව ජය ගතහොත් සෙසු කණ්‌ඩායම් වල ජය පරාජය අනූව පළමු කාණ්‌ඩයෙන් දළ ලකුණු වේගය මත අවසන් පූර්ව තරගයේ අවස්‌ථාවක්‌ ලැබේද යන්න බලා සිටීමට එංගලන්ත පිලට සිදුවනු ඇත.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    1. dasun
    2. dilshan
    3.chandimal
    4.kapugedara
    5.siriwaradana
    6.thisara
    7.Methew
    8.sachith/kule
    9.rangana
    10. chameera
    11. venda



    best team i can say at the movement kapuwawa ain karala danawanam mehama danna puluwan


    1.dasun
    2.dil
    3.chandimal
    4. siriwardana
    5. sheshan
    6.methew
    7.thisara
    8 kule/sachith
    9.rangana
    10.chameera
    11. venda



    Open eka kedenne nethi ekai awula :(


    ubala kiyanne kawuru issara wela bat kaloth hodai kiyalada ? :eek:

    Ochara loku change ekak karai kiyala nam hithanna ba bro worldcup match ekaka ;)
    Dasun hitter kenek nisa eka paarata open karana eka hari yanne na bng
    U thaama stable madi open karannam :P
    Habai dasun wa nam athulata daanama onee
    Henry ayya kiyanawa wage ada godak welaawata shehan nam team ekata daana ekak na
    Eth anee manda
    Shehan wa open karawai da danneth na :P
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    Ochara loku change ekak karai kiyala nam hithanna ba bro worldcup match ekaka ;)
    Dasun hitter kenek nisa eka paarata open karana eka hari yanne na bng
    U thaama stable madi open karannam :P
    Habai dasun wa nam athulata daanama onee
    Henry ayya kiyanawa wage ada godak welaawata shehan nam team ekata daana ekak na
    Eth anee manda
    Shehan wa open karawai da danneth na :P


    ස්පිනර්ස් ලා 3ක් ගස්සන්න ඉන්න නිසා ගොඩක් වෙලාවට කපුවා වෙනුවට දසුන් ගස්සවයි ද දන්නේ නෑ.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    ස්පිනර්ස් ලා 3ක් ගස්සන්න ඉන්න නිසා ගොඩක් වෙලාවට කපුවා වෙනුවට දසුන් ගස්සවයි ද දන්නේ නෑ.

    Kapuwa wenuwata nemei bng ara gobba thirimanaya wenuwata gassana tiyenne
    Habai api thirimanata bannata 120k wage chase karanna tiyena low scoring match ekak nam thirimana inna onee team eke neda
    Pitch eka balala un decide karai