██████ පිළිකුත්තුව රජ මහා විහාරය ██████

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    ██████ පිළිකුත්තුව රජ මහා විහාරය ██████

    පිළිකුත්තුව රජ මහා විහාරය

    ගම්පහ දිස්ත්‍රික්කයේ අක්කර 200කට වඩා වැඩි භූමි ප්‍රමාණයක ඇති ගල්ලෙන් 99කින් යුත් පිළිකුත්තුව රජමහා විහාරය පුරාවිද්‍යාත්මක උරුමයන් රාශියකින් යුතු ඓතිහාසික වනගත සෙනසුනකි.

    ක්‍රි.පූ1 දී අනුරපුරයෙන් පලා ආ වළගම්බා රජු කලක් මෙම පුදබිම හා අවට ඝන වනාන්තරය තුල සැගවි සිටි බවට ජනප්‍රවාදය ක් ඇත.

    පිළිකුත්තුව යන නාමය ගමට ලැබෙන්නේද වළගම්බා රජු හා සම්බන්ධ සිද්ධින්ගෙනි. සැගවි සිටි රජුගේ ඇදුම් පිළි සැගවූ ස්ථානය පිළිකුත්තුව වූ බවටද මතයකි ( පිළි + ගුප්තුව = පිළි + ගුත්තුව = පිළි + කුත්තුව = පිළිකුත්තුව ) තවත් මතයකි එනම් සැගවි සිටි රජුට ඇදුම් පිළි සැපයු ගම පිළිකුත්තුව වූ බවටයි.

    පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලෙන් ලිපි 4ක් මේ වනවිට ලෙන් ආශ්‍රිතව සොයාගෙන ඇත. එම අක්ශරයන් ක්‍රි.පූ 2-1 කාලයේදී භාවිතා වූ අක්ෂර වර්ගයක් බව සොයාගෙන ඇත

    යුග ගනනාවක් ලෙන් සංකීර්ණයක් වශයෙන් පැවති මෙම සිද්ධස්ථානය නුවර යුගයේදි වඩාත් සංවර්ධනයට ලක්ව අංග සම්පුර්ණ වනගත ආරාමයක් ලෙසින් දියුණු වු බව කියවේ

    සුවිශේෂී සිතුවම් කලාවකින් යුතු බුදුමැදුර මහනුවර යුගයට අයත්ය. සැතපෙන හා ඉදි මෙන්ම හිටි බුද්ධ ප්‍රතිමා ද මැටියෙන් නිර්මාණය කරඇත. උපුල්වන් (විෂ්ණු) හා නාථ දේව රුපයක්ද නෙලා ඇත. රහතන් වහන්සේලාගේ මෙන්ම භික්ෂූණින් වහන්සේලාගේ සිත්තම් ද නිර්මාණය කර ඇත. පුරාවිද්‍යා දත්තයන්ට අනුව භික්ෂූණි සිත්තම් ඇති එකම ලක්දිව බුදුමැදුර පිළිකුත්තුවේ ප්‍රධාන ලෙන් විහාරය ලෙස සැලකේ.

    එසේම පෘතුග්‍රීසි මුර සෙබලු හා ලන්දේසි ආභාෂයෙ සිත්තම්‍ නිර්මිත එකම බුදුමැදුර වන්නේද පිළිකුත්තුවේ නුවර යුගයේ ප්‍රතිමාඝරයයි.

    ☑️☑️ Follow us on ☑️☑️☑️

    Instagram - https://www.instagram.com/unexplored.planet

    ලංකාව පුරා තියෙන මේ වගේ ලස්සන Places ගැන නිතරම update වෙන්න ☑️☑️☑️අපේ Facebook Page ☑️☑️☑️ එකට Like කරන්න.

    Facebook - https://www.fb.com/UnexplorePlanet




    73370700_151145366237823_7147343441930747904_n.jpg


    74698833_151145392904487_691441197230587904_n.jpg


    74892995_151145416237818_8232218851954130944_n.jpg


    77087252_151145439571149_4611662000970268672_n.jpg


    75642395_151145479571145_8394458900803354624_n.jpg


    74938736_151145502904476_1934364957000859648_n.jpg


    75496078_151145522904474_7899248656178479104_n.jpg


    75210243_151145796237780_7876151443047055360_n.jpg


    74170329_151145819571111_6160695793687724032_n.jpg


    74515949_151145852904441_5605789979004370944_n.jpg


    70156249_151145882904438_823945615531573248_n.jpg


    74911766_151145916237768_7776587538415747072_n.jpg


    75332771_151145946237765_4225848043708088320_n.jpg





     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    ගල් ලෙන් 99 බලන්න දවසෙන් බෑ... පන්සලෙ තියන වැදගත්ම දේ චෛත්‍ය, මැටියන් හදපු ගොඩාක් පරන 1ක්..පොකුණත් එහෙමයි..
    බලන්න එන කෙනෙක් ඉන්නවනම් වලගම්බා රජමහා විහරයයි, මාලිගාතැන්න රජමහා විහාරයයි එහෙමත් බලන්න පුලුවන්, පන්සල් 3ම 3Km වගේ ඇතුලත තියෙන්නෙ..