██████ පිළිකුත්තුව රජ මහා විහාරය ██████
පිළිකුත්තුව රජ මහා විහාරය
ගම්පහ දිස්ත්‍රික්කයේ අක්කර 200කට වඩා වැඩි භූමි ප්‍රමාණයක ඇති ගල්ලෙන් 99කින් යුත් පිළිකුත්තුව රජමහා විහාරය පුරාවිද්‍යාත්මක උරුමයන් රාශියකින් යුතු ඓතිහාසික වනගත සෙනසුනකි.
ක්‍රි.පූ1 දී අනුරපුරයෙන් පලා ආ වළගම්බා රජු කලක් මෙම පුදබිම හා අවට ඝන වනාන්තරය තුල සැගවි සිටි බවට ජනප්‍රවාදය ක් ඇත.
පිළිකුත්තුව යන නාමය ගමට ලැබෙන්නේද වළගම්බා රජු හා සම්බන්ධ සිද්ධින්ගෙනි. සැගවි සිටි රජුගේ ඇදුම් පිළි සැගවූ ස්ථානය පිළිකුත්තුව වූ බවටද මතයකි ( පිළි + ගුප්තුව = පිළි + ගුත්තුව = පිළි + කුත්තුව = පිළිකුත්තුව ) තවත් මතයකි එනම් සැගවි සිටි රජුට ඇදුම් පිළි සැපයු ගම පිළිකුත්තුව වූ බවටයි.
පූර්ව බ්රාහ්මී අක්ෂර ලෙන් ලිපි 4ක් මේ වනවිට ලෙන් ආශ්‍රිතව සොයාගෙන ඇත. එම අක්ශරයන් ක්‍රි.පූ 2-1 කාලයේදී භාවිතා වූ අක්ෂර වර්ගයක් බව සොයාගෙන ඇත
යුග ගනනාවක් ලෙන් සංකීර්ණයක් වශයෙන් පැවති මෙම සිද්ධස්ථානය නුවර යුගයේදි වඩාත් සංවර්ධනයට ලක්ව අංග සම්පුර්ණ වනගත ආරාමයක් ලෙසින් දියුණු වු බව කියවේ
සුවිශේෂී සිතුවම් කලාවකින් යුතු බුදුමැදුර මහනුවර යුගයට අයත්ය. සැතපෙන හා ඉදි මෙන්ම හිටි බුද්ධ ප්‍රතිමා ද මැටියෙන් නිර්මාණය කරඇත. උපුල්වන් (විෂ්ණු) හා නාථ දේව රුපයක්ද නෙලා ඇත. රහතන් වහන්සේලාගේ මෙන්ම භික්ෂූණින් වහන්සේලාගේ සිත්තම් ද නිර්මාණය කර ඇත. පුරාවිද්‍යා දත්තයන්ට අනුව භික්ෂූණි සිත්තම් ඇති එකම ලක්දිව බුදුමැදුර පිළිකුත්තුවේ ප්‍රධාන ලෙන් විහාරය ලෙස සැලකේ.
එසේම පෘතුග්‍රීසි මුර සෙබලු හා ලන්දේසි ආභාෂයෙ සිත්තම් නිර්මිත එකම බුදුමැදුර වන්නේද පිළිකුත්තුවේ නුවර යුගයේ ප්රතිමාඝරයයි.

Follow us on 

Instagram - https://www.instagram.com/unexplored.planet
ලංකාව පුරා තියෙන මේ වගේ ලස්සන Places ගැන නිතරම update වෙන්න

අපේ Facebook Page 

එකට Like කරන්න.
Facebook - https://www.fb.com/UnexplorePlanet