ඔන්න දවසක් මුදලාලිලා දෙන්න්ක් සෙට් වෙලා තම තමන්ගේ ගෝලයින් ගැන කතා වෙනවා.
"උඹ දන්නෙ නෑ මට ඉන්න එකා ගැන කතා කරල වැඩක් නෑ .සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල" කියලා ගෝලයට කතා කලා.
"කිරියා......කිරියා......"
ඒ සද්දෙ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.
කිරියා ආවට පස්සේ කිරියට රුපියල් 10ක් දුන්න මුදලාලි
"මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියෙ කාර් සේල් 1කෙන් මට කාර් එකක් අරගෙන වරෙන්."කියලා කිව්වා.
රුපියල් 10ය අතට ගත්තු කිරියා හනික හන්දිය පැත්තට දිව්වා.
"බලපන් මූ කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10ට කොහෙන්ද බන් කාර් දෙන්නෙ." පලවෙනි මුදලාලි කිව්වා.
"ඔය කීවට මගෙ එකත් ඔය වගේමයි ඔන්න බලාපන් කලුවා.. කලුවා....මෙහෙ වරෙන්"කියලා දෙවෙනි මුදලාලිත් තමන්ගේ ගෝලයට කතා කලා.
කලුවා ආවට පස්සේ
"ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල" කියලා උටත් වැඩක් බාර දුන්නා.
කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.
"ඔන්න බලාපන් මේක කොච්ච්ර මෝඩයෙක්ද කියල" දෙවෙනි මුදලාලි කිව්වා.
මෙහෙම ටික වෙලාවක් යනකොට කලුවයි කිරියයි මගදී හම්බ උනා.
"ආ කිරියා උබ කොහෙද යන්නෙ" කලුව ඇහුවා
"බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නව නේද ඕක හෙන මෝඩය වෙන එකෙක් නම් මෙලහකටත් අස් වෙලා ගිහින් බලපන් මූ අද මට රුපියල් 10 දීල කියනව කාර් 1ක් අරගෙන වරෙන් කියල.. මුට පිස්සු බන් පෝය දවසෙ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නෙ."
"ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමා.මූ මට කත කරල කියනව ගිහින් ඌ ගෙදර ඉන්න වද කියල බලල වරෙන් කියල... ඔය ගස් ගෙම්බ ලග ෆෝන් 1ක් එකක් තියනව කෝල් එකක් දීල බලන්න බැරිද මාවම කන්න හදන්නෙ"
හොදයි කියලා හිතනවා නම් Share කරන්න.
උපුටා ගැනීමකි
.
.
┈┈╭━━━━━╮
┈┈┃╱╯╯╯╲┃
┈┈▇▏▇━▇▕▇
┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
┈┈┈╱▔▔▔╲▂╱▔▏ Like කජුවත්ත එක්සත් Cricket සමාජය
┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈
.
REPOST NAM SORRY

