කණේ කළාඳුරු ඉවත් කිරීමට කිසි විටකත් කණ් හැඳි හෝ cotton bud දැමීමෙන් වළකින්න. මන්ද යත් කණේ බිත්ති තුවාල වීමෙන් කණේ ආසාධන තත්තවයන් ඇති විය හැක. එමෙන්ම කණ් බෙරය සිදුරු වීයාමද අවධානමකි.
කණේ සෑදෙන කළාඳුරු ඉබේම ඉවත් වීමේ යාන්ත්‍රණයක් අපගේ ශරීරය නිර්මාණව වීමේදී සැකසී ඇත. නමුත් සමහරුන්ගේ කණේ ඇතිවණ කලාඳුරු ඝන වී Hard Wax ඇතිවී ඉවත් කිරීමට අපහසුතා ඇතිවේ. ඒ සඳහා කලඳුරු දියවීමට කණට දැමීමට ඖෂධ වර්ග පවතී. පසුව එය දමා අවසන් වූ පසු කණ වැකුම් කිරීමකට ලක් කර කලාඳුරු ඉවත් කරනු ලැබේ. අතීතයේ මේ සඳහා කණ සේදීම හෙවත් Ear syringing තිබුනද සිදුවිය හැකි සංකුලතා සලකා දැන් එය භාවිතයෙන් ඉවත් කොට ඇත.
හොඳම දේ වෛද්‍යවරයෙකු හමුවී කණ පරීක්ෂා කොට ඝන කලාඳුරු ඇත්නම් එය ඉවත් කර ගැනීමයි.