▌▌◣◣ මතක මංසල -2 ◢◢ ▌▌

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ▌▌◣◣ මතක මංසල -2 ◢◢ ▌▌



    තමන්ගේ ජීවිතේට සමීප උණු ආදරණිය වේදනාත්මක මිහිරි දුකකදී ජිවිතේ යාම අවස්ථාවන් වලදී ජිවිතයට සමීප උනා මතකයන් ගැන කතා කරන ගීත ඔබටත් තිබේ නම් මතකය අවදි කර

    ගීතය ඉල්ලමු :love::dull:

    ඔබගේ මගේ ජිවිතයට සම්බන්ද ගීත e ඇයි සම්බන්ද කියන එකත් මේ හුයේ සදහන කරන්න
    ඔබේ හදවතට දැනුනා ඕනෑම ගීතයක් එයට ඔබ සම්බන්ද ඇයි කියන එකත් පැහැදිලිව දැම්මොත්
    e කතාවත් විකාශය අතරතුරේම කියන්නනම් ඔබ කැමති නම්
    :love::love::love:

    මේ එදා මතකයන් ▌▌◣◣ මතක මංසල අද 8.00...
     

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    ගීතය - චාන්දනී පායලා B n S
    මේ සිංදුවත් එක්ක මගේ ජීවිතේ තියන්නේ පුදුම බැදීමක්. ඇත්තට ඒ බැදිම මොකද්ද කියලා මෙතුවක්කල් වෙන කව්රුත් දන්නෙ නෑ. ගොඩක් අයට සිංදුවලට තියනව වගේම මේකත් ආදාරය හා විරහාව මත ඇතිවුන බැදිමක් තමයි. නමුත් මේක මගේ නොවන මගේම ආදරයක් කිව්වොත් නිවැරදි.
    ඇය මම පොඩි කාලේ ඉදලා දන්නවා. ඇය ගැන සිතේ තිබුනේ පැහැදීමක්. ඔය සිංදුව ඇහෙන මුල්කාලේ වෙන කවරදාකටවත් වඩා ඇය මගේ ජීවිතේට ලංවුනා කිව්වොත් නිවැරදී. හැමදාම දකින්න ගත්තා. නොදැක ඉන්න අමාරු වුනා. හිත් වලින් ලොකු බැදිමක් ඇති වුනා. ඒත් ඒක ආදරසම්බන්ධතාවයක් කියලා හිතන්න එපා. ලොකු හිතවත් කමක් විතරයි.
    ඒත් එහෙම කිව්වොත් මම කිව්වේ බොරුවක් වෙනවා ඒක ඇත්තටම මගේ සිතේ ඇතිවුන ආදරයක් තමයි. නමුත් ඒ ආදර හැගිම කවදාවත් ඇයට ප්‍රකාෂ කරන්න පුලුවන් එකක් නෙවෙයි. මොකද අපි අතර ආදර සම්බන්ධයක් ඇති නොවෙන තත්වයක සීමාවක් තිබුනා. නමුත් මම සිතින් ඇයට ආලය කරා :( ඇයව පරිස්සම් කරන්න මම පෙළඹුනේ මටත් නෙදැනිමයි. අදත් මගේ හිත කියන එක දෙයක් තියනවා. ඒ ඇයගෙ හිතෙත් ඒ වගේ හැගීමක් මන් ගැන තියෙන්න ඇති කියන එකයි. :(
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගීතය: වනේ වන ඵල මියුරු වූ දා (සුනිල් එදිරිසිංහ)
    මුලින්ම කියන්න ඕනේ මේක මගේ නෙවෙයි මගෙ තාත්තාගේ අත්දැකීමක් ගැන කියවෙන මතකයක්. කෙටියෙන් කිවුවොත් තාත්තා ඉස්කෝලේ යන කාළේ (8-9 පන්තියේ වගේ) ඉඳන් එකම පන්තියේ උන්න ගැහැණු ළමයෙක්ට ආදරය කළා ලු. ඒ ගෑණු ළමයගේ තාත්තලා ඒ කාලේ හැටියට ගොඩක් පොහොසත් අය ලු. අපේ තාත්තලාට එච්චර සල්ලි තිබිලා නෑ. තාත්තට කැම්පස් යන්න තරම් ලකුණු තිබුනත් එහෙම යවන්නත් සල්ලි තිබුනෙ නෑ ලු. ඊට පස්සේ දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් ලැබිලා. ඒක ලැබුන ගමන්ම තාත්තා ගිහින් අර ගෑණු ළමයාගේ තාත්තට කිවුවලු අපි දෙන්නා දැන් අවු. 4-5ක් විතර ආදරේ කරනවා. ඒ නිසා කසාද බඳින්න අවසර දෙන්න කියලා. ගෑණු ළමයගේ තාත්තා කිවුවලු තව සල්ලි හම්බකරගෙන ආවොත් විතරක් දුව ව දෙන්නම්. නැත්නම් නිකම් ගුරුවරයෙක්ට දෙන්නෙ නෑ කියල. තාත්තා සල්ලි හොයාගෙන එන කාලයක් වෙනකම් අර ගෑණු ළමයා බලාගෙන ඉන්නම් කියලත් පොරොන්දු වුනා ලු. ඊට පස්සේ තාත්තා ටියුෂන් එහෙමත් කරලා අමතර රස්සාත් කරලා සෑහෙන මුදලක් ඉතුරු කරගෙන ආයේ ගමට යද්දි අර ගෑණු ළමයව වෙන කෙනෙක්ට බන්ඳලා දීලා ලු.
    මේ සින්දුවෙත් තියෙන්නෙ ඒකට ගොඩක්ම සමාන කතාවක්. මේ වගේ සිද්ධිවලට මුහුණ දීපු තවත් අයත් රේඩියෝ එක අහයි. ඒ හැමෝටමත් එක්ක මම මේ සින්දුව ඉල්ලනවා. :)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කළින් ඉල්ලපු ගීතයේ පද සහ ලින්ක් එක

    වනේ වන ඵල මියුරු වූ දා ~ නැතේ ළඟ සියොතුන්
    මලේ මල් රොන් පුසුඹ වූ දා ~ කොහේදෝ බඹරුන්
    බඹරුන්....

    වෙළී නැති බැරි දුකින් කාලය ~ හැලී දෝතින් නැවුම් ප්‍රේමය
    අහී දුප්පත් කමින් ජයගනු ~ රිසින් පියමං වූ යුගේ
    හිතත් හිරිමල් ඇයත් මනකල් ~ කල් බලා සිටියා
    බලා සිටියා.....

    නැඟී අළු යට ගිනි ඉරක් සේ ~ දිනූ දා කිත් යසස් අභිමන්
    එදා ගොළු වුණු පෙමත් කුළුදුල් ~ දනව් ගම් හැරදා ගිහින්
    බිඟුත් තනියෙන් මලත් නටුවෙන් ~තටු විදා ඉගිළී
    ගියා ඉගිළී.....

    ගායනය- සුනිල් එදිරිසිංහ
    පද රචනය- වසන්ත කුමාර කොබවක
    සංගීතය- රෝහණ වීරසිංහ
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha


    තමන්ගේ ජීවිතේට සමීප උණු ආදරණිය වේදනාත්මක මිහිරි දුකකදී ජිවිතේ යාම අවස්ථාවන් වලදී ජිවිතයට සමීප උනා මතකයන් ගැන කතා කරන ගීත ඔබටත් තිබේ නම් මතකය අවදි කර

    ගීතය ඉල්ලමු :love::dull:

    ඔබගේ මගේ ජිවිතයට සම්බන්ද ගීත e ඇයි සම්බන්ද කියන එකත් මේ හුයේ සදහන කරන්න
    ඔබේ හදවතට දැනුනා ඕනෑම ගීතයක් එයට ඔබ සම්බන්ද ඇයි කියන එකත් පැහැදිලිව දැම්මොත්
    e කතාවත් විකාශය අතරතුරේම කියන්නනම් ඔබ කැමති නම්
    :love::love::love:

    මේ එදා මතකයන් ▌▌◣◣ මතක මංසල අද 8.00...

    මචන් එක්කෙනෙක්ට එක සින්දුවයි ද ඉල්ලන්න පුළුවන්? දෙකක් තුනක් ඉල්ලුවට කමක් නැද්ද?​
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් එක්කෙනෙක්ට එක සින්දුවයි ද ඉල්ලන්න පුළුවන්? දෙකක් තුනක් ඉල්ලුවට කමක් නැද්ද?​
    ඉල්ලන්න බලන්න අනිවා දෙනවා රාත්‍රී 9 වෙනකම් ඉල්ලන්න ඕනිම සින්දුවක් :love:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගීතය: මන්නාරම් කන්‍යාරාමය ඇරිලා (රශ්මි සංගීතා)

    ඉල්ලන්න හේතුව: අපි පොඩි කාලේ ඉස්කෝලෙ ඇරිලා එනකම් අම්මලා බයේ හිටියේ. අපිත් ඉස්කෝලෙ ඇරිලා එන්නේ අද කොහෙද බෝම්බයක් පිපිරුනේ, කීයක් මැරිලද කියලා ප්‍රවෘත්ති වලින් අහන්න බලාගෙන. අපි මෙහෙට වෙලා එහෙම බයෙන් උන්නා වගේම එහෙ උතුරේ අයත් බයෙන් දුකෙන් ඉන්න ඇති. එයාලාගෙත් පවුලේ අය, ආදරය කරපු අය මැරෙන්න ඇති. මේ සින්දුව අහද්දි ඒ කාලේ ගැන මතක් වෙනවා. රශ්මි සංගීතා මහත්මියගේ කටහඬ සහ සංගීතයත් එක්ක එකතු වුනාම ගොඩක් හිතට වදින ගීතයක් මේක.
    :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නන්දා මලනී මහත්මියගේ ''අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී''

    මේක ඔයාලා වගේම මමත් පොඩිකාලේ ඉදල රස විදපු ගීතයක්. මම පොඩිකාලේ අපේ මල්ලිට අකරු කියෙව්වා මතකයි. ඉතිං මම පොඩිකාලේ උදේට හැමදාම අපේ ගෙදර රේඩියෝ එක ඇහෙනවා. දැන් වගේ නෙවයි ඒ දවස්වල උදේට යන්නේ බොහෝම හරවත් ගීත. ඉතිං ඔය අයන්න කියන්න ගීතයත් උදේට යන වටිනා සිංදු වලින් එකක්. ඉතිං මට ඕකේ සම්පූර්ණ අර්ථය නොතේරෙන පොඩිකාලේ, මම හිතන්නේ ඕක අපේ මල්ලි අකුරු කියවපු එක ගැන තියන සිංදුවක් කියලා. ටිකක් ලොකු වෙනකොට නම් අර්ථය දැනගත්තා. නමුත් තාමත් ඕක ඇහෙනකොට මතක් වෙන්නේ මලයට අකුරු කියවපු එක තමයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නින්ද නැති රැයේ ....

    ගුණදාස කපුගේ ශූරීන් ගයන මෙම අමරණීය ගීතය අසා නොමැති කෙනෙක් නැති තරම්. අදත් විරහ ගී අතර පලමු තැන රැදෙන ගීතයක් .. රත්න ශ්‍රී විජේසිංහ නැමැති සොදුරු ගීත රචකයා අතින් බිහිවූ අති විශිෂ්ඨ ගීත කැටයමක් වන මෙය පලමු වර පටිගත කරන ලද්දේ 1976 දී පමණ. එය දැන් ඔබ ගුවන්විදුලියෙන් සවන්දෙන 'නින්ද නැති රැයේ' ගීතයට වඩා වෙනත් තනුවක් තිබූ ගීතයක්.( පැරණි තනුව සහිත ගීතය පහතින් බාගන්න.) .මෙම ගීතය ගුණදාස කපුගේ මහතා සරල ගී වැඩසටහනක තමා ගායනා කරල තිබුනෙ.නමුත් ඒ තනුව සහිත ගීතය එතරම් ජනප්‍රියත්වයක් ලබාගත්තෙ නෑ , පලමු පටිගත කිරීමෙන්ම ගීතය ඉවත් උණා .. මෙම ගීතයේ අරුත් පුන් ස්වභාවය නිසා මෙම ගීතයට හා රත්න ශ්‍රී විජේසිංහයන්ට සාදාරනයක් ඉටුකිරීම සදහා ගුණදාස කපුගේ ශූරීන්ම තනු නිර්මාණය කරමින් 'නින්ද නැති රැයේ ' ගීතය නැවතවරක් 1985 දී සිංග්ලංකා කැසට් පටයක් වන ' මාවතේ ගීතය ' වෙනුවෙන් පටිගත කරනු ලැබුවා.එම ගීතය පටිගත කල වසරේ සිට පිට පිටම අවුරුදු 3ක් ලංකාවේ ජනප්‍රියම ගීත දර්ශකයේ පලමු තැන ගන්නට සමත් උණා ..එම ගීතය තමා මේ දශක ගනනාවක් පුරා හා ඉදිරියට රසික හදවත් පිනවන්නෙ .( නව තනුවේ ගීතය පහතින් බාගන්න) . මෙම තනු දෙකම ආසන්න වශයෙන් සමාන තනු දෙකක්.. පලවන හා දෙවන ගීතය අතර ලය වෙනස නිසා අලුත් ගීතයේ අරුත දෙගුන තෙගුන වෙලා තියනවා...
    මෙම ගීතය ප්‍රථම ප්‍රේමයෙන් වෙලී සිටි යුගලක් වෙන්ව යන මොහොතේ ඇතිවන චිත්තවේග අනුසාරයෙන් නිර්මාණය වූ ගීතයක්.මුලු ගීතයම රචනා වී තිබෙන්නේ පරිසරය අනුසාරයෙන් .. ඒක නිසා තමා මේ ගීතය හදවත් වලට කිඳා බැහැලා තියෙන්නේ.... රචකයා ප්‍රේමවන්තයාට ආරූඪ වී රචනා කරන ලද්දක්.. ගුණදාස කපුගේ ගායන ශිල්පියාගේ ඒ ගැඹුරු හඬ විලාශයෙන් ගීතය වර්ණවත් වෙලා තිබෙනවා ...

    1. නින්ද නැති රැයේ..සඳ කඳුළු මීදුමේ ..
    2. හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ ....
    3. තාරුකා දියේ ගිලී..නිල් එලිය නිවේ...
    4. වැහි බිංදු වැටේවී..රෝස පෙති කඩා හැලේ ...

    එදා වැසි බර දිනයක්. වැසි බර දිනයේ පරිසරයේ සිදුවන වෙනස්වීම් ගැන තමා මේ රචකයා කියන්න උත්සාහ කරන්නෙ... නමුත් අපට නොදැනීම එම පරිසරයේ වෙනස්කම් ප්‍රථම ප්‍රේමයෙන් වෙන්වයෑමට වෙර දරන පෙම්වතියක් තුල ඇතිවන වෙනස්කම් වලට උපමාවක් කිරීමට රචකයා සමත් වෙනවා...
    (1 හා 2 පද පේලි ) නින්ද නැති පාලු මූසල රාත්‍රියකි මේ... සඳ මීදුමට මුවාවෙලා ඉන්නවා...හැංගිලා... මේ වැහි බිංදු පොලවට වැටෙනා විට , පෙම්වතා අහනවා' ඇයි සඳ මේ ප්‍රථම ප්‍රේමයේදී හැංගිලා අඩන්නෙ...' රචකයා පවසන ආකාරයට අහසින් වැටෙනා වැහි බිංදු සඳ හඩනා විට වැගිරෙන කදුලු වේ. .. සඳ නැමැති ඔබෙ වත කඳුළු නැමැති මීදුමේ සැගවිලා හැංගිලා අඩන්නේ ඇයි කියලා තමා මේ ප්‍රේමවන්තයා පෙම්වතියගෙන් අහන්නෙ...'සඳ' යන වචනයෙන් පෙම්වතියගේ මුහුණේ සුන්දරත්වය වර්ණණා කරන්න පෙම්වතා අමතක කරන්නේ නෑ.. මොකද පෙම්වතාට අවශ්‍ය පෙම්වතියව සිනා මුවින් තබාගන්න...(මෙහිදී' සඳ කඳුළු මීදුමේ හැංගිලා ප්‍රථම ප්‍රේමය හඩනවා' යැයි ද සමහරෙකුට විස්තර කල හැක..එවිට චිත්තරූපය මදක් වෙනස් වේ )සංගීතය ගැන කතා කලොත් , වැහි බිංදු වැටේවී.. යන පදය අවසන් වන අවස්ථාවේ වැසි බින්දු වැටීම සංගීතය තුලින් අපූරුවට නිර්මාණය වී තිබෙනවා .
    (3 හා 4 පද පේලි) මේ දෙදෙනා සිටින්නේ දිය කඩිත්තක් අභියසය ..සමහර විට කලින් හමුවී ඇති ස්ථානයන විය යුතුයි....මේ දෙදෙනා බලා සිටිනා විට දිය කඩිත්තේ නිසල බව තුලින් පෙනෙන තාරුකා වැසි බින්දු වැටීම නිසා දියේ ගිලී ,නිල් එලිය නිවී යන ආකාරය දකිනවා. . මෙය ,පෙම්වතිය හඩනාවිට තමාට සිසිල දුන් නිල් තාරුකා එලියක් මෙන් වූ දෙනුවණ කඳුළු දියේ ගිලී ප්‍රබෝදමත් භාවය නැතිවී යෑමට උපමා කර තිබෙනවා... වැසි බිංදු කඩා හැලෙනා අතර තුර රෝස මල් වල පෙති උඩට වැටෙනා වැසි බිංදු බර වැඩි කමට ,රෝස පෙති බිමට කඩා හැලෙනවා .මෙය පෙම්වතියගේ කඳුළු දෙකොපුල් දිගේ ගලාවිත් රෝස වන් වූ දෙතොල් පෙති මතට වැටී මලානික වන සිදුවීමක් සිතේ මවනවා... මෙහිදී ' රෝස පෙති කඩා හැලේ..' යන පදයෙන් මේ කදුලු ඔබට බර වැඩී .. මේ කදුලු වලට ඔබ සුදුසු නෑ යන අදහසකුත් ගම්‍ය වෙනවා..
    මෙම පේලි සතරෙන් පෙම්වතියගේ වත ගැන සම්පූර්ණ චිත්‍රයක් රසිකයාගේ සිතේ මැවීමට දක්ෂ පද රචනය සමත්වෙලා තිබෙනවා...

    5. කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ ..
    6. තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ...

    (5 හා 6 පද පේලි) එලිමහනේ දොල ලග සිටින මේ දෙදෙනා දැන් වැස්සට තෙමෙනවා.. ඇඟ කිලිපොලා යනතරම් සීතලක් දැනෙනවා.. මේ දෙදෙනාගේ ප්‍රේමය අවසන් කොට වෙන්වයන තීරණාත්මක අවස්ථාව කෙමෙන් කෙමෙන් ලංවන නිසා.. සීතල වැඩිපුර දැනෙනවා... මෙම 5 පේලියේ සැගවුණු අරුතක් ඇත..' නොහිම් සීතලේ' .. යන පදයෙන් 'නොහිම් දුකක් ඇතිවෙනව' යන අදහස ඇතිවෙනවා.. නමුත් එය පෙම්වතියට අගවන්නේ 'සීතලයි' යනුවෙන්. එය ගායකයාගේ කටහඩින් ගම්‍ය වේ.. සීතල නිසා නැත්නම් ඊටත් වඩා දුක නිසා..පෙම්වතා දෙනෙත් පියාගෙන පෙම්වතියගේ උණුසුමේ තුරුලු වෙනවා..( ටිකක් හිතල බලන්න මේ වගේ අවස්ථාවක පෙම්වතෙක් තම පෙම්වතියට තුරුළු වන්නේ.. කෙටිකාලීන් සීතල නිසාමද?..නෑ පෙම්වතා සීතලයි කියා බොරු හේතුවක් හදාගෙන දුක වෙනුවට.. මොකද පෙම්වතියට ඇගෙව්වොත් දුකයි කියා , වෙන්වයන අවසාන මොහොත ටිකක් අමාරු වෙන නිසා... නමුත් වැස්සට තෙමුණු නිසා සැබෑ සීතලත් දැනෙන්නට ඇති..) කලින් කිව් ආකාරයට මේ කියන්නේ දුක සීතලක් නම් දුක ඔබගේ උණුසුම නිසා තුනී වෙනවා කියා නොවේද... මෙම පද පේලි දෙක නිසා අතිශය සංවේදී බවක් නැත්නම් විරහ වේදනාවක් රසිකයාගේ සිත තුල ජනිත කිරීමට රචකයා සමත් වෙනවා..

    7. ජීවිතය ඉතින් අපේ.. සිහිනයක් නොවේ
    8. හෙට උදේම අවදි වී යා යුතුව තිබේ ..

    (7 හා 8 පද පේලි) මේ පද පේලි දෙකෙන් සමාජයට මහත් වූ පණිවිඩයක් ලබා දෙනවා. ' මේ අවස්ථාව අපි රෑ මැදියම දුටුව සිහිනයක්..ඒ උණාට සිහිනයක් උණාට අපේ ජීවිතය සිහිනයක් නොවෙයි... හෙට උදේම මේ සිහිනයෙන් අවදි වෙලා අපි යන්න ඕනෙ' ..එනම් පෙම්වතා පෙම්වතියට කියනවා ' මේක ජීවිතේ දැක්ක අනෙක් සිහින මෙන් නපුරු සිහිනයක් මෙන් හිතලා අත ඇරලා දාන්න.. ජීවිතය කියන්නේ එක් නපුරු සිහිනයකට නෙවෙයි.. ' ' හෙට උදේම අවදි වී යා යුතුව තිබේ' යන පදයෙන් සිහිනය ඉවර උන ගමන් එනම් හෙට උදේ අවදි වූ ගමන් තවදුරටත් ජීවිතය ගෙවන්න සිදුවෙනවා.. කියන අදහස ලබාදෙනවා ..(9 පද පේලියෙන් පැහැදිලි වේ)මෙතනදී විශේෂයෙන්ම ලබා දෙන පණිවිඩය තමා මුලු ජීවිතයම කියන්නේ මේ වගේ එක් අවස්ථාවක් නෙවේ... මේක අමතක කරන්න කියාය.මේ වගේ සුළු සිද්ධි වලට ගෙල වැලලා ගන්නා තරුණ තරුණියන්ට ඉතා හොද පාඩමක් නොවේද....

    9. රැය ගෙවේ සඳත් නිවේ ..දුරයි ජීවිතේ ..
    10. ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ ..

    (9 පද පේලිය) රැයගෙවෙනවා සඳ බැස යනවා... අපිට ජීවිතේ තව දුර යන්න ඇති බව පෙම්වතාට ආවේශ වූ රචකයා පවසනවා. 'රැය ' යන වචනයෙන් මෙම අදුරු සිදුවීම නිරූපනය කරනවා. (10 පද පේලිය) පෙම්වතා පෙම්වතියව ආමන්ත්‍රණය කර අහනවා මට යන්න අවසරද කියලා.. මෙහි ' පුංචි කුමරියේ ' යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් හා ගායන විලාශයෙන් පෙම්වතියට ඇති ආදරය ගැන වැටහීමක් ලබාගන්න පුලුවන්.

    11. කටු වලට දෙතොල් තබා මලක් නැති ගසේ...
    12. සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ ...

    මෙම පද පේලි දෙකෙන් පෙම්වතියට අනාගතය සාර්ථක වෙන්න යැයි සුභ පතනවා.එනම් මලක් නැති ගසේ මලක් පීදේවා යන ප්‍රාර්ථනය ..මෙම පද පේලි දෙක විවිධ ආකාරයක තේරුම් ගොඩක් ඇති එනම් බහු අර්ථ පද පෙලක්.. ' ඔබේ සිතේ මලක් පීදිලා නෑ...මගේ ප්‍රේමය මලක් පීදෙන්න තරම් ලොකු එකක් නෙවේ..කටු පමණයි . ..නමුත් ඔබට මලක් පීදෙන්න තරම් සෙනෙහසක් කාගෙන් හෝ ලැබේවා' කියන ප්‍රාර්ථනය තමා මේ කරන්නෙ... තවකෙකුට ' ඔබේ ජීවිතේ සාර්ථක නෑ..එම සාර්ථකත්වය නම් මල කටු පමණක් ඇති ගසේ පීදේවා' යන ප්‍රාර්ථනයද.. අනෙකාට .. මල දරුවෙකුට සමාන කරන්න පුලුවන් ..එනම් ' දරුවෙකු නැති ඔබට දරුවන් හදා සතුටින් ජීවත්වීමේ වාසනාව ලැබේවා' ..යන ප්‍රාර්ථනයද ... රස විදින්න පුලුවන්. ඔබේ මනසට අනුව කැමති අර්ථයක් .....
    අදහස් දෙකටම පොදු ලෙස...' කටු වලට දෙතොල් තබා' යන පේලියෙන් වෙන්වයෑමට ඇති අසීරුතාව පෙන්නුම් කරනවා... ' සිඹිමි එකම හාදුවයි ...' යන පදයෙන් මේ තමා මගේ එකම ප්‍රාර්ථනය ඒක බව කියා සිටිනවා...
    ආනන්දය නැත්නම් වින්දනයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන හොඳ ගීතයක්... තව අදහස් ඇත්නම් කමෙන්ට් කරන්න ..
     
    • Like
    Reactions: shaminda peiris

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැවතී මෙතෙකින් - කසුන් කල්හාර

    වැඩි විස්තර කියන්නට බැරිය. මා ගැන දන්නෝ දනිති මේ ගී.යට මම ප්‍රිය කරන හේතුව :(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    1ගීතය :Oba Mata Adare Kiya - Minoli David
    1st Love එක, ඉස්කෝලේ යන කාලේ, Try කරන දවස්වල ඇහුවේ මේක, අවුරුදු දෙකක් Try කරා,කියලා වැඩක් නෑ ඒ කාලේ :cool::love::love:

    2ගීතය :Mal Yaaye - Sachith Peiris
    මේ සින්දුව Download කරලා Play කරපු ගමන්ම වගේ එයා මැසේජ් එකක් එවලා මට ආදරෙයි කිව්වා, හම්මේ එදා ඇති වෙච්ච සතුට, හදවත තාමත් ගැහෙනවා මතක් වෙනකොට:):love::love::love::love:

    3ගීතය :Ahanna Adare Tharam - DUSHYANTH WEERAMAN
    අන්තිමට එයාව මට නැති උනාම ඇහුවේ මේක,සති ගනන් මාස ගනන් ඇහුවා,දුක අඩු උනේ නෑ, තාමත් හිතින් පෙම් කරන්නේ එයාට තමා,:love: ලගදි යාළුවෙක් කතා කරලා කිවා එයා එයගේ දෙවැනි ආදරේ එක්ක ටවුන් එකෙ ඉන්නවා දැක්කා කියලා.:sorry::(:frown:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රූකාන්ත ගුනතිලකගේ කදුලු බිදක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් කියන සින්දුව...

    කුල ගොත් හොයන කුහක සමාජය විසින් බලහත්කාරයෙන් නතර කරන ලද මගේ ප්‍රේමය සිහිවෙනවා මට මේ සින්දුව ඇහෙද්දි....:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    රූකාන්ත ගුනතිලකගේ කදුලු බිදක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් කියන සින්දුව...

    කුල ගොත් හොයන කුහක සමාජය විසින් බලහත්කාරයෙන් නතර කරන ලද මගේ ප්‍රේමය සිහිවෙනවා මට මේ සින්දුව ඇහෙද්දි....:(

    :(:(:(:(:(
    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනහස ඹබගේ
    පුඳකලදා එකම සිතින්
    ඹබ දෙගරැන් නොපැතු මා
    ලොව තනිවේ නම්

    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    එකමග යනමුත් කිසිඳා
    හමු නොවෙනා දෙදෙනෙක් නම්
    තනි වෙන්නම් සැමඳා මා
    ඹබ සැනසේ නම්

    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්
     
    • Like
    Reactions: hector@troy

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැලුවාම හැමෝට ම තියෙන්නේ එකම ස්ටෝරියේ වෙන වෙන වර්ෂන් නේහ්?

    ඒකනේ කිඹුල අයියේ දැන් ලංකාවේ එකම වචන ටික මාරු කරලා කියන සිංදු විතරක් බිහි වෙන්නේ :lol: