▌▌◣◣ මතක මංසල -2 ◢◢ ▌▌

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද නෑ වගේ, අපරාදේ:(:(

    අද හැකා නෑ වගේ මචං.
    මමත් මේ බැලුවේ පටන් ගන්නකන්. දැන් නම් යනවා.
    හැමෝටම සුභ රාත්‍රියක්!
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අද හැකා නෑ වගේ මචං.
    මමත් මේ බැලුවේ පටන් ගන්නකන්. දැන් නම් යනවා.
    හැමෝටම සුභ රාත්‍රියක්!

    මාත් යනවා දැං:(
    සුභ රාත්‍රියක්!!
    :)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :(:(:(:(:(
    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනහස ඹබගේ
    පුඳකලදා එකම සිතින්
    ඹබ දෙගරැන් නොපැතු මා
    ලොව තනිවේ නම්

    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    එකමග යනමුත් කිසිඳා
    හමු නොවෙනා දෙදෙනෙක් නම්
    තනි වෙන්නම් සැමඳා මා
    ඹබ සැනසේ නම්

    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    :(:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මතක මන්දිර තනා කීව ඒ රස කතා වෙනස් වී නෑ ඔයා :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ada mathaka mansalata ekwemu

    උඹ නම් මාර ඩයල් එකක් තමයි මචං. ගිය සතියේ ෂෝ එක කරනවා කියලා ත්‍රෙඩ් එක දැම්මා. අපි ඔක්කොම බලාගෙන හිටියා ෂෝ එක කරනකන් කියලා. හරි උඹට බැරි වුනා කියමුකෝ. ඒත් උඹට තිබ්බනේ බං හේතුවක් මෙතන දාන්න. මොකද කීදෙනෙක් බලාගෙන හිටියද? අනිත් එක උඹට පීඑම් එකක් දැම්මත් මොන වෙලාවකවත් රිප්ලයි කරන්නෙ නෑ. අඩුම තරමේ කමෙන්ට් එකක් කෝට් කරන්නේ නෑ.
    brokenfriendship.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    උඹ නම් මාර ඩයල් එකක් තමයි මචං. ගිය සතියේ ෂෝ එක කරනවා කියලා ත්‍රෙඩ් එක දැම්මා. අපි ඔක්කොම බලාගෙන හිටියා ෂෝ එක කරනකන් කියලා. හරි උඹට බැරි වුනා කියමුකෝ. ඒත් උඹට තිබ්බනේ බං හේතුවක් මෙතන දාන්න. මොකද කීදෙනෙක් බලාගෙන හිටියද? අනිත් එක උඹට පීඑම් එකක් දැම්මත් මොන වෙලාවකවත් රිප්ලයි කරන්නෙ නෑ. අඩුම තරමේ කමෙන්ට් එකක් කෝට් කරන්නේ නෑ.
    brokenfriendship.jpg

    හෙන ගහන්න වගේ ඇත්තම කියලා:baffled::baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උඹ නම් මාර ඩයල් එකක් තමයි මචං. ගිය සතියේ ෂෝ එක කරනවා කියලා ත්‍රෙඩ් එක දැම්මා. අපි ඔක්කොම බලාගෙන හිටියා ෂෝ එක කරනකන් කියලා. හරි උඹට බැරි වුනා කියමුකෝ. ඒත් උඹට තිබ්බනේ බං හේතුවක් මෙතන දාන්න. මොකද කීදෙනෙක් බලාගෙන හිටියද? අනිත් එක උඹට පීඑම් එකක් දැම්මත් මොන වෙලාවකවත් රිප්ලයි කරන්නෙ නෑ. අඩුම තරමේ කමෙන්ට් එකක් කෝට් කරන්නේ නෑ.
    brokenfriendship.jpg

    giya sathiye karannam ban hitiye ඔක්කොම රෙදි කරලා තිබුනේ කරුමෙට ප්යුස් එකක් ගහින් කරන්ට් තිබුනේ නැ මචෝ
    සමව දියල්ල මට :(

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    giya sathiye karannam ban hitiye ඔක්කොම රෙදි කරලා තිබුනේ කරුමෙට ප්යුස් එකක් ගහින් කරන්ට් තිබුනේ නැ මචෝ
    සමව දියල්ල මට :(


    :( අඩෝ එහෙම එකක් නැ :( උනේ හෙනම් අවුල් කෙස් එකක් :dull:

    කරන්න බැරි වුන එකට නෙවෙයි මචෝ අපි අප්සට් ගියේ ඒ ගැන මේ වෙනකල් නොකිය හිටියට.

    කමක් නෑ කමක් නෑ දැන් හරි කිව්වනේ. :cool:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කරන්න බැරි වුන එකට නෙවෙයි මචෝ අපි අප්සට් ගියේ ඒ ගැන මේ වෙනකල් නොකිය හිටියට.

    කමක් නෑ කමක් නෑ දැන් හරි කිව්වනේ. :cool:

    ඇත්තමයි බන් මන් එදා ටුක් එකක් අරගෙන අවේ සල්ලි වියදම් කරන්න ෂෝ එක කරන්න එත්
    අන්තිමෙදී කරන්ට් නතු උනා :(:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඇත්තමයි බන් මන් එදා ටුක් එකක් අරගෙන අවේ සල්ලි වියදම් කරන්න ෂෝ එක කරන්න එත්
    අන්තිමෙදී කරන්ට් නතු උනා :(:(

    කරන්න බැරි වුන එකට නෙවෙයි මචෝ අපි අප්සට් ගියේ ඒ ගැන මේ වෙනකල් නොකිය හිටියට.

    කමක් නෑ කමක් නෑ දැන් හරි කිව්වනේ. :cool:

    ඔව් බං අපි බලාන හිටියා.:(මාර කේස් එකනේ වෙලා තියෙන්නේ උබට..:sorry::sorry:
    ගිය සතියටත් හරියන්න මේ පාර ලෙසටම කරමු.;)
    හෙට ෆයිනල් exam :sorry:ඒත් රේඩියෝ අහනවා කොහොම හරී:cool::cool:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නින්ද නැති රැයේ ....

    ගුණදාස කපුගේ ශූරීන් ගයන මෙම අමරණීය ගීතය අසා නොමැති කෙනෙක් නැති තරම්. අදත් විරහ ගී අතර පලමු තැන රැදෙන ගීතයක් .. රත්න ශ්‍රී විජේසිංහ නැමැති සොදුරු ගීත රචකයා අතින් බිහිවූ අති විශිෂ්ඨ ගීත කැටයමක් වන මෙය පලමු වර පටිගත කරන ලද්දේ 1976 දී පමණ. එය දැන් ඔබ ගුවන්විදුලියෙන් සවන්දෙන 'නින්ද නැති රැයේ' ගීතයට වඩා වෙනත් තනුවක් තිබූ ගීතයක්.( පැරණි තනුව සහිත ගීතය පහතින් බාගන්න.) .මෙම ගීතය ගුණදාස කපුගේ මහතා සරල ගී වැඩසටහනක තමා ගායනා කරල තිබුනෙ.නමුත් ඒ තනුව සහිත ගීතය එතරම් ජනප්‍රියත්වයක් ලබාගත්තෙ නෑ , පලමු පටිගත කිරීමෙන්ම ගීතය ඉවත් උණා .. මෙම ගීතයේ අරුත් පුන් ස්වභාවය නිසා මෙම ගීතයට හා රත්න ශ්‍රී විජේසිංහයන්ට සාදාරනයක් ඉටුකිරීම සදහා ගුණදාස කපුගේ ශූරීන්ම තනු නිර්මාණය කරමින් 'නින්ද නැති රැයේ ' ගීතය නැවතවරක් 1985 දී සිංග්ලංකා කැසට් පටයක් වන ' මාවතේ ගීතය ' වෙනුවෙන් පටිගත කරනු ලැබුවා.එම ගීතය පටිගත කල වසරේ සිට පිට පිටම අවුරුදු 3ක් ලංකාවේ ජනප්‍රියම ගීත දර්ශකයේ පලමු තැන ගන්නට සමත් උණා ..එම ගීතය තමා මේ දශක ගනනාවක් පුරා හා ඉදිරියට රසික හදවත් පිනවන්නෙ .( නව තනුවේ ගීතය පහතින් බාගන්න) . මෙම තනු දෙකම ආසන්න වශයෙන් සමාන තනු දෙකක්.. පලවන හා දෙවන ගීතය අතර ලය වෙනස නිසා අලුත් ගීතයේ අරුත දෙගුන තෙගුන වෙලා තියනවා...
    මෙම ගීතය ප්‍රථම ප්‍රේමයෙන් වෙලී සිටි යුගලක් වෙන්ව යන මොහොතේ ඇතිවන චිත්තවේග අනුසාරයෙන් නිර්මාණය වූ ගීතයක්.මුලු ගීතයම රචනා වී තිබෙන්නේ පරිසරය අනුසාරයෙන් .. ඒක නිසා තමා මේ ගීතය හදවත් වලට කිඳා බැහැලා තියෙන්නේ.... රචකයා ප්‍රේමවන්තයාට ආරූඪ වී රචනා කරන ලද්දක්.. ගුණදාස කපුගේ ගායන ශිල්පියාගේ ඒ ගැඹුරු හඬ විලාශයෙන් ගීතය වර්ණවත් වෙලා තිබෙනවා ...

    1. නින්ද නැති රැයේ..සඳ කඳුළු මීදුමේ ..
    2. හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ ....
    3. තාරුකා දියේ ගිලී..නිල් එලිය නිවේ...
    4. වැහි බිංදු වැටේවී..රෝස පෙති කඩා හැලේ ...

    එදා වැසි බර දිනයක්. වැසි බර දිනයේ පරිසරයේ සිදුවන වෙනස්වීම් ගැන තමා මේ රචකයා කියන්න උත්සාහ කරන්නෙ... නමුත් අපට නොදැනීම එම පරිසරයේ වෙනස්කම් ප්‍රථම ප්‍රේමයෙන් වෙන්වයෑමට වෙර දරන පෙම්වතියක් තුල ඇතිවන වෙනස්කම් වලට උපමාවක් කිරීමට රචකයා සමත් වෙනවා...
    (1 හා 2 පද පේලි ) නින්ද නැති පාලු මූසල රාත්‍රියකි මේ... සඳ මීදුමට මුවාවෙලා ඉන්නවා...හැංගිලා... මේ වැහි බිංදු පොලවට වැටෙනා විට , පෙම්වතා අහනවා' ඇයි සඳ මේ ප්‍රථම ප්‍රේමයේදී හැංගිලා අඩන්නෙ...' රචකයා පවසන ආකාරයට අහසින් වැටෙනා වැහි බිංදු සඳ හඩනා විට වැගිරෙන කදුලු වේ. .. සඳ නැමැති ඔබෙ වත කඳුළු නැමැති මීදුමේ සැගවිලා හැංගිලා අඩන්නේ ඇයි කියලා තමා මේ ප්‍රේමවන්තයා පෙම්වතියගෙන් අහන්නෙ...'සඳ' යන වචනයෙන් පෙම්වතියගේ මුහුණේ සුන්දරත්වය වර්ණණා කරන්න පෙම්වතා අමතක කරන්නේ නෑ.. මොකද පෙම්වතාට අවශ්‍ය පෙම්වතියව සිනා මුවින් තබාගන්න...(මෙහිදී' සඳ කඳුළු මීදුමේ හැංගිලා ප්‍රථම ප්‍රේමය හඩනවා' යැයි ද සමහරෙකුට විස්තර කල හැක..එවිට චිත්තරූපය මදක් වෙනස් වේ )සංගීතය ගැන කතා කලොත් , වැහි බිංදු වැටේවී.. යන පදය අවසන් වන අවස්ථාවේ වැසි බින්දු වැටීම සංගීතය තුලින් අපූරුවට නිර්මාණය වී තිබෙනවා .
    (3 හා 4 පද පේලි) මේ දෙදෙනා සිටින්නේ දිය කඩිත්තක් අභියසය ..සමහර විට කලින් හමුවී ඇති ස්ථානයන විය යුතුයි....මේ දෙදෙනා බලා සිටිනා විට දිය කඩිත්තේ නිසල බව තුලින් පෙනෙන තාරුකා වැසි බින්දු වැටීම නිසා දියේ ගිලී ,නිල් එලිය නිවී යන ආකාරය දකිනවා. . මෙය ,පෙම්වතිය හඩනාවිට තමාට සිසිල දුන් නිල් තාරුකා එලියක් මෙන් වූ දෙනුවණ කඳුළු දියේ ගිලී ප්‍රබෝදමත් භාවය නැතිවී යෑමට උපමා කර තිබෙනවා... වැසි බිංදු කඩා හැලෙනා අතර තුර රෝස මල් වල පෙති උඩට වැටෙනා වැසි බිංදු බර වැඩි කමට ,රෝස පෙති බිමට කඩා හැලෙනවා .මෙය පෙම්වතියගේ කඳුළු දෙකොපුල් දිගේ ගලාවිත් රෝස වන් වූ දෙතොල් පෙති මතට වැටී මලානික වන සිදුවීමක් සිතේ මවනවා... මෙහිදී ' රෝස පෙති කඩා හැලේ..' යන පදයෙන් මේ කදුලු ඔබට බර වැඩී .. මේ කදුලු වලට ඔබ සුදුසු නෑ යන අදහසකුත් ගම්‍ය වෙනවා..
    මෙම පේලි සතරෙන් පෙම්වතියගේ වත ගැන සම්පූර්ණ චිත්‍රයක් රසිකයාගේ සිතේ මැවීමට දක්ෂ පද රචනය සමත්වෙලා තිබෙනවා...

    5. කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ ..
    6. තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ...

    (5 හා 6 පද පේලි) එලිමහනේ දොල ලග සිටින මේ දෙදෙනා දැන් වැස්සට තෙමෙනවා.. ඇඟ කිලිපොලා යනතරම් සීතලක් දැනෙනවා.. මේ දෙදෙනාගේ ප්‍රේමය අවසන් කොට වෙන්වයන තීරණාත්මක අවස්ථාව කෙමෙන් කෙමෙන් ලංවන නිසා.. සීතල වැඩිපුර දැනෙනවා... මෙම 5 පේලියේ සැගවුණු අරුතක් ඇත..' නොහිම් සීතලේ' .. යන පදයෙන් 'නොහිම් දුකක් ඇතිවෙනව' යන අදහස ඇතිවෙනවා.. නමුත් එය පෙම්වතියට අගවන්නේ 'සීතලයි' යනුවෙන්. එය ගායකයාගේ කටහඩින් ගම්‍ය වේ.. සීතල නිසා නැත්නම් ඊටත් වඩා දුක නිසා..පෙම්වතා දෙනෙත් පියාගෙන පෙම්වතියගේ උණුසුමේ තුරුලු වෙනවා..( ටිකක් හිතල බලන්න මේ වගේ අවස්ථාවක පෙම්වතෙක් තම පෙම්වතියට තුරුළු වන්නේ.. කෙටිකාලීන් සීතල නිසාමද?..නෑ පෙම්වතා සීතලයි කියා බොරු හේතුවක් හදාගෙන දුක වෙනුවට.. මොකද පෙම්වතියට ඇගෙව්වොත් දුකයි කියා , වෙන්වයන අවසාන මොහොත ටිකක් අමාරු වෙන නිසා... නමුත් වැස්සට තෙමුණු නිසා සැබෑ සීතලත් දැනෙන්නට ඇති..) කලින් කිව් ආකාරයට මේ කියන්නේ දුක සීතලක් නම් දුක ඔබගේ උණුසුම නිසා තුනී වෙනවා කියා නොවේද... මෙම පද පේලි දෙක නිසා අතිශය සංවේදී බවක් නැත්නම් විරහ වේදනාවක් රසිකයාගේ සිත තුල ජනිත කිරීමට රචකයා සමත් වෙනවා..

    7. ජීවිතය ඉතින් අපේ.. සිහිනයක් නොවේ
    8. හෙට උදේම අවදි වී යා යුතුව තිබේ ..

    (7 හා 8 පද පේලි) මේ පද පේලි දෙකෙන් සමාජයට මහත් වූ පණිවිඩයක් ලබා දෙනවා. ' මේ අවස්ථාව අපි රෑ මැදියම දුටුව සිහිනයක්..ඒ උණාට සිහිනයක් උණාට අපේ ජීවිතය සිහිනයක් නොවෙයි... හෙට උදේම මේ සිහිනයෙන් අවදි වෙලා අපි යන්න ඕනෙ' ..එනම් පෙම්වතා පෙම්වතියට කියනවා ' මේක ජීවිතේ දැක්ක අනෙක් සිහින මෙන් නපුරු සිහිනයක් මෙන් හිතලා අත ඇරලා දාන්න.. ජීවිතය කියන්නේ එක් නපුරු සිහිනයකට නෙවෙයි.. ' ' හෙට උදේම අවදි වී යා යුතුව තිබේ' යන පදයෙන් සිහිනය ඉවර උන ගමන් එනම් හෙට උදේ අවදි වූ ගමන් තවදුරටත් ජීවිතය ගෙවන්න සිදුවෙනවා.. කියන අදහස ලබාදෙනවා ..(9 පද පේලියෙන් පැහැදිලි වේ)මෙතනදී විශේෂයෙන්ම ලබා දෙන පණිවිඩය තමා මුලු ජීවිතයම කියන්නේ මේ වගේ එක් අවස්ථාවක් නෙවේ... මේක අමතක කරන්න කියාය.මේ වගේ සුළු සිද්ධි වලට ගෙල වැලලා ගන්නා තරුණ තරුණියන්ට ඉතා හොද පාඩමක් නොවේද....

    9. රැය ගෙවේ සඳත් නිවේ ..දුරයි ජීවිතේ ..
    10. ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ ..

    (9 පද පේලිය) රැයගෙවෙනවා සඳ බැස යනවා... අපිට ජීවිතේ තව දුර යන්න ඇති බව පෙම්වතාට ආවේශ වූ රචකයා පවසනවා. 'රැය ' යන වචනයෙන් මෙම අදුරු සිදුවීම නිරූපනය කරනවා. (10 පද පේලිය) පෙම්වතා පෙම්වතියව ආමන්ත්‍රණය කර අහනවා මට යන්න අවසරද කියලා.. මෙහි ' පුංචි කුමරියේ ' යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් හා ගායන විලාශයෙන් පෙම්වතියට ඇති ආදරය ගැන වැටහීමක් ලබාගන්න පුලුවන්.

    11. කටු වලට දෙතොල් තබා මලක් නැති ගසේ...
    12. සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ ...

    මෙම පද පේලි දෙකෙන් පෙම්වතියට අනාගතය සාර්ථක වෙන්න යැයි සුභ පතනවා.එනම් මලක් නැති ගසේ මලක් පීදේවා යන ප්‍රාර්ථනය ..මෙම පද පේලි දෙක විවිධ ආකාරයක තේරුම් ගොඩක් ඇති එනම් බහු අර්ථ පද පෙලක්.. ' ඔබේ සිතේ මලක් පීදිලා නෑ...මගේ ප්‍රේමය මලක් පීදෙන්න තරම් ලොකු එකක් නෙවේ..කටු පමණයි . ..නමුත් ඔබට මලක් පීදෙන්න තරම් සෙනෙහසක් කාගෙන් හෝ ලැබේවා' කියන ප්‍රාර්ථනය තමා මේ කරන්නෙ... තවකෙකුට ' ඔබේ ජීවිතේ සාර්ථක නෑ..එම සාර්ථකත්වය නම් මල කටු පමණක් ඇති ගසේ පීදේවා' යන ප්‍රාර්ථනයද.. අනෙකාට .. මල දරුවෙකුට සමාන කරන්න පුලුවන් ..එනම් ' දරුවෙකු නැති ඔබට දරුවන් හදා සතුටින් ජීවත්වීමේ වාසනාව ලැබේවා' ..යන ප්‍රාර්ථනයද ... රස විදින්න පුලුවන්. ඔබේ මනසට අනුව කැමති අර්ථයක් .....
    අදහස් දෙකටම පොදු ලෙස...' කටු වලට දෙතොල් තබා' යන පේලියෙන් වෙන්වයෑමට ඇති අසීරුතාව පෙන්නුම් කරනවා... ' සිඹිමි එකම හාදුවයි ...' යන පදයෙන් මේ තමා මගේ එකම ප්‍රාර්ථනය ඒක බව කියා සිටිනවා...
    ආනන්දය නැත්නම් වින්දනයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන හොඳ ගීතයක්... තව අදහස් ඇත්නම් කමෙන්ට් කරන්න ..
    මම අසම සින්දු වලින් එකක්...

    ජීවිතය ඉතින් අපේ.. සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යා යුතුව තිබේ ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තමයි බන් මන් එදා ටුක් එකක් අරගෙන අවේ සල්ලි වියදම් කරන්න ෂෝ එක කරන්න එත්
    අන්තිමෙදී කරන්ට් නතු උනා :(:(

    ඔහොම තමයි මචං ඉති හොද වැඩක් කරන්න යනකොට බාධක එනවනේ. දැන් හරි :)
    avatar483653_27.gif