►►කපිතාන් සහ රතුපාට කමිසය◄◄

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ►►කපිතාන් සහ රතුපාට කමිසය◄◄

    මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත නාවික හමුදාවේ හිටියා බොහෝම ප්‍රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා.

    "කපිතාන්තුමනි ප්‍රංශ යුධ නැවක් අපි දිහාට එනවා"

    මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා.

    "ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න"

    දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන ආ පසු කපිතාන් එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා.

    ජයග්‍රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා

    "ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?"

    කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා

    "යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් ඒ බව දකින අපේ සොල්දාදුවෝ දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා සොල්දාදුවෝ මම තුවාල වූවත් ඒ බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම ධෛර්යමත්ව සටන් කරයි"

    මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත් ස්ථානෝචිත ප්‍රඥාවත් ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා.

    "කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්‍රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා"

    මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා

    "කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා.

    හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා.

    "රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම "

    කතාව තේරුනා නම් COMMENT කරන්නත් අමතක කරන්න එපා.
    (Source : Kajuwaththa Eksath)
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    හෆොයි.. කපිතාන්ට මල පැනලා නෙ ඕයි... හික් හික් හික්..එල කථාව මචන්..