►►නෙලුම් කුළුනෙ අනුහස්◄◄

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ►►නෙලුම් කුළුනෙ අනුහස්◄◄

    423906_174838762619076_1726039314_n.jpg



    ඇමෙරිකන් ඩොලර් මිලියන් 100ක් නොහොත් රුපියල් මිලියන එකොලොස්දහසක් නොහොත් රුපියල් කෝටි 1100 ක වියදමින් ගොඩ නැගෙන නෙළුම් කුළුණ නම් වූ මීටර් 350ක් වන සම්ප්‍රේෂණ කුලුණ ට පසු ගිය දා මුල් ගල තැබිණි.

    ඒ සමග ශ්‍රී ලංකාවට මෙතෙක් තිබූ ලොකුම අඩු පාඩුව සම්පූර්ණ වූ බව හද පිරි ප්‍රීතියෙන් යුතුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව මෙතෙක් ඌන සංවර්ධිත රාජ්‍යයක් වශයෙන් හැඳින්වූයේ මෙවැනි කුලුනක් නැති නිසා බවත්, කුලුන සමග ශ්‍රී ලංකාවාසි ජනතාවට බොහෝ වාසි ලැබෙන බවත් ඒ සමග හෙලිදරව් වෙයි.

    මෙම මහා කුළුණු රාජයා ඉදි කිරීමත් සමග මෙතෙක් 25% පමණ වන මෙරට මන්දපෝෂිත ළමා ප්‍රතිශතය මාස දෙකක් ඇතුලත බිංදුවට බසිනු ඇත.

    ශ්‍රීලංකාවේ සියලු පාසැල් රාජකීය ශාන්ත ‍තෝමස් මට්ටමට එක ‍රැයෙන් උසස් වෙනු ඇත. ඒවාට අවශ්‍ය පමණටත් වඩා ගුරු වරුන් , උපකරණ හා ලී බඩු, පුස්තකාල ලැබෙනු ඇත. අධ්‍යාපනය නගරබද ගම්බද බේදයකින් තොරව සියලු දෙනාට ලැබෙනු ඇත.

    කුළුන විවෘත කර දින තුනක් ඇතුලත ලංකාවේ සරසවි සියල්ල ඔක්ස්පර්ඩ්, හාවර්ඩ් මට්ටමට ලඟා වෙන අතර උසස් පෙල විභාගයට පෙනී සිටින සියලු දෙනා සරසවි වලට ඇතුල් කර ගනු ඇත. එක ශිෂ්‍යාට එක්කෙනා බැගින් මහාචාර්යවරු ලැබෙනු ඇත.

    නෙලුම් කුලුන ඉදි කිරීමත් සමග වඩාත් විප්ලවවාදි වෙනසකට භාජනය වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි. ඒ අනුව මෙතෙක් රජයේ රෝහල් වල තිබූ බෙහෙත් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන අතර මින් පසු එක්ස්-රේ, එම්.ආර්.අයි, සී.ටී , රසායනාගාර ආදි දහසකුත් එකක් පරීක්ෂණ සඳහා මුදල් ගෙවා පෞද්ගලික අංශයය යෑමට මෙරට ජනතාවට සිදු නොවනු ඇත. එසේම රජයේ රෝහල් වල ඇඳන් යට රෝගීන් නිදා ගන්නා දර්ශන මින් පසු දැකීමට නොලැබෙන අතර කුලුන විවෘත කර සතියක් ඇතුල්ත සෑම රෝගියෙකුටම ඇඳක් ලැබෙන අතර මාසයක කාලයක් තුල සෑම රෝගියෙකුටම එක කාමරයක් බැගින් ලබා දෙනවා ඇත.

    උතුරුකරයේ කඳවුරු කූඩාරම් තුල , දකුනේ පැල්පත් මුඩුක්කු වල ජීවත් වෙන සැම පවුලකටම කාමර දහයකින් යුත් දෙමහල් නිවසක් කුලුණේ ආනුභාවයෙන් ලැබීමට නියමිත අතර ඊට අමතරව සෑම පවුලකටම මෝටර් රථය බැගින් ලැබෙනු ඇත.

    අප මේ පැවසූයේ නෙළුම් කුළුණ නිසා මෙරට ජනතාවට ලැබෙන වාසි වලින් ඉතාම ස්වල්පයකි. එම නිසා මේ උදාර කුලුනු කටයුත්තට සිතුවිල්ලකින්වත් විරුද්ධ වී ජාතියට ද්‍රෝහි නොවන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේවගෙ ඉරිසියාවෙ පැලෙන උන් මැරුනම මිනීවලටත් හෙන ගහනවා:frown:
     
    • Haha
    Reactions: dimuthmike

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කුටුම්භ අදායම kiyanne mokakda ban ?
    කුටුම්භය ලෙස හදුන්වන්නේ ආර්ථික ව්ද්‍යාවට අනුව පවුලක අදායමයි
    කුටුම්භය තමයි කුඩාම ඒකකය ආදායමක් ලැබීමට හැකි.පවුලක අදායම මත පවුලේ ආර්ථික තත්වය තීරණය වේ.ලංකාවේ ඉහල අදායමක් ඇති පවුල් කීයක් තියෙනව ඇද්ද.:confused:

    නෙළුම් කුළුණ ඉදිකිරීම තුළින් අනෙකුත් පවුල් වලත් අදායම ඉහළ යනව කියළයි එරෝශන් සහෝදරයා වරෙක සදහන් කරේ.එහෙත් ඔහුගේ එම ප්‍රකාශය ආර්ථික ව්ද්‍යානුකූලව තහවුරු කරල පෙන්නන්න ඔහු අපොහොසත් වීම නිසා බලු වී ගියේය.;)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුටුම්භය ලෙස හදුන්වන්නේ ආර්ථික ව්ද්‍යාවට අනුව පවුලක අදායමයි
    කුටුම්භය තමයි කුඩාම ඒකකය ආදායමක් ලැබීමට හැකි.පවුලක අදායම මත පවුලේ ආර්ථික තත්වය තීරණය වේ.ලංකාවේ ඉහල අදායමක් ඇති පවුල් කීයක් තියෙනව ඇද්ද.:confused:

    නෙළුම් කුළුණ ඉදිකිරීම තුළින් අනෙකුත් පවුල් වලත් අදායම ඉහළ යනව කියළයි එරෝශන් සහෝදරයා වරෙක සදහන් කරේ.එහෙත් ඔහුගේ එම ප්‍රකාශය ආර්ථික ව්ද්‍යානුකූලව තහවුරු කරල පෙන්නන්න ඔහු අපොහොසත් වීම නිසා බලු වී ගියේය.;)

    :P:P
     
    • Like
    Reactions: prashan3000

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    නෙළුම් කුළුණේ ආනුභාවයෙන් සෑම උපාධිධාරියෙකුටම රැකියා අවස්ථා දින දෙකකින්....:D