●● අපි ගෝදම්බරොටී හදමු ●●
අවශ්‍ය ද්‍රව්‍ය:-
● පිටි 500g
● ලුණු තේ හැන්දක්
● තෙල් මේස හැඳි 3-4 ක්
● ඇල් වතුර කෝප්ප 2
සාදන ආකාරය:-
පිටි වලට ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. වතුර ටික, ටික එකතු කරලා රොටී පදමට අනාගන්න. මේක ටිකක් ඇලෙන සුළුයි. දැන් සාදා ගත් පිටි එකට තෙල් හැඳි දෙක එකතු කර හොඳින් අනාගන්න. දැන් ඇලෙන ගතිය නැතිව බෝලයක් ආකාරයට එය සාදා ගෙන.
ලන්ච් ෂීට් එකකින් හෝ පියනකින් වසා. පැයක් වැනි කාලයක් පසෙකින් තබන්න. (පදම් වීමට තබන්න) දැන් ඇලෙන සුළු ගතිය සම්පූර්ණයෙන්ම නැතිවේ. දැන් එම මිශ්‍රණයෙන් කුඩා බිත්තර ආකාරයේ බෝල සාදා ගන්න. දැන් එම සාදාගත් බෝලටික තෙල් ඇතිරූ පිඟානක හෝ තැටියක වසා පැයක් තබන්න.
දැන් රොටිය අතුරුවා ගැනීමට ලොකු සාස්පාන් පියනක (හෝ හැකිනම් පිරිසිදු ස්ටීන්ලස්ටිල් මේසයක් නම් සුදුසුය) තෙල් ටිකක් ගා ගන්න.
දැන් සාදාගත් පිටි බෝලයක් ගෙන මේසය මත ඒකාකාරීව දිග හැර ගන්න (හොඳින් තුනී කර ගන්න) තැනින් තැන සිදුරු වූවාට කමක් නෑ. හොඳින් තුනී වීමයි අවශ්‍ය වන්නේ.(කොත්තු කඩේ හදනවා වගේ ඔළුව වටේ කරකව කරකව රවුම් සාදා ගැනීම සාමාන්‍ය ආකාරයයි.
එම තුනී කරගත් රොටිය. තෙල් බිංදු කිහිපයක් දැමූ රත්වු තැටියක දමා දෙපැත්ත පුළුස්සා ගන්න.
මෙසේ පුළුස්සාගත් රොටී ඔබට අවශ්‍ය හොදි වර්ගයක් සමග උණු උණුවේම කෑම මේසයට යවන්න.